Tuesday, September 29, 2015

සතියේ ලග්න පලාපලය - සැප් 29 සිට

● මේෂ
සුභ සතියකි.
චන්ද්‍රයා මේෂ රාශියේ සිටියදී ඇරඹෙන ලෙස මෙම සතිය සකසා ඇත. මෙයින් ඔබගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන බව නොඅනුමානයි. විශේෂයෙන්ම කිව යුතුයි,
ආදායම් තත්ව වැඩි දියුණු වේ. කරන කියන කටයුතු වල හොඳ දියුණුවක් ඇතිවේ. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයට සහ රැකියා කරන අයට සුබයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. මේ සතියෙදි දුවාදරුවන් සමග දුර බැහැර ගමන් යාමට විනෝද විමට අවස්ථාව ලැබේ. නිවසට අවශ්‍ය කරන යම් යම් දෑ මිලදී ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, අසනීප ආදියෙන් පරිස්සම් වන්න.

● වෘෂභ
සමඵලයි.
සතියේ මුල් දවස් 2දී ඔබට ආර්ථික පාඩු, අලාභ ඇතිවිමට ඉඩ තිබේ. එසේම එම දවස් 2 ඇතුලත දුන් මුදලක් ආපසු ගැනීමට අපහසු වීම, එසේම ණය තුරුස් වලට හසුවිමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ඉන්පසු සතිය ඔබට හොදයි.
ගෘහ ජිවිතය සම්බන්ධව පාඩු අලාභ, කරදර නොමැත. එසේම මේ සතියෙදි දරුවන් වෙනුවෙන් යම්කිසි දෙයක් කරගැනීමට පුලුවන්. සතිය අගදී ඥාති හිතමිතුරන් ඔබ සොයා පැමිණේ.
සෞඛ්‍ය තත්වය හිසේ අමාරු, පපුවේ සෙම ගතිය සඳහන් කල හැක.


● මිථුන
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපය ඔබට ඉතාම වාසි සහගත තත්වයක් පෙන්වයි. ආදායම් මාර්ග, එසේම හදිසි ධනලාභයකටද හේතුයි. දේපල උරුමහරුමකම් ලැබිය හැක. ඔබට ඉතාම හොදයි. සතිය අගදී පවුලේ ඥාතියෙකුගෙන්ද උදව් උපකාර ලැබීමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන මෙම සතියෙදි අලුත් හිතමිත්‍රකම් ගොඩනැගෙනවා මෙන්ම ප්‍රේම සබදතා වලට මුල පිරෙනවා ඇත. එසේම ඔබට මංගල යෝජනාද එයි. සිත ප්‍රීතියෙන් තිබෙන මෙම කාලයෙදි ඔබට බොහෝදේ කරගත හැක.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. ලිස්සා වැටිම්, අතපය උලුක්කු වීම් ආදියෙන් පරිස්සම් වන්න. විශේෂයෙන්ම ශල්‍යකර්ම වලට භාජනය වූ අය, වාත අමාරු ඇති අය පරිස්සම් වන්න.


● කටක
ඉතාම ශුභයි.
ලග්නාධිපති උච්ච වෙන මේ සතියෙදි ආදායම ගැන ගැටළු නැත. ධන යෝග හිමි වේ. කරන කියන කටයුතු දියුණු වේ. මුදල් ලැබේ. ව්‍යාපාරයට ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් අතහිත ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙයි. තමාගේ ඥාති හිතමිතුරන් නිවසට එන සතියකි. ඔබටද ප්‍රේම සබදතා සඵල වන, මංගල යෝජනා ඇතිවන මේ සතියෙදි දුරබැහැර ගමන් යාමට අවස්ථාව ලැබේ.
සෙම් රෝග ආශ්‍රිත අසනීප වලින් පරිස්සම් වන්න. කුඩා දරුවන් ජලය ආශ්‍රිත කටයුතු වලින් සහ ජලය ආශ්‍රිත රෝග වලින් රැකගන්න.


● සිංහ
ඉතාම සුභ සතියකි.
ආදායම් මාර්ග වැඩි දියුණු වෙන්නේ පෙර පිනටය. පවුලේ උසස් අයගෙන් උදව් උපකාර ලැබෙනවා මෙන්ම විදේශගත හිතවතුන්ගෙන්ද මුදල් ලැබිමට වාසනාව පවති. එසේම උරුමහරුමකම් ලැබෙන මේ සතියෙදි තමන් කලින් දුන් දෙයක් නැවත මෙම කාලයෙදි ලැබීමට ඉඩ තිබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොඳයි. වැඩිහිටියන් සමග වන්දනා ගමන් ආදියේ යෙදීමටද පුලුවන්. සතිය මැදදී අතමිට කාසි පනම් ලැබෙන නිසා සිත ප්‍රීතියෙන් පිරෙනවා වගේම ප්‍රිය සම්භාෂණ වලටද සහභාගි විමට ඉඩ තියෙනවා.
සෞඛ්‍ය ගැන ප්‍රබල ගැටළු නැහැ, නිදන්ගත රෝග ඇති අය ඒවායින් ආරක්ෂා වන්න.


● කන්‍යා
මේ සතිය සමඵලයි.
සතියේ මුල් දින 2-3 කාලය මානසිකව වැටිම නිසා, ආදායම් තත්ව අඩාල විය හැක. සතිය මැදදී සහ අගදි මේ තත්වයන් දුරුවේ. ව්‍යාපාරික කටයුතු වලට රැකියාවේ කටයුතු වලට සතිය මැද සහ අගදි හොදයි.
ගෘහ ජිවිතය ගැන ගැටළු නැහැ. සතියේ මුල් දින කීපයෙදි යම් ගැටළු තිබුනත් ඒවා විසදෙනු ඇත, විශේෂයෙන්ම අඹුසැමි ගැටළු. ඉදිරිය වාසනාවන්තයි.
සෞඛ්‍ය තත්වය - සෙම් රෝග, උදරාබාධ වලින් ආරක්ෂා වන්න.


● තුලා
සමඵලයි.
සතියේ මුල් දවස් 2-3දි කරන කියන කටයුතු වල දියුණුවක් තිබුනත් ඉන්පසු ප්‍රබල බාධක මතුවිමට පුලුවන්. විශේෂයෙන්ම වෘත්තිය ජිවිතයේ සතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. එසේම ඔබ ආරක්ෂා විය යුතුයි, දෙපිටකාට්ටුවන්ගෙන්. එනම් වෘත්තියට හෝ රැකියාවට සතිය මැදදි ප්‍රබල හතුරුකමක්, විරෝධයක් එල්ලවිමට පුලුවන්, ඒ ගැන අවධානයෙන් සිටින්න.
ගෘහ ජිවිතය එතරම් වරදක් නැහැ. මේ සතියෙදි මංගල යෝග උදා වෙන්නට ඉඩ තියෙනවා. සතිය මැදදී යම් යම් ගැටළු සහගත තත්වයන් මතුවිමට පුලුවන්  ඒ සම්බන්ධව මධ්‍යස්ථව සිතා බුද්ධියෙන් කටයුතු කිරිමට සිතට ගන්න.
සෞඛ්‍ය තත්වය - සෙම් අමාරු සහ නිදන්ගත රෝග ඇති අය ඒවායින් ආරක්ෂා වන්න. විශේෂයෙන්ම දරුවන් ලැබිමට සිටින මව්වරුන් ආරක්ෂා විය යුතුයි.


● වෘශ්චික
එතරම් සුභ නැහැ.
ආර්ථික තත්වයේ ප්‍රබල විචල්‍යයක් පවති. කරන කියන කටයුතු වල ප්‍රබල බාධක මතු වේ. හවුල් ගනුදෙනු කරුවන් විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුයි. එසේම ඔබ ණයට ගැනීම සහ ණයට දීම මේ සතියෙදි කරන්න එපා.
ගෘහ ජිවිතය ප්‍රබල බාධක මැදින් ගත වේ. අඟහිඟකම් මතුවේ. අඹුසැමියන් අතර යම් යම් ප්‍රශ්න ඇතිවිය හැක. සතියේ මුල් දවස් 2-3 කාලය ඉතාම ඉවසිමෙන් කටයුතු කල යුතුයි.
සෞඛ්‍ය තත්වයේ, නිදන් ගත රෝග ඇති අය පරිස්සම් වන්න. උදරාබාධ, අජීර්ණ රෝග ආදියද ඇතිවන්නට හේතුයි.



