නවග්රහයන් අතරින්, ප්රබල ග්රහයෙක් වන කුජ හෙවත් අඟහරු ග්රහලොව සෙන්පතියා වශයෙන් හඳුන්වයි.
මනුෂ්යයාගේ බලය, කායික ශක්තිය එසේම ශරීරයේ ලේ ධාතුව කුජ විසින් නියෝජනය කරයි.
ග්රහයා තරමක් උෂ්ණාධික ග්රහයෙකි. රතු ග්රහයා වශයෙන් හඳුන්වන්නේද මෙම ග්රහයාය.
* කුජ මහ දසාව වසර 7කි.
මෙම මහ දසාව තුල පුද්ගලයාට වෙනත් ග්රහයන් මෙන්ම දෙයාකාරයකින් ග්රහ දසාවේ පලාපල බලපානු ඇත.
යම්කිසි පුද්ගලයෙකුගේ කුජ, උපතේදි බලවත් නම් ඔහුට එම මහ දසාව තුලදී රාජ්ය බලය, භූමිලාභ, යාන-වාහන එසේම විවිධ නිලතල ලැබේ. කුජ දුර්වලව සිටියොත් නොයෙක් විදියේ ලෙඩරෝග, කරදර මෙන්ම තවත් බාධා එසේම, අනතුරු ආදිය ඇතිවිමට ඉඩ ඇත.
● කුජගේ කුජ අතුරු දසාව
මේ කාලය තුල පුද්ගලයාගේ දියුණුව ලැබීම, භූමි ලාභ ලැබීම, නව තනතුරු තාන්න මාන්න ලැබීම සිදුවෙයි.
අයහපත් ආකාරයට පිහිටා ඇත්නම්, තුවාල - අනතුරු, ශරීරයට පීඩා ගෙනදෙන ශල්ය කර්ම ආදියට භාජනය වීමට ඉඩ ඇත.
● කුජගේ රාහු අතුරු දසාව
අධික ඇවිදිලි සහිත ජීවිතය, එසේම සියලුම කටයුතු අඩපණ වීම, සතුරු කරදර සහ ව්යාපාර බංකොලොත් වීමද, කෝලාහල වලට හසුවීම ආදියද සිදුවිමට හැක.
දෙදෙනාම කේන්දරයේ බලවත්ව පිහිටා ඇත්නම් කලාතුරකින් දියුණුව ඇතිවේ.
● කුජගේ ගුරු අතුරු දසාව
නව නිලතල ලැබීම, හමුදාවේ පොලිසියේ ඉහල නිලතල වලට පත්වීම, නිවාස ඉදිකරගැනීමට ලැබීම, එසේම ප්රබල පුද්ගලයන් සමග ආශ්රය ලැබීම අාදිය සිදුවේ.
● කුජගේ ශනි අතුරු දසාව
ඉතාම අශුභය.
කුජ-ශනි එකට පිහිටා කේන්දරයේ ඇත්නම්, විවාහ ජීවිතයේ කඩාකප්පල්වීම, එක්කෙනෙකුගේ වියෝව පෙන්වීම. එසේම සියලුම ව්යාපාර වස්තු බංකොලොත් වී මහ මගට ඇද වැටිම, ශරීරයට පීඩා කරන අනතුරු ආදිය සිදුවීම විය හැක.
● කුජගේ බුධ අතුරු දසාව
හොඳ කාලයකි. සූක්ෂම බුද්ධියෙන් කරන කටයුතු සාර්ථක වීම, ඉගෙනීම දියුණු වීම, එසේම ඉගෙන ගන්නා ළමයින් විභාග වලින් සමත්වීම ආදිය සිදුවේ. හොදයි.
● කුජගේ කේතු අතුරු දසාව
ශරීරයට පීඩා කරන දුක් ආදිය, බෝවන රෝග වැළදීම, නින්දාවට පත්වීම, සතුරන්ගෙන් විපතට පත්වීම ආදිය සිදුවිය හැක.
නමුත් කේතු බලවත් නම් මිනිරන්, මැණික් ආදි පොලවෙන් ලැබෙන වස්තු සම්පත් ලැබේ.
● කුජගේ සිකුරු අතුරු දසාව
හොද කාලයකි. ස්ත්රින්ට පුරුෂයන් සමගද, පුරුෂයන්ට ස්ත්රින් සමගද ආශ්රය වැඩිවිමට කාලයකි. ලිංගික කටයුතු වලට වැඩි ආශාවක් ඇතිවේ. ලිංගික ශක්තිය වැඩි වර්ධනය වේ. විවාහය සිදුවේ. කම්සැප උපරිම ලැබේ. එසේම යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් හා සියලුම සැප සම්පත් ලැබේ.
● කුජගේ රවි අතුරු දසාව
මෙම දෙදෙනා ප්රබලව සිටියොත්, විශාල දියුණුවක් ලැබේ. දේපල ඉඩකඩම් භූමිලාභ ලැබේ. ඉතාම හොදයි. හමුදාවේ පොලිසියේ සිටින අයට නිලතල ලැබේ. අයහපත්ව පිහිටා සිටියොත් උෂ්ණාධික රෝග මගින් පීඩාවට පත්වේ. හමේ රෝග ඇතිවේ. ලේ විෂ වේ.
● කුජගේ චන්ද්ර අතුරු දසාව
කේන්දරයේ මෙම දෙදෙනාගේ සංයෝගය යහපත් ලෙස තිබේ නම්, උතුම් වූ පුත්ර සම්පත් ලැබේ. විවාහ මංගල කටයුතු සිදුවන කාලයකි. එසේම කායික ශක්තිය ඇතිවේ. කාන්තාවන්ට ප්රජනන ශක්තියේ හොද වෙනස්කම් ඇතිවේ. ඉතාම හොද කාලයක්.
නරකට පිහිටියොත්, අඹුසැමියන් අතර යුගදිවි ගැටළු මෙන්ම, විවිධාකාර ප්රශ්න උපද්රව මතුවිමට ඉඩ ඇත.
