Wednesday, November 13, 2019

“ නාග ලෝකයෙන් ධාතු වැඩමවීම සහ බැඳුනු මුසාව “



අප දන්නා ඉතිහාසයේ ලංකාවට නාග ලෝකයෙන් සර්වඥ ධාතුන් වැඩම වූයේ රුවන්වැලි මහා සෑය නිමවීමේදීය. එයට හේතුව එහි නිමැවීම මෙන්ම ඊටත් පෙර සම්බුදු රජාණන්වහන්සේ විසින් දන්වන ලද ආකාරයට එවකට සිටි ඉංජිනේරුවරු සහ එම නිර්මාණ ශීල්පීන් කල උපදෙස් අනුවය.
- එම කටයුත්ත සිදු කලේ සෝනුත්තර නම් මහානුභාවසම්පන්න මහරහතුන්වහන්සේ විසිනි. නාග ලෝකයෙන් සර්වඥ ධාතුන් වඩම්මවාගෙන ආ කතාව රසවත් එකකි. එය සොයාගෙන කියවන්න. කෙසේ වුවද මේ ආකාරයට, ධාතුන්වහන්සේලා වඩම්මාගෙන ඒම ගැන උරණ වූ එවකට නාග ලොවේ රජතුමා, රජ දේවිය සහ බාල දියණිය ඊට පලිගැනිමක් ලෙස කල් යල් බලා දුටුගැමුණු මහ රජුට දෂ්ට කරන්නේය. එනිසාම මහා සෑය නිමවන්නටත් පෙර රෝගී වූ රජතුමාට මිය යන්නට සිදුවන්නේය. එය එම නාග රජු, දේවිය සහ දියණිය කරගත් බරපතල අකුසලයකි. එනිසාම ඔවුන්ගේ නිවන් ගමන බොහෝ ප්‍රමාද වූ අතර වසර 2000කටත් වැඩි කාලයක් එම අකුසලය විඳිමින් සිටියහ. මහ පින් කල, සැබවින්ම මගේ ව්‍යායාම බුදු සසුන රැකීම ලෙස කටයුතු කල දුටු ගැමුණු රජු මරණින් පසුව නිදා සිට පිබිදියාක් මෙන් දිව්‍ය ලෝකයේ ඉපිද මහානුභාවසම්පන්න මහේශාක්‍ය දෙව් රජෙක්ව වැඩ සිටී. උන්වහන්සේ නැවත මනුෂ්‍ය ලොව උපදින්නේ ඊලග බුදු සසුනේදී නිවන් දකින්නටය.


● මණි අක්ඛිත නාග රජ්ජුරුවන් යනු නාග ලොවේ රජතුමා නොවේය. එතුමා නාග ලෝකයේ ජිවත් වූ අතර, කැලණියට ලගින් ජීවත්ව සිටි කෙනෙකි. ( නාග ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට එන දොරවල් 2කි. 1ක් ඇත්තේ ථූපාරාමය අසලය. අනික කැළණි ගංගා පතුලය).
මණි අක්ඛිත නාග රජතුමා කැළණි විහාරයද, කිත්සිරි මෙවන් කැළණි විහාරය ( එගොඩ කැළණියද) ඇති කලේය.
අප අත්දැකීමෙන් දන්නා පරිදි නාග ලෝකයෙන් එම විහාර 2ම වන්දනාමාන කරන්නට පැමිණෙති. කැළණි චෛත්‍ය ගර්භයේ ඇති මැණික් පුටුව බුදුන්වහන්සේට පූජා කල දෙයකි.
අප විසින් ගිය වසරේදි මණි අක්ඛිත නාග රජුගේ පින්තුරයක්ද දෙව් පින්තූර වල පලකර ඇත. එය කැළණි විහාර භූමියේ ඇති පිලිමයයි. මණි අක්ඛිත නාග රජ්ජුරුවන් ඒ දිනවලම දේවත්වයට පත් විය. පසුව නිවන් අත්දකිනා ලදි.
( නාග ලෝකය, මනුෂ්‍ය ලෝකයට වඩා ඉතා කුසලයෙන් සහ සැප සම්පතින් ආඪ්‍ය ජිවිත හිමි අයට ලැබෙන්නකි. නමුත් දිව්‍ය ලෝක තරම්ම නොවෙති. නාග ලෝකයේ බොහෝ අය පුද පූජා පිණිස අප රටට එන අතර, නිවන් සාක්ෂාත් කරගැනිමට මනුෂ්‍ය ආත්ම භව පතන අයද ඕනෑ තරම් වෙති නාග ලොවේ).

