Monday, October 13, 2014

“ කර්මය වෙනස් කල හැකිද ? “

ඉතාම කාලීන මාතෘකාවක් යටතේ මේ විවරණය දෙස ඔබගේ අවධානය යොමු කරන්න. අපගේ මුහුණු පොතේ දයාබර පාඨකයෙක් වන රවිදු ප්‍රසන්න නැමති දරුවා මේ සම්බන්ධව ගැඹුරින් අපගෙන් විමසා තිබුනා.

මෙම ලිපිය ඒ දරුවට වගේම, අනිකුත් සියලුම බලන නොබලන පාඨකයන් නොවන සියලුම අයට පොදුවේ මේ සම්බන්ධව උත්තරයක් දීමට අපි සිතා ගත්තා.
කේන්දරයක ගත්තම කිසිම ග්‍රහයෙකු බලගතු නොවෙන කේන්දරත් එහෙමත්ම නෑ.
අපි හිතමු නොවෙන දේවල් ගැන. දැන් කවදාවත් නවග්‍රහයොම නීච වෙනවද.... ? නැහැනෙ.

● ඒත් දුවල පුතාල දන්නවද එහෙම දවසක නවග්‍රහයොම නීච උනත් ඒකත්  මහා ධන යෝගයක්...
පුද්ගලයෙක් මේ ලෝකයට එන්නෙ කර්මානුරූපිව බව ඇත්ත.. කේන්දරයෙන් ඒ සම්බන්ධව බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න පුලුවන්.

රත්තරන් දුවේ පුතේ, මා බලපු එක්තරා දමිල චිත්‍රපටයක,
“ Son of maha Lakshmi “(මගේ මතකයේ හැටියට) ඒකෙ කියනවා,

“ අඩේ ලයිෆ් ල, යෙල්ලාම් චැලෙන්ජ් තාන්ඩා යෙදුකුම් ඔරු සවාල් ඉල්ලයි විට්ටාල් ඔරු කික්කුම් ඉල්ලියේ යෙදුකුම් ඔරු කික්වේනුම් නා වාල්කයි ඉල නාම් සවාල් සන්දික්කනුම් “
මේ පාඨයෙන් කියන්නේ ජිවිතයේ අභියෝගයක් නැත්නම් කිසිම කික් එකක් නෑ කියල..
අපිට උත්තේජනයක් ගන්න ඕන නම් අපි හැමදෙයක්ම අභියෝගයක් විදියට භාරගන්න ඕන කියල...

●  ඔන්න ඕකට තමයි රත්තරන් දුවේ පුතේ කියන්නේ, මානව ජන සන්නිවේදන  විද්‍යාවෙදි ආරෝපිත තත්වය සහ සාධිත තත්වය කියල.

එහෙනම් ඔය කේන්දරය හොද නැතිව උපදින අය මොන අංශයටද දන්නවද වැටෙන්නෙ ?
ආරෝපිත තත්වයට.
සාධිත තත්වය කියන්නෙ උපදිනකොටම හොද රජ පවුලක වගේ උපදිනවා, ගෙදරින් දේවල් හම්බ කරල තියෙනවා. හැමදේම එක්ක ඉපදෙන එක.
ආරෝපිත තත්වය කියන්නෙ තමන් විසින් තමන්ගේ ජිවිතයේ සියලුම දේවල් ගොඩනගා ගන්න එක.

●  එතකොට කේන්දර කාරයෙක් විදියට, නරක කේන්දරයක් එක්ක ඉපදිලා, ජිවිතය ගොඩ නගා ගන්න එක මම දකින්නේ ලොකු අභියෝගයක් විදියට තමයි. මෙතනදි මම වගේ හැමෝම කේන්දර බලල කියනව නම් හොදයි එවැනි කෙනෙකුට..

●  එහෙම නම් උත්සාහයට සියලුම දේවල් යටයි කියල මම දැන් ඔයාලට කියනව. ඒක පොදුයි.
“ උට්ඨාන වීර්යය“... සිද්ධාර්ථ ගෞතමයෝ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරල උන්වහන්සෙ දෙතුන් වතාවක් මියැදුනා හා සමානව සිහිය නැතිව වැටුනා.
මාර දිව්‍ය පුත්‍රයා ඒ වෙලාවේ බොහෝම සතුටින් වීණාව වාදනය කලා මේ මහා මනුෂ්‍යයා මැරුණ කියල...
මැරුණද... නෑ... සිදුහත් තවුසානන්ගේ චිත්ත ශක්තිය අපි හිතනවට වැඩිය අපෝ හරිම ශක්තිමත් !

●  උන්වහන්සේ උට්ඨාන වීර්ය ඇතිව බුදු උනානේ...
මම දැන් කියන්නෙ මොනවද දන්නවද ඒවගේ කෙනා පැය 24ම තමන්ගෙ දියුණුවට මහන්සි වෙන්න ඕන. හොද මග පෙන්වීමක් තියෙන්න ඕන. එයාට දේවල් කියල දෙන්න ඕන. එතකොට ජෝතිෂ්‍යය කඩ දාගෙන ඉන්නවනේ කට්ටිය, සමහර කට්ටිය නළුවො වෙලානෙ ටීවි චැනල් වලට ඇවිල්ලා. ඒ සමහර අය ජෝතිෂ්‍යය අංශු මාත්‍රයක් දන්නෙ නෑ.
* මම මේක අද ඇත්තටම කියන්නෙ ෆේස්බුක් ගැන, ඉස්සරහට මිනිස්සු ටීවී බලන්නෙ නෑ. රේඩියෝ අහන්නෙ නෑ. පත්තර බලන්නෙ නැති වේවි. කොළඹ 7 සිල්වල පෙරේරල වගේම ගමේ ගොඩේ උක්කු බණ්ඩලා, ඩිංගිරි බණ්ඩලත් ඉස්සරහට ෆේස්බුක් එකේ ඉන්නවා. දැනටත් ඉන්නවනේ.

මේ අය ඔක්කොම දැන ගන්නවා මේකෙන්. එහෙම නම් මේකත් අහගන්න. බහුතරයක් ජෝතිෂ්‍යය වේදීන් කරන්නේ මොකක්ද දන්නවද කේන්දරයේ දුර්වල ග්‍රහ බලයක් තියෙනව නම් ඒ කෙනාව මානසිකව වට්ටනවා බිංදුවටම. නැගිටින්න දෙන්නෙ නෑ. ඕනම කේන්දරයක කළු සුදු කියල 2ක් තියෙනවා. අපි හොද දේ ඇදලා අරගෙන නරක දේ ඩිටෙක්ට් කරමු. අන්න ඒකයි වෙන්න ඕන... මානසිකව පුද්ගලයා ශක්තිමත් කරමු.

●  අපිත් කියන්න තියෙන දේ මූණට කියනවා තමයි, නමුත් බලන කෙනා කවුරු උනත් සමහරවිට පරම හතුරෙකු උනත් ඒක ඒ වෙලාවට අදාල නෑ. අපිට එයා අපේ දරුවෙකුට සමානව බලන්නෙ. ජෝතිෂ්‍යයෙදි අපිට හතුරො නෑ. එයා හොදින් ඉන්නව කියන්නෙ අපිට පිනක්. එහෙනම් ඒ පුද්ගලයව මානසිකව උඩට ගන්න ක්‍රමය තමයි අපි බලන්නෙ.

