Saturday, October 31, 2015
Thursday, October 29, 2015
“ වාලම්පුරි කතාව “ -2
විශේෂයෙන්ම සඳහන් කල යුතු කාරණාවක් නම්, අප මීට කලින් අවස්ථාවක අප ඉදිරිපත් කලා වාලම්පුරි සම්බන්ධව විශේෂ කතිකාවක්.
(https://www.facebook.com/photo.php?fbid=296403773887967&set=)
එනම් එම කතිකාව අනුව සඳහන් කල යුතුයි, අද කාලයේ වාලම්පුරි ගැන කතා කරන කාලයක් නොතිබුනු තරම්ය.
එසේම රූපවාහිනි චැනල වල වාලම්පුරි සම්බන්ධව පලවන දැන්වීම් සම්බන්ධව යම් අවස්ථාවක කල්පනාකර බලන විට, එම දැන්වීම් දමන පුද්ගලයන් වැඩසටහන් වලට පැමිණ පවසන්නේ සිතූ පැතූ දේ දෙන, දේවල් දෙන ඇලඩින්ගේ පුදුම පහන මෙන් දෙයක් කියාය.
● වාලම්පුරියක් යනු, බෙල්ලෙකුගෙන් හට ගන්නා යම්කිසි කැල්සියම් ප්රධාන සංඝටකය ප්රතිඵලයකි.
එම සත්වයා ගැඹුරු මුහුදේ ජිවත් වේ. එම සත්වයා කිසියම් ආකායරයකට මිය ගියහොත්, එම තත්වයෙන්(කට්ටෙන්) ගැලවුනොත් වාලම්පුරියක් නැමති එම දේ වෙරළට ගොඩ බැසීමට ඉඩ ඇත. එය කිසියම් ආකාරයකට කලාතුරකින් සිද්ධ වන දෙයකි.
එහි වාසනාවක් ඇති බවත්, සත්යතාවයක් ඇති බවත් පිලිගැනිමට තරමක් දුරට පුලුවන.
මේ අයුරට කල්පනා කර බලන කල, විශේෂයෙන්ම කිව යුතුයි, වාලම්පුරි වර්ග අද කාලයේ වශයෙන් ගත්කල සොයාගැනීමත් ඉතා දුර්ලභ කටයුත්තකි.
● අප දකින වාලම්පුරි අලෙවිකරණ අයගේ හැකියාවන් සහ ශිල්පීය ඥානය සම්බන්ධව කිසිම ගැටළුවක් නැත.
ඔවුන්ට ඒ සම්බන්ධව ඉතා හොද දැනුමක් හැකියාවක් තිබේ. එම අයට ඇති දක්ෂතාවය, හැකියාව සහ අත්දැකීමෙන් කියන කරන දේ ගැන නම් එතරම් ගැටළුවක් නැත්තේ අපට ඒ ගැන අවබෝධයක් ඇති නිසාය.
නමුත් මේවා දෙන්නට ලේසියෙන් බැරිය. උදාහරණයක් විදියට අප පල කල පින්තූරයේ ඇති වාලම්පුරිය දෙස බලන්න.
* මෙම වාලම්පුරිය ව්යාජ එකක් බව බැලු බැල්මට ඔබට පසක් වෙනවාද ?
● මෙය අච්චුවක දමා සෑදු කෘතිම වාලම්පුරියකි. එක එක ප්රමාණ වලට වාලම්පුරි තිබෙනවා යැයි පැවසිමද ජනතාව මුලා කරන පව්කාර වැඩකි. එනම් පොඩි වාලම්පුරි එක ගණනකටත්, ලොකු වාලම්පුරි ඊට වඩා වැඩි ගණනකටත් යනාදි වශයෙනි.
මෙම වාලම්පුරිය තනිකරම වාලම්පුරියේ ඇති සංඝකට වලට සමාන ද්රව්ය උණු කර අච්චුවකට දමා සෑදු කෘතිම වාලම්පුරියකි.
● නියම වාලම්පුරියකට, නියමිත බරක්, හැඩයක් සහ ස්වභාවිකත්වයක් ඇත.
නියම වාලම්පුරියක් දැනගැනීමටත් සාමාන්යයෙන් ලේසි වන්නේ නැත. එනිසා එයට නිසියාකාර දැනීමක් ඇති එම විෂය ගැන අවබෝධයක් ඇති අයෙක් සිටිය යුතුය.
● බොහෝදෙනෙකු අපෙන් විමසනවා නිවරදිව වාලම්පුරියක් තනිවම අඳුනා ගන්නා ක්රමය ගැන.
* ඔබ වෛද්යවරයෙක් ලගට ගිය විට බෙහෙත් දෙන ක්රමය අසනවාද ? - එසේ සිතන්න.
● අපගේ තහවුරු දැනුම අනුව, කන්ටේනර ගණන් දෙන්නට තරම් වාලම්පුරි සොයාගැනීම අතිශයින් දුෂ්කර බවයි.
අද විකිණෙන බොහෝ වාලම්පුරි ව්යාජව සකස් කරන ලද ඒවා බව අපට අනාවරණය වී ඇත.
● පසුගිය කාලයේ ලංකාවෙ රාජකීය දෛවඥයා ලෙස කියාගෙන සිටි එක්තරා මහත්තයෙක් අපගෙන් සේවා ලබාගන්න මහතෙකුට නියම වාලම්පුරියක් කියා, ලබාදී තිබුනේ චීනයෙන් සාදවා ගෙන්වාගන්නා ලද විශේෂ ප්ලාස්ටික් වලින් තැනු ව්යාජ එකකි.
රාජකීය දෛවඥයා යන නම කෙසේ වෙතත් එයින් කරදර නොවි බේරුනේ බොහෝ අපහසුවෙන් වන්නේ අපගෙන් සේවා ගත් මහතාද සම්භාවනීය මහතෙකු නිසාය.
● එවන් පට්ටම් කියාගත් රටටම තමන් මෙවන් කෙනෙකු බව කියාපාමින්, රූපවාහිනි චැනල, පත්තර වල පවා නම රැන්ඳූ අයත් වාලම්පුරි කියා වංචා කලා නම් තවත් කවර කතාද...
වාලම්පුරියක් ලග තබාගැනීමේ වරදක් නැත. එය යම් වාසනාවක් ලැබෙන දෙයක් ලෙස කිව හැක.