ඔබට තවත් කාරණාවක් මෙහිදි කිව යුතුය, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂද යන දෙදෙනාම සෝමාවාතිය ජලයෙන් යට වීම වලකනු වස් වේල්ලවල් සාදන ලදි. එයට මහත් පරිශ්‍රමයක් දරන ලදි. නමුත් එම උත්සාහයන් රාජ්‍ය නායකයන් විසින් සිදු කලද කරගැනිමට හැකියාවක් නොවුනි. එයට හේතුව සෝමාවතිය ජලයෙන් යටවීම වසරකට වරක්වත් සිදුවන්නකි. එනම් නාග ලෝකයේ අයට සෝමාවතී දන්ත ධාතුන්වහන්සේ වැද පුදා ගැනීමටය. එය වෙනස් කරන්නට මේ කල්පයේ නොහැක.

- දැන් අපි දෙරණේ කතාවට එමු. දෙරණේ දේශපාලන භාවිතය අප දනිමු.
කැළණි විහාරාධිපති හිමියන්ගේ දේශපාලන භාවිතයද පසුගිය කාලයේ මාධ්‍ය හරහා ඉදිරියට පැමිණියේය.
ඒ අතරයි මේ කාතව එන්නෙ. රුවන්වැලි සෑයට සර්වඥ ධාතුන්වහන්සේලා ලැබුනු අයුරින් දැන්ද එසේ වෙනවා යයි සහ අලුත් නායකයෙක් ලෙස දේශපාලන කාරණාවක් පැවසීම සැබවින්ම කුමන ආකාරයේ දෙයක්ද යන්න බුද්ධිමත් ඔබ තීරණය කල යුතුය !!!

* අපගේ අත්දැකීමෙන්, ප්‍රත්‍යක්ෂයෙන් දත්තා වූ කරුණු අනුවම නිවන් ගොස් ඇති මණි අක්ඛිත නාග රජතුමා මෙසේ නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරමු !!!

-  @Thivantha Harischandraගේ ඉල්ලීම පරිදි විස්තර සහිතව  පල කරන ලදි !

#ඉරු

irusewaya@gmail.com

Tuesday, November 12, 2019

ජනපතිවරණය 2019 - ජනපතිවරණ සටනේ ඒකාන්ත ජය සජිත්ට,


- මෙවර ප්‍රධාන අපේක්ෂකයන් 2කි.
මින් පෙරද මේ පිං බිම තුල කිරුළ දරා ඇති ඔහුගේ ජයග්‍රහණය නියතයකි.

“ ජ්‍යොතිෂ්‍යයම සිද්ධාන්තයන් අනුව “

● එයින් සජිත් ප්‍රේමදාස මහතාට රාජ යෝග තිබෙන අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ යෝග 1ක්වත් නැත. ඒ අනුව මූලිකම සිද්ධාන්තයක් ලෙස ගෙන උවද සජිත් ප්‍රේමදාස මහතා දිනන බව පැහැදිලිව කිව හැක.
- එක තර්කයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට රාජ යෝගයක් තිබෙන නිසා ගෝඨාභය දිනනු ඇති බවයි. අප පවුලක යම් නැකතක් සාදන විට නම් අපල අඩුම හෝ හොදම කාලය ගත කරන කෙනාට අනුව නැකත පවුලේ දියුණුවට නැකැත් ලබා දෙයි.
නමුත් ඒ ආකාරයට රටක නායකත්වය ලැබෙන්නේ නැත. රාජ යෝගයක් නැතිව රටේ නායකයා වීම ජ්‍යොතිෂ්‍යය අනුව විය නොහැක.
- තවද බොහෝ අය කතා කල ආකාරයට ඉන්දික තොටවත්ත මහතා පවසන ආකාරයට රාජ යෝගය ඵල නොදීමේ කාලයක් නොවෙයි මේ කාලය සජිත් ප්‍රේමදාසට. ඉහලින්ම ඵල දෙන කාලයක් වෙයි !
( සජිත් ප්‍රේමදාසයන්ගේ නියම කේන්දරය උපතේ සිටම එලියට නොපැමිණි අතර, අප විශ්වාස කරන්නේද අප විසින් කේන්දරය වසර 40කට පමණ පෙර බලා ඇත්තේද මිථුන ලග්නයට අදාලවය)

