සෙනසුරු යනුවෙන් හඳුන්වන මෙම ග්රහ තාරකාව දුකට අධිපති බවත් සියලුම දෙනාට ඔහුගේ දසා කාලය තුලදී පුද්ගලයාගේ තරමේ හැටියට කිසියම් හෝ දුකක් කරදරයක් දෙන බවත් නොදන්නා කෙනෙක් නැත. පූර්ව ජන්ම වලදි කරන ලද අකුසල කර්ම වලට මෙම ආත්ම භවයෙදි දඬුවම් ලැබෙන කාලය මේ කාලය ලෙස සමහර තැන්වල දැක්වේ. මෙම ග්රහයාගේ දඬුවමට වයස් භේදයක්, දුප්පත් පෝසත් භේදයක්, පක්ෂ පාට භේදයක්, කළු-සුදු භේදයක් නොමැත.
එසේම ජාති ආගම් වශයෙන්ද ගැලවීමක් නොමැත.
එසේ නම් බෞද්ධ අප, මෙයට විශාල වශයෙන් ශාන්ති කර්ම කෙරුවත් කිතුණු දහම අදහන අපගේ සහෝදර එම ජනතාවට මේ සම්බන්ධව කිසිම තැනකදී මෙයට ශාන්ති කර්ම දක්වා නොමැතිවීම කණගාටුවට කරුණකි.
* මෙම අපලය සියලුම දෙනාට එන්නෙ හිරු එළිය පොදුවේ මුළු ලොවම ආලෝකමත් කරන ආකාරයටය. මා එහිදී සදහන් කලේ හිරු එළිය අපගේ සියල්ලන්ටම දැනෙන ලැබෙන දෙයක් නිසාත් ශනිගේ ග්රහ අපලය එමෙන්ම ලැබෙන්නෙ නිරායාසයෙන් බව ඔප්පු කිරීමටයි.
● කිතුනු ඔබට සෙනසුරු අපලයක් යෙදී ඇතිවිට ඔබ කල යුත්තේ ජේසුස් වහන්සේට සහ ශාන්ත මරියා දේව මෑණියන් උදෙසා භාරයක් විමය.
● එසේම උතුම් වූ ජේසුස් ක්රිස්තුත් වහන්සේගේ ගුණ සම්භාරය සිහි කිරීමත් මරිය තුමියගේ ගුණ සිහි කිරීමත් එම අපල කාලය පසුවන තුරු උන්වහන්සේගේ ඉගැන්වීම අනුව යමින් දුගී මගී යාචක ආදින්ට දන් පින් කිරීමට සිතා ගත යුතුය.
● තම අපල කාලය අවසන් වනතුරු ඉටි පහන් පූජා කිරීම එසේම දුගී මගී යාචක ආදින් අතරේ පුලන්නන්ට(කෑම බීම ඉල්ලන්නෙ නැති අය, බඩගින්නේ සිටිමින්) ආහාරපාන දීම, වස්ත්ර දීම එම අපලය දුරුවීමට හේතුවකි.
*● එසේම ගවමස් සහ ඌරුමස් අනුභවයෙන් වැලකීම එසේම ඔබ එම කාලය තුලදී නිර්මාංශ වීම තුලින් රැස් කරගත් කුසල බලය උන්වහන්සේලාගේ උතුම් වූ නාමයට අනුමෝදන් කිරීම වැදගත්ය.
● එසේම සන්ධ්යා කාලයෙදී නිවස තුල ඇති නිවස තුල ඇති පුංචි අල්තාරය තුල ජේසුස් වහන්සේගේ හා මරිය තුමියගේ පිලිරුවට මල් පහන් දල්වා පියතුමා විසින් දෙන ලද කට්ට කුමංජල් ආදියෙන් දුම් අල්ලා, ඉටි පහන් දල්වා ආලෝකමත් කරන්න. එම අවස්ථාවෙදි තමාගේ අපල දුරු වේවායි යාඥා කොට ජප මාලය කියවන්න.
අපලය ඇති තැනැත්තාද පවුලේ අයද සහභාගි කරගැනිම වැදගත්ය. එසේම සෙනසුරාදා දිනක දිවා ආහාරය නොගෙන එය යාචකයෙකුට දෙන්න.
● මනුෂ්යයා පාපයෙන් ගලවා ගැනීමට අතිමහත් උත්සහයක් දැරූ උතුම් වූ ජේසුස් ක්රිස්තුස් වහන්සේ උපත ලද්දේ ගවහලක බැවින් ගවයෙකු මරණයෙන් නිදහස් කිරීම බොහෝ වටී. එසේ නොමැති නම් ඊට අදාල යම් මුදලක් හෝ පරිත්යාග කිරීම වටී.
● ශතාරික සමය වූ අලු බදාදා සිට පාස්කු ඉරිදා දින දක්වා කාලය නිර්මාංශ ආහාර ගන්න. එම පාස්කු කාලය පුරා එක් වරුව බැගින් උපවාස සීලය රැකීම බොහෝ ප්රශස්තයි.
● එසේම ඉරු දින දෙව් මැදුරට ගොස් දිව්ය පූජාවට සහභාගි වන්න.
● එසේම කිතුනුවා ගැන කෙසේ කීවත් බෞද්ධ අපට මෙන්ම කිතුනු ඔබටද ගවයා විසේසයෙන්ම සමීප සත්වයෙකි.
එසේම ජේසුස් වහන්සේ උදෙසා දල්වන පහනට පිරිසිදු එලගිතෙල් බිඳුවක් එක්කරගැනිම සෙනසුරු අපලය දුරු කරගැනිමට ක්රමයකි.
● එසේම ඔබ වෙතට එන අසරණ යාචකයන් සෙනසුරාගේ නියෝජිතයන් වැනිය.
එවන් අසරණ අයට උදව් උපකාර, සත්කාර කිරීම තුලින් ඔබ දෙවියන්වහන්සේගේ ප්රශංසාවට භාජනය වනු ඇත.
ඔබට ජේසු සමිදු පිහිටයි.
Iru Astrology
Iru Sewaya
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, ජීවිතයේ ජයග්රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්ර, නාමකරණය (පුද්ගල, ව්යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Friday, July 11, 2014
Thursday, July 10, 2014
ඔබත් කුකුල් කේන්තිකාරයෙක්ද ?
