රාහු, කේතු යන ග්රහයන් 2නාට මැදිව අනිකුත් ග්රහයන් පිහිටීම කාල සර්ප යෝගය වේ. මෙහිදී රාහු කේතු ග්රහයන් 2ට එක් පසෙකින් අනිකුත් ග්රහයන් සිටීම කිව හැක. එසේම එම ග්රහයන් 2ම සමග හෝ තනියෙන් තවත් ග්රහයෙකු සම්බන්ධව ඇත්නම් එය අර්ධ කාල සර්ප යෝගක් වේ.
* කාල සර්ප යෝගයක් තිබේද යන්න, එහි බල දුබලකම් නිවරදිවම කීමට භාව කේන්දරය හෝ සූක්ෂම කේන්දරය බැලිය යුතුය.
කාල සර්පය ඇතිවන්නේ බලවත් අකුසල කර්මයක ප්රතිඵලය නිසා යැයි පොත පතේ කියවේ. පොදුවේ කාලසර්ප යෝගයෙන් කිසිම ගුණයක් නැති කරදර පමණක්ම දෙන යෝගයකි. ඉතාම කලාතුරකින් යහපත් ඵල ලැබෙන බව කියවේ. නමුත් අප අත්දැක නැත.
කාල සර්ප යෝගයේ විසේසත්වය නම් ජිවිතයේ එක් කාලයක යහපත් වීමත් අනිත් කාලය අයහපත් වීමත්ය.
පොදුවේ විවාහය, අධ්යාපනය වැනි කාරණා වලදි කාලසර්ප යෝගය ඇති අය අවාසනාවන්ත වෙති.
විසේසයෙන් විවාහයේ නිසි ඵල ගැනීමට නොහැකිවිම, අධ්යාපනයේ තරමට දියුණුව නොලැබීම ආදිය වේ.
රැකියා දියුණුව, ධනය ආදි සියල්ල සාර්ථක වුවත් යම් යම් අතින් දුර්වල අවාසනාවන්ත තත්වයන් කාල සර්පය ඇති අයට ඇතිවේ.
එම තත්වයන්ගේ පලදීම ගැන නිවරදිවම පලාපල කිව හැක්කේ අදාල කාලයන් අනුවය.
කාල සර්පය තිබෙන කෙනෙකු තව අය රැවටීමට, වංචා කිරීමට, කරදර කිරීමට කටයුතු කර ඇත්නම් පසුව පාප දෘස්ඨි ඇතිවන කාලයකදි ඉතා දරුණු විපාක ලැබෙන බව අත් දැක ඇත.
රාහුගේ සිරිත පිස්සු වැට්ටීම හෝ නිවරදි සිහියෙන් තොරව කටයුතු කරවීම නිසා කාල සර්පය විපාක දෙන විට නොසිතු විරූ කරදර ඇති කරගැනීම දක්නට ලැබේ.
කාල සර්පය ඇති අයට රාහු මහ දසා වලදි ඉගෙනීමට අයහපත් බවද කේතු මහ දසා වලදි යහපත් බවද අත්දැකීමෙන් දනිමු.
කාලසර්ප යෝගය ඇතිනම් විසේසයෙන් කල යුත්තේ, ඉතාම ධාර්මික ජිවිතයක් ගත කිරීමයි. උපන් දේශයෙන් පිටවීමද වැදගත් වේ. එසේම විවාහයේදි ඉතාම හොඳින් පරික්ෂා කර බලා කරගත යුතුය. නොගැලපෙන විවාහයක් කරගැනීම තමාගේ කරදර තීව්ර වනවා මෙන්ම තවත් කෙනෙකුට නැති කරදර ඇති කරවීමක් බව කාලසර්ප ඇති අය හිතට ගත යුතුය.
Friday, February 28, 2014
Tuesday, February 25, 2014
සමහර අවස්ථා වල විවාහයන් කල් යෑම
සමහර ගෑණු දරුවන්ට විවාහයන් සාර්ථක නොවන්නේ කේන්දර සටහන නිසාම නොව, බොහෝවිට මලගිය ප්රාණකාරයෙකු, එනම් බොහෝවිට මියගිය ඥාතියෙකු ඇයගේ එම කටයුතු වලට බාධා කරන නිසාය.
