Tuesday, September 9, 2014

_ ජය ගෙනෙන විජයරාජිණී යන්ත්‍රය _


අපගේ අධිබලගතු සර්ව කාර්ය සිද්ධ ධනසාධණීය ආකර්ෂණ යන්ත්‍රය (https://www.facebook.com/photo.php?fbid=221683094693369&set=), අධි බලගතු “සිද්ධි සාධක යන්ත්‍රය“ ට පසුව අප සේවය මගින් සුවිශේෂී ආකාරයකට අදාල කටයුතු කර ලබාදෙන විශේෂ යන්ත්‍රයකි.

මෙම යන්ත්‍රය, අතිසුවිශේෂි වරම් සහිතව බලගතු පුද පූජා පවත්වා දින 21ක් එක දිගට ජීවම් කොට, බලගන්වන ලද තෙල් අඩංගු කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර රත්නයකි.

●  මෙම යන්ත්‍රය තවත් රන්, රිදී හෝ සුරයකට දමා කර පැළදීමෙන් ශ්‍රියාව, දේව ආකර්ෂණය, පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව මෙන්ම, දස දෙස බලපාන කීර්ති නාමය ඇතිවේ.

●  ව්‍යාපාරිකයන්ට මෙන්ම මුදල් ආර්ථික තත්වය දියුණු කරගැනීමට බලාපොරොත්තු වන සෑම සියලු දෙනාටම මෙම යන්ත්‍රය ඉතාම වටිනා යන්ත්‍ර රත්නයකි.

●  විශේෂම දෙයක් නම්, මෙම යන්ත්‍රය තවත් යන්ත්‍රයක හිර කර, අතේ බාහුවේ උඩ කොටසේ හෝ පිරිත් නූල් ගැට ගසන කොටසේ කැමති නම් කරේ වුවද පළදා ගැනීමට හැක.
නමුත් ඉණේ පැළදිය නොහැක.

● *●  කිලි කුණු නැත.
නමුත් ගවමස්, සූකර මස් වැළදීමෙන් ඉවත්වීම හොඳයි.

● *●  කල් ඉකුත් වීමක්ද මෙම යන්ත්‍රයට නැත. මෙම යන්ත්‍රය ගන්නා අපගේ සහෘදයන්ට යම් උපදේශන මාලාවක්ද යන්ත්‍රයට යම් හානියක් වුවොත් එහි සොයා බැලීමක්ද කරදීමට අපගේ සේවය කටයුතු කරනු ලැබේ.

මෙම යන්ත්‍රය අපගේ ධන සාධනීය සර්ව කාර්ය සිද්ධි යන්ත්‍රය මෙන් නොව ඕනෑම වෘත්තියක් කරන අයෙකුට අප සේවය මගින් දෙනු ලැබේ.
නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් මස් මාංශ අලෙවිසැල් හිමියන්(ෆාම් ෂොප්), මත්වතුර තැබෑරුම් හල් හිමියන්(බාර්), එහි සේවකයන්, යම් සැක සහිත වෘත්තින් කරන අයට මෙම යන්ත්‍රය ලබාදීම නොකරනු ඇත.

මෙම යන්ත්‍රයත් කේන්දර සටහන සම්පූර්ණ පරික්ෂාවක් පමණක් කර ලබාදීමට අපගේ සේවය කටයුතු කරනු ඇත.

#ඉරුසේවය 

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

√ හදිසියෙන් පොහොසත් වන්නෝ √

අද සමාජයේ විවිධ වූ, තරඟ, ලොතරැයි, විවිධ නාලිකා වල රියැලිටි තරඟ එසේම විවිධාකාරවූ මාර්ග වලින් හදිසියේ පොහොසත් වන අය ඔබ අනන්තවත් දැක ඇති.
එක් එක් නාලිකා වල රියැලිටි තරඟ වලට එන සමහර තරඟකරුවන් ඔවුන්ගේ ආරම්භය නැවත ආවර්ජනය කරන එම නාලිකා වලින් අපට දකින්නට ලැබෙන්නෙ අන්ත දුප්පත් චරිතය. නමුත් ඔවුන් එම තරඟ වලින් දිනූ පසු එක් රැයෙන් කෝටිපතියන් වේ.

මෙය ජෝතිෂ්‍යය ඇසින් බැලීමේදී අපට පෙනී යන්නේ, ඔවුන් සසර පුරුදු ගෙන ආ වාසනාව මේ ආත්ම භවයෙදි ඵල දීමයි. එයට ජෝතිෂ්‍යය ඇසින් යම් යම් ග්‍රහ බල ඉවහල් වේ. ඒ ගැන දැන් පොඩි සටහනක් තියන්නම්.
ඔයාලගෙ හඳහන් වලත් එම තත්ව තියෙනවද බලන්න.

●  යම් ජන්මියෙකු උපදින වෙලාවේ රාහු 5 වැන්නේ ඉදල, 10 වැන්නාධිපති, 11 වැන්නාධිපති ශුභයෙක් වී එම රාහුට බැල්මක්, දෘෂ්ඨියක් වැටේ නම්, ඔහු මහා ධනස්කන්දයකට ජීවිතයෙදි හිමිකම් කියනව.

●  එසේම යම්කිසි කෙනෙක්ගේ සිකුරු/ශුක්‍ර ලග්නාධිපතියා වෙලා 2 වැන්නේ, 7 වැන්නේ, 11 වැන්නේ සිටියොත් එයා විවාහය නිසා මහා ධනස්කන්ධයකට හිමිකම් කියනව.
ඔයාල දැකල ඇති දුප්පත් පිරිමි දරුවො කෝටිපති පවුල් වල ගෑණු දරුවො දැකල ඒ අයගෙ කැමැත්තෙන් විවාහ වෙලා ඒ අය සැප විඳිනව.
ඒවගේම දුප්පත් ගැහැණු දරුවන් මහා කෝටිපති අය සමග විවාහ වෙලා සැප සම්පත් විඳිනව, යාන වාහන වල යනව.
මේවාට තව කරුණු කාරණාත් තියෙනවා මේ වගේ දේවල් වලට, ග්‍රහ බලය පැත්තෙන් යම් යම් දේවල්.

●  ඒවගේම යම් ජන්මියෙකු උපදින වෙලාවෙ, ශනි බලවත්ව 11 වැන්නේ, 9 වැන්නේ ඉදල ගුරු බලවත් නම් ඒ අය පොහොසත් වන්නේ හුඟාක් වෙලාවට වයසක සීයල ආච්චිලා උරුමහරුමකම් ලියල දීල.
මීට අවුරුදු 10කට වගේ උඩදී මේ කොළඹට ආසන්න එක්තරා ප්‍රදේශයක වෙච්ච සිද්ධියක් මට මතක් වෙනව, මම එයාගෙ කේන්දරය බැලුව.
ඒ පිරිමි ළමයා අරන් හදාගත්ත ළමයෙක්. එයාලට වත්කම් තිබ්බෙ නෑ. එයාව ඔය අරන් හදාගත්ත අම්මල තාත්තලත් හරි වයසයි.
නමුත් ඒ අම්ම තාත්තගෙ දෙමාපියන්ගෙ දේපල ආසන්න වශයෙන් කෝටි 8ක වගේ දේපල, අර අරන් හදාගත්ත දරුවට අයිති උනා. මට මතකයි, තුලා ලග්නයේ ඒ පිරිමි ළමයට ධන යෝගය තිබ්බ.

