Sunday, November 2, 2014

සෙනසුරු මාරුව (නොවැ 2)

සෙනසුරු මාරුව ලග්න 12ට බලපාන අයුරු

* වසර 29 හමාරකට පසු, සෙනසුරු ග්‍රහ තාරකාව වෘශ්චික රාශි ගතවේ. මෙම ග්‍රහ මාරුව ගැන දෙස් විදෙස් සියලුම දෙනාගේ අවධානය යොමුවී ඇත්තේ, සෙනසුරු මාරුව සාමාන්‍යයෙන් වෙන අවස්ථා වලදී විවිධ වූ සමාජ ආර්ථික භෞතික වෙනස්කම් සිද්ධ වෙන බැවිනි.
එසේ නම් ලංකාවේද ඉහලම පුරවැසියා සිට අන්තම පහල සිටින පුරවැසියා තෙක් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්නේ එහි ඇති වැදගත්කම නිසා නේද ?

* මෙම සියලුම පලාපල දැනට තත්කාල ග්‍රහචාරයේ ග්‍රහයන් හැසිරෙන හැටියට සැකසූ පොදු පලාපලයක් මිස, සූක්ෂම පලාපලයක් නොවේ. ලග්න 12ම උපන් අය ගත කරන මහ දසා, අතුරු දසා ගත කරන ජන්ම ඒරාෂ්ඨක, ලග්න ඒරාෂ්ඨක, අෂ්ඨම ඒරාෂ්ටක සහ ඒ ඒ අයගේ කේන්දර වල ඇති ග්‍රහ බලය අනුව මෙම පහත සඳහන් සිද්ධි දාමයන් හෝ සිදුවීම් වෙනස් වීමට බොහෝ සෙයින්ම ඉඩකඩ ඇත. ඒ සම්බන්ධව බොහෝම මධ්‍යස්ථභාවයකින් මේ පලාපලය දෙස අවධානය යොමු කරන ලෙස අපගේ මුහුණු පොතේ දයාබර පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. 


● මේෂ ලග්නය

ඔබගේ ලග්නයට සෙනසුරුගේ 8 වැන්නේ පැමිණීම ඒ තරම් හොද නැත.
මන්ද  8 වැන්නේ ගමන බොහෝම නපුරු ආකාරයට බලපාන බැවිනි.
ආර්ථිකයට ප්‍රබල පහරක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිය. මන්ද රැකියාව සහ ආදායම ගැන කියවෙන 10 වැන්න සහ 11 වැන්නේ අධිපතිත්වය දරන්නෙ සෙනසුරු හෙවත් ශනිය.  මෙම ග්‍රහයා දුෂ්ඨ ස්ථානයක් වූ 8 වැන්නට පැමිණීම ඔබගේ ආදායමට මරු පහරක් එල්ලවීමට ප්‍රබල සාධකයකි. මෙම නිසා හවුල් ව්‍යාපාර වල බිඳවැටීම්, ආදායම් තත්ව අඩුවිම් ආදිය සිදුවේ.
ගෘහ ජිවිතයේ ගැටළු මතුවන්නේ, ආර්ථික තත්වයේ ප්‍රබල ආකාරයට පිරිහීමේ හේතුවෙනි. 7 වැන්නෙන් 2වැන්න යුග දිවිය සම්බන්ධව තීරණය කරන සාධකයක් බැවින් යුග දිවියේ ඔවුනොවුන් අතර ඇති කරන්නාවූ ප්‍රබල මත ගැටුම් නිසා අඹුසැමියන් අතර යම් ගැටළුකාරි තත්ව මතුවිය හැක. ඒවායින් ආරක්සා වීම ප්‍රඥා ගෝචරය.
සෞඛ්‍ය තත්වය බොහෝ අයහපත් වීමට ඉඩ ඇත. ශල්‍යකර්ම එසේම මුත්‍රා අමාරු, නිදන්ගත රෝග ඇති අයගේ එම රෝග නිසා ඇති කරන්නාවූ සංකූලතා ආදිය ඇතිවිය හැක.

● වෘෂභ ලග්නය

ඔබගේ ලග්නයට සෙනසුරු 7වැන්නට පැමිණීම එතරම්ම කරදරකාරි තත්වයක් විදියට පෙනෙන්නේ නැත.
ආර්ථික තත්වය පුරුදු පරිදිම සාමාන්‍ය විදියට පවතී. විශේෂයෙන්ම 7 වැන්නේදී ලග්නය දකින නිසා වෘෂභ ලග්න හිමි ඔබ තරමක් උනන්දු වී වැඩ කරනු ඇති බව පෙනේ. එසේම සියලුම වැඩ කටයුතු වලට මනා කැපවීමක් ඇති කරයි. එයද වාසනාවට කාරණාවකි.
ගෘහ ජිවිතයේ ප්‍රබල වෙනස්කම් සිදුවේ. සමහරවිට ලග්නයට යෝගකාරක ශනි 7 වැන්නට පැමිණිම නිසා විවාහ මංගල යෝග ඇති කරන්නට පුලුවන්. ඒවගේම තමයි, පවතින ප්‍රේම සබදතා ස්ථිර වෙන්න පුලුවන්. ඒක ලොකු දෙයක්. ඒවගේම ලැබෙන සහකාර බන්ධනයෙන් ලොකු දෑවැද්දක් ආදියත් ලැබෙන්නට පුලුවන්.
7 වැන්නට ආවා කියල නරකක් නම් පෙනෙන්නට නැහැ. මොකද 7 වැන්න කියන්නෙ සෙනසුරුට දිග්බල ස්ථානයක් නිසා.
රෝගාබාධ විදියට හන්දිපත් අසනීප රෝගත්, ඒවගේම විවිධ වූ මානසික රෝග ඇතිවෙන්නට පුලුවන්. ඒවායින් පරිස්සම් වෙන්න ඕන.

● මිථුන ලග්නය

සෙනසුරු 6 වැන්නට මාරුව හොදයි.
පහුගිය කාල වලදී සෙනසුරු 5 හිටිය කියලත් කරදරයක් උනේ නැහැ. ඒවගේම 6 වැන්නට ආව කියලත් නරකක් නැත්තේ ආදායම් තත්වයට එය බාධාවක් නොවේ. වෙලද ව්‍යාපාර කරන අයට ඒවාට එදිරිවාදිකම් කරපු අය හිටිය නම්, කරදර කරපු අය හිටිය නම් ඒ අයගෙ බාධක නැතිවෙලා යනව. සතුරු කරදර නිසා ආදායම් තත්ව වලට වල කැපිලා තිබුන නම් ඒ ප්‍රශ්න මගහැරිලා ගිහිල්ලා ආදායම් තත්ව දියුණු වෙනව. තමන්ගේ බලය ව්‍යාප්ත කරගන්න පුලුවන්. සතුරෝ මිතුරු වෙනව.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත කරන්න පුලුවන් වගේම තමන්ට උරුමහරුමකම් ලැබෙනව. ඒවගේම ඒ අතර භූමි ලාභ විශේෂයි. තමාගේ පවුල් වර්ගයා අතර තමා බබලන තත්වයකට පත් වෙනව. කීර්ති නාමය දසදෙසින් ලැබෙනව. හොද කාලයක් විදියට තමයි පෙනෙන්නේ.
උදරාබාධ විශේෂයි. ඒවගේම මුත්‍රාගල්, මුත්‍රා අමාරු ගැන සැලකිලිමත් වෙනව වගේම, ගර්භණී මව්වරුන් මිථුන ලග්නය හිමි, ප්‍රවේසම් විය යුතුයි. ගබ්සා වීම් වීමට පුලුවන්. දරුවන් බලාපොරොත්තු වෙන අය නිසි කාලයෙදි ශාන්ති කර්ම කරවාගෙන ඒ සම්බන්ධව සිතා බැලීම හොදයි.

