Friday, October 3, 2014
සමාජයේ මතයක් තිබෙනවා සොෆ්ට්වෙයා/software වලින් වැරදීමට පුලුවන් කියලය.
අපි කරන්නෙ මෘදුකාංග භාවිතයෙන් කියල. මෘදුකාංග භාවිත කරන්නෙ ගණන් කරන්න.... කැල්කියුලේටරයක් වගේ... ( අප සේවයේ කේන්දර සෑදිම අතින් 2කු විසින් සහ මෘදුකාංග 2කින් කරනු ලැබේ)
අපි සේවය කරන්නෙ වසර 30-40-50කට පෙර අතීතයේ සිටයි.
අතින් හදලා, පොත් වල ලියලා, ඈපා පංචාග ලිත අනුව කටයුතු කර ඒ පන්නරය අරගෙනයි අද සොෆ්ට්වෙයා එකට ඇවිල්ල තියෙන්නෙ. භාව කේන්දරය, සූක්ෂම කේන්දරය ඉතාම නිවරදිව හදන්න අපි දන්නව.
මුල දැනගෙන තමයි අගත් අත ගාන්නේ.... ඒනිසා කේන්දරයක් ගත්ත සැණින් වරදක් තිබේද නැද්ද යන්න ගැන අපට අවබෝධයක් එනවා.. ඒනිසා වන වැරදි අවමයි.
#ඉරුසේවය
දන්නවාද රසවත් ආහාරපාන ලැබීමට ඔබගේ කේන්දරයේ යම්කිසි බලයක් ඇති බව ?
මනුෂ්‍යයන් වන අපිද, බුද්ධි මට්ටමෙන් අඩු සත්වයන්ද සියලුම දෙනා ආහාරය මත පදනම්ව යැපෙති. එසේ නම් ආහාර යනු මනුෂ්‍යා ජිවත් කරන ප්‍රධානම සාධකයයි.
දුප්පත් පෝසත් අප සියලුම දෙනාට කුමන හෝ ආකාරයෙන් ආහාර ලැබේ, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.
අප මෙහිදි සදහන් කරන්නේ, රසට ගුණට සහ දිවට මිහිරිව ආහාර ලැබීමට පවතින ග්‍රහ බලය කුමක්ද කියාය.
● යම්කිසි කෙනෙකුගේ ආහාර සම්බන්ධව ජෝතිෂ්‍යෙය් හැටියට පෙන්වන ස්ථානය 2 සහ 11 ය.
11 වැන්න බලවත් වූ විට ආහාර පාන ලැබේ. උදාහරණයක් විදියට, 11 වැන්නේ බ්‍රහස්පති/ගුරු ග්‍රහයා බලවත්ව සදුගේ දෘෂ්ඨියට පාත්‍ර වේ නම්, ඔහුට රජවරුන් සමග එකට හිඳ ආහාර පාන වැළදීමේ භාග්‍යය හිමිවේ.
සමහරවිට උපතින් දුප්පත් පුද්ගලයෙක් විය හැක. නමුත් යම් කාලයකදි රජමහාමාත්‍යාදීන් සමග එකට හිදිමින් ආහාර පාන අනුභවයට වාසනාව ලැබේ !
● සඳු/චන්ද්‍රයා බලවත් විමෙන් යෝගට්, කේක් වර්ග වැඩිපුර වැළදීමට අවස්ථාව ලැබේ.
● එසේම මා කේන්දර පරික්ෂාවෙදි දුටුව එක්තරා කාරණයක් මේ අවස්ථාවෙදි මතක් කරමි.
* මීට අවුරුදු ගණනාවකට ප්‍රථම එක්තරා ප්‍රදේශයක දුප්පත් පවුලක සිටි පිරිමි දරුවෙකුගේ ලග්නය කුම්භ වී 2 වැන්නේ(මීන රාශිය) සිකුරු ග්‍රහයා බලවත්ව සිටියේය.
මා ඔහුට කිව් අනාවැකිය නම්, “ ඔබලා කෙතරම් දුප්පත් වුවත් මොහුට ඉතාම මිහිරි ආකාරයට ආහාර සකසා දෙනවා නේද යැයි ප්‍රශ්නයක් ඇසුවෙමි. එය සත්‍ය බව එම දෙමාපියන් පිලිගත්තේය.
එසේම ඔහු අද ප්‍රධාන පෙලේ හෝටලයක කළමනාකාරවරයෙකි. ඔහුට රස මිහිරි ආහාර භෝජන නිතර වැළදීමට අවස්ථාව දී ඇත්තේ සිකුරු ග්‍රහයාය (මේවා පෙරකල පින්ය) .
● ශනි/සෙනසුරු දුර්වල නම් රස ආහාර නොලැබේ. ආහාර ලැබුනද සැනසීමෙන් ආහාර ගත නොහැක.
සමහර ධනවතුන්ට පවා මෙය පිහිටා තිබීමෙන් කොතරම් සැප සම්පත් තිබුනත් තුන්වේල හරියට අනුභව නොකරයි. ඔවුන් කර්කශ දේම අනුභව කරයි. එයද කේන්දරයෙන් පෙන්වයි.
එයද මා ඉස්මතු කිරීමට උත්සහ කරන්නේ, රසවත් ආහාර පාන වැලදීමට ධන ධාන්‍යයේ ඇති බලපෑම අල්ප බවයි. මෙයට වාසනාව බලපායි.
* පෙරකී ආකාරයට දුප්පත් දරුවෙකුට වුවද ගුරු-සදු බලවත්ව තිබේ නම් ඔහු ආහාර පාන අනුභව කරන්නේ රාජ්‍ය අමාත්‍යාදින් සමගය.
