සකට = රියසක, එනම් රෝදයයි.
රෝදය කැරකෙන විට ඉහල - පහල යන්නාසේ මේ යෝගය ඇති අයට පොදුවේ වාසනාව සහ අවාසනාව යන 2ම විඳින්නට සිදුවිය හැක.
ධනය, තත්වය, බලය සහ වාසනාව යන කාරණා ලැබීමත්, නැතිවී යාමත්, නැවත ලැබීමත්, නැවත නැතිවී යාමත් යන කාරණා සියල්ල මේ යෝගයේ ගැබ්ව තිබේ.
- ● -
ගුරු/බ්රහස්පති ග්රහයා වෙතින් 6 - 8 - 12 වැන්නේ චන්ද්රයා/සඳු සිටීමෙන් මෙම යෝගය ඇති වේ.
මෙය රාජ යෝගයකි.
එක් එක් දශා කාල වලදී, එක් එක් ප්රතිඵල දෙන යෝගයකි. විශේෂ වශයෙන් තම මතයම ගරු කරගෙන කටයුතු කරන්නට පෙළඹීමද මේ යෝගයේ ලක්ෂණයකි.
- එසේම මේ යෝගය භංග වන අවස්ථාද කියවේ.
● සදු ලග්නයෙන් කේන්ද්ර ගතව පිහිටීම ( එනම් 1 වැන්නෙන් 1, 4,7, 10 තැනක පිහිටීම)
● ගුරු ලග්නයේ/ 1 වැන්නේ පිහිටීම.
● සදු උච්ච හෝ ස්වක්ෂෙත්ර බලයෙන් හිදීම
● තවද ගුරුට ලග්නය පෙනීම.
- මෙම යෝගයේ බොහෝ අනිටු ඵල ලැබෙන්නේ ගුරුගෙන් 6 හෝ 8 වැන්නේ සඳු සිටින්නේ නම්ය.
- මෙහි දක්වා ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මියගේ කේන්දරය වන අතර, එහි 2 වැන්නේ ගුරු සිටින අතර, 7 වැන්නේ සදු සිටී. එනම් ගුරුගෙන් 6 වැන්නේ සඳු සිටීමෙන් “සකට යෝගය“ තිබේ.
එසේ වුවද ලග්නයෙන් එනම් 1 වැන්නෙන් 7 වැන්නේ චන්ද්රයා සිටීම තුල එම තත්වය ඉතා අඩු වෙන බවද කිව හැක.
යෝග ගැන තවත් විස්තර පසුවට _
Thursday, June 30, 2016
Wednesday, June 29, 2016
Tuesday, June 28, 2016
අපල ඇත්තටම අපලද ??
බොහෝ අයට අනියත බියක් තිබෙනවා අපල යන වචනය ඇහුනත්...
එක් එක්කෙනාගේ කර්ම ශක්තීන් වෙනස් ඒ අනුව සිදුවන දේද වෙනස් විය හැකියි. එනිසා අපල තිබේ නම් කල යුත්තේ බිය වීම නොව, එම තත්වයන් දුරු කරගැනීමට පින්කම් හැකි තරම කිරීමයි.
පින්කම් කිරීම ගැන කියන විට, පින්කම් කිරීමට මුදල් අවශ්ය නැත.
ඔබට බෝධි පූජාවක් පවත්වා පින් ලබාගැනීමට අවශ්ය වන්නේ පන්සලකට යෑම පමණය.
- පින් කිරීම මහා බරපතල කාරණයක් නොවේය. මහා පරිමාණයෙන් කරනවා කියා ප්රදර්ශනය කරනු පිණිස කරන පින්කම් වලින් ඇත්තටම පින් සිදුවන්නේ සුළු වශයෙනි.
නමුත් තමන්ගේ ගෙදර ඉදිමින් වුවද යමෙකු නිසි ලෙස ශ්රද්ධා ගුණ පෙරදැරිව බුදුන් වඳින්නේ නම් ඊට වඩා පින් අත්කර ගැනීමේ හැකියාවක් ඇත.
(සරලවම කිව්වොත් මෛත්රී භාවනාව තත්පරයකටත් අඩු කාලයක් නිවරදිව කරන කෙනෙකුට හත්මහල් ප්රාසාදයක් කරනවා දෙනවාටද වඩා පින් අත්වෙයි)
● අපල කාලයක් ගත කිරීම බාධා අවහිරතා සහිතව කරදරකාරී, පීඩාකාර එකකි. එම කාලය හැකි ඉක්මණින් ගෙවා දැමීමට හෝ අපල වලට කල යුතු ශාන්ති කර්ම පෙර දැන සිටියත් නොකල නිසා කරදර වැඩිවුනු බව බෙහෝ දෙනෙකු කණගාටුවෙන් පවසනු කොතෙකුත් අසා ඇත.
එය කරදරකාරි අපහසු දෙයක් වුවත් අපලය සඵලය වූ අවස්ථාද ඇත.
