Tuesday, April 8, 2014

ජෝතිෂය අවශ්‍ය වන්නේ යහපත පිණිසම පමණි

2014 T20 ලෝක කුසලාන දිනීම සහ අපගේ අනාවැකිය ගැන අපට සතුට පල කරන මසේජ සිය ගණනකි.
අනාවැකිය සාර්ථක වීම අප පමණක් නොව ජෝතිෂය ගැන නිවරදිව කටයුතු කරන බොහෝ දෙනෙකු නිවරදිව කියන ලද්දකි.

අප කල වෙනස වූයේ ජෝතිෂ්‍යයටම භාර නොදී තම හැකියාවෙනුත් වෙනසක් කරගත හැකි වේ යන්න පැවසීම පමණි.( එයට මූලික හේතුවක් නම් ජෝතිෂයේ කියවෙන කර්මය වුවද වෙනස් කල හැකිය යන මතය දරන අය අපගේ සේවයේ සිටීමයි)

සැබෑවටම ජෝතිෂ්‍යය අවශ්‍ය වන්නේද ජිවිතය ජය ගැනීමට මිස එහි වරදක් තිබෙනවා කියා ජිවිතය පසුගාමි කරගන්නට නොවේය.
වැස්සට කුඩයක් ඉහලන ආකාරයෙන් විය හැකි කරදර බාධක දැනගෙන නිවරදිව කටයුතු කිරීමෙන් ජිවිත ජයග්‍රහණය කල යුතුය.

මිනිස් ජීවිතය ලැබීම දුර්ලභ දෙයකි. එය සාර්ථක කරගැනීම, සතුටින් ජිවත් වීමට ඊටත් වඩා දුර්ලභය... ඒ ගැන සිතා බලා ඒ වෙනුවෙන් කටයුතු කරන්න.

බුදු සරණයි !

Friday, April 4, 2014

(පොදු විස්තරයකි.)

* මේ සදහා හැකි තරම් ඌෂ්ණාධික ආහාරපාන වලින් වැලකිය යුතුය.  

* ශරීරය ශීත ගුණයෙන් පවත්වා ගැනීම අවශ්‍ය වේ. උදෑසන ජල ස්නානයෙන් අනතුරුව  
* සුවඳ වර්ග ඇඟ ගැල්වීමද ඉතාම සුදුසු වේ.   එමගින් උපත ලැබීමට පෙරුම් පුරන ආත්ම වලට ශරිරයට ඇතුල් වීමට ආකර්ෂණය ඇතිවේ.  

* හැකිතාක් දුරට උපත් පාලනයෙන් වැලකිය යුතුය.  

* රසායනික ඖෂධ භාවිතය නිසා වඳභාවය හෝ මඳසරු භාවය ඇතිවිමට ඉඩ තිබේ.  

* දරුවන් බලාපොරොත්තු වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම කොහොම කොළ කොටා එලකිරි සමග පානය   කිරිම  යහපත් වේ, සතියකට වරක්වත්.  

 * වැඩිපුර ජලය පානය කිරිම සහ පුරුෂයා හැකි පමණ තැඹිලි සහ තැඹිලි මදය සමග කෑම ගැනීම සුදුසුයි.  

 ** ලිපියේ පලමු කොටස   (https://www.facebook.com/photo.php?fbid=224073227787689&set)

රාහු හෝ කේතු 7 වැන්නේද ? - 1 කොටස

* වෙනදාට වඩා දික්කසාද, අඹුසැමි ගැටළු අහන්නට ලැබෙන අද කාලයේ යම් පිරිසක් ජෝතිෂ්‍යය අනුවද එයට පිලිතුරු සොයති.
රාහු 7 සිටීම ගැන බොහෝ සිතිය යුතු බවක් බොහෝ දෙනාගේ පිලිගැනමයි.

රාහු ඡායා ග්‍රහයෙකි. එසේ වුවද ඕනෑම දෙයක් අසුබ එකක් කිරීමට ඔහුට හැකියාව ඇත. ඒනිසා රාහු 7 නම් විවාහයේදි සැලකිලිමත්වීම වටී. එසේ වුවද එය එක්වරම ලැබෙන්නේ නැත.

