Monday, June 30, 2014

විදෙස්ගත අපගේ සහෘදයන්ගේ ඉල්ලීම පිණිස

_ අපගේ මුහුණු පොතේ විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිය සහෘද හිතවතුන්ගේ අතිමහත් ඉල්ලීම පිණිස ජාත්‍යන්තර සේවය පුළුල් කර ඇත_

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, 
ඕමාන්, සෞදි අරාබිය, සයිප්‍රස්, බහරේන්, ජෝර්දානය, කටාර්, කුවේට්, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, මාල දිවයින, ජපානය, චීනය, කොරියාව, හොංකොං, සිංග්ප්පූරුව යන රටවල සිටින ශ්‍රී ලාංකීය මුහුණු පොතේ අපගේ සහෘදයන් උදෙසා ග්‍රහ අපල වලට අප දැනට සපයන අධි බලගතු යන්ත්‍ර සහ ශාන්ති කර්ම සහ උපදේශ සේවාවට අමතරව අවශ්‍යයම වන බෝධි පූජා සහ ඊට අදාල ප්‍රාර්ථනා ගැට 9 නූල් සහ ජීවම් කරන ලද දෙහි වළලෑම අප සේවයේ සිටින ඒ සම්බන්ධ ප්‍රවීණයන් මාර්ගයෙන් සිදු කරනු ලැබේ. 

ඊට අමතරව උදාහරණයක් ලෙස ඊශ්වර දේවාලයේ ඊශ්වර දෙවියන් වෙනුවෙන් පූජා පැවැත්වීම, එනම් රවිගේ අපල වලට. 

එසේම අඟහරු/කුජගේ අපල ඇති අයට කතරගම දෙවියන් උදෙසා බාරහාර වීම සහ එම දරුවන් නමින් පුද පූජා පැවත්වීම.
සෙනසුරු සහ රාහු අපල ඇති අයට විෂ්ණු දේවාලයට භාරවීම සහ සෙත්කවි කීම. 
අප සේවය මගින් දැනටමත් ඉටු කරමින් සිටී. 
මෙය වෙනත් පරමාර්ථයක් මුදුන්පත් කිරීමක් නොව 

බොහෝ දෙනා අසන්නේ ඇමරිකාවෙ සිටින අප කතරගම දේවාලයේ හරියාකාරව පූජාවක් පවත්වන්නෙ කෙසේද, ඕස්ට්‍රේලියාවේ සිටින අප ඊශ්වර දේවාලයේ පූජාවක් කරන්නේ කෙසේද යනාදි ලෙසයි.

ඒ අයට එම දේවල් කරගැනීමට ඇති දුෂ්කරතාවය නිසාය. 
එම පුද පූජා පවත්වා එම උතුම් ස්ථානයන්හිදි එම ආතුරයන් වෙනුවෙන් කරන ලද දේවල් ඡායාරූප මගින් එම අදාල අයට යැවීමට දැන් කටයුතු කරගෙන යමින් පවතී. මේ ගැන අවධානය යොමු කරන්න. ආතුරයන්ගේ නම් ලියූ කොඩි බෝධින්වහන්සේගේ එල්ලනු ලබනව. 

Iru Astrology

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්‍ර, නම් තැබීම(පුද්ගල, ව්‍යාපාර) ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 

0711 345 364 

සතියේ ලග්න පලාපලය - ජුනි 30 සිට

● මේෂ ලග්නය
සුබදායකය.
අතිමහත් දුෂ්කරතා හමුවේ ඔබ පෙරට යනු ඇත. විසේසයෙන්ම හෝටල්, ජලය ආශ්‍රිත කටයුතු කරන අයට, දේපල වෙලදාම් කරන අයටද සාර්ථක සතියකි. ‍
එසේම ඔබට විවිධ කටයුතු වලින් ආදායම් මාර්ග සාක්ෂාත් වනු ඇත. රැකියා කරන අයටද සුබයි.
ගෘහ ජීවිතය වාසනාවන්ත ලෙස ගතවේ.
ගෙදරට අලුත් බඩු මුට්ටු මිලදී ගැනීමට පුලුවනි.
සෞඛ්‍ය ගැටළු ප්‍රබලව නැත. සෙම් අමාරු, වාත අමාරු ගැන සැලකිලිමත් වන්න.

● වෘෂභ ලග්නය
ශුභාශුභ මිශ්‍ර පල සතියකි.
ආර්ථික තත්වය ගැන විසේසයෙන් බිය විය යුතු නැත. රැකියාවල නියුතු අයටද එසේම ව්‍යාපාරිකයන්ටද සුබ සතියකි. වර්තමානයෙදි ලග්නය මාලවි යෝග බලයෙන් සන්නද්ධ නිසා ප්‍රබල ගැටළු නොමැත.
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගත කිරිමට පුලුවන. නමුත් වැඩිමල් පිරිමි දරුවාට සම්බන්ධවය යම් ගැටළු ඇතිවිමට පුලුවන.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ ගැන විමසිලිමත් වන්න. ගැබිණි මව්වරුන් පරිස්සමින් කටයුතු කරන්න.

● මිථුන ලග්නය
ශුභදායක සතියකි.
නුවණ මෙහෙයවා කටයුතු කරන අයට ආර්ථික වශයෙන් වාසිදායකය. ව්‍යාපාරික කටයුතු කරන අයට අලුත් තාක්ෂණික දැනුම මගින් වෙලදාමේ යම් යම් අඩුපාඩු මගහරවා ගත හැක.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන්නේ ගුරු බලවත්ව ධනයෝගයක් ක්‍රියාත්මක වන බැවිනි. එසේම නඩුහබ ආදිය තිබෙන අයගේ එම ගැටළුද ක්‍රමානුකූලව නිරාකරණය වී යනු ඇත.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැත. උදාරාබාධ සහ අසාත්මිකතා ගැන බලන්න.