● එක් සිදුවීමකදි තරුණයෙකුට වෛද්යවරයෙකු වීමේ දැඩි උවමනාවක් තිබූ අතර, ඔහුට 3ම වෛද්ය විද්යාලයට යාමට නොහැකි විය. අවසාන වාරයේ ඔහු අණුක ජීව විද්යාව සඳහා සුදුසුකම් ලැබීය.
ඔහුගේ සෙනසුරු අපල සියල්ල ගෙවුනේ විශ්ව විද්යාලයට ඇතුල් වී වසර 2කට පසුය. ඒ තරුණයා උපාධිය ගත් වහාම ඔහුගේ සුදුසුකම් වලට ස්වීඩනයෙන් ඉතා ඉහල වැටුපක්(ලක්ෂ 8ක් පමණ) සහිතව රස්සාවක් ලැබුනි. අද ඔහු තමන්ගෙ පශ්චාත් උපාධියද අවසන් කර ආචාර්ය උපාධියේ කටයුතුද මෙන්ම තවත් අධ්යාපන මෙන්ම ලෞකික ජිවිතයේ අවශ්ය කටයුතු සිදුකරගනිමින් ඉතා ඉහලට හැම අතින්ම ගොස් සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරන කෙනෙකි.
● අද ඒ සිද්ධිය සිදුවී වසර 10ක් පමණ වුවද, සමහරවිට වෛද්ය විද්යාලයට ගිය ඔහුගේ මිතුරන්ට වඩා වඩා ඉහල තැනක ඔහු සිටී. ඔහු ඒකාලයේ ගැන කණගාටුවුනු අයුර අපට මතකය.
ඔහුගේ මිතුරන් වෛද්යවරු වෙද්දි, ඔවුන්ට වඩා දක්ෂ තමාට එසේ නොහැකිවීම ගැන මහා කම්පාවකින් සිටියේය. අද එදා මතක් කරන විට ඔහුට සිනා පහල වේ.
● ජීවිතයෙ හැටි එහෙමය. අද වැරදුනු කෙනාට හෙට හරියයි. එය ලෝක ධර්මතාවයකි. කරදර වලට මුහුණ පෑවේ නම් නැවත එවන් කරදර ආවද ඒවාට හුරු නිසා පහසුය. දියුණුව ස්ථිරය...
සිතන්න.. කටයුතු කරන්න !
#ඉරු
irusewaya@gmail.com
077 22 38041

Monday, June 27, 2016
සතියේ ලග්න පලාපලය - ජුනි 28 සිට
- පොදු පලාපලයක් පමණි.
● මේෂ
ශුභ සතියකි.
නව ආදායම් මාර්ග වලින් යහපත් ප්රතිඵල ලබාගැනීමට හැකිය. ගේ දොර, ඉඩකඩම් මිලදී ගැනීමට අවස්ථාව උදාවනු ඇත. නිශ්ඵල ලෙස මුදල් වැය වීමට හැකියාව ඇති වුවද, මනා කළමනාකාරිත්වයකින් කලොත් අනවශ්ය වැයවීම් වලක්වා ගත හැක.
රැකියාවේ බාධා අඩු වෙයි. නව රැකියා සොයන අයට සුබයි. රැකියා වල යෙදෙන අයට සාමාන්ය ආකාරයට රැකියාව කරගෙන යාමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තුල සහෝදරයින්ගේ දියුණුව උදා වෙයි. ගේ දොර අලංකරණයට සිත යයි. උත්සව ප්රිය සම්භාෂණ ආදියට සහභාගි වීමට හැකියාව ලැබේ.
● වෘෂභ
සමඵලයි.
ආදායම් මාර්ග අවහිර විමට ඉඩ ඇත. මුදල් කළමනාකරණයේ දුර්වලතා නිසා අනවශ්ය ගැටළු ඇති වීමේ ඉඩක් ඇත.
රැකියාවේ ක්රියාශීලි ගති පෙන්වයි. වෙනදාට වඩා උනන්දුවෙන් රැකියාව කරගෙන යා හැක. වාහන සම්බන්ධ රැකියා වල නිරත අයට වඩාත් සුබයි. නව රැකියා සොයන අයට රැකියා ලැබෙයි.
ගෘහ ජිවිතය සාමාන්ය පරිදි ගත වෙයි. එසේ වුවද රාහු මහ දසා ගත කරන අයට අනතුරු ඇතිවීමේ අවදානමක් පවති. විවාහ යෝජනා ස්ථිර වේ.
● මිථුන
ශුභ සතියකි.
ආදායම් මාර්ග පුළුල් වෙයි, ඒවායින් යහපත් ප්රතිඵල ලැබීමේ හැකියාවද පවති. මෙතෙක් තිබුනු බාධා - ගැටළු තත්වයන් ලිහිල් වෙයි. නිෂ්ඵල දේකට මුදල් යෙදවීමට සිතිය හැකි බැවින් බුද්ධිමත් වන්න.
රැකියාවේ බාධා අඩු වෙයි. කාර්යබහුල වෙයි, එනිසාම නිදහස අඩුවිය හැක. රැකියාවේ දියුණුව මෙන්ම උසස් වීම් ආදියටද හේතු පවති.