* ඔය කොච්චර කිව්වත්, ඕනම කේන්දරයක හොද යෝගත් තියෙනව(Every dark cloud has a silever line).
ඒවගේ අපි ඒ රිදී ඉරෙන් පාර පෙන්නමුකෝ ඒ පුද්ගලයට...

* ඒක හරියට නිකන් තමන්ගේ දක්ෂතාවය බැඩ්මින්ටන් නම්, ක්‍රිකට් කරල වැඩක් නෑනේ.. අන්න ඒවගේ... - පුද්ගලයට නිවරදිව පාර පෙන්නලා අපි නිවරදි කරමු !

අපි දැන් කරන්නේ මොකක්ද දන්නවද ?
සමාජය නැමති නගර සභාවේ කුණු අදිනවා... මිනිසුන්ව ශුද්ධ කරනව... මිනිසුන්ව හරි මගට ගන්න රෑ දවල් 2 වෙහෙසෙනවා. නිවරදි දේ කියල දෙනවා...

ඔබට ජය !

තෙරුවන් සරණයි !


Sunday, October 12, 2014

සතියේ ලග්න පලාපලය - ඔක්. 14


●  මේෂ
ඔයාලට සතිය සුබයි.
සතිය පුරාම බොහොම ප්‍රියමනාප ආදායම් තත්වයක් තියෙනව. ඒවගේ තමයි තමන්ගේ උත්සහය අනුව තමන්ට ගොඩාක් සල්ලි හම්බ කරන්න පුලුවන් සතියක් තමයි මේක. දුර බැහැර ගමන් බිමන් නිතර යෙදෙන්නත් පුලුවන්. ඒ වලිනුත් යම්කිසි ආදායමක් හොයාගන්න වාසනාව තියෙනව.
ගෙදර දොරේ ජිවිතය බොහෝම සතුටුදායක කාලයක් තමයි මේක. තමන්ගේ සහෝදරයෙක් එහෙම නැත්නම් බිරිඳගේ සහෝදරයෙක්ගෙන් උදව් උපකාර ලැබෙනවා වගේම ඒ අය එක්ක කිට්ටු සබඳතාවක් ඇති කරගන්න පුලුවන්. දරුවන්ගේ වැඩ කටයුතු නිසා සතුටු වෙන්න පුලුවන් කාලයක් මේක.
සෞඛ්‍ය ගැටළු තියෙනව. ඒ ලේ කෝපවීම ඒවගේම තමයි වාත අමාරු ඔන්න ඔය වගේ දේවල්. පපුවේ සෙමත් ටිකක් තියෙන්න පුලුවන්.

● වෘෂභ
සුභ සතියකි.
ආර්ථික තත්වය මේ සතියෙත් යහපත් කරගන්න පුලුවන්. සතියේ මුල් කොටසෙදි තමන් බලාපොරොත්තු වෙන විදියට ආදායම් දියුණු වෙනව වගේම සතිය පුරාම ඒ ස්ථාවරත්වය තියෙනව. සතිය අගදී සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙනව. ආර්ථික තත්වය ගැන නම් බය වෙන්න දෙයක් නෑ.
ගෙදර දොරේ ජිවිතය, තරමක් කලබලකාරි උනත් ඒ කියන්නෙ වැඩ රාජකාරි අධික නිසා. තමන්ගේ දුවා දරුවන් එක්ක සතුටින් ඉන්න පුලුවන්. ඒවගෙම තමයි නිවසට අලුත් බඩු භාණ්ඩ මිලදී ගන්න පුලුවන්. සෙම් ගෙඩි, ඒවගේම සෙම් අමාරු, උගුරේ අමාරු, හිසේ කැක්කුම ආදියට ප්‍රතිකාර කරගන්න.

●  මිථුන
ඔයාටත් සුභයි.
අලුතින් ආදායම් මාර්ග පහල වෙනව වගේම, තියෙන ආදායම් මාර්ග වැඩි දියුණු කරගෙන ඉදිරියට යාමේ හැකියාව තියෙනව. 2 වැන්නාධිපතියා ලග්නයේ සිට මේ සතිය ආරම්භ වෙන්නෙ. ඒනිසා උත්සාහයෙන් හම්බ කරන්න පුලුවන්.
ඒවගේම තමයි ගෙදර දොරේ කටයුතු වලට යහමින් මුදල් ලැබෙනව වගේම ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනව.
දුවා දරුවන් බොහොම සතුටින් ඉන්න කාලයක් මේක.
සෞඛ තත්වය ගත්තම උදරාබාධ ගැන පරිස්සම් වෙන්න ඕන, ඒවගේම තමයි සෙම අමාරුවත් තියන්න පුලුවන්. මේ දවස් වල වහින වැස්සට තෙමෙන්න එපා.

●  කටක
සමඵල සතියකි.
සතිය මුලදි ආරම්භ කරන දේවල් සාර්ථකයිම කියල කියන්න බෑ. ඒනිසා ඔයා උනන්දු වෙන්න සතිය මැදදි ශුභ කටයුතු කරන්න. සතිය මැදදි ඔයාට ගජකේශරි යෝගය ලග්නයට යෙදෙන නිසා ඔයා ගොඩ තමයි. ඒවගෙම තමයි හදිසිවෙලා එක එක්කෙනාට ඇපයට එහෙම අත්සන් කරලා අනුන්ගේ කරදර තමන්ගෙ කරදර කරගත්තොත් අංගොඩ තමයි.
ගෙදර දොරේ ජිවිතය මෙන්න මේ විදියටම සමාන කරන්න පුලුවන්. සතිය මැදදී ප්‍රීතිමත් උත්සව ඒවගෙම ගමන් බිමන් සතුටින් ඉන්න ලැබෙනවනේ, ඒනිසා ප්‍රශ්නයක් නෑ !
විශේෂ සෞඛ්‍ය ගැටළු නෑ, ඒත් නිදන් ගත රෝග තියෙනව නම් ඒව පාලනයට මහන්සි වෙන්න.

●  සිංහ
මේ සතිය සමඵලයි.
සතිය මුලදි ආදායම් මාර්ග වල පොඩි අඩුවක් සතිය අගදී තියෙන්න පුලුවන්. ඒත් කොහොමත් තමන්ගෙ වියදමට යම් යම් ආකාරයට මුදල් ලැබෙනව. ඒවගේම තමයි දැඩි කැපවීමෙන් යම් යම් විදියට මුදල් හම්බ කරගැනිමේ වාසනාව තියෙනව.
ගෙදර දොරේ ජිවිතයෙදි ගැටළු ප්‍රශ්න එන්නෙ මේ නිසා, මොකක්ද අඟහරුවා/කුජ 4 ඉදලා සෙනසුරුගේ දෘෂ්ඨි වැටෙනව විවාහ ස්ථානයට. ඒනිසා යම් යම් ආකාරයට ගැටළු ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන පරිස්සම් වෙන්න ඕන.
සෞඛ්‍ය තත්වයෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ. කලබලවීම සහ ආතතිය ඇතිවෙන්න පුලුවන් ඒ ගැන කල්පනාවෙන් ඉන්න.