ගෑණු දරුවා ප්රියමනාපව හැඩට සිටියත්, අදාල කටයුතු කරන අවස්ථා වලදි ඇයගේ නියමාකාර ලස්සන පිට අයට නොපෙන්වීමට එම බලවේගයන් කටයුතු කිරීමෙන් විවාහයන් කල් යන අවස්ථා අත්දැකීමෙන් දනිමු.

Sunday, February 23, 2014
ජල නන්දන යන්ත්රය පැලදීම සුදුසුද ?
(ඉරු සේවයේ යන්ත්ර පිලිබඳ කටයුතු වල මූලික්තවය දරන උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ සමඟ කරන කතාව 3)
* ප්රශ්නය :- තියෙන මතයක් තමයි ජල නන්දන පිරිත ගෙදරක කියන එක සුදුසු නෑ කියල, ජල නන්දන යන්ත්රය පැලදීම සුදුසුද කියන එක ?
ඔබතුමා පැහැදිලි කරල දෙන්න මේ ගැන... ?
* පිලිතුරු :-
මගේ පිලිගැනීම මේකයි, ජල නන්දන පිරිත කියන්නෙ ඉතාම යහපත් වටිනා පිරිතක්. මෙයින් යම්කිසි අවැඩක් එවන් දෙයක් තිබෙනවා නම් එය විනාස වෙනවා මිසක් යහපත් දෙයක් විනාස වෙන්නේ නෑ.
පිරිතකින්, බුදු ගුණයකින් කිසිම දවසක යහපත් දෙයක් විනාස වෙන්නෙ නෑ. අයහපත් දේවල් තමයි විනාස වෙන්නෙ. බුදු ගුණය තමයි ජල නන්දන පිරිතෙත් තිබෙන්නෙ. එහෙම නම් අප කරන්නාවූ සියලුම යහපත් කටයුතු, යන්ත්ර මන්ත්ර වැනි කටයුතු ජල නන්දන පිරිත ඇසූ සැණින් විනාස වෙන්න ඕන. එහෙම දෙයක් වෙන්නෙ නෑ.
* ප්රශ්නය :-
පැහැදිලි කිරීමක් කරන්න, උදාහරණයක් හැටියට මම රාහුගේ අපලයට නාගර්ජුන යන්ත්රය දමනවා. යම් ක්රමයකින්නෙ ඒක කරන්නෙ. ඒ අතරම අපේ ගෙදර ඒකත් එක්කම යම්කිසි අවශ්යතාවයක් එනවා ජල නන්දන යන්ත්රය කාට හරි පලන්දන්න හෝ ඒ ගෙදර ආරක්ෂා වෙන විදියට, සිව්කොණ අටකොණ ආරක්ෂා කරන්න එහෙම.
ජල නන්දන පිරිතේ එක ගාථා රත්නයක් තියෙනවා “ යන්ත්ර මන්ත්ර හරං කත්වා “ කියල.
එතකොට මෙතනදි යම් කිසි කෙනෙකුට චකිතයක් ඇති වෙන්න පුලුවන් නේද දැන් මේ යන්ත්රයක් මම දාගෙන තියෙනවා, දැන් ජල නන්දන පිරිත කිව්වා ඒකෙන් අර යන්ත්ර මන්ත්ර හරං කත්වා කියන පාඨය නිසා අදාල එම යන්ත්රයේ බලය බිඳෙන්න පුලුවන්ද කියල. බොහොම වගකීමෙන් ඒ ගැන ප්රකාශයක් දෙන්න පුලුවන්ද ?
* පිලිතුර :-
සාමාන්ය ලෙස අපල උපද්රව තිබෙනවා නම් බුදු ගුණයෙන් එම අපල නැති වෙලා යහපත් වෙනව මිසක්, අයහපතක් වෙන්නෙ නෑ. අනිවාර්යෙන්ම ජල නන්දන පිරිතෙන් යහපත් දෙයක් විනාස වෙන්නෙ නෑ. යන්ත්රයක් පලදින්නෙ නව ග්රහයන්ගෙන් පැමිණෙන අපල උපද්රව දුරු කරන්නනේ. ශාන්තියක් කරගන්නයි. ජල නන්දන පිරිත කිව්ව කියල ඒකෙන් අයහපතක් සිද්ධ වෙන්නෙ නෑ.