** ඔයාල දන්නවද මේ හදිසි ධනලාභ දීමේ මහා පොදු සාධකය වන්නේ කවුද කියල ?
ඒ වෙන කවුරුවත් නෙමෙයි, ඔයාල නම කිව්ව ගමන්ම අන්දමන්ද වෙන ග්‍රහයෙක්.

“ රාහු අසුරේන්ද්‍රයන් වහන්සේ “ තමයි ඒක කරන්නේ.
මෙයාගේ දෘෂ්ඨි හරි ප්‍රබලයි. විශේෂයෙන්ම ගුරුට, සිකුරුට දෘෂ්ඨි වැටෙන එකෙන් ක්ෂණිකව පොහොසත් වෙනව.
හැබැයි පොඩි දෙයක් තියෙනවා කියන්න, රාහු-සිකුරු දෘෂ්ඨිය හොඳයි තමයි, හැබැයි පුතේ ලග්නාධිපතියා ශුභයෙක් වෙලා විශේෂයෙන්ම ගුරු වගේ වෙලා චන්ද්‍රයා හොඳ තැනක හිටියොත් හරි. නැත්නම් ඒ පුද්ගලයා තෘප්තිමත් නොවන කාමාශාවක් ඇති කරන්න පුලුවන්. ඔයාල අහයිනෙ ඒකත්.
රාහු - සිකුරු දෘෂ්ඨියෙන් වැරදි වැඩ වලට යොමුවෙන්නෙ නැද්ද කියල, ඒකයි මම එහෙම කිව්වෙ.

●  එතකොට සියලුම ධනයෝග ක්‍රියාත්මක කරන ප්‍රබල ග්‍රහයෙක් තමයි ‘රාහු‘ කියන්නෙ.

●  අපි යන්ත්‍ර දාන්නෙත් සමහර අයට රාහු අපල වලට හොදට කේන්දරය බලල. මොකද සමහර අයට රාහුගේ බලපෑම 100%ක් නැති කරන්න හොඳ නෑ. එහෙම උනොත් එයාට ඒක හානියක් වෙන්න පුලුවන්.
අපි හිතමු නළුවෙක් ඉන්නව කියල. එයාට රාහු අපලය ලබනව අවුරුදු 30දි.
කවුරුහරි කියනව, මෙයාට රාහු අපල, මෙයාට ඒ අපලය නැති වෙන්න යන්ත්‍රයක් දාන්න ඕන කියල.
ඒකෙන් මොනවද දන්නවද වෙන්නෙ ඒ මනුස්සයගෙ ප්‍රසිද්ධිය නැති වෙලා යනව. ඔයාල දන්නවද ඒ මනුස්සය දියුණු වෙන්න නම් ප්‍රසිද්ධ වෙන්න ඕන නම් රාහු අපලයේ යම් දෙයක් අවශ්‍යමයි.
( සමහර රංගන ශිල්පීන් හදිසියේම ඒ ක්ෂෙත්‍රයේ දකින්න නැති වෙන්නේ, මේ රාහු ලැබුවම ඒ රාහුගේ බලපෑම 100%ක්ම ඉවත් කරාමයි. අපි අත්දැකීමෙන් එවන් සිද්ධි දන්නවා - ඉදිරියට කියන්නම්.)

* ඒක හැම ක්ෂෙත්‍රයකටම පොදුයි කියලයි මම කියන්නෙ.
සනත් ජයසූරියට වැඩිය 6 පාරවල් ගහන්න පුලුවන් කොල්ලො ගමේ ගොඩේ ඉන්නව.
මාලිංගට වැඩිය බෝලේ වෙඩිල්ල වගේ එවන්න පුලුවන් තව කොල්ලො  ඉන්නවා.
 නමුත් දෙයිහාමුදුරුවනේ, කෝ උන්ට ප්‍රසිද්ධිය... ? කෝ උන් මතු වෙනව.. ?
ඒක නිකන් වෙන්නෙ නෑ. පින/වාසනාව තියෙන්න ඕන...
ඒ එකෙකුට හරි රාහු අපලය තියෙනව නම් මිනිහා ප්‍රසිද්ධ වෙනව, ආයෙ 2ක් නෑ.
ඒ වගේ කෙනෙකුට රාහු අපලයේ threat එක, ඒවගේම ඒ අපලයේ පීඩනය සහමුලින්ම නැති කරන්න හොඳ නෑ. රාහුට පින් දෙන්න ඕන. ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලා වන්දනා කරන්න ඕන.  ඕකයි ඇත්ත තත්වය...

හොඳට කල්පනා කරන්න. මේ පොඩි ලිපියෙන් ඔයාලට ගොඩක් දේවල් දුන්නයි කියලයි මට හිතෙන්නෙ.
පැටලිල්ලක් තියෙනව නම් අපෙන් අහන්නකො.

තෙරුවන් සරණයි !

Monday, September 8, 2014

සතියේ ලග්න පලාපලය (8 සිට)


● මේෂ
ඔබට සුභ සතියකි.
11 වැන්නේ සඳු සිටින විට සතිය ආරම්භවන ඔබට ආර්ථික තත්වය යහපත් වන තත්වයක් පෙන්වයි. වෙලද ව්‍යාපාර වලින් සහ නිකන්ම ඉදගෙන වගේ මුදල් හම්බ කරන සමහරුන්ට මෙම සතිය ඉතාම ශුභය. තවද ඔබට වැඩිමහල් සහෝදරයෙක්ගෙන්, සහෝදරියකගෙන් උදව් උපකාර ආර්ථික වශයෙන් ලැබේ.
ගෘහ ජීවිතය ඉතාම වාසනාවන්තව ගතවනු ඇත. සමහරවිට පවුලේ අය සිට දුරබැහැර චාරිකා යාමට හැක. එමෙන්ම උත්සව අවස්ථා වලටද යෑමට හැක. විවාහ වන මේෂ ලග්න අයට එනම්, ස්ත්‍රි-පුරුෂ දෙපක්ෂයටම කම්සැප විඳීමේ බලගතු යෝගයක් පිහිටයි. එමනිසා විවාහ වී ඉක්මණින්ම දරු සම්පත් ලැබීමටද ඉඩ ඇත. 
විශේෂයෙන්ම ලේ ධාතුව කෝප වන දේද, උදරාබාධද මතුවිට ඉඩ ඇත. අඟහරු/කුජ මහ දසාව යන අයද, බුද හා රාහු මහ දසා ගත කරන අයද යම් යම් රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

● වෘෂභ
ඔබට මෙම සතිය ශුභයි. 
එය මනාව පැහැදිලි වේ. මන්ද චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචරයත් අනෙකුත් ග්‍රහ බලත් සැලකීමේදි ඔබගේ බඹරය වැල්ලේ වුවද කැරකෙනු ඇත. ඔබගේ උත්සාහය අනුව ආර්ථිකය සරු කරගැනීමේ හැකියාව ඇත. රැකියා කරන අයට, ජලය ආශ්‍රිත අයට, කෑම බීම ආශ්‍රිත වෙලදාම් කරන අයට ඉතාම ශුභයි. 
ගෘහ ජිවිතයේ සියලුම දෑ ඉතාම තෘප්තිමත්ව ගත කිරීමට පුලුවන්. අඹුසැමි ප්‍රේමය දළුලයි. දරුවන් සමග විනෝද වීමට පුලුවන්. කාමාශාව ප්‍රබල වේ. ඔබ ගැන හොඳ නම හෝ ජනප්‍රිය වීම නියමයි.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ, මුත්‍රා දැවිල්ල ආදියයි.