● ඊට වඩා වාසනාවක් ආශිර්වාදයක් ප්රතිපත්ති රැකගෙන, සීලවන්තව සිටින අයට දහම විසින් ලබාදෙන බවද කිව යුතුය.
බුදු සරණයි !
#ඉරුසේවය

Wednesday, October 28, 2015
" වෘශ්චික ලග්නය "
12කින් සමන්විත රාශි වළල්ලේ 8 වැනි රාශියයි.
කුජට අයත් නිශා බල රාශියක් වන මෙම රාශිය ජල රාශියක් වශයෙන් හඳුන්වයි. මෙම රාශිය ගෝනුස්සකුගේ හැඩයකින් යුක්තව අහසේ පිහිටා තිබේ.
මෙය උදාවන විට නැගෙනහිර ක්තිජයේ විශාල ප්රදේශයක පැතිර පවතින පරිදි මේ රාශිය අහසේ දක්නට ලැබේ.
ගෝනුසු හැඩය ඇති රාශියෙන් උපදින අය, තරමක් ගුප්ත ගතිගුණ පිහිටන අය වෙති. විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියන් කෙරෙහි අමුතුම ගති ස්වරූප පෙන්නුම් කරයි.
& ඉතා වේගයෙන් වැඩ කල හැකි, කාර්ය ශූර අයවෙති. එඩිතරකම ඇත. ටිකක් ආත්මාර්ථකාමි ලක්ෂණද ඇත. බුද්ධියෙන් කටයුතු කරන කෙනෙකි. රහස් වැඩ සාමාන්ය ලෙස නැති කෙනෙකි. කැපවීමෙන් කුමන බාධා ආවද ඉදිරියට යාමට දිගටම කටයුතු කරන කෙනෙකි.
කෙනෙකු තමාගේ වරදක් කිව්වත් අසාගෙන සිටී. අන් අයගේද වැරදි දකි. ආඩම්බර ගතිද ඇත. ඕනෑම වැඩක් එක්වරම සොයාගෙන තේරුම් ගෙන කිරීමට ඇති හැකියාව විශේෂිතය.
* සමාජයේ කැපී පෙනෙන චරිතයක් වේ.
තමාගේ කටයුතු පමණක් සිතා බලා කරන විලාශයක්ද ඇත. ඕනෑම දෙයක් පිළිගැනීමට පෙර ඉතා ගැඹුරින් සොයා බැලීමට කටයුතු කරන අය වෙති. තමාගේ දක්ෂභාවය ගැන කිසිදු සැකයක් නොකර ඒ අනුවම ක්රියාකිරීමට බලන අය වෙති.
රහස් හංගා ගැනීමට හැකියාවක් නැත. ක්රීඩා, උත්සව ආදියට ප්රිය අයවෙති.
● මෙම ලග්නයේ අය හොඳට ඉතාම හොඳය.
නරකට නම් ඉතාම නරක බවත් කිව යුතුය.
ඔබට වෘශ්චික රැසෙන් උපන් මිතුරු-මිතුරියන් ඇත්නම් ඔවුන් සමග ආශ්රය කිරීමේදී ඉතා ප්රවේසම් විය යුතුයි. මන්ද යම් වැරැද්දකදී ඔවුන් ඔබ සමග අමනාප වුවහොත් නැවත යාළු කරගැනීමට නම් ඔබට ලේසියට හැකියාවක් නැත. එය ප්රබලම ගැටළුවකි.
* මන්ද ප්රතිපත්ති පණ මෙන් රකින මොවුන්, වැරදි දෙයට නම් වැරැද්දම කියයි. සමාව දෙන ගතිය අඩුය.
වෘශ්චික ලග්නකරුවන් තරමක් තමන් ගැන පමණක් සිතන අය වුවත්, 9 වැන්නාධිපති සහ 5 වැන්නාධිපතියා වන්නේ, ගුරු සහ සිකුරු යන ග්රහයන් නිසා එම තත්ව වල යම් යම් වෙනස්කම් අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ.
● පර්යේෂණාත්මක ජ්යොතිෂ්යය කටයුතු වලදි අප දැක ඇති වෘශ්චික ලග්න හිමියන් බොහෝවිට සාමකාමිව, සාමදානයෙන් අනුන්ට කරදරයක් නැතිව දුක හෝ සැප විඳගෙන තමන්ම ජීවත් වන සැටියකි.
බොහෝවිට සමාජයට යම් යම් අවවාද අනුශාසනා දී ඔවුන්ව නිවරදි කරන අතර, තම පවුලේ අයටද හොඳ නරක කියාදී යහපත්ව ජිවත් වන පුද්ගලයන්ද වෘශ්චික ලග්නයෙන් උපදින බව අප දැක ඇත්තෙමු.
● මොවුන්, බොහෝ ක්ෂෙත්ර වල පෙරමුණ ගෙන සිටී. ව්යාපාරික ක්ෂෙත්රය, කලා ක්ෂෙත්රය යනාදි ක්ෂෙත්ර ඇතුළු බොහෝ ක්ෂෙත්ර වෘශ්චික ලග්නයට ගැලපේ.
වෘශ්චික ලග්න හිමියන් ඕනෑම ක්ෂෙත්රයකට ඉතාම හොදින් සමර්ථකම් දක්වයි.
* ලෝක පූජිත බොලිවුඩ් නිළියක් වන, අයිශ්වර්යා රායිද වෘශ්චික ලග්නයෙන් උපන් කෙනෙකි.
ඇයගේ ජනප්රියත්වය දෙස බැලූ කල, ඔබට වැටෙහනවා ඇති ග්රහ බලය.
ව්යාපාර කටයුතු ගත්කල රෙදිපිළි වෙළදාම, එසේම මනුෂ්යයාට සැප සනීපයට අවශ්ය බඩු භාණ්ඩ ආදිය වෙළදාම මේ අයට ඉතාම ගැලපේ.
● ව්යාපාරික කටයුතු එසේ වෙද්දි වෘශ්චික ලග්නයට සුදුසු රැකියා වන්නේ මේ ඒවාය.
ඉංජිනේරු වෘත්තිය එසේම විශේෂයෙන්ම නාවුක හා ගගන යාත්රා වල සේවය. එසේම ගුවන්තොටුපල, වරාය, ධීවර කර්මාන්තය ආශ්රිත රැකියා එසේම වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජ බැවින් ආරක්ෂක සන්නද්ධ සේවාවල වෘත්තින්, පතල්, රසායන ක්ෂෙත්ර වල වෘත්තින් මේවාද ඉතාම ගැලපෙන රැකියාවන්ය.