● කටක ලග්නය
ශුභ සතියකි.
මේ සතිය වාසනාවන්තව ගත වන්නේ ලග්නයට පැමිණි ගුරුගේ ආශිර්වාදය නිබඳව ලැබෙන බැවිනි. තමාගේ හොඳ හිත සහ හොඳ නම නිසා ආර්ථික, සමාජීය වාසි ඇතිවේ. ආරවුල් සහ ගැටළු මතු නොමවේ.
ගෘහ ජිවිතය වාසනාවන්තව ගතවේ. භූමි ලාභ ගැටළු තිබු අයට අනාගතයෙදි ඒවා නිරාකරණයට දැන් කටයුතු කාරණා යෙදේ. එසේම පපුවේ දැවිල්ල සහ ගෑස්ටික් අමාරු ගැන බලාගන්න.

● සිංහ ලග්නය
මේ සතිය තරමක අභියෝගාත්මක සතියකි.
මුදල් හදල් ගැවසෙන්නේ බොහොම අල්පවය. කරන ආයෝජන ගඟට කැපූ ඉනිමෙන් නිෂ්ඵල විය හැක. රු. 10 වියදම් කරන තැනට 1000ක් වියදම් කරන්නට සිදුවේ. සුබ තත්වයක් නම් නැති බව කිවයුතුය. එහෙත් බුද්ධියෙන් කටයුතු කර ඒවා පරාජය කල හැක.
ගෘහ ජිවිතයේ ගැටළු නැති වුවද වියදම් අධික වීම ආරවුල් ඇතිවිමට හේතු විය හැක.
දන්තාබාධ, හිසේ කැක්කුම් සෞඛ්‍ය ගැටළු ලෙස කිව හැක.

● කන්‍යා ලග්නය
වාසිදායක සතියකි.
විසේසයෙන්ම සමාජ කටයුතු, බ්‍රෝකර් වැඩ, නියෝජිත ධූර, වෙලදාම්, රැකියාවට සමගාමිව ව්‍යාපාර කරන අයට ඉතාම සුබපල දායකයි. ආර්ථිකය දියුණු වේ.
සහෝදරයන්ගෙන් ඥාතින්ගෙන්, ප්‍රධානීන්ගේන් දියුණුවට උදව් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වුවද සෙනසුරුගේ හා රාහුගේ බලපෑම මත වචනය නිසා ගැටුම් ඇතිවිමට ඉඩ ඇත, පරිස්සම් වන්න.
සෞඛ්‍ය ගැටළු ඇතිවන්නේ තදබල හිසේ කැක්කුම ආදියෙනි. ඉරුවාරදය තිබෙන අය ඒ ගැන විසේස සැලකිල්ලක් දක්වන්න.

● තුලා ලග්නය
ශුභාශුභ මිශ්‍රපලයි.
ආර්ථික වාසි ලැබේ. එසේම ඒවා වියදම් වීමටත් කරුණු කාරණා යෙදේ. මුදල් හම්බ කිරිමට ගොස් නීතිමය ගැටළු ඇතිවිය හැකි නිසා ව්‍යාපාර කරන අය නෛතික රාමුව තුල ආරක්ෂාවිම යහපති.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි වේ. හොදකුත් නැත, නරකකුත් නැත.
හිසේ බරගතිය සහ හිස කැක්කුම ඇතිවිමට හැක.

● වෘශ්චික ලග්නය
ශුභ සතියකි.
කාලාන්තරයක් තිබූ ප්‍රශ්න නිරාකරණය වී ඔබට සෙතක් ශාන්තියක් අත්වනු ඇත. ඔබට දේවකරුණාව සහ පිහිටාරක්ෂාව නිරන්තරයෙන්ම හිමිවේ.
සතිය මැදදී අලුත් ආදායම් මාර්ග හිමිවේ. එසේම ව්‍යාපාරික කටයුතු කරන අයට, නාවුක කටයුතු කරන අයටද වාසනාවන්ත සතියකි.
ප්‍රීතියෙන් ගෘහ ජිවිතය ගත වේ. ප්‍රබල ගැටළු නොමැත.
පාදාශ්‍රිත රෝග සහ ඇ‍ඟේ උෂ්ණය ගැන සැලකිලිමත් වන්න. කේතු මහ දසා ගත කරන අය විසේසයෙන්ම පරිස්සම් වන්න.

● ධනු ලග්නය
සමඵල සතියකි.
මා එසේ පැවසූවේ සතියේ මුල් දින 2ක මත චන්ද්‍ර චාරය අනුවයි. යහපත් නොවන නිසාය.
මුදල් ලැබීම අතින් බොහෝම ගැටළුකාරියි. නමුත් සතිය මැදදී මේවා පාලනය වී යහපත සහනය උදාවේ.
ගෘහ ජීවිතය තුල සාමාන්‍ය පරිදි කටයුතු කරගැනීමට පුලුවන.
උදාරාබාධ සහ ආහාර නොදිරවන රෝග ගැනද සෙම් කෝපවිමෙන් ඇතිවන රෝග ගැනද සැලකිලිමත් වන්න.

● මකර ලග්නය
මිශ්‍රපල සතියකි.
සතිය මුලදී ඇතිවන ආර්ථික දියුණුව සතිය මැදදී ඔබගෙන් ගිලිහී යාමට පුලුවන. ණය දුන් අය තමාට නොදීම නිසා ඒ අය සමග හිත් අමනාපවීම් ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන කල්පනාවෙන් කටයුතු කල යුතුයි.
ගෘහ ජීවිතයෙදි සාමාන්‍ය පරිදි කටයුතු වේ.
සතිය මුලදී අවිවාහක අයට මංගල යෝග ඇතිවේ. පෙම් සබදතා ස්ථිර වේ. බොහෝවිට ඒවාට වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබිමට ඉඩ ඇත.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොවුනද සතිය මැදදි සෙම් කෝපවීම, සෙම් අමාරු, හන්දි වල වේදනා ඇතිවිය හැක.
* විසේසයෙන්ම පාසල් යන වයසේ දරුවන් අධ්‍යාපන චාරිකා වලදී වතුරින් පරිස්සම් කරගැනිම යහපත්ය.