* රාහු 7 සිටින විටදී අප අත්දැකි ඇති අන්දමට විවාහ ජිවිතය මුලදි යහපත් ජීවිතයක් ගත කරයි.
අප අත්දැක ඇති අන්දමට මුල් කාලයෙන් පසුව දෙදෙනා අතර විවිධ අඩදබර ඇතිවිමට හේතු විය ඇතිවි ඇත. රාහු නිතරම කෝපය ප්‍රකාශ කිරිමට, තමාට විරුද්ධවාදින් ඇති කිරිමට කටයුතු කරන සෙයක්ද ඇත.
* දිගින් දිගටම මෙවන් තත්වයන් ඇතිවිමේදි බුද්ධියෙන් සිතා ඉවසීමෙන් හා අවශ්‍ය කටයුතු නොකලවිට විවාහය දික්කසාද දක්වා දුර යන අවස්ථා අප දැක ඇත.
* තවද රාහු 7 සිටින අයට දැඩි කාමාශාවක් ඇත. විවාහ ජිවිතයකට එය නරක නැතත්, තමාගේ සහකරු හෝ සහකාරියද එසේ නොවුවොත් එය අනිවාර්ය ගැටළුවක් වේ.
* එසේම රාහු 7 සිටින අය විරුද්ධ ලිංගිකයන් හා ඇසුරට කැමතිය. තම විවාහ ජිවිතය ගැන තෘප්තිමත් නැතිනම් බොහෝවිට වෙනත් අනියම් ඇසුරුකම් ඇතිකරගැනීමට ඉඩ ඇත.
රාහු 7 සිටියදී සිකුරු එම කේන්දරයේ දුර්වල නම්(මෙම තත්වය එසේම වේදැයි නිගමනය කල හැක්කේ සූක්ෂමව කේන්දරය බැලිමෙනි) බොහෝවිට විවාහයට පසු මෙන්ම ඇතැම්විට පෙර සිටද අනවශ්‍ය සබදතා ඇතිකරගත හැක.
*
විවාහ වීමෙන් පසු රාහු මහ දසාවක් හෝ අතුරු දසාවක් ගත කරන්නෙ නම් කේන්දරයේද රාහුගෙන් සුබ පල අඩුනම් බොහෝවිට මෙම කරදර තීව්ර විය හැක. ශනිගේ මහ දසා පැමිණිවිටද මෙවන් තත්වයන් අපේක්ෂිතය.
* රාහු මහ දසාව හෝ අතුරු දසාවක් ගත කරන්නට ලැබෙන විටක තම සහකාරිය හෝ සහකරු තමාගෙන් දුරස්විය හැක. බොහෝවිට රැකියාවේ දුරස්විම්, විදෙස්ගත වීම් වැනි දේ සිදුව විවාහය රැකගන්නටද හැකියාව ලැබි ඇති අයුරු අප දැක ඇත.

** කෙසේ වුවද මෙකී තත්වයන් ඇතිවන්නේ අදාල කේන්දර සටහන් වල බල දුබලකම් අනුව බව අවධාරණය කරමු !

රාහු කේතු 7, දෙවන කොටස බලාපොරොත්තු වන්න.
*** මෙය පොදු පලාපලයක් බව සලකන්න.

මහ දසාවන් අඳුනා ගැනීම (2)


පලමු ලිපියේ පරිදි මහ දසා ප්‍රමාණය ඔබට මතක ඇතැයි අපි සිතමු.
(https://www.facebook.com/photo.php?fbid=223845217810490&set)

ඒ අනුව මුලින්ම කල යුත්තේ එම මහ දසා එන අනුපිලිවෙල මතකයේ තිබීමයි.

කේන්දර සටහනේ උපන් වෙලාව, උපන් දිනය, ලග්නය ආදිය පවතින අතර, එහි
“ දශා අපහරණය/ දශා ශේෂය/ඉදිරියට මහ දශාව “

යනුවෙන් ඇති විස්තරය බලන්න.

* මුලින් ඔබගේ උපන් දිනය සටහන් කරගන්න.

උදා:- 1980 ජනවාරි 10 .

* ඉන්පසු දශා අපහරණයේ එකතුව එකතු කර දැන් ගත කරන මහ දසාව සොයාගන්න.
(රවි මහ දසාව වසර 5යි, මාස 5යි දින 10)

උදා,
1980 ජනවාරි 10 + රවි මහ දසාව වසර 5යි, මාස 5යි දින 10 නම්,

( 1980. 01. 10 + 05. 05.10 = 1985.06.20)

* රවි මහ දසාව අවසාන වන්නේ 1985 ජුනි 20 වනදාය.

