Monday, January 6, 2014
සිකුරු උච්ච වීමෙන් ඇතිවන “මහෞෂධ යෝගය“
සිකුරු ග්‍රහයා මීන රාශියේදි උච්ච වේ.
මෙම යෝගයෙන් උපන් අය, රූමත්ය. වාසනාවන්ත විවාහ ජීවිතයක් හිමිය. සැප සම්පත් විඳිය හැක. බොහෝ දෙනා අතර ජනප්‍රිය වේ. බොහෝ දෙනාගේ ආදරය, කරුණාව, ගරුබුහුමන් ලබයි.
* ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 12 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 11 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 10 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 9 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 8 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ කන්‍යා ලග්නයේ නම් ඔබගේ 7 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 6 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 5 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 4 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 3 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 2 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 1 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
Sunday, January 5, 2014
විවාහස්ථානාධිපති (7) අනුව සහකරු/සහකාරිය ලග්නෙට අනුව
(මෙය පොදු විස්තරයකි. කේන්දර සටහන අනුව වෙනස් වනු ඇත)
මේෂ ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ සිකුරුය.
ඒ අනුව මනා රූප ශෝභාවක් ඇති, අලංකාරවත්ව විනෝදයෙන් සිටීමට කැමති, කලා කටයුතු වලට හැකියාව ඇති කෙනෙක් විය හැක. වියදම් අධිකව කරයි. විවාහයද ඉක්මන් විය හැක.
7 වැන්නේ සිකුරු සිටීම හෝ 7 වැන්න සිකුරුට දෘෂ්ඨි ලැබුනොත් පාප ග්‍රහ දෘෂ්ඨි නැතිව, ඉතා හොද කෙනෙක් ලැබෙන බව කියවේ.
වෘෂභ ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ කුජය. මනා ශරීරයක් හිමි, නිර්භීත, අඥාදායක ගති ඇති කෙනෙක් විය හැක. විටෙක දරුණු කේන්තියක්ද තිබිය හැක. ප්‍රධානත්වය දරයි. එසේ වුවද 7 වැන්නේ කුජ සිටිම හෝ පාප දෘෂ්ඨි ලැබීම මත එතරම් යහපත් කෙනෙක් නොලැබිය හැක.
මිථුන ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ ගුරුය. උගත් බුද්ධිමත් නිහතමානි කෙනෙක් විය හැක. අරපරිස්සමින් බුද්ධියෙන් කටයුතු කරයි. පවුල රැකගැනීමට කටයුතු කරයි. උපදෙස් දිය හැක. 7 වැන්න ගුරු සිටීමත්, පාප දෘෂ්ඨි නොවීමත් මත යහපත් කෙනෙක් විය හැක.
කටක ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ ශනිය. ඒ අනුව දුක් කරදර විඳිය හැකි ඒවා යටපත් කිරීමට හැකියාව ඇති කෙනෙක් විය හැක. වයසින් වැඩි කෙනෙක් විය හැක. එසේ වුවද ගුණසම්පන්නය. ආගමට ලැදිය. දරුවන්ට සෙනෙහෙවන්තය. ශනි 7ට දිග් බල වුවද ශනි 7 සිටිම හෝ දෘෂ්ඨි නරක වුවොත් අයහපත් කෙනෙක් විය හැක.
සිංහ ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේද ශනිය. ශක්තියෙන් අනූන බාධක මැඩ පැවැත්විය හැකි ධෛර්යමත් කෙනෙක් විය හැක. ගුප්ත ශාස්ත්‍ර විශ්වාස කරයි. අසනීප ඇතිවිය හැක. ව්‍යාපාර වලට දක්ෂය. ශනි 7 සිටිම හෝ 7 දැක්කොත් එතරම් යහපත් නොවිය හැක.
කන්‍යා ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ ගුරුය. ඒ අනුව උගත් බුද්ධිමත් කරුනාවන්ත නීතියට ගරු කරන කෙනෙක් විය හැක. මනා බුද්ධියක් ඇත. උගත් අය ඇසුරු කරයි. ඉහල සමාජයට යෑමට උවමනා කෙනෙක් විය හැක. යුක්ති සහගතය. ගුරු 7 දැකීම අන් අසුබ දෘෂ්ඨි නැතිවිම මත යහපත් කෙනෙක් විය හැක.
තුලා ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ කුජය. ඒ අනුව කලබල ඇති කඩිසරද ගති ඇති කෙනෙක් වියහැක.ඉදහිට මුරණ්ඩුද වේ. අරපිරිමැස්ම අඩු විය හැක. ශක්තිමත්ය. ප්‍රධානත්වය ගනී. කුජ 7 සිටිම හෝ කුජ හෝ වෙනත් පාප දෘෂ්ඨි ලැබීම මත අයහපත් විය හැක.
වෘශ්චික ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ සිකුරුය. ඉතාම විනෝදයෙන් කල් ගෙවන කෙනෙකි. සංගීතයට කැමතිය. හදිසියෙන් පෙම් කල හැක. ඉක්මන් විවාහයක් විය හැක. තම මතයට කටයුතු කරයි. එසේ වුවද දියුණුව ඇතිවේ. සැහැල්ලු හිතක් ඇත. වයස නොපෙනේ. 7 වැන්නෙ සිකුරු සිටීම හෝ සිකුරු 7 දැකීම හෝ පාප දෘෂ්ඨි නැතිවීමද අනුව යහපත් කෙනෙක් විය හැක.
ධනු ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ බුදය. ඉතා බුද්ධිමත් උගත්කමෙන් අනූන කෙනෙක් විය හැක. බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් විය හැක. ධර්මයට ලැදි කෙනෙකි. පොත පත කියවන කෙනෙකි. සම සිතින් සියලු දේ දැරීමට හැක. මෘදු හිතක් ඇති විය හැක. 7 බුද සිටිම හෝ 7 වැන්න බුද දැකීමද පාප දෘස්ඨි නොතිබීමද මත බොහෝ යහපත් කෙනෙක් විය හැක.