● කුම්භ ලග්නය
සදුගේ ගමන 6වැන්නේ සිදුවන සතියේ මුල් කොටස ඉතා අයහපත්ය.
ඔබට හවුලේ වැඩ කටයුතු කිරීමෙන් පාඩු සිදුවේ. එම පාර්ශව සමග ගැටුම් ඇතිවිමෙන් ලැබිය යුතු ආදායම් අඩුවේ. ව්‍යාපාර හා රැකියා කරන අයටද යම් අපහසුතාවයක් සතියේ මුලදි දැනෙනු ඇත.
ගෘහ ජිවිතයේ එතරම් කරදරයක් නොමැත.
සෞඛ්‍ය ගැටළු ලෙස පපුවේ දැවිල්ල සහ ලේ කෝපවීම්, කුජ 8 නිසා ශල්‍යකර්ම කල අය පරිස්සම් වීමද, උදරාබාධද ජලය මගින් ඇතිවිය හැකි රෝග වලින් ආරක්ෂා විමද ඉතාම යහපත්ය.

● මීන ලග්නය
ශුභාශුභ මිශ්‍රපලයි.
සතිය මුලදී ඇති වාසනාව සතිය මැදදී යම්කිසි ආකාරයකට ගිලිහී යාමක් දක්නට ලැබේ. ආර්ථික වශයෙන් ඔබ ශක්තිමත්වීමට නම් රැවටිලිකාරයන්ගෙන් ඇත්විය යුතුය, ඒ අය තේරුම් ගත යුතුය. මන්ද 6 වැන්නට සඳු පැමිණි විට ඔබට ව්‍යාපාර වලින් විසේසයෙන්ම අලාභ-හානි ඇතිවිමටද ගැටුම් ඇතිවිමටද පුලුවන.
රැකියාවල නියුතු අයට මේ තත්වය එතරම්ම බල නොපායි.
ගෘහ ජිවිතයේ ප්‍රබල වෙනසක් නොවුවත් දරුවන් වෙනුවෙන් යම් දෙයක් කරගැනිමට හැකි බව විසේසයෙන් කිව යුතුය.
සෞඛ්‍ය තත්වය ගැන විමසීමෙදි උෂ්ණාධික රෝග ගැන පරිස්සම් වන්න. සෙම් අමාරු ගැනද පරිස්සම් වන්න.

#ඉරුසේවය = Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

අවවාදයයි !

* අප සියලුම ජෝතිෂ්‍ය කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ අපගේ වසර ගණනාවක පර්යේෂනාත්මක ජෝතිෂ්‍ය සිද්ධාන්ත සහ අත්දැකීම් පදනම් කරගෙනය. 

එම ලිපි සම්බන්ධව අපගේ පූර්ණ අධීක්ෂණය සහ වගකීම අපි දරන්නෙමු.

* මේවා අප ඉදිරිපත් කරන්නෙ අපගේ අතිමහත් දයාබර ප්‍රේක්ෂක ජනතාවගේ ජෝතිෂ්‍ය දැනුම වර්ධනය කර ඒ අංශයෙන් සන්නද්ධ කිරිමට ඇති බලවත් ආශාව නිසාය. 

* මුහුණු පොතේ සහ අන්තර්ජාලයේ කූට, ඊනියා ජෝතිෂ්‍ය නැමති සිංහ හම පොරවාගත් නිවට අය මේ ලිපි නිර්ලජ්ජිතව සොරකම් කිරීමේ උත්සාහයක යෙදෙන බව අපට තේරිගොස් ඇත. 
නමුත් මෙහිදි අප කතෘගේ අවසරයකින් තොරව මේවා උපුටා ගැනීම යම් යම් දත්ත ගබඩා වල ගබඩා කරගැනීම තහනම් අපි නොකියන්නෙමු.

* මන්ද එම කරුනු කාරණා විග්‍රහ කිරීමට හැකිවන්නේ අපට පමණි. අප එවන් කූට චෞරයන්ට පවසන්නේ මේවා සොරකම් කිරීමට ගොස් අමාරුවේ නොවැටෙන ලෙස ඔවුන්ගේ අනුකම්පාවෙනි. 

Friday, June 27, 2014

_ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වයට ජෝතිෂ්‍යයෙන් ඉඟියක් _


මේ ටික කාලයක ඉදල පවතින කාල සර්ප යෝගය ලග්න 12ටම පොදුයි. 
නමුත් රටක් විදියට රටේ ලග්නය විදියට බලනකොට රටටත් ඒක බලපානව. 
ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ මේ කාල සර්ප යෝගය යෙදිල තිබුනේ මේෂ රාශිය වූ 3 වැන්නත් තුලා රාශිය වූ 9 වැන්නත් අතරේය. 

● ඒනිසා පහුගිය කාල වලදී රටේ විවිධ විවිධ අනතුරු, ඒවගේම කාලයක්ම තද පෑවිල්ල තිබිලා හදිසියෙම ඇතිවෙච්ච ගංවතුර ඒවගේම ඔය අලුත්ගම බේරුවල පැත්තේ සිද්ධ වෙච්ච කලකෝලහල ඒවට හේතුවත් මේ යන ග්‍රහචාරය තමයි.

● හැබැයි මේවා ඔඩුදුවපු නැති එක අපි හැමෝගෙම වාසනාවක්. 
ඒවගේම තමයි මේව ඉදිරියටත් එන්න පුලුවන් කියන එක ටිකක් පිලිගන්න වෙනව. මිනිස්සු මේව දැනගන්න ඕන. 
අපේ බහුතර මුහුණුපොතේ ප්‍රේක්ෂක ජනතාවට අපි අවධාරණය කරන්නෙ බුද්ධිමත්ව කටයුතු කරන්න. 

● මොකද කුම්භ ලග්න කේන්දරයේ මාරක ස්ථානය වූ 8 වැන්නට රාහු ඇවිල්ලා, ඒ එන්නෙ ජුලි 12, 2 වැන්නට කේතු එනව මේ ගිය 19 වෙනිදා ගුරු ආවා 6 වැන්නට. 

● ඔයාල දන්නවද මේ නිසා පාඩුවේ වැඩකටයුතු කරන දේශපාලන ක්ෂෙත්‍රයෙ ඉහලම ධූර හොබවන අයගෙ නම් කැත වෙන්න පුලුවන්. මේ අයට විවිධ අස්ථාන චෝදනා, විවිධ ගැටළු ඇතිවෙන්න පුලුවන්. ඒ අයගෙ ජනප්‍රියත්වය නැති වෙන්න පුලුවන්. 