● මෙම යෝග බල, මා දන්නා කොළඹ ප්‍රදේශයේ එක්තරා පිරිමි ළමයෙකුටද පිහිටා ඇත. ඔහු මාසයකට දෙපාරක් පමණ පාර්ලිමේන්තුවේ ආහාර අනුභව කරයි, මැති ඇමතිවරුන් සමග.
එසේම KFC සහ Macdonald යන වෙලද සැල් වලට නිතර දෙවේලේ යයි.
* සුඛෝපභෝගි අවන්හල් වලින් ආහාර ගැනීමටද ග්‍රහයන් බලවත් වීම වැදගත්ය.
දිව පිනවීමට නම් සිකුරු ග්‍රහයා උච්ච බලයෙන් සිටිම, බ්‍රහස්පති ග්‍රහයා බලවත් වීම ඉතා වැදගත්ය.
බලන්න ඔබටත් මෙහෙම යෝග තියෙනවද කියල.. ?

Thursday, October 2, 2014
“ ජිවිතයේ සියලුම නියමයන් තීන්දු වෙන විවාහය “
ශුද්ධ වූ බයිබලයේ එක්තරා කොටසක, මෙවන් ආප්තෝපදේශයක් ඇත.
“ ස්වර්ගයේ හෝ අපායේ යතුර ඇත්තේ විවාහයේය “
එසේම තවත් කියමනක් ඇත. එනම් විවාහය දෙවනි උපතයි.
මෙය ජෝතිෂ්‍යය ඇසකින් බලන කල කෙතරම් නිවරදිද ?
මා එසේ පවසන්නේ, කේන්දර පරික්ෂාවන් වලදී බොහෝ දේ එක්රැස් බව බැවිනි.
පුද්ගලයෙකුගේ ස්ත්‍රි/පුරුෂ භේදයකින් තොරව මෙම දෙපාර්ශවයේම විවාහයෙන් පසුව ඉරණම 90%කින් වීම දක්නට ලැබෙන දෙයකි.
විවාහයෙන් පසු පුද්ගල සහ භෞතික දියුණුව ඉහල යා හැක. එසේ නොමැති නම්, අන්ත අගාධයකට වැටීමටද ඉඩ ඇත. මේ අනුව අප ඉදිරිපත් කරන කාරණාව ගැන මනාව අවධානය යොමු කරන්න.
මෙම පහත දැක්වෙන කේන්දරය දෙස අවධානය යොමු කරන්න.
* මෙම කේන්දරය හිමි තැනැත්තිය, මාගෙන් කේන්දරය පරික්ෂා කරගත්තේ, 2004 වසරේ අගභාගයේදීය.
* 1988 අගෝස්තු 21 දින, ඉරිදා දිනෙක, රාත්‍රි 11.30ට මධ්‍යම පලාතේ එක්තරා රෝහලක උප්පත්තිය ලද මැය කිවි හිමි වෘෂභ ලග්නයෙන් උප්පත්තිය ලැබීය.
එසේම මෙම කේන්දරයේ,
(1) ලග්න භාවයේ ගුරුද, 2වන භාවයේ ලග්නාධිපති සිකුරු/ශුක්‍ර ද, 4වන භාවයේ රවි-බුධ-කේතු ද, 7 වන භාවයේ සඳු/චන්ද්‍රයාද, 8 වන භාවයේ සෙනසුරු/ශනිද, 10 වන භාවයේ රාහුද 11 වන භාවයේ කුජ/අගහරුද පිහිටා ඇත.
* මෙම කේන්දරයේ ඇති යෝග අතර, ගජකේශරී යෝග බලය, එසේම, කේන්දරස්ථාන 4ම ග්‍රහයන් පිහිටිම නිසා ඇති කරන්නාවු සත්සමුදුර/පර්වත යෝගය, එසේම ලග්නාධිපති බලවත් වීම ආදි කරුණු කාරණා බැලූ කල අධි බලගතු කේන්දරයකි.
මෙම කේන්දරය හිමි, එම ගැහැණු දරුවාට දේහ ලක්ෂණ වලින්ද වාසනාවන්ත අංග ලක්ෂණ පිහිටා ඇත. නල දතක්ද පිහිටා ඇත. එය කාන්තාවකට සුභ ලක්ෂණයකි.
මෙම කේන්ද්‍රය මා 2004 අගභාගයෙදි පරික්ෂා කරන කල මා පැවසූ දෙයින් පාඨක ඔබට යම් දෙයක් උගත හැක.
මෙම කේන්දරය හිමි ගැහැණු දරුවා ඉරිදා දවසක, බුධ හිමි දෙට නැකතේ 1වන පාදයෙන් උප්පත්තිය ලබයි.
අප පරික්ෂා කල බොහෝ කේන්දර වල බුධ හිමි දෙට නැකතින් උපන් අයගේ විවාහ ජිවිත අවාසනාවන්ත වීමේ බොහෝ දුරට දැඩි අවදානමක් පවතී.
මැය සිකුරු බලවත් නිසා රාහු 10 වැන්නේත් නිසාත් තරමක දඟකාර කෙලිලොල් චරිතයකි. එනම් ප්‍රේමය ආදරය, සම්බන්ධව කුඩා කල සිට අවධානය වැඩිවිය.
එක්තරා නරක කාලයකදි යම් දෙයක් කලහොත් තමාගේ ප්‍රතිරූපය ජිවිත කාලයටම දැනෙන පරිදි බිඳ වැටෙන බව ඔබට මේ කේන්දරයෙන් පෙනේවි.