*රවි මහ දසාවට පසු එළඹෙන්නේ සඳු මහ දසාව වන අතර එය වසර 10කි.
එනම් 1995 ජුනි 20 දක්වා සඳු මහ දසාව පවති.

*ඉන්පසුව එළඹෙන්නේ කුජ මහ දසාවය.
එය වසර 7කි( 2002 ජුනි 20 දක්වා)

*ඉන්පසු රාහු මහ දසාව පවති. එනම් වසර 18කි.
එනම් 2020 දක්වා ගතවන්නෙ රාහු මහ දසාවය.

* සෑමකෙනාම රවි මහ දසාවෙන් උපදින්නෙ නැත. ඒනිසා අදාල මහ දසාවට අනුව ඊට පසුව එන මහ දසා එකතු කල යුතුය.

“ අප්‍රේල් මාසයේ වාසනාවන්තම ලග්නය මකර “

* පොදු පලාපලයකි.

මේ මාසයේ වාසනාවන්තම ලග්නය “ මකර “

මකර ලග්නයේ ලග්නාධිපති වන්නේ සෙනසුරු/ශනි ග්‍රහයාය.
එසේම මකර ලග්නයේ ලග්නාධිපති මෙන්ම 10 වැන්න අධිපති වන්නේද සෙනසුරුය.

● මෙම සෙනසුරු ග්‍රහයා මකර ලග්න හිමියන්ගේ 10 වැන්නේ රාහු සමග උච්ච බලයෙන් සිටී. මෙහිදී සෙනසුරු “සස යෝගය“ උදා කරමින් සිටී.
(https://www.facebook.com/photo.php?fbid=152665944928418&set)

● මේ සමගම ශනි-සිකුරු පරිවර්ථන යෝගයක්ද ඇති අතර එය බොහෝ වාසනාවන්ත පිහිටීමකි.
(https://www.facebook.com/photo.php?fbid=224611401067205&set)

● එසේම මකර ලග්නයේ අයස්ථානයේ එනම් 11 වැන්නේ අධිපති වන කුජ, 11වැන්නෙන් 11 වැන්නේ පිහිටීමද ධන වාසනා පෙන්නුම් කරයි. එයද වාසනාවන්තය.

* මෙම යහපත් පිහිටීම් නිසා මකර ලග්නයට බොහෝ වාසනාව පෑදෙනු ඇත. ධනය, පිරිවර ඇතිවෙනු ඇත.
රැකියාවේ දියුණුව, උසස්වීම් අපේක්ෂිතය. සතුරන් පරාජය වනු ඇත.

** මෙය පොදු පලාපලයකි.

ශනි - සිකුරු පරිවර්ථනය යෝගය

(මාර්තු 31 උදේ සිට)

කුම්භ ලග්න ලංකා කේන්දර සටහනේ සුඛස්ථානය වන 4 වැන්න සහ භාග්‍යස්ථානය වන 9 වැන්නේ අධිපති වන්නේ සිකුරු/ශුක්‍ර ග්‍රහයාය.

සිකුරු කුම්භ ලග්නයේ 1 වැන්නට හෙවත් ලග්නයට මාර්තු 31 උදෑසන පැමිණේ. එනම් සිකුරු පැමිණෙන්නේ ශනිගේ අධිපතිත්වය දරන කුම්භ රාශියටය.
මේ වන විට කුම්භ ලග්නයේ ලග්නාධිපති වන සෙනසුරු ගමන් කරන්නේ 9 වැන්න වන තුලාවේය. තුලා රාශි අධිපති වන්නේ සිකුරුය.
ඒ අනුව මෙය පරිවර්ථන යෝගයකි.

1 වැන්න හා 9 වැන්න යනු කේන්දරයක වටිනා ස්ථාන වන අතර මෙම පරිවර්ථනය ඒ අනුව සුභ පල ලබාදේ. මෙය ලක්ෂ්මී දේව මාතාවගේ ආශිර්වාදය ලබාදෙන පරිවර්ථනයක් ලෙස සැලකේ.

* මෙහිදී විශේෂයෙන්ම බොහෝ බාධක කම්කටොළු විඳ දරාගෙන ඒවා අකා මකා ඉදිරියට යෑමේ හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙනු ඇත. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබෙනු ඇත.
මෙම තත්වය අප්‍රේල් 28 දක්වා අපේක්ෂිතය.