● අපගේ දේශපාලන න්‍යාය පත්‍රය කෙනාගෙන් කෙනාට වෙනස්. ඒවගේම විවිධ ප්‍රතිපත්ති තියෙන්නෙ. නමුත් නියම පිරිසිදු සිංහල ලේ තියෙන අපි කලදුටු කල වල ඉහගන්න ජාතියෙ නෙමෙයි. 
ඔයාලත් ඉතින් එහෙම තමයි. අන්න ඒකයි බොහෝම පිරිසිදු සිතින් මේ ගැන කියන්නෙ. ග්‍රහචාරය නරක නිසා ආණ්ඩු පක්ෂයේ ඉන්න ඉහලම පෙලේ නායකයින් මේ ගැන තේරුම් අරගෙන කටයුතු කරන්න. 

● මොකද රටේ ලග්නෙට ඒ තරම් හොද නෑ මේ තත්වෙ. 

* රටට සෙත් පතල බෞද්ධ අපි අනුරාධපුරයේ ජය සිරි මහ බෝධිය ගාව බෝධි පූජා, කැළණි විහාරයෙදි බෝධි පූජාවක්, ඒවගේම මුස්ලිම් අපි කොළඹ ප්‍රධාන දේවස්ථානයෙදි රටට සෙත් පතල ජනතාවට සෙත් පතල අපි හැමෝම සහෝදරත්වයෙන් ඉන්න ඕන කියල දේව යාතිකාවක් කරන්න ඕන. ඒවගේම ක්‍රිස්තියානි අපි රටට සෙත් පතල කොටහේනෙ ශාන්ත අන්තෝනි මුණිතුමාගේ දේවස්ථානයේ යම්කිසි දේව සුගායනයක් කරන්න ඕන. 
ඒවගේම දමිල ජාතියේ අපි යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිලේ, හලාවත මුන්නේශ්වරම් භද්‍රකාලි මෑණියන්ගේ දේවස්ථානයෙදිත් යම්කිසි ප්‍රාර්ථනාවක් කරන්න ඕන.

* ඒ ඇයි දන්නවද ? මේ අපේ සියලුම දෙනාගෙ රටනේ. 
මැරුණට පස්සේ සිංහල අපි වළලන්නෙත් මේකෙ. මුස්ලිම් කෙනත් අනිත් ජාතියෙ සියලුම දෙනත් වළලන්නෙ මේකෙ. අනිත් සෑම ජාතියක්ම ආගමකමකටම අයත් අයත් වළලන්නෙ මේකෙ. අපි සියලුම දෙනා සමගියෙන් ඉමු.

* සුද්දගෙන් රට බේරගන්න ඊ.ඩබ්ලිව්. ඒ අධිකාරම් ශ්‍රීමතාණනුත්, කැප්පෙටිපොළ වගේ වීරයොත්, ටීබී ජායා, සිද්දි ලෙබ්බේ මැතිතුමා ඒවගේම දෙමල නායකයනුත් එකට තමයි එංගලන්තය එක්ක සටන් කලේ. මේක ඉතින් සියලුම දෙනාගෙ රටනෙ. ඔක්කොම සමගියෙන් ඉමු.

● කියන්න තියෙන්නෙ එකයි. අපි එනකොට කිසිදෙයක් ගෙනාවෙත් නෑ.... යනකොට කිසිදෙයක් ගෙනියන්නෙත් නෑ... 

තෙරුවන් සරණයි ! 

_ විවාහ වෙන්න හිතන් ඉන්නා අය ජෝතිෂ්‍යයෙන් දැනගත යුතු ප්‍රධානම කරුණු _

(2 කොටස)

( 1 කොටස = https://www.facebook.com/photo.php?fbid=246909648837380&set= )

ඉතාම කුඩා දරුවෙක්ව උපත ලබන කුමර - කුමරියන් ළමා කාලය, නව යොවුන් විය පසුකර ඉන්පසු ලබන තරුණ අවධියෙදි බොහෝ දුරට කුමරෙකු නම් සිතන්නේ සුන්දර යුවතියකගේ ආදරය ලබාගැනිමට සහ ඇයව විවාහ කරගැනීමටය. 

● ගැහැණු දරුවෙකුත් එසේමයි. නමුත් විවාහ වීමට ප්‍රථම බොහෝදුරට ජෝතිෂ්‍ය කරුණු කාරණා ගැන වැටහීමක් නොමැති බව අප දන්නා කරුණකි. 

● මුහුණුපොත් සංස්කෘතියේ නව මානයන් සොයායමින් අපගේ මුහුණු පොත් පිටුවට සමීප වූ අපගේ අතිමහත් පාඨක තරුණ ප්‍රජාවට මේ උතුම් වූ ශාස්ත්‍රයේ ඇති වටිනාකම තේරුම් කරදෙමින් ඔවුන්ගේ මේ විවාහය නැමති මේ සුන්දර සිහිනය වඩාත් ඵලදායි සහ සුන්දර එකක් කිරීමට අප නොගන්නා උත්සාහයක් නොමැත. 

● දැනටම අප බොහෝ සමාජ සුභසාධන කටයුතු මේ මුහුණු පොතේ පිටු මගින් අපි කර ඇත්තෙමු. මේ ගැන බොහෝ කරුණු කීමට ඇතිමුත් ටිකකට නවතා අපගේ යෞවන යෞවනියන් උදෙසා මෙම විවාහය නැමති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සදහන් කල යුතු ආකාරය සදහන් කර දෙන්නම්.

● මේවා ගැන යෞවන යෞවනියන් දැනගැනීම ඔවුන්ගේ විවාහ ජීවිත ගැන දැනගැනිම ඔවුන්ගේ ජිවිත සාර්ථක කරගැනිමට මහත් රුකුලකි. 

එසේම රත්තරන් දුවේ පුතේ, ඔබලා දැනගන්න විශේෂයෙන්ම විවාහ වන විවාහ ස්ථානය සම්බන්ධව.
විවාහ ස්ථානය වූ 7 වැන්නෙන් මේ මේ කරුණු කාරණා නිවේදනය වේ- මේවා විවාහයට අදාල වේ. 