● කටක ලග්නය

සෙනසුරුගේ 5 වැන්නට පැමිණීම, ශුභාශුභ මිශ්‍රපලයි.
මෙතෙක් කල් 4 වැන්නේ උච්ච වෙලා හිටියත් ලොකු කලබගෑනි කාලයක් තමයි පහුගිය අවුරුදු 2 හමාර. ආදායම් තත්වයට ප්‍රබල කරදර ආවා. දැන් 5වැන්නට එනවා කියන්නෙ අර තත්වයට වැඩිය ටිකක් හොදයි. ඒවගේම තමන්ගේ ආදායම් තත්වයට තිබුනු බාධා මගහැරිලා යනව. ඒවගේම සිතට උනන්දුව උත්සහය එනවා මුදල් හම්බ කරන්න. තමාගේ සිතේ තිබ්බ උදාසීන ගතිය, මන්දගාමි ගතිය නැතිවෙලා යනව. ඒක ලොකු දෙයක්. මුදල් ආදායම් මාර්ග වලට බාධාවක් නෙමෙයි මේ සෙනසුරුගේ ගමන.
ප්‍රීතිමත්ව ගෘහ ජිවිතය ගත වෙනව. ගෙදර අය සමග විනෝදයෙන් කාලය ගත කරන්නත්, දරුවන් සමග විනෝද චාරිකා වල යෙදීමටත් මේ කාලයේ පුලුවන් වෙනව.
ඒවගේම තමාගේ ගෙදර දොරේ ප්‍රීති උත්සව පවත්වන්නත් අවස්ථාව ලැබෙනව. වැඩිහිටි දරුවන් ඉන්නව නම් කේන්දරේ බලවගන්න ඕන ඒ අයට අපල ඇතිවෙන්න පුලුවන්.
සෞඛ්‍ය ගැටළු වශයෙන් උදරාබාධ, සෙම් රෝග සහ මුත්‍රා අසනීප, කාන්තාවන්ට ගර්භාෂ රෝග ඇතිවිමේ ඉඩකඩ තියෙනව. ඒ ගැන පරිස්සම් වන්න.

● සිංහ ලග්නය

4 වැන්නට ශනිගේ පැමිණීම ඒ තරම් හොදයි කිව නොහැක.
ආර්ථික තත්වය අයහපත් වන්නේ, සෙනසුරු 4 වැන්නට පැමිණීමෙන් සමහරවිට බිඳ වැටීමට පුලුවන් නිසාය. වෙලද ව්‍යාපාර, රැකියා ආදියට බාධා පැමිණේ. සිතේ කලකිරීම ඇතිවිමට ඉඩ තිබේ. උනන්දුව අඩුවීමට ඉඩ තිබේ. එය ආර්ථිකයට ප්‍රබලවම බලපානවා නේද ?
කරගෙන යන වැඩ කටයුතු අතරමග නතරවීම නිසාත්, තමාගෙ ආදායමට ප්‍රබල මරු පහරක් එල්ලවීමට ඉඩ ඇත.
එසේම ගෘහ ජිවිතයේ ඇති ගැටළුකාරි තත්ව නිසා ආදායම් තත්ව අහිමි වේ. පදිංචි ස්ථාන වෙනස් කිරීමට සිත්වේ. වැඩිහිටියන්ගේ, ගෙදර අයගේ අසමගිය නිසා ගෙදරින් පිටවීමට සිත් පහල වේ. නමුත් විදෙස් රැකියා වල නියුතු අයට මේ තත්වය බලපාන්නේ නැත. කෙසේ වෙතත් සමහරවිට යහපත් ග්‍රහ බලයක් තිබේ නම් නිවාස ඉදි කිරීමේ වාසනාව හිමිවනු ඇත.
සෞඛ්‍ය තත්වය සම්බන්ධව, පපුවේ මහන්සිය, සෙම් රෝග - හතිය, මානසික ආතතිය, කලකිරීම ආදි ලෙඩ රෝග ඇතිවිමේ ඉඩකඩ වැඩිය. ඒවායින් ආරක්ෂා වීමද නුවණට හුරුය.

● කන්‍යා ලග්නය

3 වැන්නට ශනි පැමිණීම ඉතා ශුභයි.
පසුගිය වසර 2 හමාර තුල තිබූ මුදල් අගහිගකම්, අවහිරතා, බාධක දුරුවනු ඇත. ආදායමට තිබුනු විවිධ වූ ප්‍රතිරෝධයන් දුරුවනු ඇත. එසේම අතමිට මුදල් යහමින් ගැවසේ. විශේෂයෙන්ම වෙළද නියෝජිත ධූර, සන්නාම තානාපති ධූර දරන අයට මේ කාලය හොදයි. ප්‍රසිද්ධ පුද්ගලයන්ට මේ ග්‍රහමාරුව ඉතා හොදයි. අතරමග ඇණහිටි දේවල් සාර්ථක වනවා සේම, අලුත් ව්‍යාපාරික කටයුතු වලට අතගැසීමට හැකි වනවා සේම රැකියා බලාපොරොත්තුවී සිටි අයට එ්වා ස්ථිර වීමද සිදුවේ.
මා සිතන ආකාරයට සෙනසුරු මාරුව කන්‍යාවට ඉතා සුභයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරන්නට අවශ්‍ය වන වටපිටාව සැකසෙන අතර තමාගේ ආදායම වැඩි දියුණු වීම නිසා සිතේ ප්‍රීතිය ගෙනදේ. පවුලේ අයට වෙනදාට වඩා යම්කිසි මුදල් ආයෝජනයෙන් ඒ අයගේ හොද හිත ලැබේ. නෑදෑයන්ගෙන් වෙන්වීමට ටිකක් හේතුයි. ඒ ආදායම් තත්ව වැඩි දියුණු කරගැනීමට නිසා ලොකු කරදරයක් නොවේ. විදෙස්ගත වීමට මේ කාලයෙදි නියමයි. ඔබට ජයග්‍රහණ ලැබෙන්නෙ ඔබගේ උත්සහය නිසාය.
සෞඛ්‍ය තත්වයට මෙම ගැටළුව බාධාවක් නොවන අතර, ගැස්ට්‍රයිටිස්, පපුවේ සෙම් ගතිය, විවිධ ආකූලතා ඇතිවිමට ඉඩ ඇත.

● තුලා ලග්නය

2 වැන්නට ශනිගේ පැමිණීම සමඵලයි.
ලග්නයේ වද දිදී හිටපු පහුගිය වසර 2 හමාර ගැන හිතද්දි ටිකක් හොද උනත් ආදායම් තත්වයට හොද නෑ. මේ අවුරුදු 2 හමාරෙදි තැන්පත් ධනය අනිවාරතේ වියදම් වෙනව. ඒවගේම තමයි අලුතෙන් එන ධනෝපායන මාර්ග අහිමි වෙනව. සිතට මානසික කරදර ගොඩක් එනව. ඒවගෙම තමයි තමන්ගෙ වචනය නිසා ලැබෙන්න තියෙන දේවලුත් නොලැබීම යන්න ඉඩ තියෙනව. ඉතින් මේවයින් ප්‍රවේසම් වීම ඔයාගෙ වගකීමක්.
ගෘහ ජිවිතයේ ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ඒකට හේතුව ආදායම් තත්ව දුර්වල වීම ප්‍රධාන වශයෙන්ම. තමන්ගෙ ගෙදර දොරේ අඹුසැමියන්ට කරදර ලෙඩ රෝග ඇතිවෙන්න පුලුවන්. ඔවුන් පරිස්සම් කරගන්න. ඒවගේම තමයි නිවසින් බැහැර වීමේදී කල්පනාවෙන් ඉන්න ඕන මුදල් රත්තරන් බඩු වටිනා කියන දේවල් නැති වෙන්න පුලුවන්.
සෞඛ්‍ය ගැටළු ලෙස, දන්තාබාධ, මුහුණුට විය හැකි අනතුරු වලින් පරිස්සම් වෙන්න ඕන.

● වෘශ්චික ලග්නය

1 වැන්නට ශනිගේ පැමිණීම ශුභාශුභ මිශ්‍රයි.
සතුරු වෙලා ලග්නෙට ආවත් මට හිතෙන්නෙ, ශුභාශුභ මිශ්‍රව ලැබේවි. මොකද වෘශ්චික ලග්නයට ශනි කියන්නෙ 3 වැන්න 4 වැන්න අධිපතියා. ලග්න ඒරාෂ්ඨකයක් නැත්නම් ලග්නයේ පාප ග්‍රහයන් ඉන්නවා හැරුනු කොට මෙයාගෙන් නරකක් වෙන්නෙ නෑ කියන එකයි මගේ මතය.
ඒකට ආසන්නම 1986-87 වෘශ්චික ලග්නයෙන් ඉපදුනු අයගේ ලග්නයේ සෙනසුරු තමයි ඉන්නෙ. මගේ ජෝතිෂ්‍යය අත්දැකිම් අනුව ඒ සියලුම දෙනා ඉහලම සමාජ තත්ව වල රැකියා කරන්නෙ. සමහරුන්ට සෙනසුරු මහ දසාව ගත වෙලත් එයාල ෆේල් වෙලා නෑ ගේම් එකෙන්. ඒක නියතයක්.
ආර්ථික තත්වය දියුණු කරගන්න වාසනාව ලැබෙනව. උත්සාහය උනන්දුව ඇතිවෙනව. විදෙස් රැකියාවල දියුණුව ඇතිවෙනව. ඒවගේම තමයි මහන්සි වෙලා වැඩ කරල ජයග්‍රහණ ලබාගන්නත් පුලුවන්.
ගෘහ ජිවිතයේ ටිකක් වගකීම් වැඩි වෙන නිසා යම්කිසි අවිවේකී බවක් එන්න පුලුවන්. ඒවගේම දුවාදරුවන් වෙනුවෙන් වෙනදට වැඩිය කැපවීමක් කරන්න වෙනව. නව නිවාස ඉදි කරන්න වාසනාව තියෙනව.
ඉතින් පොදුවේ ගත්තම හොදත් නෑ නරකත් නෑ.
හිසේ කැක්කුම, හිසට තුවාල අනතුරු වෙන්න ඉඩ තියෙනව. ඒව මහා දරුණු ඒව නෙමෙයි. සර්වාංග රෝග, වාත අමාරුත් එන්න පුලුවන් ඒවයින් ප්‍රවේසම් වන්න.