●  කන්‍යා
ගොඩක් නෙමෙයි ටිකක් හොඳයි.
මහා නරකාදි කල දසාවක්නේ කන්‍යා ලග්න කාරයන්ට මේ ගිහින් තියෙන්නෙ. ඒ කියන්නෙ මේ වෙලාවෙ ඔළුවෙ ග්‍රහචාරය එක්ක පිස්සුමයි කෙලින්නෙ. හැබැයි හොඳින් නරකින් හැමදෙයින්ම සල්ලි හම්බ කරන්න පුලුවන්, ධාර්මික විදියට ඔයා සල්ලි හම්බ කරන්න. පොදුවේ කන්‍යා ලග්න කාරයට මේ කාලයේ එන්නෙ ඕන නැති ජරා සිතිවිලි.
ගෘහ ජිවිතයේ ගැටළු ඇතිවෙනව. ගෙදර විතරක් නෙමෙයි කන්‍යා ලග්න අයගෙ රැකියා කරන තැනත් ගැටළු ඇතිවිය හැකි නිසා, සේවා ස්ථාන වලදි කට පරිස්සම් කරගෙන තමන්ගෙ හොද ගුණය රැකගන්න එක වටිනව. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. තව අවුරුදු 2ක්වත් ඉවසන්න ඕන.
සෞඛ්‍ය ගැටළු වශයෙන්, ස්නායු රෝග ඒවගේම කන්‍යා ලග්නයේ ඔයා කලකට ඉහතදී අංගොඩින් බෙහෙත් එහෙම අරගෙන තියෙනව නම් ආයෙත් යන්න වේවි. ඒනිසා හිත සෑහෙන්න හදාගෙන නුවණින් වැඩ කරන්න. බුද්ධියට මුල් තැන දෙන්න. කෙලියොත් කෙලවෙනවම තමයි. හොදට කල්පනා කරල කියන්නෙ.

●  තුලා
තුලා ලග්න අයට වැලේ වැල් නැති කාලයක් තමයි මේක.
යන්තම් එදාවේල හොයාගෙන, එල්ලිලා දවසේ මැච් එක ගහගන්න පුලුවන්. ඒ උනාට හම්බ කරන සතයක්වත් හිටිනේනෙ නෑ ලග. එදා වේල ටුවර්ස් තමයි තාම. ලොකු ලොකු බිස්නස් කරන අය මේක බලනව නම් වැඩිපුර සල්ලි හම්බ කිරීම ගැන කෙසේ වෙතත් තියෙන පනම් 4 රැකගන්න වැඩපිලිවෙලක් යොදාගන්න. ඒක තමයි කියන්න තියෙන්නෙ.
ගෘහ ජිවිතයත් හොදක් නෑ. නරකක් නැ ඉතින්. ඇල්මැරිල තියෙන්නෙ නිකන් පතෝල වගේ. ඉතින් සෙනසුරු ඔළුවෙන් යන්නම ඕන ඉතින් ගෙදර දොරේ උනත් ප්‍රීතියෙන් ඉන්න.
සෞඛ්‍ය ගැටළු විශේෂයෙන් නැති උනත් ලොකුම ප්‍රශ්නෙ තමයි ඔළුවෙ අප්සෙට් එක, ඇයි තමන්ට මේක උනේ කියල. ගොඩාක් තුලා ලග්න අයට මේ කාලෙ අමාරුයි. සමහර අයට විවිධාකාර මානසික රෝග. ඒව නැති කරගන්න දෙයක් කරගන්න.

●  වෘශ්චික
හොදයි කියල කියන්න පුලුවන්.
සතිය මුලදි වැඩිහිටියන්ගේ ආධාර උපකාර ලැබෙනවා වගේම, තමාගේ පින වැඩි දියුණු වෙනව. මගේ මේ දවස් වල ප්‍රියතම ලග්නය තමයි වෘශ්චිකේ. ඇයි කියන්නෙ ගොඩක් කට්ටිය ගොඩ වෙලා ඉන්නෙ. අනිත් අය අංගොඩ හිටියට. ඒ අයට සෑහෙන කාලෙක ඉදන් හොදයිනේ. ඒනිසා ප්‍රශ්නයක් නෑ ආදායම් තත්ව දියුණු කරගෙන යන්න පුලුවන්.
කසාද බැදලා පවුල් පන්සල් වෙච්ච වෘශ්චික අයට මේ වෙලාවේ පොඩි පණිවිඩයක් දෙනව. ඔයාලගේ තියෙන සුභ ඵල වැඩි දියුණු කරගන්න, මේ කඨින පිංකම් කරන වස් කාලෙදි කඨින පිංකමට ක්‍රියාකාරිව දායක වෙන්න. පුලුවන් හැටියට පුද පූජා කරලා මේ අටමහ කුසලයට දායක වෙන්න. ඔයාට එතකොට තුනුරුවනේ රැකවරණයත් දෙවියන්ගේ ආශිර්වාදයත් නිබඳවම ලැබෙනව. අනේ දෙයියනේ තව 1ක් ඒක එහෙම ඔයාල කරනව නම් කිව්ව අපිටත් ගොඩක් පිනක් සිද්ධ වෙනවනේ.
විශේෂ සෞඛ්‍ය ගැටළු නැති  උනත් වෘශ්චික පොඩි බබාලා වතුරින් පරිස්සම් කරගන්න. සෙම් අමාරු වලින් පරිස්සම් වෙන්න. කොළඹ පැත්තේ ඉන්න අය මේ දවස් වල වැස්සට තෙමෙන්න එපා. ඒක එච්චර හොද නෑ.

●  ධනු
ඔයාට නම් මේ සතිය හොදයි.
ආදායම් මාර්ග වලට දොර ඇරෙනව. ඒවගේම තමයි නිකන් ඇවිදලා බිස්නස් කරන අයට, මාකටින් කරන අයට කටින්ම තමන්ගෙ මැච් එක ගහන්න පුලුවන්. ඔයා ඒක විශ්වාස කරන්න. හොදින් මහන්සි වෙලා වැඩ කරන්න ආදායම් තත්වය දියුණු වෙනව.
ඒවගේම තමයි ගෙදර දොරේ ජිවිතය බොහොම සතුටින් සමාදානයෙන් ගත වෙනවා. ඒවගේම තමයි ඔය කසාද බදින්න හිතාගෙන ඉන්න අයගෙ ප්‍රේම සබදතා ස්ථිර වෙනව. ඒවගේම යාළු වෙලා ඉන්න කොල්ලොන්ට කෙල්ලන්ට උදලු දාපු වැඩිහිටියෝ කැමැත්ත දෙනව මේ සතියෙදි. ඉතින් සංතෝෂයෙන් ඉන්න  පුලුවන්.
සෞඛ්‍ය ගැටළු නැති උනත් ඔය ලිස්සල වැටිලා අත පය උලුක්කු වෙන්න පුලුවන් පරිස්සම් වෙන්න.
ඇයි දන්නවද අතපය පරිස්සම් කරගන්න කියන්නෙ ? නැත්නම් නැන්දල මාමල බලන්න යන්න වෙන්වෙන බැන්ඩේජ් දාගෙන.