ගෘහ ජිවිතය සාමාන්ය පරිදි ගත වේ. ඉක්මණ් තීරණ ගැනීම් වලින් තමන්ට අපහසුතා සිදුවීමටද ඉඩ ඇත. සැලකිලිමත් වන්න.
අධ්යාපන කටයුතු කරන දරුවන්ට යහපත්ය.
● කටක
ශුභ සතියකි.
දියුණුව වෙනුවෙන් පියවර ගන්නා කාලයකි. එසේම මුදල් නාස්තිය අවම කරගැනිමටද කටයුතු කල යුතුය. මුදල් සම්බන්ධ ගැටළු වලට විසදුම් ලැබෙන කාලයකි. වෙළදාමට සුබයි.
රැකියාවටද සුබ කාලයකි. ඉදිරියට යාමට තමන්ට පියවර ගැනීමට හැකියාව ලැබෙයි. එසේ වුවද නව රැකියා ලැබීම් ප්රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල ඉක්මණ් තීරණ ගැනීම ගැන සැලකිලිමත් වන්න. විනෝදයට සිත යයි. පවුල් ජිවිතය තුල වෙනසක් ඇති වන කාලයකි.
● සිංහ
ශුභ සතියකි.
ආර්ථික වශයෙන් යහපත් ප්රතිඵල උදාකර ගත හැක. බාධා අඩුවේ. ඉඩම් සම්බන්ධව තිබූ ප්රශ්නයක් නිරාකරණය වෙයි. ව්යාපාර වලට සුබ කාලයකි.
රැකියාවේ කටයුතු යහපත් වෙයි. ඉවසීමෙන් වැඩ කටයුතු කල යුතුය. කලබල ගති වැඩිවිය හැකි කාලයකි. නව රැකියා සොයන අයට සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල කතාවෙන් ජය ගැනීමට හැකියාව ලැබේ.
දරුවන්ගේ දක්ෂතා වර්ධනය වෙයි. සහෝදරකාරකාදීන්ගේ දියුණුව දකින, සතුටු වෙන කාලයකි.
● කන්යා
ශුභයි.
හවුල් කටයුතු වලට තිබු බාධා දුරු වෙයි. ආදායම් දියුණුව වෙයි. ණය ලැබේ. ආර්ථික බාධා ඉවත් වන කාලයකි.
රැකියාවේ දියුණුව උදෙසා කටයුතු කරන කාලයකි. උනන්දුව වැඩි වෙන, කඩිසර වන කාලයකි. රැකියා විරහිත අයට රැකියා ලැබීමේ වාසනාවද පවති. උසස් වීම් සදහා යම් පියවර ගන්නා කාලයකි.
ගෘහ ජිවිතය තුල වගකීම් වැඩි වෙයි. පිරිස් ඇසුරෙන් සුභ ප්රතිඵල ලැබේ.
අධ්යාපනට තිබූ බාධා ඉවත් වෙයි.
● තුලා
සමඵලයි.
මුදල් සම්බන්ධ ප්රශ්න පැන නැගේ. ආදායම් මාර්ග වලට යම් ගැටළුකාරි තත්වයන් වලට මුහුණ දීමට සිදුවිය හැක, ඒ සියලු තත්වයන් නුවණින් වැඩ කර ජය ගත යුතු කාලයකි.
රැකියාවේ වෙනසක් සිදු කරගැනිමට හැකි කාලයකි. රැකියා සොයන අයට නව රැකියා උදා වෙයි. රැකියාවේ නිදහස අඩුවී කාර්යබහුල විය හැක.
පවුල් ජිවිතය තුල, පවුලේ අය සමග සමගිය වර්ධනය වේ. පවුලේ කටයුතු වලට උනන්දුව වැඩි වේ. යහළුවන් මුණ ගැසීමට හැකියාව ලැබේ. සිතට සතුටක් ලැබේ. උපකාර ලැබේ.
● වෘශ්චික
ඉතා ශුභ සතියකි.
ණය යනාදිය ගැනීමට තිබු අවහිරතා දුරු වේ. ආදායම් මාර්ග වලින් යහපත් ප්රතිඵල ලැබේ. වෙලහෙලදාමට සුබයි.
රැකියාවේ දියුණුව පෙන්වයි. පිරිස් පාලනයේදි ගැටළු මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සැලකිලිමත්ව වැඩ කල යුතුමය.
ගෘහ ජිවිතය තුල මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් මග හැරේ. පෙම් සබදතා තව ස්ථිර වේ. සිතට සතුට ලැබේ. විනෝදයෙන් කාලය ගත කරන්නට හැකියාව ඇත.
● ධනු
සමඵලයි.
ආදායමට වඩා වියදම වැඩි විය හැක. ආදායම් මාර්ග වල ගැටළු මතුවිය හැක. වියදම කළමනාකරණය කරගත යුතුය, නැත්නම් අනවශ්ය වියදම් බොහෝ යෙදේ. ආර්ථික දියුණුව වෙනුවෙන් ඉදිරි පියවරක් ගැනීමට සුභ කාලයකි.