* පොදු කරුණු බව සලකන්න..
කේන්දර සටහන අනුව මෙන්ම, අදාල ගෝචර පල මෙන්ම තම කල්ක්රියාව අනුවද මෙම තත්වයන් වෙනස් විය හැක.
Wednesday, December 31, 2014
Monday, December 29, 2014
සතියේ ලග්න පලාපලය (දෙසැ 30 සිට)
● මේෂ
මේ සතිය ආරම්භ වන්නේ ඉතාම ශුභදායක සතියක් වශයෙනි.
ආර්ථික තත්වය ඉතාම යහපත් වේ. විශේෂයෙන්ම තමාගේ හොඳ නම නිසාත්, තමාගේ ප්රියමනාප භාවය නිසාත් බොහෝ වාසි ප්රයෝජන අත්වීමට පටන් ගනී. පිට පලාත් වල රැකියා කරන අයට ශුභයි.
අලුත් ලාභ ප්රයෝජන ඇතිවේ.
ගෘහ ජිවිතය ඉතාම ප්රීතිමත්ව ගතවන අතර, නිවසට නෑදෑ පිරිවර එයි. එසේම ප්රීති උත්සවයන්ගෙන් නිවස අලංකෘත වේ. එසේම නිවසට අලුත් බඩුබාහිරාදිය ලබාගැනිමට හොද කාලයකි.
තත්කාල ග්රහචාරයේ පිහිටිමේ හැටියට, ඔබට සෙම් අමාරු හැරුණු විට වෙනත් ගැටළු සහගත තත්වයක් නොපෙන්වයි.
● වෘෂභ
ඔබට මිශ්රඵලයි.
සතිය 30 වනදායින් දින 2-3කට ආර්ථික තත්වයේ කිසියම් චංචල භාවයක් තිබුනද පසුව එම තත්වය පාලනය වෙයි. ඒ කාලය තුල, ඇපයට අත්සන් කිරිම, මුදල් ණයට දිම්, ගැනීම් ආදියද නොකල යුතුය. එයින් පසුව ඔබට ආර්ථික වාසි බෙහෙවින්ම සැලසේ.
ගෘහ ජිවිතයට කිසිම අයහපත් බලපෑමක් නැත. විවාහ මංගල යෝග උදාවේ. එසේම ප්රේම සබදතා සඵල වේ. නිවසට නෑදෑ පිරිවර පැමිණීම සිදුවෙයි. අඹුසැමි ප්රේමය වැඩිවෙයි. කාමාශාව බලවත් වන කාලයකි.
රෝග පීඩා සම්බන්ධව ප්රබල ගැටළුවක් නොමැත.
● මිථුන
ඉතාම ශුභ සතියකි.
ඒ කෙසේද කියනවා නම්, නව වසර උදාවන්නේද ඔබට ධන යෝග උදා කරමින්ය. ධන ධාන්ය තත්වය වැඩිවි පවතින ආදායම් මාර්ග වැඩි දියුණු වේ. දියුණුවට අතහිත ලැබේ.
ගෘහ ජිවිතය ප්රීතියෙන් ගතවන අතර, තමා ජනප්රිය පුද්ගලයෙක් බවට සමාජයේ පත්වේ. ඔබගේ කීර්ති නාමය දසදෙස පැතිරී යයි. නව ඥාති සබදතා ඇතිවේ.
සෞඛ්ය තත්වයේ ප්රබල ගැටළු සහගත තත්ව නොමැත.
● කටක
ඉතාම ශුභයි.
විශේෂයෙන්ම ව්යාපාරික ක්ෂෙත්රෙය් සහ ආනයන අපනයන, විදෙස් රැකියා, පුද්ගලික අංශයේ රැකියා කරන අයට ඉතා ශුභ සතියකි. කටක ලග්නයෙ දේශපාලනය කරන අයට මිලියන ගණන් මුදල් ලැබීමට නියමිතයි.
ගෘහ ජිවිතය ප්රීතිමත්ව ගත වේ. නිවසට අලුත් බඩුමුට්ටු මෙන්ම විදේශ ගමන් බිමන් යෙදේ. වැඩිහිටි අයට වන්දනා ගමන් යෙදේ. දන් පින් කිරීමට හේතු ඇතිවන කාලයකි.
සෞඛ්ය තත්වයේ ගැටළු නැතත් පිත් සහ ආමාශ ගත රෝග ගැන සැලකිලිමත් වන්න.
● සිංහ
ඉතාම හොඳ සතියකි.
පෙර පින් බලය මතුවීම නිසා ආර්ථික වාසි ඉබේම වාගේ මතුවෙයි. එසේම මෙම සතිය ඇතුලත යහපත් ධනලාභ ඇතිවිමට බොහෝ ඉඩකඩ පවතී. එසේම වැඩිහිටියන්ගෙන්, පවුලේ අයගෙන් ආර්ථික ධන ලාභ ඇතිවේ. එසේම උරුමහරුමකම් ලැබේ.
ගෘහ ජිවිතය ප්රීතිමත් වේ. දානාමානාදී පින්කම් කිරිමටත්, භික්ෂූන් වහන්සේලා වඩම්මා පින්කම් කිරීමටත් සිත් පහල වේ. සිත ශාන්තභාවයකින් පිරී යයි.
සෞඛ්ය තත්වයේ ප්රබල වෙනස්කම් නැත. උෂ්ණාධික රෝග ගැන බලන්න.
● කන්යා
මේ සතිය දැඩි අශුභකාරි සතියකි.
එසේම ඔබගේ සියලු ධනෝපායන මාර්ග වල දැවැන්ත බාධක මතුවේ. එසේම ඔබගේ ව්යාපාරික කටයුතු බිද වැටීමට ඉඩ ඇත. එසේම ඔබ ලග විශ්වාසයෙන් සිටි අය ඔබට ද්රෝහි විමට ඉඩ තිබේ. තවද කිසිම වැදගැම්මකට නැති දේවල් නිසා ඔබගේ අතිමහත් මුදල් වැයකිරිමට සිදුවේ. එසේම ඔබට රැකියාව අහිමිවී යාමේ පෙර නිමිති පහල වන නිසා එය රැක ගැනීමට උත්සහ ගන්න.