සත්පුරුෂයෙක් !
එක්තරා කාරණාවකට මහනුවර සිට වත්තේගම නගරය බලා ගමන් කලෙමි. ඒ අතරතුර මාගේ හිතවතෙකු මුණ ගැසීමට පොල්ගොල්ල නගරයෙන් බැස ත්රිරෝද රථයකින් එක්තරා ස්ථානයකට යෑමට පිටත් වූයෙමි.
කිසියම් ආකාරයකින් ත්රිරෝද රථයෙදි මාගේ නවතම නොකියා වර්ගයේ ජංගම දුරකථනය අමතක විය. මා එය දැනගත්තේ, පැයකට පසුවය. මාගේ ඇති කාර්යබහුලතාවයත් කලබලයත් නිසා මට ඒ ගැන වැඩි අවධානයක් ගෙනදුන්නේ නැත. කෙසේ වෙතත් පැයකට පසුව දුරකථනය සොයා බැලූ කල දුරකථනය නැතිවී ඇති බව මට හැඟුනි.
මා දුරකථනය සම්බන්ද බලාපොරොත්තු අත්හැරියෙමි. එය වටිනා දුරකථනයක් බැවින් ලැබුනු කෙනෙක් නැවත දීමට උනන්දුවන්නේ නැත. නමුත් සැකයෙන් මා මාගේ දුරකථනයට අංකනය කල විට, එය නාද වී එය ලැබූ කෙනා ඇමතුම ගෙන මාගෙන් තොරතුරු ඇසුවේය. මාගේ අනන්යතාවය සම්බන්ධව විමසුවේය.
පසුව ඔහු පොල්ගොල්ල නගරයේ එක්තරා ස්ථානයකට පැමිණ මට කතා කලේය. එම පුද්ගලයා එම ස්ථානයේ මා එනතුරු දුරකථනයත් සමඟ සිටියේය. මා පැමිණි පසු මට දුරකථනය භාර දුන්නේය. මොහු මා කලින් ගිය ත්රිරෝද රථයේ රියදුරා නොවේය. මා ත්රිරෝද රථයෙන් බැස ගිය පසු මගදි එම රථයට ගොඩවූ පුද්ගලයෙකි. මාගේ දුරකථනය ලැබී තිබුනේ ඔහුටය.
මට ඒ වෙලාවේ හැඟුනේ ඔහුගේ තත්වයයි. ඔහු තියාගෙන සිටියේ ඉතා පරණ ජංගම දුරකථනයකි. ඔහු ඇල්කඩුව වත්තේගම පදිංචි සුසන්ත මහතාය.
වෘත්තියෙන් ඔහු පින්තාරු ශිල්පියෙකි. එතරම් මිල මුදල් යහමින් ඇත්තෙක් නොවේ. ඔහු මට කී දේ තමයි,
“ අයියේ, මට මේ ෆෝන් එක ගන්න තිබ්බා, සිම් 2 විසිකරාට පස්සෙ හොයන්නත් බෑ. ඒත් මගේ හිත දන්නවා මේක කාගෙ හරි අනුන්ගේ දෙයක් කියල. මට හිතුනා මේ ෆෝන් එක නැතිවෙලා කියල අයිතිකාරය කොච්රච පපුව පුච්චගෙන ඇත්ද කියල. මට මේක අයිති වෙනවට වැඩිය ඔයා මේක නැවත ලැබුනු නිසා ඔයාගේ ඇස් වල තියෙන සතුට, හිතට දැනුනු සතුට මට මිල මුදල් කෝටියකට වඩා වටිනවා “.
එසේ පැවසූ විට මා ඔහු ගැන පුදුම උනා. මෙවැනි උතුම් මිනිසුන් මේ ලෝකයේ හැමතැනම සිටිනවා නම් මේ ලෝකය කෙතරම් සුන්දර තැනක් වේවිද කියල මට කල්පනා උනා. මගේ හදවතින්ම ඒ උතුම් මිනිසාට හදපිරි ස්තූතිය පුද කරනවා.