● මිථුන
පෙර කී මෙන්ම ශුභයි. 
බලගතු ධනයෝගය, පංච පුරුෂ භද්‍රා යෝගය ගත වන මේ සතිය, සල්ලි උඩ පිනුම් ගැසීම පුලුවන. ඒ ගුරු, සිකුරු මහ දසා ගත කරන අයටය. ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නැත, උත්සහවන්තව හිතේ සතුටින් සියලු කටයුතු අරඹන්න. ඔබට ඒ හැකියාව තිබෙනවා. නව ආදායම් මාර්ග සකසවා ගැනිමට පෙර වාසනාව මතුවේ.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත කිරිමට වාසනාව තිබේ. ගෙදර දොරට අලුත් බඩු මුට්ටුද දරුවන්ට බිරිඳට ස්වාමියාට යම් යම් දේ තෑගි දීමට, දරුවන්ට යම් යම් දේ අරන් දීමට වාසනාව ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. පෙම් සබදතා ඇති අයගේ ප්‍රේම බන්ධන ස්ථිර වේ. අධ්‍යාපන ලබන අය ටිකක් උත්සහවන්ත වන්න. සෙල්ලම විනෝදය වැඩි නිසා ඒ අංශය යම්කිසි විදියකින් අතපසුවීමට පුලුවන්. 
උදරාබාධ, ශල්‍යකර්ම වලට භාජනය වූ අය ඒ සම්බන්ධව නිසි ලෙස තුවාල පරිස්සම් කරගන්න.

● කටක
ඔබට සතිය මුල නම් ඒ තරම්ම ශුභ නැත.
ඒ ඇයි දන්නවද, ලග්නාධිපති සඳු මාරකස්ථානයේ ඉන්න නිසා. සතිය අවසානය වන විට මෙයා භාග්‍ය ස්ථානයට ගියාට පස්සේ ආදායම, වාසනාව ලැබෙනවා. එතකල් ඉවසන්න වෙනව.
ගෘහ ජිවිතය සතිය මුලදී ගෙදර දොරේ දේවල් වලට ණය තුරුස් වෙන්න පුලුවන්. මේ පීඩාවත් නැති වෙන්නේ සතිය අග වෙනකොටයි. 
සෞඛ්‍ය තත්වය, සෙම් අමාරු, ජලය ආශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් වන්න, ඒතරම් ඒවා කරදර වෙන්නෙ නෑ නමුත් පරිස්සම හොදයි.

● සිංහ
ඔබට නම් මේ සතිය ඉතාම ශුභ සතියකි.හැමෝටම ප්‍රිය මනාපව, හැමෝගෙන්ම උදව් උපකාර ලබාගෙන ජනප්‍රියව සිටින්නට හැක. ඒනිසා ආදායම් ගලන්නේ නිරායාසයෙනි. ඒවගේම බොහෝ දෙනා තමුන්ව විශ්වාස කරයි. තමන්ගෙන් උදව් බලාපොරොත්තු වන අයට ඉතාම යහපත්ව ඒ සේවය ලබාදී ඔවුන්ගෙන් තුටු පඩුරු ලබාගැනීමට හැකියාව ඇත. සුපිරිම සුපිරිය මේ සතිය. 
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. ඒවගේම මේ කාලයෙදි කාමාශාව බලවත් වීම නිසා යම් යම් අපහසුතා ඇතිවේ. විවාහක අයටද ස්වාමි භාර්යා සම්බන්ධය ඉතාම බලවත්ව උවමනා වේ. එයද එක්තරා කාරණාවකි. නමුත් ප්‍රීතිමත්ව සිටී. ඔබට ප්‍රශ්නයකට සිටින්නේ ඔබගේ වචනය පාලනය කරගැනීමයි. වචනයට අධිපති බුධත් කේන්තිකාර රාහුත් එකට සංයෝගව 2වැන්නේ සිටිම ඔබගේ වචනය වේගවත් කිරිමට ඉඩ ඇත.
සෙම් අමාරු, එමෙන්ම යම් යම්, අවස්ථා වලදී බඩේ දැවිල්ල ආදිය ඇතිවේ. සැප වැඩිවීම නිසා නිදන්ගත රෝග ඉස්මතු විමට හේතුවේ.

● කන්‍යා
ඒ තරම්ම සුභයි කියා කිව නොහැක.
කන්‍යා ලග්න කරුවන් මේ කාලයේ පිස්සන් මෙන් සිටි. නිවරදි තීන්දු තීරණ නොගනී. ආර්ථිකය හකුළුවා ගනී. සමහරවිට බීමට ඇබ්බැහි විය හැක. ඔබටත් කන්‍යාෙව් නම් මේ කාලයේ බුද්ධියෙන් කටයුතු කරන්න. ග්‍රහචාරය දැක්කමම බය හිතෙනවා ඇත්තමයි. 
ගෘහ ජිවිතයද එතරම් හොදයි කියල කියන්න බැහැ. අඹු සැමියන් නිතරම රණ්ඩු සරුවල් වෙන්න පුලුවන්. ගෙදර අයත් එක්ක කිසිම සමගියක් නැති වෙන්න පුලුවන්. ඉවසන්න.
බීමට ඇබ්බැහි වෙලා ඒ අය හැදෙන්න පුලුවන්, මානසික රෝග ඇති අයගේ ප්‍රශ්න වැඩි වෙන්න පුලුවන්. සිහි කල්පනාවේ අඩුකම කේන්ති යාම, ඕව තමයි ප්‍රශ්න.

● තුලා 
සෑහෙන කාලයක් බලපාපු යම් යම් ග්‍රහ අපල දැන් දැන් අඩු වෙනව වගේ පේනවා. දැන් අර ඉස්සර තිබ්බ වගේ නරක නෑ. ඒවගේම මේ සතිය උදව් උපකාර ලැබෙන, වැඩිහිටියන්ගෙන් යාළුවන්ගෙන් උදව් උපකාර ලබල දියුණු වෙන්න පුලුවන්. රැකියාවේ දියුනුව වෙන්න පුලුවන්.
ගෘහ ජීවිතය කිව්ව වගේ වාසනාවන්තයි. ගෙදර දොරට ඥාති හිතමිතුරන්ගේ පැමිණිම අපේක්ෂා කරන්න පුලුවන්. ඒවගේම ගෙදර දොරට අලුත් බඩු මුට්ටු ලැබෙන්න හේතුයි.
හිසේ කැක්කුම, දන්තාබාධ, පාද වල යම් යම් වේදනාකාරි තත්ව ඇතිවෙන්න පුලුවනි.