ඔබටත් කේන්තිය පාලනය කරගැනීමට නොහැකිද ?
ඔබත් කුකුල් කේන්තිකාරයෙක්ද ?
“ වේවා ශාන්ති නොවේවා කේන්ති“
යනුවෙන් ඒ කාලයේ පාසල් යන අවධියේ මිතුරන් අපගේ සමරු පොත් වල ලියා ඇති බව අපගේ මතකයට එන්නේ නිරායාසයෙනි.
එනම් මේ කේන්තිය යන දේ මෝහයට අදාල කරුණක් බව අපගේ බුදුරජාණන්වහන්සේද දේශනා කර ඇත. නිතර කේන්ති ගන්නා තැනැත්තා සැබවින්ම අඥානයෙක් බව පරම සත්යයකි. මේ කේන්ති ගැනීම නිසා සමහර වෙලාවට මනුෂ්ය ඝාතන සහ විවිධ අපරාධ සිදුවන බවට දිනපතා පුවත්පත් බැලීමෙන් සහ විද්යුත් මාධ්යයන් ඔස්සේ ශ්රවණයෙන් දෘෂ්යනයෙන් පෙනී යයි.
* කේන්ති යන අයට වැළදෙන රෝගද බහුතරයක් ඇත. අධි රුධිර පීඩනය, ආතතිය, මානසික රෝග ආදිය සමහරක්ය.
ඉවසීම නැති නිසා කේන්තිය උපදී.
අප දැන් බලමු පමණට වඩා කේන්ති යන්නෙ කුමන ග්රහ පිහිටිම් නිසාද කියල...
● යම් කෙනෙකුන් උපත ලබන විට ඔහුගේ කේන්දර සටහනේ කුජ හා ශනි යන ග්රහයන් ලග්නය 1, 4, 7, සහ 10 වැන්න ආදි හතර කේන්දරයේ පිහිටිම.
● එසේම කේන්දරයක ශනි ලග්න ගතවී පාපකර්තරී වීම.
ජන්ම පත්රයක කුජ සහ රවි ග්රහ සංයෝගය 1 වැන්නේ හෝ 4 වැන්නේ සිටීම.
එසේම කුජ, රවි, ශනි යන ග්රහයෝගය 1, හෝ 4 සිටීම. මෙය මේෂ වෘශ්චික මකර ලග්න අයට විශේෂයි.
● කටක රැසේ රවි, කුජ, ශනි යන ග්රහයන් 3ම හෝ ඉන් දෙදෙනෙකු ලග්නයේ (1වැන්නේ) යෙදීම.
● සිංහ ලග්නය වී රවි හෝ කුජ යන ග්රහයන් 1 වැන්නේ හෝ 4 වැන්නේ පිහිටීම.
● එසේම සමහර අය කතා කරන වාග් මාලාව සහ කතා ශෛලීය අනුන්ගේ සිත් රිදවන ආකාරයටම සිදු කරයි. දයාබරත්වයක් නොමැත.
එය එසේ වන්නේ ඇයි.
● එයට ප්රධානම හේතුව වන්නේ කුජ, රාහු, සෙනසුරු සංයෝගයෙන් 2 වැන්නේ පිහිටිම නිසාය.
ඔබට මතක ඇති එක්තරා කාන්තාවක් මෑතකදී මාතර නිල්වලා ගඟට පැන සියදිවි නසාගත් ආකාරය. ඇයගේ එම අවාසනාවන්ත ඛේදවාචකයට හේතුව වී ඇත්තේ ඇය යම් මුදලක් ණයට ගෙන එම ණය හිමියා එම කාන්තාවට ඉතාම සැර පරුෂ ආකාරයෙන් බැණ වැදීමය. මෙය මා සදහන් කරන්නේ යම් උදාහරණයක් ගැනීමටයි.
එසේම මෙය මාධ්ය වාර්තා කර තිබුනේත් එසේමයි. සමහරවිට මෙවැනි පුද්ගලයන්ගේ මේ ග්රහ යෝගය තිබිය හැකි බව අනුමාන කරමි.
අතින් පයින් හෝ වෙන යම් උපක්රමයකින් ඝාතනය නොකරත් කෙනෙකුට පුලුවන් වචනය මගින් මනුෂ්ය ඝාතනයක් හෝ වෙනත් අපරාධයක් සිදු කරන්න. මා මුලින් කියූ අයහපත් ග්රහ යෝගය මෙයට හේතුවයි.
“ ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය “
ඉවසන අයගේ ග්රහ යෝග මෙන්න...
● ලග්නය කුමක් වුවත් 1, 4, 7, 10 යන හතර කේන්දරයේ ගුරු, බුධ, සිකුරු, පුරසඳු බලවත් වීම. එසේම 4 වැන්නේ සුභ ග්රහයන් තැන්පත්වීම සහ සුභ දෘෂ්ඨියට ලක්වීම. විශේෂයෙන් 5 වැන්නද එසේය.
● එසේම මෙවන් ග්රහ යෙදුම් පිහිටා ඇති විට 2 වැන්නේද සුභ ග්රහයෙක් නම් අපගේ මතකයට එන්නේ අප බෝසතාණන් වහන්සේ ශාන්තිවාදි තාපසතුමාගේ පූර්ව ආත්ම භවයයි.
සතුරාට පවා මෛත්රී කරයි.
ඉහත ග්රහ තත්ව ඔබටත් ඇත්නම් ඔබත් ආත්ම දමනය පාලනය කරගන්න.

සතියේ ලග්න පලාපලය - ජුලි 9 සිට
• මේෂ ලග්නය
ශුභාශුභ මිශ්ර සතියකි.
මේ සතිය තුලදී බොහෝ දේ ඉබේම වාගේ ලැබෙයි. විශේෂයෙන්ම තමාගේ වචනය සහ ස්ථානෝචිත ප්රඥාව නිසා කටයුතු සාර්ථක වේ. එය වාසනාවන්ත තත්වයක් බව කිව යුතුය. ව්යාපාරික ක්ෂෙත්රයේ අයටද රැකියා කරන අයටද සුබයි.