● ධනු ලග්නය

12 වැන්නට ශනි පැමිණීම ධනු ලග්නයට නම් හොද නැහැ.
ලග්න ඒරාෂ්ඨකය පටන් ගන්නවා ඒවගේම, 12 වැන්නට පැමිණීමෙන් අනවශ්‍ය වියදම් සිද්ධ වෙනව. තමන් කරන ව්‍යාපාරික කටයුතු වලින් මුදල් පාඩු වෙන්න පුලුවන්. හවුල් ගනුදෙනු වලින් පාඩු වෙන්න පුලුවන්. ලැබීම හොදින් වෙනව නම් වියදම ඩබල් වෙනව. එතකොට ඕක තවත් තීව්ර වෙනව 12 චන්ද්‍රයා ඉන්න අයට. ඒවගේම කරන කියන කටයුතු වලින් පාඩු අලාභහානි සිද්ධ වෙන්නෙ තමන්ට නොදැනීම. මේ කාලයෙදි එක එක්කෙනාට ඇපේට එහෙම අත්සන් කරන්න හොද නෑ. ෆිනෑන්ස් ලීසින් වලට අත්සන් කලොත් තමාට කාලෙකදි ගෙවන්න වේවි. අවධානමත් වෙන්න.
ගෘහ ජිවිතයෙදි දෙදෙනා අතර අවබෝධය සෑහෙන්න වටිනව. එහෙම නැති උනොත් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නෙ. දෙදෙනා අතර ලිංගික සම්බන්ධකම් අඩුවෙන කාලයක්. අවබෝධය නිසා දෙදෙනා වෙන් වෙන්න පුලුවන් කාලයක්. මංගල යෝග අවම වෙන කාලයක් වගේම තිබුනු මංගල යෝග වලට බාධක එන කාලයක්. ධනු ලග්න කාරයෝ මේ ගැන විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන, වග බලාගන්න ඕන.
සෞඛ්‍ය තත්වයෙන් ගත්තම වැටීම් තුවාලවීම්, හදිසි අනතුරු , මානසික විකල භාවය ඇතිවෙන්න පුලුවන් පරිස්සම් වන්න.

● මකර ලග්නය

11 වැන්නට සෙනසුරුගේ පැමිණීම හොදයි.
11ට ආවම ධන ධාන්‍ය තත්වය දියුණු වෙනව. උරුමහරුමකම් ලැබෙනව. ආර්ථිකය දියුණු වෙනව. තමාගේ දේවල් කරගැනීමට සමාජීය වටපිටාව නිර්මාණය වෙනව. ඒවගේම තමයි විදෙස් රැකියා ලැබෙන්න වාසනාව තියෙනව. විදෙස් රැකියාවල ඉන්න අයටත් හොදයි. අතමිට මුදල් ගැවසෙනව වගේම, ඔය බ්‍රෝකර් වැඩ කරන අයටත් හොදයි. මෙතෙක් රැකියාවේ තිබුනු බාධක, වෙලදාමේ තිබ්බ බාධක මග හැරෙනව. පොදුවේ ගත්තම ආර්ථික වශයෙන් මකර ලග්නෙට හොදයි.
ගෘහ ජිිවිතයත් නරක නැහැ. ප්‍රීතිමත්ව ගත වෙනව. උරුමහරුමකම් ලැබෙන නිසා සිතේ ප්‍රීතියෙන් දරු පවුල එක්ක ඉන්න වටපිටාව ඇතිවෙනව. ඒත් මම එකක් කියන්නම්, වැඩිමහල් සහෝදර සහෝදරියන් එක්ක ආරවුල් ඇති කරගන්නෙ නැතිව එයාල එක්ක සහයෝගයෙන් කටයුතු කරගන්න ඕන. පොඩි දේකින්වත් ඒ අය අමනාප කරගන්න ලෑස්ති වෙන්න එපා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති නමුත් අතපයේ අමාරු ඇතිවෙන්න පුලුවන්. පරිස්සම් වන්න.

● කුම්භ ලග්න

10 වැන්නට සෙනසුරුගේ පැමිණීම හොඳ නෑ.
ආර්ථික පැත්ත කඩා වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී. ලග්නාධිපතියා උනාට 10 වැන්න සෙනසුරුට සතුරු රාශියක් නිසා මුදල් අඟහිඟකම් වැඩි වෙනව. තමන්ට සතුරු කරදර ඒකියන්නෙ වෙලදාම් කරන තැන, රැකියා ස්ථානයේ සතුරු කරදර ඇතිවෙන්න පුලුවන්. මේව විදෙස් රැකියා කරන අයට ඒ තරම්ම බාධාවක් කියල හිතන්න බෑ. උත්සහයෙන් උනන්දුවෙන් මේ දේවල් නැති කරගන්න ඕන. ශාන්ති කර්ම වලට ප්‍රවේශ වෙන එක හොදයි. රැකියා තියෙන අය ඒවා ප්‍රවේසම් කරගැනිමටත්, ව්‍යාපාර කටයුතු වලදි තමන්ගේ ගනුදෙනුකරුවන් එක්ක සුහදව කටයුතු කිරීමෙනුත් විශේෂයෙන් මේ අපල නැති කරගන්න පුලුවන් - ඒක ප්‍රායෝගිකයි.
ගෙදර දොර ජිවිතය සාමාන්‍ය පරිදි ඇතිවෙනව. නමුත් රැකියාවේ ඇතිවෙන ගැටළු, මුදල් අඟහිඟකම් නිසා යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ඒවටත් පිලියම තියෙන්නෙම ඔයාලගේ අතේ.
සෞඛ්‍ය තත්වය ගත්තම මුත්‍රා ආබාධ, රහස් රෝග ඇතිවෙනව. පරිස්සම් වෙන්න.

● මින ලග්නය

9 වැන්නට සෙනසුරු මාරුව හොඳයි.
8 වැන්නෙන් සෙනසුරුගේ ඉවත් වීම මහා මූසලකමක් නැති උනා හා සමානයි. අෂ්ටම ඒරාෂ්ඨක අපල නිමවීමෙන් ආදායම් තත්ව දියුණු වෙනව. කරන කියන කටයුතු සාර්ථක වෙනව. හවුල් ව්‍යාපාර සාර්ථක වෙනව. අලුත් ආදායම් මාර්ග හිමි වෙනව. ඒව ජනවාරි වලදි හිමිවේවි. ඒවගේම තමයි තැරැව්කාර බිස්නස් කරන අයට මේ කාලය වාසිදායකයි. තමාගේ නම මතු වෙනව. ඒ ඔස්සේ ආදායම් මාර්ග නිර්මාණය වෙනව. ගොඩක් වාසිදායක දේවල් සිද්ධ වෙනව. පොදුවේ ගත්තම ආර්ථික - සමාජීය සියලුම කටයුතු වලට සෙනසුරු මාරුව හොදයි කියල තමයි කියන්නෙ.
ගෘහ ජිවිතයත් ප්‍රීතිමත්ව ගත වෙනව. දරුවන්ට බිරිඳට බොහෝම සුභපල දායකයි. අලුත් බඩු මුට්ටු, නිවාස අලුත් වැඩියා, අලුත් නිවාස මිලදී ගැනීම් සිද්ධ වෙනව. ශුභ කාලයක් උදා වෙනව. ඒවගේම වන්දනා ගමන්, ආගමික කටයුතු වලට සිත් පහල වීම් ඇතිවෙනව. හොදයි.
සෞඛ්‍ය තත්වය, තිබුනු බොහෝ ලෙඩ රෝග පහ වෙලා යනව. ඇඟට සනීපයක් ලැබෙනව. හොඳ පලාත් වල ඉන්න වාසනාව ලැබෙනව.