● ධනු
මේ සතිය සාමාන්‍ය සතියකි.
ඔබටද සතිය මැදදී ධන හානි සිදුවිය හැකියි. විශේෂයෙන්ම ණය තුරුස් ගනුදනෙු වලදි ප්‍රවේසම් වන්න. ඔබගේ ව්‍යාපාරික කටයුතු වලදි ප්‍රබල හොර මැරකම්, අක්‍රමිකතා - දූෂණ සිදුවිය හැකියි. ඒවායින් ආරක්ෂා වන්න.
ගෘහ ජිවිතය සතියේ මුල් දවස් 2-3දි ප්‍රශ්නයක් නැත. දරුවන් සම්බන්ධව යම්කිසි දෙයක් කරගැනිමට පුලුවන්. නමුත් ඉන්පසු අඟහිඟකම් මතුවිමට පුලුවන්. නමුත් ඔබගේ ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. සතිය අගදී මංගල යෝග උදාවේ, අවිවාහක අයට සිතේ සැනසුම ගෙන දෙයි. හොද සතියක් වේ.
සෞඛ්‍ය තත්වය විශේෂයෙන්ම උදරාබාධ සතිය අගට වන්නට සෙම් රෝග, ජලාශ්‍රිත රෝග වලි්න් ආරක්ෂා විය යුතුයි.



● මකර
ශුභ සතියකි.
ඔබට මේ සතියෙදි තමා කාලයක් බලාපොරොත්තු වූ දේවල් ලැබේ. එසේම මේ සතියෙදි උරුමහරුමකම් ලැබේ. ව්‍යාපාරික කටයුතු වල නියුතු අයට මූල්‍ය උපකාර ලබාගැනිමට පුලුවන්. එසේම තමාගේ වාසනාව පෑදෙන මේ සතියෙදි හදිසි ධනලාභද හිමි විය හැක.
ගෘහ ජිවිතය ප්‍රිතිමත්ව ගත වේ. නිවසට අලුත් බඩු බාහිරාදිය මිලදී ගැනීමට පුලුවන්. එසේම තමාගේ ඥාති මිත්‍රයන් සමග සුහද ඇසුරකට මුල පිරෙන මේ සතියෙදි අලුත් හිතවත්කම් ගොඩ නැගේ. විවාහ ස්ථානාධිපති උච්ච වන මේ සතියෙදි මංගල යෝග උදාවි විවාහක අයට යුගදිවි සැපත උදා වේ.
උදරාබාධ ගැන ප්‍රවේසම් විය යුතුයි. පපුවේ සෙම ගැනද එසේමයි.



● කුම්භ
ඉතාම සුභ සතියකි.
සතිය මුළුල්ලේම එක දිගට පෙනෙන වාසනා ගුණයක් නිසා කරන කියන ව්‍යාපාරික කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේ. එසේම ඒවාට අතහිත ලැබේ. එසෙම මේ සතියෙදි බිස්නස් කන්සෙප්ට් මතු වේ. එසේම ව්‍යාපාර කටයුතු කරන ඔබට ඒවා පුළුල් කිරිමේ හැකියාව ලැබේ. ඔබටද උරුමහරුමකම් ලැබේ. ඉතාම හොද සතියකි.
ගෘහ ජිවිතයද ඉතාම හොදයි. නිවසට අවශ්‍ය කරන සුඛෝපභෝගි භාන්ඩ මිලදී ගැනීමට පුලුවන්. ඔබට විදේශ සංචාරද මේ සතියෙදි හිමි වේ. දුරබැහැර ගමන් වලින් සතුට මෙන්ම ආදායමද ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා විය යුතුයි.

● මීන
ඉතාම හොඳ සතියකි.
තමාගේ කරන කියන කටයුතු දියුණු වන මේ සතියෙදි, කාලයක් තමාගේ හිතේ තිබු බලාපොරොත්තුවක් ඉෂ්ට වේ. රැකියා කරන අයට උසස් වීම් ලැබෙන කාලයකි. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල නියුතු අයට අලුත් අවස්ථාවන් දියුනු විමට ලැබේ. පිට පලාත් වල සංචාරයටද අවස්ථාව හිමි වේ.
මේ සතියෙදි දරු පවුල සමග ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වයි. ඥාති හිතවත්කම් ඉතාම ප්‍රබලව ගොඩ නැගෙන මේ සතියෙදි මංගල යෝග උදා වේ. පෙම් සබදතා වලට වැඩිහිටියන්ගේ ආශිර්වාද උදා වේ. මංගල යෝගද උදා වෙන නිසා හොද සතියකි.
සෞඛ්‍ය සම්බන්දව නම් සෙම් රෝග සහ ජලාශ්‍රිත බෝවන රෝග වලින්ද පරිස්සම් වන්න.

Monday, September 28, 2015

මෙත් වැඩීමේ වටිනාකම කියාදෙන “කරණීය මෙත්ත සූත්‍රය “

බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ සියලු සත්වයන්ට මෛත්‍රී වැඩීමේ වටිනාකම පහදා දීමටයි. මෙම සූත්‍රය ආරක්‌ෂාවට කියන පිරිතක්‌ මෙන්ම භාවනා කර්මස්‌ථානයක්‌ වශයෙනුත් හැඳින්විය හැකියි.
සියලු කල්හි ආරක්ෂාව සැලසෙන බැවින් බෞද්ධ-අබෞද්ධ සියලුදෙනාට භාවිත කල හැකි පිරිත් රත්නයකි.
1) කරණීය මෙත්ත කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි
(ශාන්ත තත්වයට පැමිණීමට කැමති කෙනා කල යුත්තේ කුමක්ද ?
දක්ෂයා එය කටයුතු කලයුතුය. සමර්ථ විය යුතු අතර, අවංක, කීකරු, මුදු, නිහතමානි ගතිගුණ වලින් යුක්ත විය යුතුය.)

2)
සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

(සිතේ සතුට ඇත්තෙක් වන්නෙය. පහසුවෙන් පෝෂණය කල හැකි කෙනෙක් වේ. කටයුතු ස්වල්පයක් ඇති අයෙක් වේ. සැහැල්ලු ගති ඇති, සන්සුන් ඉඳුරන් ඇත්තෙක් වේ. ප්‍රඥාවන්ත වේ. හැඩි දැඩි නොවේ, කුලයන්හි නොඇලේ)

3)
නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

(නුවණ ඇති අය විසින් නින්දා කරන කුඩා වරදක් පවා නොකරන්නෙය. සියලු සත්වයන් භය නැත්තෝ වේවා. සියලු සත්වයන් සුවයෙන් පිරුණු සිත් ඇති අය වේවා)

4)
යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා

(කෙලෙස් සහිත සත්වයෝද, කෙලෙස් රහිත සත්වයෝද යන සියලු ප්‍රාණ භූත සත්ව කෙනෙක් වෙ දික්වූ හෝ මහත්වු හෝ මධ්‍යම හෝ කුඩා සිරුරක් අත්තාවූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වූ සත්වයෝ වෙත්ද)

5)
දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

(ඇසට පේන්නාවු හෝ නොපෙන්නාවු සත්වයෝ වෙත්ද, සත්ව කෙනෙක් දුර හෝ ලග සිටිද, උපන්නාවු සත්ව කෙනෙක් වෙත්ද, ඉපදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත්ද)

6)
නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

(වෙන කෙනෙක් නොරවටන්නේය. කිසිතැනක අන්අයට අවමන් නොකරන්නේය. කය-වචනය 2න් කරන දෝෂාරෝපණ, සිතින් කරන ක්‍රෝධයෙන්ද ඇතිවන දුක් නොකැමති වන්නේය.)

7)
මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං

(මවක් තම පුතා රකින්නා සේ සියලු සතුන් කෙරේ මෛත්‍රි සිත වඩන්නේය.)

8)
මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං

( පමණ රහිත, පීඩා රහිත වෛර චේතනා රහිත වූ, සතුරන්ට රහිත වූ මෛත්‍රියද උඩ යට සරස යන සියලු ලෝකයෙහි වඩන්නේ්ය.)

9)
තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

(මෛත්‍රිය සිටගෙන සිටින විට, ගමන් යන විට, හිඳගෙන සිටින විට හෝ නිදමින් සිටින විට නොනිදා සිටිනතාක්කල් වඩන්නේය.)

