Sunday, December 28, 2025

සතියේ ලග්න පලාපලය ( දෙසැ 29 - ජන 03)

සදු හෙවත් චන්ද්‍රයා සතිය ආරම්භයේදී ගෝචර වන්නේ, මේෂ රාශියේය.

-

* ලග්න 12ට පොදු පලාපලයකි !!!

-
මේෂ
සතිය ආරම්භයේදී සදු සිටින්නේ 01 වැන්නේය.
අධ්‍යාපන කටයුතු වලට යහපත් කාලයකි.
නව ආදායම් මාර්ග වලට යොමුවිමට හැකියාව ඇති කාලයකි. හදිසි තීරණ ගැනීමෙන් වැලකිය යුතු කාලයකි.
පවුල් ජිවිතය වෙනදාට වඩා කලකිරිම් සිත් තැවුල් ඇතිවන කාලයකි.

 -
වෘෂභ
සතිය ආරම්භයේදී සදු සිටින්නේ 12 වැන්නේය.
ආදායමට වඩා වියදම වැඩිවන කාලයකි.
අධ්‍යාපන කටයුතු කරන අයට තරමක් බාධා ඇතිවන කාලයකි.
නව ව්‍යාපාර - නව ආදායම් මාර්ග වලට යොමුවිමට සිතන අයට යම් ප්‍රමාදයන් සිදුවන කාලයකි.
ගෘහ ජිවිතයේ තරමක් පීඩාකාරි කාලයකි.

-
මිථුන
සතිය ආරම්භයේදී සදු 11 සිටින්නේ  වැන්නේය.
අන් අයගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි.
මෙතෙක් පැවති ණය හෝ මුදල් පිලිබද ගැටළු වලට විසදුම් ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා ප්‍රීතිමත්ව ගතකිරිමට හැකි කාලයකි.


-
කටක
සතිය ආරම්භයේදී සදු සිටින්නේ 10 වැන්නේය.
රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයට යහපත් පිලිතුරු ලැබෙන කාලයකි.
වෙනදාට වඩා වියදම වැඩිවන කාලයකි.
ගෘහ ජිවිතය තුල කලබලකාරි ගති පැවතුම් ඉස්මතු වන කාලයක් වෙයි



-
සිංහ
සතිය ආරම්භයේදී සදු සිටින්නේ 09 වැන්නේය.
නව ආදායම් මාර්ග වලට යොමුවිමට සිතන අයට යහපත් කාලයකි.
වෙනදාට වඩා ආදායම් තත්වය වර්ධනය කරගත හැකි කාලයකි.
ගෘහ ජිවිතයේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි



-
කන්‍යා
සතිය ආරම්භයේදී සදු සිටින්නේ 08 වැන්නේය.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා උද්යෝගිමත්ව වැඩ කල හැකි පරිසරයක් නිර්මාණය වෙයි.
රැකියා ස්ථානයෙන්, ඉහල නිලධාරින්ගෙන් ප්‍රශංසා ලැබෙන්නට වාසනාව තිබෙන කාලයකි.
අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට යම් ගැටළු ප්‍රශ්න වලට විසදුම් ලැබෙන කාලයකි.



-
තුලා
සතිය ආරම්භයේදී සදු සිටින්නේ 07 වැන්නේය.
මංගල යෝග උදාවන කාලයකි.
ගෘහ ජිවිතය තුල තරමක් වෙනදාට වඩා සතුට ගෙනදෙන කාරණා සිදුවන කාලයකි.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
ආර්ථිකය වර්ධනය කරගැනිමට හැකියාව ලැබේ.



-
වෘශ්චික
සතිය ආරම්භයේදී සදු 06 සිටින්නේ  වැන්නේය.
අන් අයගේ ප්‍රශ්න වලට මහන්සි වීම තුල, ඒවා තමන්ටද ප්‍රශ්න වීමට ඉඩ ඇත. ගැන සැලකිලිමත් වන්න. එය මනසට බලපාන්නට ඉඩ තිබේ.
ආර්ථික තත්වය තරමක් ගැටළුකාරි විය හැක.
ආදර - ප්‍රේමය සාමාන්‍ය පරිදි ගත වේ.




-
ධනු
සතිය ආරම්භයේදී සදු 05 සිටින්නේ  වැන්නේය.
විවාහයට යහපත් කාලයකි - මංගල යෝග උදා වෙයි.
දරුවන් සම්බන්ධ ගැටළු ප්‍රශ්න නිරාකරණය වෙයි.
දරුඵල සම්බන්ධ ගැටළුද නිරාකරණය වෙයි.
ආර්ථිකය වෙනදාට වඩා යහපත්ය.
වේගවත්ව වැඩ කිරිමේ හැකියාව තිබේ.

-
 
මකර
සතිය ආරම්භයේදී සදු 04 සිටින්නේ  වැන්නේය.
විදෙස්ගත වීමට බලාපොරොත්තුව සිටින අයට සම්බන්ධ යහපත් ප්‍රතිචාර ලැබෙන කාලයකි.
අධ්‍යාපන කටයුතු වලට තරමක් පීඩාකාරි කාලයකි. අධ්‍යාපනයට අන් අයගෙ සහය ලබාගත යුතු කාලයකි.
විවාහයට - ආදරය ප්‍රේමයට තරමක් බාධාකාරිය.



-
 
කුම්භ
සතිය ආරම්භයේදී සදු 03 සිටින්නේ  වැන්නේය.
නිවස සම්බන්ධ තැනිම සම්බන්ධව තිබුනු ගැටළු නිරාකරණය විය හැකි කාලයකි.
නව ආදායම් ලගාකරගැනිමට උත්සාහ ගත යුතු කාලයකි.
ගෘහ ජිවිතය තුල හදිසි තීරණ නොගත යුතු කාලයකි. ගැටළු ප්‍රශ්න ඇතිවිය හැකි කාලයකි.

-
මීන
සතිය ආරම්භයේදී සදු 02 සිටින්නේ  වැන්නේය.
ආදායමට වඩා වියදම වැඩිවන කාලයකි.
ආර්ථිකය කළමනාකරණය කරගත යුතු කාලයකි.
වෙනදාට වඩා සිත් පීඩා ඇතිවිය හැකි කාලයකි.
දරුඵල සම්බන්ධ ගැටළු ඇතිවන කාලයකි.


-

071 383 5369

(WhatsApp)