මා පලාපලයක් විදියට පැවසුවේ,
“ ඔයාට 2003 පටන් ගන්න කේතුගේ මහ දසාව 2010 අගභාගය වෙනකම්ම තියෙනව. ඒවගේම තමයි 2010 ඒ කේතු ඉවර වෙනකොට ජන්ම ඒරාෂ්ඨක අපලය ලබනව. ඒනිසා අවු. 25 වෙනකල්වත් විවාහ නොවි ඉන්න ඕන. ඒවගේම තමයි මම දැන් කොලේකම ලියල දෙන්නම් මේක ඔයාට කවදහරි තේරෙන්න. මේ කේන්දරයේ රාජ යෝග, ධනයෝග තියෙනවා, අනාගතයේ සැප විඳින්න වාසනාව තියෙනවා. ඉතින් මේ කාලයෙදි විවාහ උනොත් ඇත්තටම අමාරුවේ වැටෙනව. හොඳ කාලෙදි හොඳ දෙයක් කරගත්තේ නැත්නම් ධනයෝග ක්‍රියාත්මක වෙන්නෙ නෑ, විශේෂයෙන්ම විවාහය.. "
* අපිට සල්ලි කෝටි ගානක් තිබිලා නැති උනත් හම්බ කරගන්න පුලුවන්. ඉඩම් කඩම් යාන වාහන අනිකුත් භෞතික දේවලුත් එහෙමයි. විවාහයෙදි වෙන වැරැද්ද හදාගන්න බැරි තරමට වෙනව. එච්චරම තමයි. ඒනිසා මේ අපලකාරි තත්වයෙන් අතමිදෙනකල් කිසිම දෙයක් නොකර ඉගෙනීමේ කටයුතු වලට උනන්දු වෙලා වැඩ කරන්න “.
නමුත් මා ඒ කාරණාව විශේෂයෙන්ම රතු පෑනෙන් ලියා දුන්නෙමි.
* නමුත් මේ දරුවා, 2006දී කේතු මහ දසාවේ රාහු අන්තර් දසාවෙදි කේන්දර පරික්ෂාව තියා මේලෝකෙ දෙයක් දන්නෙ නැතිව, එක්තරා පිරිමි ළමයෙක් සමග හිතුවක්කාරයට පැන ගියේය.
* අද සිකුරු මහ දසාව ගත කලත් ඒ විවාහය දෙදරා ගොස්ය. දරුවන් 2ක් සමග අද දුකට වැටී සිටී. අද මෙම දරුවාගේ කොච්චර ග්‍රහ බලයන් ප්‍රබලව තිබුනත් කිසිම හව්හරණක් නොලබා දෙමාපියන්ගෙන් යැපීමට සිදුව ඇත. විවාහ ජිවිතය පූර්ණ වශයෙන්ම කඩාකප්පල් වී ඇත.
පෙනෙනවා නේද කේතු මහ දසාව තුල විවාහයක් කරගෙන වැටුනු අමාරුව... ?
( අදාල නරක කාලයකදී උනත් නිසි ලෙස ගැලපෙන කේන්දර සටහන් වලට නම් නිසි ශාන්ති කර්ම, පිලිවෙත් කිරීම මගින් පුලුවන් වෙනව යහපතින් ඉන්න)
අන්න ඒකයි විශේෂිතම කාරණාව... කෙනෙක්ගේ හොඳ නරක විවාහයෙන් පස්සේ තීරණය වෙනව.
වාසනාවන්ත අයගේ ජිවිතය අවාසනාවන්ත කරන්නත්, අවාසනාවන්ත අයගේ ජිවිත වාසනාවන්ත කරන්නත් විවාහයට පුලුවන්..
මේ ගැන ඔබත් ඔබගේ හිතවතුනුත් මේ ගැන දැනුවත් වීමක් කරන්න.

Wednesday, October 1, 2014
Services
අපගේ සේවයෙන් ගන්නා ලද සේවා, විශේෂයෙන් යන්ත්‍ර පැලදීමෙන් යහපත වන බව අපගේ ඇල්බමයන් වලින් මෙන්ම යහපත සිදුවූ අයගෙන් දැනගෙන බොහෝ දෙනා යන්ත්‍ර සාදා ගැනීමට විමසනවා...
කේන්දර සටහන සම්පූර්ණ පරික්ෂාවක් කර, ඊට අදාලව අදාල ග්‍රහමය තත්වය බලා කියා මිස “හෝල් සේල් ක්‍රමයට “ එනම් එක්වරකට එක වර්ගයේ යන්ත්‍ර 100ක් ජපකිරිම වැනි කටයුතු අප කරන්නේ නැත. එක්වරකට ජප කරන්නේ අදාල එක් යන්ත්‍රයක් පමණි, එයද නිසියාකාරව සුභ නැකැත් අනුව කරනු ලැබේ.
යන්ත්‍රයක් ලබාදීම යනු කර්ම ශක්තියේ බල බිදීමක් මෙන්ම යන්ත්‍ර ජපකරන තැනැත්තාට යම් අපලයක් පලදින තැනැත්තාගෙන් පැමිණීමයි. යන්ත්‍රය ජප කරන තැනැත්තා සිලවත් ගුණවත් විය යුත්තේ විශේෂයෙන් එබැවිනි.

“ ජයලලිතාට මොකද උනේ “
1948 පෙබරවාරි 24 වනදා, සවස 2.30ට ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ උපන් ජයලලිතා ජයරාම් මෙනවියගේ හඳහන සම්බන්ධව ඉදිරිපත් කිරීම කාලෝචිත කාරණාවක් බව අපට වැටහුනි.