මෙවැනි සත්කාරයක් සම්බන්ධව අන්තර්ජාලයේ පලකිරිමට ඉරු සේවය( Iru Sewaya/Iru Astrology) සහ අපගේ සහෝදර රිවි සඳ බ්ලොගය සහ හිතෙන දේවල්(හිතෙන දේවල් - Our Feelings) යනාදි සියලුම පේජයන් සුදුසු බව සිතුනි.
මේ උතුම් පුද්ගලයාට ජය වේවා ! මේ පුද්ගලයා පරමාදර්ශී චරිතයක්ව පිලිගෙන අන් අයත් මේ ආකාරයට තව කෙනෙකුට උදව් කිරීමට සිත් පැහැදේවා යනුවෙන් ප්රාර්ථනා කරනවා ! එතුමාටද එතුමාගේ පවුලේ දුවා දරුවන් සියලු දෙනාටද සුභ අනාගතයක් උදා වේවා.
යහපත කරන විට යහපතම පෙරලා ලැබෙන බව උදක්ම විශ්වාසය !
බුදු සරණයි !

ඔබගේ දෛව අංකය අනුව ඔබ කොහොමද ? (පොදු විස්තරයකි)
අංක විද්යාව සම්බන්ධව පූර්ණ පලාපල සහ අංක විද්යාවේ ඇති වැදගත්කම ගැන අපගේ සේවයේ ඔබතමුන්නාන්සේලාට විශේෂ උපදේශන අපගෙන් ලබාගත හැක. විශේෂයෙන්ම අංක 1 සිට 9 දක්වා දෛව අංක හිමි අයට හිමි පොදු ලක්ෂණ ගැන විග්රහයක් මෙසේය.
උදාහරණයක් ලෙස, 1976 පෙබරවාරි 18 හිමි අයට උපන් දිනය 18 බැවින් එහි එකතුව 9 හිමිවේ.
එමෙන්ම උපන් දිනය 9 වන දින උපන් අයටත්, 27 වන අයටත් අංක 9 හිමි වේ.
*** මෙය පොදු විස්තරයකි. නමුත් ඉරු සේවය සහ එහි සහෝදර රවි සඳ ජෞතිෂ්යය පර්යේෂණ ආයතනයේ උත්සාහයට කරන ලද පර්යේෂණයක ප්රතිඵලයකි.
1
හිමියන් ස්වභාවයෙන්ම ආඩම්බරකාර චරිත ලක්ෂණ ඇති අය වෙති. ඍජු තීරණ ගනී. කෙලින් කතා කරයි. ඇත්ත කතා කරයි. අයුක්තිය නොඉවසයි.
ඌෂ්ණාධික රෝග, අක්ෂි ආබාධ ඇතිවීමට ඉඩ ඇත. බොහෝදුරට රාජ්ය අංශ වල සහ හමුදාව පොලිසිය දේශපාලනය ආදි ක්ෂෙත්ර වල ප්රකට චරිත වේ.
2
ස්වභාවයෙන්ම කාරුණික චරිත වේ. හදිසි කලබලය නිසා සමහර දේවල් අවුල් කරගනී. එමෙන්ම බොහෝ වෙලාවට ස්ථිර තීරණ නොගනි. ප්රකට ඉන්දියානු අංක විද්යාඥ බී.වී. රාමන් පඬිතුමාගේ ග්රන්ථයකට අනුව දෛව අංක 2 හිමියන් යම් ක්සෙත්රයකින් ඉහලට ගියොත් ඔහුව වැලැක්වීමට නොහැක. එමෙන්ම පහලට වැටුනත් එම තත්වයෙන් මුදවා ගැනීමට ඉතා අපහසුය.
විශේෂයෙන්ම සෙම් ආකාර රෝග මේ අයට ඇතිවේ. ජලය මාරක වේ. ඒවායින් පරිස්සම් විය යුතුය.
