✺ මොනවද මේ ග්‍රහ දෘෂ්ටි ඇත්තටම ? ඒකියන්නෙ අපි ඔය කේන්දරයක් බලනකොට කියන්නෙ, අන්න අර ග්‍රහයා, මෙන්න මේ තැන තියෙන මේ ග්‍රහයට බැල්ම හෙලනව ( දෘෂ්ටියක් ) තියෙනව කියල.
“ 07 වැන්නේ සිකුරු ඉන්නවා, සිකුරු 07 ඉන්න එක ඉතාම හොද පිහිටිමක්.
හැබැයි, සිකුරුට, ශනිගේ දෘෂ්ටිය වැටෙන නිසා, විවාහයට බාධා පෙන්වනව”
“ කුජ 04 වැන්නේ ඉන්න එක, කුජ දෝෂය තමයි.
හැබැයි, ගුරුගේ දෘෂ්ටියට ලක්වෙන නිසා ඒ දෝෂය ගොඩක් අඩු වෙනවා”
➡ ප්‍රධාන ග්‍රහයන් 07ගෙ දෘෂ්ටි මේ ආකාරයි..
▶▶ සියලුම ග්‍රහයන් තමන් සිටින රාශියේ සිට 07 වැනි රාශිය දකී (01)
▶ ගුරු සහ සිකුරු ග්‍රහයන් තමන්ගේ රාශියේ සිට 05 සහ 09 වැන්න දකී. (02)
▶ කුජ සහ බුධ ග්‍රහයන් තමන්ගේ රාශියේ සිට 04 සහ 08 වැන්න දකී. (03)
▶ සදු, ශනි, රවි ග්‍රහයන් තමන්ගේ රාශියේ සිට 03 වැන්න සහ 10 වැන්න දකී. (04)
- ඔන්න ඕවා තමයි ග්‍රහ දෘෂ්ටි.
හැබැයි, මේවා සරලව කිව්වට,
ග්‍රහ දෘෂ්ටි බලද්දි
➲ අදාල නැකත, ➲ අධිපති, ➲ උපඅධිපති, ➲එතකොට භාවමය පිහිටිම වගේ දේවල් බොහොම බලන්න ඕන…බලල තමයි හරියට පලාපලයක් කියන්න පුලුවන්.
-
කේන්දර පොතක් කියවලා, කේන්දර සොෆ්ට්වෙයා එකක් අරගෙන පලාපල කියන්න පුලුවන් කියල හිතුවට ඒක හරියට කරන්න බැහැ. මොකද මෘදුකාංගයක් කියන්නෙ ගණනය කරන දෙයක්. ඒවයින් කේන්දර බලවලා, වරද්ද ගන්න අය අපිට මේ දවස් වල නිතර මුණගැහෙනව..
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
#kandy #iruastrology #galle #MataraSriLanka
No comments:
Post a Comment