Sunday, August 2, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 3 සිට

● මේෂ
ඔබට සමඵල සතියකි.
ආර්ථික තත්වයේ විචල්‍යතා ඇතිවන සතියකි. එසේ නම් සතියේ මුල් දවස් 2තුල ඔබට පාඩු අලාභ සිදුවිය හැක. ණය ගනුදෙනු ආදිය සහ මුදල් හුවමාරුව සම්බන්ධව. එනමුත් සතිය මැදදී මේ තත්වයන් පහවී ඔබට වාසනාව සෞභාග්‍යය ඇතිවේ. ආදායම ඇතිවේ. වෙලදාම් කරන අයට නව ආදායම් තත්වය ඇතිවේ.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට, සමාදානය රජ කරයි. ඔබ සමාජයට ප්‍රියමනාප අයෙකු බවට පත්වෙයි. තවද ඔබගේ ඥාති මිත්‍රාදීන් නිවසට එන කාලයකි. අලුත් හිතවත්කම්ද ගොඩ නැගේ.
සෞඛ්‍ය තත්වය නහරගත පාද වල වේදනා, එමෙන්ම සෙම් අමාරු, උගුරේ සෙම් ගතිය ආදිය ඇතිවෙන්නට හැකියාව ඇත.

● වෘෂභ
මේ සතිය සමඵලයි.
සතියේ මුල ඔබට හොදයි. ආර්ථික වාසි, එසේම ඔබගේ ධන-ධාන්‍ය තත්වයේ වර්ධනයන් ඇතිවේ. තවද මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. නමුත් සතිය මධ්‍ය කොටසේ පාඩු, ආර්ථික අවහිරතා මතු කරනු ඇත. විශේෂයෙන්ම ණය ගනුදෙනු වලදි පරිස්සම් විය යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර ඥාති මිත්‍රාදින් ආශ්‍රයට සහ පවුලේ අයගෙන් ගරු නම්බු ලැබෙන කාලයකි. විශේෂයෙන් ඔබට ජිවිතයේ ජයග්‍රාහි මාවතකට පියමැන්න හැක. සතිය අග හොදයි.
සෞඛ්‍ය තත්වය ඔබට හොදින් ඇත. සතිය අගදි යම් වා පිත් සෙම් ආදි රෝග වලට නතු වීමක් පෙන්වයි. ඒවායින් ප්‍රවේසම් වන්න.

● මිථුන
මේ සතිය ඉතාම හොදයි.
කරන කියන රැකි රක්ෂා ව්‍යාපාර ආදිය දියුණු වේ. එසේම ඔබට තිබුනු ප්‍රබල බාධක ගැටළුවක්, කරදරයක් ඔබගෙන් ඉවත්ව යයි. තවද නෑදෑ හිතමිතුරන්ගෙන් දියුණුවට උපකාර ලැබේ. තවද ඔබගේ අලුත් ව්‍යාපාර ආදිය මෙම කාලයෙදි ආරම්භයට සුදුසු බවත් කියමු.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. තවද ඔබගේ ජිවිතයට වැඩිහිටියන්ගෙන් ආශිර්වාද ලැබේ. අතමිට සරුවන කාලයක් නිසා ප්‍රිය සම්භාෂණ, විනෝද ගමන් ආදිය යෙදෙන බවත් කිව යුතුය.
සෞඛ්‍ය තත්වයට ප්‍රබල ගැටළුවක් නොමැති අතර, නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමු වන්න.

● කටක
ඔබටද ඉතාම ප්‍රීතිමත් සතියකි.
දෙමාපිය, වැඩිහිටියන්ගේ ඔබට ආර්ථික තත්වය ගොඩනගා ගැනීමට උපකාරය ලැබේ. එසේම කරන කියන කටයුතු සතිය මුළුල්ලේම සාර්ථක තත්වයක් පෙන්වයි. එසේ නම් ඔබ උනන්දු වන්න මේ තත්වය දිගටම පවත්වාගෙන, මේ සතිය තුල ආර්ථික වර්ධනය දිගටම පවත්වාගන්න. ලග්නාධිපති උච්ච වෙන මේ සති අන්තයේ ඔබට හදිසි ධනලාභද හිමිවන බව පෙන්වයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ ප්‍රීතිය, සමාදානය, අඹුසැමි ප්‍රේමය දළුලන කාලයකි. වැඩිහිටියන්ට කරන උපහාරයක් වශයෙන් ඔවුන්ව වන්දනා ගමන් වලට සම්බන්ධ කරගැනිමට ඔබට හැකියාව ඇත.
අයපත් නැත නිදන්ගත0

● සිංහ
සමඵල සතියකි.
ආර්ථික තත්වය සාමාන්‍ය ආකාරයට පවති. සතියේ මුල් දවස් 2තුල එතරම් ශුභ නොවනු ඇත. ආර්ථික අවාසි, ලැබෙන්නට තියෙන දෑ නොලැබී යාම සහ ණය තුරුස් අැතිවීම මේ අතර ප්‍රධාන වේ. නමුත් සතිය අගදී මේ තත්වය අවසන් වේ. කරන කියන කටයුතු දියුනු වනවාක් මෙන්ම සතිය අගදි යම්කිසි දෙයකින් අධික ලාභයක් උපයාගැනිමට ඔබට පුලුවන් වේ.
ගෘහ ජිවිතය තුල සමාදානය, ප්‍රීතිය ඇතිවේ.  සතිය අගදී විනෝද ගමන්, ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමද, කලක් දන්නා හඳුනන කෙනෙක් නිවසට පැමිනීමද සිදුවිය හැක.
සෞඛ්‍ය තත්වය උදරාබාධ, මුත්‍රා ආබාධ, උෂ්ණාධික රෝග වැලදිමට පුලුවන.

● කන්‍යා
මේ සතිය එතරම් ශුභ නොවේ.
ආර්ථික තත්වය මේ සතියෙදි වර්ධනය කරගැනිම කෙසේ වෙතත් මුදලක් හදලක් තිබේ නම් එය ආරක්ෂිතව රැක බලා ගැනීම ඔබගේ වගකීමයි. සතිය පුරාම අයහපත් තත්වයක් පෙන්වයි. එසේ නම් කළමනාකාරිත්වය ඔබට බෙහෙවින් උපකාරි වන්නේ ඔබගේ ආර්ථික ස්ථාවරත්වයටය.
ගෘහ ජිවිතය එතරම් සතුටින් ගත නොවන බවක් නම් පෙනී යයි. එයට ප්‍රධානම සාධකය වන්නේ දැනට මේ බලපාන ග්‍රහ ගෝචරයයි. දරුවන්ට අසනීප, භාර්යාවට අසනීප, එසේම අනවශ්‍ය ධන හානි, මිල මුදල් නාස්ති වීම් ගෘහ ජිවිතය තුල ඔබට සංවේදි වන කාරණාය. නමුත් ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ මානසික ආතතිය නැති ප්‍රශ්න ඔළුවට වැටි හිතින් වැටීම, විවිධ රෝග වලට මග පෑදෙන යම් යම් කරුණු කාරණා ඒම, මේ සතියෙදි වන්නට පුලුවන් උපද්‍රවයන්ය.

● තුලා
ඔබට මේ සතිය එතරම් යහපත් නොවේ.
සතිය මුලදී තිබුනු ආර්ථික ප්‍රබෝධය සතිය මැදට වන්නට අඩු වන්නට පුලුවන්, විචල්‍යයි. කරන කියන කටයුතු අසාර්ථක විමට ඉඩ ඇති නිසා විමසීමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය එතරම් සතුටින් ගත නොවේ. අඹුසැමියන් අතර යම් මත ගැටුම් ඇතිවි ඒවා ලොකුවට නිර්මාණය වීමට පුලුවන්. තමන්ගේ ඥාති මිත්‍රාදින් හා යම් අඩදබර ඇතිවිය හැක. හිතේ සමගිය සමාදානය දුරස් වීමට හේතු ඇතිවන නිසා මේවාට හරියන විදියට ඔබගේ මානසිකත්වය ඇතිකරගත යුතුය.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ, උෂ්ණ රෝග, තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග වලින් පරිස්සම් වන්නට කටයුතු කරන්න.