1. විවාහය 
2. සහකරු සහ සහකරුවන්ගේ ආදරය 
3. පිවිතුරු බව. 
4. ලිංගික එක්වීම සහ දෙදෙනාට පෞද්ගලික වන ආශාවන්. 
5. ශුක්‍ර ධාතුව සහ එම ධාතුවල ශක්තිය.
6. ස්වාමියාගේ භාර්යාවගේ අවශ්‍යතාවයන්. 
7. රහස් ප්‍රදේශවල ප්‍රමාණය සහ එහි ශක්තිය 

මේවා 7 වැන්නට අදාල කාරණාය. 

අපි දැන් බලමු 7 වැන්නේ සිටින ග්‍රහයන් ඇති කරන්නාවූ ප්‍රතිඵල.

මේවා පොදු කාරණාවන්ය. කේන්දරය හා සසදන්න.

රවි 7 
ආඩම්බර වීම, අහංකාර වීම, ස්වාමියාට බිරිඳට යටහත් පහත් නොවන ගතිය.

සඳු 7 
සඳු පුර පක්ෂයේ නම් ඉතාම රූමත් ගුණවත් බිරිඳක් ලැබීම. අව පක්ෂයේ නම් එයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපල ලැබීම.

කුජ 7 
මනා දේහ ශක්තියක් හිමි සහකරුවෙක්/සහකාරියක් සිටිම.
පුරුෂයෙකුගේ 7 වැන්නේ කුජ 7 නම් පුන් පියයුරු ඇති බිරිඳක් ලැබේ. 
ස්ත්‍රියකගේ වේනම් ශක්තිමත් පුරුෂයෙකු ලැබේ. නමුත් දබර ඇති කරගනී. 

බුධ 7
උගත් බුද්ධිමත් සහකරුවෙකු සහකාරියක ලබයි. 
කෙසේ වෙතත් බුද ග්‍රහයා 7 සිටිම සමස්තයක් ලෙස හොඳයි.

ගුරු 7
දේපල ඉඩකඩම් සහ ප්‍රඥාවන්ත බිරිඳක් ස්වාමියෙක් ලැබීමට හේතුයි. නමුත් ලිංගිකත්වයට ඇති ආශාව එපාවිමට ඉඩ තිබේ. 

සිකුරු 7 
ඉතාම ශුභයි. එයට හේතුව ඔහුට අවශ්‍ය සියලුම කරුණු කාරනා එම ස්ථානයේ ඇති බැවිනි.

ශනි 7 
බොහෝ ගැටළු ඇතිවිමට හේතුවකි. නමුත් බලවත් ශනි එවන් ගැටළු ඇති නොකරයි. 

රාහු 7
සුභ නැත. අනියම් භාර්යාවන් සොයා යා හැක. අධික වූ කාමාශාවක්ද වේ. 

කේතු 
ඉතාම ශුභ නැත. එම පුද්1ගලයාගේ අනිකුත් ග්‍රහයෝග දුර්වල නම් ලිංගික ශක්තිය බිංදුවටම බස්සවයි. 

අප මේ සදහන් කලේ මෙහි ඇති ගැඹුරින් ඉතාමත්ම ස්වල්පයකි. තවත් බොහෝ කරුණු කාරණා ඇතිමුත් ඒවා සදහන් කිරීමට පවා අපහසුයි. 
සාමාන්‍ය උගත් දැරිවියක් මේ මට්ටම සම්බන්ධව යම්කිසි අවබෝධයක් ලැබීම බොහෝ සාර්ථක විවාහයක් කරගැනිමට හේතුවකි. 
මේ සම්බන්ධව සොයා බලන්න. 

තෙරුවන් සරණයි !

@Iru astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

_ 2014 වසරේදී අකුරු කියවීමට හෙවත් ශ්‍රී විද්‍යාරම්භයට බලගතු ශුභ මුහුර්තයක් _

මෙම වසරේදී අකුරු කියවීමට බලාපොරොත්තුවෙන් සිටින කුඩා දුවාදරුවන්ට එම උතුම් වූ කාරණාවට ශුභ නැකතක් 2014 වසරේ ජුලි මස 2 වනදා බදාදා උදේ 6.30ට උදාවේ. 

* මෙදිනට ශුභ දිශාව වන්නේ උතුරු දිශාවයි. 
* සුබ යෝගය දවස පුරාම පවතී. 
*විශේෂයෙන් මේ ගුරු මාරුව සමග ඇතිකර ඇති ග්‍රහ පදනම සමග සඳු ග්‍රහයා සිංහ රාශිගතව බලවත්ව සිටී. 
* මෙදිනට ග්‍රහයින් ගණනාවක්ම බලවත්ව පිහිටා ඇත. 

* රවි මිථුන රාශියේ පිහිටනවා කියන්නේ රසායන විද්‍යාඥයන් බිහිවන පිහිටිමකි.

* සඳු සිංහ රාශියේ සිටියදී මනස ඒකාත්මිකව ඍජුව පිහිටයි.

* කුජ කන්‍යාවේ නම් ශුර බුද්ධියක් හිමිවේ.

* බුධ, ගුරු, සෙනසුරු, රාහු සියලුම දෙනා එදිනට අතිබලගතුය. 
* කේතුට අයත් මා නැකත, සවස 5. 52 දක්වා පවතින අතර සෞම්‍ය සඳු පුර පක්ෂයේ විශේණිය තිථියේ සිටී. 

* එදිනට මේ නැකතින් අකුරු කියවීම සුභයි.

*** මේ නැකත අස්ලිස, දෙට රේවතී නැකතින් උපන් අයටද පුනාවස විසා පුවපුටුප නැකතින් උපන් අයටද මුවසිරස සිට දෙනට නැකතින් උපන් අයටද කැති උත්‍රපල් උත්‍රසල නැකතින් උපන් අයටද, බෙරණ, පුවපල් පුවසල නැකතින් උපන් අයටද අස්විද මුල නැකතින් උපන් අයටද විශේෂයෙන්ම සුබයි.

