Sunday, March 1, 2026

සිකුරු උච්ච විම බලපාන හැටි..


▶ සිකුරු උච්ච වෙයි !

⭆ ග්‍රහලොව හැඩකාර තරුණිය වන සිකුරු, 2026 වසරේ මාර්තු 03 වනදා,
කුම්භ රාශියෙන් මිදී, මීන රාශියට පැමිණ උච්ච වෙයි. මෙම ග්‍රහචාරය මාර්තු 26 වනතුරුම පවති.

⭆ සිකුරු උච්ච වන්නේ, මීන රාශියේ වන අතර,
මීන රාශියේම සෙනසුරුද සිටින නිසා,
“ ශනි + සිකුරු  යෝගයක් “ ඇති වෙයි.

⟷ මේ තත්වය පොදුවේ කලාවට සම්බන්ධ අයට තරමක් අපලදායකය.
⟷ විශේෂයෙන් ගායකයන්, නළු - නිලියන් වැනි අයට තරමක් අපලකාරි සති කීපයකි.
⟷ ජනතාවගේ සුළු සුළු කැළඹීම් පෙන්වන කාලයකි මේ කාලය.

ලග්න 12ට පොදුවේ බලපෑම යට තිබෙන පරිදිය.
( කේන්දර සටහන අනුව වෙනස් විය හැක)

-

● මේෂ

මේෂ ලග්නයේ 12 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
වියදම් අධික වන්නට ඉඩ ඇති කාලයකි.
වියදම් තත්වය කළමනාකරණය කරගත යුතුය. ඒ පිලිබද පියවර ගත නොගතහොත්, ණය වීමට පවා ඉඩ ඇත.
කිරීමට සිතාගෙන සිටි දේවල් අතරමග නතර වීමට ඉඩ ඇත.
වියදම් අනවශ්‍ය දේට වීමට ඉඩ ඇත.
ප්‍රේම සබදතා වලට බාධා, ප්‍රේම සබදතාවය කැඩෙන්නට ​හෝ සබදතාවලින් ඈත්විමට ඉඩ ඇති කාලයකි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග යනාදිය ගැන පරිස්සම් වන්න.

-

● වෘෂභ
11 ලග්නයේ  වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
ලග්නාධිපතියා 11 වැන්නේ උච්ච වීම යහපත්ය.
හදිසි ධනලාභ ඇතිවිමට ඉඩ ඇත.
කරන කියන දේ වලින් ලාභ ලැබේ !
ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. ආදායම් මාර්ග ස්ථිර වෙයි.
මංගල යෝජනා ස්ථිර වන කාලයකි. ප්‍රේමයට ආදරයට යහපත් කාලයකි.
නව බලා​පොරොත්තු ඇතිවන කාලයකි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා සාමාකාමිව, උනන්දුවෙන් උත්සාහයෙන් ගතවන කාලයකි.

-
● මිථුන
මිථුන ලග්නයේ 10 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
රැකියා ස්ථානයේ - ආයතන වල ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
විදේශ ගතවීමට බලාපොරොත්තුව සිටි අයට ඒ ගැන යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත.
විදේශගත රැකියා අවස්ථා නිර්මාණය වන කාලයකි.
ආර්ථික තත්වය තරමක් යහපත් වීමට පුලුවන.
ආදර ප්‍රේමය යනාදි කටයුතු වලට අයහපතක් නැත.
ඇඳුම - හතිය වැනි රෝග තත්වයන්ගෙන් ආරක්සා වන්න.

-
● කටක
කටකයේ  09 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
දෙමාපියන් සම්බන්ධ දේ වෙනුවෙන් වැඩිපුර කාලය ගත කරන කාලයකි.
ඒ සම්බන්ධ වියදම් අධික වන කාලයකි.
වෙනදාට වඩා පවුල් ජිවිතය සාමකාමිව සතුටින් ගත කරන්නට හැකියාව ලැබෙන කාලයකි.
නව රැකියා අපේක්ෂාවෙන් සිටින, දුර ගමන් අපේක්සා කරන අයට යහපත් කාලයකි.
ඒ ගැන වැඩිපුර නිරත වීමට හැකියාව ලැබේ.


-
● සිංහ
සිංහ ලග්නයේ 08 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
10 වැන්නාධිපති 08 වැන්නේ උච්ච විම, තමන්ගෙ ආර්ථික තත්වය තරමක් කඩාවැටෙන්නට ඉඩ ඇති කාලයකි. ආදායම් තත්වයන් හිරවීමට ඉඩ ඇත වෙනදාට වඩා.
තම සහෝදර සහෝදරයින් වෙනුවෙන් කාලය වැයකිරිමට සිදුවන කාලයකි.
රැකියා වල තමන්ට පැවරෙන රාජකාරි වැඩිවිමට ඉඩ ඇත. එනිසා පීඩකාරි බව වැඩිවනු ඇත.
ප්‍රේමය - ආදරය සම්බන්ධ ගැටළු - සිත් අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත.