●  මකර
ඔයාට නම් පොඩි අවුලක් තියෙනවා.
සතියේ මුල් දවස් 2-3දි පොඩ්ඩක් සෞඛ්‍ය තත්වය දුර්වල වෙන නිසා ආදායම් තත්වය ටිකක් දුර්වල වෙන්න පුලුවන්. රැකියා කරන අයට නම් ප්‍රශ්නයක් නෑ. නමුත් මුදල් ගනුදෙනු කරන අයට පොලු වැටෙන්න පුලුවන් පරිස්සම් වෙන්න. කවුරුහරි සුපිරිම පොල්ලක් තියන්න පුලුවනි සතිය මුලදි.
ගෙදර දොරේ ජිවිතයෙදි තමන්ගේ ගෙදර එක්කෙනාට එහෙම නැත්නම් හාමිනේට අසනීප හැදෙන්න පුලුවන්. ඒව ඒ උනාට සතිය මැදදි එකලස් වෙනව. ඒවගේම තමයි මංගල යෝජනා එනව.
සෞඛ්‍ය ගැටළු වල ලොකු ගැටළුවක් නැතත් සෙම් රෝග වලින් ආරක්ෂා වීම හොදයි.

●  කුම්භ
සතිය මුලදි හොදයි.
මේ කාලයෙදි නැන්දල මාමලගෙන් උරුමහරුමකම් වලින් මුදල් ලැබෙන කාලයක්. ඒවගේම තමයි ඔය කුම්භ ලග්න කාරයොන්ගෙ දේපල එහෙම තියෙන ඥාතින් ඉන්නව නම්, ඒ අයගෙ දේපල උරුමහරුමකම් ලැබෙන්න පුලුවන් කාලයක් මේක. ඉතින් ආදායම් ගැන ලොකු කරදරයක් නෑ. උත්සහයෙන් වැඩ කරන්න.
ගෙදර දොරේ ජිවිතයත් ඒ විදියම තමයි. ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න පුලුවන්. ඒවගේම තමයි අනියම් කම් සැප ලැබෙන්න ඉඩ තියෙන කාලයක්. හිතල වැඩ කරන්න.
සෞඛ්‍ය ගැටළු නැති උනත් භූත පෙරේත දෝෂ ඇතිවෙන්න පුලුවන්, සෙම් අමාරු ගැන බලාගන්න ඕන.

●  මීන
ප්‍රශ්නයක් නෑ !
සතිය පුරාම සුපිරි මැච් එකක් ගහන්න පුලුවන්. ඒවගේම තමයි කාන්තාවන් මාර්ගයෙන් ආදායම් වැඩි දියුණු කරගන්න පුලුවන් යෝගයක් යෙදිල තියෙනව. ඒනිසා කාන්තාවන් වැඩිපුර ආශ්‍රය කරන එක ඇගට ගුණය කියල හිතෙනව.
ගෙදර දොරේ ජිවිතයත් ප්‍රීතියෙන් ගත වෙනව වගේම ගෙදරට බඩු මුට්ටු හම්බ වෙන්න යෝගයක් තියෙනව. දුවා දරුවන් එක්ක හොදින් ඉන්න පුලුවන්.
සෞඛ්‍ය විදියට ලෙඩ රෝග ඒව මේව නෑ. හැබැයි ඉතින් ඇස්වහ කටවහ දෝෂ තියෙන්න පුලුවන්. නිදන් ගත රෝග ඇති අය ඒව ගැන සැලකිල්ලෙන් ඉන්න.

* කේන්දර සටහන් අනුව පලාපලය වෙනස් වේ !

තෙරුවන් සරණයි !

Friday, October 10, 2014

__“ රට ජාතිය පුබුදුකල දම්පල් හඳහන “

1864 සැප්. 17 වන දින උදේ 6.52 උපන් මෙතුමන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම් විය.
යටත් විජිතයක්ව පැවති කාලයෙදි උපන් නිසා මෙතුමාට ඉංග්‍රිසි නමක් යෙදී තිබුනි.
මෙතුමාගේ හඳහන තුලින් ජාතියක් පුබුදුවා ගැනීමට තරම් මෙතුන්ගේ හඳහනේ තිබුනාද... ?

එය විමසීමේ අපගේ අරමුණයි. එසේම කාලෝචිතයි.

බුද්ධිමතුන් බිහිවන කන්‍යා ලග්නයෙන් උපන් මෙතුමාගේ හඳහන මෙන්න මේ ආකාරයට විචිත්‍ර වී ඇත.
● රවි-බුධ-ශනි-සිකුරු යෝගයක් ලග්නයේ චතුර් ග්‍රහ යෝගයක්ද, රාහු 2වැන්නේද, බ්‍රහස්පති/ගුරු 3 වැන්නේද, චන්ද්‍රයා 7 වැන්නේද කේතු ග්‍රහයා 8 වැන්නේද, 9 වැන්නේ කුජ ග්‍රහයාද පිහිටා ඇත.

මේ අනුව මෙතුමන්ට පසුකාලින ජිවිතයෙදි ආගම දහමට සිත යොමුවිමට හේතු වූ යෝගය කුමක්දැයි අප විමසා බලමු.

● ශනි - සිකුරු යෝගය මෙයට ප්‍රධානයි. එය ගිහිගෙය එපා කරන ශ්‍රමණ යෝගයකි. මෙයින් ලෞකික ආශාව දුර්වල කර, ලෝකෝත්තර මාර්ගයට යොමු කරයි.

● එසේම රවි-බුධ යෝගය සමග තිබුනත් නීච භංග රාජ යෝගයක් මේ අවස්ථාවෙදි යෙදෙන්නේ නැත.
කන්‍යාවෙදි රවි බුධ එකට පිහිටිමෙන් ඥාන යෝගයක් ලෙස ඥානය දැඩි ලෙස පිහිටයි. එහිදී පූර්ණ වශයෙන්ම සිකුරුගේ බලය දුර්වල වි ඇත.
එසේම එම නිසා ධර්මපාල තුමා ජිවිතයේ තරුණ අවධියේම රට ජාතිය ආගම වෙනුවෙන් දැඩිලෙස කැපවී ඇත.

* එසේම තවත් කාරණයක් මතු කිරීමට සිදුවේ, මෙතුමන් උපදින පරිසරය සුදු ජාතියකන්ට රට අයත්ව රට සුදු ජාතිකයන් අමු අමුවේ කොල්ල කන ආකාරය අපට සිහිගන්වයි.
මෙහිදි අපට මතක් වන්නේ, අපගේ සිංහල සෙනෙවියන් ඇහැලේපොල, කැප්පෙටිපොල වැනි ජාතික නායකයන් පාවාදී බිලි දී අපගේම සිංහල මිනිසුන් විසින් අපගේ රජු ඉංග්‍රිසින්ට අල්ලා දුන් වටපිටාවක ඒකාලයේ අධිරාජ්‍යවාදින්ට ගැතිකම් කොට නිවට නියාලු ජාතියක් බවට පත්වූ සිංහල ජාතිය නැවත දේශානුරාගයෙන් මත් කිරීමට මෙතුමා හොඳම භාෂාවකින් ජනතාව ඇමතීය.
* එය විටෙක අපේ සිංහල ජාතියට පමණක් නොව ඉංග්‍රිසි ජාතියටද මහත් වූ හිසරදයක් විය. අප දන්නා ආකාරයට මෙතුමාගේ වාග් ප්‍රහාරය ඉතාම දරුණුය.