මකර ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ සඳුය. ඒ අනුව ඉතා අහිංසක ගති ඇති කෙනෙක් විය හැක. වැවීමට ප්‍රියයි. විටෙක කම්මැලිය. අහිංසක නිසා සිත් රිදවීම් ඇති කරගත හැක. සැහැල්ලුවෙන් සිටිමට කැමතිය. පවුලට හිතවත්ය, දරුවන්ට සෙනෙහෙවන්තය. සදු 7 සිටිම හෝ සදු 7 දැකිම පාප දෘෂ්ඨි නැතිව වේ නම් ඉතා සෙනෙහෙවන්ත කෙනෙක් වේ.
කුම්භ ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ රවිය. ඒ අනුව එඩිතර ක්‍රියාශිලි කෙනෙක් විය හැක. ප්‍රධානත්වය දරයි. ක්‍රීඩා කරන කෙනෙකි. ව්‍යාපාර වලට සුබයි. කිසිවෙකු ගැන එතරම් නොතකයි. ආඩම්බර ගතිද ඇත. 7 රවි සිටිම 7 රවි දැකිම පාප දෘෂ්ඨි නැතිවිම මත පාලනයට නතු කරගන්නා කෙනෙක් ලැබිය හැක.
මීන ලග්න අයගේ 7 වැන්නාධිපති වන්නේ බුදය. ඉතාම ගුණයහපත් ගති ඇති අහිංසක කෙනෙකි. කලා කටයුතු වලට දක්ෂය. සතුටින් සිටි. වැඩිය ජිවිතය ගැන කණගාටු නොවේ. මානව හිතවාදිය. ආගම දහමට ගරු කරයි. ගුණවත්ය. බුද 7 සිටිම, දැකිම හෝ අසුබ දෘස්ටි නැති නම් යහපත් වේ.
ඔබගේ ලග්නයට අනුව.. විවාහ ස්ථානය අයිති වන ග්‍රහයන්
මේෂ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ සිකුරු/ශුක්‍ර ය
පාප දෘෂ්ඨි නැතිනම් සිකුරුට අදාල ගති ඇති බිරිඳක් ලැබෙන බව කියවේ.
වෘෂභ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ කුජ/අඟහරු ය
මිථුන ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ ගුරු/බ්‍රහස්පති ය.
කටක හා සිංහ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ ශනි/සෙනසුරුය.
කන්‍යා ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ ගුරු/බ්‍රහස්පති ය.
තුලා ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ කුජ/අඟහරු ය.
වෘශ්චික ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ සිකුරු/ශුක්‍ර ය.
ධනු ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ බුදය.
මකර ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ සඳු/චන්ද්‍රයාය.
කුම්භ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ රවි ය.
මීන ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ බුද ය.

Saturday, January 4, 2014
__ කේන්දර සටහනේ 8 වැන්න අධිපති ග්‍රහයා සහ පොදු කරුණු __
__
පොදුවේ සිකුරු, ගුරු හැර අන් ග්‍රහයන් 8ට එතරම් සුබ නැත.
රවි 8 සිටිම කරදර බාධක පෙන්වයි.
සඳු/චන්ද්‍රයා 8ට ඉතා අයහපත්ය. මවට අපල අතර ජලයෙන්ද පරිස්සම් විය යුතුය. එසේ වුවද චන්ද්‍රයා 8 බලවත් වීම විවාහයෙන් දායාද ලැබීමට හේතු වේ.
8 වැන්නට කුජ ඉතා අයහපත් වන අතර, වෛධාව යෝගයකි. බාල කාලයේ ඉතා පරිස්සම් විය යුතුය, හදිසි අනතුරු වලට ලක්වීමටත් පව්කම් වලට පෙළඹීමටත් හේතු විය හැක. පාප දෘෂ්ඨි ලබා ඇත්නම් එම අයහපත් තත්වයන් තීව්ර වේ.
රාහු 8 වැන්නට අසුබය. උෂ්ණ රෝග සෑදිමට සිහිකල්පනාව අඩුවිමට හේතු විය හැක, බලවත්ව සුබ දෘෂ්ඨි සහිතව යෙදුනොත් සුභ පල ලැබෙනු ඇත.
සිකුරු 8 වැන්නට යහපත්ය. බලවත්ව යෙදුනොත් ශාන්ත මරණයක් මෙන්ම, විවාහයෙන් දායාද හිමිවේ. විවාහ දිවිය යහපත් වේ. ව්‍යාපාර වලින් අධික ලාබ ලැබෙන පිහිටීමකි.
* මේෂ ලග්න හිමියන්ට 8 අධිපති වන කුජ කේන්දරයේ යහපත්ව සිටී නම් සුබ පල ලැබේ. විසේසයෙන් බලවත්ව 2, 4, 5, 10, 11 යන ස්ථානයක සිටී නම් විසේස සුභ පල හිමිය.
* වෘෂභ ලග්න හිමියන්ට 8 අධිපති වන ගුරු බලවත්ව සිටියොත් සුබයි.
විසේසයෙන් බලවත්ව 5 හෝ 9 තැනක සිටී නම් දීර්ඝායුෂ ලැබේ.
* මිථුන ලග්න හිමියන්ට 8 අධිපති වන ශනි ග්‍රහයා සුභ දෘෂ්ඨි සහිතව සිටියොත් සුබයි. බලවත්ව 1, 4, 7, 9, 10, 11 ස්ථානයක සිටී නම් බොහෝ සුභ පල ලැබෙනු ඇත.
* කටක ලග්න හිමියන්ට 8 අධිපති වන ශනි බලවත්ව කේන්දරයේ පිහිටා සිටියොත් එය ඉතා සුභ පල ලැබෙන පිහිටීමකි. නොසිතන තරමේ හදිසි ධනලාභ, වස්තු ලාභ ලැබෙන පිහිටිමකි.
* සිංහ ලග්න හිමියන්ට 8 අධිපති වන ගුරු ග්‍රහයාද සුභ දෘෂ්ඨි ලබමින් සිටියොත් දීර්ඝායුෂ ලැබේ. සඳුට පෙනේ නම් මවගේ සියලු දේපල ලබයි. රවිට පෙනේ නම් පියාගෙන්ද දේපල හිමිවේ. විවාහයෙන් නොසිතූ තරම් වස්තු ලාභ ලැබේ.