ගෘහ ජිවිතය තරමක අවුල්කාරි තත්වයක් ඇතිවේ. පවුලේ සාමාජිකයන් සමග වෙනදාමෙන් හිත හොද භාවයක් ඇති නොවේ. නිතරම මානසික ආතතිය ඇතිවේ. විටෙකදී දරුවන් සමග මෙන්ම සහෝදරයන් සමගද ආරවුල් ඇතිවිමට ඉඩ තිබේ.
ඔබට මේ කාලයේදී මෙම මානසික අසහනය දුරුවීමට මෛත්රි භාවනාව ප්රගුණ කිරීම හොදයි.
ලග්නයේ රාහු ගමන් කරන බැවිනුත්, චන්ද්රයා 8 බැවිනුත් මානසික තත්වය ගැන සැලකිලිමත් වන්න.
● තුලා
ශුභ සතියකි.
මේ සතිය තුලදී, ආර්ථික වාසි ඉහලින්ම සැලසේ. එසේම ඔබට හොද තත්වයේ ආර්ථික ගනුදෙනු සිදුවීමට නියමිතය. හවුලේ කරන අයගෙන් උදව් උපකාර මෙන්ම විවාහ සහකරු/සහකාරියගෙන් උදව් උපකාර ලැබේ. ගෘහ ජිවිතය ප්රීතියෙන් ගතවේ. මංගල යෝග උදාවේ. අවිවාහක අයට මේ කාලය සුබයි. නිවසට අලුත් නෑදෑ හිත මිතුරන් පැමිණේ.
සතිය අගදී සෙම් රෝග සහ ආමාශගත රෝග ගැන සැලකිල්ලෙන් පසුවන්න.
● වෘශ්චික
සමඵලදායකයි.
සතිය මුලදී ණය ගනුදෙනු හා මුදල් ගැනීම නොකල යුතුය. සතිය මැදදි ඒ තත්වය පහව යයි. කොටස්කාර, හවුල්කාර අයගෙන් වාසි සහගත තත්ව ඇතිවේ.
ගෘහ ජිවිතය තුල නැන්දලා මාමලාගේ උදව් උපකාර නිසා දියුණු වේ. සතිය මැදදී අඹුසැමියන් අතර දැඩි ලෙංගතුකමක්, ප්රේමයක් වර්ධනය වේ. විවාහ වීමට හොද කාලයක් උදාවේ.
සෞඛ්ය තත්වය, මුලදී අයහපත් පසුව හොදයි.
● ධනු
කේන්ද්රයට අනුව හොද සතියකි.
සතිය මුලදී ලොතරැයි දිනුම්, හදිසි ධනලාභ ලැබේ. සතිය අගදී සතුරු කරදරයක් පැමිණීමට පුලුවන්. ධන ධාන්ය තත්වය විනාශ වීමට ආදියට පෙන්වයි. පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය හොදයි. දුවා දරුවන්ගේ කටයුතු නිසා සිතට සැනසිල්ල ඇතිවේ. එසේම ඔවුන් සමග ප්රීති වීමට ඉඩ ප්රස්ථාව ලැබේ.
සෞඛ්ය තත්වය අයහපත් නොවේ. සතිය අගදී අජීර්ණ රෝග ගැන සැලකිලිමත් වන්න.
● මකර
බෙහෙවින්ම හොද සතියකි.
තමාට ආදායම් මාර්ග උදාවන අතර, භූමි ලාභ ලැබේ. ජලාශ්රිත ව්යාපාර, රැකියා කරන අයට ඉතාම සුබයි. නව දේපල වාසි, නව ආදායම් මාර්ග ලැබේ. ගොවිතැන් කරන අයට සුබයි.
ගෘහ ජිවිතය ප්රීතියෙන් ගතවේ. අඹුසැමි ප්රෙමය වර්ධනය වේ. පිට පලාත් වල සංචාරයට අවස්ථාව ලැබේ. ප්රිය සම්භාෂණ වලට සහභාගි විමට අවස්ථාව ලැබේ.
සෞඛ්ය තත්වයේ ප්රබල ගැටළු නැත, පපුවේ සෙම රෝග ගැන සහ සෙම්ප්රතිශ්යාව ගැන සැලකිලිමත් වන්න.
● කුම්භ
ඉතාම ශුභ සතියකි.
තමාගේ උත්සහයේ උනන්දුවේ හැටියට ආදායම් තත්ව වැඩි වර්ධනය වේ. දියුණුවට සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. තමාගේ බලය කීර්තිය වැඩිවන කාලයකි.
ගෘහ ජිවිතය ප්රීතියෙන් ගතවේ. සහෝදර-සහෝදරියන්ගෙන් දියුණුට අතහිත ලැබෙනු ඇත. එසේම සතිය මැදදී නිවසට වටිනා කියන දේ මිලදී ගැනීමට නියමිතයි. අඹුසැමි ප්රේමය වර්ධනය වේ.
සෞඛ්ය තත්වයේ ගැටළු නම් සෙම් ආශ්රිත රෝගයි. පරිස්සම් වන්න.
● මීන
ඉතාම ශුභ සතියකි.
ආර්ථික තත්වය වැඩි දියුණු වේ. මෙම සතියේදී විදේශ ගතව සිටින ඔබට සුභ සතියකි. සතිය අගදී තමාගේ හොද නම නිසා කිසියම් ආකාරයක වාසි සහගත තත්වයක් මතුවිමට පුලුවන.
ගෘහ ජිවිතය ප්රීතියෙන් ගත වේ. දුවා දරුවන්ට සුබයි. භූමි ලාභ සහ වෙනත් ලාබ ප්රයෝජන මතුවිමට ඉඩ ප්රස්ථාව ඇතිවේ.
සෞඛ්ය තත්වයේ ප්රබල ගැටළු නැත. උෂ්ණාධික රෝග සහ අජීර්ණ තත්වයන් ගැන සැලකිලිමත් වන්න.