● කෙනෙකුගේ දෙවැන්න/2) එම පුද්ගලයාගේ චරිත ස්වභාවය සහ වචනය ගැන පෙන්වයි.
රාහු 2 වැන්නේ සිටින නිසා මෙතුමාට මුඛරි වූ එසේම තර්කානුකූලව වූ කතා විලාසයක් තිබින. එසේම වාදිභසිංහ දම්පල් තුමා කුජ ග්‍රහයාද බලවත්ව උපන් කෙනෙකි.
එමනිසා භය කියන දෙය එතුමන්ට තිබුනේම නැත. මෙම කේන්දරය ආශ්‍රිතවද බොහෝ දේ කීමට ඇතත්, ලිපිය බොහෝ විස්තර පල කිරිමේ අපහසුතාවයක් ඇත.

● අනගාරික ධර්මපාල තුමාගේ හඳහනටම අනුව, ලෝකෝත්තර ගමන් මාර්ගය ඇති ජෝතිෂ්‍යය පදනම එනම් ලග්නයේ ඇති ශනි-සිකුරු යෝගය නිසා 1929 ආදිය කිට්ටුවදී ඉන්දියාවට ගොස් බුද්ධගයාව සහ අපගේ බෞද්ධ උරුමයන් බේරාගෙන එය අදටත් අපට හිමිකර දී මහා බෝධි සංගමය පිහිටවා සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිව අපගේ ජාතියෙන් සමුගන්නා ලද්දේය.

එතුමන්ගේ දේශානුරාගී නායකත්වය අදටද අපගේ දේශපාලනයේ නියැලෙන අයටත් නියැලීමට සිටින අයටත් මහඟු ආදර්ශයකි.
අපගේ ප්‍රාර්ථනාව නම් එවන් නායකයන් අප රටට නැවතත් පහල විය යුතුය. ඉතින් මෙම කේන්දරය තුලින් යමක් ඉගෙන ගන්න. ග්‍රහ බලය සම්බන්ධව ..

තෙරුවන් සරණයි !

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

* නිවරදිව බෝධි පූජාවක් පවත්වන ආකාරය ඔබ දන්නවාද ?

බෝධි පූජාවක් පැවැත්වීම ඇත්තටම, බොහෝසෙයින්ම ආනිශංස සහ ප්‍රතිඵල ලැබෙන කාරණාවකි.

* විශේෂයෙන්ම අප බුදු රජාණන්වහන්සේ මාර පරාජය කොට ඒ උතුම් බුද්ධත්වය අවබෝධ කරගත් වෙලාවේ සෙවණ දුන්නේ, ජය ශ්‍රී මහා බෝධි රාජයාණන්වහන්සේය.
අද බටහිර විද්වතුන් හෙලි කරන විද්‍යාත්මක පදනමේ සිට බැලූ කලත් බෝධි වෘක්ෂයේ යම්කිසි ශක්ති ප්‍රභවයක් ගැබ්ව ඇති බව හෙලිවී ඇත.

අප ලොව්තුරා බුදුරජාණන්වහන්සේට බුද්ධත්වය අවබෝධ කරගැනිමට උන්වහන්සේට විශාල වූ ශක්තියක් මෙමගින් ලැබෙන්නට ඇති බව බෞද්ධ අපගේ විශ්වාසයයි.
* එසේම අපි අපල උපද්‍රවයකින් පෙලෙන අවස්ථාවෙදී, බෝධී පූජාව තබන අවස්ථාවෙදි බෝධි මූලයේ රැදී සිටිමෙන්, අපට අහිතකර වන්නා වූ විශ්වයේ යම් යම් විෂ ශක්තින් ප්‍රහානය වන බව බටහිර විද්වතුන්ද පිලිගෙන ඇත.
එසේ නම් අපල ඇති, අපල නැති කාටත්, තියෙන අපල නැති වීමටත්, තිබෙන සුභ පල වැඩිවීමටත් අප කල යුතු නිවරදි බෝධි රාජයාණන්වහන්සේ පිදීම කරන්නෙ කොහොමද ?

● මුලින්ම ඉතාම පිරිසිදුව බෝධි රාජයාණන්වහන්සේ අසලට ගොස්, ප්‍රථමයෙන් ඉදල ගෙන, බෝධි රාජයාණන්වහන්සේ වැඩ සිටින පරිසරය හොදින් පිරිසිදු කරන්න.
මේ කටයුත්තට අඩුම තරමේ පැය භාගයක්වත් යොදාගන්න. හදිස්සියෙන් කරන්න එපා.

* ඉන්පසු, තමන් රැගෙන ආ නිල්මල් නානා විධ මල් මාලයක් මෙන් සකසා බෝධින්වහන්සේගේ ශාඛාවන් අතර රැදවීමට කටයුතු කරන්න.
(කෘතිම මල් එල්ලන්න එපා )

● එසේම සමහරුන් අධි ශ්‍රද්ධාව නිසා, බෝධින්වහන්සේ එලකිරෙන් දෝවනය කරයි. එය සුදුසු ක්‍රියාවක් නොවෙයි. මන්ද කිරි වලින් ඇති කරන්නාවු බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජිවින් හේතුවෙන් බෝධි රාජයාණන්වහන්සේගෙ චර්මයට සහ මූලයන් වලට යම්කිසි හානියක් සිදුවිමට හේතුවන බැවිනි.

● පිරිසිදුව පෙරාගත් පැන් කල, රැගෙන දක්ෂිණාවර්ථව බුදුගුණ සජ්ජායනා කරමින් සිතින් බෝධි රාජයාණන්වහන්සේගේ ගුණ සිහි කරමින්(එදා මාර දිව්‍ය පුත්‍රයා ගිරි මේඛලා නැමති හස්ති රාජයාගේ පිට නැගී බුදුරජාණන්වහන්සේගෙ අභිමුවට පැමිණ කල තර්ජනය ගණනකටවත් නොගෙන සම්බුද්ධත්වය අවබෝධ කරගත් බලමහිමයෙදි අප බුදුරජාණන්වහන්සේට ශක්තියක් වුනු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! ) යන්න සිත්හි දරාගෙන එම පැන් වලින් ශ්‍රද්ධාවෙන් යුතුව බෝධින් වහන්සේ දෝවනය කරන්න.

● ඉන්පසු ගෙන ආ මල් පහන් පූජා කරන්න.
ඉන්පසු බෝධින්වහන්සේට තරමක් දුරින් හදුන්කූරු සහ පහන් දල්වන්න. මෙම බෝධින්වහන්සේගේ පූජාව උදෙසා චතු මධුර සහ ගිතෙල්, ක්ෂිර ආහාර එසේම ඔසු පැන් සහ එසේම සිද්ධාලේප, කසාය ආදිය තැබීමද බොහෝ ප්‍රශස්තයි.
(එමගින් නිදුක් නීරෝගී සුව අත්වේ)

● ඉන්පසු ත්‍රිවිධ රත්නය නැමදීම කොට, බෝධි පූජාව පවත්වන අවස්ථාවෙදි බෝධින්වහන්සේගේ 4 කොනේ, සතර වරම් දෙවියන් වෙනුවෙන් පහන් 4ක් දල්වන්න. උන්වහන්සේලාට පින් අනුමෝදන් කර බෝධි පූජාවේ වැඩ කටයුතු ආරම්භ කරන්න.