3
සියලුම දෙනා වාසනාවන්ත ඇති අයයි. මුහුකුරා ගිය ප්රඥාවක් සමග ප්රධානත්වයෙන් වැඩ කිරීමට පුලුවන. මේ අයගේ ජීවිත බොහෝවිට උගත්කම හා බැඳී පවතී. බුද්ධිමත්ව කටයුතු කරයි. එමෙන්ම අංක 3 හිමි කාන්තාවන් තමන්ගේ ස්වාමි පුරුෂයන් සමග විවිධාකාර මත ගැටුම් ඇති කරගන්නා බව අපගේ පර්යේෂණ වලට හසුවී ඇත.
අප අංක 3 හිමියන්ට ප්රකාශ කරන්නේ එවන් තත්ව මගහරවාගේන ජිවත් වන ලෙසයි. බොහෝවිට මේ අය මූල්ය ක්ෂෙත්රය සම්බන්ධ රැකියා වල නියුතු වේ.
4
කලබලකාරි චරිත හිමි අයයි. මේ අය විචාර බුද්ධියෙන් වැඩ නොකිරිම නිසා බොහෝ දේවල් අවුල් කරගනී. දේශපාලන ක්ෂෙත්රයේ නියුතු අයට මෙම අංකය ඉතා ශුභයි. තවද යම් යම් ක්ෂෙත්ර වල වැඩ කරන අයටද මෙරට පිටරට වැඩ කරන අයටද මෙම අංකය ශුභයි. ප්රසිද්ධ වේ. බොහෝවිට උපන් රට හැර යාමට හෝ උපන් ප්රදේශයෙන් ඉවත්වීමට මේ අයට සිදුවේ. විසේසයෙන් ප්රසිද්ධ වේ.
එය එම පුද්ගලයාගේ චරිතය අනුව හොද නරක 2න්ම විය හැක.
5
බුදට අයත් අංක 5න් උපන් අයට සුවිශේෂි වරප්රසාද අංකය මගින් හිමිව ඇත. මහා බුද්ධිමතුන්, චින්තකයන්, විද්යාඥයන් අංක 5න් උපන් අයවේ. තීක්ෂණ බුද්ධියක් සමග සිත් ඇඳ බැඳ ගන්නා කතා බහ සහ උපදෙස් දීමේ ඥානය සහ සැලැසුම් සහගත බව මෙම අංක 5න් උපන් අයගෙන් විද්යාමාන වේ. විශේෂයෙන්ම කථිකත්වයද හිමිව ඇත. බොහෝ ප්රියමනාප තමන්ගේ වචනය නිසා තමන් බුද්ධියත් වචනයත් 2 නිසා ඉහලට ආ අයගේ දෛව අංකය බොහෝවිට 5 විය හැක.
අංක 5 එකතුව එන වාහන ගැනීමටද ඉතා සුබයි.
* හිටපු ජනාධිපති රණසිංහ ප්රේමදාස මැතිතුමා අංක 5න් උපන් අයෙකි. එතුමා අංක 5 හිමි බැවින් බුධට හිමි වන ගති ගුණ අතර කඩිසර බව සහ අනලස් බව සහ ශූර කථිකත්වය එතුමාට ලැබී තිබින.
6
සිකුරුට අයත් 6ද ඉතාම ශුභ අංකයකි. මෙම අංකයෙන් උපන් සියලුම දෙනා ප්රීතියෙන් කල් යවන්නෝ වෙති. බොහෝම හොඳින් තම කටයුතු ඉතාම ලෙහෙසියෙන් පහසුවෙන් කරගැනීමට වාසනාව ඇත. ධනවත් වේ. රූමත්, බුද්ධිමත් අය වේ. අංක 6 හිමි වාහන ඉතාම හොඳ තත්වයේ පවතී. කෙතරම් පරණ වුවත් අද ගත්තා මෙන් නැවුම් බවක් අලුත් බවක් පවතී. ඉතාම ශුභ අංකයකි.
7
කේතුට අයත් අංක 7න් උපන් අය සමහරවිට මන්දගාමිව කල්පනා කරන අය වුවද බුද්ධිමත් වේ. බොහෝවිට කොන්දේ සහ කකුල් වල ආබාධ ඇතිවිමට ඉඩ ඇත.
විශේෂ දෝෂ නොමැත.