Friday, October 31, 2014

__ කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ, සිදුවූ නායයෑම සම්බන්ධවයි __

මේ දිනවල වැඩියෙන්ම කතාබහට බඳුන් වී ඇති මෙම ශෝකාන්තය ගැන, ආයතනයක් වශයෙන්ද එම ජනතාවට අපගේ දැඩි සංවේගය පල කරන අතර, මෙවන් විපතක් ජාති ජාතිවත් නොවේවායි ප්‍රාර්ථනා කරමු !
එසේම, මේ සම්බන්ධ විස්තරය අලලා විවිධ මාධ්‍ය වලින් එක් එක් වර්ගයේ ජෝතිෂ්‍යයවේදීන් දැන් ඇවිත් විස්තර ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. අප ජෝතිෂ්‍යය සේවයක් වශයෙන් මේ සම්බන්ධව කීමට සහ යම් විස්තරයක් ප්‍රකාශ කිරීමට තරම්වත් වේලාවක්ම නොතිබුනි. මන්ද පහුගිය මාස 1 හමාර 2ක ඇතුලත කාලය තුලදී පුද්ගලයින් වෙනුවෙන් කරදීම නිසා හෙම්බත්වී සිටියෙමු.

ලෝකායතන ජෝතීර්විද්‍යාව අනුව(රටක් ගැන, විශාල ජන සමාජයක් ගැන, භූමිය ගැන අදාල ජෝතිෂ්‍යය නිගමන), මෙම කාලය තරමක කලබගෑනි සහ යම් භෞතික විපර්යාස සිදුවන කාලයකි. මන්ද ශනි/සෙනසුරු ග්‍රහයා වසර 2 හමාරකට පසු තමාගේ උච්ච රාශිය වූ තුලාවෙන් වෘශ්චිකයට සංක්‍රමණය වීම හේතුවෙනි.

ශනි සමහරවිට තුලාවෙන් වෘශ්චිකයට යන්නේ තරහින්ද කියාත් සිතේ. උච්ච භවනය අතහැර, සතුරු භවනයකට යන ශනි, යන යකා කොරහත් බිඳගෙන යනවා යැයි කීමට අදාලව යම් දරුණු විපත් ඇති කරයි. එයද ප්‍රස්තුතයක් වශයෙන් බැලූ කල ශනිගේ අණසක පවතින අප්‍රිකාවේ කොටස් වලටත්, දකුණු ආසියාවේ ඉන්දියාව, ශ්‍රීලංකාව සහ පකිස්ථානයේ, මාලදිවයිනේ කොටසකටත්, බංග්ලා දේශයේ කොටසටකත් දැඩි වූ ව්‍යසන ඇති කරයි.

සෙනසුරුගේ මේ තත්වය ගැන සමහර අය කතා කරන්නේ, මේ ඊයේ පෙරේදා සිටය. එනම් කොස්ලන්දේ ශෝකාන්තය වූ දා සිටය. නමුත් ප්‍රෙක්ෂක ඔබට මතක ඇති, හුඩ් - හුඩ් සුළි කුණාටුව, නිලෝෆා සුළි කුණාටුව, එසේම චීනයේ පහල කොටස් වල ගංවතුර, බංග්ලා දේශයට තද වැසි සහ ජීවිත හානි එසේම අප්‍රිකාවේ කොටසකට ඉබෝලා වෛරසය පැතිරීම - මේ සියලුම දේවල් ශනිගේ ක්‍රියාදාමයන් ඔස්සේ සිදුවෙන බව පැහැදිලිය.

නමුත් කණගාටුවට කාරණාව අප පුද්ගලයන්ට මෙවැනි දේ සම්බන්ද පුද්ගලිකව කියාදී ඇත. ඔවුන්ගේ ජිවිතය සමග සෙනසුරු මාරුවට අදාලව සිදුවන විපත්ති සම්බන්ධව කියාදී ඇත. මොළයටම මේ සම්බන්ධව චින්තනය ඔබ්බවා ඇත. එය අපගෙන් සේවය ලබාගත් සියලුම දෙනා දනිති.

නමුත් මධ්‍යස්ථ වූ කෝණයකිනුත් බලන කල කරුමය උරුමයක් කරගත්විට කුමන ගැලවීමක්ද ?

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සහ භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයෙන් 2005 වසරේදී සහ 2011 වසරේදී අවස්ථා 2ක 3කදී ඔවුන්ට ඉවත්වන මෙන් ඉල්ලීම් කර ඇත.

නමුත් එම ජනයා එම ස්ථානයට විකල්පව ලබාදුන් ඉඩම් වල පදිංචි වීත් නායගිය ස්ථානයේ ඉඩම් වලද පදිංචිව සිට ඇත.

හරියට හාමුදුරුනමකට විහාරස්ථාන 2ක් තිබෙනවා වගේය.
එසේම තවත් විශේෂ කාරණාවක් වන්නේ, නාය ගිය දිනට පෙරදින 28 වන දින පෙරවරුවේ සහ හවස් වරුවේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තැන විසින් ඔවුන්ට අනතුරු ඇඟවූවත් ඔවුන් නොවෙයි ගියේ එතන අතහැරලා.
මේවා අප විසින් එම ප්‍රදේශ වල වගකීමක් සහිත ජනතාවගෙන් දැනගත්ත කාරණා. එසේ නම්, ඔවුන් දෙවරක්ම රජයෙන් අනතුරු අඟවද්දී ගියේ නැතුව එතනම සිටිය නිසා මේ විපත සිදු උනා. එදා ඔතනින් ඉවත් වෙලා තිබ්බ නම් කයිවාරු ගහන ජෝතිෂ්‍යය වේදීන්ගේ කටවහල් වැහෙනවා නේද ? එහෙනම් ඒක බොරු වෙනවනේ ?

මම තවත් ලස්සන කතාවක් කියන්නම්. ඔබලාට මතකනේ 2004 සුනාමි ව්‍යසනය. මහ මුහුද ගොඩ ගැලුවා. ඒකියන්නේ ගුරු/බ්‍රහස්පති සිංහ රාශියේ සිට කන්‍යාවට මාරු වුන අලුත. එතකොට සෙනසුරු හිටියෙත් කටකයේ. එතකොට මහ මුහුදේ යක්ෂයා හිටිය. ඕක අපිට ජෝතිෂ්‍යයෙදි යම්කිසි නිගමනයකට ගන්න පුලුවන්. ඒක එහෙම වෙලා ජිවිත මහ රාශියක් බිලි ගත්තා.

තමන්ගේ ජාති වර්ගයා රළ පහරට බිලිවෙලත් ඉතුරු වෙච්ච මිනිස්සු ආයෙත් ගිහිල්ලා පදිංචි වෙලා තියෙන්නෙ මුහුද අයිනෙමනේ.
එතකොට මේ අයට කියල හදන්න බෑ. සමහරවිට ඒ අපේ ජාතියේ හැටිද දන්නෙත් නෑ. එතකොට කරුමය මෙයාල උරුමයක් කරගෙන. කොස්ලන්ද ඛේදවාචකයත් ඒවගේ දෙයක් තමයි. ඒ අය ඔය තත්වයට මුහුණ දුන්නේ එයාලගෙම වරදින්.

ඉතින් මේ සම්බන්ධව දැඩි ශෝකයක් අපිට තියෙනව වගේම, හිතන්න යමකුත් ඉතිරි කරලයි මේ ඛේදවාචකයට ගොදුරු උන සියලුම දෙනාට දැඩි ශෝකය ප්‍රකාශ කරන අතරම ඔවුන්ට නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව.

Thursday, October 30, 2014

“ ගජකේශරී යෝගය “

ගජකේශරී යෝගය ගැන ඔබ මොනවද දන්නෙ ?

පංච පුරුෂ යෝග හැරුණු කොට ප්‍රබලම රාජ යෝගයක් විදියට මෙම යෝගය ජෝතිෂ්‍යයෙදි හැඳින්වෙනව.

● මෙම යෝගයෙන් උපදින අය බොහෝවිට ජනප්‍රිය, ජනීජනයා ආදරය කරන, රාජ්‍යමහාමාත්‍යාදීන් වෙනව.
අපි බලමු මේක කොහොමද යෙදෙන විදිය කියල.
සඳුගෙන් සහ ගුරුගෙන් යෙදෙන්නෙ ?

* ඇයි මේ යෝගයට ගජකේශරී කියන්නෙ ?