● ආදර සම්බන්ධතා ගැන, සැලකිලිමත් වීමේදී වෘශ්චික ලග්න හිමියන්, තමාගේ පෙම්වතාගෙන් පෙම්වතියගෙන් ඉතාම ප්රතිපත්තිගරුක ආදරයක් බලාපොරොත්තු වෙයි. වෘශ්චික ලග්න හිමියන් සැඟවුනු කාමාශාවක් සිත්හි දරාගෙන ජීවත් වන්නන් වේ. නමුත් තමාගේ භාර්යාවට/ස්වාමියාට ඉතාම තදබල ලෙස ආදරය කරන අය මේ අය වෙති. විශේෂයෙන්ම මේ අය ගැන බැලූකල තම පෙම්වතාට පෙම්වතියටද පණ මෙන් ආදරය කරයි.
* එසේම මීට තව හේතුවක් වන්නේ 7 වැන්නාධිපතියා සිකුරු/ශ්රක්ර වීම නිසාය.
විශේෂයෙන්ම ආදරය ගැන සැලකීමේදී මොවුන්, ඉතාම දැඩි මානසිකත්වයකින් ආදරය කරයි. එහිදී පවා වැරදි දේට හිස නොමන, වැරදි දේට අනුකම්පා නොකරන තත්වයක් පෙන්වයි.
විවාහයේදී වෘශ්චික ලග්න කරුවන් ඉතා ප්රවේශමෙන් කල යුතු කටයුත්තකි. විවාහයට තෝරාගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය.
* විවාහයට ගැලපෙන ලග්න වන්නේ, වෘශ්චික, මකර, කුම්භ, මීන ලග්නයන් වන අතර වෘෂභ ලග්නයද ඉතාම හොදට ගැලපේ. කටක, සිංහ, කන්යා ලග්නද ගැලපේ.
ග්රහ බල ගැලපේ නම් තුලා ලග්නයද සුභ බව කිව යුතුයි.
(කේන්දර සටහන් අනුව වෙනස් වේ)
● වෘශ්චික ලග්න අයට සෑදෙන විශේෂ අසනීප අතර, රහස් රෝග විශේෂයි.
එනම් යටි බඩේ රෝග, ලිංගාශ්රිත රෝග, එසේම මුත්රා අමාරු, හිසේ කැක්කුම් ආදියයි.
● ලග්නයට හොඳ ග්රහ බලයක් එල්ල වේ නම්, විශේෂයෙන්ම ලග්නයට ඉතාම සුභ ග්රහයා වන ගුරු, සඳු ග්රහයන් බලවත් නම් මේ අය අවුරුදු 90ක් පමණ වුවත් ආයුෂ වින්දනය කරති.
විශේෂයෙන්ම කිව යුතුයි, වෘශ්චික ලග්න සුභ ග්රහ බල ඇති අය ඉතාම ප්රසන්න පෙනුම ඇති, ආරෝහ පරිණාහ දේහයෙන් යුක්ත පුරුෂයන් වෙති.
හොඳ ග්රහ බලයක් ඇති කාන්තාවන් ඉතාම රූමත් අය වෙති.
රාශි 12න් වෘශ්චික ලග්නයට අප ඉතාම කැමති වන්නේ ප්රතිපත්ති සහ ඇති විවිධත්වය නිසා.
_ දුර්වලතා _
රහස් රැකීම බැරිවීම, දැන දැන වැරදි කිරීම, අනවශ්ය ආකාරයට සකසුරුවම් විමට ගොස් අන් අයට උදව් නොකිරිම.
අන් අය අවිශ්වාස කිරීම, ඉක්මන් කෝපය, ඉක්මන්බව දුර්වලතාය.
* සුභ දින - විශේෂයෙන්ම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ විවාහ සහ ව්යාපාරික කටයුතු වලට සිකුරාදා, දේපල සහ භූමිය සම්බන්ධ කටයුතු කිරිමට, නීති මාර්ග කටයුතු වලට ඉරිදා ශුභයි.
* ශුභ අංක - 1, 2, 3, 6 වැනි අංක සහ 9
* ශුභ දිශාව - නැගෙනහිර , විශේෂ අවස්ථා වලදි ඊසාන සහ උතුරද සුභයි.
* ශුභ වර්ණය - ඇත්දළ පැහැය, තැඹිලි සහ කහපැහැති වර්ණයන්ය.
* ඉෂ්ට දෙවියන් වන්නේ ඊශ්වර සහ කතරගම දෙවියන්ය.
* එසේම ලංකාද්වීපයේ සමන්තකූට පර්වතයට අධිගෘහිත, මාර්ගඵල ලාභි සුමනසමන් දිව්ය රාජෝත්තමයාණන්වහන්සේ වන්දනාමාන කිරිමද වෘශ්චික ලග්නකරුගේ දියුණුවට හේතු වේ.
*** මේ සියල්ල කේන්දර සටහන අනුව වෙනස් විය හැක.
පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.

“ දස දහසක් සක්වලට ගුණ ඇති සූරිය පිරිත “
“නමෝ තේ බුද්ධ වීරත්ථු
විප්ප මුත්තෝසි සබ්බධී
සම්බාධපටිපනෝන්ස්මි
තස්ස මේ සරණං භවාති
තථාගතං අරහන්තං
සූරියෝ සරණං ගතෝ
රාහු සූරියං පමුච්චස්සු
බුද්ධා ලෝකානුකම්පකාති
යෝ අන්ධකාරේ තමසී පභංකරේ
වෙරෝචනෝ මණ්ඩලී උග්ගතෙජො,
මා රාහු ගිලිං චරං අන්තලික්ඛෙ
පජං මම රාහු පමුඤච සූරියන්ති.
කින්නු සන්තරමානෝව
රාහු චන්දං පමුච්චසී
සවිග්ගරූපො ආගම්ම
කින්නු භීතො තිට්ටසීති
සත්තධා මේ ඵලේ බුද්ධා
ජීවන්තොන සුඛං ලභෙ
බුද්ධා ගාථාභිගී තොමහි
නොචෙ මුඤෙචය්ය චන්දිමයන්ති “
දළ විස්තරය
“සූර්ය දිව්ය පුත්රයව රාහු අසුරයා විසින් ගිලගත්ත අවස්ථාවේ, සූරිය දිව්ය පුත්රයා බුදුන්වහන්සේගෙන් අසරණකම කියා උදව් ඉල්ලයි.