පොදුවේ ඔබට
මේෂ රැසේ සිට මීන රැස දක්වා උපන් අපගේ පාඨක ජනතාව වන දයාබර ඔබට ලග්න පලාපලය කෙසේ වෙතත් 2015 වසර ඉතාම ප්රීතිමත්ව ගත කිරිමට සෞභාග්යයෙන් සංතෘප්තව සිටිමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවායි ප්රාර්ථනය කරන්නෙමු !
තෙරුවන් සරණයි !

Sunday, December 28, 2014
ඉරු සේවයේ කාර්යාලය - තලවතුගොඩ
* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (පුද්ගල, ව්යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com
077 22 38041
Saturday, December 27, 2014
සරස්වතී දැහැනෙන් ජීවම් කරන ලද, යන්ත්රය සහ පොල් ගෙඩිය
ඉගෙන ගන්නා දුවා දරුවන් වෙනුවෙන් අප සේවයේ, ලබාදෙන සුවිශේෂී සරස්වතී යන්ත්රය සම්බන්ධවයි.
අද දවසේ තරගකාරි අධ්යාපනයෙන් හෙම්බත්වී සිටින දුවාදරුවන්ගේ යහපත සහ අභිවෘද්ධිය වෙනුවෙන් අතිසුවිශේෂි ආකාරයට ජිවම් කටයුතු කරන ලදී, නමෝ ශ්රී රාවණ මුඛ සිද්ධි සරස්වතී යන්ත්ර රාජිණිය අපගේ සේවය හරහා දැන් ඔබට ලබාගත හැක. මෙම යන්ත්රයත් සමග ජීවම් කරන ලද තෙල්, එසේම ජීවම් කරන ලද පොල් ගෙඩිය (ලෙල්ල පිටින්) ලබාදෙනු ඇත.
මෙයට ඔබ අඩි 3ක් දිග, සමන්පිච්ච මල් මාලයක් අප වෙත ලබාදිය යුතු වේ. එසේත් නොමැති නම් එම මල් මාලය ගෙතීමට යන මුදල වෙනමම ගෙවිය යුතුය.
මෙම යන්ත්රය පැළදීමෙන්, තරග විභාග වලින් සමත්වීමට අවශ්ය ආශිර්වාදයන් මෙන්ම ශක්තිය ලැබීම, අධ්යාපන කටයුතු වල කැපී පෙනෙන දියුණුව, ධාරණ ශක්තිය දියුණුවීම ආදිය සිදුවේ.
එසේම මෙම යන්ත්රය පැලදීමෙන්, දරුවන්ට කාලයෙන් කාලයට ඇතිවන නවග්රහ දෝෂ, එසේම නව ග්රහයන් අතරින් ලෙඩ කරන කේතු දෝෂ, මනස අවුල් කරන රාහුගේ අපල සේම සෙනසුරු මහ දසාව නිසා ඇතිවන කම්මැලිකම, කඩාකප්පල්වීම ආදිය එසේම දුර්වල සදු මහ දසාව නිසා හෝ එහි අතුරු දසා නිසා ඇතිවන රෝගාබාධ තත්ව මේ ආදි සියලුම ග්රහ දෝෂ නසා, අට අනූවක් රෝග, නව අනූවක් රෝග නැති කර, ඇස්වහ කටහව, හෝවහ අඩෝවැඩියා දෝෂ නැති කර, දරුවාගේ අධ්යාපනික පැත්තෙන් ශුභවාදි උත්තේජනයකට මෙය මග පාදයි.
තවත් දෙයක් සදහන් කල යුතුයි. රාහු අපල ඇති අයට, එම අපල දුරුවීමට නාගර්ජුන යන්ත්රය පැලදීම සරස්වති යන්ත්රය පැලදීම තවත් ශුභදායකයි.
අනිත් ග්රහ අපල වලටත් එසේමයි.
මේ ගැන අපගේ සේවයෙන් විමසා දැනගන්න.
අප සියලුම යන්ත්ර දෙනු ලබන්නේ, මනා කේන්දර පරික්ෂාවකින් යුක්තවය. විශේෂයෙන්ම ඥාන යෝග නැති. කේන්දරයේ 5 වැන්නාධිපති, 9 වැන්නාධිපති බලවත් නැති කේන්දර හිමි උපතින්ම යම් අදක්ෂ වැනි අය වෙනුවෙන් යන්ත්රය ගැන ඒ වෙලාවට තීරණය කරනු ඇත.

Friday, December 26, 2014
අප අපගේ ලිපි මගින්, අපගේ පාඨක ජනතාවට සඳහන් කරන්නේ පොදුවේ දැක්වෙන කරුණුය.
ග්රහ පිහිටිම් සම්බන්ධවත් එසේමයි. අප ඒ ඒ කාල වලට පල කරන ලිපි සම්බන්ධයෙන් අප පූර්ණ වූ වගකීම භාරගන්නේ අපගේ හෘද සාක්ෂියටත් එකඟවය.
එනම් එහි ඇති ජෝතිෂ්යය කරුණු සෑම ආකාරයකින්ම නිවරදි බව තහවුරු කරමින්ය.
නමුත් බහුතරයක් නොවේ, ඉතාම සුළු පිරිසක් අප කල්පනා කරන්නේ ඔවුන් ජෝතිෂ්යය සම්බන්ධව අපත් සමග යම්කිසි වාදයකට සැරසෙනවා යැයි කියාය.
ඉතින් මෙම පිරිස අප පල කරන්නාවු සියලුම ලිපි අනුසාරයෙන් යම්කිසි කොටසක් කොහෙන් හෝ ඇහිදගෙන ඒ ඔස්සේ විවිධාකාර ප්රශ්න මතු කරමින් අපට පහර ගැසීමට මෙන් අපගෙන් විවිධාකාර වූ ඊනියා ජෝතිෂ්යය ප්රශ්න ඇසීමට පටන්ගෙන ඇත.