* අනෙක් නැකැත් වලට නම් සුභ නැත. අප දයාබර පාඨකයිනි, අප අද තවත් සත්කාරයක් කරනු වස් මේ නැකැත් ඇති ආකාරය ඉදිරියට ඔබට ඔබලාට ඉදිරියට දැනගැනිමට සලස්වන්නෙමු.


“ නැකතක් තිබෙනවා යයි කියූ පමණින් සියලුම දෙනාට ඒ නැකත සුභ නැත.“

සමහර ජෝතිෂ විශාරද වරුන්, උපදේශකවරුන් මහා පරිමාණ ජෝතිෂ්‍ය ඔස්තාර්ලා දිව්‍යමය සුභ මුහුර්ත යනුවෙන් පාරම්බායි. නමුත් එම නැකැත් සියලුම දෙනාට ගැලපෙන්නේ නැත. හරියට නිමි ඇඳුම් සාප්පුවක තිබෙන අලංකාරවූත් වටිනාවූත් රෙදිපිළි වාගේය. 
එම රෙදිපිළි තමන් ලස්සන උවත් තම ඇඟට හරියනවාදැයි දන්නේ නැත....

_ මේවා තේරුම් අරගෙන කටයුතු කරන්න _


@Iru astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Monday, June 23, 2014

හිතන්න ...

මෙම ලග්න පලාපලයන්, ග්‍රහ ගෝචර පලාපලයන් ලබාදෙන්නේ බිය වීමට හෝ අධිකව සතුටු වීමට නොවෙයි.
එහි මූලික අරමුණ වන්නේ ‘මෙය මෙසේ විය හැකියි‘ යන්න ගැන ඔබට අදහසක් දීමයි.

ඒනිසා ඒ ගැන සිතා බලා කටයුතු වලදී හැසිරෙන්න. එය තමයි අවශ්‍ය වන්නේ. 

යම් දෙයක් ගැන බියවීම අනවශ්‍ය ලෙස සිතීම, එයම තමන්ගේ කටයුතු වලට බාධාවක්, හිරිහැරයක් කරගැනීමට හේතු වෙනව.
යම් දෙයක් ගැන අනවශ්‍ය ලෙස සතුටු වීම ඒ කටයුත්තේ සාර්ථකත්වය ඇතිවන ප්‍රමාණයට බලපෑම් කරනවා. 

ඒනිසා විය හැකි දේ ගැන අවබෝධයක් ගෙන තම දියුණුව පිණිස කල යුතු කටයුතු නිවරදිව කරන්න.

සතියේ ලග්න පලාපලය (ජුනි 23 සිට)

• මේෂ
ශුභාශුභ මිශ්‍ර සතියකි.
රැකියා වල නියුතු අයට උසස් වීම් ලැබේ. රැකියාවේ බාධා නැතිවේ. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන වලට අවශ්‍ය කරන නවීන උපකරණ මිලදි ගැනිමට හැකිවේ.
ඉගෙන ගන්නා දරුවන්ටද බොහෝ හොදයි. තරග විභාග වලින් ජය ලබයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. විසේසයෙන්ම නිවසට අවශ්‍ය කරන අලුත් බඩුමුට්ටු ලැබේ. එසේම අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. විවාහ අපේක්ෂිත අයට මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය තත්වයේ නම් තරමක දුර්වලතා ඇත. උදරාබාධ සහ ජලය හිගකම ඇතිවිමෙන් වන රෝග වලින් පරිස්සම් වන්න. 

• වෘෂභ 
එතරම්ම කිවයුතු සුභ පලයක් නොමැත.
ආර්ථික තත්වයේ එතරම් වාසිදායක බවක් නැත. නිස්කාරණයේ මුදල් වැයවීමට සතිය මුලදී හේතුයි. 
සතිය මැදදි මේ තත්වය වෙනස්වෙයි. අලුත් ආදායම් මාර්ග ලැබේ. රැකියාවල නියුතු අය කට පරිස්සම් කරගන්න. උසස් ප්‍රධානින්ගෙන් බැණුම් මෙන්ම යම්කිසි දුෂ්කරතා වලට ලක්විමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේ එතරම් ප්‍රශ්න නැති උනත් ගේදොර අගහිගකම් ඇතිවිමට ඉඩ ඇත. ඒ මගින් අඹුසැමි දෙදෙනාගේ සමගියට බාධා එල්ලවිය හැක. 
වෘෂභ ලග්නයේ ගර්භණී මාතාවන් තමාගේ යටි බඩ, එසේම ප්‍රජනන සෞඛය විසේසයෙන් ආරක්ෂා කරගැනිම වටී.

• මිථුන
බොහෝ වාසනාවන්ත සතියකි. 
ගුරු මාරුවත් සමග බොහෝ සතුටින් සිටීමට පුලුවන. ආර්ථික වාසි මුදල් ලැබිම් ඇත. අලුත් ඥාතින්, මිතුරන් හිතවතුන් මුණ ගැසේ.
ව්‍යාපාරිකයන්ට හා සියලුම ක්ෂෙත්‍ර වල අයට සුබයි. 
ගෘහ ජිවිතයෙදි තමාට අවශ්‍ය කරන සියලුම උපකරණ ලැබේ. එසේම අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. විවාහ අපේක්ෂිත අයට මංගල යෝග උදාවේ. පෙම් සබදතා ස්ථිර වේ. සිත ප්‍රීතියෙන් පිරෙන කාලයකි. 
සෞඛ්‍ය ගැටළු නොමැත. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනය කරගන්න. අධික සැප සම්පත් වැළදිම නිසා රෝගාබාධ ඇතිවිමට පුලුවන.

• කටක 
මේ සතිය සුබදායකයි.
තමාගේ ගුණයහපත්කම ඉස්මතුවී පෙනෙන අතර තමන්ට එය ඉතාම හිතටද හොදයි. 
රැකි රක්ෂා බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ රැකියා ලැබෙන අතර ජලය ආශ්‍රිත කටයුතු කරන අයට වාසි අත්වේ. විදෙස්ගත අයටද මේ කාලය සුබයි. එසේම නිවසින් පිට ගතකිරීමට ඉඩ ඇතිමුත් ආර්ථික වාසි ලැබේ. 
ප්‍රබල සෞඛ්‍ය දෝෂ නොමැත. නමුත් අත් පා වල දැවිලි, ගැස්ට්‍රයිටීස් ආදි රෝග වැලදීමට ඉඩ ඇත.