● ලංකාවේ කේන්දරය අනුව ලග්නය කුම්භ වේ. කුම්භයේ ලග්නාධිපතියා සෙනසුරු හෙවත් ශනිය.
සෙනසුරු නියෝජනය කරන්නේද මහජනතාවය. එසේම ලංකාවේ රාජ්‍ය බලයට ඉතාම වැදගත් ග්‍රහයාද සෙනසුරු වෙයි.
● සජිත් ප්‍රේමදාසගේ සෙනසුරු සිටින්නේ සමවය. නමුත් ගෝඨාභය රාජපක්ෂගේ සිටින්නේ සෙනසුරු ග්‍රහයා සතුරුවය.
● තවද මහ දසා අතුරු දසා අනුව බැලුවත්, තත්කාල ගෝචරය අනුව බැලුවත් මේ කාලයේ සජිත් ප්‍රේමදාස මහතාට රාජ යෝග සපිරි වාසනාවන්ත කාලයක් වන අතර ගෝඨාභය රාජපක්ෂයන්ට ඒරාෂ්ටක අපලයක්ද ගත වන අයහපත් කාලයකි.



 “ මුල - මැද - අග යන 3 විශ්වයටම අදාලව “

⭕ දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති, පෙර ආත්ම භව වලද ලංකාවේ රාජත්වයට පත් වී ඇති “සජිත් ප්‍රේමදාස මහතා“ මේ පොලවේ රාජ්‍ය නායකත්වයට පත්විම නියතය. දේවාශිර්වාදය ලැබෙන නිසා දිනුම අනිවාර්ය වෙයි. රණසිංහ ප්‍රේමදාසයන්ට තිබුනු ජන ආකර්ෂණය ඔහුටද තිබේ. ඒකාලේ ඇගලුම් කර්මාන්ත ඇරඹීමද, නිවාස ව්‍යාපෘතිද නිසා ජනතාවගෙන් ඔහුට කෘතගුණ සැලකීමට ඡන්දයද හිමි වෙයි.
යම් ජ්‍යොතිර්වේදියෙක්ට වරදී නම් වරදින්නේ ග්‍රහමය පදනමෙන් පමණක් විග්‍රහ කිරීමෙනි. ග්‍රහමය පදනම අනුව කියැවෙන්නේ මැද අවකාශයට අයත් කර්ම ශක්තිය පමණය. එනම් උඩ සහ යට මග හැරෙයි. තවද ජන්ම කේන්දරය කියැවෙන්නේ, උප්පත්ති කේන්දරයේ තිබෙන පෙර කර්ම ශක්තියයි.
⭕ කුමන කෙනා ඡන්දයට පැමිණියද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වලක්වන්නට බැරි වෙයි.  කුමන හූනියම, ගුරුකම කලත් ඔහු පරාජය කිරීමට හැකියාවක් නැත. සජිත් ප්‍රේමදාසයන්, පෙර සංසාරයේ රහතුන්වහන්සේලාට පැහැදුනු සිතින් උවැටන් කර ඇති නිසාම ඒ මහා කුසලය මේ ජිවිතයේ පමණක් නොව නිවන් දක්නා ජාතිය දක්වාම ඵල දෙයි.
ඔහු ඉතා ඉහලින් ජය ලබනු ලබයි !
එය ඔහුගේ රාජ යෝගයේ බලයට වඩා සැබෑ පිනේ බලයි. පෙර කරන ලද පිනේ විපාකය එසේ වෙයි. දිගු කාලයකට රටේ නායකත්වය දැරීමට ඔහුට පින තිබේ.

⭕ ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙවන්නේ තමන්ගේ අකුසල් ඵල දෙන දැඩි දුෂ්කර කාලයකි. එනිසාම ඉතා දැඩි මානසික පීඩන වලින් යුතුව සිටින කෙනෙක් වන අතර, අකුසල් ඵල දෙන කාලයේ යහපතක් නම් වෙන්නේ නැත. කුමන ආගමික මතවාද, අන්තවාද තිබෙන අය ගෝඨාභය රාජපක්ස මහතාට උදව් කලද කිසිසේත්ම ඔහු දිනන්නේ නැති අතර, බුදු දහම කියා වෙනත් දේ කරනා යම් යම් අසපුද මේ අවස්ථාවේ තමන්ට වෙනම විශේෂයක් කරගැනිමට මාන බැලුවත්, ඔවුන්ද දහමට පිටින් වැඩ කරන අය නිසා සිදුවන්නේ අයහපත්ක පමණි !!!