අනිකුත් ග්රහ පිහිටිම් හා සසදන කල ගෘහ ජිවිතය වාසනාවන්ත වෙනවා ඇත. ගෘහණියන්ට ප්රීතිමත් ආරංචි අසන්නට ලැබේ.
ගෙදරට අවශ්ය අලුත් බඩු මුට්ටු ලබාගැනීමට කාලයක් උදාවේ. මෙම තත්වය නිසා ගෘහ අලංකරණය ඇතිවේ.
සෞඛ්ය තත්වයේ දැඩි වෙනසක් නැති වුවද සතියේ මුල් දවස් 2-3 ජලය ආශ්රිත රෝගාබාධ වලින් පරිස්සම් වන්න. ඉන්පසු කරදරයක් නැත.
• වෘෂභ ලග්නය
ශුභදායක සතියකි.
විදේශ රැකියා වල නියුතු අයටද එසේම වෙලදාම් එසේම කලා ක්ෂෙත්රයේ නියුතු අයටද මේ කාලයේ සුභයි. අන් අය නිසා ලාභ ප්රයෝජනත් සහෝදරයන් නිසා ආර්ථික වාසිත් ඇතිවේ. නීතීඥ වෘත්තියේ සිටින වෘෂභ ලග්න අයට සුබයි.
ගෘහ ජිවිතය ප්රීතියෙන් ගත කිරිමට අවස්ථාව ලැබේ.
පවුලේ සාමාජිකයන්ට වෙනදාට වඩා කිට්ටුවන්ත ස්වභාවයක් පෙන්වයි. එමගින් පවුලේ දියුණුව හා සමගිය වර්ධනය වේ.
සෞඛ්ය තත්වයේ ප්රබල ගැටළු නැති අතර සතිය අගදි සෙම ආශ්රිත හා ජලය ආශ්රිත දේ වලින් පරිස්සම් වන්න.
• මිථුන ලග්නය
ශුභාශුභ මිශ්රපලයි.
ඥානයෝග සහිත ග්රහ යෙදුමක්ද ගුරු ග්රහයා බලවත්ව 2වැන්නේ යෙදීම තුල සදුගේ ගමන අනුව බුද්ධිය හා දක්ෂතාවය මෙහෙයවා ආර්ථික වාසි, රැකියාවේ දියුණුව සලසා ගත හැක. ආර්ථිකය දියුණු වේ.
ගෘහ ජිවිතය නිතරම ප්රීතියෙන් ගත කිරිමට පුලුවන. එසේම සාර්ථක වූ පදනමක් විවාහ ජිවිතයට පවා වැටේ.
සෞඛ්ය තත්වයේ ප්රබල ගැටළු නැති වුවද නිදන්ගත රෝගාබාධ නැති අය සතිය මැද පරිස්සම් විම නම් මැනවි.
• කටක ලග්නය
මිශ්රපල සතියකි.
විශේෂයෙන්ම දැනට බලපාන ග්රහචාරය සමග ආර්ථිකයේ හා ධන ධාන්ය තත්වයේ දියුණුවක් ඇතිවේ. පූජ්ය පක්ෂයේ සහ වෙලද ව්යාපාර වල නියුතු අයටද, ගුරු වෘත්තිය වැනි උපදේශන කරන අයටද තම කීර්තිය වර්ධනය සමග ආර්ථික වාසිද සැලසේ.
දෙවියන් මුහුණු බලනවා වගේ යැයි සදහන් කරන්නේ මෙවැනි කාලයකටය.
එසේම ගෘහ ජීවිතය ප්රීතිමත්ව ගතකිරීමට තිබෙන ප්රවණතාවය වැඩිය. යම් යම් කම්කටොළු මධ්යයේ වුවද තමාගේ වැඩ කටයුතු සාර්ථකව නිමාකරගැනිමට සිතේ ධෛර්යය ලැබේ.
සෞඛ්ය තත්වයේ ප්රබල ගැටළු නැති වුවද අම්ල පිත සහ කේන්ති යාම නිසා යම් යම් කරදර බාධක ඇතිවිමට හැකි නිසා ප්රවේශම් වන්න.
• සිංහ ලග්නය
මේ සතිය ශුභපල දායකය.
තත්කාල ග්රහචාරයේ සඳුගේ හා සිකුරුගේ ග්රහචාරය අනුව ආර්ථික තත්වයේ යම්කිසි ශුභදායක පරිවර්ථන දැකීමට පුලුවන. එසේම විදේශ රැකියාවල නියුතු අයටද සියුම් රැකියා කරන අයටද වාසනාවන්ත සතියකි. එසේම ආදායම් මාර්ග සොයාගැනීමට නව අදහස් පහල වේ.
ගෘහ ජිවිතයද ප්රීතිමත්ව ගත වන්නේ අතමිට මුදල් ගැවසෙන නිසාය. එසේම පින් දහම් කටයුතු වලටද අධිකව වියදම් වුවත් ඒවා නැවත ලැබේ. වන්දනා ගමන් යෑම සිතේ.
සෙම් කෝපවීම නිසා සෑදෙන රෝගාබාධ හා උෂ්ණාධික රෝගාබාධ වලින් ආරක්ෂා වීම මැනවි.
• කන්යා ලග්නය
ප්රීතිමත් සතියකි.
ආර්ථික වාසි, රැකියාවේ වාසි, වෙලදාම් දියුණුවීම ඒ අතර වේ. කලක් තිස්සේ මිතුරුව සිටි කෙනෙක්ගෙන් ආර්ථික වාසි හිමිවෙයි.
ගෘහ ජිවිතයද ප්රීතිමත්ව ගත වේ. කිසිම දෙයක අඩුපාඩුවක් නොදැනෙන්නේ අනිකුත් ග්රහයන්ගේද සුභ දෘෂ්ඨි හේතුවෙනි. ආවේග පාලනය කරගැනිම හොඳයි.
සහෝදරයෙක්ගේ ඥාතියෙක්ගේ ගමනක් බලාපොරොත්තු විය හැක.
පපුවේ සෙම් අමාරු ගැන, ජලාශ්රිත රෝග ගැන විමසිල්ලෙන් පසු වන්න.
• තුලා ලග්නය
සාමාන්යපලයි.