• සිංහ
මේ සතිය ශුභපලදායක බව කිව යුතුයි. 
සඳුගේ පිහිටිම අනුව, දේව භක්තිය හා ආගමික භක්තිය ඇතිවේ. විශේෂ ආර්ථික අපහසුතා වලට පත් නොවේ. උත්සාහයෙන් උනන්දුවෙන් ධනය හම්බ කිරීමට පුලුවන. 
රැකි රක්ෂා වල ප්‍රබල ගැටළු නොමැත. රැකියා බලාපොරොත්තු වන අයට සතිය මැදදි රැකියාවන් ලැබේ. 
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර අඹුසැමි සබදතා ශක්තිමත් වේ. පවුලේ සාමාජිකයන්ට මුදල් වැයකිරීමට පසුබට නොවේ. 
ප්‍රබල සෞඛය ගැටළු නොමැත. උෂ්ණාධික රෝගාබාධ සහ සෙම් ගෙඩි ආදියෙන් පරිස්සම් වන්න.

• කන්‍යා 
සතියේ මුල් කොටස ගතවන්නෙ තරමක ව්‍යාකූල ස්වභාවයෙනි.
අයස්ථානාධිපති සඳු 8 පිහිටිම නිසා මුදල් අවහිරකම් සහ කරන කියන කටයුතු වලින් පාඩු ඇතිවිමට ඉඩ ඇත. ඒ කියන්නෙ සතිය මුලදි ඔබට මුදල් අගහිගමක් ඇතිවිමට ඉඩ ඇත. සතිය මධ්‍යය කාලයෙදි මේ තත්වය පහව යයි.
සතිය මැද සිට රැකියා කරන අයටද හොදයි. ඉගෙන ගන්නා දරුවන් විභාග වලින් සමත් වේ. එසේම සතිය මැදදී හිතවතෙක්ගෙන් ඥාතියෙකුගේ උදව්වෙන් යම්කිසි නිමකර ගැනීමට පුලුවන.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිය සමාදානය සතුට ඇතිවේ. ඒවා වලට බාධා නැත.
සෞඛ්‍ය තත්වය හිසේ කැක්කුම සහ ලේ කෝපවීම්, ඉරුවාරදය ආදියෙන් පරිස්සම් වන්න. 

• තුලා
එතරම් සුබ යැයි කීමට නොහැක. 
ආර්ථික අපහසුතා ඇතිවේ. කලබලකාරි බව සහ මේ සතිය ඔබට පාඩු සිදුවීමට ඉඩ ඇත. විදේශ ගතවී සිටින අයට නම් එතරම් ප්‍රශ්නයක් නොවේ. 
ගෘහ ජිවිතයේ සාමාන්‍ය සමාදානය ඇත. නමුත් ගැටුම් සහ බහින්බස්වීම් දුරදිග නොගෙන යාමට ඔබ වගබලා ගත යුතුය. ඒ ගැන විසේස සැලකිල්ලෙන් පසුවන්න. 
සෞඛ්‍ය තත්වයේ හිසේ අමාරු සහ, කලකිරිම්, වේදනාව දුක ආදිය ගැන සැලකිලිමත් වන්න.

• වෘශ්චික
මේ සතියේ මුල් කොටස තරමක අවාසි සහගතයි.
සතුරු කරදර සහ පීඩා ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන විමසිල්ලෙන් පසුවන්න. 
ව්‍යාපාරික සහ විවිධ වෘත්තින් වල නියුතු අයට මේ සතිය මධ්‍ය කාලයේ බොහෝ වාසනාවන්තයි. රැකියා වල නියුතු අයට ප්‍රධානින්ගෙන් ගරු සම්මාන ලැබීම, අලුත් වගකීම් සහිතව වැටුප් වර්ධක ලැබිම සිදුවේ. 
කෙසේ වෙතත් ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. 
ගෘහ ජිවිතය තුල තම අඹුසැමි ප්‍රීතිය වර්ධනය වන්නෙ 7 වැන්නේ සිකුරු සිටින නිසාය. එමනිසා දෙදෙනා අතර කායික ආශාවන් සපුරා ගැනිමට බොහෝ ඉඩකඩ ලැබේ. 
සෙම් අමාරු සහ බඩේ අජීර්ණ ගැන පරිස්සම් වන්න.

• ධනු
වාසනාවන්ත සතියකි. 
රැකියා කරන අයට සහ ව්‍යාපාරික අංශයේ අයට හොදයි. හවුල් වයාපාර කරන අයගේ දියුණුව වැඩිවේ. ඔබ කෙසේ වෙතත් ඉතාම සුපිරි අයුරින් තමාගේ වැඩකටයුතු මේ කාලයෙ ඇතිවු ග්‍රහ මාරු සමග ඉදිරියට ගෙනයයි. 
ඉගෙන ගන්නා දරුවන්ටද තරග විභාග වලින් සමත්විමට ප්‍රබල හැකියාවක් ඇත.
විදෙස් ගතව සිටින අයට හොදයි. 
අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. 
ආහාර අජීර්ණ රෝගාබාධ සහ යක්ෂ භූත ප්‍රේත භය ආදිය ඇතිවිමට ඉඩ ඇත.

• මකර
සුභ සතියකි. 
නිවසේ ප්‍රීති උත්සව පැවැත්වේ. ධන ධාන්‍ය තත්වය වර්ධනය වන්නේ නිරායාසයෙන්ය. විදෙස් රැකියා වල නියුතු අයටද ක්ෂෙත්‍ර වල ඇවිදිමින් රස්සා කරන අයටද සුබයි, නව පිලිගැනීම් ඇතිවේ. 
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර, හවුල් ව්‍යාපාර කරන අයටද මේ කාලය හොදයි. අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. දරුවන් බලාපොරොත්තු වන අයට දරුවන් ලැබේ. 
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත් සෙම් අමාරු සහ උෂ්ණාධික රෝගාබාධ ගැන විමසිල්ලෙන් පසුවන්න.