-
#ඉරු

irusewaya@gmail.com

Wednesday, November 6, 2019

ගුරු මාරුව ( 2019 නොවැ)



ග්‍රහලොව සෞභාග්‍යයට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පතී එනම් සුරගුරු ග්‍රහයා, තමන්ගේ ස්වක්ෂෙත්‍ර රාශියක් වන (නිවස වැනි) ධනුවට පැමිණේ. වෘශ්චික රාශියේ සිට මෙසේ ධනුවට පැමිණීම සිදුවේ. ලංකාවේ ජනතාවටද මෙම මාරුවේ බලපෑම තිබේ. එනම් 11 වැන්නේ සහ 2 වැන්නේ අධිපතිත්වය දරණ ගුරුගේ මාරු වීම බලපෑමක් කරයි. පුරා වසරක් පුරා මෙම ග්‍රහ මාරුව පවතී. රටට වඩාත් යහපත් කාලයක් උදා වන්නට මෙම මාරු වීම සිදු වෙයි.
- ලග්න 12ට කෙසේද කියල බලමු !

( මෙය පොදු පලාපලයක් පමණක් බව සලකන්න )

-

● මේෂ
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 9 වැන්නටය.
පින ගැන කියැවෙන 9 වැන්නට ගුරුගේ පැමිණීම සුභදායකය. විදේශ ගත වීම් වලට ඉතා හොදයි. තවද අධ්‍යාපන කටයුතු වඩාත් උසස් ආකාරයෙන් සාර්ථක කරගෙන යෑමටත් මේ කාලය හොදයි. රැකියා - ව්‍යාපාරද දියුණු වන කාලයකි. පෙර පින මතුවන කාලයක් බව කිව යුතුය. මේ කාලයේ නිසි ලෙස එම තත්වයන් කළමනාකරණය කරගත යුතුමය. එවිට වැඩි දියුණුවක් අපේක්ෂා කල හැක.
ගුරු, 22 දෙර්කාණාධිපතියා නොවේ නම් සහ පාප දෘෂ්ටි යනාදියෙන් දුර්වලව නැත්නම් මෙම සුභ ඵල තත්වයන් සැබවින්ම අත්විඳීමේ හැකියාවක් තිබේ.


-

● වෘෂභ
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 8 වැන්නටය.
සැබවින්ම සුභ ග්‍රහයෙකු වන ගුරුගේ 8 වැන්නට පැමිණීම සාපේක්ෂ වශයෙන් යහපත්ය. 8 වැන්නේ වුවද බලවත් වීම නිසා හදිසි වාසනාව සහ දේපල ලාභ යනාදියටත් වාසනාව තිබේ. වෙනදාට වඩා සිතට සැනසීමක් ලැබෙන කාලයකි. මිතුරන් බහුල වන කාලයකි. අතමිට මුදල් සරු වෙන කාලයකි. දෙමාපියන්ගේ, ඥාතින්ගේ උරුමහරුමකම් ලැබීමටත් මේ කාලය හොදයි. ඔබගේ නිරෝගී භාවයද සුරැකෙන කාලයකි.

-

● මිථුන
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 7 වැන්නටය.
මෙය සැබවින්ම විවාහ කාරක කාලයකි. එනම් විවාහ කටයුතු වලට වඩා හොදයි. කැපවීම තුලින් තමන්ගේ දියුණුව හොදින් කරගෙන යෑමට හැකියාව ඇත. ව්‍යාපාර යනාදියෙනුත් දියුණු විය හැක. එසේ වුවද හවුල් ව්‍යාපාර වලින් තරමක් පරිස්සම් විය යුතුය. එනම් රැවටීම් වලට ලක් වීමේ හැකියාව තිබේ. ජිවිතයේ ඉදිරි සැලසුම් කිරිමේ හැකියාව ලැබෙන කාලයකි.