-
● කන්‍යා
කන්‍යා ලග්නයේ 07 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
මංගල යෝග උදාවන කාලයකි.
09 වැන්නාධිපති සහ 02 වැන්නාධිපති 07 උච්ච වීම තුල ආදරය - ප්‍රේමය - විවාහයට අදාලව ගැටළු නිරාකරණය වන කාලයකි. වෙනදා තිබුනු බලපෑම් අඩුවන කාලයකි. මව්පිය පාර්ශවයෙන් තිබුනු බාධා තරමක් අඩුවන කාලයකි.
ආර්ථික තත්වයේ තිබුනු ගැටළුකාරි තත්වයන් තරමක් අඩුවන කාලයකි.
කණ්ඩායම් ක්‍රියාකාරකම් - හවුල් ව්‍යාපාර වල යෙදි සිටින අයට තමන්ගේ ලාභ තත්වයන් වෙනදාට වඩා වර්ධනය වන කාලයකි.

-
● තුලා
තුලා ලග්නයේ 06 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
සතුරු කරදර අඩුවන කාලයකි.
යටිබඩ ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමට ඉඩ ඇත, අජීර්ණය වැනි රෝගද ඒ අතර විමට ඉඩ ඇත.
ආදරය - ප්‍රේමය සම්බන්ධව පෙර තිබුනු යහපත් තත්වයට බාධා ඇතිවිමට ඉඩ ඇත, දෙදෙනාගේම පවුල් වල අතපෙවීම් නිසා තරමක් පීඩාකාරි තත්වයන් ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික තත්වය තරමක් අයහපත් වෙයි. මුදල් සම්බන්ධව ගැටළු ඇතිවිමට ඉඩ ඇත.

-
● වෘශ්චික

වෘශ්චික ලග්නයේ 05 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
මුලින් තිබුනු දරුඵල සම්බන්ධ ගැටළු තරමක් සමනය වීමට ඉඩ තිබෙන කාලයකි.
12 වැන්නාධිපතියා 05 උච්ච වීම තුල වියදම් තත්වය වැඩිවිමට ඉඩ ඇති කාලයකි.
වියදම් තත්වය පාලනයට පියවර ගැනිමට සිදුවන කාලයකි.
විදේශ වලින් රැකියා අපේක්ෂාවෙන් හෝ, විදේශ වලින් ශිෂ්‍යත්ව අපේක්ෂාවෙන් සිටි අයට ඒ සම්බන්ධව යහපත් පිලිතුරු ලැබෙන කාලයකි. බලාපොරොත්තු තබාගත හැක.
සෞඛ්‍ය තත්වයේ පීනස් රෝග තත්වයන් ඇතිවිමට ඉඩ ඇත.

-
● ධනු
ධනු ලග්නයේ 04 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
නිවාස සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
අලුතින් වැඩ කටයුතු අරඹන්නට හැකියාව - වාතාවරණය සැකසෙනු ඇත.
මුදල් සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනිමට හැකියාව ලැබේ.
ආර්ථිකය තරමක් යහපත් වනු ඇත.
සැමියා / බිරිද​ගේ මෙන්ම ළමයින්ගේ වැඩ කටයුතු වලට වැඩිපුර වෙහෙසීමට සිදුවන කාලයකි.
ඒනිසා වෙනදා නැති සහයෝගයක් ගොඩනැගෙන කාලයකි.


-
● මකර
මකර ලග්නයේ 03 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
03 වැන්නේ සිකුරු උච්ච වීම තුල, කලාත්මක අංශයේ කටයුතු කරන අයට යහපත්ය.
අන් අය වෙනුවෙන් වෙහෙසීමට සිදු කරන කාලයකි.
රැකියා තත්ව වල වෙනස් වීම් පෙන්නුම් කරන කාලයකි.
උසස් වීම් බලාපොරොත්තුව සිටින අයට ඒ සම්බන්ධ යහපත් තොරතුරු ලැබෙන කාලයකි.
ආදර - ප්‍රේමය සම්බන්ධ දේට යහපත් කාලයකි.


-
● කුම්භ
කුම්භයේ 02 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
අඩපණ වී තිබුනු ආදායම් මාර්ග නැවත ප්‍රකෘති තත්වයට ගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
ආදරය - ප්‍රේමය සම්බන්ධව විශේෂ ගැටළු නැත.
සෞඛ්‍ය තත්වයේ, කැස්ස, සෙම්පතිශ්‍යාව ඇතිවිමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

-
● මීන
මීනයේ 01  වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
වෙනදාට වඩා ගැටළු ඇතිවන කාලයකි.
අන් අයගේ ප්‍රශ්න - ගැටළු තමන් වෙත පැමිණිමට ඉඩ ඇති බැවින් ඒ ගැන කල්පනාකාරි වන්න.
අන්සතු වස්තුව වැනි දේ නිසා තමන්ගේ අභිමානයට කැළලක් ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික තත්වය තරමක් පහල වැටිමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.

-

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..




 

No comments:

Post a Comment