● වෘශ්චික
ධෛර්යමත් සතියකි. 
ඔබට අතට පයට හිතට ශක්තිය ලැබෙන සතියකි. රජ වෙනව වගේ තමයි. 10 වැන්නේ රාජ යෝගයක් එක්ක රවි - සිකුරුද, ලග්නයේ රුචක යෝගයද ඔබගේ තත්වය ආරක්ෂා කරනව. ආදායම ගැන කතා කරල වැඩක් නෑ, නිකන්ම ආර්ථකය හොද වෙනව. රැකියා ස්ථානයෙදි විරුද්ධ ලිංගිකයන් රිසිසේ ආශ්‍රය කිරිමේ භාග්‍ය ලැබෙනවා. රැකියාව උසස් වෙනවා.
ප්‍රිතිමත්ව ජිවත් වෙතෑකි.
මවගෙන් පියාගෙන් ඥාතින්ගෙන් උරුමහරුමකම් ලැබෙනව. සමහරවිට මලගිය ඥාතින්ගේ උරුමහරුමකම්ද තමන්ට ලැබෙන්න පුලුවනි. 
උදරාබාධ, හිසේ කැක්කුම්, යම් යම් ලෙඩ තත්ව තිබෙන අය පරිස්සම් වන්න.

● ධනු
ඔබට ශුභාශුභ මිශ්‍රපලයි.
ඔබ ගණිත මිණිත අංශය, ව්‍යාපාරික ක්ෂෙත්‍රය, උපදේශක වෘත්තියක සිටී නම් ඔබට ගොඩක් හොදයි. බුධ බලවත්ව ඔබට එක එක කොමිස් ආදායම් ලැබෙන්න පුලුවනි. එවගෙම නිකන් හිටියත් මොනව මොනවමහරි සල්ලි ලැබෙන්න පුලුවනි.
ඉතාම වාසනාවන්තව ගත වෙනව. තමන්ගෙ පියා මේ දවස් වල ඉතාම සෙල්ලමෙන් විනෝදයෙන් ඉන්න පුලුවන්. ඒ අයගෙත් ආදරය ලැබිලා උරුමහරුමකම් ලැබෙන්න පුලුවන්. අම්මත් ආදරය වෙනව ගොඩක්. ගෙදර හැමෝම සාමාජිකයන් එක්ක සතුටින් බොහොම හොදින් ඉන්න පුලුවන් කාලයක්.
සැප වැඩිවීම නිසා ඇතිවන රෝග, සෙම් රෝග ආදිය ඇතිවෙන්න පුලුවනි. 

● මකර
ඔබට සාමාන්‍ය සතියකි. 
ඔබට උනන්දුවෙන් කටයුතු කරගතහොත් ඔබට යම් දෙයක් කරගන්නට පුලුවන්. ආර්ථික තත්වය දියුණු කරගන්න පුලුවන්. 
මොකද ලැබෙන ආදායම ඉතුරු කරගැනීමට යම්කිසි අපහසුතාවක් තත්කාල ග්‍රහචාරයෙන් පෙන්වනවා. 
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනව. අඹුසැමි ප්‍රීතිය වර්ධනය වෙනව. දරුවන් එක්ක ගත කරන්නෙ හොද කාලයක්. විදේශ රටවල ඉන්න අයටත් හොදයි. විදෙස් රටවල යන්න ඉන්න අයටත් යන්න ලැබෙනවා. මංගල යෝජනා ස්ථිර වෙන්න පුලුවන්. 
සෙම් අමාරු, හිසේ කැක්කුම් සහ ස්නායු රෝග වලට පොඩි පොඩි සම්බන්ධ තියෙන අය පරිස්සම් වන්න. තරුණ වයසේ මකර ලග්න විශේෂයෙන්ම පිරිමි දරුවන්, මෝහිනී බැල්ම වැටේ. ඇත්තටම මෝහිනී බැල්ම කියන්නේ සිහිනෙන් ධාතු පිටවීම. ඒ ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් හිටියොත් හොදයි ඒ ගැන පරිස්සම් වන්න. යෞවනියන්ටද කළු කුමාර දෝෂ ඇතිවන්නට පුලුවන්, ඒ වලින් ආරක්ෂා වන්න.

● කුම්භ
ඉතාම වාසනාවන්ත කාලයක් ගොඩක් කාලයකට පස්සේ.
මේ සතියේ ඔබ හරි ප්‍රීතිමත්ව සිටිනව. ආදායම් මාර්ග ලැබෙනවා. හවුලේ කරන ව්‍යාපාර සාර්ථක වෙනව. ඒවගේම ගොවිතැන් වැඩ, ගොඩනැගිලි ඉදිකිරීම් හාඩ් වෙයාර් කරන අය දියුණු වෙනව. උරුමහරුමකම් ලැබෙනවා. 
ගෘහ ජීවිතය නම් ඉතාම ප්‍රීතිමත්. දෙදෙනා අතර අඹුසැමි සම්බන්ධය නිසා, ලොකු ආශ්වාදයක් ලැබෙනවා. ලිංගික ශක්තිය වර්ධනය වෙනව. ඒවගේම හරියට ගෙදරම මගුල් ගෙයක් වගේ තියේවි. කලාතුරකින් මේ තත්වය ආවේ, ඉතින් හොදින් ඉන්න.
සෞඛ්‍ය තත්වය, ඔය කේන්ති ගැනීම නිසා හතිය, මහන්සිය, ප්‍රෙෂර් වැඩිවීම හිතන්න පුලුවනි. ඉවසීම ප්‍රගුණ කරන්න.

● මීන
එතරම් ශුභයි කියල කියන්න බෑ.
නිස්කාරණයේ මුදල් වියදම් වෙනව. ගුරු හින්දා පොඩ්ඩක් ෂේප්. ගුරු හින්දම යහපත වෙනව. උත්සාහයෙන් වැඩ කරන්න. ආදායම විවිධාකාර විදියට ලැබෙන්න පුලුවන්. විදෙස්ගතව සිටින මීන ලග්න කරුවන්ට හොදයි. 
ගෘහ ජිවිතය හොදයි. දරුවන්ගේ දියුණුව දැකල සතුටු වෙන්න පුලුවන්. නැන්දල මාමලට ඒවගේම හොදයි. ඒ රවි සිකුරු යෝගය නිසා. 
දරුවන් සමග විවිධ ස්ථාන වලට යන්න වාසනාව ලැබෙනව(චාරිකා ආදිය), නමුත් නිවාඩුව ඉවරයිනෙ. 
සිහිනෙන් ධාතු පහවීම, ගෑණු දරුවන්ට මාස් ශුද්ධිය දවස් ගානක් තිබීම වගේම, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. ඕව තමයි විශේෂ.

#ඉරුසේවය
Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

කේන්දර බැලීම සහ සාස්තර කීම 2කි.

මේ කේන්දර සටහන, අපගේ ඉරු සේවයේ වසන්ත රාජකරුණා මහත්මා සෑදු එකකි.