ඉන්පසු බුදුන්වහන්සේ රාහු අසුරයාට කියා සිටින්නෙ සූරිය දිව්ය රාජයා ලෝතුරා බුදුන්වහන්සේ සරණ ගිහින් සිටින්නේ, බුදුවරු තුන්ලෝකයටම අනුකම්පා කරනවා කියල.
බුදුන්වහන්සේගෙ වචනයට පිටුපාන්න බැරිව රාහු අසුරයා සූරිය දිව්ය පුත්රයව නිදහස් කරන අතර වේපචිත්ති නම් අසුර නායක විමසූ විට පිලිතුරු දෙන්නේ, බුදු හිමියන්ගේ වචනයක් පිලි නොගත්තේ නම් තමාගේ හිස සත් කඩකට පැලී මිය යාමට හෝ කිසිදා සැනසීමක් නොලැබීමට ඉඩ තිබුනු බවයි.“
සියලු අපල උපද්රව දුරු කරන මහානුභාවසම්පන්න පිරිත් රත්නයකි. විසේසයෙන් රාහු අපල වලට සජ්ජායනය වැදගත් වේ.
බුදු සරණයි !
https://www.facebook.com/irusewaya/photos/a.962468447103568.1073741837.833656709984743/1227618810588529/?type=3
Monday, October 26, 2015
සතියේ ලග්න පලාපලය - ඔක් 26 - නොවැ 2 දක්වා
● මේෂ
ඉතාම ශුභ සතියකි.
වෙනදා මෙන්ම කරන කියන කටයුතු වල දියුණුව අනිවාර්යෙන්ම ලැබේ. ආර්ථික තත්වය යහපත්ය. විශේෂයෙන්ම ඔබ උත්සාහයෙන් මහන්සියෙන් කරන කටයුතු වල ප්රතිඵල ලැබේ. පිට පලාත් වල රැකියා, ව්යාපාර කරන අයට සුබයි. සියලුම ගනුදෙනු වලින් කුමක් හෝ වාසි ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතයෙදි ඔබගේ කටයුතු සාර්ථක වනවා සේම වෙනදා මෙන්ම ප්රබෝධයෙන් සිටිය හැක.
සතියේ මුල් දින 1 හමාරෙදි පමණ යම් යම් මානසික අවුල්, ගැටළු ඇතිවුවද ඒවා හරියයි. පවුලේ අය සමග ධනෝපායන මාර්ග සම්බන්ධව කතිකා ගොඩනැගේ.
සෙම් අමාරු සහ ඇඟපත වේදනා සෞඛ්ය තත්වය අනුව ප්රධානයි.
● වෘෂභ
සමඵල සතියකි.
ආර්ථික තත්වය, මුල් දින 1 හමාරෙන් පසු දින 2කට පමණ තරමක ව්යාකූල තත්වයක් පවති. එය චන්ද්ර චාරය අනුවයි. නමුත් මේ තත්වය ක්රමානුකූලව හරියනු ඇත. සතිය අගට වෙන්නට ඔබගේ ආර්ථික තත්වය දියුණු කරගැනීමට ඔබටම යම් අදහසක් එනු ඇත.
ගෘහ ජිවිතය ඉතාම හොඳයි. නිවසට නෑදෑ හිතමිතුරන් එන සතියකි. නමුත් එමනිසාමද කොහෙදෝ යම් මුදලක් වැයවීමේ තත්වයක් පවතී.
සෞඛ්ය තත්වය සෙම් අමාරු, දණිස්, කකුල් වල වේදනා, ඇඟපත වේදනා මේ අතර ප්රධානයි.
● මිථුන
හොඳ සතියක් වශයෙන් කිව හැක.
වැඩි වැඩියෙන් ආදායම් මාර්ග ලැබේ. නව ධනෝපායන මාර්ග ලැබේ.
ව්යාපාරයට අලුත් දේ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා, විශේෂයෙන්ම යාන වාහන මිලදී ගැනීම ඒ අතර ප්රධානයි.
ගෘහ ජිවිතය ඉතාම ප්රීතිමත්ව ගතවන අතර, අතමිට මුදල් ගැවසෙන නිසා සහ බාහිර සහයෝගය නිසා ඔබ ප්රීති ප්රමෝදයෙන් සිටින කාලයකි. පවුලේ අය සමග දුරබැහැර විනෝද ගමන් ආදිය යෙදීමට පුලුවන්.
සෞඛ්ය තත්වයේ විශේෂ වරදක් නැහැ. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.
● කටක
ඉතාම ශුභ සතියකි.
විශේෂයෙන්ම ඔබට මේ සතියදෙි ආදායම් මාර්ග නොයෙකුත් විදියෙන් පෑදෙයි. ඒවා නිසි ආකාරයට කළමනාකරණය කරගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය. කරන කියන ව්යාපාරික කටයුතු සාර්ථක වෙයි. පිටපලාත් වල කරන රැකියා සාර්ථක වන අතර, විදේශ රැකියා වල නියුතු අයගේ කටයුතුද දියුණු වේ.
ගෘහ ජිවිතය ඉතා හොදින් ගත වේ. වැඩිහිටියන් සමගද හොද සහයෝගයක් ගොඩනගා ගැනීමට පුලුවන්. විශේෂයෙන්ම පවුලට එකතු වී සිටින කාන්තා පක්ෂයේ අයගේ සහයෝගය ලැබේ. උරුමහරුමකම් ලැබීමට නියමිතයි.
සෞඛය තත්වයේ සෙම් අමාරු ප්රධානයි. පාද වලට යම් වේදනා ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වන්න.
● සිංහ
ඉතාම ශුභ සතියක් !
චන්ද්රචාරයේ ගමන දිහා බැලුවාම ඔබට නව ආදායම් මාර්ග ලැබෙනවා. එසේම සතියේ මුල් දින කීපයේදී ඔබට වැඩිහිටියන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා. බැංකු ණය එහෙම අයදුම් කර ඇත්නම් ඒවා ලැබෙනවා. කරන කියන කටයුතු වලට හොද ආරම්භයක් මේ සතියෙදි ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙන සතියකි. ඔබගේ නිවසට නෑදෑ පිරිවර එන සතියක්. අලුත් ඥාති හිතමිත්රකම් ගොඩනැගෙනවා. පෙම් සබදතා ස්ථිරසාර වෙනවා. මංගල යෝග උදා වෙනවා.
