Monday, March 9, 2026

〖 කිරි අම්මා දානය 〙

❂ මුලින්ම කිරි අම්මා දානයට කිරි අම්මාවරුන්ට දින 05කටවත් පෙර බුලත් දී ආරාධනා කල යුතුය.
ඒ කිරි අම්මාවරු 07, සිල්වත් - ගුණවත් - චරිතවත් - වැදගත් මිනිස්සු විය යුතුය.
❂ පොඩි දරුවෙකුට දානය දෙන්නේ නම් කිරි දෙන අම්මාවරු කීපයක්ද කිරි අම්මලා 07ට හෝ සිල් ගන්නා වයසක අම්මාවරු 07 ද හොදයි.

කිරි අම්මා දානයට සුදානම් විය යුතුය.

❂ නොඉදුල්ව - පිරිසිදුව දානයේ සියලු කටයුතු කල යුතුය.

❂ කිරිබත්, කිරිකැට, මුං ඇට මිශ්‍ර කැවුම්, අතිරස මේ පස් වර්ගය මූලිකව ගනි.
❂ කිතුල් හකුරු සහ ඇඹුල් කෙසෙල් වර්ග කීපයකින් ගත යුතුය.
❂ පලතුරු 07 වර්ගයක් අවශ්‍යයි. එහිදි අඹ සහ උක්දඩු විශේෂය ( ගස්ලබු ගන්නේ නැත)

❂ අඹ, උක්දඩු ඇතුළු අන්නාසි යනාදිය සහිතව පලතුරු 07 වර්ගයක් ගත යුතුය.

❂ ඒ සියල්ල පිරිසිදුව සාදා මුලින්ම බුද්ධ පූජාව තැබිය යුතුය.

❂ ඊටපසුව දේව පූජාවටද 07 වර්ගයෙන්ම තැබිය යුතුය. හකුරු කෑල්ලක්ද තැබිය යුතුය.
❂ කෙසෙල් ගෙඩි ඇඹුල් කෙසෙල් ගෙඩි විය යුතුය.
❂සුවද දැහැත්වට්ටියක්ද තැබිය යුතුය.
❂ කාසි වර්ග 07ක්.
එකම වර්ගයෙන් කාසි 07ක් පුජා වට්ටියට තබා පත්තිනි පිලිරුවක් ඉදිරියේ තැබිය යුතුය


❂ පලතුරුද - කැවිලි පූජා සියල්ල පත්තිනි දේව රූපය ඉදිරියේ තබා පූජා කල යුතුය. 

❂ තැඹිලි ගෙඩියක ඇස්ස කපා, හතරැස් කැටයක් සේ කපා, ඒකෙන් වසා, පලතුරු පූජා වට්ටිය මැද තැබිය යුතුය.
වටේට පලතුරු තැබිය යුතුය.
තැඹිලි ගෙඩියේ වතුර තමයි​ බොන්ට තියෙන වතුර.

❂ කිරි අම්මාවරු 07 දෙනාම ඉතාම උදය කාලයේ පැමිණිය යුතුය.
❂ උදය 03ට පමණ පැමිණිය යුතුය. 07ම එකතුව නිවස අසලට ආවාම,
❂ නිවසේ අම්මා ගොස් විමසිය යුතුය, කිරිඅම්මලා 07 ඇයි වැඩියේ කියල.
❂ එත​කොට කිරි අම්මා කෙනෙක් උත්තර දිය යුතුයි අපිට දානයට ආරාධනා කලා ඒනිසයි අපි වැඩියෙ කියල.
❂ හා මම තමයි ඒ දානය දෙන්නෙ. වඩින්න කියල ආරාධනා කල යුතුය.

❂ දෙපා සේදිය යුතුය. දෙපා පිසදා පිරිසිදුවට සුදු රෙදි එලාපු ආසන වල 07ට ඉඩකඩ ඇතිව වාඩි වෙන්නට සැලසිය යුතුය.
❂ කිරි අම්මලා පිරුවට ලේන්සුවක් ගෙන එනවා. ඒ පිරුවට ලේන්සුව ඉස්සරහින් එලා ගත්විට ඒකට තවාපු කෙසෙල් කොලයක් ( අළුකෙහෙල් කොළයක් නොව) එළලා තබනව.
ඒ මතට කෑම බෙදනවා.
❂ කිරිබත් කෑලි 07, කිරි කැට කෑලි 07, මුංඇට මිශ්‍ර කැවුම් 07, අතිරස කැවුම් 07, ඇඹුල් කෙසෙල් ගෙඩි 07, කිතුල් හකුරු කෑල්ලයි.
❂ පඩුරු 07 ගානේ 07ට තැබිය යුතුය.
❂ සුවද මිශ්‍ර දැහැත් වට්ටිද 07ට ලබාදිය යුතුය.
කපුවෙක් හෝ කිරි අම්මා දානය ලබාදෙන ගැහැණු කෙනෙක් ලවා මේවා කරවිය යුතුය.
❂ ආතුරයා රැකදෙන්ට කියා කන්නලව් කිරිම යනාදිය එම තැනැත්තා කල යුතුය. ආශිර්වාද කල යුතුය. කන්නලව් කල යුතුය. සෙත් කවිද කිව යුතුය.

❂ කිරි අම්මාවරු එනවිට, මල් වට්ටියක් සහ පොඩි මුට්ටි වලට පුරවපු පොල්කිරි මුට්ටි 07 , කිරි අම්මාවරු 07ට ලබාදිය යුතුය.
❂ ගෙදර අලුත් මුට්ටියක් තබා, කිරි ඉතිරි වීමට සකසා තැබිය යුතුය, ඒ මුට්ටියට කිරි අම්මාවරු 07ට දුන් පොල්කිරි මුට්ටි 07 වත්කල යුතුය. ගෙදරින් සකසා තබාගත් ඉතිරි පොල්කිරිද සමග ගින්දර සමග කිරි උතුරවා ගත යුතුය.

❂ ඊටපසුව කිරි අම්මාවරු 07 තේ - කෝපි වැනි දෙයක්ද ලබාදෙයි.
❂ ඉන්පසු ඒ කිරි අම්මාවරු ආශිර්වාද කර යයි.

❂ පහන් 07ක්, මල් සහ සුවදකූරු සමග එලියේ තැබිය යුතුය. එම පහන් 07 කිරි අම්මාවරු විසින් නිවසෙන් පිටව යද්දි නිවාගෙන යා යුතුය.
( මුලු පහන් ගණන 09කි. බුදුන්වහන්සේට පහන් 01, පත්තිනි මෑණියන් පිලිරුව ඉදිරිපිට පහන් 01, කිරි අම්මාවරු 07ට පහන් 07)

❂ කිරි අම්මලා 07ට තමන්ට සතුටු දෙයක් දානයක් ලෙස පැහැදුනු සිතින් ලබාදීමද සිදු කිරීම වටී !!!

-

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..



 

No comments:

Post a Comment