8
ශනිට අයත් 8න් උපන් අයට දියුණුව හිමිවන්නේ බොහෝ සෙමිනි. එහෙත් එය ස්ථාවර දියුණුවකි. බොහෝවිට මුල් කාලයෙදි බොහෝ කරදර ඇතිවේ. නහර ආබාධ ඇතිවිය හැක. ජන්ම කේන්දරයේ ශනි අසුභව පිහිටා එම මහ දසාව ලැබුවොත් බොහෝ කරදර ඇතිවේ.
* අංක 8 හිමි ලොව ප්රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජීවන කතාව බැලූ කල මෙම සෙනසුරුට අයත් ගති ලක්ෂණ මෙතුමියට ප්රධානය කර ඇත. එතුමිය තරුණ අවධියේම තමන්ගේ ස්වාමි පුරුෂයාගේ වියෝගය දරා ගැනිමට සිදුවිය. එහි ප්රතිඵලයක් වශයෙන් තමන් අග්රාමාත්ය ධූරයට පැමිණ විවිධ වූ බාධක සහ කුමන්ත්රණ මැදින් රාජ්ය පාලනය කර 1977 දි අන්ත පරාජයක් ලැබ, ප්රජා අයිතිය පවා අහෝසි විය. මෙය එතුමිය ජිවිත කාලයේ ලැබූ ඉතාම අවාසනාවන්ත සිදුවිම ලෙස දැක්විය හැක. ශනි ග්රහයා නැවත මතු කරන ග්රහයෙකු බැවින් 1994දි නැවත අගමැති ධුරයට පත්විය.
9
ඉතාම නිර්භීත අය වෙති. එමෙන්ම පරිවාර සම්පත්තිය හා ඒ හා බැඳුනු පිරිස් බලය මනා කොට සම්පාදනය වේ. මෙම අංකයෙන් උපන් අයට රාජ්ය ආයතන වලට සහ හමුදා පොලිසි වල සැලකිලි, අනුග්රහ ඇතිවේ. මේ අංකයෙන් උපන් බොහෝ දෙනා දේශපාලන ක්ෂෙත්රයේ හෝ එවන් ඉහල වෘත්තින් වල සේවය කරයි.
* අප රටේ රාජ්ය නායකයා වන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන්ටද අංකය 9 හිමිව ඇත. එතුමා 18 වන දිනක ජන්ම ලාභය ලබා ඇත. අංක 9 ඇති පෞරුෂය එතුමාට ලැබි ඇත.

_අතිශයින් පිරිමින්ට පමණයි. (01)
ඔබටත් දුටු ගැමුණු රජු, ගජබා රජු වැනි සැබෑ පිරිමියෙක් වන්නට උවමනාද ? "කාය බලය, මානසික බලය, ශක්තිය" වඩවා ගැනීමට මෙන්න උපදෙස්.
* ගහේම ඉදුනු පුල්ලි හොරණවාලු ගෙඩි 50ක්, කිතුල් හකුරු රාත්තල් 2ක්, මීපැණි බෝතල් 2ක් රැගෙන හකුරු ගා කෙසෙල් ගෙඩි හීනියට ලියා ගන්න.
* මීපැණි බෝතල් 2 ක් පෙරා එයට මිශ්ර කර ඒ සියල්ල බහාලූ මුට්ටිය හට්ටියකින් වසා මැටි බැඳ ලිප යට රස්නය වදින සේ වළලා තුන් මස(2) පිරුන දා ගොඩගෙන බෝතලයක දමන්න.
* දිනපතාම උදේට බුළු ගෙඩියක් තරමට වළඳනු.
** කාය බල හා දීර්ඝායුෂ ගෙන දෙන දිව්යමය ඖෂධයකි.
__ තවත් මෙවන් ඖෂධ ගැන විස්තර ලගදීම....
#Irusewaya
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, ජීවිතයේ ජයග්රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්ර, නාමකරණය (පුද්ගල, ව්යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

ජෞතීර්වේදින්ගෙන් නියම සේවය ඉෂ්ඨ වෙනවාද ?
( ඉරු සේවයේ ජාත්යන්තර උපදේශන පිලිබද ජෞතිර්වේදි රාජකරුණා මහතා විසිනි )
2 කොටස
ප්රශ්නය :- අපට කියන්න මහත්තයා, ජෞතිර්වේදින්ගෙන් අද එම නිවරදි සේවාව ඉෂ්ඨ වෙනවද ?