* කන්‍යා ලග්න හිමියන්ට 8 අධිපති වන කුජ 8 වැන්නෙ බලවත්ව සිටියොත් දීර්ඝායුෂ ලැබේ, එහෙත් එතරම් සුබ නැත. දුර්වලව සිටි නම් බාල වයසෙදිම මරණයට පවා පත්විය හැක.
* තුලා ලග්න හිමියන්ට 8 අධිපති වන සිකුරු ග්‍රහයා බලවත්ව සිටිම ස්වභාවික මරණයකට මෙන්ම ව්‍යාපාර වලින් ලාබ ලබන පිහිටිමකි. යුග දිවිය වාසනාවන්ත වනු ඇත. සිකුරු නීච වුවද එතරම් ගැටළුවක් නොවේ.
* වෘශ්චික ලග්න හිමියන්ට 8 අධිපති වන කුජ යහපත්ව පිහිටියොත් සුබයි. නැතිනම් ජිවිත හානි පවා ඇතිවිය හැක.
* ධනු ලග්න හිමියන්ට 8 අධිපති වන සඳු/චන්ද්‍රයා බලවත් වීමෙන් ආයුෂ වර්ධනය වේ.
* මකර ලග්න හිමියන්ට 8 අධිපති වන රවි බලවත්ව සිටී නම් ආයුෂ ලැබෙන අතර එසේ නොවීමෙන් අකල් මරණ මෙන්ම දරුණු රෝගද ඇතිවිය හැක.
* කුම්භ ලග්න හිමියන්ට 8 අධිපති බුද බලවත් නම් සුබයි. දුර්වලව අශුභ දෘෂ්ඨි ලබයි නම් ධන හානි, වස්තු හානි, රෝගා බාධ ඇතිවිය හැක.
* මීන ලග්න හිමියන්ට 8 අධිපති සිකුරු 8 වැන්නෙම සිටිමෙන් බොහෝ සුබ පල ලැබිය හැකි අතර, දුර්වලව පිහිටියොත් එසේ නොවේ.

Friday, January 3, 2014
ඒබ්‍රහම් ලින්කන් මැතිතුමාගේ කේන්දර සටහන
ඇමෙරිකාවේ 16 වන ජනාධිපති ධූරයට පත් මෙතුමා අදටත් ඉතාම ඉහලින් මතක් කෙරෙන චරිතයකි.
එයට මූලික හේතුවක් වන්නේ, “ වහල් සේවය“ තහනම් කිරීමයි. 1861 - 1865 දක්වා සුළු කාලයක් තුල ජනාධිපති වුවද එම කාලය අදටත් ඇගයෙන්නට හේතුවන ලකුණු එතුමාගේ කේන්දර සටහනේද ඇත.
* මෙහි ප්‍රධානම සුභ ග්‍රහ පිහිටීම වන්නේ ගුරු - සිකුරු යෝගයයි. ලග්නය කුමක් වුවත් 2 වැන්නේ ගුරු හා සිකුරු බලවත්ව යෙදේ නම් එම තැනැත්තා සතුරන් පරාජය කර බලය ලබන්නෙක් බව ජෞතිෂ්‍ය සිද්ධාන්ත වල කියවේ.
මෙහි ගුරු ස්වක්ෂෙත්ර බලයෙන් හිඳිමින් ‘භූමිපාල යෝගය‘ උදා කරයි.
(කාරුණික ගති ඇති. අන් අයගේ ගරු බුහුමන් ලබන්නෙකි. අන් අයට උපදෙස් දීමට සුදුස්සෙකි. අන් අය අතර කැපී පෙනෙයි.)
එසේම සිකුරු උච්ච බලයෙන් හිඳිමින් ‘මහෞෂධ යෝගය‘ උදා කරයි.
(මහෞෂධ යෝගයද අන් අය අතර ජනප්‍රිය කරවන, ඉහලට යෑමට උදව් දෙන යෝගයකි)
* තවද 1 වැන්නේ රවි-බුද යෝගය එනම් බුද ආදිත්‍ය යෝගය යෙදී ඇත. මෙයද රාජ යෝගයක් ගණයේලා සැලකේ.
(බුද්ධිය ඇති, කලා කටයුතු වලට දක්ෂ, ගණිතය වැනි විෂයන් වලටද දක්ෂ අය බිහිවෙති. අධ්‍යාපනය ඉතා හොදින් කරයි. ඕනෑම දෙයක් ඉක්මණින් වටහා ගනී. තම ඥානය නිසා අන් අයගේ ප්‍රශංසාව ලබයි. හොඳ කථිකත්වයක් ඇත. කීර්තිය ලබයි)
* මීට අමතරව 10 වැන්නෙ ශනි/ සෙනසුරු පිහිටා ඇත. කුම්භ ලග්නයේ ලග්නාධිපති වන සෙනසුරු 10 වැන්නට පිහිටීම සුබයි. එසේ වුවද සෙනසුරුගේ බලපෑම නිසාම බොහෝ මහන්සියෙන්, ඉතාම දැඩි කැපවීමකින් සියල්ල ලබාගැනීමට සිදුවී ඇත.
* භාව කේන්දර පරික්ෂාවෙන් මෙම කේන්දර සටහන ගැන බොහෝ විස්තර කල හැක. එසේ වුවද පොදු විස්තරයක් ලෙස සැලකීමේදි මෙය ප්‍රමාණවත් විය යුතුය.
* 2013 වසරේ මාස 8-9ක කාලය තුල අප සේවාවේ වගතුග.
පරික්ෂා කරන ලද කේන්දර පිටපත් සංඛ්‍යාව 432කි.
පරික්ෂා කරන ලද පොරොන්දම් සංඛ්‍යාව 31කි.
වාස්තු විද්‍යා දෝෂ සමනය, ශාන්ති කර්ම ආදියට අදාල යන්ත්‍ර, ස්ත්රෝත්ර ආදිය ලබාදීම - 34කි.
නාමකරණය (ව්‍යාපාර සහ පුද්ගල) - 29කි.
පින් කටයුතු වලට දායක වීම් 66කි. (එයින් 60%ක්ම අභය දාන පිංකම්ය)
90%කට වඩා සේවය අගයන ලද ප්‍රතිශතය = 69%කි.