● ගජ කියල කියන්නෙ හස්තියා.. එයා තමයි සඳු/චන්ද්‍ර ග්‍රහ දෙවියන්වහන්සේගෙ වාහනය.
එතකොට කේශරය කියල කියන්නෙ සිංහයට.
මෙයා තමයි බ්‍රහස්පති/ගුරු දිව්‍ය රාජයාගේ වාහනය.
ඒනිසා තමයි ගජකේශරී කියන්නෙ.

● මෙම ග්‍රහ තාරකාවන් 2ම අධි මිත්‍ර ග්‍රහයන්. සඳු කියල කියන්නෙ සිතිවිලි වලට ප්‍රධාන සෞම්‍ය චින්තනයක් තියෙන ප්‍රබල ග්‍රහයෙක්.

●එතකොට ගුරු කියන්නෙ ප්‍රඥාවන්ත, ධනවත්, බොහෝ දැන උගත්කම් ඇති සුපිරිම ග්‍රහය.
* මේ දෙදෙනාගේ එකතුව නිසා පුද්ගලයෙක් ජනප්‍රිය වෙනව. ගොඩාක් ජනප්‍රිය වෙනව. එතකොට ඒවගේම ප්‍රඥා අධික වෙනව.

● ගුරු - සඳු එකම රාශියක ඉන්න එක, ගුරුගෙන් 4 වැන්නේ 7 වැන්නේ 10 වැන්නේ සඳු ඉන්න එක ගජකේශරී යෝගයයි.

* මෙම යෝගය යෙදෙන තැනැත්තන් ගමක නගරයක ප්‍රධානියෙක් වෙනව. ප්‍රසිද්ධ වෙනව. ජනතාවගේ ප්‍රසාදය ලැබෙනව. දීර්ඝායුෂ ලැබෙනව. අවුරුදු 90කට වැඩිය ආයුෂ වින්දනය කරනව.

● කටක රාශියේ මෙම ග්‍රහ යෝගය යෙදුනොත් ලෝකෝත්තර පැත්තට යොමු වෙනව කියල තමයි ජෝතිෂ්‍යයේ සඳහන් වෙන්නෙ.

● මකර රාශියේ යෙදුනොත් කුණු ලෝබයෙක් වෙනව. තමන්ගේ පැත්තටම හරවා ගන්නව. කොහොම වෙතත්, ඉතාම ශුභපල දෙන මෙම යෝගය ඉතාම වටිනව. පිරිවර සැප සම්පත් දෙන, මෙම යෝගය ඔයාගෙ කේන්දරයෙත් තියෙනවද බලන්න.

^ ගජකේශරි යෝගය යෙදුනු අය ලෙස, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ප්‍රේමදාස ජනාධිපති තුමා, ශ්‍රිමත් ජේම්ස් පිරීස් මැතිඳුන්, ශ්‍රී චන්දරත්න මානවසිංහයන්, මහාචාර්ය සෙනරත් පරණවිතානයන්, ආනන්ද රාජකරුණා මහතා, බිල් ක්ලින්ටන් මහතා කියන්න පුලුවන්.

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

සිතන්න.

සමහර ජෝතිර්වේදින් යැයි කියන අය විසින් යම් කෙනෙකුට ඒරාෂ්ඨක පැමිණීමේදි කරදර වේවි, රස්සා නැතිවේවි යනාදි ලෙස අනවශ්‍ය ලෙස බිය කර යන්ත්‍ර පැලදීමට උපදෙස් දෙයි.
එසේ උපදෙස් දෙන්නට පෙර ඔහු පෙර කාල වල ගත කල විදිය, දැන් යන මහ දසාව ආදි සියල්ල බලා නිවරදිව කිව යුතුය.

එසේ නැතිව හොඳ කාලයක් ගත කරන කෙනෙක්ව බිය කර යන්ත්‍ර දැමීමට උපදෙස් දීම අපගේ ප්‍රතිපත්තියට පටහැනිය.

එයින් අපට වන ආර්ථික වාසියක් නැත. කෙසේ වුවද නිසි ලෙස අවශ්‍ය සහ කිවයුතු දේ ඔවුන්ට කියමු.
තවද කරුණක් නම් වැඩි පිරිසකට ජෝතිෂ්‍යය මතක් වන්නේ කරදර සිදුවෙමින් පවතින විටය.
හොඳ කාල වලදි එය වැඩි දියුණු කරගැනීමට ජෝතිෂ්‍ය මගින් කල යුතු යමක් බහුතරයකට අවශ්‍ය නැත. කරදර වලදි මෙන්ම සුභ කාලයේදි සුභ තත්වයන් වර්ධනය කරගැනීමද වටින්නේය.

උදා,
සමහර අය සුභ ගුරු මහ දසා ගත කරන අතර ඒ කාල වලදි රැකියා කරමින් යම්තාක් ස්ථාවර වුවද එතනදි අත්‍යාවශ්‍ය වන්නේ ඊට පසුව එන සෙනසුරු මහ දසාවේ කරදර වලටද මුහුණ දිය හැකි ලෙස ආර්ථික වශයෙන් ස්ථාවර වීමයි.
නමුත් දැන් හොද නිසා ඉදිරිය ගැන වැඩිය තකන්නේ නැත. ඒනිසා ඉදිරි මහ දසා නරක එකක් නම් කරදර ඇතිවන අවස්ථා බොහෝමයි.

Wednesday, October 29, 2014

ජීවිතයේ, සැප සම්පත් යස ඉසුරු පෙනී පෙනී අපේ කාලයේ විපතට වැටුනු නූතන පටාචාරාවක් !


පටාචාරාව කිව්වම මතක් වෙන්නේ අපට, බුද්ධ කාලීන භාරතයේ තමාගේ දෙමව්පියන්, ස්වාමි පුරුෂයා දරුවන් සියලුම දෙනා අහිමි වෙච්ච රූමත් ස්ත්‍රියක් සම්බන්ධව තමයි.

නමුත් මේ කතාවේ මේ කතා නායිකාව සම්බන්ධව විමසීමක් කරනකොට ඊටත් අන්තයි එයාගෙ තත්වය. මොකද පටාචාරාවට භෞතික ලෝකයේ සියලු සැප සම්පත් අහිමි උනත්, එතුමියට මහා කාරුණික බුද්ධ නේත්‍රාවට හසු වෙලා ජීවිතයේ සදාකාලික සැනසීම හෙවත් නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න වාසනාවක් ලැබුන. ඉතින් ඒ අතින් ගත්තම පටාචාරාව වාසනාවන්තයි කියල කියන්න පුුලුවන්. එතුමියට සසර දුකක් ආයෙ එන්නෙ නැහැනේ. නමුත් මේ කතාවේ කතානායිකාවට වෙලා තියෙන දේ ඊට හාත්පසින්ම වෙනස් දුක්ඛදායක තත්වයක්,
එහෙනම් බලමු ජන්ම පත්‍රය කොහොමද කියල ?

1979දි පෙබරවාරි මාසේ 22 වනදට එලිවන්නට දකුණු පලාතේ ගාල්ලට නුදුරු එක්තරා ග්‍රාමයක උප්පත්තිය ලැබූ මෙම ගැහැණු දරුවා උපදින්නේ, කුජට අයත් වෘශ්චික ලග්නයෙන්. ඒවගේම කේතුට අයත් මා නැකත ජන්ම නක්ෂත්‍රය කරගන්නවා.
කේතු මහ දසාවෙන් ඉපදිලා අද මේ දරුවා ගත කරන්නේ, සඳුගේ මහ දසාව තමයි.

මෙයාගේ කතාව කිව්වොත්, 2001 වසරේදී මෙයා විවාහ වෙනව. මේ දුවගේ මව පියාගෙන් වෙන් වෙලා ඒ අවස්ථාවෙ හිටියෙ. ඔහොම කාලයක් ගත වෙනකොට දරුවො දෙන්නෙකුත් ලැබෙනව. දෙවෙනි දරුවා ලැබිලා, ටික කාලයක් යනකොට තමයි මෙම ළමයට මහා කරුමයකට මුහුණ පාන්න සිද්ධ වෙන්නෙ.

මෙම දරුවාගේ මව, මෙම දරුවාගේ ස්වාමි පුරුෂයා සමග අනියම් සබදතාවක් ඇති කරගන්නව. ඒනිසාම ඒ විවාහය කඩාකප්පල් වෙනව. නීතියෙන් වෙන් වන මේ දරුවා 2වෙනි වතාවට විවාහ වෙන්
ඒ දෙවෙනියට විවාහ වෙච්ච පුද්ගලයත් අනියම් සම්බන්ධකම් රාශියක් තියෙන කෙනෙක්. මෙයා අද දවසේ අන්ත අසරණ දුකකට වැටිල ඉවරයි. මේක තමයි කතාව.