● වෘශ්චික
මේ සතිය සමඵලයි.
විශේෂයෙන්ම සතියේ මුල් දවස් 2-3 ඔබට එතරම් ආර්ථික අවාසි සිදු නොවේ. නමුත් චන්ද්‍රයා 6 වැන්නේ ගමන් කරන දවස් වල ඔබ යම් ආයෝජන ආදියේ යම්කිසි බාධක කරදර හිමිකරගනී. එසේම මෙම සතියෙදි ආර්ථික තත්වයන් සම්බන්ධව ඔබ තීන්දු තීරණ ගත යුත්තේ විශේෂ කල්පනාවකින් අනතුරුවයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. විවාහක අයට දරු සම්පත් ලැබීමේ වාසනාවක් ඇත. නිවස තුල ප්‍රශ්න තිබුනත් යම්කිසි ප්‍රීතිමත් ගතියක් විද්‍යාමාන වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. උදරාබාධ, එසේම ආහාර අසාත්මික වීම්, හමේ රෝග ඇති කරන්නට පුලුවන්.

● ධනු
ශුභ සතියකි.
කරන කියන කටයුතු සාර්ථක වනවා. ආර්ථික ලාභ මෙන්ම භුමි ලාභ ඇතිවෙනවා. දේපල වෙලදාම් කරන අයට මේ කාලය හොදයි. එසේම රථ වාහන ව්‍යාපාරයට සම්බන්ධ අයටත් ඉතාම හොදයි. මේ කාලයෙදි උසස් අයගෙන් උදව් උපකාර ගැනීමට ඔබට පුලුවනි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. නිවසට අලුත් බඩුමුට්ටු ලැබෙන කාලයකි. නිවසට අමුත්තන් පැමිණේ. කාන්තා පක්ෂයේ මිතුරියන් අධික වේ. තමන් පමණක් නොව දරුවන්ද සතුටින් සිටින වාසනාවන්ත සතියකි, මේ සතිය.
සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීමට පුලුවන්. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● මකර
ඉතාම ශුභයි.
ආර්ථික වාසි හිමි වේ. ඔබට යන තැන පිලිගැනීම ඇතිවේ. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් වෙළද ව්‍යාපාර සම්බන්ධව තිබෙන දැනුමත් සමග මා කියන්නේ ඔබට ඉතාම ඉහල තත්වයකට මේ සතියෙදි පියමැන්න හැකි බවයි. පාඩු නොමැති නිසා ඔබගේ කළමනාකරණයෙන් හොඳ ගමනක් යෑමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වේ. කිසිදු බාධාවක් නැත. දරුවන් සහ බිරිද සහ පවුලේ අනෙක් සාමාජිකයන් සමගද ප්‍රිතිමත්ව ගතකිරිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. ඔබ නිදන්ගත රෝග ඇති අයෙක් නම් ඒ සම්බන්ධව පිලිවෙතක් අනුගමනය කරන්න. වෙනත් ගැටළු නොමැත.

● කුම්භ
ඔබට ඉතාම හොද සතියක්.
විශේෂයෙන්ම ඔබගේ චිත්ත විවේකය හා ඔබගේ ගුණයහපත්කම නිසා ඔබ ජනප්‍රිය වේ. එය ආර්ථිකයට ඉතාම ශුභ තත්වයකි. ඔබ වෙළද ව්‍යාපාරිකයෙක් නම් ඔබට එය ඉතාම හොදයි. විදෙස් රැකියා කරන අයටද ඉතාම හොදයි. සතිය මැදට යන්ට යන්ටම හොදයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. අවිවාහක අයට මංගල යෝග උදාවෙන අතර, අලුත් ප්‍රේම සබදතා ගොඩනැගෙන අතර සිත ප්‍රීතියෙන් ගතවන අතර දුවාදරුවන් සමග ප්‍රීතියෙන් ගතවන්නටද මේ සතිය හේතු වෙන බව කිව හැකියි.
සෞඛ්‍ය තත්වය හොදයි. සෙම් රෝග ආශ්‍රිතව සැලකිලිමත් වන්න.

● මීන
ඔබට මේ සතිය හොදයි.
ආර්ථික වාසි ඇති කරයි. ඔබගේ කරන කියන කටයුතු සාර්ථක වන අතර, දියුණුවට අදාල සියලුම දේ ඉදිරියෙදි ඉෂ්ට වේ. විදේශ රැකියා වල නියුතු අයටත් මෙරට රැකියා කරන අයගේත් දියුණුවක් ඇතිවන්නේ, වැටුප් වර්ධක ආදිය ඔබට ලැබෙන බැවිනි. නමුත් පොදුවේ ගත්කල මේ සතියම හොද බව කිව යුතුය.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. එසේම නිවසට අමුත්තන් එන කාලයකි. සතිය අගදී නිවසේ ප්‍රිය සම්භාෂණයක් ඇතිවේ. අමනාප වී සිටි අය යළි, මිතුරු වීමද පෙන්වයි. ඉතාම ශුභ සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. මේ දවස් වලට ඒ ඒ පලාතට ඇති කර තිබෙන කාලගුණ විපර්යාසයන් නිසා ඇති කරන රෝගාබාධ ඔබට ඇතිවිය හැකි බව පෙන්වයි. ප්‍රවේසම් වන්න.

“ සෝමාවතිය රකින තාරා දේව මෑණියන් “

සෝමාවතිය චෛත්‍ය රාජයාණන්වහන්සේ, බුදුන්වහන්සේගේ දකුණු දන්ත ධාතුන්වහන්සේ, ලලාට ධාතුන්වහන්සේ රකින්නෙ මූලිකව තාරා දේව මෑණියන් විසින්ය.

පසුගිය කාලයටත් වඩා කුසල බලය වැඩි බැවින් දැන් සිටින්නෙ ඉහල ආකාශ තලයේය.

* තාරා දේව මෑණියන් යනු, වලගම්බා රජ සමයේ සිටි සෝමා දේවියයි.
රට ජාතිය පර සතුරන් අතින් විනාශ වන්නට ගිය අවස්ථාවේ, රජතුමා බේරාගැනීමට සතුරන්ට බිලි වී රටම රැකගත්තේ සෝමා දේවිය විසිනි.
ස්වකීය කුසල් බලය නිසා සෝමාවතිය පුදබිම ආරක්ෂා කරන්නට එතුමියට හැකියාව ලැබී තිබේ.

ඉතිහාසයෙන්,

(සෝමාවති චෛත්‍යරාජයා ඇතුළු පුදබිම මුලින්ම ඇති කර ඇත්තේ දුටු ගැමුණු මහරජුගේ පියා වූ කාවන්තිස්ස රජතුමා විසිනි. එකල එම ප්‍රදේශය පාලනය කර අභය රජුට තම සොයුරිය වූ සෝමාවති කුමරිය විවාහ කරදුන් කාවන්තිස්ස රජතුමා, ස්වකීය රාජ්‍යත්වය තහවුරු කරගැනීමටත්, රට ආරක්ෂා කරගැනීමටත් මෙම චෛත්‍යරාජයාණන්වහන්සේ කරවූ බව පිලිගැනේ)
තවද ඉතිහාසය ගැන සිතන්නේ නම්, සෝමා දේවිය යනු වලගම්බා රජතුමාගේ දේවියකි.
වලගම්බා රජු යනු, දුටු ගැමුණු රජුගේ සොයුරු සද්ධාතිස්ස රජුගේ පුතාය.

ඉතිහාස කතාව සහ සෝමාවතිය පුදබිම රකින තාරා මෑණියන් ගැන අදහස වරදවා වටහා නොගන්න. කතා 2කි. චරිත 2 සහ අවස්ථා සිද්ධි 2ක් ගැන විස්තර වේ.

* තාරා මෑණියන් විසින් විහිදුවන දේව රශ්මි මාලා බොහෝදෙනා දැක ඇති බව සිතමු..

මෙම පුදබිම අනුහස් සහිත සුවිශේෂි පුදබිමකි.

‪#‎ඉරුසේවය‬

Friday, July 31, 2015

ධජග්ග පිරිත

01) අරඤෙඤෙ රුක්ඛමුලේවා....
      සුඤ්ඤාගාරෙව භික්ඛවෝ..,
     අනුස්සරේථ සම්බුද්ධං...
    භයං තුංහාක නො සියා....

