( මාර්තු 09 - 15)
මෙය පොදු පලාපලයක් පමණි !
කේන්දරය අනුව වෙනස් විය හැක.
-
● මේෂ
මේෂ ලග්නයට සදු 08 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති කුජ සිටින්නේ, 11 වැන්නේ රවි + කුජ + බුධ + රාහු සංයෝගක් සමගය.
සතිය ආරම්භයේදී වියදම් පාර්ශවය වැඩිවිය හැක. සතිය අවසානයේදි එම තත්වය මනාව කළමනාකරණය කරගැනිමට හැකිවනු ඇත.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි. අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට හැකියාව ලැබේ.
විදේශ ගමන් විදේශ සංචාර යාමට බලාපොරොත්තුව සිටි අයට ඒ ගැන සතුටුදායක ආරංචි ලැබේ.
-
● වෘෂභ
වෘෂභ ලග්නයට සදු 07 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති සිකුරු සිටින්නේ, 11 වැන්නේ ශනි + සිකුරු සංයෝග වීය.
මංගල යෝග උදාවන කාලයකි. ඒ සම්බන්ධ ගැටළු ප්‍රශ්න තිබුනා නම් ඒවා විසදෙන කාලයකි.
ආර්ථික තත්වය තරමක් යහපත් වුවත්, ඊට සාපේක්ෂව වියදම්ද අධික විය හැක.
අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලදි දෙමාපියන්ට වැඩිපුර වෙහෙසීමට සිදුවේ.
ගෘහ ජිවිතය වෙනදාට වඩා යහපත් වෙයි.
-
● මිථුන
මිථුන ලග්නයට සදු 06 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති බුධ සිටින්නේ, 09 වැන්නේ රවි + බුධ + කුජ + රාහු සංයෝග වීය.
විදේශ ගමන් විදේශ සංචාර යනාදියට යෑමට සිටියා නම් යහපත් කාලයකි.
ආර්ථික තත්වය වර්ධනයට, පියවර ගැනිමට සිදුවෙයි.
ගෘහ ජිවිතය තුල දෙමාපියන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
-
● කටක
කටක ලග්නයට ලග්නාධිපති සදු 05 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි. අන් අයගේ උදව් උපකාර ලැබේ.
ආර්ථික තත්වය වර්ධනය වෙයි. වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබෙන කාලයකි.
නව රැකියා බලාපොරොත්තුව සිටි අයට, රැකියා සම්බන්ධව යහපත් බලාපොරොත්තු තබාගත හැකි කාලයකි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි.
-
● සිංහ
සිංහ ලග්නයට සදු 04 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති රවි සිටින්නේ, 07 වැන්නේ රවි + කුජ + බුධ + රාහු සංයෝගයකිනි.
සෙම් රෝග ඇතිවිමට අවදානමක් ඇති කාලයකි.
වැඩිපුර නිවසේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
නව ආදායම් මාර්ග වලට යොමුවීමට හැකියාව ලැබෙන කාලයකි. ඒ සම්බන්ධ කරුණු සාර්ථක වන කාලයකි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා යහපත් වෙයි.
-
● කන්‍යා
කන්‍යා ලග්නයට සදු 03 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති බුධ සිටින්නේ, 06 වැන්නේ රවි + කුජ + බුධ + රාහු සංයෝගයකිනි.
ආදායම් මාර්ග වර්ධනය කරගැනිමට යම් පියවරක් ගැනිමට සිදුවෙයි, නැතිනම් ගැටළු ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
නව ආදායම් මාර්ග වලට යොමුවිමට සිතා සිටින අයට ඒ සම්බන්ධව යහපත් බලාපොරොත්තු තබාගත හැකි කාලයකි.
ගෘහ ජිවිතය තුල අන් අය සමග මතගැටුම් ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
-
● තුලා
තුලා ලග්නයට සදු 02 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති සිකුරු සිටින්නේ, 06 වැන්නේ ශනි + සිකුරු සංයෝගකිනි.