-

● කටක
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 6 වැන්නටය.
අන් අයගේ සැලකීම, අන් අයගේ කරුණාවට බඳුන් වීමේ වාසනාවක් මේ කාලයේ පවති. සතුරන්ගේ පවා හොද හිත ලැබෙන්නට හේතු පවති. තවද ඔබ මේ කාලයේ නිරෝගී වෙන්නට වාසනාව තියෙනවා. හදිසි ලාභ ලැබෙන්නටද වාසනාව තිබේ. අධ්‍යාපන කටයුතු වලටද හොදින් මහන්සි වී කටයුතු කිරිමට හැකියාව ඇති කාලයකි. තවද ආගම දහමට යම් නැඹුරුවක්ද මේ කාලයේ පවති.


-

● සිංහ
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 5 වැන්නටය.
අධ්‍යාපනය ගැන කියැවෙන 5 වැන්නට ගුරු පැමිණීම තුල, අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යාමේ හැකියාව ඇත. අධ්‍යාත්මික නැඹුරුවටද හොද කාලයකි. සෑමදෙනාගේම සිත දිනාගෙන කටයුතු කිරීමේත් හැකියාව සහ වාසනාව පවති. මංගල යෝගද සපිරි කාලයකි. දේපල ලාභ සහ මුදල් ලාභ යනාදියටත් වාසනාව තිබේ. හදිසි ලාභ, ලොතරැයි වාසනා යනාදියටත් වාසනාව තිබෙන කාලයකි මේ කාලය.


-

● කන්‍යා
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 4 වැන්නටය.
පොදුවේ යහපත්ය. ගුරුගේ පැමිණීම නිසා කරන කටයුතු වලට තරමක පීඩන තත්වයන් ඇති වේ. කෙසේ වුවද අනිකුත් ගෝචරය සමග සසදා බලන කල දැඩි කැපවීම තුල එම තත්වය වඩාත් යහපත් කරගත හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. වාහන ලාභ තිබෙන කාලයකි. රැකියාවේ හෝ ආදායම් මාර්ගයේ දියුණුවක්ද අපේක්ෂා කල හැක.


-

● තුලා
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 3 වැන්නටය.
කරන කටයුතු සාර්ථක වීමද අන් අයගේ ප්‍රශංසාවට බදුන් වීමටත් වාසනාව තිබෙන කාලයකි. වැඩිහිටියන්ගේ මෙන්ම තමන්ගේ ප්‍රධානියාගේ පවා ප්‍රශංසා ලැබෙන කාලයකි. මෙයද පින මතුවන කාලයක් බව කිව යුතුය. පවුලේ සමගිය වැඩි දියුණු වේ. අධ්‍යාපන කටයුතු, කලා කටයුතු වල දියුණුවක් අපේක්ෂා කල හැක. සමාජ සේවා කටයුතු වලින්ද දියුණුවක් ලැබෙන කාලයකි.


-

● වෘශ්චික
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 2 වැන්නටය.
ධනය ලැබෙන කාලයකි. ආදායම් මාර්ග වලට හොදයි. වෙනදාට වඩා අතමිට සරු වන කාලයකි, තමන්ට හොද ඥාන ශක්තියක් මේ කාලයේ ලැබෙනවාය. තවද අධ්‍යාපන කටයුතු වලට හොද වාසනාවන්ත කාලයකි. නිසි කළමනාකරණයකින් යුතුව කිරිමෙන් වැඩි දියුණුවක් අපේක්ෂා කල හැක. උපදේශන සේවා සහ වචනය තුලින් වෘත්තින් කරන අයට වඩාත් හොද කාලයක් බව කිව හැක.


-

● ධනු
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 1 වැන්න හෙවත් ලග්නයටය.
ලග්නාධිපතියා 1 වැන්නට පැමිණිම හොද කාලයකි. පෙරට වඩා වඩාත් හොද කාලයකි. ලග්න ඒරාෂ්ටක අපලය ගත වුවද වෙනදාට වඩා කරදර බාධක අඩුවන කාලයකි. අන් අය විශ්වාස කිරිමේදි බුද්ධිමත් වෙන්න. මෙතෙක් පැවති ආර්ථික දුර්වලතා ක්‍රමිකව සමනය වෙන යහපතක් උදා වන කාලයකි.


-

● මකර
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 12 වැන්නටය.
මේ තුල හදිසි විදේශ ගත වීම් යනාදියට වාසනාව තිබේ. ඒරාෂ්ටක අපලය ගත වුවද ක්‍රමිකව වඩා යහපතක් අපේක්ෂා කල හැක. වියදම් කටයුතු වෙනදාට වඩා යහපත් වෙයි. නිරෝගී භාවය ඇති වෙයි. ඥානාන්විතව කටයුතු කිරිම තුලින් වඩා හොද තත්වයන් අපේක්ෂිතය.