10)
දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

( මිථ්‍යාදෘෂ්ටියට පත් නොවි, සේවාන් මාර්ග ඥාන දර්ශනයෙන් යුතුවී වස්තු වලට ගිජුබව/ක්ලේශකාමය, සකෘදාගාමි, අනාගාමි මාර්ග 2න් ප්‍රහීන කොට ඒකාන්තයෙන් මව්කුස පිලිසිද ගැනිමට නැවත නොපැමිනෙන්ය)

Iru Astrology

Sunday, September 27, 2015

දෙවියනි ඔබ කොහිද ???

අපගේ මාතෘකාව ජනප්‍රිය පාඨයකි.
දුක් කරදර සිදු වෙද්දි බොහෝ අයගේ සිතට නැගෙන දෙයකි.

මුලින්ම දෙවියන් කවුද කියා අප දැනගත යුතුය.
දේවත්වයට පත්වන්නේ තමන්ගේ කර්ම ශක්තිය  අනුවය. එනම් මෙලොවදි හොඳින් පින්කම් කල අය මරණින් මතු දිව්‍ය ලෝකයේ උපදිති. එම කුසල් ශක්තිය අනුව බොහෝ කාලයක් දිව්‍ය සැප විඳිමින් කල්ගත කරති.

● අපගේ ගෞතම බුදුන්වහන්සේටත් පෙර සිටි බුදුවරුන්ගේ කාල වල ධර්මය අසා සෝවාන් වූ දෙවිවරු, දහම දන්නා දෙවිවරු තාමත් දිව්‍ය ලෝක වල සිටිති.
එනම් දෙවිවරුන්ට ධර්මය ගැන අවබෝධයක් ඇත. කර්මය ගැන අවබෝධයක් ඇත.
එසේම දහම රැකගන්නට මූලිකව කටයුතු කරන්නේද දෙවියන් විසිනි.
( බුදුන්වහන්සේගේ පිරිනිවණ සමග වසර 200කට පසු මිථ්‍යාදෘෂ්ටිකයන් විසින් දහම විනාශ කරද්දි අදාල සර්වඥ ධාතුන්වහන්සේලා රැකගැනිමට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් කරන ලද විශ්මිත කටයුත්ත පැහැදිලිව ධර්ම පොත් වල ඇත)

● සරලව කිව්වොත් දෙවිවරු අපට වඩා උසස් මානසික ශක්තියක් ඇති පිරිසකි.
දෙවිවරුන්ගේ දිව්‍යශ්‍රීය, දිව්‍ය සැප සහ හැකියාවන් තම තමන්ගේ කර්ම ශක්තිය අනුව වෙනස් වේ.

● මූලිකව කිව යුතු දෙයක් වන්නේ මුළු ලෝකයටම අදාල සමස්ත දේව මණ්ඩලයම වෙනදාටත් වඩා ධාර්මික බවයි.
දෙවියන් අපගෙන් බලාපොරොත්තු වන දෙයක් ඇත්නම්, ඒ සිල්වත් ගුණවත් ජිවිතයක් ගත කිරිමය. පින්/කුසල් නිවරදිව කිරීම සහ ඒ කුසල් දෙවියන්ටත් අනුමෝදන් කිරිමය.
(දෙවියන් අපගේ පින් මත යැපෙන පිරිසක් නොවේ. නමුත් අපගේ පින් වලින් ඔවුන්ට යහපතක් කරන්නට අපට හැක)

* දෙවියන්ට පින් අනුමෝදන් කිරිමෙදි දෙවියන්ගේ නම සිතින් සිහිකර මෙම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා කියා කිව්වාම ඇතිය.

සමහර තැනක දෙවිවරුන්ගේ නම් භාවිත කරමින් විවිධාකාර මන්ත්‍ර යනාදිය ගැන කිව්වද ඒ කිසිවකට දෙවියන්ගේ ඍජු දායකත්වයක් නැත. සමහරවිට අදාල දෙවියන්ගේ පරිවාර සේනාවේ සිටින භූත, ප්‍රේත හෝ අවශේෂ අමනුෂ්‍යයෙක් එම කටයුත්තේ සිටින්නට හැක. එසේ වුවද ඔය බොරු විච්ඡූරණ වැඩ වලට දෙවිවරු සම්බන්ධ නැත. එය අප අත්දැකීමෙන් දන්නා දෙයකි.

● එසේම, අප විසින් දෙවි කෙනෙකු ගැන කියන අවස්ථාවල බොහෝමයක් අය ඒ දෙවියන්ට වදින ගාථාව ඉල්ලති. ඒ දෙවියන්ට පිහිට ලැබෙන්නට කටයුතු කරන්නට සිතති.
දෙවිවරුද තමන්ට ආශිර්වාද කරන්නට නම් එයටත් පිනක් තිබිය යුතුය. තමන්ට පෙර ආත්ම භවයක ඥාතිවයක් තිබෙන දෙවි කෙනෙක් නම් ආශිර්වාද කිරිමේ වැඩි ඉඩක් පවති. එසේම පෙර ආත්ම භව වල සිට වැඳුම් පිදුම් කලා නම් ඉඩක් පවති. - ඒ හැර හදිසියේ ගාථා කිව්වා කියා දෙවිවරු ආශිර්වාද කරන්නේ නැත.

ආශිර්වාද කරද්දි මූලිකව සිතන කරුණක් නම්, සිල්වත් ගුණවත්ද යන්නය..

● පසුගිය කාලයේ අප රටේ සමහර දේශපාලනඥයන්ව විවිධාකාර පුද්ගලයන් විසින් රවටා තිබුනේ ඔබට මේ දෙවියන් කැමතිය ඒනිසා මේ තරම බලයක් තිබේ කියාය.
එසේ ප්‍රේතයන්ගේ භූතයන්ගේන පේන බැලූ අය කියූ අනාවැකි බොරු බව පසුගිය කාලයේ අපට සාක්ෂාත් විය. තේරුම් ගත යුත්තේ යමෙක් දහමට පිටින් කටයුතු කරයිද එවන් අයට දෙවිවරු ආශිර්වාද නොකරන බවයි.

තවද මහා ලොකු පුද පඬුරු, පූජා වට්ටි වලින් දෙවියන් රැවටිය නොහැක.

● එසේම, පසුගිය කාලයේ සහ නිතිපතා සිදුවන අපරාධ, හදිසි අනතුරු ආදියට මූලික හේතුව එ් ඒ පුද්ගලයන්ගේ තිබෙන කර්ම ශක්තියයි. එසේම වැරදි තීරණ ගැනීමද හේතුවකි.
උදාහරණයකට සියලුම දෙනා කම්පා කල සේයා දියණියගේ ඝාතනයෙදි දෙමාපියන් දරුවන් ගැන තවත් සැලකිලිමත් වූවා නම් එම දරුවාට එසේ නොවන්නට යම් ඉඩක් තිබින.
දියණියගේ කේන්දර සටහන විග්‍රහ කරමින් අප දන්නා ජෝතිර්වේදි මහතුන් යම් විග්‍රහයන්ද කර ඇති බව අප දුටු අතර, එයින්ද දරුවාට යම් අකුසල කර්මයක් විපාක දී ඇති බවක් අපට සිතින. කෙසේ වුවද ඒ ගැන අප විසින් විග්‍රහ දීමට නොයන්නේ එය තව තවත් සිත දුකට පත් කරවන සිද්ධියක් නිසාවෙනි.
(සැබවින්ම එවන් දේවල් අසන්නට ලැබීමත් අප සියලුදෙනාගේම පවකි)

● විශේෂයෙන් කිව යුත්තේ, කොටසක් දෙවියන් අනවශ්‍ය ලෙස විශ්වාස කරමින් අන්ධ විශ්වාසයෙන් කටයුතු කරන අතර, කොටසක් දෙවියන්ට ගරහමින් දෙවිවරු බොරු යනාදි ලෙස කියමින් සිටිති.
අන්ධ විශ්වාසයෙන් සිටින අය සිතන්නේ ගරහන අයට දෙවියන් දඬුවම් කරාවි, කල යුතුය කියාය.
නමුත් දෙවිවරු කාගේවත් කර්ම ශක්තිය වෙනස් කරන්නට කටයුතු කරන්නේ නැත.

