Saturday, March 14, 2026

“ රවි මාරුව “



( මාර්තු 15 - අප්‍රේල් 14)

ග්‍රහලොව නායකයා වන රවි හෙවත් ඉරු ග්‍රහයා, කුම්භ රාශියෙන් මිදී මීන රාශියට පැමිණේ.
මෙම ග්‍රහමාරුව අලුත් අවුරුද්ද දක්වාම පවති.

❅ රවිගේ බලය මීන ජල රාශියේදි අඩුවන බැවින්, ( ජලයේ ගිලෙන සේ කියන්නේ එනිසාය).

☞ කාලගුණ තත්වය වෙනස් වීමට ඉඩ ඇත.
☞ වැසි සුළං තදින් ඇතිවන කාලයකි.
☞ ආණ්ඩුවට පිටින් එන බලපෑම් යනාදිය වැඩිවන කාලයකි.

(ලග්න 12ට පොදු බලපෑම )
-

● මේෂ
12 වැන්නට රවි පැමිණේ.
05 වැන්නාධිපතියා 12 ට ගියාම දරුඵල පිලිබද ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
ආදර සම්බන්ධතා වලට බාධා ඇතිවිමට ඉඩ ඇත. සම්බන්ධකම් දුරස් වීමට ඉඩ ඇත.
විදේශගත වීම් වලට තරමක් යහපත්ය. ඒ සම්බන්ධ කරුණු කාරනා වලට මුලපිරිමට හොද කාලයකි.
ගෙදර දොර ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
වියදම වැඩිවන කාලයකි.

-
● වෘෂභ
11 වැන්නට රවි පැමිණේ.
පෙර තිබුනු දෝෂ තත්වයන් අඩුවෙයි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට හැකියාව ලැබේ.
ලැබෙන්නට තිබෙන මුදල් ලබාගැනිමට හැකියාව ඇති කාලයකි.
සතුරු කරදර වලින් මිදිමට හැකියාව ඇති කාලයකි. සතුරන් පරාජය කරන්නට හැකියාව ලැබේ.
වෙනදාට වඩා යහපත් කාලයකි. 

-
● මිථුන
10 වැන්නට රවි පැමිණේ.
රජය සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් කාලයකි.
රැකියා ස්ථානයේ තමන්ගේ අණසක පතුරවාගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
තමන්ගේ සහකරු හෝ සහකාරියගෙන් තරමක් ඈත්වීමට සිදුවන්නේ කාර්යබහුල භාවය වැඩිවිම නිසාය.
ආර්ථික තත්වය තරමක් පසුබෑමට ලක්විය හැක්කේ ආදායමට වඩා වියදම වැඩිවිම තුලය.
තම සහෝදරයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් වැඩිපුර වෙහෙස වන කාලයකි.


-
● කටක
09 වැන්නට රවි පැමිණේ.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටින අයට ඒ ගැන යහපත් බලාපොරොත්තු තබාගත හැක.
උසස් අධ්‍යාපනය ලබන සහ උසස් අධ්‍යාපනයට විදේශගතවන්නට බලාපොරොත්තු වන දරුවන්ට යහපත්ය.
පිය පාර්ශවයෙන් ලැබීම් ලැබෙන කාලයකි.
පිය පාර්ශවයෙන් ආර්ථිකයකට අතහිත ලැබෙන කාලයකි.
ආදරය ප්‍රේමය ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි.


-
● සිංහ
08 වැන්නට රවි පැමිණේ.
ලග්නාධිපතියා 08 වැන්න වන ආයුෂ ස්ථානයට පැමිණීම ප්‍රශ්න කරදර ඇතිවිමට ඉඩ ඇත.
තරමක් කල්පනාකාරිව කටයුතු කල යුතු කාලයකි.
අතට ලැබෙන දේ කටට දාගැනිමට පින නැතිවන කාලයකි.
ප්‍රශ්න ඇතිවන කාලයකි. සිකුරු සහ ශනි දෙදෙනාද සිටින නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.
ආදරය අඩුවන කාලයකි. සබදතා දුරස් විමට ඉඩ ඇත.



-
● කන්‍යා
07 වැන්නට රවි පැමිණේ.
12 වැන්නාධිපති රවි 07ට පැමිණීම තුල, ආදරය - ප්‍රේමය විවාහය දේදි කල්පනාකාරි විය යුතුය. රැවටිම් වලට ලක්වීමට ඉඩ ඇත. ඊට හැකියාව තිබේ.
දෙදෙනා අතර මතභේද - මතගැටුම් ඇතිවිමට ඉඩ ඇත.
තමන්ගේ මතයට අන් අය නම්මවා ගන්නට යෑමේදී ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික තත්වය වෙනදාට වඩා වියදම් වැඩිවිමටත් ආදායම අඩුවිමටත් ඉඩ ඇත.