-

● කුම්භ
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 11 වැන්නටය.
ආදායම, රැකියාව වැඩි දියුණු වන කාලයකි. අතමිට මුදල් ගැවසෙන, පසුම්බිය සරු වන කාලයකි. ව්‍යාපාර යනාදියටත් හොද කාලයකි. යම් ධන ලාභ වලට ඉඩක් පවති. දේපල උරුමකම් වලටත් වාසනාව පවති. අධ්‍යාපන කටයුතු වලටද ඉතා හොද කාලයක් බව කිව යුතුය.


-

● මීන
ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 10 වැන්නටය.
ලග්නාධිපතියා රැකියාව - ආදායම් මාර්ගය ගැන කියැවෙන ස්ථානයට පැමිණීම ඉතා හොදයි. නව රැකියා අවස්ථා ලැබීමද, රැකියාව දියුණු වීමද අපේක්ෂිතය. තවද ව්‍යාපාර කටයුතු වලට හොදයි. දේපල ලාභ ලැබෙන්නටද වාසනාව තිබේ. බුද්ධිමත්ව සියල්ලම කළමනාකරණය කරන්නේ නම් වඩාත් හොදයි.


-

* ගුරු ග්‍රහයා අයත් වන්නේ, ලක්ෂ්මී දේව මෑණියන්, පත්තිනී මෑණියන් සහ විෂ්ණු දෙවියන්ටය. වෙනදාට වඩා අධ්‍යාත්මිකත්වය අගය කරමින් ජිවත් වන්නේ නම් ගුරුගෙන් වන අපල දෝෂ තත්වයන් අවම වන අතර, සුභ ඵල වැඩි දියුණු වෙයි !

#ඉරු

irusewaya@gmail.com

Monday, November 4, 2019

“ නිවන් පිණිස හේතුවන ධාතු කරඬු පූජාව “




අපද යම් යම් අපල දෝෂ තත්වයන් වලදී ධාතු කරඬු පූජාව කල යුතු බව නිර්දේශ කරමු ! එහි සැබෑ අරමුණ නම් සර්වඥ හෝ අරහත් ධාතුවක් දරන්නට හැකියාව ඇති දෙයක් පරිත්‍යාගයයි. මෙම පූජාවේ මූලික ආනිසංසය නම් එය “ නිවන් පිණිස“ වන කුසලයක් වීමය.

මෙම පූජාවේ අනුසස් ලෙස පතපොතේ,

● දද - කුෂ්ඨ යනාදිය සිරුරේ ඇති නොවීම.
● මනුෂ්‍ය ලොවේ ඉහලම තත්වය වන, සක්විති රජ වීමද, දිව්‍ය - බ්‍රහ්ම ආදී ලෝකයන්හි ඉහලම තත්වය වන “ සක් දෙව් රජ “ වීමටද මෙම කුසලය හේතු වාසනා ගෙන එයි.
● මනුෂ්‍ය - දිව්‍ය ලෝකයන්හි ඉපදෙන්නට වාසනාව ඇති වේ.
● නිරෝගීමත් වේ.
● කළණ මිතුරු ඇසුර ලැබීම

 යනාදිය කියැවේ.

මෙම පින්කමද, පැහැදුනු සිතින් යුතුව, මනා සිහියෙන් යුතුව නිවන්ගාමි පිනක් වනු පිණිසම විශ්වයටම පූජාවක් වේවා ! ලෙස ප්‍රාර්ථනා කර සිදු කරන්න. පින මහත්ඵල මහානිසංස වනවා නොඅනුමානය !!!

#ඉරු
irusewaya@gmail.com

Wednesday, October 23, 2019

“ මණි මේඛලා දේව මෑණියන් “

 
මුහුදු මණිමේඛලා දේවතාවිය ලෙසද හැඳින්වෙන මණි මේඛලා දේව මෑණියන් මුහුදට විශේෂයෙන් සම්බන්ධකම් ඇති දේවතාවියකි. මුහුදු යන අය එතුමියට වැඳ ආශිර්වාද ගෙන මුහුදු යන සිරිතක්ද තිබේ.
- ඉන්දියානු දේව කතා සාහිත්‍යයේ පමණක් නොවන, ග්‍රීක දේව කතා වලද මණිමේඛලාව නොහොත් හීබෘව ලෙස හැඳින්වීමක් ඇත.