සෞඛ්ය තත්වයේ ප්රබල ගැටළු නැහැ, නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.
● කන්යා
එතරම් ශුභ නෑ, සමඵලයි.
විශේෂයෙන්ම ඔබ ණයතුරුස් වලට හසුවීමට ඉඩ තිබෙනවා. කරන කියන කටයුතුවල යම් බාධක කරදර ඇතිවිමට පුලුවන්. එසේම ඔබගේ දියුණුවට යම් බාධක තිබේ. එනිසා ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න, ප්රවේසම් වන්න. සතිය අගදී මේ තත්වයෙන් බැහැර වීමට පුලුවන්.
ගෘහ ජිවිතය අතින් ගත්කල මේ සතියෙදි යම් අභියෝග රාශියක් එල්ල වේ. පවුලේ සමගිය සම්බන්ධව බාධක එල්ල වන්නේ පවුලේ ඇති යම් ගැටළු නිසාය. අඹුසැමියන් අතරද මත ගැටුම් ඇතිවිය හැක. ඒවායින් ආරක්ෂා විය යුතුයි.
සෙම් අමාරු, ඇඟපත වේදනා සහ නිදන්ගත රෝග ඇති අය ඒවා උත්සන්න වීම් ආදිය ගැන කල්පනාකාරී වන්න.
● තුලා
මේ සතිය සමඵලයි.
විචල්ය සතියකි. ආදායම් මාර්ග එක ආකාරයට පවතින්නෙ නැහැ.
කරන කියන කටයුතු වල දියුණුවේ උස්පහත් වීම් තියෙනවා. විශේෂයෙන් ණය තුරුස් වලින් පරිස්සම් වන්න. ව්යාපාර වලදි හවුල්කාර පාර්ශව, ඔබගේ ගනුදෙනුකරුවන් සමග අවබෝධාත්මක සම්බන්ධයක් තිබිය යුතුයි. කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව මේ සතියෙදි බොහෝ ගැටළුකාරි තත්වයක් තියෙන්නෙ, ප්රවේසම් විය යුතුයි. අඹුසැමි භේද, පවුලේ අය සමග හිත් නොහොදකම් ඇතිවන්නට ඉඩ තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු කරන්න. වචන භාවිතයෙදි කල්පනාකාරි වන්න.
සෞඛ්ය තත්වය සෙම් අමාරු, ආමාශගත රෝග, ජීර්ණ පද්ධතියේ රෝග ඇතිවිය හැක.
● වෘශ්චික
ශුභ සතියක් කියන්නට බැහැ.
ඔබද ණය තුරුස් වලින් පරිස්සම් විය යුතුයි. ණය ගැනීමේදි හා ණය දීමේදී ඔබ ප්රවේසම් විය යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබ ඇත්තටම කරදරයට වැටෙන්න පුලුවන්. ඒ ගැන විමසිලිමත් වන්න. හවුල්කාර පාර්ශව සමග අවබෝධයෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල ඔබට විචල්ය සතියකි. අඹුසැමි භේද, ඥාතින් සමග ගැටළු, මානසික තැවුල් ආදිය ඇතිවන්නට පුලුවන්. යුග දිවිය ගැන සැලකිලිමත් විය යුතුයි. ආර්ථික ප්රශ්න නිසාද පවුලේ සමගියට යම් බාධාවක් ඇතිවන්නට පුලුවන්, සැලකිලිමත් වන්න.
සෙම් අමාරු, අතපය වේදනාව ආදිය ගැන සැලකිලිමත් වන්න, ආරක්ෂා වන්න.
● ධනු
ශුභ සතියකි.
මුල් දින 4 ඉතාම හොදයි. කරන කියන නව ව්යාපාර වලට මේ තත්වය ඉතාම හොදයි. අලුත් ආදායම් මාර්ග ලැබීමද, උරුමහරුමකම් ලැබීමෙන් දියුණු වීමටද හැකියාව ලැබෙ. ව්යාපාර කටයුතු නව මානයකට ගෙනයාමට පුලුවන්, ඊට අවශ්ය වන යානවාහන මිලදී ගැනීමේ හැකියාව ඔබට තිබේ.ෙගෘහ ජිවිතය තුල ස්වාමියා, භාර්යාව සමග සතුටින් සිටිය හැක. නිවසට අවශ්ය වන අලුත් බඩුමුට්ටු ගැනීමේ හැකියාව තිබෙනවා. තවත් දෙයක් ලෙස, පවුලේ අය සමග වැඩි කාලයක් ගතකිරිමටත්, දරුවන්ගේ කටයුතු වෙනුනේ වෙහෙසීමටත් හැකියාව ලැබේ.
ප්රබල ගැටළු නැත, ආමාශගත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න.
● මකර
ඉතා සුභයි.
පිටපලාත් වල රැකියා කරන අයට විදේශ රැකියා කරන අයට අලුත් ආදායම් මාර්ග ලැබේ. දියුණුවට ඉතාම හොදයි. ඔබටද නව දේපල ලාභ, යානවාහන ලාභ මේ සතියෙදි පවතිනවා. ඒවා මිලදී ගැනීමට පුලුවන්, ඒ භාග්යය පවති.
ඉතා හොදින් ගෘහ ජිවිතය ගත වේ. සහෝදර සහෝදරියන් සමග සතුටින් සිටිය හැක. නව මිතුරන් ඥාතින් ඇතිවේ. ඔවුන් නිවසට පැමිණේ. සතිය අගදී දරුවෙකුගේ ජයග්රහණයක් වෙනුවෙන් සිතේ සතුට පැමිණේ.
සෞඛ්ය තත්වය ප්රබල ගැටළු නැහැ. පපුවේ සෙමෙන් පරිස්සම් වන්න.
● කුම්භ
මේ සතිය ඉතාම හොද සතියක් !
