මෙය පොදු පලාපලයකි. කේන්දරය අනුව වෙනස් විය හැක.
-
● මේෂ
05 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
දරුඵල සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
හදිසි ධනලාභ වාසනාව තිබේ.
ආර්ථික තත්වය යහපත් වෙයි.
උසස් අධ්‍යාපනයට තිබුනු බාධා ඉවත් වෙයි.
සහෝදර සහෝදරයින්ගෙන් ලාභ ලැබෙන්නට පුලුවන.
-
● වෘෂභ
04 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
නිවාස පිලිබද ප්‍රශ්න ගැටළු නිරාකරණය කරගත හැක.
ගෙවල් දොරවල් පවිත්‍ර කිරිම්, අලුත්වැඩියා වලට වැඩිපුර කාලය ගත වෙනු ඇත.
ආර්ථිකය සම්බන්ධ ගැටළු නිරාකරණ්‍ය වන අතර, ආර්ථික තත්වය වෙනදාට වඩා දියුණු වෙයි.
නව රැකියා බලාපොරොත්තු අයට රැකියා ලැබේ.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග වලින් පරිස්සම් වන්න.
-
● මිථුන
03 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටින අයට ඒ සම්බන්ධව යහපත් කාලයකි.
නව ආදායම් මාර්ග වලට යොමුවිමට බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.
සහෝදර සහෝදරියන්ගෙන් ලැබීම් - උදව් තිබෙන කාලයකි.
ආර්ථික තත්වය වර්ධනය කරගත හැකි කාලයකි.
උසස් අධ්‍යාපනයේ නියැලෙන දරුවන්ට තිබුනු ගැටළු නිරාකරණය වන කාලයකි.
-
● කටක
02 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
වෙනදාට වඩා මුදල් වියදම් විය හැකි කාලයකි.
වියදමට සාපේක්ෂව මුදල් ලැබීමට ඉඩ ඇති කාලයකි.
නව ආදායම් මාර්ග වලට යොමුවිමට බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.
දුරබැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇති කාලයකි.
රැකියාවේ ගැටළුකාරි තත්වයන් පීඩාකාරි තත්වයන් ඇතිවිමටද යම් ඉඩක් ඇත.
-
● සිංහ
01 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
පෙර තිබුනු වියදම් තත්වයන් අඩුවීමට ඉඩ ඇත.
වියදමට සාපේක්ෂව ආදායම වැඩිවන කාලයකි.
නව ආදායම් මාර්ග වලට යොමුවිමට සිතන කාලයකි.
අසල්වාසීන්ගේ සහ යාළු මිත්‍රාදීන්ගේ උදව් උපකාර ලබාගත හැකි කාලයකි.
මංගල යෝග උදාවන කාලයකි. ඒ සම්බන්ධ වැඩිපුර උනන්දු වන කාලයකි.
්ආදර සබදතාවලට යහපත්ය.
-
● කන්‍යා
12 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
වියදම් වැඩිවිය හැකි කාලයකි.
ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කල යුතු කාලයකි.
පවුල් ආරවුල් ඇතිවිමට, පවුලෙන් දුරස් වීමට ඉඩ ඇති කාලයක් බැවින් බුද්ධිමත් වන්න.
දුරබැහැර ගමන් බිමන් වල යෙදෙන කාලයකි. අවිවේකී වීමට ඉඩ ඇත.
-
● තුලා
11 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
ප්‍රේම සබදතා වල තිබුනු බාධා ප්‍රශ්න විසදාගැනිමට ඉඩ ලැබෙන කාලයකි.
( ලග්නාධිපති සිකුරු 07 වැන්නේ සිටි)
වැඩිහිටියන්ගේ කැමැත්ත ප්‍රේම සබදතා වලට ලැබෙන කාලයකි.
නව ආදායම් මාර්ග වලට යොමුවිමට සිතන කාලයකි.
හවුල් ව්‍යාපාර කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට යොමුවිමට සිතන කාලයකි, ඒ සම්බන්ධ වාසි අත්කරගත හැකි කාලයකි.
-
● වෘශ්චික
10 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
දුරබැහැර ගමන් බිමන් යෙදෙයි. ඒ සම්බන්ධ කටයුතු වලදි වාසි අත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
නව රැකියා බලාපොරොත්තුව සිටි අයට රැකියා ලැබේ.
ගර්භාෂ්‍ය සම්බන්ධව ලෙඩ රෝග ඇතිවිමට ඉඩ ඇත.
වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කටයුතු කිරිම තුල අන් අයගේ සිත දිනාගැනිමට හැකියාව ලැබෙනු ඇත.
විදේශ ගමන් බලාපොරොත්තුව සිටි අයට යහපත් කාලයකි.
-
● ධනු
09 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
ඒ සම්බන්ධ ගැටළු - ප්‍රශ්න විසදා ගැනිමට හැකියාව ලැබේ.
විවාහ කටයුතු ස්ථිර විමට ඉඩ ඇති කාලයකි.
ගමන් බිමන් අධික වෙයි.
සහෝදර සහෝදරියන් සමග කටයුතු කිරිමේ ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
-
● මකර
08 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
ආර්ථිකය තරමක් පීඩාවට පත්විමට ඉඩ ඇත, ආර්ථිකය කඩා වැටිමට ඉඩ ඇත.
පෙර තිබුනු සුභදායක තත්වයන් තරමක් අඩුවනු ඇත.
නව රැකියා බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි. ඒ සම්බන්ධ සම්මුඛ පරික්ෂණ වලට සහභාගි විමට ඉඩ ලැබේ.
ගෘහ ජිවිතය තුල ගේ දොර ඉඩකම් ගැන ගැටළු ඇතිවිමටද ඉඩ ඇත.
-
● කුම්භ
07 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
මංගල යෝග උදා වෙයි. පවුල් කටයුතු වලට යහපත් කාලයකි.
කලබලකාරි ගති වැඩිවන කාලයක් බැවින් ගැටළු ඇතිවිමට යම් ඉඩක් ඇත.
වියදම් තත්වය අධික වෙයි.
දරුවන්ගෙ කටයුතු වෙනුවෙන් වැඩිදුර වෙහෙසීමට සිදුවන කාලයකි.
වචන භාවිතයෙදි අන් අය සමග ගැටුම් නිර්මාණය විය හැකි බැවින් අවදානමත් වන්න.
-
● මීන
06 වැන්නේ සදු සිටි. සදු + කේතු යෝගයක් ඇති වෙයි.
සතුරු පීඩා ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික තත්වය තරමක් කඩා වැටිමට ඉඩ ඇත.
ප්‍රශ්න ගැටළු නිර්මාණය විය හැක. අන් අයගේ ප්‍රශ්න වලට මැදිහත් වීමට සිදුවිම තුලින් ඔබගේ ආර්ථික තත්වය කඩා වැටිමට ඉඩ ඇත.
රැකි රක්ෂා කරන අයගේ රැකියා ස්ථානයේ ගැටළු නිර්මාණය විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
ආදායමට වඩා වියදම වැඩි වෙයි.
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
No comments:
Post a Comment