රැකියාවට තිබු බාධා ඉවත් වේ. නව රැකියා අවස්ථා උදා වෙයි. උනන්දුව වැඩි වෙයි ඒ සමග නිදහසද අඩුවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල යහපත්ව කටයුතු කල හැක. ගමන් අධික වේ. මංගල යෝග උදා වන කාලයකි. අසල්වැසියන් නිසා සිත් පීඩා ගෙනදීමට යම් ඉඩකඩක් පවති.
අධ්යාපන කටයුතු වලට යහපත්ය.
● මකර
සමඵලයි.
ධන හානි අධික වන කාලයකි. නිෂ්ඵල දේ සදහා වැඩිපුර මුදල් නාස්ති විය හැක. බාහිර කටයුතු වැඩිවිය හැක. ආදායම් මාර්ග ඇහිරිය හැක.
රැකියාවේ නිදහස, විවේකය අඩුවිය හැක. රාජකාරිය අතපසු විය හැක, එයින් ගැටළු ඇතිවිය හැක. ප්රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල වීමටද ඉඩ ඇත. වෙනදාට වඩා අලස ගති පෙන්නුම් කරන කාලයකි.
පවුල් ජිවිතය තුල, පවුලේ අය වෙනුවෙන් වැඩිපුර කාලයක් ගත කිරිමට සිදුවෙයි. දරුවන්ගේ අධ්යාපනයට තිබුනු බාධා තත්වයන් වැඩි විය හැක. ඉක්මණ් තීරණ ගැනීමෙන් අවාසිදායක තත්වයන් උදා විය හැක.
● කුම්භ
ශුභ සතියකි.
දියුණුව පිණිස ගනු ලබන පියවරක් සාර්ථක වේ. ලැබෙන මුදල් කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබීම නිසාම නාස්තිය අවම කරගත හැක.
රැකියාවේ කටයුතු සාර්ථකව කරයි - උනන්දුව ඇති වෙයි. ප්රධානීන්ගේ ප්රශංසා ලබයි. රැකියා සොයන අයට සුදුසු රැකියා ලැබේ. උසස් වීම් වලට ඉල්ලුම් කරන කාලයකි.
පවුල් ජිවිතය තුල වගකීම් වැඩිවිය හැක. ගමන් බිමන් අධික විය හැකි නිසා නිදහස - විවේකය අඩු විය හැක. පෙම් සබදතා වලට ගැටළු නිර්මාණය විය හැක, ඒ තුල කලකිරිම් ඇතිවීමට ඉඩ ඇත.
● මීන
ශුභයි.
හවුල් ව්යාපාර කටයුතු සාර්ථක වෙයි. ව්යාපාර ගැටළු නිරකාරණය විය හැක. අමතර ආදායම් මාර්ග වලින් සුභ ප්රතිඵල පෙන්වයි.
රැකියාවට තිබු බාධා ඉවත් වෙයි. නව රැකියා ලැබේ- රැකියා විරහිත අයට. රැකියා කරන අයට සාමාන්ය පරිදි ගත වෙයි.
ගෘහ ජිවිතය තුල පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කිරීමට සිදුවේ. විනෝද ගමන් බිමන් යෙදීමට යාමට සිදුවන කාලයකි. දරුවන්ගේ අධ්යාපන කටයුතු වලට ගැටළු අවහිරතා පෙන්වන කාලයකි. අවදානයෙන් කටයුතු කල යුතුමය.

Sunday, June 26, 2016
අපේ රටට දළදා හිමි සරණයි !
මගේ දැයට දළදා හිමි සරණයි...
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි...
උපතින් මා හට මේ හැම උරුමයි...
Saturday, June 25, 2016
සුමන සමන් දෙව් මහ රජ
සුමන සමන් දෙවියන් බුදුන්වහන්සේගේ උපදෙස් අනුව ශ්රී පාදස්ථානය රකින මූලික දෙවියන්ය.
පොත්පත් වල සඳහන්ව ඇත්තේ උන්වහන්සේ සෝවාන් තත්වයට පත්ව ඇති බව වන අතර, දැන් සකෘදාගාමි තත්වයට පත්ව ඇත.
● ඔබ සුමනසමන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ නම්, අනිවාර්ය ඔබටද ආශිර්වාදය ලැබෙනු ඇත. එවිට උන්වහන්සේගේ ඇත් පැටවා වහන්සේටද පින් අනුමෝදන් කරන්න.
(උන්වහන්සේ නමින් ඇති දේවාල වලට පුද පඬුරු ලබාදීම වරදක් නොවේ. එවන් තැන් වල පැවැත්මට, ඒවා පවත්වාගෙන යන අයගේ පැවැත්මට මුදල් අවශ්යය. නමුත් දෙවිවරුන් ඒ පඬුරු වල තරම අනුව ඔබට ආශිර්වාද නොකරයි. ඔබගේ ඇති නියම ශ්රද්ධාවට, සීලයට සහ කුසල් බලයට දෙවිවරු ආශිර්වාද කරති. එයද සිතේ තබාගන්න.)