80% ට වඩා සේවය අගය කල ප්‍රතිශතය = 08 %කි.
70%ට වඩා සේවය අගය කල ප්‍රතිශතය = 09%කි.
50%ට වඩා සේවය අගය කල ප්‍රතිශතය = 07%කි.
30%ට වඩා සේවය අගය කල ප්‍රතිශතය = 02%කි.
සේවය අගය නොකල ප්‍රතිශතය සහ අනිකුත් = 05%කි.

2014 ඔබට කොහොමද ?
මේෂ ලග්නය
වසර ආරම්භයම යම්කිසි සුබාසුබ මිශ්‍රව ප්‍රතිඵල ලැබෙන කාලයකි. කරන කියන වැඩ කටයුතු සාර්ථක වීමට නව වසරේදී පුලුවන.
ධනය :
ධන තත්වය යහපත් වේ. ඒ 2014 වසරේ මුල් භාගයේ සිටම වෙයි. කරන කියන කටයුතු පහසුවෙන් කල හැක. එමෙන්ම අමතර ආදායම් ලැබීමට නියමයි. තවද දෙමාපියන්ගෙන් උරුමහරුමකම් ලැබේ. ඒ 2014 මැයි වල සිටය.
රැකි රක්ෂා :
රැකි රක්ෂා කටයුතු යහපත් වේ. නව රැකියා බලාපොරොත්තු වෙන අයට අලුත් රැකියා ලැබේ. මෙම වසරේ ඔබ රැකියාවෙදි හෝ රැකියාවක් බලාපොරොත්තු වන අයත් උත්සහවන්තව වැඩ කල යුතුය. ඔබ මන්දගාමි වීමට යම් ග්‍රහචාරයක් ලග්නයෙන් පෙනේ.
ගෘහ ජිවිතය : 2013 වසර පුරාවටම පැවති යම් යම් බාධක කරදර 2014 මැයි මසින් පසු පහවී යයි. නිවාස ඉදි කිරීමේ කටයුතු කර ගැනීමට පුලුවන. එසේම නව ගෘහ භාණ්ඩ හෝ සැප පහසුවට අවශ්‍ය වන බඩුභාණ්ඩ මිලදී ගත හැක. මව්පස ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. වසර මැද තෙක්ම විවාහ ජීවිතය තුල ඉවසීමෙන් කටයුතු කරන්න. අනියම් කම් සැප ලැබෙන කාලයකි. එයින් ගෘහ ජිවිතයේ සමගියට බාධා ඇතිවීමට පුලුවන.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තරග විභාග ආදියෙන් ජුනි ජූලි මාස වලදි එයින් ජය ලැබේ.
සෞඛ්‍ය
වසර පටන් ගන්නේ, ඔබට යම් යම් සෞඛ්‍ය ගැටළු ඇති කරමින්ය. ලේ කෝප වීමේ රෝග සමේ රෝග, කලක් යටගොස් තිබුනු රෝග නැවත මතුවිම සෙම් රෝග, වැළදීමට ඉඩකඩ ඇත. මෙවැනි තත්වද 2014 මධ්‍ය කොටසෙදි පහවී යයි.
ශුභ දවස් : ඉරිදා, බ්‍රහස්පතින්දා
වෘෂභ
මේ වසර ඔබට ඉතාම ශුභයි.
ධනය :
මිල මුදල් ලැබේ, ආදායම් තත්වය යහපත් වේ. පෙර කුසල් ඵල දෙන කාලයකි. යම් කෙනෙක් නිසා ආදායම් වලට බාධා ඇතිවී ඇත්නම් ඒවා මඟහැරී යයි. මුදල් ඉතිරිය සිදුවේ. කලක් අමතකවී සිටි අයෙක්ගෙන් ආදායම් ලැබීමට නියමයි.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු තරමක් සතුරු කරදර නිසා අවුල් වීමට පුලුවන. මෙම තත්වයත් 2014 මධ්‍ය කොටසේ සිට හරියයි. රැකියාවෙදි අනවශ්‍ය වගකීම් තමන් විසින්ම පටවා ගැනීම නොකල යුතුයි. එයින් අනවශ්‍ය කරදර වලට මුහුණ පෑමට සිදුවේ.
ගෘහ ජීවිතය : මේ වසර පසුගිය වසරේ මෙන් තරමක් දුරට නිවී සැනසිල්ලේ වාසය කිරීමට හැකියාව ලැබේ. සාමකාමිව ගතවේ. විසේස වශයෙන් ගත් කල සම ඵල ඇතිවේ.
සෞඛ්‍ය
යටි බඩේ අමාරු, මුත්‍රා අමාරු, ස්නායු වේදනා ඇතිවීමට පුලුවන. කුඩා දරුවන්ගෙ යටි පතුල් වල දද කුෂ්ඨ මතුවීමට පුලුවන.
මිථුන
මෙම වසර ශුභයි.
ධනය : පසුගිය වසරට කලින් වසර එනම් 2012 වසර, යම් යම් ආර්ථික වශයෙන් ඔබව පහලට ඇද දමන තත්වයක් තිබුනි. නව වසර උදා වන්නේ ඔබට ශුභදායක වෙනසක් ඇති කරගෙනය. එමනිසා උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කිරීම ධන තත්වය දියුණු කරගැනීමට හේතුවේ. 2014 මැයි මස සිට ඉතාම යහපත්ය.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු යහපත් වේ. කරන රැකියාවේ උසස්වීම් ලැබේ. අලුත් නිලතල ලැබේ. රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ලැබීමට පුලුවන. ඒ අතර විදේශ රැකියාද ඇත.