සඳු නීචව 2වැන්නේ තැන්පත් වෙලාවෙදි ලග්නයේ පවතින පාප ග්රහ සංයෝගය නිසාද ඔබට යම් යම් දුෂ්කරතාවයන් මුහුණ පෑමට සිදුවනු ඇත.
ගෘහ ජිවිතයෙද තරමක දුෂ්කරතා ඇත. එයට බුද්ධිමත්ව කටයුතු කර පිලියම් සොයාගන්න.
සෞඛ්ය තත්වයේ හිස් අමාරු, ඉරුවාරදය ඇති අය පරිස්සම් වන්න. සෙම් ගෙඩි සෙම් අමාරු ගැනද සැලකිලිමත් වන්න.
• වෘශ්චික ලග්නය
සුභ යෝගයක් සමග යෙදෙන මේ සතිය සුබ පලයි.
තම දියුණුවට වැඩිහිටියන්ගෙන් ප්රභූවරුන්ගෙන් උදව් උපකාර ලැබේ. වෙලද ව්යාපාරික කටයුතු වල නියුතු අයටත් එසේම රැකියා කරන අයටත් තමාගේ තත්ව වල හැටියට යම් යම් වරප්රසාද ලැබේ.
ගෘහ ජිවිතය ප්රීතිමත්ව ගත වේ. ප්රබල කරදර බාධක නැත. වාසනාවන්තව ගත වේ.
සෞඛ්ය තත්වයේ ප්රබල ගැටළු ඇති නොවේ.
• ධනු ලග්නය
එතරම් සාධනීය ප්රතිපල නොමැත.
ආර්ථික තත්වය එතරම් සාර්ථක නොවේ. කරන කියන කටයුතු වල යම් පසුබෑමක් පෙන්වයි. එසේම ණයතුරුස් වලට බැඳීමටද ණය වීමටද ඉඩ තිබේ.
ගෘහ ජිවිතය පැත්තෙන් ගත් කල හොඳකුත් නැත, නරකකුත් නැත. බොහෝ වෙලාවට අඹුසැමියන් අතරේ යම් වාද විවාද ඇතිවිමට ඉඩ තිබේ.
සෞඛ්ය තත්වය ගැන විශේෂයෙන් පරිස්සම් විය යුත්තේ සෙම් රෝග ඇති අයත් දියවැඩියා රෝග ඇති අය විශේෂයෙන්ම පරිස්සම් වන්න.
• මකර ලග්නය
සතිය මුල වාසනාවන්ත කාලයක් උදාවේ.
සමාජයෙන් ආධාර උපකාර ලැබෙන්නේ, ආර්ථික තත්වය දියුණුවීමටයි. එය වෙලද ව්යාපාර කරන අයට විශේෂයි. මිතුරන්ගෙන් සහෝදරයන්ගෙන් උදව් උපකාර යෙදේ.
ගෘහ ජිවිතය වාසනාවෙන් ගත කරන්නට පුලුවන්.
අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වීමට පුලුවන. අඹුසැමියන් අතරේ සමගිය වර්ධනය වේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ.
උෂ්ණාධික රෝගාබාධ වලින් පරිස්සම් වන්න. යම් යම් උදරාබාධ ගැනද පරිස්සම් වන්න.
• කුම්භ ලග්නය
ශුභ සතියකි.
ජලය ආශ්රිත රැකියා කරන අයටද ග්රොසරි ආදියේද විදෙස්ගත රැකියා අයටද කරන කියන රැකියාව කුමක් වුවත් ඒවා සාර්ථක වේ.
සිකුරු බලවත්ව සඳු කේන්දර ගත නිසා ගෘහ ජිවිතයේ ප්රීතිය ඇතිවේ. අලුත් බඩුමුට්ටු මිලදී ගැනීමට හැකියාව ලැබේ. එසේම සිකුරු, සඳු, රාහු මහ දසා ගත කරන අයට නිවසේ ප්රීති උත්සව ගැනීමට අවස්ථාව ලැබිය හැක.
සෞඛ්ය තත්වයේ ප්රබල ගැටළු නැති වුවත් නිදන්ගත රෝග ඇති අය ප්රවේසම් වන්න. එසේම ක්රීඩා කටයුතු වල නියුතු කුඩා පිරිමි දරුවන් යටිබඩ ආශ්රිත අනතුරු වලින් පරිස්සම් වන්න.
• මීන ලග්නය
ශුභපල දායක සතියකි.
ආර්ථික තත්වය දියුණු කරගැනිමට අවස්ථාව ලැබේ. එසේම රැකියාවල ව්යාපාරික කටයුතු වල නියුතු අයට තමාගේ තත්වය අනුව වරප්රසාද ලැබේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. එසේම ගෘහ ජිවිතය හොදින් ගත කිරීමට වාසනාව ඇත.
උෂ්ණාධික රෝග, එසේම ශරීරයේ දාහය නිසා ඇතිවන රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න.

රාහු අපල දුරුවීමට නාග රූපය
රාහුගෙන් ඇතිවන අසුභ පල දුරු කර රාහුගේ සුබ පල වැඩි කරදෙන විශේෂ වශයෙන් ජීවම් කල පිත්තලින් සාදන ලද නාගරූපය.
වාහන ගැනීමේ යෝග ඔබටත් ඇද්ද ?
අද අපගේ ශ්රී ලංකාව ඉතාම කුඩා දිවයිනක් වුවද අපගේ රටේ අස්සක් මුල්ලක් නෑර පාසාම රථවාහන තදබදයක් ඇති බව විසේසයෙන්ම මා හට පෙනි ගොස් ඇත.
මන්ද විවිධාකාර ජෝතිෂ්ය කටයුතු වෙනුවෙන් රටේ සෑම පලාතකම වාගේ යන්නට සිදුවෙන බැවින් ඒ අත්දැකිම මා හට ඇත.
එසේම සියලුම දෙනාගේ අධිෂ්ඨානය තමන්ට කියා හෝ වාහනයක් මිලදී ගැනීමයි. එදා වේල හරිහම්බ කරගන්නා පවුලකට සිතෙන්නේ තමන්ට කියා අඩු තරමින් ත්රිරෝද රථයක් හෝ මිලදී ගැනීමටය.