අපි එහෙම නම් කේන්දරය සම්බන්ධව කල්පනා කරල බලමු.

අපි කේන්ද්‍ර බලල කුඩා දරුවෙක්ටවත් මෙහෙම තත්වයක් තියෙනව නම් නොවහලා දැනුවත් කරන්නේ මෙවන් තත්ව වලක්වන්නයි. පූර්ව අවදානමක් තියෙන නිසයි. ඒව කරන්නෙ එහෙම ගැටළු ඇති නොවෙන්නයි. නමුත් බොහෝ වෙලාවට වෙන්නෙ තරුණ දරුවෝ අපි එක්ක රණ්ඩු වෙන්නත් එනව. ඉතින් දැන් වෙලා තියෙන්නඓ් දේනේ.
මේ කේන්දර සටහනටත් 2000 වසරෙදි කේන්දර බලල අදාල කල යුතු දේවල් කිව්ව.
( විශේෂයෙන් හොඳ අවබෝධයකින් යුතු කෙනෙක් සමග ගැලපෙන කේන්දර සටහනකින් යුතු විවාහයක් කරගන්න කියල අපි අවධාරණය කලා මේ දරුවට)

●  මේ කේන්දරයේ බැලු බැල්මටම චන්ද්‍රයයි - සිකුරුයි ධනු රාශියේ ඉන්නෙ.
සිකුරු ධනුවේ චන්ද්‍රයා ධනුවෙ හිටියම විවාහ 2ක් වෙන පිහිටිමක් තියෙනව. ඒක සත්‍ය බව අපගේ පර්යේෂණ වලින් දැකල තියෙනව.
* ඒවගේම තමයි මේ දරුවාගේ 7 වැන්නාධිපතියා සිකුරු වෙලා 2වැන්නේ තැන්පත් වීමත් එතරම්ම හොද දෙයක් නෙමෙයි. ඒකත් විවාහ දෝෂයක් වෙනව වගේම ගැටළුවක්.
ඒවගේම තමයි මෙයාගෙ ජිවිතයේ මෙයාගෙ හැම ප්‍රශ්නයකම මුල පටන්ගෙන තියෙන්නෙ ඉන්න තැන ගැටළුවක් බව කේන්දරයේ බැලු බැල්මටම පේනවා.

●  පාප ග්‍රහයන්ම 4ක් 4 වැන්නේ තැන්පත් විම.
රාහුගේ ශනිගේ සප්තම පාප දෘෂ්ඨි ලැබීම, මේවාට ප්‍රධාන හේතු.
* ඒවගේම තමයි මෙවන් කේන්දරයක් තියෙන කෙනෙක් ගොඩාක්ම දූරදර්ශී වෙන්න ඕන. මේ දුව එහෙම හිටපු කෙනෙක් නෙමෙයි. අනාගතය ගැන ඩිංගක්වත් කල්පනා කරල නෑ. අපි කිව්ව ඒව ඇහුවෙත් නෑ.

අහසින් පොලවට වැටුන වගේ වැඩක්නෙ උනේ.

●  2005 අවුරුද්දෙ ඉදල ලබන්නේ. අවුරුදු 6කට රවි මහ දසාව.  රවි මහ දසාවෙදි ආරක්ෂා උනේ නැති එකේ ප්‍රතිඵල තමයි මේ. විවාහ වෙන කාලෙදි තිබිල තියෙන්නෙ සිකුරු මහ දසාවේ සෙනසුරු අතුරු දසාව.
ඒකත් මෙයාට ප්‍රශ්නයක් උනා. කොහොම හරි රවි මහ දසාව ඉවර උනේ පුලුවන් තරම් කරදර කරල.

●  අතීතයේ නරක දේවල් තිබ්බ නිසා වර්තමානයේ හදාගන්න බැරි වැරදි වලට තමයි මේ ළමය දැන් කොටුවෙලා ඉන්නෙ. ඉතින් ජිවිතයේ මැදදී එන පාප දසා, කෙ

●  කෙනෙක්ගෙ ජිවිතය උඩු යටිකුරු කරන හැටි බලන්න. හැබැයි තාමත් මේ දරුවගේ පෙර පින තියෙනව. ඒවගේම දරුවො 2ක් ඉන්නවා කියන්නේ ලොකු වාසනාවක්නේ. දරුවො දෙන්නත් ඉන්නව.
ඒනිසා තමයි දැන් අපි කියන දේ අහල වැඩ කටයුතු කරගෙන බොහොම බුද්ධියෙන් කටයුතු කරමින් ඉන්නව.
ආගම දහමට නැඹුරු වෙලා දැන් ඉන්න කෙනෙක්.
දැන් දැන් ටික ටික අර ප්‍රශ්න නිරාකරණය වෙනව. ආර්ථික පැත්ත යහපත් වෙලා තියෙනව.
ඒවගේම තමයි මේ ළමයාගේ ග්‍රහ බලයත් එක්ක මේ ළමයා අතිශයින්ම රූමත් කෙනෙක්.

ඉතින් තමන්ගේ රූපයම කරදරයක් උනු විදියක් තමයි පෙනෙන්නෙ.

ඔයාලගෙ හඳහන් වලත් මේ වගේ යෝග තියෙනව නම් පරිස්සම් වන්න. වඩා හොඳ විදිය තමයි තමන්ට විශ්වාසදායක, සහ අවබෝධයක් තියෙන ගැලපෙන කේන්දර සටහනක් තියෙන කෙනෙක්ව බඳින එක.
කේන්දර ගැලපුනා කියල අවබෝධයක් නැති කෙනෙක්ව බඳින එකත් සුදුසු නෑ.

විශේෂයෙන් විවාහ ජිවිතයේ මැදදී එන පාප දසා වලදි විශේෂයෙන් පරිස්සම් වෙන්න දැනුවත් වන්න.
ඒවගේම බුද්ධියෙන් කටයුතු කරන්න.

බුදු සරණයි !

#ඉරුසේවයේ පර්යේෂණාත්මක ලිපියකි.

Tuesday, October 28, 2014

මනුෂ්‍යයාව දුප්පත් කරන්නෙ කවුද ?


(මනුෂ්‍යයා දුප්පත් කිරීමට ඉවහල් වන ග්‍රහ බලය කවරේද)

මම හිතන්නෙ මේකත් ගොඩාක් අයගේ සිතේ තියෙන සිතිවිල්ලක් තමයි. ගොඩක් අය හිතනව ඇති, කෙනෙක් පෝසත් වෙන්නත් තව කෙනෙක් දුප්පත් වෙන්නත් හේතු මොනවද කියල ?

අපේ සේවයත් එක්ක ලගින්ම ඉන්න ඔයාලා, අපි දවස ගානෙ දාන ලිපි කියවනව නේද ?

ඊට අමතරව, යුටියුබ් එකේ (https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA) අපගේ වීඩියෝ දසුන් ඔයාල නරඹන්න ඇති. එහෙත් ඒකෙ සඳහන් කරල තියෙන්නෙ ධන යෝග ගැන. ධනවත් වීම ගැන.
ඉතින් අද බලාගන්න, පුද්ගලයෙක්ව දුප්පත් කරන යෝග..

* විශේෂයෙන්ම නවග්‍රහයන්ගෙන් දුප්පත් බවට ඇදල දාන ප්‍රබලම ග්‍රහය කවුද කියල දන්නවද ?
ශනි/සෙනසුරු ග්‍රහයා...
● ශනි ග්‍රහය තමයි දුකට අධිපතියා. මෙයා කරන්නෙ හොඳට ඉන්න කෙනාව දුකට ඇදල දාන එක. අපි හිතමු සැප සම්පත් සහිතව පුද්ගලයෙක් ජීවත් වෙනව කියල, එයාට දුකක් කරදරයක් එන්න කිසිම හේතුවක් නැහැ.
නමුත් මේ ග්‍රහ තාරකාව කරන දේ තමයි, දුකක් කරදරයක් නිර්මාණය කරල ඒකට හැඩ වැඩ දාලා හරියට මේ කේක් එකක් හදනව වගේ, අයිසින් කරල ලස්සනට ඒ අයිසින් කරන්නෙ විවිධාකාර ප්‍රශ්න වලින් බන්දේසියෙ තියල අල්ලනවා අරයට.
ඉතින් නැති කරදරයක් පහත් වෙනව. සමාජයේ ඔයාලත් දැකල ඇති ඒවගේ අවස්ථා. හොඳට ඉන්න අය විපතට වැටිච්ච අවස්ථා.