ඔබට පසුගිය සති වලදි අතපසු වූ බොහෝදේ කරගැනීමේ හැකියාව පවති. විශේෂයෙන්ම කිව යුතුයි, අලුත් ව්යාපාර ආරම්භ කිරිමට සුබයි. පවතින ව්යාපාර දියුණු කරගැනීමටත්, දියුණුවටත් උපදෙස්ද ලැබෙන කාලයකි. ඔබගේ දේපල ලාභ, වාහන ලාභද පවතින කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්රීතිමත්ව ගත වේ. අඹුසැමියන් ඔවුනොවුන් සතුටු වේ. හිතේ සතුට සතිය පුරාම තිබේ. දේපල ලාභ ලැබේ. සතියේ අගදි දරුවෙකුගේ දියුණුව වෙනුවෙන් කැපවීමට සිදුවිය හැක. සතුටින් සිටින කාලයකි.
සෙම් අමාරු, සෙම් ගෙඩි, ජලාශ්රිත රෝග වැලදිය හැක, කුඩා දරුවන් ආරක්ෂා කරගන්න.
● මීන
ඉතාම හොඳ සතියකි.
පසුගිය කාලයෙදි අතපසුවූ බොහෝදේ කරගැනීමේ හැකියාව පවති. ඔබට බොහෝ වාසිදායක තත්ව මේ සතියේදි ඇතිවේ. විදේශ රැකියා කරන අයටද, ව්යාපාර කරන අයටද සුබයි. ඔබගේ කීර්ති නාමය පැතිරෙන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. වෙනදාට වඩා පවුලේ අය සමග ගැවසෙන කාලයක් මේ කාලය. අලුත් ප්රබෝධයක් ඇතිවන කාලයකි. නව ඥාති හිතමිතුරන් ඇතිවන කාලයකි. විවාහ ප්රේම සබදතා වලට සුභ කාලයක්. නව නිවසක් තැනිමට ඔබට සිත් පහල වෙන කාලයකි.
සෙම් අමාරු ප්රධාන රෝග, ජලාශ්රිත රෝග වලින් ආරක්ෂා විය යුතුයි.
* පොදු පලාපල පමණකි.
ඔබගේ කේන්දර සටහන අනුව, ගතවන මහ දසා, අතුරු දසා ආදිය මෙන්ම තමන්ගේ තීරණ වල ඇති බුද්ධිමත්බව අනුව මෙම පලාපලයන් වෙනස් වනු ඇත.
Labels:
සතියේ ලග්න පලාපල
Location:
Unknown location.
Sunday, October 25, 2015
“ සෝමාවතී චෛත්යරාජයාණන්වහන්සේ
“ සෝමාවතී චෛත්යරාජයාණන්වහන්සේට වඳින ගාථාව “
“ සම්බුද්ධ රාජ මුඛපංකජධම්මරේණු
ඵස්සං මනුඤ්ඤසිතරංසි විරෝචමානං
බ්රහ්මාමරාසුරනිරේහි සුපූජිතං තං
වන්දාමහං සුගත දක්ඛිණ දන්තධාතුං “
තාරා මෑණියන් වහන්සේ රකින සෝමාවති ඓතිහාසික පුදබිම !
“ සම්බුද්ධ රාජ මුඛපංකජධම්මරේණු
ඵස්සං මනුඤ්ඤසිතරංසි විරෝචමානං
බ්රහ්මාමරාසුරනිරේහි සුපූජිතං තං
වන්දාමහං සුගත දක්ඛිණ දන්තධාතුං “
තාරා මෑණියන් වහන්සේ රකින සෝමාවති ඓතිහාසික පුදබිම !
Saturday, October 24, 2015
“ නිදන විට ඔබ හිස තබන දිශාව කුමක්ද “ ?
* පොදුවේ පිරිමි අය හිස තැබිය යුත්තේ, වයඹ සහ ඊසාන දිශාවලටය.
* පොදුවේ ගැහැණු අය හිස තැබිය යුත්තේ, නැගෙනහිර සහ දකුණු දිශා වලටය.
* සත් දිනට මරු පැමිණෙන දිශාවල් අතර “ඊසාන“ දිශාවට කිසි දින මරු එන්නේ නැති බැවින් ඊසාන විශේෂය.
ඊට අමතරව දෙවිවරුන්ගේ ආකර්ෂණය හොඳින්ම ලැබෙන්නේද ඊසාන දිසාවෙනි.
- නිවසක බුදු පිලිමය ඊසානට තබන්නට කියන්නේ, බුදුන්වහන්සේට දිශා ආදි කිසිවක් බල නොපෑවත්, සාමාන්ය මිනිසුන්ට දිශාවන් බලපාන බැවිනි.
** තවද ඊසාන සහ උතුර පොදුවේ සුභ දිශා වෙයි !
* මෙම තත්වයන් තමන්ගේ කේන්දර සටහන අනුව වෙනස් වීමට ඉඩ ඇත.

Friday, October 23, 2015
අතීතයට දොර වහන්න !
ඔබගේ මනසෙන් අතීතය ගැන සිතමින් සිටිනවාට වඩා, එම අතීතය ගැන සිතන එක නතර කොට, අතීතයෙන් ලැබූ අත්දැකීම් අනාගතය වාසනාවන්ත කරගැනීමට භාවිත කරන්න.
● දැන් ඔබ කුමන තත්වයක සිටියද, සමහරවිට එය අභාග්යසම්පන්න තත්වයක් විය හැකියි. එසේ වුවද, සෑම කරදර බාධකයකම වෙස්වලාගත් ආශිර්වාදයක්ද ඇති බව සිතේ තබාගන්න.
* අප අතීතය ගැන උවමනාවට වඩා සිතන්නට ගියොත්, සිතට ඇතිවන්නේ කණගාටුව පමණි !
එනිසා සියලු යහපත් දේ ගැන මිස අයහපත් දේ ගැන නොසිතන්න.
● ඔබ විසින් එම දුක්බර, කණගාටුදායක සිදුවීම් ගැන සිතීම නතර කල විට... කාලය විසින්ම ඔබට වඩා යහපත් අනාගතයකට මග සලසනු ඇත.
● ලෝකයේ බොහෝමයක් කරදර බාධක ජයගෙන ලෝකප්රසිද්ධ වූ සියලුදෙනාම අතීතයේ කරදර බාධක වලින් පන්නරය ලැබ ජිවිතය දියුණු කරගත් අයයි !