මෙම කේන්දරය ආශ්‍රිතව බැලූ කල එතුමිය සම්බන්ධ බොහෝදේ අපට උගත හැක.
මෙහිදී මෙතුමිය, මෙතුමියගේ අයහපත් බලපෑම් නිසා අපට තිත්ත වී ඇති චරිතයකි.
විශේෂයෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදි සංවිධානයට යලිත් පණ පෙවීම උදෙසා තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින අන්තවාදින් සමග එකතු වී මෙතුමිය ලංකාවට එරෙහිව ගෙනගිය ව්‍යාපාරය ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ අපි කවුරුවත් දැඩි ලෙස හෙලා දැක ඇත.
නමුත් ජෝතිෂ්‍යවේදියෙක් වශයෙන් මෙම හඳහන දෙස මධ්‍යස්ථ කෝණයකින් බැලූ කල අපට පෙනෙන්නාවූ නොයෙකුත් නොයෙකුත් ජෝතිෂ්‍යමය කරුණු කාරණා ඔස්සේ මෙතුමියගේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන තුන්කල් බැලීමට පුලුවන.
* මෙතුමිය ජිවිතය ආරම්භ කරන්නේ, සිනමා තාරකාවක් විදියටය.
* මෙතුමිය 1965දී එතුමියට එවිට වයස අවුරුදු 16කි.
“ වෙන්ඉරආඩෙයි “ නැමති චිත්‍රපටියෙන් මෙතුමිය සිනමා ක්ෂෙත්‍රයට අවතීර්ණ විය. සිනමා ක්ෂෙත්‍රය තුලින් ඉතාම ජනප්‍රිය නමක් ස්ථාපිත කරගත්තාය. ● එයට පැහැදිලිම හේතුව මිථුන ලග්නයේ යෝගකාරක ග්‍රහයා වන සිකුරු/ශුක්‍ර ග්‍රහයා 10 වැන්නේ බලවත් වෙමින් “මාලවී යෝග“ බලය ඇති කල නිසාය.
එසේම මෙතුමිය රඟපෑ බොහෝ චිත්‍රපට ඉන්දිය සිනමාවේ ජනප්‍රියම තාරකාවක් වූ එම්ජීආර් සමග රගපා ඇත.
● බොහෝ දෙනා පවසන්නේ එම්ජීආර් සමග කිට්ටු සබදතාවක් මෙතුමියට පැවති බවයි.
එසේම නළුවා සමග සම්බන්ධ වීම දේශපාලන කරලියට සම්බන්ධ වීමට ප්‍රබල හේතුවක් විය.
මැයට විවාහ ජිවිතයක් අදටත් නොමැත.
* එයට හේතුව නම් බ්‍රහස්පති/ගුරු 7 වැන්නේ බාධක ග්‍රහයා වී සිටීමයි. උභය රාශි වලට, එනම් මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලට 7 වැන්න බාධක ස්ථානයයි.
එම බාධක ග්‍රහයා බාධක ස්ථානයේ සිටිමම විවාහයක් නොවීමට හේතු කාරක වී ඇත.
එසේම 7 වැන්නට එල්ල වන්නා වූ චන්ද්‍ර-මංගල යෝගය විවාහ සබදතා කඩාකප්පල් කරන පිහිටිමකි.
● අප මැයගේ චරිත ලක්ෂණ දෙස බැලීමේදී, සිනමා නිලියක් වශයෙන් තමාගේ නම ස්ථිරසාර කරගැනීමට ව්‍යාජ වූ සුන්දරත්වයක් මවා පාගෙන සිටියත්, මැය හදවතින්ම දරුණු අදහස් උදහස් ඇති විප්ලවකාරි චරිතයකි.
* මන්ද ශනි ග්‍රහයා 2වන භාවයේ සතුරුව සිටිම නිසා නපුරු ගතිගුණ සිත් අභ්‍යන්තරයේ තැබේ.
● එසේම කුජ-චන්ද්‍ර(චන්ද්‍ර මංගල) යෝගය මේ ආකාරයට පිහිටිය යුත්තේ පිරිමියෙකුටයි.
නමුත් හොඳින් හරි නරකින් හරි තමාගේ අරමුණු කරා යෑම මෙවන් හඳහන් ඇති අයගේ ලක්ෂණයයි.
● එසේම ලග්නාධිපති යෝගයක් සමග 9 වැන්නේ පිහිටිමත් කුජගේ දෘෂ්ඨිය බුධට යෙදීම නිසාත් තමාගේ අරමුණු වෙත ඉතාම කපටි බුද්ධියකින් ලගාවේ.
● එසේම රාහු 11 සිටින අය මුදල් ඉපයීමට ඉතාම දක්ෂය.
අසල්වැසි රටවන ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් දුප්පතුන්ගේ සංඛ්‍යාව, එදා වේල නොමැති දුප්පත් අයගේ සංඛ්‍යාව කෝටි ගණනකි.
● එම ජනතාවට නායකයා වන මෙතුමිය, අයථා ලෙස රැස් කර ඇති මුදල් සහ දේපල ප්‍රමාණය අතිමහත්ය.
එසේම එවැනි කූට ආකාරයට මුදල් රැස් කිරීමට මැයගේ කේන්දරයේ කුජ-බුධ සප්තම දෘෂ්ඨිය බලපා ඇත.
* මැය සැබවින්ම මනුෂ්‍යන්ට ආදරේ කරන කෙනෙක් නොව තමන්ට සහ තමන්ගේ පවුලේ අයට ආදරය කරන කෙනෙකි.
එයට හේතුව නම් මෙවන් කේන්දර ඇති අය හොඳ අය නොවේ.