02) නො චෙ බුද්ධං සරෙයියාථ...
      ලෝකජෙටඨං නරාසහං...,
      අථ ධම්මං සරෙයියාථ...
      නීය්‍යානිකං සුදෙසිතං....

03) නො චෙ ධම්මං සරෙයියාථ...
       නීය්‍යානිංක සුදෙසිතං ...
      අථ සංඝං සරෙයියාථ...
      පුඤ්ඤකෙඛ්ත්තං අනූත්තරං....
   
04) එවං බුද්ධං සරණතානං...
      ධම්මං සංඝඤච භික්ඛවෝ....
      භයං වා ජම්හිතත්තං වා...
     ලෝමහංසෝ න හෙස්සතී ති......


_ සරල සිංහල තේරුම _

ශක්‍ර දේවේන්ද්‍රයා යුධයට යන විට ස්වකීය සේනාවට කියනවා, ඔබ කාටහරි මේ යුද්ධය ගැන බයක්, තැති ගැනීමක් දැනුනොත් බලන්න මගේ කොඩිය දිහා... ඔබගේ භය නැති වෙලා යාවි..
එසේ අමතක උනොත්, වරුණ දෙවියන්ගෙ කොඩිය සිහියට අරගෙන ඒ දිහා බලන්න... බය නැති වේවි...
යනාදි වශයෙන්...

දෙවියන් අධ්‍යාත්මිකව දියුණු, ගුණ සම්පන්න අය වුවත් දෙවියන්ටද කෙලෙස් තියෙනවා. ඒනිසා දෙවියන් ගැන සිහි කිරීමෙන් නිවරදිවම බියකින් අත්මිදෙන්නට නොහැකියි.

අපේ ත්‍රිවිධ රත්නය, බුදුන්වහන්සේ, ශ්‍රී සද්ධර්මය සහ ආර්ය මහා සංඝරත්නය ඒ ක්ලේශ වලින් මිදුනු පිරිසක්.

ඒනිසා ඕනෑම බයකදි, සැකයදී, බිය හිතෙන තැනකදී තුනුරුවන්ගේ ගුණ සිහිකිරීමෙන් නිවරදිවම එම තත්වයන්ගෙන් මිදෙන්නට පුලුවනි...

______________________

බුදු සරණයි !

#ඉරුසේවය

Thursday, July 30, 2015

2015 මහමැතිවරණයෙදි ග්‍රහ බලපෑම එක්සත් ජාතික පක්ෂයට කුමක් කරයිද ?

මෙම කාලය තුල රටේ සියලුම කටයුතු වලට වඩා මැතිවරණය කෙරෙහි ජන අවධානය යොමුවී ඇති බව පෙනීයයි. විශේෂයෙන්ම මෙම මහ මැතිවරණයට තරඟ කරන, ප්‍රධාන පක්ෂ 2 එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණත් මේ අතර කැපී පෙනෙයි.

2015දි ජනවාරි 8 වන දින ඇති කලාවූ විප්ලවයත් සමග, අප, විප්ලවයක් ලෙස සඳහන් කලේ මෙය ග්‍රහ බලපෑම සමග වූ දෙයක් නිසාය.
විධායක ජනාධිපතිවරයෙක් පරාජය කොට එම ජයග්‍රහණය ලබාගත්තේ එම රජයේම සිටි කලින් විපක්ෂනායකවරයෙකුත් නොවූ, පක්ෂ නායකයෙක් හෝ අගමැතිධුරය නොහෙබවූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. මෙය තරමක අසීරුම කටයුත්තකට එතුමා ලං වූ අවස්ථාවකි.

මේ තත්වය සමග රටේ ඇති කර ඇති සමාජ ආර්ථික පෙරලිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග එජාපයට කුමක් වේදැයි බොහෝදෙනා අසන ප්‍රශ්නයකි.

එසේ නම් මෙහි ජෝතිෂ්‍යමය කතිකාවත පටන් ගැනීමට මූලික මාතෘකාව වන්නේ මෙම පක්ෂය හොබවන නායකත්වයට මෙම කාලයේ ඇති ග්‍රහ බලපෑම විමසීමෙනි.

ඔබ සියලුදෙනා දන්නා ආකාරයට 1994 සිට මේ දක්වා කාලය තුල එජාපයේ එකම නායකයා වශයෙන් නායකත්වයේ වගකීම දරන්නෙ රනිල් වික්‍රමසිංහ මහතාය.
එතුමාගේ හඳහනට අදාල ග්‍රහ බලය පක්ෂය දිනවීමට කෙසේ උදව් කරාවිද ?

* 1949 වසරේ මාර්තු 24 වන දින බ්‍රහස්පතින්දා උදෑසන කාලයේදී මීන ලග්නයෙන් තුලා නවාංශකයෙන්, උත්‍රසල නැකතේ 4වන පාදය සම්භව උප්පත්තිය ලැබූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහත්මාගේ කේන්ද්‍රය තුල මෙවැනි ග්‍රහ තත්වයන් ගම්‍ය වේ.
* ලග්න භාවයේ රවි-කුජ-ශුක්‍ර යෝගයක්ද, 2 වැන්නේ රාහුද, 6 වැන්නේ සෙනසුරුද, 8 වැන්නේ කේතුද, 11 වැන්නේ ගුරු-සඳුද, 12 බුධ ග්‍රහයාද පිහිටා ඇත.

මෙම තත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරය තුලින් ඇතිකර ඇති ගතිගුණ සහ ප්‍රතිපත්ති මෙයින් විද්‍යාමාන වන නමුත් අප මේ අවස්ථාව තුල පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේ මෙතුමාට ඇති ග්‍රහචාරය තුල එතුමාගේත් පක්ෂයේත් අනාගතයයි.

● මේ අවස්ථාව වන විට රනිල් මහතාට සෙනසුරු මහ දසාව තුල, රාහුගේ අන්තර් දශාව ගතවෙමින් පවති. මෙතුමන් 2000 වසරේ සිට ගත කරන්නේ සෙනසුරු මහ දසාවයි.
 සෙනසුරු මහ දසාව ආරම්භයේ සිට මෑතක් වනතුරු ඉතාම ප්‍රබල ප්‍රතිවිපාක එතුමන්ට ප්‍රදානය කර ඇත.
නමුත් මේ වෙලාවේ සෙනසුරු ගෙවෙන කාලයයි.
* ගමේ ගොඩේ කීමක හැටියටත්, සෙනසුරු ගෙවෙන අවස්ථාවෙදි නැති කලදේ නැවත ලබා දෙනවායැයි කියනවා මෙන්, මෙතුමාගේ නායකත්වය ස්ථිරසාර වීමද, සියලු විරුද්ධවාදිකම් කල අය නැවත වාරයක් එතුමාගේ නායකත්වය පිලිගෙන එතුමාට අවනත වීමද මෙම සෙනසුරුගේ බලපෑම නිසාම වූ දෙයකි.
මන්ද සෙනසුරු 6 වැන්නේ සිටින පුද්ගලයා සතුරන් මිතුරන් කරගන්නාවු කෙනෙකි. 

● 2015 වසරේ අගෝස්තු 17 වන දින මීන ලග්නයට තත්කාල ග්‍රහචාරය විමසා බලමු. 

* මැතිවරණ දිනයෙදි දැන් වගේම ලග්නයේ කේතු ග්‍රහයා අධි බලවත්වත්, රාහු 7 වැන්නේ එනම් සමාජය, දේශපාලනයට අවශ්‍ය කරන 7 වැන්න තුල රාහු බලවත් වීමත්, විශේෂයෙන්ම මීන ලග්නයේ 6 වැන්නාධිපති රවි, ලග්නාධිපති ගුරු සමග යෝග වී 6 වැන්න ඉතාම බලවත් වීමත් අනුව පෙනී යන්නේ ඒකාන්ත වශයෙන්ම මෙම මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මාගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පෙරමුණ අනිවාර්ය වශයෙන්ම ජයග්‍රහණය කරන බවයි.
එසේම එතුමා නැවත වාරයක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙම මැතිවරණයෙන් පසු දිවුරුම් දෙනවා නොඅනුමානයි.