ගෘහ ජිවිතය
තරමක් ඉවසීමෙන් ගත කිරිමට පුලුවන. ඔබගේ ඇති පණ්ඩිතකම නිසා හෝ කේන්ති යාම නිසා ගෘහ ජිවිතය තුල ගැටුම් ඇතිවිමට පුලුවන. එය සෑහෙන කලකට පවතී. බුද්ධියෙන් මේ තත්වය සංසිඳවා ගත යුතුය. ඔබට එය කල හැක. දරුවන්ට සැරවැර වී තේරුමක් නැතිව ඔවුන්ට දඬුවම් දීමට සිත් ඇතිවේ. එවැනි පාපක්‍රියා නොකර දරුවන් ඉන්නා අය ඔවුන්ට ආදරේ කරන්න. ඔවුන් වෙනුවෙන් මහා පරිමාණයෙන් දියුණුවට මුදල් දීමට ඔබට පුලුවන. ඒ 2014 මධ්‍ය කොටසේ සිටය.
සෞඛ්‍ය
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොපවතී. නිදන් ගත රෝග ඇති අය, රෝග පාලනයකට යොමුවීම යහපති.
කටක
ඔබට 2013 වසර මෙන්ම 2014 මධ්‍ය කොටස තෙක්, ප්‍රතිඵල රහිත වසරකි.
ධනය
තත්කාල ග්‍රහචාරයේ කිසිම සුභ ඵලයක් නොමැත. ආර්ථික වශයෙන් බිංදුවට ඇද දැමීමට පවතින ග්‍රහචාරය ඉවහල්ය. මෙහි සදහන් කරන්නට පුලුවන් කිසිම ශුභ ඵලයක් පෙනෙන්නට නම් නැත.
රැකි රක්ෂා
රැකි රක්ෂා අහිමිවීමට පුලුවන. බොහෝ කටක ලග්න අයගේ රැකියා ස්ථාන වල සතුරු කරදර පවති. යටින් උල්පන්දම් ඇල්ලීම කේලම් කියා රැකියා වලට වින කිරීම, ආයතන ප්‍රධානින් සමග සිත් බිදවීම විය හැකිය. රේගුව පොලිසිය ත්‍රිවිධ හමුදාව එමෙන්ම දේශපාලනඥයන් ඒ අය රැකියාවේ සුරක්ෂිත භාවය පිලිබදව විශේෂ අවදානයෙන් පසුවන්න.
ගෘහ ජිවිතය
ආරවුල් සහිත වේ. වැඩකට නැති යම් යම් කරුණු කාරණා නිසා ගෘහ ජීවිතයේ අනවශ්‍ය ගැටළු මතුවේ. ඉහත කීවාක් මෙන් අඹු දරුවන් හා අනවශ්‍ය ගැටුම් නිර්මාණය වේ. කටක ලග්නයේ උපන් අය මෙන්ම ඔවුන් හා විවාහ වී සිටින ස්වාමි භාර්යා යන දෙකොට්ඨාශයම ‘මනා ඉවසීමෙන්‘ කටයුතු කල යුතුය.
සෞඛ්‍ය
පපුවේ දැවිල්ල, ගෑස්ට්‍රයිටීස් රෝග, දණිස් අමාරුව වළලු කරේ ආබාධ, කෙණ්ඩ පෙරලීම, නිදන්ගත රෝග ඇති අයගේ රෝග සංකූලතා වැඩිවීම සිදුවිය හැක.
සිංහ
මෙම වසර පසුගිය වසර මෙන්ම සුබ අසුබ මිශ්‍රව ලැබෙන වසරකි.
ධනය : ආර්ථික තත්වය යහපත් වේ. ඒ නැතත් ආර්ථික තත්වයට බාධා වන ආකාරයට කිසිවක් සිදු නොවේ.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු බාධාවකින් තොරව කරගත හැකිය. තමන්ගේ පවුලට සම්බන්ධ තමන්ගේම සහෝදරයෙක්ගෙන් ආර්ථික වාසි හෝ රැකියාවකට උදව්වක් ලැබේ. නව රැකියා බලාපොරොත්තු වන අයට දැන් දැන් සිටම එම තත්ව හිමිවේ.
ගෘහ ජිවිතය
යහපත් ලෙස ගතවනු ඇත. විශාල වශයෙන් අවුල් ඇති නොවේ. මැයි මසින් පසු අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. එසේම මේ ලග්නයේ අයට අනියම් ආකාරයට කම් සැප විඳීමට හැකි වන කාලයකි. එයින් පරිස්සම් වන්න.
සෞඛ්‍ය
සෞඛ්‍ය තත්වය, ඇඟ මහත්වීම බ්‍රහස්පති/ගුරුගේ බලපෑම නිසා සිදුවිය හැක. උෂ්ණාධික රෝග, මුත්‍රා රෝග ඇතිවීමට ඉඩකඩ ඇත.
කන්‍යා
ශුභ අසුබ මිශ්‍රව පවති.
ධනය
2013 වසර මෙන්ම මේ වසරද ආර්ථික වශයෙන් මහා පරිමාණ ගැටළු ඇති නොවේ. රැකියාවෙන් උපයා ගන්නා මුදල් ආරක්ෂා වේ. මහ පරිමාණ බිද වැටීමක් සිදු නොවේ. 2014 සිට ඉතාම ඉහල තත්වයට පත්වේ. විවාහ වී ඇති අයට භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ යන පාර්ශව 2න්ම මිල මුදල් උදව් උපකාර ලැබේ. වරදක් නැත.
රැකි රක්ෂා
ආර්ථික තත්වය යහපත් වේ. රැකියාවල උසස් වීම් ලැබේ. තමන්ට ලැබෙන සමාජ සබදතා නිසා එයින් වාසි අත්වේ.
ගෘහ ජිවිතය
ප්‍රීතිමත්ව ගත වනු ඇත. විවාහස්ථානාධිපති බලවත් වන නිසා මැයි මස සිට යහපත් වේ.
සෞඛ්‍ය
ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කරගැනීම යහපත්ය. තරබාරුවීමට පුලුවන. එය පාලනය කරගන්න.
තුලා
සුබාසුබ මිශ්‍ර පල ලැබෙන වසරකි.