* මේවත් එක්ක බලනකොට දුක දෙන්නෙම සෙනසුරුම තමයි. ඊලගට එයාට උදව් කරන තවත් ග්‍රහයෙක් ඉන්නවා. ඒ කේතු ග්‍රහයා.

● දුප්පත් වීමට ප්‍රධාන හේතුවක් විදියට සඳහන් කරනවා බුදු දහමේ “ කුසීතකම“, ඒ කියන්නෙ අලසභාවය. මේ කම්මැලිකමට බලපාන ප්‍රධානම ග්‍රහය තමයි කේතු. එයාගෙ වැඩේම ඕනම දෙයක් හකුළුවා තියෙන එක.
යම්කිසි කෙනෙක්ගෙ කේන්දරයක කේතු ග්‍රහයා ධනස්ථානයට බලපෑම් කරලා, ලග්නාධිපතියා පාපස්ථානයක නම් එයා කවදාවත් සල්ලි කාරයෙක් වෙන්නෙ නෑ.

* ඒවගේම තමයි සෙනසුරු ග්‍රහයා 12 ඉදලා, 2 වැන්නේ පාප ග්‍රහයෙක් නම් ඒත් දුප්පත් වෙන යෝගයක්.

● විශේෂයෙන්ම ඊට අමතරව ධනකාරක ග්‍රහයා වෙන, ගුරු ග්‍රහයා පාප පීඩිතව සුභ දෘෂ්ඨි නැතුව යම්කිසි විදියකින් ජන්මියාට උදව් කරන්න බැරි ස්ථානයක ඉන්නවා නම් ඒ පුද්ගලයගේ, ජීවිතේ වැඩ කටයුතුත් අඩපණ වෙනව.
මේක තමයි කාරණාව.

● ඒවගේම තමයි සිකුරු ග්‍රහයා නීච වෙලා, බ්‍රහස්පති/ගුරු උච්ච වෙන එකෙන් සැප සම්පත් අතෑරලා ඒ ජන්මියා අත්තකිලමථානු යෝගයට හෙවත් සැප සම්පත් අතාරින යෝගයට එනව.

● මෙන්න මේ වගේ කරුණු කාරණා දැක්කම, තවත් කාරණාවක් නම්, ධනය හම්බ කරන්න ඕන වයසෙදි පාප ග්‍රහයොන්ගේ ග්‍රහ දසා ලැබීම, ඒවගේම විවාහයෙන් විවාහ කලත්‍රයාගෙන් යම්කිසි විදියකින් ජන්මියාට අපල යෙදීම. මේ ආදි සියලුම කරුණු කාරණා බලනකොට දුප්පත් වීමට හේතු යෙදෙනව.

මේක අපි මෙහෙම සටහනකින් දැම්මට, තවත් කරුණු කාරණා ගොඩක් තියෙනව. නමුත් ප්‍රශ්නෙ මේකයි. සීමාසහිත පිටුවක මේ තරම් කරුණු කාරණා ගෙනහැර පාන්න බැරි දුෂ්කරත්වයක් තියෙනව. ඒකට ඔබගේ හඳහනත් බලාගන්න. කොහොමද ලග්නාධිපති ඉන්නෙ, පාප ග්‍රහ දෘෂ්ටි තියෙනව 2වැන්නට, ඔයාගෙ පෞද්ගලිකව තියෙන අඩුපාඩු මොනවද... ? ඒවා ජෝතීර්වෙදියාට පේනවද ?
මේව ගැන සැලකිලිමත් වෙන්න.

ඒ ගැන කල්පනා කරනකොට ගොඩාක් ඔයාලට උනත් තේරේවි මේකෙ වටිනාකම දුකට වැටෙන ගතිය ඒකෙන් අවම කරගන්න පුලුවන්.

(පින්තූරයෙ තිබෙන්නෙ දුප්පත් කෙනෙක්ගේ හඳහන, 1949 මාර්තු මස 19 දින පාන්දර විසා නැකතේ 4වන පාදය)


තෙරුවන් සරණයි !




___කේතු යනු කවුද ?__

පසුගියදා අප දුන්, රාහු - කේතු සම්බන්ධව ලිපියේ 2වන ලිපිය ලෙස මෙය පල කරමු.
රාහු ගැන දුන් ලිපිය අප සිතන්නේ ප්‍රමාණවත් අයුරින් ඔබට තේරුම් ගොස් ඇත කියාය. එසේ නම්, කේතු ගැන අද විමසා බලමු. මෙම කේතු ග්‍රහයාට දමිල භාෂාවෙන් ‘කේදු‘ යනුවෙන්ද ඉංග්‍රිසි භාෂාවෙන් 'Dragon Tale ලෙස හැඳින්වේ.( Dragon Head - රාහුය)

● එසේම කේතු ග්‍රහයා ප්‍රඥාකාරක බුද්ධිමත් ග්‍රහයෙකි. පෘථිවි ගමන් මාර්ගයේත්, චන්ද්‍ර ගමන් මාර්ගයේත් දකුණින් කැපෙන ලක්ෂය කේතු යනුවෙන් හැඳින්වේ.
කේතුද කිසියම් ආකාරයක න්‍යෂ්ඨික ශක්තියකි. කේතු ග්‍රහයාගේ ඇති කරන්නා වූ එම ග්‍රහ බලපෑම නිසා පුද්ගලයාගේ ශාරීරික දුර්වලකම, විශේෂයෙන්ම පාද වලට සහ ඉනෙන් පහලට දුර්වලකම ඇති කරනු ලබයි.

* එමනිසා ජෝතිෂ්‍යයෙදි පුරාතන ඍෂිවරු හදුන්වා ඇත්තේ කේතු ග්‍රහයා ඉනෙන් පහල නාග වලිගයක් සමගය. කේතු ග්‍රහයාගේ බලපෑම නිසා පුද්ගලයාට එම දුර්වලකමක් ඇති කරනවා සේම, ප්‍රඥාව සහ බුද්ධිය, මතක ශක්තිය ආදි ප්‍රස්තුතියන්ද හිමිවනවා ඇත.

● කේතු ග්‍රහයාගේ ග්‍රහ දසාව ලැබුනු කල ජන්මීන් බොහෝ මතක ශක්තිය ඇති උගත්තු වෙති. එයටද ඍෂිවරු කේතුට පුස්තකයක් අතින් දුන් රූපයක් ඇත. ඒ කේතු බුද්ධිමත් ග්‍රහයෙක් බැවිනි.
කේතුට ඇත්තේ මතක ශක්තිය, ප්‍රඥාව, බුද්ධිමත් බව පමණි. එසේම කේතු ග්‍රහයා පුද්ගලයා හකුලා තබන බව අපට පෙනීයයි.
එය ප්‍රායෝගික ජිවිතයේදි මෙන්ම හඳහන් පරික්ෂාවෙදිද අපට වැටහි යන කාරණාවකි.

● කේතුගේ මහ දසාවට අවුරුදු 7ක් වන අතර, එහි ප්‍රබලම අපලකාරි අතුරු දසාවන් වශයෙන්, කේතු, කුජ, රාහු, ශනි හැඳින්විය හැක.
මෙම ග්‍රහයාගේ අන්තර් දශාවන් ගැනද ඉදිරියෙදි විස්තරයක් දීමට බලාපොරොත්තු වෙමු.
කේතු ගැන මනා අවබෝධයක් කේතුගේ රූප සටහන දෙස බැලිමෙදි ඔබට යම් අවබෝධයක් ගත හැකි බව අපට විශ්වාසයි.
මෙම රූපයද ඉතාම දුර්ලභ රූපයකි !

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

Sunday, October 26, 2014

සතියේ ලග්න පලාපලය (ඔක් 27 සිට)

• මේෂ
ශුභ සතියකි.
සතිය ආරම්භයෙදි දිනකට පමණ ඔබගේ කටයුතු අවහිර වීමට පුලුවන. ඒ නමුත් දිනයකින් පසුව ඔබගේ සුභ පල වැඩි දියුණුව ඇතිවේ. ආර්ථික වාසි ඇතිවේ. දියුණුව උදෙසා වැඩිහිටියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේ. උරුමහරුමකම් ලැබේ. උදව් ලැබේ.
ගෘහ ජිවිතය සතුට දුක දෙයාකාරයෙන්ම බලපායි. ඒ මන්ද සෙනසුරු සහ සිකුරු රවි සමග 7 වැන්නේ පිහිටා සිටින බැවිනි. ඒ නමුත් පවුලේ සියලු දෙනා සමග නිතර උත්සව වලට සහභාගි විමට සහ දුර බැහැර ගමන් යාමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වයේ, වාත අමාරු, උදරාබාධ වලින් පරිස්සම් වන්න.