නමුත් එයින් අංශු මාත්රයක ප්රතිඵලයක් හෝ ප්රයෝජනයක් අත්වන්නේද නැත. පසුගිය දිනවල අපිට මතකයි ජෝතිෂ්යය ගැන කිසිම දැනුමක් නැති අය 22වන දෙර්කාණාධිපතියා ගැන අපගෙන් ප්රශ්න කල හැටි.
මෙහි අප පල කරන ලිපි එසේ පලකරනවා නම් රෑ දවල් 2ම මෙහිම සිටිමට සිදුවිය යුතුය.
* මේ ලගදි කෙනෙක් අහල තියෙනවා, “ලග්නාධිපතියා සිකුරු වෙලා 2වැන්නේ ඉන්නවා, ඒත් එයා පොහොසත් නෑ කියල“ .
අපි පොදු කරුණක් විදියට සිකුරු 2වැන්නේ ධනවත් වීමේ ලක්ෂයක් බව ඇත්ත. නමුත් කවුද දන්නේ ජිවිත කාලෙටම එයාට සිකුරු මහ දසාවක් ගත වෙන්නෙ නැද්ද කියල.
එහෙම නැත්නම් සිකුරු ජන්ම නැකත අනුව විපත් නැකතක උපතේදි ගමන් කරල තියෙනවද කියල ??
* තව දෙයක්, සාමාන්ය විදියට බ්රහස්පති/ගුරු උච්ච වෙලා 10 හිටියොත් එයාට රජයේ රැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම මැනේජර් ධූර, ගුරු වෘත්තිය වැනි ඒව.
මම කේන්දරයක් බැලුව ගම්පහ පැත්තේ, 1968 වගේ ඉපදුනු කෙනෙක් මීට අවුරුදු 10කට විතර කලින් මම බැලුවේ, එයාගෙ කේන්දරයේ 10 වැන්නේ ගුරු උච්චයි. එයාගෙ ජොබ් එක මොකක්ද දන්නවද ? කසිප්පු විකුණන එක. ඒ කියන්නේ නීති විරෝධි මත්පැන් ජාවාරම.
එතකොට කෙනෙක් කේන්දරය බැලුවාම මෙයා රාජ්ය අංශයේ ඉහල රැකියාවක්ද කියල කියයි. එහෙම කියන්න බෑ. තව කරුණු සාධක තියෙනව.
අපි මේ මුහුණු පොතේ ජෝතිෂ්යය සේවය හරහා කරන්නේ, යම්කිසි දැනුමක් ජනතාවට දීලා, ඒ හරහා සන්නිවේදනයක් කරන්නයි.
ඒක සමහරු පාවිච්චි කරන්නේ, අපිට පහරගහන්නයි. ඒක අපිට නම් කිසිම ප්රශ්නයක් නෑ. ඒකෙන් අපිට පහර වදින්නෙත් නෑ. ඒ අයගේ කාලය තමයි නාස්ති වෙන්නෙ.
ඕනම කෙනෙකුට අභියෝග කරන්නෙ, තමන්ගේ කේන්දරය බලාගන්න උවමනා නම් ඒක කරගන්න ක්රමයට ඇතුලට ඇවිල්ලා බලාගන්න. ඊට පස්සේ ඒහි පස්සිකෝ කියල ඔයාට තේරෙන්න පුලුවන් කොහොමද තත්වයක කියල.. - ඇත්ත නැත්ත.
අපිට පහරගහන ඉතාම සුළු පිරිසකට කියන්න තියෙන්නෙ මෙච්චරයි, සියලුම දෙනාටම තෙරුවන් සරණයි !

Wednesday, December 24, 2014
ඔබටත් සැප සම්පත් යස ඉසුරු පිරුණු ජීවිතයක් හිමිවේද ?
මෙලොව ජීවත් වෙන සියලුම දෙනා ආශා කරන්නේ භෞතික සැප සම්පත් උපරිම ආකාරයෙන්ම වින්දනය කිරීමටය. එසේ නම්, ඒවා ගෙවල් දොරවල්, යාන-වාහන, ඉඩකඩම්, පිරිවර සැප සම්පත් එසේම පුරුෂයන්ට නම් ස්ත්රි සංගම්ද, ස්ත්රින්ට නම් පුරුෂ ආශ්ර ආදි එවැනි දේත් ඊට අදාල වේ.
වර්තමානයෙදි මෙම සැප සම්පත් උපරිම ආකාරයට විඳින්නේ අප රටේ දේශපාලකයන්ය. ඔවුන් කුමන තරාතිරමක කුමන පක්ෂයක සිටියත් මේවායින් අඩුවක් නම් නැත. ඔවුන් භාවිත කරන මෝටර් රථ 1කට වඩා තිබේ. ඒවායේ මිල දැක්වෙන්නෙ මිලියන ගණනිනි.
ඔවුන්ට රට පුරාම, සමහර ස්ථාන වල මහා මන්දිර ඇත. එසේම විවිධාකාරයට කම්සැප විඳිති. සමහර ව්යාපාරික අයටත් එවැනි විදියටම තිබේ. කෙසේ වෙතත් මෙවැනි තත්ව ඇතිවන්නේ, කිනම් ග්රහ බලයකින්දැයි සැකෙවින් විමසා බලමු.
* මෙම කේන්දරය දිහා බලන්න, ග්රහයන් බලවත් වෙලා තියෙන අයුර.
● යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්රයට අනුව චන්ද්රයා 5 සුභ දෘෂ්ඨි සහිතව සිටිම හදිසියේම ධනවත් වන පිහිටිමකි.
● ගුරු-සිකුරු යන ග්රහයන් ධනස්ථානයට බලවත්වීම,
එසේම ලග්නයට යෝගකාරක වී ධනස්ථානයේ බලවත්වීම ඉතාම ශුභ සෙත සලසන තත්වයකි.
● 5, 9 අධිපතියන් ශුභ ග්රහයන් වී කේන්ද්ර ගතවීම ලක්ෂ්මී යෝගය ලෙස හැදින්වේ. එවන් කේන්දර ඇති අයද ඉතාම බලවත් ආර්ථික තත්වයකට හිමිකම් කියයි.