● මෙය ඉතාම වගකීමෙන්, ඉතාම මධ්‍යස්ථ කෝණයකින් බලා ඉදිරිපත් කරන ජෝතිෂ්‍යය විවරණයකි.
මීට තවත් හේතු වන්නේ 1946 සැප්. 6 වන දින දිවංගත මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂයේ කේන්දරය අනුවත්ය.
 එක්සත් ජාතික පක්ෂයේ ලග්නය වන්නේ කිවි හිමි තුලා ලග්නයයි.
ලග්නයේ ඇති ග්‍රහ බලය සමග සසදන විට, 10 වැන්නෙ පොදු ජනතාව නියෝජනය වෙයි.
එම ස්ථානයේ සිටින්නේ සෙනසුරුය. එජාපය අතීතයේ සෑම අවස්ථාවකදිම පාහේ විශේෂයෙන්ම දුගී දුප්පත් අයගේ ආහාර වේල සම්බන්ධව වැඩ කටයුතු කල පක්ෂයකි. 
විශේෂයෙන්ම මෙම අවස්ථාව වන විට පක්ෂ කේන්දරයේ, ගුරු මහ දසාවේ රාහු අතුරු දසාව ගත වෙමින් පවතී.

● රාහු උච්ච බලයෙන් සිටින නිසා පක්ෂයට ඉතාම ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් ලබාදීමට මෙම රාහු ක්‍රියා කරයි. පක්ෂ නායකයාගේද මෙම අවස්ථාවෙදි ග්‍රහ බල හොද නිසා මෙම තත්වය තීව්ර වේ.
මේ සියලු කරුණු කාරණා සමග ඉදිරියෙදි පක්ෂයට ලබන සෙනසුරු මහ දසාව සමග විශේෂයෙන්ම මහජනතාව තුල අතිශයින්ම ජනප්‍රිය වී පක්ෂයට නව මුහුණුවරකින් ඉදිරියට යෑමේ හැකියාවද පවතින බව කිව යුතුයි. එසේ නම් 2015 මහමැතිවරණය ජයග්‍රහණය කරන්නේ නියත වශයෙන්ම එජාපය බව කිව යුතුය.

*** සැ.යු. මීට අදාල අනිකුත් පක්ෂ වල සහ අදාල පක්ෂවල ප්‍රධානින්ගේද කේන්දර සටහන් සූක්ෂමව පරික්ෂා කර තත්කාල ග්‍රහචාරයට අනුව  ලබාදෙන විග්‍රහයකි.

___________________________________________________________________

Tuesday, July 28, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 28 සිට

● මේෂ
සුභඵල සතියකි.
කරන කියන කටයුතු ඉතාම සාර්ථක තත්වයකට පත් වෙනවා. එමෙන්ම තමාගේ ආදායම වැඩිවෙන්නේ කරන කියන දේවල් වගේම ඒවාට ඇති සුවිශේෂි වාසනා ගුණය නිසයි. වැඩිහිටියන් මාර්ගයෙන් සතිය අගදී හිතවතුන් මාර්ගයෙන් මුදල් හදල් යහමින් අතමිට ගැවසෙන ප්‍රීතිමත් සතියක් වෙනවා.
ගෘහ ජිවිතය තුලදී කොතෙකුත් ගැටළු තිබුනද සංයමයෙන් ඉතාම විමසිල්ලෙන් කටයුතු කිරිමට ඔබට හැකියාව තිබෙනවා. ආගමික කටයුතු වලට මේ සතියේ සිත නැඹුරුයි. වැඩිහිටියන්ට උපස්ථාන කිරිමටද අවශය දේ දීමටද සිත් පහල වෙනවා. සතිය අගදී මිතුරෙකුගේ සම්භාෂණය ඔබට ප්‍රිය වෙනවා.
සෞඛ්‍ය තත්වයෙ එතරම් අසනීප ඔබ කෙරෙහි බල නොපාන අතර ඔබට නිදන්ගත රෝග ඇත්නම් ප්‍රවේසම් වන්න.

● වෘෂභ
ඔබට මෙම සතිය සමඵලයි.
චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචරය අනුව, සතියේ මුල් දවස් 2 තුල ඔබට ආර්ථික හානි ඇතිවිය හැකියි. මෙම තත්වය සතිය මැදදී ඔබගෙන් බැහැර වෙනවා. කෙසේ වෙතත් ඔබ විමසීමෙන් වැඩ කටයුතු කිරීමෙන් ඔබගේ තත්වය යම් දුරකට ආරක්ෂා වෙනවා.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වුවත්, අඟහිඟකම් එසේ නොමැති නම් ඔබගේ මානසික කඩා වැටීමක් ඇති නිසා යම් සිත් තැවුල් වියවුල් ඇතිවිමට පුලුවන්. කෙසේ වෙතත් ඔබ ප්‍රවේසම් විය යුතුයි. මෙම තත්වය සතිය මැදදී හරියනවා.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග උදරාබාධ නිදන්ගත රෝග ඇත්නම් ඒවායෙ වැඩිවීමද මේ සතියෙදි දක්නට පුලුවන් කාරණා. පරිස්සම් වන්න.

● මිථුන
ඔබට මේ සතිය සමඵලයි.
විශේෂයෙන්ම හවුලේ කරන ව්‍යාපාර කටයුතු වලින් සතිය මුලදී ආදායම ලැබෙනවා. ඉන්පසු දින 2- 2හමාරකට වගේ ඔබට එතරම් හොද නැහැ. එම කාලයෙදි යම්කිසි අවුලක් වියවුල් ඇතිවීමට පුලුවන්. මතභේදාත්මක කටයුතු නිසා ඔබට අාදායම සම්බන්ධව ලොකු ගැටළු මතුවිමට පුලුවන්.
ගෘහ ජිවිතය යම්කිසි ප්‍රීතියකින් ගත කිරීමට පුලුවන්. එසේම ඔබගේ තත්වය දියුණු කරගැනීමට පුලුවන්. සමාජ තත්වය. මංගල යෝජනා එනවා. ඒවා සඵල වේවි. හොද සතියක්. ප්‍රවේසමෙන් මැද දවස් 2දි කල්පනාකාරි වන්න.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නැහැ. ගුරු මාරුවේ ප්‍රශ්න නිසා යටපත් වී තිබූ රෝගයක් නැවත මතුවිමේ අවදානමක් පවතිනවා. නමුත් එම තත්වයන් ක්‍රමානුකූලව පහව යාවි.

● කටක
මේ සතිය සමඵලයි.
සතිය ආරම්භයෙදි ආදායම් තත්ව වලට සතුරු කරදරයක් එල්ලවීමට පුලුවන්. එය වලක්වාගැනීමට විමසිලිමත් වන්න. ලැබීමට තිබෙන මුදල් නොලැබී යයි. ඔබ ණය වීමටත් ඉඩ තිබේ. සතිය මැදදී මේක හරියනවා. නමුත් සතිය අගදී නැවත ආර්ථිකය දුර්වල වීමට පටන් ගන්නවා. මේ තත්වය ඇතිවන්නේ චන්ද්‍රයාගේ ගමන
අනුවයි.
ගෘහ ජිවිතයේ යහපැවැත්මට තරමක අභියෝගතා එල්ල වෙනවා. නමුත් ක්‍රමානුකූලව විසඳගත යුතුයි මේ ප්‍රශ්න නිරාකරණය වෙනවා. ඒවගේම ප්‍රේම සබදතා, මංගල යෝජනා සඵල වීමට ඇති ඉඩකඩ වැඩියි.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නැහැ. කිසියම් ආකාරයකට ඔබට මෙම තත්වය සමනය වීමට පුලුවන්.
සමහරවිට උදරාබාධ ඇතිවිය හැකියි. සතිය අගදී කටක ලග්නයේ කුඩා දරුවන් සෙම් රෝග වලින් පරිස්සම් විය යුතුයි.

