✨ මෙය පල කරන්නේ යම් දැනුමක් ලබාදීමට මිස, කිසිවෙකු බිය කරන්නට හෝ උද්දාමයට පත් කරවන්නට නොවේය ✨
✧ දෙදෙනෙකුගේ වෙන්වීම හෙවත් දික්කසාදය පෙන්වන ජෝතිෂ්‍යමය සිද්ධාන්ත අතර ක්‍රිෂ්ණ මූර්ති සිද්ධාන්ත වලට ප්‍රමුඛ තැනක් හිමි වෙයි. හේතුව ඒවා තේරුම් ගැනිමට පහසු වීමයි.
✧ ක්‍රිෂ්ණ මූර්ති සිද්ධාන්ත අනුව “ උප අධිපති” ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.
✧ විවාහයට අදාලව, 07 වැන්නාධිපතියාගේ උප අධිපති - ප්‍රධාන සාධකයකි.
✧✧ විවාහය මෙන්ම විවාහය දෙදරා යාම, නීතියෙන් වෙන්වීම පෙන්වන්නේද, 07 වැන්නේ උප අධිපති විසිනි.
X ඒ අනුව විවාහය දෙදරා යන මූලික පිහිටිම් 05ක් වෙයි !
i) 07 වැන්නේ උප අධිපතියා “ උභය ග්‍රහයෙකු “ වීම
( උභය රාශි 04කි = මිථුන - කන්‍යා - ධනු - මීන)
✧ මිථුන සහ කන්‍යා රාශි වල අධිපති = බුධ ග්‍රහයාද,
✧ ධනු සහ මීන රාශි වල අධිපති වන = ගුරු = උභය ග්‍රහයාය.
ii) 07 වැන්නේ උප අධිපති උභය ග්‍රහයෙකු වී, උභය රාශියක තැන්පත් වීම.
iii) 07 වැන්නේ උප අධිපතියා 09 වන භාවය නිවේදනය කිරීමය
( තැන්පත් වීම, දෘෂ්ටි වැටීම, සංයෝග වීම)
iv) 07 වැන්නේ උප අධිපතියා, ජෝතිෂ්‍යයේ නීතිකාරක ග්‍රහයන් වන ගුරු සහ රවි යන ග්‍රහයන්ගේ නිවේදනයට යටත්වීම.
( තැන්පත් වීම, දෘෂ්ටි වැටීම, සංයෝග වීම)
v) 07 වැන්නේ උප අධිපති, 03 වැන්න නිවේදනය කිරිම
( තැන්පත් වීම, දෘෂ්ටි වැටීම, සංයෝග වීම)
ඉහත සදහන් කරන ලද සිද්ධාන්ත 05ම එකවර නිශ්චිතව සූක්ෂමව බැලීමෙන් විවාහය දෙදරා යාම - දික්කසාදය වනවාද යන්න නිශ්චිතව නිගමනය කල හැක…
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
#Colombo #srilanka #gampaha #galle
No comments:
Post a Comment