ඔබතුමත් දන්නවා අපගේ සේවයට අන්තර්ජාලය හරහා මුණ ගැසුනු සමහර අය සිටිනවා ලක්ෂ ගණන් ජෞතිෂ්යයට, යන්ත්ර මන්ත්ර කටයුතු වලට වියදම් කරලා කිසිම යහපතක් නොවි සිටිය තැනිනුත් පහලට වැටුනු අය...
මේ හේතු නිසා ජෞතිෂ්යයට අකමැති හෝ එවන් විරුද්ධතා ඇති අයට ලොකු අවියක්, උදව්වක් වෙලා තියෙනවා මේ කාරණය ජෞතිෂ්යයට විරුද්ධව ගන්න.
ඉතින් එහෙම අය නිසා, නක්ෂත්ර සූචකයන් වැනි නමක් තියෙනව අහල තියෙනවා. ඒ අය නිසා ශාස්ත්රයට වන හානිය ආදිය ගැන විග්රහයක් බලාපොරොත්තු වෙනව.
පිලිතුර :-
“ඇත්තටම මහත්මයා, සාමාන්යයෙන් පොතක් 2ක් කියවලා, ජෞතිෂ්යය පත්ර කියවලා ජෞතිර්වේදින් වෙන්න පුලුවන් නම් අද බොහෝ දෙනෙක් එහෙම වෙලා. මේක එහෙම බෑ. එක රැයකින් කරගන්න බෑ. මේකට සංසාරගත බැඳීමකුත් තියෙන්න ඕන. ඒවගේම එම පුද්ගලයා ප්රායෝගික කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නෙ යම් දෙයක් එහෙම උනා නම් ඒක වෙන්න හේතුවත් හොයන කෙනෙක් වෙන්න ඕන.
මට මතකයි මහත්තයා මම ඒකාලේ කේන්දර බලන්න පටන් ගත්ත කාලේ, ඒ කාලේ මගෙ ගාවට එන අය කේන්දර 10-15ක් දීලා ඒ අතර මියගිය කෙනෙක්ගෙත් කේන්දර සටහන දීලා අහනවා මෙයාට කොහොමද කියල..
එතකොට මම කරන්නෙ කේන්දර අතරින් ඒ කේන්දරය විසි කරනවා, මෙයා ජිවත් වෙලා ඉන්න බෑ කියල.
අද ඇත්තටම කියනව නම්, රටේ මුද්රිත මාධ්ය, ශ්රව්ය මාධ්ය(එෆ්එම් චැනල්), ශ්රව්ය දෘෂ්ය මාධ්ය(රූපවාහිනි නාලිකා) ඒවගේම ඔබතුමා කියන සමාජ වෙබ් අඩවි උනත්, ඒවට එන බොහෝ දෙනෙක් කල්පනා කරන්නෙ තමන්ගෙ බඩගෝස්තර වාදය ගැන තමයි, සේවයක් කරන්න නෙමෙයි. මාධ්ය සංදර්ශන තමයි තියන්නෙ. කියන්න අකමැති උනත් කියන්න ඕන කාරණයක්.
සමහරවිට වෘෂභ ලග්නයට අද ඉතාම සුභයි කියනවා, නමුත් වෘෂභ ලග්න කෙනෙක්ට කන්නවත් එදා නෑ. ඉතින් කියන්න ඕන මේක පොදු පලාපලයක් කියල.
ඇත්තටම ජෞතිර්වේදියෙක් උනාම, උතුම් වූ ජෞතිෂ්යය නාමයෙන් කියන්නේ, ඒ පුද්ගලයාට පක්ෂයක්, පාටක්, වර්ණයක්, කුලයක්, ආගමක් නෑ. තමන් ගාවට එන සෑම කෙනාටම සම මෙත් සිතින් කටයුතු කරන්න ඕන.