● සෙනසුරු/ශනි ග්‍රහයා 2වැන්නේ සිටිම සිත කැත වන පිහිටිමකි.
* කේන්දරය ගැඹුරින් බැලූ කල පෙනෙන්නේ තමාට වඩා අවු. 30 ගණනකට වඩා වැඩුමල් එම්ජිආර් නම් නළුවාව ආශ්‍රය කර ඇත්තේ මෙතුමියගේ සැබෑ කපටි කෛරාටිකකම නිසාය.
එයින් දීර්ඝකාලීන සුඛ විහරණයට අවශ්‍ය වූ සියලුම පදනම මෙතුමිය සකස් කරගත්තාය.
● එසේම සිකුරුගේ සහ රාහුගේ බලවත්කම නිසාම අතිවිශාල ජනතාවගේ බලයක්ද මෙතුමියට ලැබී ඇත.
එහෙත් ඒ ජනතාව සැබෑව අවාසනාවන්තය.
මෙතුමිය අයථා ආකාරයට රැස් කර ඇති මුදල් දෙස බැලීමේදි එම ජනතාව ඉදිරියේදි තීන්දුවක් ගනු ඇත.
● මෙතුමියගේ වර්තමානයේ ගුරු මහ දසාව ගතවේ. ගුරුගේ මහ දසාවේ සෙනසුරු දසාව දැන් ගතවේ.
තවත් අවු 2යි මාස ගණනකට පසු ගුරුගේ මහ දසාවේ බුධ අන්තර් දසාව ගතවේ.
මෙම කේන්දරයේ ඇති බලතල ඇති ආකාරයට, වසර 4කට දැනට නියමව ඇති සිර දඬුවම කෙටි වීමට බොහෝ ඉඩකඩ ඇත.
කෙසේ වෙතත් බලවත් කේන්දරයක් බව පරික්ෂා කිරීමෙන් වැටහී යයි.
● රාජ යෝගම බැලු බැල්මටම 2ක් ඇත.
මෙතුමියගේ රාජ යෝගය, මෙතුමියගේ ග්‍රහ බලය භාවිත කර ඇත්තේ, තමන්ගේ ආත්ම ලාභය සහ සුඛ විහරණයට යන්න කාරණය පුවත්පත් දෙස බැලීමේදි හැඟී යයි. අනේද කියන්නේ... ?
මේ ගැන තීරණය කිරිම පාඨක ඔබට භාරයි !
තෙරුවන් සරණයි !
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Tuesday, September 30, 2014
* ශිෂ්‍යත්වයෙන් ගොඩ එන්නේ කොහොමද ?
සාමාන්‍ය පෙල උසස් පෙල වැනි රජයේ විභාග හැරුණු කොට අද රටේ බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ 5 වසර ශිෂ්‍යත්වය ගැනයි.
බොහෝ කුඩා දරුවන්ගේ මව්වරු මේ විභාගයට බොහෝසෙයින් කැපවන නිසා මෙය “අම්මලාගේ විභාගය “ ලෙසද හැඳින්වේ.
හොඳ නරක, දෙපැත්තක් ඇති මෙම විභාගයේ හොඳ පැත්ත නම් දරුවා ඉහලින් සමත් වී දරුවාට අධ්‍යාපනය හොඳට කරගෙන යාමට ශිෂ්‍යාධාර සහ ජාතික පාසලක් ලැබීමයි !
නරක තත්වය නම්, දරුවාට ළමා කාලයේ ඇති සුන්දරත්වය විඳීමට හැකියාව නොලැබීමයි.
දරුවා මානසික පීඩනයකට ලක්වී කඩාවැටීමට පවා ලක්විය හැකි වීමයි.
දක්ෂ දරුවෙකු ලකුණකින් 2කින් අසමත් වී ඒ දරුවාට වන මානසික අගතියයි. මේ ආකාරයෙන් බැලූ කල බහුතරයක් හොඳ පැත්තට වඩා නරක පැත්ත වැඩි බව සාමාන්‍යයෙන් හිතාගත හැක.
මන්ද පසුගිය දින වලදී කුඩා දරු දැරියන්ගේ මානසිකත්වය බිඳ වැටෙන්නට ඇත.
මෙම තත්වය එම දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට අයහපත් අයුරට බලපෑ හැක.
මෙහිදී දෙමාපියන් හා වැඩිහිටියන් වශයෙන් ඔබලා බුද්ධිමත් විය යුතුය. ජයග්‍රහණ වලට බලපාන ග්‍රහයයෝග ගැන අප දැන් සලකා බලමු.
● යම්කිසි දරුවෙකුගේ ජන්ම පත්‍රයට අනුව,
බුධ ග්‍රහයා බලවත් වීම - අධ්‍යාපනික තත්වයෙන් ඉහලට යාමට හේතුවකි.
● එසේම මෙම බුධ ග්‍රහයා භද්‍රා යෝග බලය සහිතව එසේ නොමැති නම් බුධ ග්‍රහයා කේන්දරයේ 6, 8, 12 පීඩා නොවේ නම් එම දරුවාට අධ්‍යාපනික ජයග්‍රහණ ලබාගැනීමට පුලුවන.
* එසේම බුධ ග්‍රහයාගේ මහ දසාවන් එම කාලයෙදි එනම්, ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන කාලයේ ගත වේ නම් විශේෂ වාසියකි. එය හරියට ඡන්දයකින් දිනනවා වැනි වැඩකි.
* කෙතරම් දක්ෂ දරුවෙකුට උවත් එම දරුවාගේ උප්පත්ති ග්‍රහචාරය විභාග පවත්වන දින තිබෙන නැකත හා නොගැලපේ නම් කෙතරම් දක්ෂ දරුවෙකු වුවද අසමත් වීමට ඉඩ වැඩිය.