● එසේම යම්කිසි කෙනෙකුගේ කේන්දර වල 4 වැන්නාධිපතියා, 11 වැන්නාධිපතියා සමග බලවත්වීම සුඛෝපභෝගී යාන වාහන ලැබෙන පිහිටිමකි.
එය විශේෂිතම තත්වයකි.
ඉහත කේන්දරය හිමි තැනැත්තා, එතරම් අධ්යාපන තත්වයක් ඇති කෙනෙකු නොවේ. ඔහුට පුද්ගලික ප්රවාහන ව්යාපාරයක් තිබුනි.
එය ඔහුට හිමිවූයේ, ඔහුගේ පියාගෙනි. එම කාලයෙදි ඉතාම අබලි වූ වාහනයක් තබාගෙන සිටිය ඔහු අද ප්රවාහන සමාගමක් පවත්වාගෙන යයි.
ඔහුගේ යටතේ සේවකයන් ඉතා විශාල ගණනක් සේවය කරයි. එසේ ඔහුට යාන වාහන ඉඩකඩම් සහ සියලුම භෞතික සැපසම්පත්ද වෙනත් ආර්ථික මාර්ගෝපායන්ද ඇත.
* එම කේන්දරයේ සිකුරු ග්රහයා, ගුරු ග්රහයා බලවත්වූ ආකාරය බලන්න.
එසේම කේන්දරයේ භූමි ලාභ ලබාදෙන අගහරුගේ බලවත්වීම බලන්න.
මීට අමතරව දුර්ලභවූ, වාසනාවන්ත වූ රාජ යෝග තත්වයන් ධන යෝග තත්වයන් ඇත. ඒවා ගැන අප ඉදිරියේදි සදහන් කරමු.

Tuesday, December 23, 2014
කාන්තා ඔබ පමණක් ලෙඩ කරන ග්රහයන් ඔබ දන්නවාද ?
ආයුර්වේදයේ දැක්වෙන පරිදි ස්ත්රී රෝග වශයෙන් වෙන්කොට කාණ්ඩයක් ඇත.
එමගින් හඳුන්වනු ලබන්නේ, ස්ත්රීන්ට පමණක්ම වැළදෙන රෝග නිසාය. විශේෂයෙන්ම පුරුෂයාගේ මෙන් නොව ස්ත්රියගේ ශරීරය පුරුෂයාට වඩා තරමක සංකීර්ණභාවයක් උසුලන නිසාය.
විශේෂයෙන්ම කාන්තාවන්ට වැළදෙන රෝග අතර, සුලබම කාන්තා රෝගය විදියට හඳුන්වන්න පුලුවන්,
“ශ්වේත ප්රදරය“ හෙවත් සුදයාම.
* මෙම රෝගී තත්වය කාන්තාවන්ට එසේම නව යොවුන් වියේ දියණියන්ට ඉතාම පීඩාකාරි අත්දැකීමකි. මෙම රෝගයට ගොදුරු වූ විට මානසික ඒකාග්රතාවය නැතිවීම, ක්රමයෙන් ශරීරය කෘශවීම, ශක්තිය අඩුවීම ආදිය වෙයි.
* මෙම රෝගයේ ලක්ෂණය නම්,
ස්ත්රී යෝනි මාර්ගයෙන් සුදුපාටට හෝ මඳක් කහපාටට යම්කිසි ශ්රාවයක් නිකුත් වීමයි.
එම ශ්රාවය දැඩි දුර්ගන්ධයකින් යුක්ත වන අතර, විශේෂයෙන්ම මානසික අපහසුතාවයට ලක්වන ප්රධානම කාරණාවක්ද වෙයි.
මෙම රෝගි තත්වය නිසා, මෙම ශ්ලේෂ්ම හෙවත් ශ්රාවයේ ඇති බැක්ටීරියා මගින් ස්ත්රී යෝනි මාර්ගයේ බිත්ති වලට හානි කොට, තුවාල ඇතිකොට එයින් ආසාදන තත්වයන් ඇතිකොට කැසීමට ලක්වීම ප්රධාන ලක්ෂණයකි.
මෙය වැඩිහිටි කාන්තාවන්ට කෙසේ වෙතත්, නව යොවුන් වියේ දියණියන්ට මෙම තත්වය ඇතිවුවහොත් ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු වලට දැඩි පීඩාකාරි තත්වයක් ඇතිවේ.
මෙම ලිපියේ තව කොටසක් පලකිරිමට අප සිතන්නේ, මෙහි ඇති වටිනාකම තේරුම් ගැනීමත් හුදෙක් මේ ලිපිය මගින් අපගේ දියණියන්, සොහොයුරියන් වන කාන්තා සියලුම දෙනාට ඉතාම ප්රයෝජනයක් වේයැයි සිතා කරන මහගු පින්කමක් ලෙසිනි.
එසේ නම් මීට අදාල ප්රතිකර්ම ඊලග ලිපියේ සදහන් කරන අතර, දැනට එවන් තත්වයකට පත්විමට කේන්දරයෙ ඇති ග්රහ තත්වය කුමක්දැයි පරික්ෂා කර බලමු.
● යම්කිසි කාන්තාවකගේ කේන්දරයේ ලග්නයෙන් 8 වැන්නේ(8) රවි සහ ශනි පිහිටා සිටීම.
● ලග්න භාවයේ(1වැන්නේ) රවි - බුධ පිහිටා සිටියදී සෙනසුරු 8 වැන්නේ පිහිටීම.
● යම්කිසි කාන්තාවකගේ කේන්දරයේ සඳු/චන්ද්රයා නීච වීම
● ශනි - සිකුරු යෝගය 7 වැන්නේ තිබියදී රාහුගේ දෘෂ්ඨියට පත්වීම.
● එසේම දරුවන් වැඩිවියට පත්වන අවස්ථාවේදි කේතු මහ දසාව පැවතීම.