නිවරදිව බෝධි පූජාවක් තබන්නේ මේ අයුරිනි. මෙය අනුගමනය කිරිමෙන් බොහෝ ප්‍රතිඵල ලබාගත හැකිවනවා ඇත. ආගම දහම සමග ගුණ යහපත් අනාගතයක් නිර්මාණය කරගැනිමට, ගුණ යහපත් පරපුරක් රටට දායාද කරනු වස් එසේම අපගේ අනාගත පරපුර ධර්ම මාර්ගයට යොමු කිරීමට මෙය මහඟු පිටුවහලක් වනවා ඇත.

තෙරුවන් සරණයි !

ඊයේ (ඔක් 5) මව්බිම පත්‍රයේ ඉන්දීය අගමැති මෝඩි විසින් කරන ලද නවරාත්‍රි පූජාව ගැන විවරණයේදි මෝඩි අගමැතිතුමාගේ කේන්දර සටහන ලෙස ඉදිරිපත් කර ඇත්තේ අප විසින් ඉදිරිපත් කල කේන්දර සටහනයි.
අගමැති මෝදිගේ කේන්දර සටහන ගැන නැවත කියවන්න...
https://www.facebook.com/photo.php?fbid=240171692844509&set

( ඉන්දියාවේ අපගේ සබදතා ඇති ජෝතිෂ්‍යය ගුරුතුමන්ලාද මෝදි මැතිතුමාගේ කේන්දරය ගැන අපගේ විස්තරයට බෙහෙවින් පැහැදින)

සොයාදුන් අපගේ සේවයේ අන්තර්ජාල සේවා සැපයුම් භාර Sukumal Harischandraට සහ ඔහුගේ මිතුරාට ස්තූති වන්ත වෙමු.

Wednesday, October 8, 2014

“ නව රැල්ලේ අළුත්ම වාලම්පුරි මාෆියාව “

අද පුවත්පත් දැන්වීම් වලත්, විද්‍යුත් මාධ්‍ය වල දැන්වීම් වලත් අපට පෙනී යන්නේ “වාලම්පුරි“ ගැන රැල්ලක් ගොඩ නැගී ඇති බවයි.
එක එක කාල වලට එක එක රැලි පැමිණේ.
කාලයක් ගණ දෙයියන්ව කෙට්ටු කර කණ් ලොකුකර පිළිම පිටින් විකිණීම සිදුවිය. දැනුදු යම් තරමකින් එය සිදුවේ.
එසේම ජය මංගල ගාථා විකෘති කර ගායනා කර එම සීඩි පට විකුණන ලදි.

දැන් යන අලුත්ම මාෆියාව නම් වාලම්පුරි මාෆියාවයි.

* වාලම්පුරියක් යනු, බෙල්ලෙකුගෙන් හට ගන්නා යම්කිසි කැල්සියම් ප්‍රධාන සංඝටකය ප්‍රතිඵලයකි.
එම සත්වයා ගැඹුරු මුහුදේ ජිවත් වේ. එම සත්වයා කිසියම් ආකායරයකට මිය ගියහොත්, එම තත්වයෙන්(කට්ටෙන්) ගැලවුනොත් වාලම්පුරියක් නැමති එම දේ වෙරළට ගොඩ බැසීමට ඉඩ ඇත. එය කිසියම් ආකාරයකට කලාතුරකින් සිද්ධ වන දෙයකි.
එහි වාසනාවක් ඇති බවත්, සත්‍යතාවයක් ඇති බවත් පිලිගැනිමට තරමක් දුරට පුලුවන.

නමුත් ප්‍රශ්නය එය නොවේ. මේ තරමටම මෙයාල වාලම්පුරි ලබාදෙන්නෙ කොහෙන්ද යන ප්‍රශ්නයයි.
වාලම්පුරි හට ගැනීම දුර්ලභ කාරණයකි.

* අපට දැනගැනීමට ඇති ආකාරයට මෙම වාලම්පුරි කෘතිමව නිෂ්පාදනය කරනු ලබයි.
5000 කොලේ හොරට අච්චු ගහන රටේ, එසේම මාධ්‍ය මගින් අපිට දකින්නට ලැබෙන එක එක වැදගත් පුද්ගලයන්ගේ අත්සන් භාවිත කර කරනු ලබන වංචා, හොර සල්ලි අච්චු ගැසීම් ආදිය සිදුවන මේ රටේ මෙවන් වාලම්පුරි නිපදවීම එතරම් කජ්ජක් නොවේ.

අප පුවත්පත් දැන්වීමක් ඔස්සේ ඇමතුමක් දුන් විටදී අප ඇසූ ප්‍රශ්නය නම් ඕනෑ තරම් ගන්න පුලුවන් කියාද ?
එවිට ලැබුනු පිලිතුර වූයේ “ මහත්තයට කන්ටේනරයක්ද ඕනේ... ඒත් දෙන්නම් “ කියාය.

මෙවන් දුර්ලභ දෙයක් මෙවන් ආකාරයට විකිණිය හැකිද යන්න සිතා බැලිය හැක.
මෙවන් කටයුතු වලින් කෙරෙන්නේ ජනතාව සූරා කෑමයි.

* නියමානුකූල වාලම්පුරියක කොරපොතු ඇත. නියමිත බරක් ඇත. එසේම ඒ සම්බන්ධව අතට ගත්විට අපට ව්‍යාජද, අව්‍යාජද යන්න තේරේ.
එසේම ලේ රතු පැහැය ඇතුලෙන් දිස්වේ (එය නම් දැන් මනාවට එන ලෙස ව්‍යාජව සකස් කරයි)
(එය පරික්ෂා කරන නිසි ක්‍රමවේදයක් ඇත)

මෙය බොහෝ දැනුම් තේරුම් ඇති අයෙක් ලවා පරික්ෂා කරවා මිස වෙන ආකාරයකට මිලදී ගැනීම ඔබ මුලාවට අසුවීමට ඉඩ වැඩි කරනු ඇත.

මේ ගැන සිතා බලා කටයුතු කිරීම පාඨක ඔබට භාරයි !

ඉරු සේවයේ විශේෂ හෙලිදරව්වකි.

තෙරුවන් සරණයි !

Tuesday, October 7, 2014

මාතර දොන් අන්දිරිස් පරම්පරාවෙන් පවත්වන ලද ගම්මඩු ශාන්ති කර්මයක්


මාතර කොටපොල තේ කර්මාන්ත ශාලාවේ සමිතියේ ගම්මඩු දේව ශාන්ති කර්මය. 