● රවි-බුධ යෝගය ගුරු-බුධ යෝගය, ගුරු - බුධ පරිවර්ථන යෝග, ආදිය දරුවන්ට විශේෂිත දක්ෂතා ඇති කරන යෝගයි.
එසේම මෑතකදී හඳහන පරික්ෂා කල දරුවෙක් මෙවර ශිෂ්‍යත්වයට ඉදිරිපත් වී තිබුනි. එම දරුවා සැබවින්ම දක්ෂ දරුවෙකි.
බොහෝ දෙනා මේ දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් වේයැයි සිතා තිබුනත්, එම දරුවාට සමත්වීමට නොහැකි වීම උදා කලේ ඒ දරුවාගේ සිකුරු මහ දසාවයි.
ග්‍රහචාරයට අනුව, සිකුරුගේ මහ දසාවේ රාහු අතුරු දසාව ගත කරමින් තිබුනි. ( නියම කර තිබු, ශාන්ති කර්ම පැත්තෙන් බොහෝ දේවල් කර තිබුනේ නැත)
* තවත් බොහෝ කාරණාවක් ඇත, එනම් බොහෝ මව්වරුන්ට ඇති කැත පුරුද්දක් නම් තම දරුවාගේ දක්ෂතා විවෘත සමාජයේ පුරසාරම් බෑමයි. එයින්ද දැඩි අසීරුතාවයකට ලක්වන්නේ එම දරුවන්ය. එවිට එම දරුවන්ට විශේෂ අවධානය ඇතිව ඇස්වහ කටවහ දෝෂ එල්ල වේ.
* මෙම අපලකාරි තත්වය සමනය කරගතම යුතු තත්වයකි. එසේම මා තරයේ කීමට උත්සහ කරන්නේ මෙය සමත් වෙනවා කියන්නේ ලොතරැයියක් ඇදෙනවා වගේ වැඩක්ය. ඡන්දයකින් දිනනවා වැනිය. පවතින දිනයේ ග්‍රහචාරය, දරුවාගේ ග්‍රහචාරය මේ සියල්ලම ගැලපිය යුතුය.
බොහෝ දරුවන්ට අසමත්වීමට මේ හරහා සිදුවේ. අප දෙන අවවාදය නම් මෙවන් විභාග වලින් දක්ෂ දරුවන් අසමත්වූ විට එම දරුවන් මානසිකව වට්ටන්නේ නැතිව කේන්දරයට අනුව යම් යම් ශාන්ති කර්ම සහ උපදේශන මගින් දරුවා නැවත අධ්‍යාපන මාවතේ ජය ටැඹ කරා මෙහෙය විය යුතුය. එයට දරුවාගේ හඳහන නිවැරදිව ප්‍රවීණ ජෝතිර්වේදියෙක් ලවා පරික්ෂා කරගැනිම වටී.
සෑම විටම දරුවාගේ මානසිකත්වය ඉහලින් තැබීම හැම අතින්ම වටී !

Monday, September 29, 2014
“ විශේෂයි “
අප විසින් සේවා ලබාදෙන්නෙ අප විසින් ප්‍රතිපත්තිමය ලෙසට ගන්නා ලැබූ තීරණ අනුවයි.
එය කිසිවෙකුට අවශ්‍ය විදියට වෙනස් වන්නෙ නැත.
සාමාන්‍ය කෙනෙකු තබා මැති ඇමතිවරයෙකුටවත්, වෙනත් ජනප්‍රිය පුද්ගලයෙකුටවත් අනුව වෙනස් කරන්නෙ නැත. කුමන ආකාරයේ බාධක ආවද ඒවාට මුහුණ දීමටත් ඊට අදාල පුද්ගල වශයෙනුත් හැකියාව, ශක්තියද අප සතුව ඇත.
රටේ ඉහලම තැන් වලට ඉතාම සමීප අය අප සේවය ලබාගෙන ඇත.
එවන් අනවශ්‍ය කාරණා පැවසූ කීපදෙනෙක් ගිනුමෙන් ඉවත් කර ඇති අතර, එසේ කිරීම කල යුතු නම් අප කරමු.
තමන්ට ඕනෑ හැටියට කරගන්නට වෙනත් මෙවන් සේවා සපයන අයගෙනු පුලුවන් වනු ඇත.
අප මෙතන කටයුතු කරන්නේ වෙනත් අය කරන අන්දමට නොව පොදුවේ ඕනෑම කෙනෙකුට යම් දැනුමක් සමග යම් දෙයක් දීමටය.
සේවා ලබාගත් අය සේවයේ තරම දනිති. කිසිදිනෙක දැක නැතිව, විශ්වාසයට සේවය ගෙන පැහැදුනු අය ඇති තරම් සිටිති.
අනවශ්‍ය ලෙස බලපෑම් ආදිය කිරීමට පැමිණි කීපදෙනෙකුට අදාල නීතිමය ක්‍රියාමාර්ග පෙර ගත් ලෙසම නැවත ගැනීමට අපට හැකියාවද ඇත.

+ සතියේ ලග්න පලාපලය (සැප්.29 සිට)
● මේෂ
ශුභාශුභ මිශ්‍ර පල සතියකි.
ආර්ථික තත්වය යහපත් කරගැනිමට ඔබ සතිය මුලදී දැඩි වෙහෙසක් දැරිය යුතුය.
එය කිරීමට ඔබට තරමක අපහසුතා මතුවීමට පුලුවන. කෙසේ වෙතත් සතිය මැද වන විට මේ තත්වය සමනය වනවා ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කිරිමට හැක.