* වසර ගණනාවක් එංගලන්තයේ අගමැති පදවිය දැරූ John Major, වතාවක් ‘කොන්දොස්තර‘ විභාගයද ෆේල් වූ කෙනෙක් බව ඔබ දන්නවාද ?
* Knut Hamsun නෝවීජියන් සංක්රමණිකයෙක් වූ අතර, ඇමරිකාවට ඇතුළු වීමට කල සියලු උත්සහයන් අසාර්ථක වූවෙක් විය.
තමා විඳි කරදර බාධක සහිත අරගලය ගැන ග්රන්ථයක් ඔහු ලියූ අතර, එයට නොබෙල් ත්යාගය පවා හිමිවිය( Hunger).
* රැකියා ගණනාවක් කර ඒවායින් අසාර්ථක වී තමා අසාර්ථක කෙනෙක් බව පිලිගත් Harry S. Truman, ඇමරිකාවේ 33වන ජනාධිපතිවරයා විය,
මේ ආකාරයටම ඉංජිනේරුවෙක් වන්නට උත්සහ කල, ගබඩා පාලකයෙක් වන්නට උත්සහ කල, යුද්ධයට බැඳී කපිතාන්වරයෙක් වූ ආදරය කර පසුව විවාහ වූ කාන්තාව අකාලයේ මරණයට පත්වූ, දේශපාලනයට පිවිස මුලින් පරාජය වූ Abraham Lincoln අදටද ලෝකයේම පිලිගැනෙන ජනාධිපතිවරයෙකි !
ලෝකයේ ඉහලටම පැමිණි කිසිවෙක් සරල සුන්දර ජිවිතයකට හිමිකම් කියා ඒ තැන්වලට පැමිණ නැත.
● මතක තබාගන්න ජිවිතය මෙහෙමයි....
අප ඔබ කල යුත්තේ ජිවිතය ගැන කම්පා වීම හෝ දොස් තැබීම තමන් ගැන කණගාටුවට පත්විම නොව, ඉදිරිය යහපත් කරගැනීමට සහ තිබෙන යහපත ඇති කරගැනිමට, තිබෙන යහපත රැකගැනීම උනන්දුවෙන් බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමයි..
Wednesday, October 21, 2015
" සඳු සමග සංයෝග "
සඳු/චන්ද්රයාය. පෘථිවියට ආසන්නම ග්රහයා වන චන්ද්රයා නක්ෂත්රයෙදි ප්රමුඛස්ථානයක් හිමිකර ගන්නා ග්රහයෙකි. මන්ද පුද්ගලයෙක්ගේ සිතට අධිපති සඳු, ජලයටද මහා සමුද්රයටද අධිපතිකම් කරයි.
එසේම සඳුගේ කලාවක් පිහිටයි. මෙම කලාව පුද්ගලයෙකුගේ ශරිරයේ නිල වලටද බලපෑම් කරයි.
වෛද්ය විද්යාවෙදිද පෙරදිග මෙන්ම බටහිර රටවල් වලද සදුගේ ගමන සහ තිථිය, කලාව ගැන අවධානයක් යොමු කරයි.
එසේ නම් අද අපි ඉදිරිපත් කරන්නෙ චන්ද්රයා සමග ග්රහයින් යෙදුනොත් කෙසේ වෙයිදැයි කියාය.
● සඳු - කුජ
මෙම යෝගය චන්ද්ර/මංගල යෝගය ලෙසද හදුන්වයි.
මෙම යෝගය ඇති තැනැත්තන් අධික කාමාශාවක් ඇති අය වෙති. මොවුන්ගේ උත්පාදන ශක්තිය වැඩිය. එසේ නම් ශුක්ර නිෂ්පාදනය සහ කාන්තාවන්ගේ ප්රජනන ශක්තිය ඉතාම ශක්තිමත්ය. ලිංගික ශක්තිය ඉතාම ඉහල තත්වයක පවති.
මෙම යෝගයෙන් උපන් පුරුෂයන්, එක් කාන්තාවකගෙන් සතුටට පත්වන්නේ නැත. බොහෝවිට ඔවුන් ලිංගික ජිවිතයෙදි විවිධත්වය කල්පනා කරයි.
- විශේෂ -
මෙම යෝගය ඇති අයට, විවිධත්වය කල්පනා කරන ලිංගිකව බොහෝ විෂමතා ඇති එසේම කේන්ති යන ඉවසීම අඩු පුද්ගලයන් නිසා විවාහ ජිවිතයෙදි විවාහය දෙදරා යාමේ අවදානම වැඩිය. එනිසා මෙවන් අය කල්පනා කල යුත්තේ, මේ නිසා තමා විවාහය දෙදරා යන්නේ, ඒ ගැන ස්වයං පුහුණුවක් ඇති කරගෙනවිවාහ ජිවිතය සහ තමාගේ අනාගතය ආරක්ෂා කරගැනිම ගැනයි.
● සඳු - රාහු
මෙම යෝගය පිහිටන පුද්ගලයාගේ මව, විශේෂයෙන්ම පීඩාකාරි ජිවන තත්වයක් තුල ජීවත් වේ.
බොහෝවිට මෙවැනි අය බිහිවන්නේ මග යන එන අතරතුරය. එනම් රෝහල් වල කෙසේ වෙතත් මහ මඟය. අප පර්යේෂණාත්මක අත්දැකීමෙන් එය දැක ඇත්තෙමු. මෙවන් අයට පුද්ගලයන්ට, ලග්නාධිපති සහ 9 වැන්නාධිපති දුර්වල නම් මානසික රෝග වැළදීමේ ප්රවණතාවයක් ඇත. අධිකව සුරාවට, සූදුවට යොමුවිමට හේතු ඇත.
මෙවන් යෝග ඇති දරුවන් කුඩා කල සිටම නිසි මාර්ගයේ යොමු කල යුතුය. එසේ නොවි මේ අය යම්කිසි දුෂ්චරිතයකට යොමු වුවොත් එයින් මුදා ගැනීම ඉතාම අපහසුය.
මේ යෝගය තිබියදි ලග්නාධිපති, 3වැන්නාධිපති හා 9 වැන්නාධිපති බලවත් නම් විදේශිය රටවල ඉහලම රැකියා කිරිමේ වාසනාව පවති.
● සඳු - ගුරු
මෙම යෝගය ඉතාම බලගතුම යෝගයකි.