● ස්ත්රි කේන්දරයක 1, 6, 7, 8 සහ 12 යන ස්ථාන වල කුජ - ශනි යෝගය පිහිටා සිකුරු දුර්වල වීම.
මෙවැනි කේන්දර පිහිටිම් ඇති අයට, විශේෂයෙන්ම මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් ඇත.
රූපයේ දැක්වෙන පරිදි කේන්දරයක් පිහිටා තිබිය හොත් මෙම රෝග වැලදීමේ වැඩි ඉඩකඩක් ඇත. එසේ නම් අප ආයාචනා කරන්නේ, ඔබට ඔබගේ සහෝදරියට, බිරිදට මෙවන් රෝග තිබේ නම් ඒ ගැන සැලකිලිමත් වී අදාල ප්රතිකාර ලබාගන්නට කටයුතු කරන ලෙසයි.
ඉදිරියේදි අප තව තවත් මේ සම්බන්ධව ලිපි පල කරන්නම්. මේ ලිපිය බලා වෙනදා මෙන් නිකන් ඉන්න එපා. මේ ලිපියට ලයික් කිරීම කෙසේ වෙතත්, මේ සම්බන්ධව ඔබගේ ප්රතිචාර/කමෙන්ට් පල කර ඔබගේ උනන්දුව පෙන්වන්න. එය විශාල පිරිසකට සෙත සැලසෙන දෙයකි. ඉදිරියේදි තව පලකරනවා.

Sunday, December 21, 2014
සතියේ ලග්න පලාපලය - දෙසැ 22 සිට
● මේෂ
ශුභ සතියකි.
ඔබට මේ සතියේදි වාසනාව ගුණ මහිමය නිසාම ඔබට ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ඇති කරගැනීමට පුලුවන්. ඒවගේම උත්සාහයෙන් ධෛර්යයෙන් කරන සියලුම කටයුතු සාර්ථක වී එමගින් ආර්ථික වාසි සැලසෙනවා ඇත.
වෙනදාට වඩා පිනට දහමට නැඹුරු වන එසේම වැඩිහිටියන් සමග ගෞරවයෙන් ආදරයෙන් ජීවත් වීමට ලැබේ. එසේම ඔබගේ සියලු කටයුතු වලට නිවසින්ද සහයෝගයක් ලැබේ.

විශේෂ සෞඛ්ය ගැටළු නැත. නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවන්න.
● වෘෂභ
ඔබට එතරම් ශුභ සතියක් නොවේ.
මන්ද ඔබගේ උත්සාහයේ තරමට දියුණුව ලැබීම අපහසුය. ඔබ ඒ පිලිබදව ප්රවේසම් වන්න. ආයෝජන වලදීද පරිස්සම් වන්න.
ගෘහ ජිවිතයේ කිසියම් ආකාරයකට ආර්ථික පැත්ත නරක් විම නිසා ගැටළු මතුවිය හැක. නමුත් සතිය අගදී මෙම තත්වයන් වෙනස් වී යහපතක්, සෙතක් සැලසෙනු ඇත.

සතිය මුලදී පවතින සෞඛ්ය ගැටළු, ක්රමානුකූලව අවසන් වේ.
● මිථුන
මේ සතිය මධ්යස්ථවන සතියකි.
ඔබගේ ආර්ථික තත්වය දියුණු කරගැනීමට තරමක වෙහෙසක් මහන්සියක් ගත යුතු වේ. සතියේ මුල් දවස් කීපය තුල ආර්ථික පාඩු ඇතිවේ.
ඔබට ගෘහ ජිවිතයේ යම් යම් ගැටළුකාරි තත්ව මතුවීමට පුලුවන. ඒ ආර්ථික තත්වයේ දුර්වලකම් නිසාය. ඒවා මගහරවා ගැනීමට උත්සුක වන්න.
උදරාබාධ සහ එක් එක් ආකාරයේ රෝග පීඩා මතුවිය හැක. සැලකිලිමත් වන්න.
● කටක
ශුභාශුභ මිශ්රපල සතියකි.
ලග්නයේ ඇති ග්රහ බල හා සසදා බලන කල සතිය ආරම්භයේ යම් පසුබෑම් ආර්ථික තත්වයේ තිබුනද, ඒවා ක්රමානුකූලව යථා තත්වයට පත්වේ. එසේම ඔබට සතිය මැදදී හවුලේ කරන ව්යාපාර වලින් හොද ආදායමක් ලැබේ. අතමිට සරුවේ. සතිය අවසානයේ යම් ආර්ථික ගැටළු ඇතිවිය හැකි නිසා ඒවා ඔබ පාලනය කරගත යුතුය.
ගෘහ ජිවිතය ප්රීතියෙන් ගත වේ. සතිය මැදදී අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වන අතර, පෙම් සබදතා සඵල වේ. එසේම අඹුසැමි ප්රීතිය වැඩිවේ.
සෙම් ආශ්රිත සහ ජලාශ්රිත රෝග වලින් සතිය මැදදී සහ අගදී පරිස්සම් වීම හොදයි.
● සිංහ
මිශ්රඵලයි.
සතියේ මුල් දවස් කීපය ඇතුලත ආර්ථික පාඩු සිදුවේ. එසේම තමාගේ වටිනා දේවල් නැතිවීමට පවා ඉඩ ඇත. නමුත් සතිය අග වනවිට මෙම තත්වය මග හැරේ.
ගෘහ ජිවිතය සම්බන්ධව එතරම් යහපත් අයුරකින් සිතීමට නොහැක. ගෘහ ජිවිතයේ යම් යම් අර්බුදකාරි තත්ව මතුවන්නේ පවුලේ අය සමග යම් මත ගැටුම් ඇතිවන නිසාය. ඒවා වලින් පරිස්සම් වන්න. දුවාදරුවන්ට අපලයි.
එසේම මේ සතිය සෞඛ්ය සම්පන්න සතියක් නොවේ. ලෙඩ රෝග පහසුවෙන් වැළදීමට ඉඩ ඇත.