● සිංහ
මිශ්‍රඵල සතියක්.
මේ සතිය තුල ඔබට ආර්ථික වාසි හිමිවන්නේ තරමක අඩුවෙනි. එයට හේතුව වශයෙන් චන්ද්‍රයාගේ ගමන සඳහන් කල හැකියි. සතිය අගදී තත්වය වෙනස් වී කරන කියන කටයුතු දියුනු වෙනවා. හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ හොද නරක 2ම මෙම සතියෙදි ඉස්මතු වෙනවා. විශේෂයෙන්ම ඔබගේ පවුල් ජිවිතය ආශ්‍රිතව දුවාදරුවන්ගේ දස්කම් නිසා බොහෝ ප්‍රීතිමත්ව සිටින්නාවූ කාලයක්. සතිය අගදී මංගල යෝජනා උදා වෙනවා.
සෞඛ්‍ය තත්වයේ තරමක අයහපත් තත්වයක් සතිය මැදදී මතුවන්නට පුලුවන්. විශේෂයෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආශ්‍රිතවත් සෙම් අසනීප රෝගත්, කලින් තිබුනු ලෙඩ රෝග වල යම්කිසි ප්‍රශ්නත් මතුවිමට පුලුවන්.

● කන්‍යා
එතරම් ශුභයි කියන්නට බැහැ.
පවතින ග්‍රහචාරයත් එක්ක ආදායම් තත්වය යාන්තමට පිරිමහගන්න පුලුවන්. විශේෂයෙන්ම ඔබගේ මහන්සිය අනුව යම්කිසි හිස එසවීමක් හිතන්න පුලුවන් ආර්ථිකමය වශයෙන්. ඔබට කෙතරම් මුදල් ලැබුනද අනිකුත් ග්‍රහයන්ගේ ගමනත් අනුව සලකා බලන කල ඔබට පීඩනයක් තියෙනවා.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙන අතර, නිවසට අවශ්‍ය කරන බඩුබාහිරාදිය මිලදී ගැනීමට හැකියාව පවතිනවා. එසේම දරුවන්ගේ කටයුතු නිසා සිත ප්‍රබෝධමත් වෙනවා කිව හැකියි.
සෞඛ්‍ය තත්වය උෂ්ණ රෝග, හිස සම්බන්ධ රෝග දැවිලි, දාහ ගති මතුවිමට පුලුවන්. නිතරම ජලය වැඩිපුර පානය කරන්න.

● තුලා
ඔබට මේ සතිය ඉතාම ප්‍රීතිමත් සතියක්.
ග්‍රහ ගෝචරය අනුව පිට පලාත් වල කරන රැකියා, වෙලහෙලදාම් සහ ආයෝජන වලින් දියුණුවට පත් වෙනවා. එසේම ආර්ථිකයට නව ජවයක් ලැබෙනවා. සතිය අගදී හදිසි ධනලාභයකට හිමිකම් කියනවා. 
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවෙන අතර, කාලයත් තිස්සේ අමනාප වී සිටි පිරිස් දැන් මිත්‍ර වීමට පටන් ගන්නවා. එසේම නෑදෑ හිතමිතුරන් නිවසට පැමිණෙන ප්‍රීතිමත් සතියක්.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් ගතිය, එසේම සෙම සම්බන්ධ රෝග මේ සතියෙදි වැළදීමට පුලුවන්.

● වෘශ්චික
මේ සතිය සාමාන්‍ය සතියක්.
ඔබට මේ සතියෙදි ඔබගේ අතපසුවූ ගොඩාක් වැඩ කටයුතු කරගැනීමේ හැකියාව නම් තියෙනවා. ණය අය වෙනවා. ආදායම හැටියට වියදම් තියෙන නිසා, වියදම ගැන ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල ඉතාමත්ම සන්තෝෂයෙන් ප්‍රියමනාපව සිටිය හැකියි. තමාගේ භාර්යාවට තමුන් ප්‍රිය වෙනවා. එසේම තමන් මේ කාලයෙදි සියලුදෙනාගේ හිත දිනාගන්නවා. හොද සතියක්, දුවාදරුවන් සමගත් ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය උගුරේ සෙම, හිසේ අමාරු ඇතිවිමට පුලුවන්.

● ධනු
ඉතාම ශුභ සතියකි.
ඔබගේ උත්සාහයට අනුව සියලුම කාර්ය සිද්ධිය ඇතිවෙනවා. තමාගේ වැඩකටයුතු වලට සියලුදෙනාගේ උපකාරය ලැබෙනවා. හවුල් ව්‍යාපාර වලින්ද ඉතාම හොද ලාභ ප්‍රයෝජන ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. මංගල යෝග ඇති වෙනවා. මංගල යෝග ඇතිවෙනවා. විවාහක කෙනෙක් නම් තමාගේ භාර්යාවගේ, පුරුෂයාගේ ඇසුර වඩාත් ප්‍රිය කරන සතියක්, මේ සතිය. කෙසේ වෙතත්
බොහොම හොද සතියක්.
සෞඛ්‍ය තත්වය හිසේ සෙම, පපුවේ අමාරු, අතපය රිදීම් ආදිය ඇතිවිමට පුලුවන්.

● මකර
සමඵල සතියක්.
ඔබට ආදායමට වඩා වියදම සීග්‍රගාමි. මේ සතියෙදි කරන කියන කටයුතු වඩා කල්පනාවෙන් කල යුතුයි. දෛවයට අභියෝග කරන්නාක් මෙන්ම සිතා බලා මේ චන්ද්‍රයාගේ අපල දුරුකිරීමට ඔබට අධිෂ්ඨාන ශක්තිය තිබිය යුතුයි. 
ගෘහ ජිවිතය තුල යම් යම් බාධා ගැටළු පැන නැගුනත් ඒවා ඉතාම තාවකාලිකයි. සතිය මැදදී ඔබ විනෝද ගමන් ආදියේ නියැලීමට පුලුවන්. වාසනාවන්ත සතියක් යැයි කිව හැක.
සෞඛ්‍ය තත්වයේ දණිස් කැක්කුම, උරහිස් වල කැක්කුම එසේම යම් තැනකදී මානසික රෝගයක් හෝ එවන් පීඩාවක් ඇතිවිමට පුලුවන්.

● කුම්භ
මේ සතිය හොද සතියක්.
සතිය අගදී නම් ආර්ථික තත්වයට පොඩි අඩුපාඩුවක් විය හැකියි. එසේම ඔබට සතිය මුල් කාලයෙදි ඇතිවන ග්‍රහ බලය නිසා මේ තත්වය නැතිවී යයි. ණය ගනුදෙනු හා සියලුම මුදල් වලින් වැදගත් වන කටයුතු සතිය අවසානයෙදි කරන්න.
ගෘහ ජිවිතය මංගල යෝග උදාවන සතියකි. යාළු මිත්‍රාදින් බලාගෙන කටයුතු කරන්න. වෙන ගැටළු නැත.
සෞඛ්‍ය තත්වය විශේෂ ගැටළුවක් නැතත්, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. එමෙන්ම රුධිර සංසරණ පද්ධතිය ගැන ප්‍රවේසම් වන්න.

● මීන
මේ සතිය සුබ සතියක්.
මේ සතිය තුලදි කරන කියන සියලු කටයුතු සාර්ථක විය හැකියි. ඔබට නවතාවයෙන් යුක්තව ඉදිරියට යෑමට පුලුවන්. රැකියා කරන අයට නම් මේ සතිය බැංකු ආදි කටයුතු කරන අයට උසස් වීම් වැටුප් වර්ධක ලබාගැනීමට පුලුවන්. කුමන රැකියාවක් කලත් ඔබට එයට අවශ්‍ය පහසුකම නිරන්තරයෙන්ම ලැබෙනවා.
ගෘහ ජිවිතය තුල ඔබට අභියෝග නැහැ. මේ සතියෙදි මංගල යෝග උදා වෙනවා. සතිය මැදදී මිතුරෙක් සමග දුරපලාතකට යෑමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ගුරු ග්‍රහයාගේ ගමනත් සමග සම්මිශ්‍රණයෙන් බලන කල ඔරොත්තු දීමේ හැකියාව අඩුවිය හැක. එනිසා කුඩා රෝගයක් වුවත් එයට බෙහෙත් හේත් ගැනීම මැනවි. 

Monday, July 27, 2015

සිතන්න...

“ මිනිසාට ‪#‎ගවයා‬ තරම් සේවයක් කරනා සතෙකු නැත“ - බුදුරජාණන් වහන්සේ

“ ගවමස් කන්නා වසලයෙකි “ - අනගාරික ධර්මපාල තුමා...

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ....
‪#‎බත්‬ රස දන්නෝ කෙත හඳුනන්නෝ...
කිරි සහ බත් රස දෙකම නොදන්නෝ....