* මේ ජන්මියා උප්පත්තිය ලබන්නේ වෘශ්චික ලග්නයෙනි.
* වෘශ්චික ලග්නයේ ජන්මියා උප්පත්තිය ලබන අවස්ථාවෙදි අංශක 09 කලා 46ක් ගතව ඇත. එයද රතු අකුරින් සඳහන් කර ඇත.
* වෘශ්චික ලග්නයට නවාංශක පටන් ගන්නේ කටකයෙනි.
* නවාංශකය අවසන් වන්නේ මීනයෙනි.
* එවිට අංශක 06 කලා 40න් පටන් ගන්නා වෘශ්චික ලග්නයේ තෙවන කොටස අවසන් වන්නේ අංශක 10නි.
*නක්ෂත්‍ර ගණිත ක්‍රමය අනුව එවිට උදා වන්නේ කන්‍යා නවාංශකයයි.
* එවිට ලග්න ස්ඵුටය අනුර නැකතේ 2වන පාදයේ පිහිටයි.

මෙය ඉතාම පැහැදිලිව සදහන් කොට තිබියදී දැනට එක්තරා නාලිකාවක මහා පට්ටම් සහිතව කතා කරන සුප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදියෙකු තුලා නවාංශකය විය යුතුයි යන්න යටින් සදහන් කොට ඇත.
මෙපමණක් ගණිත ක්‍රමයෙන් කේන්දරය බැලූ විට ලග්නයයි නවාංශකයයි පැටලීමක් නැත.
නමුත් පෙරකී නාලිකාවට පැමිණ මාධ්‍ය සංදර්ශන කරන එම ජෝතිර්වේදියා කියාගන්නා අනාවැකි පවසන මහතා මෙය වැරදි යැයි කියා ඇත.

අප සිතන්නෙ ඔහුට සියල්ලටම පෙර කේන්දරයක් හැදීමට උගන්වන එක හොඳයි කියාය.

සමහර නාලිකා වල පුද්ගල චරිත පුම්බයි. ඔවුන් නාලිකාවේ වැඩසටහන පටන්ගත් පසු ඔවුන්ගේ අය අර අනාවැකිය හරි ගියා මේ අනාවැකිය හරිගියා කියමින් හඬා වැටෙයි.
එසේ නොමැති නම් මහා ලියුම් කන්දක් පෙන්වයි.

දයාබර සහෘදයිනි, මෙතන ඇත්තේ ජෝතිර්වේදය නොව සමහරුන්ගේ ඇති ඥාති ප්‍රේත බලවේග වලින් හඳහන් බලා කීමයි. එය සාස්තර කීමක් වැනිය.
ඥාති ප්‍රේත බලවේග වල බලය තිබෙන්නේ එක්තරා කාල සීමාවකට පමණය.

ජෝතීර්වේදය යනු සාස්තර බැලීම නොවේ.

මුහුණු පොතේ සහෘදයන් ඇතුළු සියලුම දෙනාට මේ සම්බන්ධව තීරණය කරගැනිමට බාර කරමු.

Saturday, September 6, 2014

කුජ මාරුව(සැප් 5)

ග්‍රහලොව සෙන්පතියා වන කුජ හෙවත් අඟහරු අද දිනයේ සිය ස්වක්ෂෙත්‍ර රාශිය වන වෘශ්චිකයට පැමිණ බලවත් විය.

ඒ අනුව ලග්න කීපයකට එනම් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න වලට රුචක යෝග බලය යෙදේ.
පසුගිය දිනවල සිදුවුනු අනේකවිධ කරදර බාධක වලට කුජගේ බලපෑම හේතු වූ අතර සෙනසුරු හා රාහුගෙන්ද ඊට තවත් බලපෑම් ලැබුනි.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ 10 වැන්නට කුජ පැමිණ බලවත් වීම රජයට යහපත්ය. හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ශක්තිමත් වේ. වරදකරුවන් නීතියේ රැහැනට හසුවේ.

* මේෂ
8 වැන්නට කුජ පැමිණියේය.
යම් කලකිරිම් තත්වයන්, හදිසි ආවේග තත්වයන් අපේක්ෂිතය. ලාභ ලැබේ.
හදිසි අනතුරු විශේෂයෙන් ගින්දර, විදුලිය ආදියෙන් පරිස්සම් වන්න. කලබල නොවී කටයුතු කරන්න.
පින් කටයුතු වල නියැලෙන්න.

* වෘෂභ
7 වැන්නට පැමිණ ස්වක්ෂෙත්‍ර විය.
පෙම් සබදතා ඇතිවිය හැකි කාලයකි. රැකියාවේ වෙනස්විම් විය හැක.
විවාහක අය තමන්ගේ සහකරු සහකාරිය ගැන උනන්දු විය යුතුයි. රැක බලාගත යුතුයි.
අධ්‍යාපන කටයුතු වලට වෙනදාට වඩා මහන්සි වන්න. සිත පාලනය කරගන්න.

* මිථුන
6 වැන්නට කුජ පැමිණියේය.
තමන්ට සතුරුකම් කරන අය පරදින කාලයකි. දියුණුව ඇතිවේ. ව්‍යාපාර වලට සුබයි. උදව් ලැබේ.
උදරාබාධ වලින් පරිස්සම් වන්න.

* කටක
5 වැන්නට කුජ පැමිණියේය.
පැතුම් ඉටු වෙන කාලයකි. අධ්‍යාපනයට සුබයි. පෙම් සබදතා ඇතිවිය හැක. විවාහක අයටද සුබ කාලයකි.
උෂ්ණ රෝග වලින් පරිස්සම් වන්න.

* සිංහ
4 වැන්නට පැමිණ බලවත්ව රුචකය උදා කරයි.
ඉක්මන් කෝපය ඇතිවිය හැක. කටයුතු සඵල වුවද කෝපයෙන් පරිස්සම් වන්න. ආගම දහමට සිත යොමු කරන්න. වෙනදාට වඩා බුද්ධිමත් සහ නිර්භීත වන කාලයකි. කුමන කාර්යක් වුවද කරන්නට පෙළඹේ. අලංකරණයට සිත යොමුවේ. කලබල නොවි කරන කටයුතු කරන්න.

* කන්‍යා
3වැන්නේ කුජ බලවත් විය.
වෙනදාට වඩා තමන් ගැන වෙන අය සතුටින් කතා කරන කාලයකි. දියුණුව ඇතිවේ. සහෝදරයන් හා වෙනදාට වඩා හිතවත්වෙ. කර්මාන්ත වලටද සුබයි. දුෂ්කරතා අභිබවන කාලයකි. උදව් ලැබේ.

* තුලා
2 වැන්නට කුජ පැමිණියේය.
විශේෂයෙන් හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න, හිස, මුහුණ විශේෂයි.
කෙසේ වුවත් අනිකුත් ගෝචරය යහපත් නිසා මහන්සියෙන් දැඩි කැපවීමෙන් ජය ලබාගත හැක. එහෙත් හදිසි පාඩු ගැන විමසිලිමත් වන්න. පවුල් ජිවිතයෙදි ඉවසන්න.
තුලා ලග්න හිමි දේශපාලකයන්ට, නීතිඥයන්ට වාසි ලැබේ. සෞඛ්‍ය තත්වය, දත් ගැන සැලකිලිමත් වන්න.