Monday, October 6, 2014

සතියේ ලග්න පලාපලය (ඔක්.6 සිට)

● මේෂ
ඔබට මිශ්‍රපලදායකයි.
සතිය මුලදි කරන කියන කටයුතු සහ වෙළදාම් කටයුතු දියුණුවට පත් කරගැනිමට පුලුවන්. සහෝදරයන්ගෙන් සහ මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. නමුත් සතිය අගදී අනවශ්‍ය මුදල් වැයවීමක් හෝ යම් මුදල් නාස්තියක් සිදුවන බව පෙන්වයි. ප්‍රවේශම් වන්න.
ගෘහ ජිවිතයේ සතුට සමාදානය ඇතිමුත්, ගෙදර අඹුදරුවන්ට ලෙඩ රෝග ඇතිවිය හැක. එමනිසා යම් යම් අපහසුතා ඇතිවිමට පුලුවන. මේ වෙලාවේ 7 වැන්න 6 වැන්න පරිවර්ථනය වි සිටින බැවින් ස්වාමියාගේ හෝ බිරිදගේ අසනීප ගැන සැලකිල්ලෙන් සිටින්න.
විශේෂයෙන්ම උදරාබාධ ආශ්‍රිත රෝග, ලේ විෂවීමේ රෝග ප්‍රධානයි. ශල්‍යකර්ම කර ඇති අය සැලකිල්ලෙන් සිටින්න.

●  වෘෂභ
ශුභදායක සතියකි.
ව්‍යාපාර වස්තු කරනත්, ජලය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට, ගෘහණියන්ට සුබ සතියකි. ආදායම් දියුණු කරගත හැක. ආදායම් තත්ව වැඩිවේ. එසේම දුර බැහැර ප්‍රදේශ වල රැකියා කරන අයටත්, සංචාරක ව්‍යාපාරයේ සිටින අයටත් වාසිදායකයි.
ගෙදර දොරේ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. අඟහරු/කුජ තත්කාල ග්‍රහචාරයේ 7 නිසා අඹුසැමියන් අතර ගැටළු ඇතිවිය හැක, නුවණින් කල්පනා කර විසදා ගන්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත්, ආමාශගත රෝග සහ උදරාබාධ, අජීර්ණ රෝග ගැන සැලකිලිමත් වන්න. මුත්‍රා අමාරු ගැන සැලකිලිමත් වන්න.

●  මීථුන
ශුභ සතියකි.
ඔබට හැකිවනවා, ඔබගේ ආදායම් තත්ව දියුණු කරගන්න. එසේම ඔබට පුලුවන් ඔබගේ දැඩි කැපවීම මත මෙම සතියේදි බොහෝ දේවල් කරගන්න. එය වාසනාවක්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වනවා මෙන්ම වැඩිහිටියන් සමග සතුටින් සිටිමට පුලුවන්. ඔවුන්ගේ ආශිර්වාදය අනුග්‍රහය ඔබට ලැබෙනව. එසේම ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය ගැටළු ප්‍රබලව නැති වුවත් ඔබගේ අසාත්මිකතා ගැන සැලකිලිමත් වන්න.

●  කටක
මධ්‍යස්ථපලයි.
සතිය ආරම්භය කිසියම් ආකාරයක මන්දගාමි ස්වරූපයක පැවතුනත්, ක්‍රමානුකූලව එය මගහැරි යනු ඇත. ලග්නයේ ගුරු නැත්නම් කපෝතියි. සතියේ මධ්‍ය කොටසෙදි ඔබට සියලුම දේ සාර්ථක වේ. ආදායම අතමිට සරුවේ.
ගෘහ ජිවිතයේ, යම් අගහිගකම් දැනුනත් සතිය අගදී ඒවා ප්‍රහාණය වෙයි.
සෞඛ්‍ය ගැටළු ලෙස, සෙම් අමාරු සහ කටක ලග්නයේ කුඩා දරුවන් ජලය හා ජලාශ්‍රිත බෝවන රෝග වලින් ආරක්ෂා කරගැනිම වගකීමයි.

●  සිංහ
මධ්‍යස්ථපලයි.
සතිය මුලදී යම් යම් කටයුතු වල සාර්ථකත්වයක් දකින්නට පුලුවන. නමුත් සතිය අගදී ආදායම් තත්වය අවම වේ. රැවටීමට භාජනය වීමට ඉඩ තිබේ. නමුත් බුද්ධියෙන්  හිතනවා නම් ඒවායින් බේරෙන්නට පුලුවන.
උගුල්වල නොවැටී සිටින්න.
ගෘහ ජිවිතයේ යම් යම් ගැටළු තිබ්බත්, ඒවා සමනය වේ. එසේම දුරබැහැර ගමන් යාමට, අවස්ථාව සැලසේ.
සෞඛ්‍ය ගැටළු ලෙස, ආහාර අජීර්ණ රෝග සහ මලබද්ධය ඒවගේම රක්ත දෝෂ ඇතිවන්නට පුලුවන්. ප්‍රවේසම් වන්න.

●  කන්‍යා
මධ්‍යස්ථපලයි.
ග්‍රහ බලය සමග ඔබගේ ආර්ථික තත්වයද යම් දෙදරීමකට ලක්වේ. වර්තමාන ග්‍රහචාරයේ ආකාරයට පොඩි ප්‍රතිලාභයකට මහා පරිමාණයෙන් මහන්සි විය යුතුයි. බුද්ධියෙන් කටයුතු කර ඒ තත්වයන් මර්ධනය කරන්න.
ගෘහ ජිවිතය ඇතුලේද ඔය තත්වයන් පවතී. එම නිසා ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න.
නිෂ්කාරණයේ ගමන් බිමන් වල යෙදීමෙන් තමාගේ ආර්ථික තත්වය දුර්වල විය හැක.
සෞඛ්‍ය ගැටළු ලෙස, මුත්‍රා අමාරු සහ මානසික ආතතිය වැනි රෝග ඇතිවිමට පුලුවන්.

●  තුලා
මිශ්‍රපල සතියකි.
තමාගේ වචනයේ ඇති අසංවරකම නිසා තමාට ආර්ථික අවාසි ඇතිවිමට පුලුවන්. එසේම කරන කියන කටයුතු වල උදාසීනකම සහ මන්දගාමිත්වය නිසා ආර්ථිකය දුර්වල විය හැක, ඒවායින් ඈත් වන්න.
ගෘහ ජිවිතයේ යම් යම් ගැටළු මතුවේ. ඒවා ආර්ථික, සමාජිය වශයෙන් මතුවේ. වියදමට මුදල් නොමැති වේ. සමාදානය ආරක්ෂා කරගන්න.
සෞඛ්‍ය තත්වය ගැන, නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවන්න. වාත අමාරු, හන්දිපත් රෝග ඇතිවිමට පුලුවන්.

●  වෘශ්චික
වෙනදා මෙන් සුබ සතියකි.
ආදායම් මාර්ග මෙන්ම මිතුරන්ගෙන් උදව් උපකාර සහ හදිසි ධනලාභ හිමිවේ. එසේම කරන කියන සෑම කටයුත්තක්ම ප්‍රතිඵල ලාභයට හේතුවේ.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, දරුවන්ගේ කටයුතු ගැන සතුටු විය හැක. අඹුසැමි ප්‍රීතිය ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. නමුත් හිසේ කැක්කුම්, ඉරුවාරදය තිබේ නම් සැලකිලිමත් වන්න.