• වෘෂභ
එතරම් ශුභයි කියා කිව නොහැක.
සතියේ මුල් කොටසෙදි ඔබ තරමක අපහසුතාවයට පත් වන්නේ ආදායම් මාර්ග අවහිර වීමෙනි. ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබ ගනුදෙනු කරුවන්ගේ හිත දිනා ගැනීමටත් වග බලාගත යුතුය. ලැබීමට තිබෙන ණය තුරුස් සහ ප්‍රතිලාභ ඔබ වෙත හිමිවිමට ඇති අවස්ථාව දුර යයි. ඒ ගැන සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කිරිමට යම් බාධාවක් මතුවේ. එසේ නම් සමගියෙන් සමාදානයෙන් සිටිම වැදගත්ය. වෘෂභ ලග්නයේ කුඩා දරුවන් ජලාශ්‍රිත රෝගාබාධ වලින් ආරක්ෂා කරගැනිමත්, සෙම් අමාරු වලින් රැකගැනීමත් යහපත්ය.

• මිථුන
මේ සතිය ශුභදායකය.
සතිය අගදී ආර්ථික පාඩු වීමට පුලුවන් උවත් සතියේ මුල් කොටසෙදි හවුල් ව්‍යාපාර වලින් ආදායම් ලැබේ. තැරැව්කාර ව්‍යාපාරික කටයුතු කරන අයට වාසි සහගතයි. පිට පලාත් වල රැකියා කරන අයට, විදෙස් රැකියා කරන අයට මේ සතිය සුබ බව කිව යුතුය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර, අවිවාහක අයගේ මංගල යෝග ස්ථිර වේ. අඹුසැමියන් අතර ප්‍රීතිය වර්ධනය වන අතර, විනෝද ගමන්, උත්සව වලට සහභාගි විමට වාසනාව ලැබේ.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැති වුවත් සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.

• කටක
මේ සතිය මිශ්‍රපලයි.
කෝටියක් දෝෂ භංග කරමින් ගුරු හංස යෝගය යෙදි ඇති මෙම කාලයෙදි සදුගේ ගමනෙන් එතරම් අයහපතක් උදා නොකරයි. තමාගේ හොද වචනයට සහ යහපත් උත්සහයට දෛවයෙන් යම්කිසි ඉඩකඩක් ආශිර්වාදයක් ලැබේ. දියුණු වීමට පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රිතීමත්ව ගත වේ. එසේම නැන්දලාගෙන් සහ මාමලාගෙන් උදව් උපකාර ලැබේ. පිට පලාත් වල සංචාරය හේතුයි.
සෞඛ්‍ය අංශයේ සෙම් රෝග සහ උදරාබාධ, අජිර්ණ රෝග වැලදීමට පුලුවන්.

• සිංහ
මෙම සතිය ඔබට එතරම් වරදක් නැත.
හදිසි ධනලාභ හිමිවිම සහ අලුත් ආදායම් මාර්ග ලැබීමට නියමිතයි. නව සංකල්පයන්ට අනුව වැඩ කර එහි ප්‍රතිඵල නෙලාගත හැක.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර දුවාදරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවීමට පුලුවන්. දරුවන් ලැබීමට සිටින සිංහ ලග්න මව්වරුන්ට සුභ සතියකි.
සෞඛ්‍ය ගැටළු වශයෙන් උෂ්ණාධික රෝග සහ සෙම් අසනීප ප්‍රධානයි.

• කන්‍යා
ශුභදායක සතියකි.
ආදායම් තත්ව වලට හොදයි. එසේම දියුණුව ඇතිවේ. විදෙස් රැකියා කරන අයට හොදයි.
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගත වන අතර නිවසට නව උපකරණ මිලදී ගැනීමට පුලුවන්. තමාගේ කටයුතු දියුනු වනවා ඇත.
රෝගාබාධ ලෙස, මානසික ආතතිය සහ අනවශ්‍ය කලබල වීම ප්‍රධානයි. බුද්ධියෙන් කටයුතු කරන්න.

• තුලා
මේ සතිය සුභයි.
තමාගේ උත්සහයෙන් සහ උනන්දුවෙන් කරන සියලු කටයුතු සාර්ථක වෙයි. වෙලද ව්‍යාපාර කරන අයට දියුනුව ලැබේ. මුදල් ලැබේ. වාසනාවන්ත කාලයක්ය.
ගෘහ ජිවිතයද ප්‍රිතියෙන් ගත වේ. නෑදෑයන් සහෝදරයන් සමග ආශ්‍රය වැඩිපුර ඇතිවේ. නිවසට නෑදෑයන් පැමිණෙන කාලයයි.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ. හිසේ කැක්කුම සහ නහරගත වේදනා ගැන සැලකිලිමත් වන්න.

• වෘශ්චික
වෙනදා මෙන්ම මේ සතියත් සුභයි.
ධන ධාන්‍ය තත්වයේ දියුණුවත්, වාසනාවත් ලැබේ. අලුත් ආදායම් මාර්ග හිමිකරගත හැක. පිට පලාත් වල කරන රැකියා, වෙලද ව්‍යාපාර සාර්ථක වේ. දියුණුවට බාධා නොමැත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර තමාගේ කටයුතු ලෙහෙසියෙන් සහ පහසුවෙන් කරගැනිමට අවස්ථාවද ලැබේ. එයද ඉතාම හොද තත්වයකි.
සෞඛ්‍ය ගැටළු මතුවන්නේ නැත, නිදන් ගත රෝග ඇති අය ඒ සම්බන්ධව සැලකිලිමත් වන්න.

• ධනු
ශුභ පලයි.
වාසනාවට සියලු කටයුතු සාර්ථක වේ. දියුණුව ඇතිවේ. වෙලද ව්‍යාපාර සහ සංචාරක ක්ෂෙත්‍ර වල සිටින අයටද ස්වයං රැකියා කරන අයටද සුබයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, නිතර දෙවේලේ ප්‍රීති උත්සව සහ විනෝදගමන් යාමටත් සතුටින් සිටීමටත් පුලුවන්.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග සහ හිසේ කැක්කුම ගැන පරිස්සම් වන්න.

• මකර
සමපලයි.
සතියේ මුල් කොටසෙදි ආර්ථික පාඩු ඇතිවිය හැක. ණය වීමෙන් වලකින්න. එසේම සතිය මුලදි මුදල් ආයෝජනය කිරීම ගැන 2වරක් සිතන්න. ඇප පොරොන්දු ප්‍රකාර වලට අත්සන් කිරිම සුදුසු නැහැ. සතියේ මුල් දවස් 3 හැරුණු විට ඉන්පසු ඔබට ගජකේශරි යෝග බලයත් සමග සුභපල ලැබෙනවා ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන්නේ සතිය අගදීය. වැඩිහිටි අයට වන්දනා ගමන් වල යෙදීමත් පිංකම් වලට සහභාගිවිමත් නියමයි. කෙසේ වෙතත් ගෘහ ජිවිතයේ ප්‍රබල බාධක ගැටළු නැත.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවද සතිය මුලදි ලිස්සා වැටිම්, අනතුරු වලින් පරිස්සම් වීම මැනවි.

• කුම්භ
සමපලයි.
සතිය මුලදී ලැබෙන ආදායම් මාර්ග ආරක්ෂා කරගන්න. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන්නේ මුල් කොටසෙදි නිසා ඔවුන් සමග සුහදව සිටින්න. වෙලද ව්‍යාපාර කරන අයටද ඉතාම සුභයි. ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර ඥාතින්ගෙන් සහ ස්වාමියාගේ/භාර්යාවගේ ඥාතින්ගෙන් උදව් ලැබේ.
දරුවන් සමග ප්‍රීතිවිමට පුලුවන්.
සතිය අගදී ඇඟපත හන්දිපත් වේදනා වලින් පරිස්සම් වන්න.

• මීන
ඉතාම ශුභ සතියකි.
චන්ද්‍රයා 10 11 වැන්නේ සිටින මේ සතියෙදි ආදායම් තත්ව දියුණු වෙනව. පිට පලාත් වල කරන දේවල් වලින් ජයග්‍රහණ ලැබෙනව. එසේම නව ආදායම් මාර්ග ගත කිරිමට ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතකිරිමට පුලුවන්. දරුවන්ගෙ ජයග්‍රහණ නිසා සතුටු විය හැක. කෙසේ වෙතත් ගැටළු සහගත අවස්ථා එන්නේ නැහැ.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ. සෙම් සහ ජලය ආශ්‍රිත රෝගාබාධ වලින් පරිස්සම් වන්න.