* බොහෝදෙනෙක් නොදන්නා කාරණය එයයි. දෙවියන් කරන්නේ අදාල කර්ම ශක්තියට අනුව යම් ආශිර්වාදයක් කිරිමය. නැත්නම් වැරදි කර කර්මය ඵල දෙන්නට නියමිත අය විසින් තවත් අකුසල් කරගනිමින් කරන්නට යන විනාශයන් වැලැක්වීමයි.
(පසුගිය කාලයේ සමහර දේශපාලනඥයන්ට වූ දේවල් සමග මේ ගැන දන්නා අය දන්නවාය)


● සෑම දෙනාටම ඉෂ්ට දෙවිවරු සිටින අතර, එම ඉෂ්ට දෙවිවරුන්ට දිනපතා මලක්, පහනක් පූජා කිරිමෙන්, විශේෂයෙන් කරන පින් “ මගේ ඉෂ්ට දෙවිවරුන්ට අනුමෝදන් වේවා “ , මේ පින් සියලු දෙවියන්ට අනුමෝදන් වේවා යනාදි ලෙස කටයුතු කිරිමෙන් දෙවියන්ගේ ආශිර්වාදය කාට වුවද ලැබෙනු ඇත.
ඔබ නිර්මාංශික නම්, එයද විශේෂ දෙයකි.

ඒනිසා අප විසින් සිතට ගත යුත්තේ, දෙවිවරු යනු තම කර්ම ශක්තිය මත උදව් කරන අය මිස, සර්ව බලධාරින් නොවන බවයි.
තමන් යහපත් නම්, සිල්වත් - ගුණවත් නම් දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබාගත හැක.

** දෙවියන් සිටිනවාද නැද්ද කියා විශ්වාස කල යුතුම නැත. තමන් ජිවිතය හරියට ගත කල යුතුය කියන තැන සිට ජිවත් උනාම ඇතිය.
ඔබ යහපත් නම් කවදා හෝ දිනක ඔබට යහපත උදාවනු ඇත. ඔබ අයහපත් නම් එසේම විපාක ලැබෙනු ඇත.

* අද කරදර විඳින බොහෝ අය පෙර ආත්ම භවයන්හි ඉහල සැප විඳිමින් නිසි ලෙස පින්කම් නොකල අය වන අතර අද සැප විඳිමින් පින්කම් නිසි ලෙස නොකරන අය පෙර ආත්ම භවයන්හි නිසිලෙස පින්කම් කල අය වෙති. ගැටළුව දෙකොට්ඨාශයටම භවයෙන් වැසී ඇති නිසා මේවා අමතක වීමය.

- විශේෂ ස්තුතිය - #සුකුමාල් හරිස්චන්ද්‍රට !

Friday, September 25, 2015

මිහිරි කටහඬකින් ගීත ගායනා කිරීමේ හැකියාව ඔබට තිබෙනවාද ?


සංගීතය යනු විශ්ව භාෂාවකි. විශේෂයෙන්ම ලෝක වාසි සියලුම අය, සංගීතයට ලැදි, සංගීතය ප්‍රිය කරන අය වෙති.
යම් වියත් කියමනක තිබුනේ, “සංගීතයට ප්‍රිය නොවන පුද්ගලයා අමනුෂ්‍යෙයක් හා සමාන බවයි“.
එයින් තේරුම් ගන්න සංගීතය පුද්ගල සිතට කෙතරම් සමීපද කියා. විටෙක සංගීතය පුද්ගල සිත් සතන් සුවපත් කරන දිව්‍යමය ඔසුවක් මෙනි.

* ගායිකාවකට හෝ ගායකයෙකුට විශේෂ වශයෙන්ම පිහිටිය යුතු ග්‍රහ පිහිටිම් අප සදහන් කරන පරිදි ඇත්නම් ඔහු ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නගී. විශේෂයෙන්ම ලයාන්විත වන සහ රසික සිත් වශී කරන කටහඬක් ඇතිවිමට මෙවැනි තත්වයක් හේතු වේ.

අපි  විමසා බලමු ජ්‍යෝතිෂ්‍යය ඇසින් එම තත්වය ඇතිවන්නේ කේසේදැයි කියා..

● වචනය සහ කට පුද්ගලයෙකුගේ නියෝජනය කරන්නේ කේන්දරයේ 2වැන්නය.
2 වැන්න පාප පීඩිත නොවීම ජනප්‍රිය වීමට මහත් රුකුලකි.
* එසේ පාප පීඩිත නොවී සිකුරු ග්‍රහයා 2 වැන්නේ සිටිමෙන් ඉතාම මනමෝහනීය කටහඬක් හිමි වේ.
කටහඬ මිහිරි වේ.
* එසේම ගුරු ග්‍රහයා බලවත්ව 2 වැන්නේ සිටිමෙන් ඉතාම ගැඹුරු අර්ථවත් ආකාරයට ගීත ගායනා කිරිම හැකියාව ඇත.
* උදාහරණයක් වශයෙන්, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ නම් කල හැක.

● ගුරු - සිකුරු යෝගයක් තිබූ කල මෙම දෙආකාරයෙන්ම ගීත ගායනා කල හැක.

* විශේෂයෙන්ම  අප සූක්ෂමව පරික්ෂා කල කේන්ද්‍ර අතර ලතා මංගේෂ්කාර්ගේ මෙන්ම, දමිල සිනමාවේ පසුබිම්(Playback Singer) ගායිකාවක් වන එස් ජානකි මහත්මියන්ගේ කටහඬ බොහෝවිට අපට ඇසෙන්නේ බොහෝවිට අපට ඇසෙන්නේ ඉතාම කුඩා දරුවන්ගේ කටහඩ මෙනි.
එයට මූලික හේතුව නම් ඔවුන්ගේ 2 වැන්නට දැඩිව බලපෑම් කර ඇති බුධ සහ සිකුරුගේ බලපෑමයි.

දැන් ඉදිරිපත් කරන්නම් දිවයිනේ එකතරා ජනප්‍රියම ගායිකාවගේ කේන්දර සටහන,

මෙම කේන්දරය දෙස බැලිමෙදි 2 වැන්න කෙතරම් බලවත් වී ඇත්දැයි කියා.

●  2 වැන්න තුල, රවි - බුධ - ගුරු - සිකුරු - රාහු යන පංචම ග්‍රහ සංයෝගය බලන කල, රවි- බුධ-ගුරු - සිකුරු ග්‍රහයන්ගෙන් නිවේදනය වන්නේ ඉතාම ප්‍රතිභාපූර්ණ ගායන විලාශයකි.
රාහු ග්‍රහයාද මෙම ග්‍රහයන් සමගම සිටින නිසා ඉතා කෙටි කාලයක් තුල මැය දිවයිනේ ප්‍රබලම ස්ථානයකට ගෙන ඒමට හා කලා ක්ෂෙත්‍රයේ බැස නොයන තාරකාවක් කිරිමටද ග්‍රහ බලය හේතු වී ඇත.
එසේම දේශ දේශාන්තර වල සංචාරය කිරිමටද ජනප්‍රියත්වයේ හිණි පෙත්තට යාමටද මෙම තත්වය හේතු වි ඇත.

ඔබගේ කේන්දරයේද මෙවන් ග්‍රහ බලයක් ඇත්ද..

එසේම හැකියාවක් ඇත්නම් ඔබද රියැලිටි වැඩසටහන් වලට සහභාගි වි ඔබගේ දක්ෂතාවය උරගා බැලිය හැක. බලන්න හඳහන..

- මේ ගැන පර්යේෂණාත්මක තවත් ලිපි ඉදිරියේදි -

( මෙම සියලු විස්තර ග්‍රහයන් සිටින තැන අනුව කියන්නේ පාඨක ඔබගේ වටහා ගැනීමේ පහසුව පිණිසය. මේවා පොදු කරුණුය. ග්‍රහයන් එම කොටුවල සිටියද එම ග්‍රහයන් සිටින නැකත, අංශක, ග්‍රහ දෘෂ්ඨි යනාදි කරුණු අනුව මෙම පොදු විස්තර වෙනස් වන්නට ඉඩ ඇත. අප ඉදිරිපත් කල කේ්න්දර වල අප විසින් ඒ ආකාරයට සූක්ෂම කේන්දර පරික්ෂා කර මෙම විස්තර ලබාදෙමු)















Thursday, September 24, 2015

බුධ මහ දශාවේ හැටි - 2 ලිපිය

බුධ ග්‍රහයා ඔබ අප සියලුම දෙනා දන්නා ආකාරයට ඉතාම සෞම්‍ය ගුණෝපේත ග්‍රහ ලොව සුරතලා වශයෙන් විරුදාවලිය ලැබූ ග්‍රහයාය.