●  ධනු
ඉතාම ශුභ සතියක්.
තමාගේ උත්සහය උනන්දුව ආදිය නිසා ආර්ථික තත්වය ගොඩනැගිමට පුලුවන. සහෝදරයන්ගෙන් විශේෂයෙන් සහෝදරියන්ගෙන් මුදල් ලැබෙ. ඔවුන්ගෙන් දියුණුවට අතහිත ලැබේ.
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගතවන අතර, දායාද, උරුමහරුමකම් ලැබිමට නියමිත අයට ඒවා ලැබේ, සුබ සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති අතර සෙම් අමාරු සම්බන්ධව පපුවේ සෙම, හතිය ආදිය ගැන සැලකිලිමත් වන්න.

●  මකර
වරදක් නැති සතියකි.
රදක් නැති සතියකි.
ඔබට ඔබගේ උත්සහයේ තරමට ප්‍රතිඵල ලැබෙන අතර, යම් යම් පොලව ආශ්‍රිත කර්මාන්ත, හාඩ්වෙයාර් ආදිය කරන අයටත් මිල මුදල් ලැබේ. එසේම ආදායම් තත්ව උත්සාහයේ තරමට ලැබේ.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර, දරු මල්ලන් සමග ප්‍රීති විය හැක. විනෝද උත්සව ලැබේ. රසවත් ආහාර අනුභවයට වාසනාවන්ත කාලයකි.
සෙම් ගෙඩි, සෙම් රෝ, ජලාශ්‍රිත රෝග ගැන පරිස්සම් වන්න.

●  කුම්භ
වාසනාවන්ත සතියකි.
ප්‍රබල දෝෂ නොමැති අතර, තමුන්ගේ උත්සාහයේ හැටියට දියුණුවීමට පුලුවන් සතියකි. එසේම විවිධ ව්‍යාපාර කරන අයටත්, රැකියා කරන අයටත් හොදම කාලයක් උදාවේ.
ගෙදර දොරේ ප්‍රීතිය ඇතිවනවා මෙන්ම අඹුසැමි ආදරය වර්ධනය වේ. සමහරවිට රහස් කම් සැප සොයා යාමටද ඉඩ ඇත.
හිසේ බරගතිය, සෙම් රෝග සහ සෙම් කෝපවිමෙන් ඇතිවන රෝග වැලදීමට පුලුවන්. පරිස්සම් වන්න.

●  මීන
මධ්‍යස්ථ සතියක්.
සතිය මුලදී ආදායම අඩුවන අතර, වියදම වැඩිවේ. තැන්පත් ධනය වැයවිමට හේතුයි. සතිය මැදදී එම තත්ව සමනය වන අතර ආදායම ලැබී දියුණු වීමට පුලුවන්.
ගෘහ ජිවිතයේ ප්‍රබල වෙනසක් නැති වුවද අඹුසැමියන් අතර අනවශ්‍ය ගැටළු ඇතිවිය හැක, නුවණින් විමසා ඒවා සමනය කරගන්න.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැති අතර, අනතුරුදායක කිරීමෙන් වලකින ලෙස උපදෙස් දෙමි.


“උප්පත්ති ග්‍රහචාරය අනුව වෙනස්වීම් ඇතිවිය හැක. “





Saturday, October 4, 2014

සිරිසෙත සලසන විශ්ව පාලක ශ්‍රී විෂ්ණු දෙවියන්ට කරන කන්නලව්වක් !

* අපගේ ශ්‍රී ලංකා ද්වීපයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නේ විශ්ව පාලක උතුම් වූ ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේය.
උන්වහන්සේගේ රැකවරණය, ආරක්ෂාව ධාර්මිකව සිටින්නා වූ ඔබ අප සැමට හිමිය.

*උන්වහන්සේගේ පිහිටාරක්ෂාව පැතීමට, මල් පහන් හඳුන්කූරු සහිතව බුදුන් වැඳ, හොඳින් පිරිසිදු ඉදුනු පලතුරු වර්ග 8ක්(බෙලි, අඹ, දිවුල් ඇතුළු, නිල් මහනෙල් මල් වට්ටියක්, නිල් මාලයක්, නිල් රෙදි කැබැල්ලක ගැට ගැසූ පඬුරු උන්වහන්සේට පින් අනුමෝදනා කරන්න.

“ සම්බුද්ධ සාසන වරං - යතිපුංගවච්ච 
සම්පාලනාය පටිලද්ද - වරෝයසස්සි 
පුඤ්ඤාති මානි අනුමෝ - දියවාසුදේවෝ 
පාලේතුමන්සස හත්ථතාස - හිතාවහන්තෝ “
- ජය සිද්ධි

_ දේව කන්නලව්ව _

සාදු සාදු සාදු දෑත් නගා වැන්දෙමි ...
දොහොත් මුදුන් තබා වැන්දෙමි...
දෙපා වැන්දෙමි...
හුරු අත් නුහුරු කර වැන්දෙමි...
නුහුරු අත් හුරු කර වැන්දෙමි...

* ශ්‍රීමත් උතුම් වූ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේ වෛකුන්ඨ පර්වතයේ වෛර්ණ වූ දේව විමානයේ, ගුරුළු වාහනාරූඪව, නීල වර්ණ දේහ විලාශයෙන්, ශාන්ත ශ්‍රියෙන්, බැබලෙමින් සකල දේව සමූහයාට ඉන්ද්‍රව, ශ්‍රී ලංකා ද්වීපයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන බවට..
එදා ශක්‍ර දේවේන්ද්‍රයාට වූ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරනවා... සත්‍යවාදි සැබෑ වී නම්, ඔබවහන්සේට සකලවිධ පූජෝපහාර පවත්වන ගැති දරුවා වූ මා විසින්,

ඔබවහන්සේ ඉදිරිපිටදී ඇඟිලි බැඳ බැගෑපත්ව කියා සිටින්නා වූ මේ කන්නලව්ව, ඔබගේ දිව්‍ය කන් වලට ඇසේවා ! දිව්‍ය නේත්‍ර වලට පෙනේවා !

මගෙන් මේ වෙලාවෙදි වූ දැන වැරදි, නොදැන වැරදි, දහසක් වැරදි, කෝටියක් වැරදි සමාව භජනය කරන සේක්වා.

* ඔබගේ සිතේ ඇති මනසේ ඇති සියලු කාරණා මේ වෙලාවෙදි කියන්න,
උදාහරණයක් විදියට නවග්‍රහ අපල දුරු කරල දේනන කියල ඉල්ලීම් කරන්න. ගෙදර දොරේ අඩ දබර දුරු කරල දෙන්න කියල ඉල්ලීම් කරන්න.
ඒවගේම මේෂ රැසේ ඉදලා මීන රැසට වෙනකම් ඇති කරන අපල නැති කරල දෙන්න කියල ඉල්ලන්න. රැකියා දියුණුව දෙන්න කියල ඉල්ලන්න.

විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහ මාරක අපල නැති කරල දෙන්න කියල ඉල්ලීම් කරන්න.
මේ කරන කන්නලව්ව ජය ලැබෙනවා ජය සිකුරුයි !