එසේම පාසල් යන පුතුන් පවා පතන්නේ ඉක්මණින් මෝටර් සයිකලයක් ගැනීමටයි.
අප බලමු වාහන ලාභ හිමිවීමට බලපාන ජෝතිෂමය සාධක කුමක්ද කියා...
* ලෞකික සැප සම්පත් අතර වාහන ලාභ ප්රධාන තැනක තැබීමට පුලුවන.
මෙම යාන වාහන සම්බන්ධව බලපවත්වන ප්රධානම ග්රහයා වන්නේ “සිකුරු/ශුක්ර“ ය.
★ මෙම සිකුරු යම් කිසි කෙනෙකුගේ කේන්දරය තුල 4 වැන්නේ බලවත්ව සිටී නම්, එය විශේෂයෙන්ම කටක, ධනු, කුම්භ යන ලග්න වලට 4 වැන්නේ සිකුරු සිටී නම් එය ඉතාම බලගතු වෙයි.
★ එසේත් නොමැති නම් සිකුරු 4 වැන්නාධිපතියා වී යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්රයේ 6, 8, 12 ස්ථානයක හැර බලවත් වී සිටි නම් ඒ අයට රථ වාහන ලැබීමේ වාසනාව ඇත.
★ මා එසෙ පැවසුවද 8 වැන්නේද විපරීත ආකාරයෙන් බලවත්ව සිටිය හොත් විශේෂයෙන්ම සිංහ ලග්න, මීන, තුලා ලග්න වලට බොහෝවිට විවාහයෙන් පසුව තමාගේ භාර්යාවගෙන් ලැබෙන දායාදයෙන් හෝ එසේ නැත්නම් විවාහ වන ස්වාමි පුරුෂයාට තමාගෙන් නිකුත්වන වාසනා කිරණ කදම්බය නිසා හෝ සුඛෝපභෝගී වාහන ඇතුලුව අනිකුත් සැප සම්පත්ද හිමිවන්නේ නිරායාසයෙනි.
එසේම සිකුරු ග්රහයා මෙම තත්වය මනාව පරිපාලනය කරනු ලබයි.
★ එසේම සිකුරු යම් ග්රහයෙක් සමග ගුරු හෝ කුජ සමග සිටී නම් ඔහුට නිල වාහන හිමිවේ. එසේම මෙහි සෙනසුරු සමග සිටී නම් සිකුරු සංයෝග නම් වාහන නිසා ඔවුන් අමාරුවේත් වැටේ.
* මෙය පොදු සිද්ධාන්තයක් බව මතක තබාගන්න. ඔබගේ ජන්ම පත්රයේත් මෙවන් ග්රහ පිහිටිම් සහ යෙදුම් ඇත්නම් වාසනාව හිමිවේවි විමසිලිමත් වන්න.

_ ලග්න 12ට යෙදෙන රාජ යෝග _
● මා සදහන් කරන්නේ රජවීම යනුවෙන් අදහස් කරන්නේ සිංහාසනාරූඪවීමම නොවේ. ආර්ථික සමාජීය වශයෙන් පුද්ගලයෙකු ඉහලට ඒමට එම පුද්ගලයාට උප්පත්ති ග්රහචාරය අනුව යම්කිසි ග්රහ උත්තේජනයක් අවශ්ය බව සනාථ කිරීමටය.
රාජ යෝගය සම්බන්ධව මෙම කරුණු කාරණා අධ්යයනය කිරීමෙන් පසු ඔබටද මනා වැටහීමක් ලැබෙනු ඇත.
● මේෂ ලග්නය
මේෂ ලග්නයට රාජ යෝග නම්, කුජ-ගුරුගේ යෝගයයි. තවද ශනි 7 වැන්නේ බලවත් නම් සස යෝගය යෙදේ. එය අතිමහත් ජනප්රසාදය ලබන දේශපාලන රාජ යෝගයකි. එසේම අඟහරු/කුජ 10 වැන්නේ සිටීමෙන් රුචක යෝග බලය උදාවේ. පාලන බලය හිමිවේ.
● වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයේ රාජ යෝග යෙදෙන්නේ කවුරු කෙසේ කීවත් බුධ සහ සිකුරුගෙනි. අපගේ අත්දැකිම් අනුව බොහෝවිට මේ දෙදෙනාගේ බලය ඇතිවේ. එවිට ව්යාපාරික ක්ෂෙත්ර වලින් සහ විවිධ රැකියා වලින් ඉදිරියට යනු දක්නට ඇත.
● මිථුන ලග්නය
මේ ලග්නයේ රාජ යෝගය නම් බුධ ග්රහයාගේ සහ සිකුරුගේ රාජ යෝගයයි. මේ යෝගය නිසා බුද්ධිමතුන්, දේශකයින්, නළු නිලියන්, විද්යාඥයින්, විවිධ උසස් ඉහල පෙලේ වෘත්තිකයන් බිහිවේ.
● කටක ලග්නය
කටක ලග්නයේ රාජ යෝගය නම් කුජගෙන් සහ ගුරුගෙන් සහ සිකුරුගෙන් යෙදේ. රවිත් තරමක් දුරට සුභව බලපායි. කටක ලග්නයේ අය දේශපාලන ක්ෂෙත්රයේ ඉහලින් සිටී. අප රට පාලනය කල චන්ද්රිකා කුමාරතුංග මැතිණියගේ කේන්දරය දිහා බලන විට මේ තත්වය පෙනේ.
● සිංහ ලග්නය
සිංහ ලග්නයට රාජ යෝගය යෙදෙන්නේ තනි අඟහරු/කුජ ගෙනි. මේ ලග්නයට කුජ අනිත් ග්රහයන්ගේ එනම් කුජට මිත්ර ගුරු, සිකුරු, කේතු ඒ අයගේ බලය ගෙන තමා සන්නද්ධ වී ඉදිරියට පැමිණේ. මේ නිසා පරිවාර සම්පත්තිය, අන් අය පාලනය කිරීමේ හැකියාව, දේශපාලන බලය නිරන්තරයෙන්ම හිමිකර ගනී.