‪#‎මිනිසත්‬ බව ලැබ කුමට උපන්නෝ....
එදා වැඩි වශයෙන් කෘෂිකාර්මික දිවි පෙවෙතක් හිමි සිංහල බෞද්ධයාට වටිනාම සතා වූයේ ගවයාය. ගවයාගේ සියලු දේ ගොවිතැනටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් විය. ගවයා මැරුණු පසු ‪#‎ඇටකටු‬ පවා ගොවිතැනට ‪#‎පොහොර‬ විය.

● අද වැනි ‪#‎රසායනික‬ ද්‍රව්‍ය නොව එදා භාවිත වූයේ කාබනික ක්‍රමයයි. විෂදායක නොවූ ක්‍රමයකි. පස්ගෝ රස සැදීමට ආදි සියල්ලට ගවයා මහෝපකාරි විය. අද නැවත කාබනික වගාවේ වටිනාකම් අවබෝධ වෙමින් පවතී. නැවත ඒ ක්‍රමයට ගියොත් ගවයාගේ වටිනාකම මැනවින් වැටහෙනු ඇති අතර ඒනිසාම ගව ‪#‎සම්පත‬ රැකගැනීමට හැකි වෙනු ඇත...

● “ගෙදර සිටි ගවයාට ‪#‎නිවන්‬ පැතූ ජාතියක“ උරුමකරුවන් වූ අප ගව ඝාතනය ඉවසීම පුදුමයට කරුණකි.
එයට නීති ඇතත් ක්‍රියාත්මක නොවේ. මරා දමන ගවයින්ගෙන් 70-80%කටත් වඩා නියමිත සුදුසුකම් සපුරා නැත. යම් සිංහල බෞද්ධයන් කොටසක් ගව මස් භාවිත කරන අතර ඔවුන් සිංහලකමට නිගාවකි, ගම්බද ජනතාවගේ ගවයන් පැහැර ගැනීමට උදව් දීමටද ගමේම කෙනෙක් ඉදිරිපත් වීමත් ජාතියේ අවාසනාවකි.
හරක් ලොරි අසු උනා කියා මාධ්‍ය වල දැනුම් දුන්නද එය ඉතා සුළු ප්‍රමාණයකි. අනික්වා ගතමනාව ලබාදී අවශ්‍ය දේ කරගනිති.
මෙය වත්මන් සමාජයේ ඇති වැරදි භාවිතයන්හි අතුරු ඵලයකි. පාලකයන්ද ජනතාවද රට ජාතිය ගැන නොසිතා තමන් ගැන සිතා වලපල්ලට යෑමට කරගන්නා පියවරකි. විවිධාකාර වූ සත්ව හිංසාවට විරුද්ධ සංවිධාන වලින් රටේ ඉහලම තැන් වලින්ද මේ පිළිබඳ නීති ගෙන ඒමට ඉල්ලා සිටියද සුළු ඡන්ද සංඛ්‍යාවක් වරදාන වරප්‍රසාද නැතිවේ කියා එයට අකමැති විය.
වෙනදාට වඩා ප්‍රබෝධයක් ඇතිවී තිබීම ගැන යහපත් බලාපොරොත්තු ඇත.

● මෙහිදී ගව මස් කෑමෙන් වැලකීමේ බොහෝ අනුසස් අප විසින් අත්දැකීමෙන් දනිමු. එසේ වුවද කුමන මසක් හෝ නොකා සිටින්නට යැයි බලකිරීමක් මෙහිදී සිදු නොවේ.

‪#‎බුදුන්වහන්සේ‬ වදාල පරිදි ත්‍රිකෝටික පාරිශුද්ධ සීලයෙන් යුතුව නම්(තමා නොමැරීම, තමා විසින් නොමැරවීම, තමා වෙනුවෙන් නොමැරීම), මාංශ අනුභවය ‪#‎අකුසල්‬ ලෙස නොදැක්වේ. එසේ වුවද එය ආශාවෙන්, තණ්හාවෙන් කෑමට ගැනීම අකුසලයකි.

* ‪#‎නිර්මාංශ‬ වීමේ වැදගත්කම වන්නේ, පව් වෙනවා යන්නෙන් වැලකීම නොව තවත් සතෙකුගේ ජීවිතය ආරක්ෂාවට ගන්නා ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස එසේ වීමයි.

● ගවමස් කන අයට ලෝක පාලක ‪#‎ඊශ්වර‬ හෙවත් ‪#‎ශිව‬ දෙවියන්ගේ ‪#‎ආශිර්වාදය‬ නොලැබේ.
බොහෝදෙනෙකු ‪#‎හින්දු‬ දේව කතා වල එන දෙවි කෙනෙකු ලෙස ඊශ්වර දෙවියන් වටහාගෙන තිබේ. එසේ වුවද ඊශ්වර හෙවත් මහේෂ්වරයාණන්ගේ දේව ශක්තිය අප රටටද විශේෂ දෙයකි. උන්වහන්සේගේ ආශිර්වාදය ඉතා වටිනා දෙයකි. පෙර අත්භවයක බලගතු ඍෂිවරයෙකුව සිටි ශිව දෙවියන් ‪#‎දහම‬ රකින්නට කටයුතු කරන දහම ගැන අවබෝධයක් ඇති දෙවි කෙනෙකි.
ඒනිසාම ස්වකීය පුතුන් 3 දෙනා වන ගණ දෙවියන්, අයියනායක බණ්ඩාර දෙවියන්, කතරගම දෙවියන්ට ලංකාව ප්‍රදේශ වශයෙන් බෙදා පාලනය කරන්නට සලසා දී ඇත.

** මේ සියලු කාරණා සිතා බලා තමන්ගේ ‪#‎දියුණුව‬ සහ ‪#‎යහපත‬ පිණිස සියලු කටයුතු කරන්නට අපගේ දයාබර පාඨක ඔබ සියලු දෙනාට වාසනාව ලැබේවා !

බුදු සරණයි !
‪#‎ඉරුසේවය‬
‪#‎රට‬ ‪#‎ජාතිය‬ ‪#‎සිංහල‬ ‪#‎අනගාරිකධර්මපාල‬
‪#‎මව‬

Friday, July 24, 2015

ෆේස්බුක් ෆැන් පේජය 30,000 පාඨක සංඛ්‍යාව ඉක්මවයි ! (24-07-2015)


✿ ෆේස්බුක් ෆැන් පේජයේ සංඛ්‍යාව 30,229කි.
(https://www.facebook.com/irusewaya)

** ෆැන් පේජයට කර ඇති රිවීව් සංඛ්‍යාව 190කි. එහි සාමාන්‍ය 4.7/5 කි.
තරු 5 රිවිව් ගණන 167කි.
https://www.facebook.com/irusewaya?sk=reviews

✿ ෆේස්බුක් ගිණුමේ සිටින මිතුරන් ගණන 1757ක් වන අතර Followersලා 5030කි.
https://www.facebook.com/iruastrology

✿ ට්විටර් Followersලා 47කි.
https://twitter.com/IruSewaya

✿ ගූගල් ප්ලස් Followersලා 67කි. එම ගිණුම බලා ඇති මුළු ගණන 383,671කි.https://plus.google.com/u/0/+IruSewaya

✿ යුටියුබ් Subscribersලා 35කි.
https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

Wednesday, July 22, 2015

ග්‍රහ සංයෝග වලින් ඔබට ලැබෙන දේ - 1


“ ග්‍රහ සංයෝග “ - #රවි ග්‍රහයා සමග ග්‍රහ සංයෝග

අප නවග්‍රහයන් සම්බන්ධව ඔබට ග්‍රහ සංයෝග ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර, මුලින් බලමු රවි ග්‍රහයා සමග සංයෝගයෙන් වන ප්‍රතිඵල කවරේද කියල.