එසේම සැමියා, බිරිදට, දරුවන්ට අසනිප ඇතිවිමට පුලුවන. නමුත් ඒ තත්වය සතිය අගදි පවහ යනු ඇත.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ ශල්‍යකර්ම වලට භාජනය වි ඇති අය පරිස්සම් වන්න.
● වෘෂභ
ශුභාශුභ මිශ්‍රපලයි.
ආර්ථික තත්වය එතරම් අයහපත් නොවන අතර, හවුල් ව්‍යාපාරික කටයුතු කරන අයට කිසියම් ආකාරයකට ගැටළු පැන නැගීමට ඉඩ ඇත, හවුල් පාර්ශව සමග. ඒ ගැන තේරුම් ගෙන ඉවසීමෙන් කටයුතු කිරිම නුවණට හුරුයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කිරිමට වාසනාව ලැබේ. ඔවුනොවුන්ට තෑගිබෝග දීමට සහ විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග සඵල වීමටද කාලයයි.
සතිය අගදී කිසියම් ආකාරයකට පසුබැස්මක් ඇතිවිමට පුලුවන. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න, ප්‍රබල රෝග නැතත් ලේ විෂවීම්, ආසාත්මිකතා ඇතිවිය හැක.
● මිථුන
ඔබට එතරම් ශුභදායකයැයි කීමට නොහැක.
තත්කාල ග්‍රහචාරයේ, සිකුරු ග්‍රහයා නීචව සිටින අතර රාහුට මැදිවි සිටි. මෙම නිසා ඔබට ආදායම් මාර්ග ඇහිරිමට ඉඩ ඇති අතර ලැබීමට නියමිත මුදල් නොලැබි යාමට ඉඩ ඇත. මේ කාලයෙදි වෙලද කටයුතු කරන අය පරිස්සමින් කරන්න.
ගෘහ ජිවිතය තුල ආර්ථික තත්වයේ අපහසුතා ආර්ථික කරදර ඇතිවේ. ණයතුරුස් විය හැක. එසේම තමන් මිලදි ගත් දේකට වාරි මුදල් ගෙවිමට නොහැකි විය හැක.
උදරාබාධ, සෙම් අමාරු ගැන පරිස්සම් වන්න.
නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.
● කටක
ශුභ සතියක් වන්නේ නැත.
නිතර දෙවේලේ ආර්ථික පාඩු ඇතිවන සතියකි. වෙලහෙලදාම් වලින් පාඩු විය හැක. රැවටිම් වලට හසුවිය හැක. ලාභ ලැබෙන්නේ නැත.
ගෘහ ජිවිතයද එතරම් සතුටින් ගත කිරිමට අවස්ථාව නොලැබේ. දුවා දරුවන්ට ලෙඩ රෝග හෝ වෙනත් කනස්සලු දේ නිසා කරදර ඇතිවේ. දරුවන් රැකබලාගෙන සිටිම මැනවි.
ස්වාමියා හෝ බිරිද සමග රණ්ඩු සරුවල් විමට නිතර සිත යෙදේ.
පපුවේ සෙම හා උදරාබාධ, හන්දිපත් වේදනා, ආදිය දකින්නට පුලුවන.
● සිංහ
ශුභදායක සතියකි.
දැවැන්ත වූ දුෂ්කරතා මධ්‍යයේ තමාගේ ආර්ථික තත්වය එක ලෙස ස්ථාවරව පවත්වාගෙන යයි.
එසේම තමාට බලවත් චිත්ත ශක්තිය නිසා ආර්ථිකය වැටෙන්නේ නැත.
ගෘහ ජිවිතයේ කේන්ති යාම නිසා ඇතිවන ගැටළු මිසක් වෙනයම් කරදරයක් නොමැත. වචනය ප්‍රවේසම් කරගන්න.
තම නිවසේ, එදිනෙදා කටයුතු වලදී මවට හා සහෝදරියන්ට දෝෂාරෝපණය කිරිමෙන් වැලකිය යුතුය. ඒ අතරම දන්පින් කටයුතු කිරීමටද සිත් පහල වේ.
සිකුරු නීච විම නිසා සෙම් රෝග, හිසේ කැක්කුම් හන්දිපත් අමාරු ආදියෙන් පරිස්සම් වන්න.
● කන්‍යා
සමඵල දායක සතියකි.
ලග්නයේ ඇති ප්‍රබල පාපි ග්‍රහ බලය මැඩගෙන යම් කිසි දෙයක් කරගැනිමට පුලුවන. ආදායම රැකගෙන, වියදම කලමනාකරණය කරගෙන යහපතක් කරගත හැක. තැන්පත් ධනය ආරක්ෂා කරගන්න.
ගෘහ ජිවිතය බාධක මැඩ යම්කිසි සතුටික්න ගත කිරිමට හැක. අනවශ්‍ය කලබලකාරි තත්වය මගහරවාගෙන කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම්, මානසික ආතතිය, හිසේ කැක්කුම ආදි තත්වයන්ය.
● තුලා
මේ සතිය මධ්‍යස්ථ සතියකි.
ලග්නයට බලපාන පාපි ගතියක් චන්ද්‍රයාගේ ගමනේ හැටියටත් ඔබට යම් යම් වශයෙන් ආර්ථික තත්වයට යම් බලපෑමක් එල්ලවිමට පුලුවන.
ඒවා නිවරදිව කළමනාකරණය කිරිමට ඔබ සතු වගකීමයි.
ගෘහ ජිවිතය අඹුසැමියන් අතර වාද විවාද ඇතිවිමට ඉඩ ඇත. ඒවා කල්පනාවෙන් විසඳාගත යුතුය.