- පොදුවේ සුමන සමන් දෙවියන්ට වන්දනා කල යුතු දිශාව “උතුරු“ දිශාවයි.
- දිනය සඳුදාය.
- සුදු පැහැති මල් වඩාත් සුදුසුය.
** මූලිකව වැදගත් වන්නේ “සුමනසමන් දෙවියන්ගේ නාමයෙන් ශ්රී පාද පද්මයට පූජා වේවා “ කියා එම පූජාවන් කිරීමයි.
(අප මේ විස්තරයේ දෙවියන්ට වඳින ගාථාව ලබා නොදෙන අතර, එය අසමින් අපට වද නොදෙන්න. පින් කර මේ දෙවියන්ට අනුමෝදන් වේවා කියා සිතින් සිතීම හොදටම ප්රමාණවත්ය. පින් කිරීම මහා කටයුත්තක් නොවේ. සරල කටයුත්තකි. නමුත් ඒ සරල බව තේරුම් ගැනීමට බොහෝ අයට නොහැකිය.
( ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව දිශාව වෙනස් වේ)
සුමන සමන් දෙවියන්ගේ බලය රත්නපුරයට සීමා වන බවක් අප සිත් වලට ලබාදි ඇති වුවද, මේ මුළු රටටම පමණක් නොව ලොවටම උන්වහන්සේගේ බලය පවතී.
බොහෝ කතා ඒ සම්බන්ධව පවතින අතර, සැබෑවට අප අත්දැකීමෙන් දන්නා කතාද තිබේ.
● සුමන සමන් දෙවියන්ටද වෙනත් දෙවිවරුන්ට සේම පරිවාර සේනාවක් සිටී. දෙවිවරුන්ගේ සිට පහත් අමනුෂ්ය ආත්ම භාවයන් දක්වා එම සේනාවේ සිටිති.
මැණික් වලට මූලිකව සම්බන්ධ වන කඩවර මණ්ඩලයේ “මැණික් කඩවර“ දෙවියන්ද සුමනසමන් දෙවියන්ගේ සේනාවේ සිටින දෙවි කෙනෙකි.
● ඔබ ශ්රී පාදය වන්දනාවට යන්නේ නම්, වඩාත් හොඳයි දිනක්වත් නිර්මාංශීවී, සැදැහැ සිතින් යන්නේ නම්, එවිට අනවශ්ය කරදර ඇතිවන්නට ඉඩ ඉතා අල්පය.
එසේම ඉහලට නගින විට සහ බසින විට කිසිදු අවස්ථාවක “අමාරුයි“ යන්න සිතින්වත් නොසිතා කල හැකි බව මෙනෙහි කරගෙන යන්න. එවිට යම් අපහසුතාවයක් තිබේ නම් එය මගහැරී යන්නට හැකි වනවා ඇත.
- ශ්රී පාද අඩවියේ කට වරද්දාගෙන කරදර ඇති කරගත් කතා මෙන්ම අප දන්නා දේද ඇත.
(මූලිකව කිව යුත්තේ, වැරදි කතා කියන, කරන සෑම කෙනෙකුටම එසේ නොවන්නට ඇති වුවද එසේ නොවී නම් කුසල බලයක් තිබෙන නිසාම විය යුතුය, අනවශ්ය ලෙස පූජා භූමියක හැසිරීම, කතා කිරිම සංසාරයේ කවදාටත් පව් පිරෙන වැඩකි)
● එක්වරම නොවුනත්, සමහර රාජ්ය පාලකයන් ශ්රී පාද වන්දනාව පවා තමන්ට පහසු ආකාරයට වෙනස් කරන්නට ගියා අපට මතකය. ඒවා කරන්නට නොහැකි වූ අතර, වසර කීපයකින් බලයෙන් පහ වන්නටද ඒ අයගේ අකුසල ශක්තිය මෙන්ම පුණ්ය භූමිය පුරාතනයේ සිට ඇති කටයුතු වෙනස් කිරීමට කටයුතු කිරීම සිතිය හැක.
٠٠٠ තවද විශේෂයෙන් කිව යුතු කරුණක් තිබේ, එනම් යම් පිරිසක් සිතන්නේ සම්බුද්ධ ශාසනය, සිංහල ජාතිය, සිරි ලංකාව නැති වේගෙන යන බවයි.
එය නැති වන්නේ නම් නැති වන්නේ අපගේම තිබෙන අනවශ්ය මෝඩකම්, ආත්මාර්ථකාමිකම්, අකුසල් අනුව බව සිතන්න..
- නමුත් සැබෑව කාරණය නම් ඉතිහාසය පුරා අප මීටත් වඩා කරදරකාරි කාල වලට මුහුණ දුන් බවය. ඉංග්රීසින්ගේ කාලයේ බුදු දහම අතුගා දැමීමටම ඔවුන් පියවර ගත් නමුත්, කල හැකි වූයේ යම් දෙයක් පමණය.
එනිසා රටට වෙන වෙනත් අවැඩක් නැත.