● රවි - චන්ද්‍ර

මෙම යෝගය යෙදුනු කල පුද්ගලයා තරමක කාරුණික අයෙකු බවට පත් කරයි. ඉතාමත් ධාර්මික ගතිගුණ ඇති කෙනෙක් වේ. බොහෝවිට මෙම ග්‍රහ යෝගය යෙදෙන්නේ, අමාවක තිථිය ඇති දිනවලටයි.
එවිට විශේෂයෙන්ම සමහරවිට නපුරු අදහස් ඇති කෙනෙක් බවට පත්විමට ඉඩ ඇත. මාසේ පෝය දිනක 7 වැන්නේ (වෘශ්චික රාශියේ තැන්පත් වුවොත් තමයි) (ප්‍රභාකරන්ට තිබි ඇත)
විශේෂයෙන්ම මේ යෝගය 2, 3, 11 වැන්නේ තිබේ නම් පොහොසත් වන යෝගයකි. ඔහුට කාන්තා පාර්ශවයේ ආකර්ෂණය ඉතාම හොදින් ලැබේ.

● රවි - කුජ යෝගය

මෙම ග්‍රහ තාරකාවන් 2 එකතු වීමෙන්, පුද්ගලයා වේගවත් කෙනෙක් බවට පත් කරයි. ඕනම දෙයක් කැපී පෙනෙන කරන කෙනෙක් වෙයි. මේ අයගේ ලේ ධාතුව උෂ්ණය. දේශපාලන ක්සෙත්‍රයේ ඉහලට යෑමටත්, ජනතා බලය ලබාගැනීමටත්, භූමිය සම්බන්ධ කටයුතු වල ආදායම ලබාගැනිමටත් මේ යෝගය ඉතාම වැදගත්ය.
විශේෂයෙන්ම මේ යෝගය 10 වැන්නේ ඇති අය නියත වශයෙන්ම රාජ්‍ය බලයට පත් වීමේ වැඩි ඉඩක් පවති. ඉතාම හොද පිහිටිමක් වන මෙම තත්වය දුෂ්ට ස්ථාන වල ඇත්නම්, හදිසි අනතුරු කරදර වලට භාජනය කරයි.
අධිකව කෝපාවිෂ්ඨ වන පිහිටිමකි.

● රවි - බුධ යෝගය

මෙම යෝගයෙන් ඔබ අප කවුරුත් දන්නා ඥාන යෝගයක් යෙදේ. සරස්වතී ඥාන යෝගයද මේ යෝගයෙන් යෙදේ. කීමෙහි බිණීමෙහි දක්ෂ, පොත පතට දක්ෂ, දාර්ශනිකයන් මේ යෝගයෙන් බිහිවෙයි.
ගුරුවරුන් නිවේදකයන්, දේශකයන්, විටෙක දේශපාලකයන් මේ යෝගයෙන් උපදී. ඉතාම වාසනාවන්ත ග්‍රහ යෝගයක් වන මෙය කේන්දරයේ "කොතන තිබුනත් ඵල දෙන" එකම යෝගයයි.

● රවි - ගුරු යෝගය

මෙම යෝගයද ඉතාම හොදයි. හරියට රජතුමාට පුරෝහිතයා එකතු උනා හා සමානයි. මෙම යෝගයෙන් උපන් අය අර්ථයෙන් ධර්මයෙන් අනිත් අයට අනුශාසනා කරයි. ඉතාම ප්‍රඥාවන්ත වූත් සමාජයෙන් බුහුමන් ලබන පුද්ගලයන් මෙම යෝගයෙන් උපදි. ධනවත් වේ. ජිවිතයේ කිසිම දිනක අඩුපාඩු ඇති නොවන්නට ඉඩ වැඩිය.

● රවි - ශුක්‍ර යෝගය

මෙම යෝගයෙන් උපන් අය බොහෝවිට සෙල්ලක්කාර, විනෝදයට කැමති අය වෙති. මාගේ දැනුමේ හැටියට මෙම යෝගයෙන් උපන් බොහෝ පිරිමින් කාම සේවනයට කුඩා අවදියේ සිට නැඹුරු වේ.
විනෝද වීමට සහ විනෝද අවස්ථා නිරායාසයෙන්ම අවස්ථාව ලැබේ. කෙසේ වුවද සැප විඳින පිහිටිමකි. රජෙක් හා සමානව සිටිමට ලැබේ.

● රවි - ශනි යෝගය

මේ යෝගය එතරම්ම ශුභ වශයෙන් මා දැක්කේ නැත. මේ යෝගයෙන් උපන් අය බොහෝවිට දුක්ඛිත ජිවිත ගත කරන අතර අල්පායුෂ තත්වයෙන්ද යුක්තයි. සමහරවිට 11 වැන්නේ යෙදුනු කල භූමි ලාභ, සැප සම්පත් ලැබේ.

● රවි - රාහු යෝගය

රවිගේ බලය රාහුගෙන් වැඩි කරයි. රටතොට ප්‍රසිද්ධ කරයි. කීර්තිමත් පුද්ගලයෙක් නම් එම කීර්තිය වැඩි දියුණු කරන අතර, විදේශ ගමන් තීව්ර කරයි. මධ්‍යම වයසෙන් පසු ප්‍රකටව ජිවත්වන කෙනෙකි. දේශපාලකයන්ට මෙය ඉතා වටිනා තත්වයකි.

● රවි - කේතු යෝගය

එතරම් හොද නැත. මන්ද කේතු සියලුම දේවල් සඟවා සිටින, අකුලා තබන ග්‍රහයෙක් බැවිනි. කේතු ග්‍රහයා මනුෂ්‍යයාට සලකන්නේ බුද්ධිය පමණයි. වෙනත් ග්‍රහයොත් සමග සම්බන්ධ වුවොත් මිසක ශනි සහ කේතු ග්‍රහයන් රවිට බලයක් දෙන්නේ නැත.
මෙය 7 වැන්නේ යමෙකුගේ කේන්දරයේ පිහිටියොත් ඔහුට ලිංගික ශක්තිය පවා අල්ප විය හැක.

** මෙම සියලු ග්‍රහ යෝගවල පලාපලයන් කේන්දරයේ පිහිටන තැන සහ සූක්ෂම කේන්දර සටහන් අනුව වෙනස්වීමට හැක. මෙය පොදු පලාපලයක් පමණි.

#ඉරුසේවය Iru Astrology

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

Monday, July 20, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 21 සිට

● මේෂ
එතරම් ශුභ නැත.
ආර්ථික පැත්ත අඩපණ විය හැක. විශේෂයෙන්ම තමන්ගේ කරන කියන කටයුතු වලට බාධා පැමිණ වී ආදායම් මාර්ග ඇහිරී යාමට ඇති ඉඩකඩ හුඟක් වැඩිය. එසේම තමන්ගේ හවුල්කාර පාර්ශව වලින් ලැබිය යුතු ආදායම නොලැබී යා හැක.
ගෘහ ජිවිතය තුල ගැටළු මතුවේ. පවුලේ සාමාජිකයන් අතරද, විවාහ වී සිටි නම් ස්වාමි-භාර්යාව අතරද යම් ගැටළු මතුවිය හැක. මේෂ ලග්න සියලුම අය මේ සතියෙදි මංගල කටයුතු සම්බන්ධ වැඩ කටයුතු යොදාගෙන ඇත්නම් එයින් බැහැර වීම මැනවි.
සෙම් අසනීප, උදරාබාධ රෝග පීඩා වශයෙන් සඳහන් කල හැක.

● වෘෂභ
එතරම් හොඳ සතියක් නොවේ.
සතියේ මුල් දවස් 2දී යම්කිසි දියුණුවක් ලබාගත්තද එය සතිය මැද වන විට යම්කිසි අර්බුදකාරි තත්වයකට පත්විමට ඉඩ ඇත. එසේම කරගෙන ආ කටයුතු අතරමග අතහැර දැමීමට පවා සිදුවිය හැක. බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර, සතිය මැදදී යම් යම් අර්බුද මතුවිය හැක. ඒ කල්පනාකාරි වන්න.
උදරාබාධ සහ සෙම් අසනීප වලින් විශේෂයෙන් පරිස්සම් වන්න.

● මිථුන
සමඵලයි.
මේ සතිය තුල ආර්ථික තත්වයේ යම්කිසි වර්ධනයක් කරගැනීමට පුලුවන. විශේෂයෙන්ම මිථුන ලග්නයේ තමාගේම රැකියා කරන අයට මේ සතියෙදි ශුභදායක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල හොඳ පරිවර්ථන සිදුවෙන සතියකි. විශේෂයෙන්ම උරුමහරුමකම් ලැබීමද, නව නිවාස වල පදිංචියට යෑමටද මේ සතියෙදි පුලුවන්. තවද දරුවන් සම්බන්ධව යම්කිසි තෘප්තිමත් භාවයකට ඔබ පැමිණෙනු ඇත.
සෞඛ්‍ය තත්වයේ පපුවේ සෙම් අමාරු, පීනස් අමාරු, හිසේ කැක්කුම ආදිය දක්නට ලැබේ. පරිස්සම් වන්න.