සෞඛ්‍ය ගැටළු නම්, හිසේ අමාරුව, නහරගත හන්දිපත් වේදනා ආදියයි.
● වෘශ්චික
සුබ සතියකි.
ලග්නයේ ඇති රුචක යෝග බලයෙන් ඔබට මේ සතියෙදි උත්සාහයෙන් උනන්දුවෙන් කරන කටයුතු වලින් ආදායම ලැබේ. දේපල වෙලදාම් සහ ව්‍යාපාරික අංශයේ අයට ගොඩ නැගිලි ද්‍රව්‍ය, ඉදිකිරිම් කටයුතු වල නියුතු අයට වාසි ඇතිවේ.
ගෘහ ජිවිතයේ සතුටු සමාදානය ඇති නමුත්, සමහරවිට කේන්තිය පාලනය කර නොගැනිමෙන් ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. බුද්ධිමත් වන්න. ප්‍රේම සබදතා ඇති අය ඒවා රැකගැනිමට මහන්සි විය යුතුය.
සෙම් අමාරු සහ හිසේ කැක්කුම් ප්‍රධානයි.
● ධනු
එතරම් සුබ නොමැත.
චන්ද්‍රයා නීචව වෘශ්චික රාශියේ ඇරඹෙන අපලයකින් ඇරඹෙන මේ සතියෙදි ආදායම් තත්ව පිරිහේ. තමන් ණය වේ. ණය තුරුස් ඇති අය ඒවා ගෙවා ගැනිමට බැරිව ලත වේ. වාහන ෆිනෑන්ස් ඇරියස් විමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේ දෙදෙනා මනා අවබෝධයකින් කටයුතු කල යුතු වේ. එය වැදගත්ම කාරණාවකි.
සෞඛ්‍ය ගැටළු නම්, නහරගත ගැටගැසීම්, උළුක්කුවීම් සහ මෝටර් සයිකල්, වාහන භාවිත කරන අය ප්‍රවේසමින් පැදවිය යුතුය.
● මකර
මිශ්‍රපලදායකයි.
සතිය පුරාවටම ණයතුරුස් වලින් පෙලිමට ඉඩ ඇත. ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඉවසිමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සම්බන්ධව ගැටළු නැත. අඹු සැමියන් සමග ප්‍රිතියෙන් සිටිය හැක.
දරුවනගේ ජයග්‍රහණ ගැන ප්‍රීතිවිමට හැකිවේ.
සෞඛ්‍ය තත්වය, එතරම් අයහපත් නොවන අතර නිදන්ගත රෝග ඇති පරිස්සම් විය යුතුය.
● කුම්භ
මිශ්‍රපලයි !
සතිය මුලදි ආදායම් තත්වය අයහපත් වේ. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම තත්වය වෙනස් වේ. සතිය අගදී ණය තුරුස් වලින් නිදහස් වීමටද අලුත් ආදායම් ලැබිමටද නියමයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වන අතර, සුළු සුළු අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත. මංගල කටයුතු වලට යම් ආකාරයකට බාධා වීමට පුලුවන. ඒ ගැන සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය තත්වය අනුව, යක්ෂ ප්‍රේත උපද්‍රව, ඇස්වහ කටවහ දෝෂ ආදිය ඇතිවිය හැක.
● මීන
යහපත් සතියකි.
ආදායම් තත්ව දියුණු කරගැනිමට සහ නව ආදායම් මාර්ග ඇති කරගැනිමට උත්සහයේ සහ උනන්දුවේ හැටියට පුලුවන. නමුත් සෙනසුරු මහ දසාව සහ බුධ මහ දසා යන අයට දැනට අපලයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. එසේම දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවිමට කාලයක් උදාවේ. ප්‍රබල බාධක නොමැත.
සෞඛ්‍ය ගැටළු නැත. නිදන් ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

Sunday, September 28, 2014
_ පොරොන්දම් පරික්ෂාව _
* 20 පොරොන්දම් වලට පමණක් සීමා නොවී, එහි ගැලපීම සියයට ප්‍රමාණයට සීමා නොවී (%) ඉන් ඔබ්බට ගිය,
කේන්දර 2 සම්බන්ධව වඩාත් ගැඹුරු ආකාරයෙන් දැක්මකින් අතිසුවිශේෂි පරික්ෂාවකින් අනතුරුව ගැලපෙනවාද නැද්ද යන වග ප්‍රකාශ කර,
“මානුෂීය කාරණා සම්බන්ධව “ වඩාත් අවධානය යොමු කර එම තත්වයන් වඩාත් නිවරදිව ඉටු කිරීමට උපදෙස් දීමට අපගේ සේවය ඉදිරිපත් වී සිටී.
අප සිතන ආකාරයට මෙවන් විශේෂඥ පොරොන්දම් පරික්ෂාවක් දිවයිනේ කිසිම තැනකින් කරගත නොහැක. කේන්දර 10ක් බැලුවොත් 10 විදියකට කියන ජෝතිෂ්‍යය වේදින් අද හතු පිපෙන්නාක් මෙන් බිහිවි ඇත.
සමහර අය මාධ්‍ය ඉදිරියට විත් රටේ නැති නළුවන් මෙන් ජෝතිෂ්‍ය ගැන කියයි. නමුත් ඒවායේ අගක් මුලක් නැත. ඔබේ අවධානය යොමු කරන්න.
එවන් විශේෂඥ පොරොන්දම් පරික්ෂාවක් අප සේවය සතුය.
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
077 2238041
Subscribe to:
Posts (Atom)