● කන්යා ලග්නය
කන්යා ලග්නයේ රාජ යෝගය රාහුගෙන් සිකුරුගෙන් බුධගෙන් යෙදේ. කන්යා ලග්නයේ අයද බුද්ධිමත්ය. ප්රඥාවන්තය. අද රට පාලනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාද මෙම ලග්නයෙන් උප්පත්තිය ලබා ඇත. කන්යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ බලවත් වුවහොත් අතිමහත් ජන ප්රසාදය ලබන ජනයා ආකර්ෂණය කරන වාග් චාතුර්යය ඇති පුද්ගලයෙක් බවට පත් කරයි. විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමාට එය ඇත. එසේම සිකුරු ග්රහයා 7 වැන්නේ උච්ච වීම නිසා මාලවී යෝගය යෙදේ. උසස් පෙලේ විවාහයක් සිද්ධ වීම නිසා පුද්ගලයාගේ ජිවිතය බබලයි. එසේම රූමත් කෙනෙක් ලැබේ.
අර අපේ ගමේ ගොඩේ කියනව වගේ සමහරුන්ට ලස්සන කෙල්ලෙක් ලැබෙනවා කියන්නේ රටක් රාජ්යයක් ලැබෙනව වගේ නේද... ?
● තුලා ලග්නය
තුලා අයට ශනි ඉතාම බලවත්ය. දුක් විඳලා කම්කටොලු මැදින් ඇවිත් ජීවිතයේ එක්තරා තැනකදි කූට ප්රාප්තියට ලගාවේ. මෙම ලග්නයට අඟහරු/කුජගෙන්, චන්ද්රයාගෙන් රාජ යෝගය යෙදේ. කුජගෙන් යෙදෙනවා කියල කිව්වම තුලා ලග්නයේ ඉපදුන සරත් ෆොන්සේකා මැතිතුමාගේ කේන්දරයේ 4 වැන්නේ අඟහරු/කුජ බලවත්ය. අඟහරු කියන්නෙ සටන්කාමී සේනාධිපතියා. එතුමන්ගේ අඟහරු බලවත්වීම නිසා වෘත්තිමය ජීවිතයේ ඉහලටම යෑමටත් ලොව ප්රබලම ත්රස්තවාදි සංවිධානය වූ එල්ටීටීඊ සංවිධානය අතුගා දැමීමටත් මෙ ග්රහ බලය හේතු වී ඇත. අද දේශපාලනයට ඇවිත් විවිධ බාධක මැද යම්කිසි විදියකින් තෙවන බලවේගය වෙලා ඉන්නෙත් ඔය නිසා තමයි.
● වෘශ්චික ලග්නය
අත්දැකීමේ හැටියට මේ ලග්නයට චන්ද්රයා, රවි, ගුරු, බලවත් ග්රහයෝ. මේ නිසා දේශපාලනයෙන්ද ව්යාපාරික පැත්තෙන්ද ඉහලට යෑමට පුලුවන්. ස්වභාවයෙන්ම වෘශ්චික ලග්නය කියන්නේ විචක්ෂණශීලි ලග්නයක් ඉගෙන ගන්නා දරුවන්ට ඥාන යෝග පිහිටනවා මේ ලග්නයෙන්. මේ අය දියුණු වෙන්නේ බුද්ධිමත්ව වැඩ කරලා. එසේම ගුරු බලවත් වෘශ්චික ලග්න හිමියන්ට වාසනාවන්ත පින්වත් දරුවන් ලැබෙනව.
● ධනු ලග්නය
ධනු ලග්නයට රාජ යෝගය රවි බුද යෝගයයි. බුද්ධිමතුන්, ලේඛකයින්, ආයතන පාලක ධූර හොබවන අයද විශේෂයෙන්ම තානාපති ධූර හොබවන අයට මේ යෝගය යෙදී තිබෙනව. මේ අයගේ ග්රහ බලය වැඩි කරන්න මම කියනව පද්මරාග ගලකුයි, පච්ච ගලකුයි අල්ලල මුද්දක් දාන්න කියල.
ඒවගේම විෂ්ණු දෙවියන්ට භාර විමෙන් ධනු ලග්නයට හොද බවයි මගෙ විශ්වාසය.
● මකර ලග්නය
රාජයෝගය සෙනසුරුගෙන් ගුරුගෙන් රාහුගෙන් යෙදෙනව. බුධගෙන් සිකුරුගෙන් යෙදෙනව. පර්යේෂණාත්මකව බලනකොට විශාල කර්මාන්ත ශාලා හිමිකරුවන් මකර ලග්නයෙන් ඉපදිලා, ඒ අයගෙ කේන්දරයේ සෙනසුරු 10 වැන්නේ උච්ච වෙලා ඉන්නවා, ඉතින් ඒකත් රාජ යෝගයක් තමයි. තවද කේන්දරයක බුධගෙන් සිකුරුගෙන් එහෙම යෙදුනම ඒ අය විවිධ ව්යාපාරික ක්ෂෙත්ර වල හොද තැන්වල ඉන්නවා.
ගුරු බලවත් උනාම 7 වැන්නෙදි හොද විවාහයක් සිද්ධ වෙලා ඒ අයගෙ ජීවිත බබලනව.
● කුම්භ ලග්නය
කුම්භ ලග්නයට අගහරු/කුජ 10 වැන්නේ සිටියොත් සිකුරු 4 වැන්නේ බලවත් උනොත් මේ අයගෙ ජීවිත නිරන්තරයෙන්ම බබලනව. ලෞකික සැප සම්පත් ලැබෙනව. කුම්භ ලග්නයට ටිකක් තියෙනව කම්මැලිකම සහ පෙරට යන ගතිය අඩුබව. මේ ග්රහ බලපෑම නිසා ඇතිවන නිසර්ග තත්වය කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන ඔය මම කිව්ව ග්රහ යෝග තියෙන අය ඉන්නව නම් ඒ අය බබලනව.
1969දි මාතරදී ඉපදුනු පුද්ගලයා ලෝක පූජිත වෙලා ඒවගේම ආර්ථික පැත්තෙනුත් මහා විශාල වශයෙනුත් ඉදිරියට ආපු සනත් ජයසූරියගේ කේන්දරය බලනකොට හොදටම තේරෙනවා මේ බලය. එයාට ප්රසිද්ධ වෙන්න රාහුත් හොදටම උදව් කරල තියෙනව.