ධනය
ආර්ථික තත්වය යහපත් වේ. ඔබගේ කේන්තිකාර සහ ඉවසීමක් නැති යම් යම් ක්‍රියා නිසා ඔබට ලැබිය යුතු යම් යම් වරප්‍රසාද ඔබ විසින්ම අහිමි කරගනු ඇත. හිත පාලනය කරගැනීම ධන තත්වය දියුණු කරගැනීමට හේතු වේ. අනවශ්‍ය වියදම් වලින් පරිස්සම් වන්න.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු යහපත්ය. එයට ඔබගේ කැපවීම සහ ඉවසීම උනන්දුව මේ කාලයේ තිබිය යුතුය. පෙර පින් බලය නිසා යම් යම් අවස්ථාවන් ලැබීමට පුලුවන. විදේශ රැකියාද ලැබීමට නියමයි. අනවශ්‍ය කලබලයෙන් ඈත් වන්න.
ගෘහ ජිවිතය
ගෘහ ජිවිතයද ප්‍රිතිමත්ව ගත කිරිමට පුලුවන. එයට ඔබගේ ඉවසීම අවශ්‍යයි. නිවසට අලුත් ගෘහ භාණ්ඩ යම් යම් දේවල් ලැබීමට පුලුවන. විවාහපේක්ෂක අයට වසරේ මුල් කොටසේදී විවාහවීමට හැකියාව ඇත. සිකුරු මහ දසා, බුද මහ දසා, ගුරු මහ දසා ගත කරන අයට එය එසේම වේ.
සෞඛ්‍ය
හිස සම්බන්ධ රෝග, මානසික ආතතිය, මානසික ගැටළු කේන්ති යාම නින්ද නොයාම දෙපා දණහිස් වේදනාව ඇතිවීමට පුලුවන. එමෙන්ම මුල් මාස 3-4 තුලදි අනතුරු වලක්වා ගැනිමට ක්‍රියාකල යුතුයි.
වෘශ්චික
මෙම ලග්නයේ අයට මෙම වසරේදි මුල් කොටස ඉතාම අයහපත්ය.
ධනය
ධන තත්වය ඉතාම පහත් මට්ටටේ පවති. කිසිම දියුණුවක්, ඉතිරියක් නැත. රැකියාවෙන් ලැබෙන වැටුප් තමන්ටත් හොරා වැයවේ. එසේම කිසිම ඉතුරුවක් නැතිව තවත් අයට ණය විමට පුලුවන. එමෙන්ම ගැරන්ට් ආදියට අත්සන් කොට එනම් ඇපයට අත්සන් කොට එම මුදල්ද තමන්ට ගෙවීමට හෝ නඩුහබ වලට පැටලීමට පුලුවන. ආර්ථික තත්වය දියුණු කරනවාට වඩා යම් හෝ හොදක් ඇත්නම් දැනට එය ආරක්ෂා කිරීම වටී.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු ද දැඩි අවුල්කාරි තත්වයක පවතී. රැකියා ආරක්ෂා කරගන්න. වෙළද සමාගම් වල සේවයේ නියුතු අය රැකියා වෙනස් කිරිම මහා පරිමාණයෙන් දුකට වැටිමට හේතුවකි.
ගෘහ ජිවිතය
පවුල් ජිවිතයේද ඒ තරම් යහපත් නොවේ. මෙම තත්වය මැයි මසින් පසු යම් තරමක් දුරට යහපත් වේ. ස්වාමි බිරිඳ දෙදෙනා අතර ගැටුම්ද දරුවන් දෙමාපියන් සමග ගැටුම්ද ඇතිවේ. ඒවා අවම කිරිමට වග බලාගන්න.
සෞඛ්‍ය
සෞඛය තත්වය සාමාන්‍යය වේ. හර්නියා, වෘෂණ කෝෂ වල ආබාධ
කාන්තාවන්ට ගර්භාෂගත රෝග, යටි බඩේ රෝග ඇතිවිය හැක. මේවා ඇත්නම් ප්‍රතිකාර කරවා ගන්න.
ධනු
ඔබට වාසනාවන්ත වසරකි 2014.
ධනය
ධන තත්වය යහපත් වේ. අලුත් ආදායම් මාර්ග ලැබේ. වසරේ මුල් භාගයේදිම තමන්ගේ ක්‍රියා කලාප නිසා මුදල් හදල් එන ආදායම් මාර්ග ඇතිවේ. වචනයෙන් පවා මුදල් ලැබේ. නව ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට සැපයට අවශ්‍ය සියලුම දේවල් වලට මුදල් ආයෝජනය කිරීමට ලැබේ. ස්විප් දිනුම් ඇතිවේ. උත්සහ කරන්න.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු දියුණු වේ. ආයතන ප්‍රධානින් සමග සුහදව වැඩ කිරිමට හැකියාව ඇත. තමන්ට වැඩි වැටුප් සමග නිලතල තාන්න මාන්න ලැබේ. ත්‍රිවිධ හමුදා පොලිසියේ නිලලත් ආයතන වල සේවයේ නියුතු අයට විශේෂ උසස්වීම් ලැබේ. එමෙන්ම දේශපාලනය කරන අයට 2014 සුබයි.
ගෘහ ජිවිතය
පවුල් ජිවිතය යහපත් වේ. විවාහ බලාපොරොත්තු ඉෂ්ඨ වේ. විවාහපේක්ෂිත ධනු ලග්න පිරිමි පාර්ශවයට ගැහැණු පාර්ශවයන්ගෙන් දෑවැදි ලැබේ. සුබ කාලයකි.
සෞඛ්‍ය
සෞඛ්‍ය තත්වයද එතරම් පිරිහීමට ලක් නොවේ. සුළු සුළු අසනීප හැරුනු කොට මහ පරිමාණ සෞඛ්‍ය ගැටළු නොපෙන්වයි.
මකර
සියලුම මකර ලග්න හිමියන්ට සුබ වසරක්ම වෙයි මේ වසර 2014.
ධනය
ධන තත්වය වරින් වර වසර තුලදී උච්චාවචනය වේ. එය ගණන් ගතයුතු දෙයක් නොවේ. තමන්ගේ උත්සාහයෙන් තමන්ට වාසි සලසා ගත හැක. ඉදිකිරීම් කටයුතු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් එමෙන්ම සංචාරක කටයුතු කරන අයට ආර්ථික වාසි ඇතිවේ.