* වෘශ්චික
1 වැන්නට පැමිණ රුචකය උදාවී ඇත.
යහපත් වුවද හිස ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න. කලබල නොවන්න. වෙනදාට වඩා ආඩම්බරයක් සිතට දැනෙනු ඇත. හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න(විශේෂයි).
තම ගරුත්වය රැකගන්නට කටයුතු කරන්න. බුද්ධියෙන් තීරණ ගන්න.

* ධනු
12 වැන්න කුජ පැමිණියේය.
අධ්‍යාපනයට වෙනදාට වඩා මහ්නිසි විය යුතුයි. අදාල නිසි ශාන්ති කර්ම කරන්න. රැකියාවේ බාධාද අපේක්ෂිත නිසා පරිස්සම් වන්න. පාද පරිස්සම් කරගන්න. බුද්ධිමත් වන්න. විදෙස්ගත හිතවත් අයගෙන් ලාභ ලැබිමට හැක. අනතුරු වලින් පරිස්සම් වන්න.

* මකර
11 වැන්නට කුජ පැමිණියේය.
යහපත් කාලයකි. හදිසි ධනලාභ, ආර්ථිකය දියුණුවිම අපේක්ෂිතය. රැකියා සහ ව්‍යාපාර වලටද සුබයි.
යහපත් වුවත් මේ තත්වයන් බුද්ධියෙන් විසදා ගෙන කටයුතු කරන්න. පාඩුද විය හැකි නිසා. හිතමිතුරන් සමග කටයුතු වලදි ඉවසීම සහ බුද්ධිය අවශ්‍යයි. වාහන අනතුරුවිය හැක පරිස්සම් වන්න.

* කුම්භ
10 වැන්නට පැමිණ කුජ රුචකය උදා කරයි.
රැකියාවේ දියුණුව, බලය ඇතිවේ. පවුලේ අයට යම් අපල පෙන්වයි. මුදල් ගැන කටයුතු වලදි බුද්ධිමත් වන්න. ලාභ ලැබේ. නව රැකියා ලැබිය හැක. විශේෂයෙන් ආරක්ෂක අංශ වල අයට සුබයි.

* මීන
9 වැන්නට කුජ බලවත් වේ.
පිං කල කෙනෙක් නම්, පෙර පින් ඇත්නම් යහපත් කාලයකි. හදිසියේම නොසිතන ධනලාභ ඇතිවිය හැක. රැකියාව දියුණු වේ. විදෙස්ගමන්ද ඇතිවිය හැක. විදෙස්ගත ලාභ, උපකාර පෙන්වයි. එසේ වුවද ධනයට යම් බාධාද එල්ල විය හැක. හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න. බෝධි පූජා කරන්න.

** මෙම විස්තරය පොදු විස්තරයකි. කේන්දර සටහන් අනුව මෙය වෙනස් වේ.

Friday, September 5, 2014

සෙනසුරු අපලයට පළදින “ නීල මණ්ඩල යන්ත්‍රය “

ශනි හෙවත් සෙනසුරුගේ අපලයට පළදිනු ලබන ප්‍රබල ගණයේ යන්ත්‍රයකි නීල මණ්ඩල යන්ත්‍රය.

විශේෂයෙන් ශනි මහ දසාව ගත කරන අයගේ අපල දුරුවීමට පලදිනු ලැබේ.

මෙයද සෑදිය යුත්තේ අදාල යන්ත්‍රය පලදිනු ලබන කෙනාගේ කේන්දර සටහන මනාව පරික්ෂා කර බලා එයට අනුව ගුණ දෙන පරිද්දෙනි. ඊට අදාල නිසි ජප සංඛ්‍යාව තීරණය කල යුතුය.

යන්ත්‍රය ජප කරන තැනැත්තා සිල්වන්ත වීම අනිවාර්ය කරුණකි.
මස් මාංශ අනුභව නොකරන්නෙක් විය යුතුය, මත්පැන් භාවිත නොකරන්නෙක් විය යුතුය.
බොහෝවිට සිදුවන්නේ අදාල ජප කරන කාලයේදි පමණක් මස් මාංශ අනුභව නොකිරිමයි. එසේ කිරිමෙන් නියම සුභ ඵල නොලැබේ.

ඒ හැර එකවර තොග ක්‍රමයට යන්ත්‍ර 100 ගණන් ජප කරන ක්‍රමයට කලොත් අදාල සුභ පල බෙහෙවින් අඩු වේ.

* සෙනසුරුගේ මූලික ගුණයක් වන දුක ලබාදීම, කරදර ඇති කිරීම, මානසික ගැටළු ආදිය දුරු කරලීමේ ලා බෙහෙවින් සමත්වන යන්ත්‍ර රත්නයකි.
* නිසිලෙස යන්ත්‍ර විද්‍යාවේ සිද්ධාන්ත අනුව කල යුතුය. එසේ නොවුනොත් අපල තත්වයන් තීව්ර වේ.

Thursday, September 4, 2014

++ දේශ දේශාන්තරයන්හි සිදුවන අනතුරු කේන්දරයෙන් පෙනෙන හැටි ++

මුහුණු පොතේ අපගේ විශාල සහෘදයින් ලොව විවිධ රටවල් වල සේවය කරනු ලබයි. එම රටවල් වලදී වන අනතුරු නිසා අපගේ දයාබර සහෘදයන්ට එයින් යම්කිසි ආරක්ෂාවක් ගෙනදීමට මේ ලිපිය වැදගත් ලිපියක් වනු ඇතැයි සිතමු.

විශේෂයෙන්ම පසුගිය කාල වකවානු වලදී විදේශයන්හිදී වන අනතුරු සම්බන්ධව අප පුවත්පත් වලින් සහ අන්තර්ජාලයෙන් අනන්තව දැක ඇත්තෙමු. මෙවන් තත්ව ඇතිවන්නේ, කුමන ග්‍රහමය පදනමක් නිසාද ? 
අප ඒ ගැන පර්යේෂණාත්මකව මේ ලිපිය පල කරන්නෙමු.

* යම් පුද්ගලයෙකුගේ හඳහනේ 3, 9 හා 12 වැන්නට අවදානය යොමු කල යුතුය.
කේන්දරයේ 3 වැන්නෙන් කෙටි ගමන්ද 9 වැන්නෙන් දුරු ගමන්ද 12 වැන්නෙන් විදේශ ගමන් පෙන්නුම් කරනු ලබයි.

* නමුත් රාහු 9 සිටියදී විදේශ ගමන් තීව්ර කරන බව අප අත්දැක ඇත.

* ජන්මියෙකුගේ 4 වැන්නෙන් තමන්ගේ උපන් භූමිය පෙන්නුම් කරයි. යම්කිසි ජන්මියෙකුගේ 4 වැන්න පීඩාවීම උපන් දේශය තුල ජීවත්වීමේ අයිතිය අහිමි කරයි.
මෙයින් මනාව ගම්‍ය වන්නේ දියුණු වීමද තම උපන් පලාතේ සිට අපහසු බවයි.
මේ අයට විදේශ ගතවීම ඉතාම සුභයි.