● මීන ලග්නය
මීන ලග්නයේ රාජ යෝගය, ගුරුගෙන් බුධගෙන් ලැබෙනව. ඒත් සිකුරුත් කොච්චර කලත් උදව් කරනව. හැබැයි සිකුරු උච්ච වෙලා හිටියොත් මීන ලග්නයේ පොඩ්ඩක් පරිස්සම් වෙන්නත් ඕන. ගෑණු ළමයෙකුට නම් කොල්ලන්ගෙන් ඕනවට වඩා කරදර. කොල්ලෙකුට නම් කෙල්ලොන්ගෙන් ඕන තරම් කරදර. මේ අනවශ්ය දේවල් වලට පැටලුනොත් තමන්ගෙ ජිවිතයට යම්කිසි ප්රමාද දෝෂයක් එකතු කරන්න පුලුවන්. ඒත් ඉතින් විශ්වාස කරන්නම පුලුවන් ග්රහයා ගුරුනෙ. ඉතින් ගුරු හොදට හිටියොත් ජිවිතේම සැප තමයි. ඒවගේම කුජ-ගුරු රාජ යෝගය 10 වැන්නේ මීන ලග්නයට යෙදුනොත් ප්රදේශයක් පාලනය කරන පාලක ධූරයක් එයාට ලැබෙනව. ඒවගේම මීන ලග්නය ස්වභාවයෙන්ම අහිංසක නිසා මිනිසුන්ගේ ආදරය, අනුකම්පාව ලැබෙනව.
_ ඔන්න ඔහොමයි ලග්න 12 තත්වෙ _
ඕක තමයි රාජ යෝග කියල කියන්නෙ රජවීමම නෙමෙයි දරුවො. ඉතින් මේ ගැන තව ගොඩක් කියන්න තිබ්බත් වැඩිපුර ලිව්වම පත්තර වල වගේ අපේ අය කියවන්නෙ නැහැනෙ. ඔයාලගේ කේන්දර වලත් බලන්න මේ තත්ව තියෙනවද කියල. සමහරවිට ඔයාල නොදන්න දේවල් ඔයාලගේ කේන්දර වල ලියවිලා ඇති. ඒ තත්ව බලල අඳුරේ අතපත ගානවට වැඩිය කේන්දරය බලල යම් දෙයක් කරනව නම් ඔයාලගේ ජීවිතයේ යම්කිසි විප්ලවීය වෙනසක් ඇතිකරන්න පුලුවන්. උදාහරණයක් විදියට වතුරෙන් කෙනෙකුට හම්බ කරන්න වාසනාව තියෙනව. එයා ගල් වලක් කරන එක, එහෙම නැත්නම් යකඩ වැඩ කරන එක එයාට ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඒ ගැන පොඩ්ඩක් බලන්නකො. බලල පොඩ්ඩක් හිතන්න කරන දේ ගැන.
තෙරුවන් සරණයි !
#ඉරු පර්යේෂණ අංශයේ වැඩක් !

_ ගැට 9 මාලය_
පුරාණ මන්ත්ර පද්ධතියකට ප්රස්ථාර ගතව පින් කැමති සම්යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ කරුණාවෙන් සහ උපකාරයෙන් අතිප්රබලවම ජීවම් කරන ලද ප්රාර්ථනා ගැට 9 නූල, අප සේවය මගින් දැන් ලබාදෙනු ඇත.
එසේම විශේෂිත වූ පූජනීය වෘක්ෂයන් පාමුල (නුග සහ බෝ )
වළලෑමට යම් යම් නිදන් වස්තු ලබාදෙනු ඇත.

_ අකුරු කරන දුවාදරුවන්ට ජයග්රහණය දෙන සරස්වතී දැහැන _
ඕං ඝංගාරි ඝංගාරි නීලකුට්ටි නීලකුට්ටි
මුඛේ සිටි දකුණු දළ සරස්වතී
අටවිසි බාස නවලෝකානු වජ්රාසනම්
කෛලාසනම් ගුරු පුට ධාරණයේ මුනි මුනි ඒස්වාහං
* මෙම ස්ත්රොත්රයෙන් සරස්වතී මෑණියන්ට පහන් තබා තැඹිලි තෙල් ගෙන තෙල් මතුරා එම තෙල් නළලේ ගා සභාවට, තරඟ විභාග වලට යෑම සුබයි. දහස් වර ජීවම් කරන්න.
* පිරිසිදුව මස් මාංශ අනුභවයෙන් තොරව කරන්න, ජයග්රහණය අත්වේ !

12 රැසේ දුර්වලකම් !
සියලුම සත්වයන් මෙලොවට බිහිවන මොහොතෙදි නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන ලග්නයත් ඒ වෙලාවට තිබෙන නැකතත් කෙනෙකුට උප්පත්තියෙන්ම හිමිවනු ඇත. අප බහුතරයක් සහ අප බොහෝවිට කතා කරන්නේ ලග්නයේ ඇති දක්ෂකම් මිස දුර්වලකම් නොවේ. නමුත් මුහුණු පොතේ අතිමහත් බහුතර ප්රේක්ෂක ජනතාව උදෙසා අප කල්පනා කලා මේ දොලොස් රැසට අයත් වන දුර්වලකම් මොනවාද කියල ඔබ හමුවේ කෙටි සටහනක් තබන්න.
මේෂ ලග්නය
නිතරම තරඟකාරිත්වයට කෙසේ වෙතත් දබරයට යොමුවන අයයි. ක්ෂණික කෝපය ඇත. එසේම නම්යශීලිතාවයද එසේය.
රාත්රියට පායන්නේ ඉර කියා කිව්වොත් එය අන් අය පිලිගත යුතුයි, නැත්නම් කේන්ති යනව. පරාජයේදී දැඩිලෙස කම්පාවට පත්වේ.
වෘෂභ ලග්නය
බොහෝවිට තමාගේ තනිමතයට වැඩ කරගැනිමටද තම මතයට අන් අය පොළඹවා ගැනීමටද උත්සහ කරයි. කිසිවෙකුගේ උපදේශන පිලිගැනීමට අකමැති දැඩි මතයක් දරයි. එසේම ලෞකික සැප සම්පත් වලට අධික ගිජුකමක් හා මසුරුකමක් දක්වයි.