රැකි රක්ෂා
රැකියාවල නියුතු අයට විශේෂයෙන් වගකීම් සහගත අයට මෙම කාලයේදි යම් යම් දුෂ්කරතා මතුවේ. “එමෙන්ම වයසක ආයතන ප්‍රධානින්ගෙන් ලාබාල තරුණ තරුණියන් දෙපක්ෂයටම යම් යම් අතවර හෝ යම් යම් බලපෑම් ඇතිවීමට ඉඩ හැක. එයින් බේරීමට ඔබට බුද්ධිය තිබිය යුතුය“. මෙය විශේෂයෙන්ම අවධාරණය කරමු. එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ අයට දුෂ්කර ප්‍රදේශ වල සේවයට අනුයුක්ත වීමට සිදුවිය හැක. මෙම තත්වයන් වසර මැදදී වෙනස් විය හැක.
ගෘහ ජිවිතය
සාමාන්‍ය පරිදි ගත වනු ඇත. මකර ලග්නයේ පිරිස් ගෙදරදී කලකිරිමට අවශ්‍ය වන වටපිටාව නිර්මාණය කරගැනීමට ඉඩ ඇත.
සෞඛ්‍ය
උදරාබාධ නිදන්ගත රෝග උත්සන්න වීම්, ශරීරයේ මදුමේහය ඇතිවීමට යම් යම් කරුණු කාරණා ඇතිවීමට ඉඩ ඇත. ප්‍රවේශම් වන්න. ගැබිණි මාතාවන්, විශේෂයෙන්ම පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීම කල යුතු බව දන්වමු.
කුම්භ
මෙම වසර ඔබට සුබ වසරකි.
ධනය
ආර්ථික තත්වය දැනටද මහා පරිමාණයෙන් දුර්වල වී නොමැත. සාමාන්‍ය පරිදි ඇත. වැඩිහිටි ඥාතින්ගෙන් උරුමහරුමකම් ලැබේ. සහෝදරයන්ගෙන් සමාජයෙන් උදව් උපකාර ලැබේ. ආනයන අපනයන වෙළඳ කටයුතු කරන අයට මෙම කාලය යහපත් වේ. ශුභ පලයි. ස්විප් දිනුම්, හදිසි ධන ලාභ ලැබෙන කාලයකි.
රැකි රක්ෂා
කටයුතු යහපත් වේ. නව රැකියා ලැබේ. වෙලද ආයතන වල විදේශ රැකියාවන්හි සහ නාවික, ගුවන් එසේම යම් ක්ෂෙත්ර වල සේවයේ නියුතු තවද කෘෂිකාර්මික ක්ෂෙත්රයේ නියුතු සහ එහි පාලකයන්ට ඉතාම සුභ පලයි. ධනය ලැබේ. ඉතිරි කරගැනීම මෙම ලග්න හිමියන් සතු වගකීමයි. යහපත් යටත් සේවකයන් ලැබේ. තමන්ට හිතවත් එම සේවකයින් තමාට සංවේදි වන්නේ මෙම වසරේ ජුනි වලින් පසුව බව කියමි.
ගෘහ ජිවිතය
යහපත් වේ. අඹු සැමි ප්‍රීතිය ඇතිවේ. ප්‍රීති සම්භාෂණ වලට සහභාගි වීමට හැකි වේ. සමහරවිට පවුලේ අය සමග පිටරට සවාරි යාමට හැකියාව ඇත. එසේම පවුලට අලුත් සාමාජිකයින් ඇතිවේ. දරු සම්පත්ද ඇතිවේ. විවාහ කටයුතු මල් ඵල ගන්වයි. අවිවාහක එසේම, විවාහ කටයුතු නොමැතිව සිටි පසුතැවෙමින් සිටි අයට එම කටයුතු සඵල වේ. ප්රබලවම එම කටයුතු සාර්ථක වනු ඇත. නව පෙම් සබදතා ඇතිවිය හැක (තරුණියන්ට නව තරුණයන්ද, තරුණයන්ට නව තරුණියන්ද මුණ ගැසේ).
සෞඛ්‍ය
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනය කිරීමට උත්සහ කරන්න. සැප වැඩිවීම නිසා මෙම රෝග උත්සන්න වීමට ඉඩ ඇත. ඒ හැරුණු කොට සෞඛ්‍ය ගැටළු මහ පරිමාණයෙන් හට නොගනී.
මීන
මීන ලග්න ඔබට සුබයි.
ධනය
ආර්ථික තත්වය යහපත් වේ. නිකන් ඉදගෙන වාගේ මුදල් හම්බකිරිමට හැකියාව ඇත. බ්‍රෝකර් වැඩ වලින් දුරකථන ඇමතුම් වලින් යම් යම් වෙලද ව්‍යාපාර කටයුතු එනම් සම්බන්ධීකරණ කටයුතු කරන අයට මෙම කාලය වාසිදායකය. එමෙන්ම නව නිවාස වාහන ගැනීමට මුදල් ලැබේ. පොදුවේ ආර්ථික තත්වය යහපත් වේ, හදිසි ධනලාබද ඇතිවේ. මෙම සුබ පල මැයි මසින් පසු සීග්‍රග්‍රාමි වේ.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතුද දියුණු වේ. නව රැකියා ලැබේ. තානාපති ධූර සම්බන්ධීකරණ ලේකම් ධූර දේශපාලනික ව්‍යාපාරික කටයුතු කරන අයට ඉතාම ශුභයි. කාන්තාවන් බහුතරයක් සමග එක්වී රැකියා කරන අයට ඔවුන්ගේ උදව් උපකාර ලැබේ. මීන ලග්නයේ අයට උසස් වනිතා පක්ෂයේ උදව් උපකාර ලැබේ.
සියලුම රැකියා කරන අයට ශුභයි.
ගෘහ ජිවිතය
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වේ. වසරේ මුල් මාස 2, විවාහ ජිවිතයෙදී දෙදෙනා අතර ඉවසීම අවශ්‍ය වේ. ඉන්පසු සුභයි. අවිවාහක අයට, මංගල යෝග ලැබේ. ප්‍රේම සම්බන්ධතා සපල වේ. ප්‍රේම සබදතා ස්ථිර වේ. ඊට සම්බන්ධ සියලුම කටයුතු සාර්ථක වේ. අලුත් මිතුරු මිතුරියන් ආශ්‍රයට අවස්ථාව ලැබේ. ඔවුන්ගෙන් උදව් උපකාර ලැබේ. ඉතාම ශුභයි ! නිවසට නවීන ගෘහ භාණ්ඩ සැපයට අවශ්‍ය සියලුම උපකරන ලැබේ. හදිසි ධනලාභ ලැබේ.