• කුම්භ
ශුභපලදායක සතියකි. 
රැකියාවේ ප්‍රබල ගැටළු නොමැති වුවත් බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කරන්න. ව්‍යාපාරික ක්සෙත්‍රයේ සිටින අයට හොදයි. කුම්භ ලග්න දරුවන් විභාග ආදියෙන් සමත්වීම සහ විදෙස් ගත අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නේ නම් ඒ කටයුතු සඵල කරගත හැක. 
ගෘහ ජිවිතයේ ප්‍රබල ගැටළු ඇති නොවේ. 
පපුවේ සෙම් ගතිය ගැන විමසිලිමත් වන්න සහ ශල්‍ය කර්ම වලට භාජනය වි ඇති අය ඒ තුවාල ගැන විසේසයෙන් සැලකිලිමත් වන්න.

• මීන 
ශුභ සතියකි. 
ධන ධාන්‍ය තත්වය අයහපත් නොවේ.
ඉගෙන ගන්නා දරුවන්ට විසේසයෙන් මේ සතිය සුබයි. ජලය ආශ්‍රිතව කටයුතු කරන අයටද මේ සතිය සුබයි. 
ලග්නාධිපති ගුරු උච්ච වූ මේ කාලයේ පවුලේ සාමාජිකයන්ට ජය ලැබෙන සුබ කාලයකි. දරුවන්ටද ඉතාම හොදයි. එසේම අඟහරු 7 වැන්නේ සිටින බැවින් සහකරු හා සහකාරිය අතර අන්නෝන්‍ය අවබෝධය පවත්වා ගැනිම අවශ්‍යයි. 
සෞඛ්‍ය තත්වය ගත්කල සෙම් රෝග ගැන විසේස අවධානයෙන් සිටින්න.

_ විවාහ වෙන්න හිතන් ඉන්නා අය ජෝතිෂ්‍යයෙන් දැනගත යුතු ප්‍රධානම කරුණු _

ඉතාම කුඩා දරුවෙක්ව උපත ලබන කුමර - කුමරියන් ළමා කාලය, නව යොවුන් විය පසුකර ඉන්පසු ලබන තරුණ අවධියෙදි බොහෝ දුරට කුමරෙකු නම් සිතන්නේ සුන්දර යුවතියකගේ ආදරය ලබාගැනිමට සහ ඇයව විවාහ කරගැනීමටය. 

● ගැහැණු දරුවෙකුත් එසේමයි. නමුත් විවාහ වීමට ප්‍රථම බොහෝදුරට ජෝතිෂ්‍ය කරුණු කාරණා ගැන වැටහීමක් නොමැති බව අප දන්නා කරුණකි. 

● මුහුණුපොත් සංස්කෘතියේ නව මානයන් සොයායමින් අපගේ මුහුණු පොත් පිටුවට සමීප වූ අපගේ අතිමහත් පාඨක තරුණ ප්‍රජාවට මේ උතුම් වූ ශාස්ත්‍රයේ ඇති වටිනාකම තේරුම් කරදෙමින් ඔවුන්ගේ මේ විවාහය නැමති මේ සුන්දර සිහිනය වඩාත් ඵලදායි සහ සුන්දර එකක් කිරීමට අප නොගන්නා උත්සාහයක් නොමැත. 

● දැනටම අප බොහෝ සමාජ සුභසාධන කටයුතු මේ මුහුණු පොතේ පිටු මගින් අපි කර ඇත්තෙමු. මේ ගැන බොහෝ කරුණු කීමට ඇතිමුත් ටිකකට නවතා අපගේ යෞවන යෞවනියන් උදෙසා මෙම විවාහය නැමති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සදහන් කල යුතු ආකාරය සදහන් කර දෙන්නම්.

● මේවා ගැන යෞවන යෞවනියන් දැනගැනීම ඔවුන්ගේ විවාහ ජීවිත ගැන දැනගැනිම ඔවුන්ගේ ජිවිත සාර්ථක කරගැනිමට මහත් රුකුලකි. 

● ඇයගේ හෝ ඔහුගේ ජන්ම ලග්නය, ලග්නාධිපති කවුද කියා බලන්න. 

● ගුරු, සඳු, ගුරු, බුධ යන ග්‍රහයන් සිටින්නෙ කොයි තැන් වලද බලන්න.
● එසේම 7 වන භාවයෙ සිටින ග්‍රහයන් කවුද කියා බලන්න. ඔහුගේ හෝ ඇයගේ කුජ - ශනි, කුජ රාහු, කුජ - චන්ද්‍ර, කුජ - ශනි - රාහු සංයෝගය එසේම පුද්ගලයෙක්ගේ ලිංගික අවශ්‍යතා හීන කරන ශනි-සිකුරු යෝගය සමාජ සම්බන්ධතා හීන අය, එසේ නැතිනම් දෙමාපියන්ගේ කීමට විවාහ කරගන්නා පිරිමින් ඔබ දැක ඇත. 

ඔවුන් විවාහ වෙන්නේ එම සමාජ සම්මතය ඉෂ්ඨ කිරීමට මිස විවාහ වූ යුවතිය සතුටින් තැබීමට නොවේ. 

● මෙවැනි අයට පිහිටයි බුධ - ශනි - සිකුරු යෝගය හෝ බුධ - ශනි යෝගය. 
මෙවන් අයට තම බිරිදගේ කාමාශාව තෘප්තිමත් කල නොහැක. එසේම බලන්න,

● රවි - සිකුරු, කුජ - සිකුරු යෝගය, මා පෙර සදහන් කල ග්‍රහ සංයෝග ලග්න භාවයේ, 2වන භාවයේ 4, 8, 12 වන භාව වල ඇත්දැයි පරික්ෂා කරන්න.

එසේම රත්තරන් දුවේ පුතේ, ඔබලා දැනගන්න විශේෂයෙන්ම විවාහ වන විවාහ ස්ථානය සම්බන්ධව.
විවාහ ස්ථානය වූ 7 වැන්නෙන් මේ මේ කරුණු කාරණා නිවේදනය වේ- මේවා විවාහයට අදාල වේ.