තමන්ගේ අවශ්යතා වෙනුවෙන් අධිකව වියදම් කරන වෘෂභ ලග්න අය අන් අයට උදව් කිරීමට තරමකට මැලිකමක් දක්වයි.
මිථුන ලග්නය
බොහෝ වෙලාවට ප්රතිපත්තිමය වශයෙන් ඍජු තීරණ වල නොපිහිටයි. මානසික ඒකාග්රතාවය ඇත්තේම නැත. බොහෝවිට කාම යෝග යෙදී තිබ්බොත් ස්ත්රීන්/පුරුෂයන් මුලා කිරීමට උපන් දක්ෂකමක් දක්වයි. සියලුම වැඩ එකවිට යොදාගනී. අවසානයෙදි එකක්වත් හරියට කරගැනිමට නොහැකි වේ. මෙවන් ලග්න වලින් උපන් අයට බොහෝ ඥාන සම්භාරයක් ඇතිමුත් කිසිදෙයක් හරියට කරගැනිමට නොහැකිව දුක්විඳින බවට සාක්ෂි ඇත.
කටක ලග්නය
බොහෝවිට තමාගේ අධික ස්නේහවන්ත ගතිය නිසා අවාසිය. අධික කරුණාව, අධික අනුකම්පාව අවාසියට හේතුවනු ඇත.
රහස්ය භාවයක් රැකීමට ඉතාම අපහසුය. අන් අයට උපදෙස් දුන්නද තමාගේ ජිවිතයේ බොහෝ දේවල් වල වැරදි ඇත. බොහෝ වෙලාවට කුඩා ප්රශ්න නිසා විශාල ප්රශ්න ඇතිවිය හැක. කෝපය පාලනය කිරීමට නොහැක.
සිංහ ලග්නය
තමාගේ මතයම පිහිටා කටයුතු කරයි. ලාභ උවත් පාඩු වුවත් තම ප්රතිපත්ති, තීරණ වෙනස් නොකරන ගතියක් ඇත. කලබලකාරකම නිසා තමාගෙන් දේවල් අස්ථානගතවීමට පුලුවන. අන් අයගේ උපදෙස් පිලිගැනීමට තරමක අකමැත්තක් පෙන්වයි.
බොහෝවිට ආඩම්බරකම සහ අහංකාරකම තරමක් හෝ ඇත. මේ ගතිය රවි-බුද කේන්ද්ර ගතව(1වැන්නේ) තිබ්බොත් විශාල වශයෙන් දැකිය හැක. සැකය හා අවිශ්වාසය පවතී.
කන්යා ලග්නය
තමාගේ ආත්ම විශ්වාසය ටිකක් අඩුවීමට පුලුවන. නිතර අන් අය අවිශ්වාස කරයි. සියලුම දෙනා කෙරෙහි යම්කිසි සැකයක් තබාගෙන බලයි.
අනුන්ගේ වැරදි අඩුපාඩු සෙවීමට නිතැතින් දක්ෂයි. මුඛරිබව නිසා තැන නොතැන බලන්නේ නැත. වුවමනාවට වඩා පිලිවෙලට වැඩ කිරිමට ගොස් අමාරුවේ වැටීමට ඉඩ ඇත.
තුලා ලග්නය
ගතානුගතික මත වල එල්ලී සිටී. එයට අමතරව නවීන ලෝකය හා කටයුතු කිරීමට මැලිකමක් දක්වයි.
සිත තුල මානසික ඒකාග්රතාවය අඩුවීම ඇත.
අන් අයට උදව් කිරීමට ගොස් අමාරුවේ වැටිය හැක.
වෘශ්චික ලග්නය
රහස් රැකීම බැරිවීම, දැන දැන වැරදි කිරීම, අනවශ්ය ආකාරයට සකසුරුවම් විමට ගොස් අන් අයට උදව් නොකිරිම.
අන් අය අවිශ්වාස කිරීම, ඉක්මන් කෝපය, ඉක්මන්බව දුර්වලතාය.
ධනු ලග්නය
දූරදර්ශි නොවීම, පෞද්ගලික වූ ප්රශ්න ගැන නොසිතා අන් අයට උදව් උපකාර කිරීමට ගොස් අමාරුවේ වැටීම. අනවශ්ය දේවල් කතා කිරීමට ගොස් අමාරුවේ වැටීම. දෙබිඩි ප්රතිපත්ති නිසා ධනු ලග්න අයට අවාසි වීමට ඇත්තේ මහත් ඉඩකඩකි.
මකර ලග්නය
මේ ලග්නය බොහෝවිට ඉතාම මසුරු සහ ලෝභී බවක් පෙන්වයි. මේ ලග්නයේ අය තමාගේ පවුලේ අයට වඩා පිට අයට බොහෝ සලකයි.
ඇති දේ ගැන නොසිතා නැති දේ ගැන බොහෝ සිතයි. බොහෝවිට අනුන්ගේ සිත් රිදවයි. එය මෙය ලග්නයේ උපන් අයගේ ලක්ෂණයකි.
කුම්භ ලග්නය
බොහෝවිට මුළුගැන්වෙන ස්වභාවය ලග්නයට ආවේණික වූ කම්මැලිකම ඇත. එසේම බොහෝ වෙලාවට කටට එන දේ කෙලින්ම කියයි.
වුවමනාවට වඩා පරිස්සම් කිරීමට ගොස් තමන්ට දේවල් නැතිවීමට ඉඩ වැඩිය. සියලුම දත් කෙනෙකුසේ හැසිරේ.
මීන ලග්නය
ඕනෑවට වඩා අනුකම්පාව සහ ස්නේහවන්ත ගතිය අවාසියක් වනු ඇත. විශේෂයෙන්ම අන් අයගේ දුක තමාගේ සැපතට හරවා ගැනීමට බලයි. අන් අය පමණට වඩා විශ්වාස කරයි. නැති ලෙඩදුක් ගැන බය වේ, දුක්වේ.
* මේවා අප වෙනදා සදහන් කරන ආකාරයටම යම් යම් අවස්ථා වලදී ග්රහ පිහිටිම් අනුව වෙනස්විමට පුලුවන. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

Subscribe to:
Posts (Atom)
.jpg)