බුධ මහ දශාව වසර 17ක් ඉදිරියට පවතින මහ දසාවක්ය.
බුධ මහ දසාව කෙනෙකුට ලබන්නේ සෙනසුරු මහ දසාව අවසන් වීමෙන් අනතුරුවය. සෙනසුරු මහ දසාවේ ඇති කලාවූ මහා පීඩාකාරි තත්වයන් පරදා බුධ ග්‍රහයාගේ ශුභ සෙත සැලසෙන මෙම දසාව එම සෙනසුරු මහ දසාවෙන් පීඩාවිඳි අයෙකුට නම් ඉතාම සහනය ගෙන දෙන බව කිව යුතුය.

අප මේ සදහන් කරන්නේ බුද මහ දසාවේ කාල පරිච්ඡේදයන් තුලදි සිදුවන දළ සංක්ෂිප්තය සහ ක්‍රියාවලියයි. මෙහිදි ඔබ සිහි තබාගත යුතුයි, උප්පත්ති ග්‍රහචාරය අනුව එම ග්‍රහයන්ගේ බල දුබලතා අනුව මෙය සමහරවිට යම් යම් වෙනස් වීම් ඇතිවිය හැකි බව.
තවද සදහන් කල යුතු විශේෂ කාරණාවක් වන්නේ මෙම ග්‍රහයා තවත් ග්‍රහයන් සමග එකතු වි සිටිමෙන් (බුද- සිකුරු, බුධ - රවි, බුධ - ශනි ආදි ), මෙම බුධ ග්‍රහයා තමා සමග සංයෝග වන ග්‍රහයාගේ ලක්ෂණ ගනී.
 කුඩා දරුවෙක්ට උපමා කර ඇත්තේ කුඩා දරුවෙක්ද තමා සමග සම්බන්ධ වන වැඩිහිටියන්ගේ ලක්ෂණ ගන්නා නිසාය.
උදා :- බුධ - සිකුරු සංයෝග නම් බොහෝ හුරතල් කතා ඇති වාග් චාතුර්ය ඇති කෙනෙක් වේ.
බුධ - කුජ නම් කපටි සිත් ඇති අයෙක් වේ.

* බුද මහ දසාවේ අතුරු දසා විග්‍රහය දැන් බලමු.

● බුධ මහ දසාවේ බුධ අතුරු දසාව

- වසර 02 මාස 04 දින 27කි.

මෙම අතුරු දසාවෙදි පුද්ගලයාගේ පුද්ගල සංවර්ධනය ඉතාම යහපත්ව සිදුවේ. බුද්ධිමත්ව කටයුතු කරගැනීමට හැකිවන මෙම කාලයේදී විශේෂයෙන්ම ව්‍යාපාර වස්තු වලින් ඉතාම ලාභ ලබයි. තවද අධ්‍යාපනය ලබන අයට බුද්ධිය දියුණු වී වාසනාව සෙත සැලසෙන කාලයකි. ප්‍රීතිමත්ව සිටිමට අවස්ථාව උදාවේ.

● බුධ මහ දසාවේ කේතු අතුරු දසාව

- මාස 11 දින 27කි.

හම ආශ්‍රිත රෝග වැළදීමට ඉඩ ඇත. යම්කිසි උදරාබාධ සැත්කම් ආදියට භාජනය විය හැක. විශේෂයෙන්ම අන් අය රැවටීමට හැකියාව ඇති කාලයකි. එසේම කරගෙන ආ වැඩකටයුතු වල යම් මන්දගාමි ස්වරූපයක් ඇතිවිමට ඉඩ ඇත. ආර්ථික දියුණුව පහතට වැටේ. මාස 11ක කෙටි කාලයක් වුවද වසර 2ක පමණ පසුබෑමක් සමහරවිට පුද්ගලයන්ගේ හඳහන් අනුව ඇතිවේ.

● බුධ මහ දසාවේ සිකුරු අතුරු දසාව

- වසර 02 මාස 10කි.

ඉතාමත්ම වාසනාවන්ත කාලයකි.  ව්‍යාපාර වස්තු වල දියුණුව සැලසෙන මෙම කාලයෙදි හවුල් ව්‍යාපාර කටයුතු වල දියුණුව ඇතිවේ. තමන් ඉතාම ජනප්‍රිය වේ. උරණ වී සිටි නෑදෑයන් මිත්‍රයන් තමන් කරා පැමිණෙන කාලයකි. විවාහ වන වයසේ අයට මෙම කාලයෙදි මංගල යෝග උදා වේ. ඉතාම හොද කාලයකි.

● බුධ මහ දසාවේ රවි අතුරු දසාව

- මාස 10 දින 06කි.

මෙම කාලයෙදි ජන්මියාගේ බුද්ධිය දියුණු වන අතර සමහර දේ උපාය මාර්ගිකව අත්පත් කරගැනීමට ජන්මියාට වාසනාව උදා වේ. ඉතාම බුද්ධි ගෝචරව කටයුතු කරන මේ කාලයෙදි ඉගෙන ගන්නා වයසේ අයට බොහෝ අධ්‍යාපනික ජයග්‍රහණ හිමි කරගැනීමේ භාග්‍යය පවති. පොදුවේ ගත්කල හොද කාලයක් වශයෙන් සදහන් කල හැක.

● බුධ මහ දසාවේ චන්ද්‍ර අතුරු දසාව

- අවු 01 මාස 05

මෙම කාලය තුල ජන්මියාට වනිතා පක්ෂයෙන් උදව් උපකාර ලැබේ. ඔවුන් සමග සංගම් වැඩිවේ. මෙම කාලයෙදි ඉතාම කෙලිදෙලෙන් සහ ප්‍රීතියෙන් සිටින බව කිව යුතුයි. කිසිම බරක්පතලක් නොතේරේ. හොද කාලයකි.

● බුධ මහ දසාවේ කුජ අතුරු දසාව

- මාස 11 දින 27

උප්පත්ති කේන්දරයේ ලග්නයට කුජ පාපියෙක්ව සිටියහොත් අභ්‍යන්තරික වශයෙන් ඉන්ද්‍රීය දුර්වලත්වය ඇතිවන්නට පුලුවන්. තවද ජන්මියාට හම ආශ්‍රිතව දූෂිත වන රෝග ඇතිවිය හැක. මෙම ග්‍රහයන් 2 යහපත්ව සිටි නම් විශාල ආදායම් මාර්ග ලැබීමට, ආර්ථික දියුණුවට උපායමාර්ගිකව විශාල දියුණුවකට වාසනාව පවති.

● බුධ මහ දසාවේ රාහු අතුරු දසාව

 - වසර 02 මාස 06 දින 18

මෙම කාලය තුලදී බුද්ධිමත්ව කටයුතු කිරිමට අපහසුතා ඇතිවේ. බුද්ධිය දුර්වල වේ. කලබල වේ. සමහරවිට උන්හිටිතැන් අතැර වෙනත් ප්‍රදේශවලට යෑමට සිත් වේ. ඒ අතරතුර විදෙස්ගතවීම්, විදේස රැකියා, විදේශ අධ්‍යාපනික කටයුතු වලට වාසනාවද හිමිවිය හැක. මෙය උප්පත්ති ග්‍රහචාරයේ බුධ සහ රාහුගේ තත්වය අනුව තීරණය වේ. එම ග්‍රහයන් 2 දුර්වල නම් බොහෝසෙයින් කරදර පැමිණිය හැක.

● බුධ මහ දසාවේ ගුරු අතුරු දසාව

- වසර 02 මාස 03 දින 06

මෙම කාලය ඉතාම යහපත් බව කිව යුතුය. දියුණුව ඇතිවේ. ධන-ධාන්‍ය තත්වය දියුණු වේ. ආර්ථික පදනම යහපත් වේ. එසේම සමාජයේ හොද පිලිගැනීමක් ඇතිවේ. විශේෂයෙන්ම කිව යුතුයි, පදවි - නිලතල - තාන්න මාන්න ලැබෙන සුභ කාලයකි.
අපගේ අත්දැකීමේ හැටියට මෙම ග්‍රහයන් 2 කුමන තත්වයක කේන්දරයේ සිටියත් මෙම කාලය ඉතා හොද කාලයක් බව කිව යුතුයි.

● බුධ මහ දසාවේ ශනි අතුරු දසාව

- අවු 02 මාස 08 දින 09

බුද මහ දසාවේ අවසාන අන්තර් දශාවයි. බුද්ධිමත්ව කටයුතු නොකලහොත් බුධ මහ දසාවේ අනිත් කාල වල ලබාගත් ශුභ පල මෙම කාලයෙදි නැතිවිමට පුලුවන්. එසේ නම් වස්තුව දේපල යාන වාහන , නිශ්චල චංචල දේපල සියල්ල ආදියයි.
ජන්මියා බුද්ධිමත්ව කටයුතු නොකලහොත් යම්කිසි ගැටළු සහගත තත්ව ඇතිවෙන කාලයකි. විමසීමෙන් සිටිය යුතු කාලයකි.