තම තමන්ගේ අකුසල කර්ම විපාක දීම මිස, රටත්, ජාතියත් වෙනම අනතුරක නැත. සුමනසමන් දෙවියන් මෙන්ම සියලු දේව මණ්ඩලය සම්බුද්ධ ශාසනය, සිරි ලංකා ද්වීපයම රකින්නේමය !

Thursday, June 23, 2016
ලග්නාධිපති ග්රහයා සහ සිටින තැන අනුව පලාපල - 01
(බොහෝදෙනෙකුගේ ඉල්ලීම නිසාය)
සෑම කේන්දරයකම මැද ලග්නය සඳහන්ව ඇත.
ඒ අනුව 01 වැනි කොටුවේ අධිපතියා වන්නේ ලග්නාධිපතියාය.
කේන්දරයක 1 වැනි කොටුවෙන් හෙවත් ලග්නයෙන් කෙනෙකුගේ ශරීර ලක්ෂණ, චරිතය, ඥානය, ආයුෂ, රැකියාව සහ හිස යනාදි බොහෝ කරුණු ගැන කියවෙයි.
ඔබ දන්නවාද ඔබගේ ලග්නාධිපති ග්රහයා කවුරුන්ද කියා ?
● ඔබ උපන්නේ මේෂ හෝ වෘශ්චික ලග්න වලින් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්රහ ලොව සෙන්පති කුජ හෙවත් අඟහරු ග්රහයාය.
● ඔබ උපන්නේ වෘෂභ හෝ තුලා ලග්න වලින් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්රහ ලොව හැඩකාර තරුණිය වන සිකුරු/ශුක්ර ග්රහයාය.
● ඔබ උපන්නේ මිථුන හෝ කන්යා ලග්න වලින් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්රහ ලොව බුද්ධිමතා මෙන්ම කුඩා දරුවාද වන බුධ ග්රහයාය.
● ඔබ උපන්නේ කටක ලග්නයෙන් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්රහ ලොව මව්තුමිය වන සඳු/චන්ද්රයාය.
● ඔබ උපන්නේ සිංහ ලග්නයෙන් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්රහ ලොව රජ මෙන්ම පියාද වන රවි/සූර්යයාය.
● ඔබ උපන්නේ ධනු හෝ මීන ලග්න වලින් නම් ඔබගේ ලග්නාධිපති වන්නේ ග්රහ ලොව සුරගුරු, ප්රඥාවට - සෞභාග්යයට අධිපති ගුරු/බ්රහස්පතී ග්රහයාය.
● ඔබ උපන්නේ මකර හෝ කුම්භ ලග්න වලින් නම්, ඔබගේ ලග්නාධිපති වන්නේ ග්රහ ලොව අකීකරු පුත්රයා මෙන්ම දුකට අධිපති, සසර ගැන අවබෝධය ලබාදෙන ශනි/සෙනසුරු ග්රහයාය.
- දැන් දන්නවනේ ලග්නාධිපති කවුද කියල...
ඒ අනුව ලග්නාධිපති ග්රහයා කේන්දරයේ සිටින කොටුව අනුව පොදු පලාපලයක් ඊලග ලිපියෙන් _

Wednesday, June 22, 2016
සතියේ ලග්න පලාපලය - ජුනි 22 සිට
● මේෂ
එතරම් ශුභ නැත.
මුදල් සම්බන්ධ ගනුදෙනු වලින් අවහිරතා පෙන්වයි. ආදායමට වඩා වියදම වැඩි විය හැක. කළමනාකරණයෙන් කටයුතු කරන්න. සතුරු කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක.
රැකියා කටයුතු වල කරදර ඇතිවිය හැක. රාජකාරිය හරිහැටි කරගෙන යාමට බාහිර බලපෑම් නිසා නොහැකි විය හැක. ප්රධානින්ගෙන් දොස් ඇසීමට පවා සිදුවිය හැක. බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය, පවුලේ අය සමග කරන කටයුතු වලදී අඩදබර ඇතිවිය හැක.
ඉගෙනීම් කටයුතු කරන අයට මධ්යම ප්රතිඵල ඇතිවිය හැක. රැවටිලි වලට ලක්වීමට ඉඩ ඇති නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.
● වෘෂභ
ශුභ සතියකි.
ආදායම් මාර්ග වලට තිබු ගැටළු නිරාකරණය වෙයි. තමන්ගේ පාඩු පියවා ගැනීමට හැකි වෙයි. මුදල් ගනුදෙනු වලින් සුභ ප්රතිඵල පෙන්වයි. නව ආදායම් මාර්ග වලට යොමු විය හැක.
නව රැකියා අවස්ථා උදා වෙයි, මෙතෙක් පැවති බාධා අඩු වෙයි. තාක්ෂණ අංශයේ රාජකාරි කරන අයට වඩා සුබයි. කාර්යබහුල සතියකි, ගමන් බිමන් වැඩි වෙයි. පුහුණු වීම් වලට ඉඩ සැලසේ.