 

-
● තුලා
06 වැන්නට රවි පැමිණේ.
අර්ශස් රෝග, උදරය සම්බන්ධ රෝගාබාධ ඇතිව සිටින අයට තරමක් පීඩාකාරි කාලයකි.
ඒ සම්බන්ධ නිසි වෛද්‍ය උපදෙස් ගැනීම යහපත්ය.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට පියවර ගැනිමට සිදුවෙයි.
අන් අය සමග තමන්ගේ ආර්ථික දුෂ්කරතා ගැන කීමට යෑමෙන් තමන්ට තවත් අවාසි විමට ඉඩ ඇත.
ආදරය ප්‍රේමය විවාහයෙදි තරමක් ප්‍රවේසම් විය යුතුය.
ගැටුම් නිර්මාණය වීමට ඉඩ ඇත. 



-
● වෘශ්චික
05 වැන්නට රවි පැමිණේ.
රැකියාවක් බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.
ආර්ථික තත්වය වර්ධනය කරගත හැකි කාලයකි.  එසේ වුවද ආදායමට වඩා වියදම වැඩිවිය හැකි බැවින් කල්පනාකාරිව වියදම කලමණාකරණය කරගත යුතුය.
නිවසේ කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවන කාලයකි.
පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් විසදාගැනිමට හැකියාව ලැබේ.
අලුත් ආදායම් මාර්ගයක් ගැන සිත යොමුකිරිමට හැකියාව ලැබෙන කාලයකි.



-
● ධනු
04 වැන්නට රවි පැමිණේ.
නිවාස අලුත්වැඩියා, පිලිසකර කිරිම් වැනි නිවාස සම්බන්ධ වැඩ කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවන කාලයකි. ඒ සම්බන්ධ වැඩ කටයුතු වලට වියදම වැඩිවන කාලයකි.
වියදම කළමනාකරණය කරගත යුතු වෙයි. නැතිනම් ණය ලබාගැනිමට සිදුවනු ඇත.
වෙනදාට වඩා පිලිවෙලට පිරිසිදුවට සිටිමට උත්සාහ දරණ කාලයකි.
මව් පාර්ශවය හෝ අම්මා සමග මතගැටුම් නිර්මාණය විය හැක.
තද තීන්දු තීරණ ගැනිමට සිදුවන කාලයකි.




-
● මකර
03 වැන්නට රවි පැමිණේ.
අලුත් ආදායම් මාර්ග උදාවන කාලයකි.
වෙනදාට වඩා ජවයකින් ශක්තියකින් ඉදිරියට යෑමට හැකියාව ලැබෙන කාලයකි.
නව රැකියා බලාපොරොත්තු අයට ඒ ගැන යහපත් කාලයකි.
සහෝදරයින් සමග මතගැටුම් නිර්මාණය විය හැක.
ආර්ථිකය තිබුනාට වඩා වර්ධනය කරගත හැකි කාලයකි.
ආදරය ප්‍රේමය විවාහයෙදි තරමක් අවබෝධයෙන් කටයුතු කල යුතු වන්නේ මතගැටුම් නිර්මාණය විය හැකි බැවිනි.


-
● කුම්භ
02 වැන්නට රවි පැමිණේ.
වියදම් තත්වය වැඩිවිමට ඉඩ ඇති කාලයකි.
ආදායම පහල බැසිමට ඉඩ ඇත. සැලකිලිමත් වන්න.
ඔබේ වචන නිසා අන් අයගේ සිත් රිදීම්, සබදතා බිදවැටිම් පවා විමට ඉඩ ඇත.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට පියවර ගැනිමට සිදුවන කාලයකි.
විවාහය සම්බන්ධව බලාපොරොත්තුව සිටි අයට ඒ ගැන බලාපොරොත්තු තබාගත හැකි කාලයකි. 

-
● මීන
ලග්නයට එනම්, 01 වැන්නට රවි පැමිණේ.
කලබල ගති වැඩිවන කාලයකි. එමනිසා ප්‍රශ්න ගැටළු නිර්මාණය විය හැක.
නව රැකියා බලාපො​රොත්තු වු අයට ඒ පිලිබද යහපත් බලාපොරොත්තු තබාගත හැක.
ආදායම් මාර්ග වර්ධනයට පියවර ගැනිමට සිදුවෙයි, වෙනදාට වඩා වියදම වැඩිවිමට ඉඩ ඇති කාලයකි.
තමන්ගේ කලබලකාරි ගති නිසා තම පවුලේ සමගියට බාධා පැමිණීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ හිසේ කැක්කුම් ඇතිවිමට ඉඩ ඇත. සැලකිලිමත් වන්න.


-
071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..


No comments:

Post a Comment