අපි දකිනවා සමහර ජෞතිර්වේදින් කියාගන්නා අය යම් යම් අයට පක්ෂපාතිව කරන ප්රකාශයන් නිසා හානිය සිද්ධ වෙන්නෙ ජෞතිර් විද්යාවටමයි. මාධ්ය සංදර්ශන තමයි ගොඩක් වෙලාවට තියෙන්නෙ. ඔබතුමා අහපු නිසා තමයි මේ කිව්වෙ අකමැති කාරණයක් උනත් “

Thursday, February 20, 2014
_අපගේ සේවා ලබාගන්නා අයගෙ දැනගැනීමට පිණිස,
ගරු සේවයක් ලෙස ආරම්භ කල අප සේවයේ ලැබෙන සෑම මුදලකින්ම බොහෝ සමාජ සත්කාර වලට අප විසින් ලබා දෙන්නෙමු.
එතරම් යහමින් මුදල් නැති පන්සල් වල ස්වාමින්වහන්සේලාට සිවුරු පිරිකර රැගෙන දෙන්නෙමු. සීතල පැති වල සිටින ස්වාමින්වහන්සේලාට එම සිවුරට ඔබින ලෙස අදාල වර්ණයෙන් ජර්සි ලබාදීමට කටයුතු කරමින් සිටින්නෙමු.
එසේම සත්ව අභය දාන කටයුතු වලට ආධාර කරන්නෙමු. විසේසයෙන් පැටව් ලැබීමට සිටින ගව මාතාවන් නිදහස් කරගැනීමට කටයුතු කර ඇති අතර දිගටම එම කටයුතු කරන්නෙමු.
ගව ඝාතනය පමණක් නොව සෑම සත්ව ඝාතනයක්ම මේ ධර්මද්වීපයේ නැතිවනු දැකීමට උදක්ම බලාපොරොත්තු වුවද එවන් තත්වයක් ඇති වන තුරු හැකි පමණ අප මෙම කටයුතු කරන්නෙමු.
හාල් කිලෝ 1ක් ගෙදර ගෙනවිත් එය නොඋයා කැඳ ලෙස වැඩි දෙනෙක්ට බීමට හා කෑමට සාදා ගන්නා පවුල් මේ රටේ ඇත.
එසේම එක වේලක් කෑ පසු නැවත වේලාවක් කෑමට ලැබේද නැද්ද යන්න නොදන්නා පවුල් මේ රටේ ඇත. අප විසින් වසර 10-20කට අධික කාලයක් සිට කලාසේ එවන් පවුල් වලට හාල්, පොල් ලබාදීමට දිගටම කරන්නෙමු.
මෙම සේවා පවා ලබාගන්නා විට සැබෑවටම අසරණ වී සිටින අය හැකි පමණ උපදේශන සහ සේවාවන් ලබාදී ඇත්තෙමු.
* ඒ අනුව ඔබලා ලබාගත් සේවාවන් වලින් ඔබලාට යහපත සිද්ධ වී ඇති බව විශ්වාස අතර, ඊට අමතරව ඔබලා දැන නොසිටිත් තවත් පින්කම් වලට දායක වී ඇති බව දැනුම් දෙමු.
එම පින්කම් අපගේ සේවයන් ලබාගත් සහ Iru Sewaya (Iru Astrology) සහ සහෝදර රිවි සඳ බ්ලොගයේ(http://www.rivisanda.blogspot.com/) සියලු පාඨක ජනතාවටත් අනුමෝදන් වී ඔබලාගේ ජීවිත තව තවත් යහපත් වේවා !
රත්නත්රයේ පිහිටයි !

Wednesday, February 19, 2014
ජය යෝගය
ශනි ග්රහයා කුම්භ රාශියේ සිටීමෙන් ඇතිවේ.
“ඉතාම ධෛර්යවන්ත අය වෙති.
ආත්ම විශ්වාසය නිසාම ජය ලබයි.
පලාතකට තම ඥාතින්ට නායකයා වෙයි.
කෘෂිකාර්මික කටයුතු වලට ඉතා හොඳය.“
ඔබ මේෂ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 11 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ වෘෂභ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 10 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ මිථුන ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 9 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ කටක ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 8 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ සිංහ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 7 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ කන්යා ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 6 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ තුලා ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 5 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ වෘශ්චික ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 4 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ ධනු ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 3 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ මකර ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 2 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ කුම්භ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 1 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ මීන ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 12 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

Subscribe to:
Posts (Atom)