ගෘහ ජිවිතය තුල, පෙම් සබදතා වලට යම් බාධා මෙන්ම ප්රශ්නද ඇති වීමට ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න.
කථික තරඟ ආදියෙන් ජය ලැබීමට හැකි වේ. පින් කටයුතු වලට සහභාගි වීමට ඉඩ ලැබේ.
● මිථුන
ශුභයි.
ආර්ථික තත්වය යහපත් අතට හැරේ. තමන්ට සරිලන පරිදි මුදල් ලැබේ. අමතර ආදායම් වලින් මුදල් උපයා ගැනීමට හැකියාව ලැබේ.
රැකියාවේ කටයුතු වලට මධ්යම ඵල භුක්ති විඳීමට හැකිවේ. වගකීම් වැඩි වෙයි. දුර පලාත් වල රැකියා සදහා යෑමට අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල ගැටළු මතුවිය හැක. ඒවාට ඉවසීමෙන් - බුද්ධියෙන් කටයුතු කිරිම තුලින්ම සාර්ථකව මුහුණ දිය හැක. සහෝදර බැඳීම් ශක්තිමත් වේ.
ඉගෙනුම ලබන දරුවන්ට යහපත් කාලයකි.
● කටක
ශුභ සතියකි.
ධෛර්යයෙන් යුතුව කටයුතු කිරීමට ඉඩ සැලසෙයි. මුල්ය ගනුදෙනු වලින් යහපත් ප්රතිඵල ලැබිය හැකි, ව්යාපාර වලින් සිදුව තිබූ පාඩු පියවා ගත හැකි කාලයකි.
රැකියාවේ වෙනසක් ඇතිවිය හැක. විදෙස් ගත රැකියා කරන අයට යහපත් කාලයකි. රාජකාරියේ වෙනසක්ද සිදුවීමටත්, කාර්යබහුල වීමතටත් හේතු ඇතිවේ.
ගෘහ ජිවිතය තුල ඉක්මණ් තීරණ ගැනීම තුල ප්රශ්න ඇතිවිය හැක. බාධා මතුවිය හැක. බුද්ධිමත්ව කටයුතු කරන්න. ක්රියාකාරි ගති වැඩි වෙයි. මංගල යෝග උදා වෙයි.
● සිංහ
තරමක් ශුභ සතියකි.
නව ආදායම් මාර්ග උදා වෙයි. මුල්ය ගනුදෙනු වලින් තරමක් සුභ ප්රතිඵල පෙන්වයි. ආදායම යහපත් අතට හැරෙයි.
රැකියා කටයුතු වලට තරමක ගැටළුකාරි තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක. අවස්ථානුකූලව ගත් පියවරක් සාර්ථක වෙයි. රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය යහපත් වෙයි. මිතුරු ඇසුරට වෙනදාට වඩා ඉඩ සැලසෙයි.
ඉගෙනීම් වල යෙදෙන අයට යහපත් කාලයකි. විශේෂ අයගේ උදව් උපකාර ලැබෙයි.
● කන්යා
ශුභයි.
හදිසි තීරණ ගැනීම නිසා ගැටළු මතුවිය හැක. දේපල වල හිමිකම් ලැබෙයි. උපයාගත් ධනය ඵලදායි දෙයකට යෙදීමට හැකියාව ලැබෙනු ඇත.
රාජකාරි කටයුතු වෙනදාට වඩා උනන්දුවෙන් කරගෙන යන කාලයකි. කාර්මික අංශයේ රැකියා වලට සුභ සතියකි. නව රැකියා අවස්ථා උදා වෙයි.
පවුලේ අය සමග වෙනදාට වඩා සමීපව කටයුතු කල හැක. ගෙදර දොර අලංකරණයට සිත යයි. සුවපහසු ජීවිතයක් ගත කිරිමට හැකි තීරණ ගනී.
● තුලා
සමඵලයි.
ආර්ථික වශයෙන් තමන්ට ලැබෙන ප්රතිඵල අඩු විය හැක. නිෂ්ඵල දේ සදහා මුදල් යෙදීමට සිත් විය හැක. දේපල, ආදායම් මාර්ග සම්බන්ධව ගැටළු මතුවීමට ඉඩ ඇත.
රැකියාවේ උසස් වීම් ප්රමාද විය හැක. පිට පලාත් වල ඇවිදීමට සිදු වෙයි. වෙනදාට වඩා කාර්යබහුල වෙයි.
කාර්මික, තාක්ෂණ අංශ වල රැකියා වලට සුභයි.
ගෘහ ජිවිතය තුල කටයුතු මග හැරීයාමේ අවදානමක් පවතින්නේ තමන් කාර්යබහුල වන නිසාය. නිෂ්ඵල දේට කාලය වැය විය හැක.
දරුවන්ගේ අධ්යාපන කටයුතු ගැන වැඩිපුර අවධානය යොමු කල යුතුය. විනෝදයට සිත දුවයි. විනෝද ගමන් බිමන්ද යෙදිය. හැක.
● වෘශ්චික
ශුභ සතියකි.