* යමෙකුගේ 8 වැන්නට වඩා 9 වැන්න බලවත් නම් ඔහුට විදෙස් රටකදී සුඛෝපභෝගි ජිවිතයක් ගතකල හැක.

යමෙකුගේ ලග්නයේ අධිපතියා සිටින රාශියේ 12 වැන්නාධිපතියා කේන්දරස්ථානයක( හෝ ත්‍රිකෝණයක බලවත් වීම(5, 9) ඉතාම පොහොසත් එනම් ටොප් ක්ලාස් රටකට යෑමට වාසනාව ඇතිවන හේතුවකි.
එනම් ජපානය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, යුරෝපා රටවල් හා ඕස්ට්‍රේලියාව වැනි රටවල්ය.

මේ ලිපියේ 2වන කොටස, අනතුරු ගැන සදහන් කොටස ලගදීම..

Wednesday, September 3, 2014

...... විවාහය ..... “ඉක්මන් වන“, “කල්ගත වන“, “සාර්ථක“ සහ “අසාර්ථක“ වන පිහිටීම් මොනවාද ?


තරුණ වියට එළඹෙන සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් වන විවාහයට අදාලව තබන සටහනකි මේ.

අපි මුලින්ම බලමු " විවාහ ඉක්මන්" වන යෝග කවරේද කියල.

යම්කිසි ජන්මියෙකු ඉපදුනු අවස්ථාවේ, ඔහුට බලපාන ග්‍රහ බලය මේ කෙරෙහි ප්‍රබලවම බලපායි.
● විශේෂයෙන්ම යම් ජන්මියෙකු සිකුරුට අයත් තුලා, වෘෂභ, ගුරු හිමි මීනයෙන් බුධ හිමි මිථුනයෙන් ඉපදුනු අයගේ විවාහ ඉක්මන් වීමට ඉඩ තිබේ.

● කුජගේ බලපෑමද විවාහ ඉක්මන් වීමට බලපායි.

තවද අපගේ කේන්දර පරික්ෂාවන් වලදී මේ කාරණයද අත්දැක ඇත්තෙමු.
● එනම් වයස අවුරුදු 12, 13 සිට සිකුරු මහ දසාව ගත කිරීම.
එම දශාවන් වලදී අඩු වයසේදිම ප්‍රේමය, ආදරය සම්බන්ධ කරුණුත් විවාහ ඉක්මන් වීමට යම්කිසි බලයක් එම ග්‍රහ බලයෙන් සපයයි.
මෙම අඩු වයසින් සිකුරු මහ දසාව එළඹීම නිසා හිතුවක්කාර විවාහයන්ට මුහුණ දෙන බව ඔබ දන්නා කරුණකි.

● මෙයට ප්‍රධාන හේතුව නම් සිකුරු මහ දසාවේ, රාහු අතුරු දසාව මෙයට ප්‍රබල බලපෑමක් එල්ල කරයි.
වැඩිපුරම මේ තත්වයට ගොදුරු වන්නේ ගැහැණු දරුවන්ය.

* “විවාහ ප්‍රමාදයට“ හේතු මොනවාද

ජෝතිෂ්‍යයේ හැටියට, ප්‍රමාද කරන ග්‍රහයන් දෙදෙනා වන්නේ ‘කේතු‘ හා ‘සෙනසුරුය.‘

● ඔවුන් දෙදෙනා ලග්නයට(1), විවාහ ස්ථානයට(7) යම් බලපෑමක් එල්ල කලොත් එම ජන්මියාගේ විවාහය කල්පසුවීමට ඉඩ ඇත.

● කේතු 7 වැන්නේ සිටීම, සෙනසුරු 7 වැන්නේ සිටීම විවාහ ප්‍රමාදයන්ට ප්‍රබලම සාධකයකි.
එසේම මොවුන් දෙදෙනාගේ සංයෝගයද විවාහ ප්‍රමාදයට හේතුවකි.

● විශේෂයෙන් බුධ-ශනි-කේතු යන ග්‍රහයන් විශේෂයෙන් 7 වැන්නේ හෝ 8 වැන්නේ පිහිටා තිබේ නම් එම ජන්මියාට ලිංගික ශක්තියද හීන වීමේ අවදානමක් තිබේ.
සමහර අය ලිංගික ශක්තිය හීන වුවොත් මානසික තත්වය කඩා වැටී විවාහ වීමට බිය වෙති.

● තවද විවාහපේක්ෂිත කාල වලදී මංගල යෝග නොපැවතීම ප්‍රබල ගැටළුවකි.
උදාහරණයක් වශයෙන්, වයස අවු. 20දී ශනි මහ දසාව ආරම්භ වීඅවුරුදු 39දී එය අවසන්වීම විවාහ ප්‍රමාදයකට හේතුවකි.

● බ්‍රහස්පති/ගුරු, සෙනසුරු/ශනි යන ග්‍රහයන් උප්පත්ති කේන්දරයේ 9 වැන්නේ පිහිටා සිටීමද විවාහ ප්‍රමාදයට හේතුවිය හැක.
එසේ වන්නේ ලෞකික තත්වයට නොව ලෝකෝත්තර පැත්තට සිත යොමුවීමෙනි.

● ශනි - සිකුරු යෝගය ලග්නය(1), 2වැන්න, 3වැන්න, 4, 5, 7, 9, 11 මේ භාව වල පිහිටා තිබීමද විවාහ ප්‍රමාදයට හේතුවකි.

පර්යේෂණාත්මකව තහවුරු වූ පොදු කරුණු පමණි.

Tuesday, September 2, 2014

_ දවස් 7 ඉපදුනු අයගේ ගතිගුණ _

දින 7 උපත ලබන අයගේ ගතිගුණ දන්නවාද ?

ග්‍රහ තාරකා රාශි වළල්ල හැරුණු විට උපන් දිනයෙන්ද උපන් දවසින්ද යම්කිසි ගතිගුණ සහ යම් යම් දේවල් කරුණු කාරණා ප්‍රකාශ කල හැක.

ග්‍රහයන් 9 දෙනාගෙන් ඡායා ග්‍රහයන් වන රාහු කේතු නොමැතිව ඉතිරි 7 දෙනාට දින 7 වෙන්වී ඇත.
දින 7දි උප්පත්තිය ලබනවා හැරුණු විට ඒ ඒ දිනවලදි සුභ කටයුතු සොයා බලා කරන්නේ අනාදිමත් කාලයක සිටය. විශේෂයෙන්ම විවාහ කටයුතු සිද්ධ කිරීම, මල්වර චාරිත්‍ර ඉටු කිරීම, එසේම සියලුම සුභ කටයුතු වලටද දින 7න් දින වැදගත් වේ.
දැන් අප සොයා බලමු දින 7න් උපත ලබන අයට ඇති පොදු ලක්ෂණ මොනවාදැයි කියල.