● කන්යා
හොද සතියකි.
සංචාරක ව්යාපාරයේ සහ වෙලදාම් කරන අයට හුගක් වාසි ඇතිවේ. වෙලහෙලදාම් කටයුතු දියුණු වේ. එසේම දියුණු වීමට අවස්ථාව ලැබේ. කලබලය වැඩි වුවත්, එය ලොකුවට ගණන් ගන්න එපා.
ගෘහ ජිවිතයද ප්රීතිමත්ව ගත වේ. කලකට පසු සුභ සතියකි. දරුවන්ගේ දියුණුව සහ විභාග කටයුතු ආදියෙන් ජය ලැබේ. අධ්යාපනයට හොදයි. ප්රේම සබදතා ඇති අයට ඒ කටයුතු සඵල වේ.
හතිය සහ සෙම්ප්රතිශ්යාව ඇති අය කල්පනාකාරි වන්න.
● තුලා
ඉතාම ශුභ සතියකි.
ආර්ථික දියුනුව ඇතිවන්නේ, පිටරට වැඩ කරන අයටත්, වෙලදාමේ නියුතු අයටත් පුද්ගලික ආයතන වල කටයුතු කරන අයටත්ය. ආර්ථික වාසි ඇතිවේ. විවිධ අංශ වලින් ආර්ථික වාසි අත්වන අතර ඔබට විවිධ මාර්ග වලින් මුදල් ලැබේ.
ගෙදර දොර ප්රීතිය ඇතිවනවා සේම, ප්රීති උත්සව පැවැත්වීමට ඉඩ ලැබෙනවා. ගෙදරට අලුත් බඩු මුට්ටු ගැනීමට වාසනාව ලැබෙනවා. එසේම වාහන මිලදී ගැනීමට සිතා සිටින අයට සුභ සතියකි.
සෙම් රෝග, පපුවේ සෙම ගැන සැලකිලිමත් වන්න.
● වෘශ්චික
ඉතාම ශුභ සතියක්.
කෙතරම් මානසික පීඩනය ප්රබලව ඇතිවුවද තමාගේ දැඩි උත්සහය සහ කැපවීම මත මුදල් හරිහම්බ කරගැනීමේ වාසනාව ඇතිවේ. මේ තත්වය විදෙස්ගත අයට ඉතාම සුබයි. ලැබීම් භාග්ය වැඩිවේ. ආර්ථික වාසි සැලසේ.
ගෘහ ජිවිතය ප්රීතිමත්ව ගත වන අතර, මේ සතියෙදි නෑදෑ හිත මිතුරන් මෙන්ම සහෝදරයන්ගේ ආගමනයද බලාපොරොත්තු විය හැක. ඔබටද ප්රීති උත්සව ආදියට කාලය මිඩංගු කරන සිත සතුටින් පිරෙන කාලයකි.
සෞඛ්ය තත්වයේ ගැටළු නැති වුවත් සෙම් අමාරු සහ සෙම් ගෙඩි වලින් පරිස්සම් වන්න.
● ධනු
සුභ සතියකි.
ඔබගේ බුද්ධියෙන් කැපවීමෙන් කටයුතු සාර්ථක කරගත හැක. සතිය අග වනවිටදී ධනෝපායන මාර්ග වල දියුණුවක් ඇතිවේ හොදයි.
ගෘහ ජිවිතය ප්රීතිමත්ව ගත කිරීමට පුලුවන්. දුවාදරුවන් සමග සතුටින් සිටීමට පුලුවන්. පිට පලාත් වල සංචාරයට අවස්ථාව ලැබෙනවා.
සෙම් රෝග, උගුරේ අසනීප හා පාද වල වේදනා ඇති අය පරිස්සම් වන්න.
● මකර
ශුභ පල සතියකි.
සතියේ මුල් දවස් 2 තුල මන්දගාමි වන ආර්ථිකය සතිය මැදදී ක්රමානුකූලව වර්ධනය වෙනවා. එසේම ඔබගේ ආර්ථික තත්වය හවුලේ ව්යාපාර කරන සියලු කටයුතු මගින් දියුණු - තියුණු වෙනව. ඔබට අලුත් දේවල්, අලුත් ආදායම් මාර්ග ඇති කරගැනීමට වාසනාව ලැබෙනවා.
ගෘහ ජිවිතය ප්රීතියෙන් ගතවේ. අවිවාහක අයට මංගල යෝග ස්ථිර වේ. සිත ප්රීතියෙන් පිරේ. අලුත් සබදතා නෑ හිතවත්කම් ඇතිවේ.

සෞඛ්ය තත්වයේ ගැටළු නම්, මේ දිනවල පවතින වර්ෂාවට තෙමෙන්න එපා.
● කුම්භ
● කුම්භ
සතිය සමඵලයි.
ආර්ථික කටයුතු වලට අයහපත් සතියකි. ණය ගනුදෙනු වලට පැටලී දුක් විදීමට ඉඩ ඇත. කෙනෙකුට ඇපවීම සහ ඇපයට අත්සන් කිරීම ඔබට වෙසෙසින්ම හානිදායකයි. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල යම් ගැටළු ඇතිවිය හැක, විසේසයෙන් ආර්ථික ගැටළු නිසා යම් මානසික කඩාවැටිම් ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන පරිස්සම් වන්න.
පාද වල වේදනා සහ නහරගත අමාරු ඇතිවිමට ඉඩ ඇත.
● මීන
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් වෙනවා. කරන කියන කටයුතු හරියනවා. ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා. සතිය අගදී මුදල් පරිපාලනය ගැන පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය හොදයි. දරුවන්ගේ කටයුතු නිසා සිතට ප්රීතිය ඇතිවෙනවා. එසේම ඔවුන් සමග විනෝද වීමට අවස්ථාව ලැබෙනවා. ප්රීතිමත් සතියක ආරම්භයක්.
සෞඛ්ය තත්වයේ ප්රබල ගැටළු නොමැත. සෙම ආශ්රිත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න.

Subscribe to:
Posts (Atom)