යම්කිසි කෙනෙකුගේ කේන්දරයක කේන්දරස්ථාන වල එනම් 1, 4, 7, 10 හෝ 1න් 7 සප්තමව හෝ 1ට ඇත්නම් එම යෝගයට ගජකේශරී යෝගය යයි හඳුන්වනු ලැබේ. මෙම යෝගය පුද්ගලයෙකුට යෙදෙන වාසනාවන්තම යෝගයකි.
පෙර ආත්ම භව වල පොදු ජනතාවට උදව් කර ඔවුන්ගේ ජිවිත සුඛිත මුදිත කල අයට මෙම යෝගය යෙදෙන බව ඍෂි මතයයි.
මෙම යෝගය යෙදුන තැනැත්තා පරිවාර සම්පත්තියෙන් අනූන වූවෙකි. ඔහු නිතරම ප්රඥාවන්තව කල්පනා කරයි. හොඳ අධ්යාපනයක් ලබයි. සමාජයට නිතරම වැඩදායි දෙයක් කරයි. එසේම ජිවිතයේ ජයග්රහණය මධ්යම වයසින් පසු හිමි කරගනි. එනම් වයස අවු 35න් පසුවය.
● සඳු - ශනි
මෙම යෝගය යෙදෙන්නේ, හොඳට නරකට 2ටමය.
එනම් මේ යෝගය ඇති තැනැත්තා ජන්ම ඒරාෂ්ටක අපලයකින් උපන් කෙනෙක් ලෙස හැඳින්විය හැක.
කුඩා කලදී, විපතට පත් නොවුවහොත් වැඩි වයසට පත්වී රජවන බව ඇතැම් ජ්යොතිෂ්ය ග්රන්ථ වල සඳහන්ය.
මේ යෝගය ඇති අයට උත්සාහවන්තකම, උට්ඨාන වීර්යය එසේම ඉවසිලිමත්බව ඇත.
මේ යෝගය පවතින විට ලග්නාධිපති සහ 9 වැන්නාධිපති දුර්වල නම් එම අයගේ ජිවිත ඉතා අවාසනාවන්ත විය හැක, දෙමාපියන් කිසිවෙකු නැතිව මහමඟ වැටෙන්නට තරම් අසරණභාවයකට පත්විය හැක.
පොදුවේ ගත්කල කෙනෙක් තිගැස්සෙන ග්රහ සංයෝගයක් ලෙස හැඳින්විය හැක.
● සඳු - බුධ
මෙය ඉතාම වටිනා යෝගයකි. උපන් තැනැත්තේ බොහෝ මුදු මොලොක් සෞම්ය ගතිගුණ ඇති තැනැත්තෙකි. හුරුබුහුටි පෙනුමෙන්ද මනා බඳිනා රූ සපුවකින්, කවට කොමල කතාවෙන්ද අලංකෘත පුද්ගලයෙකි.
මේ යෝගය වටින්නෙ විශේෂයෙන්ම කාන්තාවන්ටය. එසේ නම් ඔවුන් ඉතාම ශෝභමාන රූප සොබාවයක් ඇති අය වෙති.
පුරුෂයෙකුට මේ යෝගය යෙදුනොත් ව්යක්ත, මුඛරි වචන ඇති, තර්කානුකූල සිහි බුද්ධියෙන් කතා කරන, කුඩා දරුවන්ට ආදරය කරන චරිත සොබාවයක් මොවුන්ගෙන් ගම්ය වේ.
කෙසේ වෙතත් වටිනා ග්රහ සංයෝගයක් ලෙස හැඳින්වේ.
● සඳු - කේතු
මේ යෝගය යෙදුන තැනැත්තාට, බුද්ධිය සහ සහජ දක්ෂතා ඇත. එසෙම අධ්යාපනික කටයුතු වලට සහ මතක තබාගැනීමේ තත්වය ඉතාම ඉහල තත්වයක පවති. බොහෝ කල්පනාකාරි අය වෙති.
ලග්නයේ යෙදුනොත් එය එසේම වේ. 3 වැන්නේ සහ 11 වැන්නේ යෙදුනොත් මහත් ධනයකට හිමිකම් කියන අතර, විදේශ ගතවිමටද මෙය රුකුලකි. තීක්ෂණ බුද්ධියක් ඇතිවිමට හේතුවකි.
අසුභ තැනක යෙදුනොත් රෝග ඇතිවන පිහිටිමකි, සෙම් රෝග හෝ තුන්දොස් කිපීමේන ඇතිවන විවිධාකාර සංකූලතා, ඇස් රෝග ඇතිවිමේ අවදානමක් පවතින පිහිටිමකි.
● සඳු - සිකුරු
යෙදුන තැනැත්තා ඉතාම ශෝභමාන දේහ විලාශයක් ඇතිව උපදි.
විශේෂයෙන්ම කලා ක්ෂෙත්ර වල සිටින ගායක ගායිකාවන්, නළු නිලියන්ට මේ යෝගය යෙදේ. ඉතාම ප්රියමනාපව කතා කරයි, අනුකම්පා සහගත අය වෙති.
ඉන්ද්රිය පිනවීම සම්බන්ධව විශේෂ උනන්දුවක් පවති, එනම් කම් සැපතට ලොල් වේ. ලිංගික ආශාව කුඩා කල සිටම තිබේ.
ඉතාම පිරිසිදුව සිටීමට කැමතිය. බබලන ඇස් සහ අන්යන් ආකර්ෂණය කරගන්නා රූපය විශේෂ ලක්ෂණ වශයෙන් කිව හැක. පොදුවේ ගත්කල මෙම යෝගය හො ද යෝගයක් ලෙස හැින්විය හැක.
● සදු - රවි
මේ යෝගය මධ්යස්ථ යෝගයකි. විශේෂ හොදක් හෝ නරකක් නොමැත.
රජ බිසව හා රජු එකතු විම වශයෙන් හැදින්විය හැක. මේ යෝගය ජ්යෝතිෂ්යයේ හැටියට සුභ වන්නේ වෘශ්චික ලග්න කරුට පමණි. එයින් ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදේ.
මේ යෝගය යෙදුන තැනැත්තන්ට බොහෝ වෙලාවට ඇදුම සහ සෙම, හතිය ආදි රෝග වැළදීමේ යම් ප්රවණතාවයක් පවති. විශේෂ සුභ තත්වයක් නොමැත.
+Iru Astrology
* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364
Subscribe to:
Posts (Atom)