* මෙම සියලු කාරණා තම කේන්දර සටහන අනුව වෙනස් වීමට ඉඩ ඇත.

Tuesday, September 22, 2015

සිංහ ලග්නයේ අය පොදුවේ මෙහෙමයි... !

ග්‍රහ ලොව රජු හෙවත් විශ්වයේ පියා යන විරුදාවලිය ඇති හිරුට අයත් තේජෝ බලැති මෙම රාශියෙන් උපන් අය ස්වභාවය මෙන්ම හැසිරීමද සිංහයන් මෙනි.
මධ්‍යම ප්‍රමාණයේ සිරුර, බොහෝවිට පැහැපත් සිරුරක් සහ ශක්තිමත් බාහු යුගලක් සමග මෙවන් ස්ත්‍රි පුරුෂයන් උප්පත්තිය ලබයි.
එඩිතර ගති ඇති දියුණුවීමට උවමනාව ඇති අයයි. තමා පිළිබඳ ඇති මහත් විශ්වාසය නිසා ඕනෑම කටයුත්තක් කිරීමට සූදානම්ය. නායක්තවය ගැනීමට උපන් දක්ෂතා ඇත. අදහසක් හිතට ආවොත් කිසි ලෙසකින්වත් එය වෙනස් කිරීමට සූදානම් නැති අයයි.

* සිංහ ලග්න අය අවංකයි.
ඉතා හොඳින් සිතා බලා කටයුතු කරන නිසා නිතරම ජය ලැබීමට හේතු වේ.
කෙනෙකු විසින් තමාට වරදක් කලොත් හැර කරදර කිරීමට නොයන ලක්ෂණ ඇත. ආඩම්බරයි.
ඍජු ගති නිසා බොහෝ දුරට බොහොමයක් සතුරන් ඇතිවේ (රවි, කුජ බලවත් නම් මේ තත්වය ඇති කරගනී)
එසේම ඍජු ගති නිසාම අන් අයගේ ගරුත්වයට පාත්‍ර වේ. කෙසේ වුවත් සතුරන් පරාජය කිරීමට සමත්කම ඇත.

● සිංහ ලග්නයෙන් උපන් සියලුම දෙනාට තීක්ෂණ බුද්ධිමත්, දූරදර්ශී භාවයක් සහ මනා හික්මීමක් ප්‍රගුණ කරගත් අය වෙති. ඉගෙන ගැනීමට සහජ දක්ෂතා ඇත. ලග්නයට පිහිටන ග්‍රහ බලය අනුව බොහෝවිට මෙවැනි අය පාලක ධූර, කළමනාකරණ ධූර හොබවයි. එසේම සමහර වෙලාවට දේශපාලන ක්ෂෙත්‍ර වල ඉතා ඉහල ස්ථර වල වැජඹෙන අයද මෙම ලග්නයෙන් උපදින්නෝ වෙති.

● විශේෂයෙන්ම ගත්කල බොහෝ දාර්ශනිකයෝද මෙම ලග්නයෙන් උප්පත්තිය ලැබුවෝ වෙති. මෙය මෙසේ තිබෙන කල මෙම ලග්නයෙන් උපන් අය ව්‍යාපාරික ක්ෂෙත්‍ර වලට යොමු වුවොත් අතිමහත් දියුණුවකට හිමිකම් කියයි. එයද සුවිශේෂි සිද්ධියකි.

● කෙසේ වෙතත් සාමාකාමි ජිවිත, අනුන්ට යටත් නොවි ගත කරන ජිවිත, මෙම ලග්න හිමියන්ගේ පරම ප්‍රතිපත්තියයි.
රවිට අයත් නැකැත් 3කි.
එනම් කැති, උත්‍රපල් සහ උත්‍රසල නැකැත්ය. මේ අතරින් උත්‍රපල් නැකත වූ කල රාජශිඛ නැකතකි.
උත්‍රපල් නැකතින් උපන් අය දාර්ශනිකයෝ වෙති.

● විවාහය, ප්‍රේමය වැනි කටයුතු කෙරෙහි පරම පූජනීය බැඳීමක් ඇති ඔවුන්, ස්වාමියාට හෝ බිරිඳට පණ මෙන් ආදරය කරයි. ස්ථිරසාර අදහස් වේ. ප්‍රතිපත්ති වෙනස් නොකරයි. දරුවන්ද විශාල දියුණුවකට පත් වේ. සිංහ ලග්නයෙන් උපන් කාන්තාව පති භක්තිය ඇති අය වෙති.
ලෙහෙසියෙන් වරදේ බැඳෙන්නේ නැත. ඔවුන් විශ්වාස කල හැකිය.

විවාහ වීමට ශුභ ලග්න වන්නේ, සිංහ ලග්නය, තුලා ලග්නය, වෘශ්චික ලග්නය, ධනු ලග්නය, කුම්භ ලග්නය, මේෂ ලග්නය, වෘෂභ ලග්නය, මිථුන ලග්නයයි.
ග්‍රහ බල ගැලපේ නම් කටක ලග්නයද හොඳයි.
(කේන්දර සටහන අනුව වෙනස් වෙයි)

● සිංහ ලග්නයට ලග්නාධිපති රවි, සිකුරු සමග සම්බන්ධ ව සිටියොත් රජෙක් හා සමානව ජිවත් වේ.
 විශේෂයෙන්ම කාම සම්පත් අධික වේ. ස්ත්‍රින් ඔහු කරා පැමිණේ. මෙවන් අය අසීමිතව කම්සැප විඳි.
කුජ - ශනි යෝගයක් හෝ රවි - ශනි යෝගයක් ඇතිවුවෝත් අල්පායුෂ හා විවාහ බාධා පවති.

● ඒ කෙසේ වෙතත් සිංහ ලග්න හිමියන්ට ස්වභාවයෙන්ම හික්මීමෙන් යුක්ත හොද කාම ශක්තියක් ඇත.

● සිංහ ලග්නයට හොද ග්‍රහ බල පිහිටියහොත් එවන් අය අවුරුදු 90 ආසන්නට සිටිය හැක.

_ සිංහ ලග්නයේ දුර්වලතා _

තමාගේ මතයම පිහිටා කටයුතු කරයි.
ලාභ උවත් පාඩු වුවත් තම ප්‍රතිපත්ති, තීරණ වෙනස් නොකරන ගතියක් ඇත. කලබලකාරකම නිසා තමාගෙන් දේවල් අස්ථානගතවීමට පුලුවන. අන් අයගේ උපදෙස් පිලිගැනීමට තරමක අකමැත්තක් පෙන්වයි.
බොහෝවිට ආඩම්බරකම සහ අහංකාරකම තරමක් හෝ ඇත. මේ ගතිය රවි-බුද කේන්ද්‍ර ගතව(1වැන්නේ) තිබ්බොත් විශාල වශයෙන් දැකිය හැක. සැකය හා අවිශ්වාසය පවතී.


* සිංහ ලග්නයට හිමි ශුභ අංක වන්නේ, අංක 1, 2, 3, 9 ය.
* ශුභ වර්ණ වන්නේ, තැඹිලි සහ රතු වර්ණය, කහ වර්ණය රාජකාරි අවස්ථා වලදි භාවිත කල හැක.
*ශුභ දිශාව නැගෙනහිර දිශාවයි.
* ශුභ මාණික්‍ය රත්නය පද්මරාග ගලයි.
* ශුභ දින වන්නේ ඉරු දින, අඟහරුවාදා දින, බ්‍රහස්පතින්දා දිනයි - ව්‍යාපාරික කටයුතු වලදි සිකුරාදා දිනය භාවිත කල හැක.


***** පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.

___ *** මෙම සියලු කරුණු පොදු කරුණුය. කේන්දර සටහන අනුව මෙම පලාපලය වෙනස් විය හැක. ___

පැහැදුනු අය








Monday, September 21, 2015

සතියේ ලග්න පලාපලය - සැප් 21 සිට

● මේෂ
ඉතාම ශුභයි.
මෙම සතියෙදි ආර්ථික වාසි නිරායාසයෙන්ම ඔබ කරා පැමිණේ. හිතවතුන්ගෙන් උසස් වැඩිහිටි අයගෙන් දියුණුවට ආධාර උපකාර ලැබේ. සතිය මැදදී ආර්ථික තත්වය යහපත් කරගැනිමට යම් දුරකට යෑමට, පිට පලාත් වල යෑමට සිදුවේ. ආනයන අපනයන කටයුතු කරන අයට, ව්‍යාපාරික කටයුතු කරන අයට ඉතාම සුබ සතියකි.
ගෘහ ජිවිතය ඉතාම සාමකාමිව පවතින මේ සතියෙදි ආගම දහමට සිත නැඹුරු වේ. ගුණ යහපත්කම ගැන අන් අයටද උපදෙස් දෙයි. පවුලේ අය සමග ඉතාම සුහද කිට්ටු සම්බන්ධයක් ඇති කරන ඔබ වැඩිහිටියන්ටද ගෞරව කරයි. ඔවුන්ව වන්දනා ගමන් ආදියට සහභාගි කරගැනිමට සිතයි. ප්‍රීතිමත්ව සිටිය හැක.
ප්‍රබල ග්‍රහ අපලයක් නැත. සෙනසුරු 8 තත්කාලයේ සිටින බැවින් නිදන්ගත රෝග ඇති අය එම තත්වයන් ගැන අවදානයෙන් සිටිය යුතුය.


● වෘෂභ
ශුභ සතියකි.
චන්ද්‍ර චාරය අනුව, සතියේ මුල් දවස් 2දි තරමක අපල පැවතියද එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. ආදායම් මාර්ග තරවේ. හදිසියේ මිතුරෙකුගෙන්, ඥාතියෙකුගෙන් දියුණුවට උදව් උපකාර ලැබේ.
ව්‍යාපාර කරන අයට, රැකියා කරන අයට සුබයි. රැකියාවේ වැටුප් වැඩිවිම්, ව්‍යාපාරය දියුණු වීම් ආදිය අපේක්ෂිතය.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත් වේ. මේ සතියෙදි මංගල යෝග උදා වේ. අවිවාහක අයට තමාගේ සහකරුවා මුණ ගැසේ. එසේම සිත ප්‍රීතියෙන් පිරෙන කාලයකි. විනෝද වීමට අවස්ථාව උවමනාවටත් වඩා යෙදේ.
සෞඛ්‍ය සෙම් අමාරු සම්බන්ධව ප්‍රවේසම් විය යුතුය. අත්‍යවශ්‍යම කාරණාවකි.


● මිථුන
ඉතාම හොඳ සතියක්.
හවුල් ව්‍යාපාර වලින් හොද ආදායමක් හිමිකරගත හැක. එසේම සියලුම ආර්ථික කටයුතු දියුණු වේ. කරන කියන කටයුතු වල හොද දියුණුවක් ඇතිවේ. මේ සතියෙදි ඔබට අලුත් ආදායම් මාර්ග ඇති වේ. එනිසා ඔබට ඇත්ත වශයෙන්ම දියුණුවෙන් දියුණුවට පත්විය හැක.
ගෘහ ජිවිතය තුල ඉතා යහපත් සම්බන්ධකම් ඇති වේ. එසේම ඔබට මංගල යෝග උදා වේ.  ප්‍රේම සබදතා ඇති අයගේ ඒවා ස්ථිර වේ. ඒ අතර ඔබට සති අන්තයෙදි විනෝද අවස්ථා, ප්‍රිය සම්භාෂණ වලට සහභාගි විමටද වාසනාව ඇත.
සෞඛ්‍ය තත්වය නම් උදරාබාධ, එසේම සෙම් ආශ්‍රිතව එන රෝග ගැන ආරක්ෂා වන්න.


● කටක
සමඵල සතියකි.
කරන කියන කටයුතු වල යම් දුර්වලකම් ඇතිවිය හැක. ආදායම් තත්ව අවහිර වීමට පුලුවන්. ණය තුරුස් වීම නිසා ඔබගේ ව්‍යාපාරික කටයුතු ඇණ හිටිමට පුලුවන්. එසේම ඔබ තවත් මේ සතියෙදි යම්කිසි රැවටීමකටද භාජනය වීමට පුලුවන්, ප්‍රවේසම් වන්න.
ගෘහ ජිවිතය එතරම් ශුභ නොවේ. මේ සතියෙදි ඉවසීමෙන් කටයුතු නොකලොත් ඔබට අඹුසැමි ආරවුල් පවා ඇතිවිය හැක. දෙදෙනා අතර සමගියට සමාදානයට ගැටළු ඇතිවේ. ඉවසිලිමත්ව කටයුතු කරන්න.
නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුයි, ඇඟපත වේදනාව, අත්පා වේදනා, සෙම් ආශ්‍රිත රෝග ගැන අවධානයෙන් සිටින්න.


● සිංහ
සමඵලයි.
සතියේ මුල් දවස් 2 කාලය හොදයි. සතිය අගට වෙන්නට මුදල් පාඩු ඇතිවිය හැක. එසේම තමාගේ ඥාති හිතවතෙක් නිසා මුදල් නිස්කාරණයේ වියදම් වීමට පුලුවන. එසේම තමා නොදැනුවත්වම තමා අතින් වියදම් වීමට ඇති ඉඩකඩ ඉතාම වැඩිය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. මේ සතියෙදි ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් යම් කරදර විමට ඉඩ ඇත. ඒ ගැන සැලකිල්ලෙන් සිටිය යුතුය. ඒ හා සමාන යම් යම් කරදර ඇතිවේ. බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ, අජීර්ණ රෝග, ඇතිවිමට ඉඩ තිබේ.


● කන්‍යා
සාමාන්‍ය සතියකි.
මේ සතියේදි ආර්ථික වාසි ඇති කරගැනිමට බොහෝසෙයින් ඔබ වෙහෙසුනහොත් එයින් ඔබට මහගු ප්‍රතිඵල ලබාගැනිමට පුලුවන. එය ඇත්ත වශයෙන්ම ඔබට හොද සතියක් වීමේ පෙර නිමිතිය.
ගෘහ ජිවිතය ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය මිලදී ගැනිමට හැකිය. නිවසට හිතවතුන් ඥාතින් නිතර දෙවේලේ එයි. පවුලේ අය සමග වැඩිපුර වෙලාවක් ගත කරන්නට පුලුවන. සතිය අගදී මංගල යෝජනා පැමිණේ.
සෞඛ්‍ය තත්වය නම්, පපුවෙ සෙම් අමාරු සහ නිදන්ගත රෝග ඇති අය ඒ ගැන පරිස්සම් වන්න.


● තුලා
ඉතාම හොඳයි.
තමාගේ උත්සාහයට අනුව, ප්‍රතිඵල ලැබෙන සතියකි. එසේම පිට පලාත් වල කරන ව්‍යාපාරික කටයුතු වලින් හොද ආදායම් ලැබේ. ඥාතින්ගෙන් - මිතුරන්ගෙන් දියුනුවට අතහිත ලැබේ. මේ සතියෙදි ඔබට බොහෝ හදිසි ධනලාභද ඇතිවිමේ ඉඩකඩක් ඇත.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. තවද නිවසේ අය සමග යම්කිසි ආකාරයකට සංචාරයක් ඇතිවිමට ඉඩ ඇත. ප්‍රීතිමත් අවස්ථා යෙදේ.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම සහ යම් ආකාරයකට උදරාබාධ වැළදීමේ තත්වයක්, බෝවන රෝග වැලදීමේ අවදානමක් පවති, කල්පනාකාරි වන්න.


● වෘශ්චික
ඉතාම හොද සතියකි.
මේ සතියෙදි තමාගේ වාසනාවට මෙන් ආදායම් මාර්ග ඉබේ පෑදේ. එසේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේ. සතිය අගදී නොසිතුවිරූ හදිසි ධනලාභයක් ඇතිවිමට හේතුයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. තමාගේ පවුලේ අය සමග ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට හා සහභාගි වීමට ඉඩ තිබේ. වෙනත් සති වලට වඩා දරුවන් සම්බන්ධව උනන්දු වීමට මේ කාලයේ අවස්ථාව ලැබේ.
උගුරේ සෙම් රෝග, පපුවේ සෙම් අමාරු ගැන කල්පනාවෙන් සිටින්න.