● කටක
හොඳ සතියකි.
ඔබට මේ සතිය මුළුල්ලේම සුභ ඵල ලැබෙන ප්‍රතිශතය ඉතාම ඉහල මට්ටමක පවතී. ඔබට ආර්ථික තත්වය අයහපත් නොවේ. සියලුම ක්ෂෙත්‍ර වල රාජකාරි කරන අයටත්, වෙළද ව්‍යාපාර කරන අයටත් මේ සතිය ඉතාම හොද බව කිව යුතුය.
ගෘහ ජිවිතය ඉතාම සතුටින් ගතවේ. දරුවන් සම්බන්ධව ඔබට සතුටු වීමට පුලුවන. එසේම ඔබට සතිය අග වන විට විනෝද වීමට ඇති ඉඩකඩද වැඩි වේ.
සෞඛ්‍ය තත්වයෙන් හිස කැක්කුම, එසේම මානසික අවිවේකතාවය බලපෑ හැක.

● සිංහ
ඉතාම ශුභයි.
චන්ද්‍රයා 2 වැන්නේ සිටිමින් ඇරඹෙන මෙම සතියේදි ඔබගේ වචනයට පවා යම් වටිනාකමක් ලැබේ. ඔබ කරන කියන කටයුතුද මේ සතියෙදි සාර්ථක වේ. එසේම දුරබැහැර සිටින යහළුවෙක්ගෙන්/හිතවතෙක්ගෙන් පවා උදව් ලැබීමට පුලුවන.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. වෙනත් ගැටළු නොමැත. ගෙදර දොරේ ජිවිතය තුල තමන්ගේ බල පරාක්‍රමය පැතිර පවතිනවා ඇත.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, පීනස් රෝග, හිස බර ගතිය, උදරාබාධ ආදියෙන් පරිස්සම් වන්න.

● කන්‍යා
මිශ්‍රඵල සහිත සතියකි.
විශේෂයෙන්ම ඔබට මේ කාලයෙදි යම් යම් ආර්ථක තත්වයට බාධක මතුවිමට පුලුවන්. එසේම ඔබගේ දියුණුවට බාධා මතුවේ. ඔබගේ දියුණුවට ඔබගේ ආර්ථික තත්වයේ පරිහානියකට මේ කාලයෙදි යම්කිසි වැඩි ඉඩකඩක් ඇති බැවින් ප්‍රවේසමින් කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. විශේෂයෙන්ම ඥාතින්ගෙන් සහෝදරයන්ගේ පැමිණීම අපේක්ෂා කල හැකියි. එසේම දුරබැහැර සිටි මිතුරෙක් ඔබ කරා පැමිණීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය සෙම් ආදි අසනීප රෝග ඇතිවිමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වීම නම් අවශ්‍යමයි.

● තුලා
සමඵල සතියකි.
සතිය මුල් දවස් 2දි ආර්ථික පාඩු මතුවේ. එසේම කරන කියන කටයුතු වල බිඳ වැටීමක් දක්නට ලැබෙන අතර, නිස්කාරණ වියදම් ඇතිවිමටද, ආර්ථික පාඩුද අපේක්ෂිතය. ඒරාෂ්ඨක අපලයක් ගතවෙන මේ සතියෙදි ඔබ ගිවිසුම් වලට අත්සන් කිරිමෙන් වැලකීම වඩා හොදය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. සතිය අගදී සහෝදරයන් සමග දුරබැහැර ගමන් බිමන් යෙදීමට පුලුවන.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු සහ උදරාබාධ වැනි අසනීප වලින් පරිස්සම් වන්න.

● වෘශ්චික
කලකට පසු සමඵල ග්‍රහචාරයකි.
විශේෂයෙන්ම සමඵලත් කිව නොහැක. ඔබට ටික කලකට ඔබ කරගෙන යන කටයුතු වෙනදාට වඩා බුද්ධිමත්ව කිරිම ආර්ථිකය සුරැකීමට හේතු වෙයි. මන්ද මේ සතියේ මැද භාගය ඔබට ඉතාම අශුභ වන්නට ඉඩ වැඩි නිසාය. විශේෂයෙන්ම ඔබ ප්‍රවේසම් විය යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. විශේෂයෙන්ම ඔබට මේ සතියෙදි දුවාදරුවන් සමග විනෝද විමට නම් කාලයක් ලැබෙනු ඇත. විනෝද ගමන් ආදිය ඒ අතර වෙයි. එයින් ඔබට තරමක මුදල් වියදම් වීමක් වීමටද ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය ආකාරයට ඇත, සෙම් අමාරු ඇත්නම් ඒවායින් පරිස්සම් වන්න.

● ධනු
මේ සතිය සුභදායකයි.
විශේෂයෙන්ම ආර්ථික තත්වයේ නව මංපෙත් විවර වේ. එසේම කරන කියන කටයුතු වල ජයග්‍රහණ හිමි වෙයි. ඔබගේ දියුණුව සැලසේ.
ගෘහ ජිවිතය තුල ඔබට විනෝදයෙන් සිටිමට හැකිය. ප්‍රිය සම්භාෂණ, සංචාර, ඥාතින් නිවසට ඒම ඒ අතර වේ. ඉතාම හොදයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැති වුවත් සතිය අගදී ප්‍රවේසම් විය යුුතුයි, දණිස් සහ කොන්ද ආශ්‍රිත ඒවායින් විශේෂයෙන්ම.

● මකර
ඉතාම හොදයි.
ගැටළුවක් නැහැ. ඔබට වාසනාවන්ත ගනුදෙනු මේ කාලයෙදි සිදුකල හැකියි. විසේස වශයෙන් ඔබගේ ආර්ථිකය මේ සතියෙදි ඉහල යයි. නව මිතුරු සම්බන්ධතා මගින් ඔබගේ ආර්ථිකය ඉහලට ගැනීමට ඔබට අවස්ථාව හිමි වෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, ස්වාමි-භාර්යා සම්බන්ධය ඉතාම හොදට පවතී. ඔබගේ ජිවිතයට ප්‍රීතිමත් කාලයක්ම වේ. දුවාදරුවන් සමගද ඉතා සතුටින් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. ලිස්සා වැටිම් සහ හදිසියේ වන තුවාල වලින් පරිස්සම් වන්න.

● කුම්භ
සාමාන්‍ය සතියක්.
සතියේ මුල් දවස් 2 හැරුනු විට ඉතුරු දවස් 2 තුල ආර්ථික තත්වය විශේෂයෙන්ම යහපත්ව පවති. ඔබ ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. ඉතාම හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව සාමාන්‍ය පරිදි පවති. දුවාදරුවන් සමග සතුටින් සිටිමට පුලුවන්. සතිය අගදී පිටපලාත් වල සංචාරයක් තියෙන්න ඉඩ වැඩියි.
සෞඛ්‍ය තත්වය සතියේ මුල් දවස් 2-3 තුල විවිධ වූ අසනීප වලින් පීඩා විඳින්න පුලුවන්. නමුත් එම තත්වයන් සතිය අගදී පහව යනවා.

● මීන
සමඵල සතියකි.
ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි ගත වෙනවා. එහෙත් සතිය මැද දවස් 2 තුල ආයෝජන කටයුතු කල යුත්තේ, ඉතාම ප්‍රවේසම් සහගතව. තවද සතියේ අග දවස් 2 තුල යම්කිසි මේ තත්වයේ අඩුවක් ඇතිවි ආර්ථික තත්වයේ දියුණුව ඇතිවිමට පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. සතිය මුල් කොටසෙදි මංගල යෝග උදාවේ. පෙම් සබදතා සඵල වේ. එසේම නිවසට නෑදෑ හිතමිතුරන් පැමිණේ.
සෞඛ්‍ය තත්වය, ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති පරිස්සම් වන්න.