→ සඳුදා

සඳුට අයත්වන සඳුදා දින උපන් ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයම සෞම්‍ය ගතිගුණ ඇත්තෝ වෙති. එසේම මොවුන්ගේ ශරීරද බොහෝසෙයින්ම සියුමැලිය. ලා කහ පාටට සහ සුදු පාටට යම් රුචිකත්වයක් දක්වති.
මවට ඉතාම ඇල්මක් දක්වන අතර, අදහස් සහ සිතුවිලි යම් ආකාරයකට චංචලය.
එසේම නිතර නිතර ආහාර ගැනීමටත්, පැණි රස ආදිය කෑමටත් මේ අය ආශාවක් දක්වති.
ශිල්ප ශාස්ත්‍ර මැනවින් හදාරයි. එසේම මෙම අයගේ රැකියාව බොහෝවිට ජලය ආශ්‍රිත හෝ කිරි ආශ්‍රිත, නාවුක, ගුවන් ගමන් ආදියේ රැකියා විය හැක.
එසේම ආහාර පාන සම්බන්ධවද යම්කිසි දායකත්වයක් දරයි.

→ අඟහරුවාදා

ග්‍රහලොව සෙන්පති කුජට අයත් වන මේ දවසින් උපන්නෝ වීර්යවන්ත, එඩිතර පුරුෂයෝ වෙති. නොනැමෙනසුළු ගතිය හා පෙරට යාමේ ගතියද ඇත.
මේ දිනයෙදි උපන් අයට කාය බලය ඉතාම බලගතුව පිහිටයි. විශේෂයෙන්ම අඟහරු ග්‍රහයා මෙම අයගේ කේන්දරයේ නරකට පිහිටා තිබුනොත් ඒ අය මැරවර ගණයට අයත් වේ.
ඉක්මණ් කේන්තියද පවති. තරහ නොඉවසවයි. මෙම දිනයෙදි උපන් ස්ත්‍රින් බොහෝ ශක්තිමත්ය. ස්ත්‍රින්ගේ පියයුරු තද ඝනකමකින් පිහිටයි.
තරමක රාගාධික ගතියක්ද ඇත. පුළුල් උකුලක්ද පිහිටයි.
මේ දිනයෙදි උපන් අය සන්නද්ධ සේවා, කාර්මික සේවා වල රැකියා වලට නෑදෑකම් කියයි.

→ බදාදා

බුද්ධිමතාට අයත් බුධහුගේ දවස වන මේ දිනයෙන් උපන් අය කෙලි කවට සිනාවෙන්ද එසේම විහිළුවෙන් තහළුවෙන්ද විශේෂ වූ වාග් චාතුර්යයයෙන් අනූනවද සකලවිධ භාෂා ඥානයෙන් සන්නද්ධවද උපදිති.
මේ අයට බොහෝ සෙයින් මිත්‍රයන්ද අධික වෙති.
පැණි රස කෑමට ඉතාම ගිජුය. ප්‍රිය වචනයෙන් අන් අය ප්‍රබෝධමත් කරයි. අපගේ පර්යේෂණ වලට අනුව බුද්ධිමතුන්, දේශකයින්, විශේෂඥයින් මෙම දිනයෙදි උපදිති. දින 7න් එක්තරා සුභ දිනයකි බදාදා දිනය.

→ බ්‍රහස්පතින්දා

දින 7න් සුපිරිම දිනය මේ දිනයයි. මෙම දිනයෙදි උපන් තැනැත්තේ රටතොට සියලු දෙනා දන්නා කීර්ති නාමයෙන් බබලන ප්‍රඥාවන්තයෙක් ගුණවන්තයෙක් වෙයි. මෙදින උපදින අයට ගුරුගේ දෘෂ්ඨිය සුභව ලග්නයට වැටේ නම්, වැඩුනු ආරෝහ පරිනාහ දේහයක් හිමිය.
මේ දිනයෙදි උපන් කාන්තාවන්ද තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්නා චරිතවත් අය වෙති. එසේම උපතින්ම සහජ දැනුම ගෙනා අය වෙති. බොහෝ සෙයින් ආගම දහමට ලැදිවන අතර අනුන්ගේ දුකේදි කම්පා වන මානසික තත්වයක් මේ අයට ඇත. උසස් පූජ්‍ය පක්ෂයේ අය සහ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් මේ දිනයෙදි උපදී. මේ අයට වඩාත්ම ගැලපෙන්නේ ව්‍යාපාරික ක්ෂෙත්‍රය බව කියමි.

→ සිකුරාදා

විලාසිතාවෙන්ද, ලක්ෂණ ඇඳුම් පැළදුම් වලින්ද, අලංකාර වූ ගමනින් බිමනින්ද සම්පූර්ණ වූවෝ වෙති. නිතරම අලංකාරව සිටිමට කැමතිය. බොහෝ වෙලාවට මේ දිනයෙදි උපදින අයට සිකුරුගේ බැල්ම ඇත්නම්, නව යොවුන් විය ආසන්නයෙදිම ප්‍රේම සබදතා වලට පැටලෙති.
ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම කාම ආශාව ඉතා ප්‍රබලය.
මේ දිනයෙදි උපන් අයට වෙලද කටයුතු, රෙදිපිළි, ආහාර පාන, අලංකාර කටයුතු වලට සම්බන්ධ දැ කිරිමෙන් මහත් ධනයක් උපයා ගත හැක.

→ සෙනසුරාදා

ජිවිතයේ මධ්‍ය කොටසෙදි හෝ මුල් කොටසේ අග භාගයෙදි දැඩිව දුක් කරදර වලට මුහුණ දෙයි. මෙම නිසා බොහෝ වෙලාවට ඒ කාලයෙදි කනස්සලු ස්වභාවයෙන්ම සිටී. කාලාන්තරයක් අතේ මිටේ රුපියලක්වත් නැතිව දුක් විඳී. පසුකාලීනව ලබන අත්දැකීම් හේතුවෙන් මේ අය දියුණු වන්නේ නිරායාසයෙනි. ජීවිතයට ලබන කම්කටොලු සම්බන්ධව මනා වැටහීමක් තිබෙන නිසා පින් දහම් වලට වැය කරන කාලය අධික කිරීමට සිත් පහල වේ.
රැකියාව බොහෝවිට යකඩ ආශ්‍රිතව, නැව් ආශ්‍රිතව, ගොඩනැගිලි ද්‍රව්‍ය ආශ්‍රිතව, පොලිසිය, බන්ධනාගාර ආදිය සෙනසුරුගේ දිනයට අයත් සේවා ස්ථානයි.

→ ඉරිදා

ස්වභාවයෙන්ම මේ දිනයෙදි උපන් සියලුම දෙනා උද්යෝගිමත්ය. ධෛර්යසම්පන්නය. නොනැමෙනසුළුය. අන් අය පාලනය කිරීමට සිතයි. එසේම ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම ඇඟ ඉතාම ඌෂ්ණය. මේ දිනයෙදි උපන් අය පියාට ඉතාම හිතවත් වේ. එසේම ඕනෑම තැනකදි තමන් කැපි පෙනීමට සහ පාලන බලය අතට ගැනීමට කල්පනා කරයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටී. අයුක්තියට කතා කරන්නේවත් නැත. විශේෂයෙන්ම මේ දිනය පිරිමි දරුවන්ට ඉතා හොදයි.
සංචාරක ක්ෂෙත්‍රය, රජයේ රැකියා, දේශපාලනය රවිට අයත් ඒවාය.