ආර්ථිකයට පෙර තිබුනු ගැටළු තත්වයන් අඩුවි යාමට හැක.
වියදම කළමනාකරණය කරගැනිමට හැකි කාලයකි.
නව රැකියා බලාපොරොත්තුව සිටි අයට යහපත් කාලයකි.
පවුලේ සමගිය වර්ධනය වන කාලයකි.
දරුවන් නිසා දෙමාපියන්ට ප්‍රශංසා ලැබෙන කාලයකි.
-
● වෘශ්චික
වෘශ්චික ලග්නයට සදු 01 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති කුජ සිටින්නේ, 04 වැන්නේ රවි + කුජ + බුධ + රාහු සංයෝගයකිනි.
ඉගෙනීම් කටයුතු කරන අයට ප්‍රශ්න ගැටළු නිර්මාණය වීමට ඉඩ ඇත.
ඉගෙනීමට වඩා බාහිර ක්‍රියාකාරකම් වලට සිත යන කාලයකි.
නව ආදායම් තත්වයන් තරමක් හිරවීම් හෝ අඩුවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල තරමක් ගැටළු මානසික පීඩා ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
-
● ධනු
ධනු ලග්නයට සදු 12 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති ගුරු සිටින්නේ, 07 වැන්නේය.
ආදායමට වඩා වියදම් තත්වය වැඩිවිය හැක.
මංගල යෝජනා ස්ථිර වීම, මංගල යෝග උදාවිම සිදුවන කාලයකි.
විවාහ වීමට බලාපෙරාත්තුව සිටි අයට ඒ සදහා බලාපොරොත්තු තබාගත හැකි කාලයකි.
ආර්ථික තත්වය වර්ධනයට යම් පියවර ගැනීමට සිදුවේ, නැත්නම් ණය ගැනිමටත් සිදුවිය හැක.
-
● මකර
මකර ලග්නයට සදු 11 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති ශනි සිටින්නේ, 03 වැන්නේ ශනි + සිකුරු සංයෝගයකිනි.
ආදායම් තත්වය වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙන කාලයක් වුවත්, වියදමද කළමනාකරණය කරගත යුතුය.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
ගෘහ ජිවිතය තුල තරමක මත ගැටළු නිර්මාණය වීමට ඉඩ ඇත.
අසල්වැසියන් සමග හිත් අමනාපකම්ද ඇතිවිමට ඉඩක් ඇති කාලයකි.
-
● කුම්භ
කුම්භ ලග්නයට සදු 10 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති ශනි සිටින්නේ, 02 වැන්නේ ශනි + සිකුරු සංයෝගයකිනි.
රැකියා ස්ථානයේ ගැටළු නිර්මාණය විය හැකි කාලයකි.
සිත් රිදවන සිදුවිම් වලට මුහුණ දීමට සිදුවෙයි.
ආර්ථික තත්වය තරමක් පහල වැටිමට ඉඩ ඇත.
දුරගමන් බිමන් යෙදීමටද ඉඩ ඇති කාලයකි.
දරු සම්පත් බලාපොරොත්තුව සිටින අයට ඒ සම්බන්ධ සුභ පණිවිඩ අසන්නට ලැබෙන කාලයකි.
-
● මීන
මීන ලග්නයට සදු 09 වැන්නේ සිටිමින් සතිය ඇරඹේ.
ලග්නාධිපති ගුරු සිටින්නේ, 04 වැන්නේය.
දුර ගමන්බිමන් යාමට සිදු වෙයි. එමනිසා තම ආදරණීයන් සමග සිටිමට තිබෙන කාලය අඩුවෙයි.
රැකියා ස්ථානයේ තරමක් බාධා ඇති වෙයි.
අධ්‍යාපනය ලබන දරුවන්ටද හිත් පීඩා බහුලව සිදුවන කාලයක් විය හැක.
සිත් රිදීම් - කලකිරිම් මතගැටුම් නිර්මාණය විමට ඉඩ ඇති කාලයකි.
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
No comments:
Post a Comment