Thursday, March 19, 2026

දැඩි පීඩා ඇති කරන “ ඒරාෂ්ටක අපල “


 ⭒ ඒරාෂ්ටක කාලයක් යනු, යම් අයෙකුට තිබෙන පෙර අකුසල් - පාප කර්ම ගත කරන්නට මේ ජිවිතයේ සිදුවන කාලයකි. එනම් පෙර ජිවිතයේ වූ වැරදි යනාදිය මේ ජිවිතයෙන් වන්දි ගෙවීමකි.

⭒ දුකට, දුක අවබෝධය ලබාදෙන ශනි හෙවත් සෙනසුරුගෙන් ඒරාෂ්ටක අපලය නිර්මාණය වෙයි. එනිසා “ සෙනසුරු ඒරාෂ්ඨක “ ලෙස අර්ථ දී ඇත.

- ඒරාෂ්ටක වර්ග ප්‍රධාන -

(01) ලග්න ඒරාෂ්ටක
ලග්නයේ / 01 වෙනි කොටුවේ සිට 12, 01, 02 යන රාශි වල සෙනසුරු ගෝචරයෙන් පැමිණීමෙනි.
( 2026 මාර්තු  කාලයේ මීන - කුම්භ - මේෂ යන ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකය ගත වෙයි)

(02) ජන්ම ඒරාෂ්ටකය
උපතේදී චන්ද්‍රයා / සදු සිටි තැනට, ගෝචරයෙන් සෙනසුරු පැමිණි කල ( එනම් සදුගෙන් 12,01,02) යෙදීමෙනි.
- සමහර ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර බංකොලොත් වීම / බිංදුවට වැටීම, මියයෑම ජන්ම ඒරාස්ටක අපල කාලයේ සිදුවි ඇත.

03) අෂ්ටම ඒරාෂ්ටකය
සෙනසුරු ගෝචරයෙන් 08 වැන්නට පැමිණි කල ඇති වෙයි.

⁎ ලග්න අෂ්ටම ( ලග්නයෙන්/01 වැනි කොටුවෙන් 08 වැන්නට)
⁎ චන්ද්‍ර අෂ්ටම ( කේන්දරයේ සදු සිටින කොටුවෙන් 08 වැන්නට)
⁎ සූර්ය අෂ්ටම ( කේන්දරයේ රවිගෙන් 08 වැන්න)

- මේ ගතවන කාලයේ සිංහ ලග්න හිමියන් සියලුදෙනාට ලග්න අෂ්ටම ඒරාෂ්ටකය ගත වෙයි.


04) සූර්ය ඒරාෂ්ටක
උපතේදී රවි සිටින තැනට, ගෝචරයෙන් සෙනසුරු පැමිණීමෙන් ඇති වෙයි.
( මෙය එතරම් සලකන්නේ නැත)
තම චරිතය පහතට වැටෙන සිද්ධීන් මේ කාලයේ සිදුවිය හැක.
අතපය තුවාල - මානසික පීඩා වැනි දේ වීමට ඉඩ ඇත.

✷ ඒරාෂ්ටක අපල වලදි බලයෙන් පහවීම, ආර්ථිකය බිද වැටිම, හදිසි අනතුරු ප්‍රේම සබදතා - පවුල් ජිවිතය කඩා වැටිම, මානසික පීඩා - සිත්තැවුල් බහුලව යෙදෙන කාලයකි.

✷ මේවාට පොදු ප්‍රතිකර්ම,

- බෝධි පූජා තැබීම.
- අසරණ අයට උදව් - දන්දීම (සතුන්ට පවා)
- පෙරහන්කඩ පූජා කිරිම
- මෛත්‍රී - බුද්ධානුස්සති භාවනාවන්.

✹ පොදු ප්‍රතිකර්ම එසේ වුවද, කේන්දරයට අනුව, නිසි ලෙස කේන්දරය පරික්ෂා කරවා, තිබෙන අපල දෝෂ තත්වයන්ට නිසි ශාන්ති කර්ම තමන්ට අනුව නිර්දේශ කරවා ගැනීම මේ කාලයේ ඉතාම වැදගත්ය. එසේ නොවි කිසිදු ශාන්ති කර්මයක් නොකර සිටිම තිබෙන අපල තත්වය තීව්ර කරගැනිමට පවා හේතුවිය හැක.

- මෙහිදි ශනිගේ ඒරාෂ්ටක අපල තත්වයට ඉතාම වැදගත් වන, “ ශනි මාතුංජය “ යන්ත්‍රය පැලදීම කල හැකි අතර, එය කලයුත්තේද කේන්දරය අනුව සුභ නැකතට කටයුතු අරඹා - අවසානයද සුභ නැකතට කර පැලදීමද නිසි ගාථා සජ්ජායනා කර සුබ නැකතට අනුවය.
එසේ නොමැතිව whole-sale ක්‍රමයට සාදන, කඩයකින් බඩු ගන්නා සේ කරන හෝ සෑම යන්ත්‍රයටම එකම ජප සංඛ්‍යාව කරන ව්‍යාජ යන්ත්‍ර පැලදීමෙන් සිදුවන යහපතක් නැත.

-

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..


No comments:

Post a Comment