ලග්න වශයෙන් ගත් කල පොදුවේ “ මිථුන, තුලා, මකර, කුම්භ“ ලග්න වලට බොහෝ යහපත්ය.
ඔවුන්ට තම කටයුතු සාර්ථක වීම, රැකියාවේ දියුණුව, උසස්වීම් ලැබීම ආදි වාසනාව ඇතිවිය හැක. එසේම මේ වාසනාවන්ත පිහිටිම සහිතව උපත ලබන දරුවන්ද අනාගතයේ බොහෝ ඉහල තැන් වල සිටිනු ඇත.

__ අම්මලා දුක් ගන්නේ පුතුන් + දූවරුන් හදන්ටා __ (1)

2500ක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ආර්ය ජාතියක් වන අපගේ සිංහල ජාතිය, පෙරට සාපෙක්ෂව අඩුවීමක් පවතී(යුද්ධය පැවති ප්‍රදේශ වල යම් වැඩිවීමක් දැන් ඇත).

ලෝක ජනමත සමීක්ෂණ අනුව, වරෙක ජාත්‍යන්තර ආයතනයකින් වඳවී යන ජාතියක් බව සිංහල ජාතිය ගැන ප්‍රකාශ කර තිබුනි. මෙම තත්වයේ සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත්, අද රට තොට ඇවිද යාමේදි පෙනෙන තත්වයකි, අපගේ ජනතාවගේ ජන ඝනත්වයේ අඩු බව. මෙයට ප්‍රධානම හේතුව කුමක්දැයි අප පරික්ෂා කර බලමු.
බිහිවන දරුවන් ජාතියේ සම්පතක් බව අප සැවොම පිලිගන්නා කාරණාවකි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේද දරුවන් සම්පතක් බව උන්වහන්සේගෙ ශ්‍රී මුඛයෙන් වදාරා තිබුනි. මේ තත්වයට හේතු වෙන කරුණු කාරණා ගැන බැලීමේදි වැටහී යන කාරණාව නම්, එනම් භෞතික සාධක වන්නේ,
● ආර්ථික තත්වය දුර්වල වීම,
● සිංහල ජාතියේ තරුණයන් විශාල වශයෙන්ම හදිසි අනතුරු වලට ලක්වී මියයාම, විශේෂයෙන් පිටපලාත් වල සංචාර වලදි තරුණයන් පිරිස් වශයෙන් දියේ ගිලි මිය යෑම. ● රථ වාහන වලින් පවුල් පිටින් අනතුරට ලක්වී මිය යාම.
● අතීතයේ 71, 89 වැනි දේශපාලන කැරලි සමයන්හිදි විශාල වශයෙන් ශ්‍රී ලාංකික සිංහල තරුණ තරුණියන් මිය යාම.
● ජනවාර්ගික ප්‍රශ්නය නිසා ඇතිවූ ත්‍රස්තවාදි යුද්ධයෙදි සිංහල තරුණ තරුණියන් මිය යාම සහ ආබාධිත වීම සහ විශේෂයෙන්ම අප ජාතියේ තරුණ තරුණියන්ගේ නොසැලකිලිමත්කම නිසා පිරිස් ලෙස විශාල වශයෙන් මියයාම.
● එසේම අප රටේ දුප්පත් සිංහල ජනතාව සිටින පලාත් වල රාජ්‍ය නොවන සංවිධාන විසින් යම් යම් සැත්කම් හා ඖෂධ වලට පුරුදු කර උපත් පාලනය සිදු කිරීම, මෙයද අහිතකර තත්වයකි.

ඉහත දැක්වූ සාධක භෞතික සාධක බව කිව යුතුය. අප දැන් බලමු ජන්ම පත්‍රයක දරුවන් නොලැබෙන යෝග කවරේද කියල.

● උප්පත්ති කේන්දරයක ලග්නය කුමක් වුවත්, 5වැන්නාධිපතියා දුර්වල නම්, දරුවන් නොලැබීමට ඉඩ තිබේ. එසේම 5 වැන්නට පාප ග්‍රහයන්ගේ දුර්වල ග්‍රහ දෘෂ්ඨි ලැබේ නම්, දරුවන් ලැබීම දුර්වල වේ.

● යම් කාන්තාවකගේ ජන්ම පත්‍රයේ ලග්නාධිපතියා පාපියෙකු වී (විශේෂයෙන්ම මේෂ හා වෘශ්චික ලග්න වලට) 5 වැන්නේ සිටිම නිසා උපදින පලවෙනි දරුවාට යම්කිසි අනතුරක් වීමට පුලුවන. එසේම යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ විවාහ ස්ථානය වූ 7 වැන්න අධිපති, 7 වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ඨි සහ විවාහ වූ යුවල ගත කරන මහ දසා, අතුරු දසා, විදසා වල ආදි බොහෝ සාධක වල බලපෑම තිබේ.

● යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ 5වැන්නාධිපතියාගේ බලපෑම හොඳ දරුවන් ඉපදීමට වාසනාව ගෙන දේ.

එක් එක් ලග්නයට 5වැන්නාධිපතියා මෙසේය.

* මේෂ - රවි
* වෘෂභ - බුධ
* මිථුන - සිකුරු
* කටක - කුජ
* සිංහ - ගුරු
* කන්‍යා - ශනි
* තුලාව - ශනි
* වෘශ්චික - ගුරු
* ධනු - කුජ
* මකර - සිකුර
* කුම්භ - බුධ
* මීන - සඳු

• මෙම 5වැන්නාධිපතින් බලවත් වීම යහපත් දරුවන් සේම අධ්‍යාත්මයෙන් උසස් දරුවන් ඇතිවිමට හේතු වේ.
තවද යම් කාලයක පටන් පැවති,යම්කිසි ගතානුගතික චාරිත්‍රයක් නම් මෙම දරුවන් සම්බන්ධ ගැටළුවෙදි කාන්තා පාර්ශවයට එය පූර්ණ වශයෙන්ම එල්ල කිරීමයි.
• මෙම ග්‍රහචාරයෙන් අප දක්වන පරිදි විශේෂයෙන්ම ඒ කාන්තාව හා කාන්තාව තරමටම පුරුෂයාද මේ තත්වයට වගකිව යුතුය.
• පුරුෂයෙකුගේ උවත් 5 වැන්නාධිපතියා දුර්වල නම් දරුවන් සම්බන්ධයෙදි යම් ගැටළුවක් ඇති වන බව කිව යුතුය.

** 2වන කොටස
(https://www.facebook.com/photo.php?fbid=225264491001896&set)

මහ දශා විස්තරය__

මහ දසාවන් වල කාලයන් ඉහත දැක්වේ.

ගණන් කර බලන්න සියලු මහ දසාවන් වල එකතුව 120කි.
පරමායුෂ මේ යුගයේ 120ක් ලෙස සැලකෙන අතර ඒනිසා අද කාලයේ 70-80ක් දිවි ගෙවන අද කාලයේ සියලු මහ දසා ගත කරන්න වෙන්නෙ කලාතුරකින් කෙනෙකුටය.

ඉදිරියේදී ඔබට ඔබගේ මහ දසාවන් ගත වන කාලය ඇරඹෙන කාලය නිර්ණය කරන හැටි විස්තර කරන්නෙමු.

__ පුරාණ රජවරුන් අන්තංපුර ස්ත්‍රීන් ප්‍රමෝදයට පත් කල ඔබ නොදත් දිව්‍ය වාජීකරණ ඖෂධ __

* කිරිබදු අල

කුලය : ත්‍රිකරුක් කුලය

● බුද්ධිය වඩන, කාය ප්‍රාණවත් කරන, ධාතු වඩන ප්‍රධානම වාජිකරණ ඖෂධයකි. වාජිකරණ ඖෂධ අතරින් ප්‍රධාන තැනක් ගනී. අල, මුල් ප්‍රයෝජනයට යොදා ගනී.
මෙම ඖෂධයේ ඇති සුවිශේෂිතා නම් සමහර තරුණයන් කුඩා කල සිට නරක ආශ්‍ර හේතු කරගෙන විනාශ කරගත්තා වූ ශුක්‍ර ධාතුව නැවත ස්ථම්භනය කිරිමට කටයුතු කරන දිව්‍ය ඖෂධයකි.
මෙය වැළදීමෙන් හටගන්නා දරුවන් ඉතාම බුද්ධිමත් සහ ශක්තිමත් දරුවන් බව කිව යුතුය. කිරි දෙන මව්වරුන්ටද ඉතාම ශුභ, ගුණදායක ඖෂධයකි.

* තවද කිරිබදු අල, උක්දඬු, වැල්මී, සප් සඳ, නෙල්ලි, හාතවාරිය අල කශාය කර මීපැණී සීනි සමග කිරිබදු අල සහ දඬු තම්බා බීමෙන් ශාරීරික දුබලතා, මුත්‍රා දාහය, ස්නායු දුබලතා නැතිවේ.