සෞඛ්‍ය
ඇගේ ඌෂ්ණාධික රෝග, අර්ශස් රෝග තිබෙන අයට එම සංකූලතා වැඩිවීමට නියමයි. ඇගේ දාහ ගතිය ඇතිවේ. සෙම් රෝග ඇතිවේ. හිසේ බර ගතිය ඇතිවේ. මේවා පාලනය කරගන්න. විවාහ වන අය මැයි මසින් පසු දරුවන් බලාපොරොත්තු වීම මැනවි.

Thursday, January 2, 2014
_ බුදුන්වහන්සේගේ කේන්දර සටහන __
එක් මහතෙක් බුදුන්වහන්සේගෙ කේන්දර සටහන ලෙස සදහන් කල කේන්දර සටහනක් අපට ලබාදි එය විසේසිත එකක්දැයි විමසන ලදි.
එහි ඇති පංච මහා පුරුෂ යෝග වන රාජ යෝග, පරිවර්ථන යෝග, අධික ඥාන යෝග ආදි සුවිශේෂ යෝග අප විසින් පෙර පරික්ෂා කරන ලදි.
(කුජ මහ දසාවෙදි අධික දුෂ්කර ක්‍රියා වල වසර 6කට අධිකව යෙදිය හැකිවීමද අතිශයින් විශේෂිතය.)
බුදුන්වහන්සේගෙ කේන්දර සටහනක් ගැන කිසිදු තැනක නිශ්චිතව නැති අතර ඇත්තේ දළව සිතා මතා සාදන ලද කේන්දර සටහන් කීපයක්ම ඇත. දේහ ලක්ෂණ විද්‍යාව ඉතා දියුණුව පැවති ඒ කාලයේ බමුණන් අනාවැකි කියන ලද්දේ ඒ මත පදනම්වය.
ගැටළුව වන්නේ බුදුන්වහන්සේට කේන්දරයක් තිබිය හැක්කේ කෙසේද යන්නයි ? තිබුනා නම් තිබිය යුත්තේ සිදුහත් කුමරුටය. සියලු කෙලෙස් නසා බුද්ධත්වයට පත්වූ බුදුවරයෙකුට පෘතග්ජනයන්ට බලපාන ලෙස කර්මය බලපාන්නේ නැත.
* ඊටද වඩා වැදගත් කාරණය වන්නේ ජෞතිෂ්‍යයේ මූලික අරමුණ ලෞකික දිවිය සැපවත් කිරීම පමණකි. ලෝකෝත්තර දිවිය නොවේ.
* එම කේන්දර සටහනේ පැහැදිලිව ගිහිගෙය හැර යාම යනාදිය පැහැදිලිව ඇත. නමුත් එය ලෞකික ජීවිතය ගැන සිතන කල එතරම් යහපත් නැත. එවන් විග්‍රහයක් ලැබෙන්නෙ ජෞතිෂ්‍යය ලෞකිකත්වය ගැන විග්රහ කරන්නට මූලික වන නිසාය.
එනිසා සියලු කෙලෙස් නැසූ උත්තමයෙකුට කේන්දර සටහන් මගින් විග්රහ ඉදිරිපත් කිරිම එතරම් යහපත් සහ වැදගත් ලෙස අප නොසිතමු.
https://www.facebook.com/iru.jaithishaya/posts/191679737693705
Wednesday, January 1, 2014
ගණ දෙවියන් සෙනසුරු අපලයෙන් ගැලවුනු හැටි -
විශ්ව පාලක 'විෂ්ණු දෙවියන්‘ටත් සෙනසුරු අපලෙදි කැලේක ඉදගෙන බට කොළ කන්න උනාලු...
සියුම් ඥානයට අධිපති ගණ දෙවියන් මුණ ගැසීමට සෙනසුරු පැමිණියේය.
“ හෙට ඉදන් ඔබටත් සෙනසුරු අපලය ඇරඹෙනවා, මෙන්න මේ වගෙ ඒව වේවි“ කියල සම්පූර්ණම විස්තරක් ලබාදී යන්නට සැරසුනේය.
ගණ දෙවියන් වහා කල්පනා කලේය. විෂ්ණු දෙවියන්ටත් බට කොළ කවපු සෙනසුරු දැන් මටත් ඒවගේ කරාවි, සිතා වහාම මෙසේ කීය.
“ දැන් හෙට ඉදන් නේද ? මට ඕව අමතක වෙන්න පුලුවනි ඒනිසා මගේ බඩේ ඒක ලියල යන්න එතකොට මට මතක් වේවි“.
සෙනසුරුත් ගණ දෙවියන්ගේ බඩේ “හෙට සිට අපලයි” කියලා ලියල ගියාලු.
ඊලග දවසේ, සෙනසුරු ඇවිත් කිව්වලු, ඊයේ කියපු විදියට අද ඉදන් අපලය ඇරඹෙනවා කියල.
“අද ඉඳන් නෙමෙයිනේ, ඔබතුමාමනේ ලියලා ගියේ හෙට සිට අපලයි කියලා. අද නෙවේ හෙට එන්න“ කියල ගණ දෙවියන් කිව්වලු.
ඒක බලපු සෙනසුරු අද ගියාලු. ඔය විදියට හැමදාම ඒක කලාලු.. අන්තිමට සෙනසුරුට තේරුනාලු ඒ වැඩේ නිසා කවදාවත් අපල කරන්න බැරි වෙන බව... අවසානයෙදි ගණ දෙවියන් අපලයෙන් බේරිලා තියෙනව.
* මේ කතාවෙන් ගම්‍ය වන්නේ අදාල අපලය කුමක් වුවද නිවරදිව එය ගැන පෙර විමසා බලා අදාල ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් එම අපලය බොහෝ දුරට සමනය කරගත හැකි බවයි...

Subscribe to:
Posts (Atom)