ආදායම් තත්වය තරමක් සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙයි. ගැටළු ඇති වුවද නුවණින් කටයුතු කිරිමෙන් එම ගැටළු නිරකාරණය කරගැනීමට හැකියාව පවති.
රැකියා අවස්ථා උදා වෙයි. තම දියුණුවට තමන් ගනු ලබන උත්සාහයන් සාර්ථක වෙයි. දෙමාපියන්ගේ ආශිර්වාදයන් ලැබෙයි.
ගෘහ ජිවිතය යහපත් වෙයි. උසස් අධ්යාපනයට අවස්ථා උදා වෙයි. මංගල යෝග උදා වෙයි.
සෙම් රෝග, උදර ආශ්රිත රෝගද ඇති විය හැකි නිසා පරිස්සම් වන්න.
● ධනු
ඉතා ශුභ සතියකි.
ආර්ථික වශයෙන් ශුභදායකයි. තමන්ට අවශ්ය මුදල් කෙසේ හෝ ලැබෙයි. තමන් ගන්නා උත්සාහයන් වලින් සාර්ථක ප්රතිඵල ලැබෙන සතියකි.
නව රැකියා අවස්ථා උදා වේ. ප්රධානීන්ගේ පැසසුම් ලැබෙයි. හිත මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙයි.
ගෘහ ජිවිතය තුල කඩිසර ගති වැඩිපුර මතුවන කාලයකි. ගැටළු ඉතා ඉක්මණින් විසඳාගත හැකි වේ.
අධ්යාපන කටයුතු වල යෙදෙන අයට බාහිර ක්රියාකාරකම් වලට උනන්දුව වැඩි කෙරෙයි.
● මකර
ශුභ සතියකි.
ව්යාපාර වලින් සාර්ථක ප්රතිඵල ලැබෙන කාලයකි. ආර්ථික තත්වය යහපත් අතට හැරේ. අමතර වියදම් පාලනයෙන් මුදල් ඉතිරි කිරීමට හැකියාව ලැබේ.
රැකියාවේ යහපත් ප්රතිඵල ලැබිය හැකියි. රැකියාව වෙනදාට වඩා උනන්දුවෙන් මහන්සියෙන් කරන්නට අවස්ථා උදා වේ. අධ්යාපන ක්සෙත්රය සම්බන්ධ රැකියා වලට වඩා යහපත් ප්රතිඵල ලැබේ. නව රැකියා සොයන අයට රැකියා ලැබේ.
ගෘහ ජිවිතය තුල තමන්ගේ වැඩ කටයුතු වෙනදාට වඩා සාර්ථක කරගත හැක. පෙම් සබදතා වලට බාධා අඩු වෙයි.
අධ්යාපන කටයුතු කරන දරුවන්ට සාර්ථක ප්රතිඵල ලැබෙයි. තම පවුලේ සමගිය වර්ධනය වේ.
● කුම්භ
ශුභයි.
මුදල් නාස්තිය අවම කරගත හැක. ආර්ථික තත්වය යහපත් වෙයි. අවස්ථානුකූලව ගනු ලබන ක්රියා මාර්ග යහපත් වේ. භූමිය සම්බන්ධ වාසනාව උදා වෙයි.
රැකියාවේ යම් යම් ගැටළු මතුවිය හැකි වුවද බුද්ධියෙන් කටයුතු කිරිම තුලින් එම තත්වයන් පහ වේ.
නව රැකියා අවස්ථා උදා වෙයි. ප්රධානින් නිසා අඩුපාඩු සාදාගෙන වඩා හොදින් කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය යහපත්ව ගත කල හැක. කතාබහේදී ඉවසීමෙන් යුතුව වැඩ කටයුතු කිරීම තුලින්, යුග දිවියේ ගැටළු නිරාකරණය කරගැනිමට හැකියාව ලැබේ. ප්රේම සබදතා වලට බාධා වැඩි වේ, එනිසාම හිත් පීඩා ඇති කරයි.
● මීන
තරමක් ශුභයි.
නව ව්යාපාර වලින් ආදායම් සරු වෙයි. ආර්ථික වර්ධනයක් පෙන්වයි. අපහසුතා මඟ හරවාගෙන කටයුතු කරන්නට හැකියාව ලැබෙයි. නව ව්යාපාර පිලිබද සිතන අයට සාර්ථක ප්රතිඵල පෙන්වයි.
රැකියාවට බාධා ඇතිවෙයි. වෙනදාට වඩා කාර්යබහුල වීම තුල නිදහස - විවේකය අඩු වෙයි. ප්රධානින්ගේ දොස් ඇසීමටද ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න.
පවුල් ජිවිතය තුල මතුවන ගැටළු නිරාකරණය කරගත හැක. පවුලේ සමගිය - සාමදානය වර්ධනය වෙයි.
පිරිස් ඇසුරට වැඩිපුර කාලයක් ගත කිරීමට සිදු වේ.
උදරාශ්රිත රෝග මතුවීමට ඉඩ ඇති නිසා පරිස්සම් වන්න.

Tuesday, June 21, 2016
Subscribe to:
Posts (Atom)