● ධනු
ඉතාම සුභ සතියකි.
මෙ සතියෙදි ඔබගේ වාසනාවට අනුව ඉතාම හොද විදියට මුදල් හදල් හම්බ කරගැනිමට ඔබට හැකියාව ඇත. ඔබගේ දියුණුවට හොද පිටුවහලක් මෙමගින් ලැබේ. ආර්ථික වාසි බොහෝසෙයින්ම ලැබේ. සතිය අගදී දියුණුවට උදව් උපකාර හිමි වේ.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට සමාදානය හිමි වේ. මෙම සතිය තුල ඔබට දුර බැහැර ගමන් යෙදේ. අසල්වාසින්ගේ ඥාතින්ගේ පැමිණීම ඇතිවේ. එසේම මේ සතියෙදි ඔබ වෙනදාට වඩා පවුලේ දියුණුව වෙනුවෙන් කැපවන බව පෙනේ.
සෞඛ්‍ය තත්වයේ චන්ද්‍රයා ලග්නයේ සිටින බැවින් හිසේ කැක්කුම, සෙම වැඩිවිම, හදිසියේ ජලයෙන් හැදෙන රෝග ආදිය ඇතිවිමට පුලුවන.


● මකර
සාමාන්‍ය සතියකි.
සතියේ මුල් දවස් 2 තුල ආදායම අඩුවිමට, පාඩු සිදුවිමට පුුලුවන. නමුත් ඉන්පසු උදාවන්නේ ඉතාම හොද දවස් කීපයකි. එහිදි ඔබගේ රැකියා කටයුතු මෙන්ම ව්‍යාපාරික කටයුතු වලටද දියුණුව හිමිවේ. නොසිතුවිරු කෙනෙක්ගෙන් දියුනුවට උදව් හිමි වේ.
ගෘහ ජිවිතය තුල අඹුසැමි ප්‍රේමය දළුලන අතර දෙදෙනා අතර කායික මානසික බැඳිම ඉහල යයි. එසේම දරුවන්ටද විශේෂ ලෙන්ගතුකමක් දක්වන කාලයකි. ඔබට සතිය අගදී දුරබැහැර ප්‍රදේශයකට යෑමට සිදුවිය හැක.
සෞඛ්‍ය තත්වයේ, ජලය ආශ්‍රිත බෝවන රෝග, සෙම වැඩිවිමද මේ අතර ප්‍රධානයි, මුල් දින 2-3දි මේ තත්වයෙන් පරිස්සම් වන්න.


● කුම්භ
සමඵල සතියකි.
ඉතාම උද්යෝගයෙන් ඇරඹෙන මේ සතියෙදි ඔබගේ කටයුතු දින 2කට පසු යම් පසුබෑමකට ලක්විය හැක. ඒ තුලදි ඔබ නඩු හබ ආදියට පැටලීම, මුදල් හානියක් ඇතිවිම ආදිය ප්‍රධානයි. එසේම ව්‍යාපාරික කටයුතු කරන ඔබට කිසියම් දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුවේ. ඒ ගැන කල්පනාකාරිව සිටිය යුතුය.
ගෘහ ජිවිතය තුල ඔබ වෙනදාට වඩා ප්‍රියමනාප භාවයක් දක්වයි. එනම් දරු පවුලට ලැදියාවක් දක්වයි. අඹුසැමි ප්‍රේමය ඉහල යයි. සතිය අගදි ඔවුන් සමග විනෝද වීමට ඉඩ ඇති අතර, ඔබට විශේෂිත මිතුරෙකු හෝ මිතුරියක් මුණ ගැසිමටද මේ අතර ඉඩ ප්‍රස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය ඇඟපත අසනීප, එසේම සෙම් අමාරු මේවා ප්‍රධානයි.


● මීන
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් කරගැනිමේ විශේෂිත හැකියාවක් ඔබට පවති. කරන කියන කටයුතු මෙන්ම ව්‍යාපාරික කටයුතු වලටද මේ කාලයෙදි යහපත් තත්වයක් උදා වෙයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ දියුණුව මනාව ඉස්මතු වේ. ඔබට සතුටින් සිටිමට සියලුම අවස්ථාව ග්‍රහමය පැත්තෙන් ලැබේ. තවද ඔබට නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාවන් හිමි වේ.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. ඇස්වහ කටවහ දෝෂ නිසා ඔබට යම් ගැටළුවක් ඇතිවිමට ඉඩ ඇත. එම තත්වයන් දුරු කරගන්න.

_____________________









Sunday, September 20, 2015

“ හිතේ හයිය... අවතක්සේරු නොකරන්න “



ඔබ අප සෑම සියලුදෙනාටම හිතන්නට “සිතක්“ ඇත.
සිතිවිලි ඇති තරම් ඇති හිත තුල තමන්ගේ දියුණුවට, තමන් දැන් නැතත් කවදා හෝ දිනයක පැමිණිය යුතු තැන ගැන ඇත්තේ බලාපොරොත්තු බොහෝමයකි.

බොහෝදෙනෙක් මේ ගැන කිසිවෙකු හා කතා කරන්නේද නැත. එයට හේතුව එම අවස්ථා වලදි අනිකුත් අය තමාට සිනාසෙනු ඇත කියාය.
එය  වෙන්නට පුලුවන් දෙයකි.
ඔබේ බලාපොරොත්තු ගැන අවබෝධයක් නැති, ඔබගේ හැකියාව තබා තමාගේ හැකියාව ගැනවත් දන්නේ නැති අයට ඔබේ බලාපොරොත්තු කිව්වොත් හිනාවෙනු ඇත.

මනෝ විද්‍යාවේ නවීන සොයාගැනීම් අනුව, ඔබේ හිතේ බලාපොරොත්තුවක් තිබේ නම් එම පැතුම් තමා ලග තියාගෙන, තමාම තම දියුණුව ගැන අචල විශ්වාසයකින් කටයුතු කිරීම කල යුතුය.

ජ්‍යොතිර්විද්‍යාව හා බැඳුනු කරුණු අනුව, ඕනෑම කෙනෙකුගේ දියුණුවකදි හෝ එවන් ඉඟියකදි තවත් කෙනෙකුට තමා ගැන දුකක් ඇතිවන්නට හැක. එනම් එයාට මෙහෙම වෙන්න පුලුවන් මට බෑනේ...
එහිදි ඉරිසියාවෙන් ඔබ ගැන සිතනු ඇත.
සමාජයේ කටවහ කාරයන් සිටිම ගැනද ඔබ අසා ඇති.

කෙසේ වුවද ඒවායේ සත්‍යතාවයක් ඇත. එනම් යම්කිසි වූ ඍණාත්මක සිතිවිල්ලක් වෙන කෙනෙකුට අප ගැන ඇතිවුවොත්, එයින් අපට බලපෑමක් වන්නට පුලුවන.
ඊටත් වඩා එවන් අදහසක් සිතේ ඇතිව ඔබගේ බලාපොරොත්තු ගැන අපහාසයෙන් කතා කලොත් සිත රිදෙනු ඇත. කටයුතු මඟහැරෙනු ඇත.
පසුගාමි බවක් දැනෙනු ඇත.
ඉතින් මූලිකව කල යුත්තේ, තමන්ගෙ බලාපොරොත්තු තමන් ලග තියාගෙන ඒ වෙනුවෙන් නිවරදිව වැඩ කිරීමයි.

අවාසනාවට මෙන් බොහෝදෙනෙක් වැඩියෙන්ම සිතාගෙන සිටින්නේ තමන් ගැන ඍණාත්මකවය.
පොදුවේ සිතන්න,

මාධ්‍ය ආයතන වැඩියෙන් දෙන්නෙ අසුභවාදි පුවත්ය.
පාරිභෝගික සමීක්ෂණ වලින් වැඩියෙන් ඇත්තේ පැමිණිලිය.
කලා ක්ෂෙත්‍රය ප්‍රසිද්ධව ඇත්තේ නරක ඕපාදූප වලින්ය.
කෙනෙකුට හොඳ දේ 10ක් කියා 1 නරක දෙයක් කිව්වොත් දිගුකලක් මතක තිබෙන්නෙ නරක දේ නේද ???

ඒ ලෝකයේ හැටිය..

හැබැයි මිනිසුන් කොටසක්, මේවා කිසිවක් ගණන් නොගෙන, වැටි වැටි, කරදර විඳිමින් තමන්ගේ ජිවිතයේ ඉහලටම ගොස් සිටිති.
තමන්ගේ බලාපොරොත්තු ඉටුකරගෙන තිබේ.
එවන් අය ලෝකයේම 3%කට අඩුය..

ඔබ සිතන්න මොන කොටසට අයිති වෙන්න වැඩ කරනවද කියල... ???