- වන්දනය කිරීමේදී දේව මාතාවගේ කැමැත්ත නම් ඕනෑම වර්ගයක මල් 3ක් ගෙන එහි නටු අනිත් පැත්තට එන ලෙසද, මල් 3 ත්‍රිකෝණාකාරව එන ලෙසද තබා වන්දනය කිරිමය.

මහානුභාවසම්පන්න - මහේශාක්‍ය - සුපින්වත් දේව මාතාවකි.
පින්කමක් කර අනුමෝදන් කරන්න. ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.

#ඉරු

irusewaya@gmail.com

Friday, October 11, 2019

“ උච්ච වීම සහ සබැඳුනු කරුණු “

සරලව ඇහුවොත් මොකක්ද උච්ච වීම කියන්නෙ, ලංකාවෙ හැටියට නම් තරු 5 හෝටලයක ග්‍රහයා ඉන්නවා වගේ. තරු 5 හෝටලයක ඉන්නකොට ගොඩක් සැප පහසුකම් සහිතව ඉන්න පුලුවන්නෙ. අන්න ඒ වගෙයි.

උච්ච වීම ගැන කියද්දි මතකයට එනවා ජ්‍යොතිෂ්‍යයට අනුව ප්‍රධානම රාජ යෝග 5ක් වන, පංච මහා පුරුෂ යෝග. පංච මහා පුරුෂ යෝග යෙදෙන්නේ කුජ, සිකුරු, බුධ, ශනි සහ ගුරු කියන ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්‍රව 1,4,7,10 තැන් වල හිටියොත් විතරයි.
පාපී ග්‍රහයන් විදියට කිව්වත්, කුජ, ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්‍ර වීම තුල, රුචක සහ සස කියන පංච මහා පුරුෂ යෝග යෙදෙනවා.

● ඕනෑම ග්‍රහයෙකු උච්ච උනොත් ඒ කියන්නෙ දියුණුව ලැබෙන්න පුලුවන්. ඒකෙ තේරුම උච්ච නොවී තිබුනොත් හොද නෑ කියන එක නෙමෙයි. නමුත් සරලව උච්ච උනොත් හොදයි. නීච උනත් දියුණු වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඕනම කේන්දරයක රාහු - කේතු ඇර, අනිකුත් ග්‍රහයන් 7 ගෙන් 4ක් උච්ච වෙනව නම් රජ වෙනවා හා සමාන තත්වයක් කියල ජ්‍යොතිෂ්‍යෙය් කියවෙනවා.

● රවි උච්ච උනොත්, මයුරපාල කියන යෝගය යෙදෙනවා. ඒ යෝගය තියෙන අය කිසි කෙනෙකුට ඔළුව නමන්න කැමති නෑ. ඒවගේමයි, ඒ යෝගය 10 තිබුනොත්, ඒකියන්නෙ රැකියාව ගැන කියැවෙන 10 තිබුනොත්, රැකියා ස්ථානයේ උනත් ලෙහෙසියට ඔළුව නමන්න අකමැති ගති තියෙනවා. අසාධාරණයක් නම් කොහොමත් හිස නමන්නෙ නෑ.

● චන්ද්‍ර/ සදු උච්ච වීම කාන්තා පාර්ශවයට ඉතාම හොද දෙයක්. පිරිසිදු - ප්‍රසන්න රූපයක් වගේම කාරුණික හදවතක් තියෙනව කියනවා. සදු උච්ච වෙන්නෙ වෘෂභ රාශියෙ. ඒවගේමයි කාන්තාවන්ට සදු නීච උනොත් ඒක ගැටළුසහගත බව අපි අත්දැකිමෙන් දන්නවා. එහෙම අයගේ සිතිවිලි වල ගැටළුවක් - ස්ථිර නැති ගතියක් නිතර තියෙනවා.

● කුජ වගේ ග්‍රහයෙක් උච්ච උනොත්, තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න දක්ෂයි.
සාමකාමි ගති අඩුයි. ගැටුමට බර වැඩියි. කුජ නීච උනාම ඒකත් නරක නෑ. කුජ උච්ච වෙන එක කාන්තා පාර්ශවයට එච්චර හොද නෑ. කුජ නීච වෙන එක පිරිමි පාර්ශවයට උනත් ලොකු ගැටළුවක් නෑ. වර්තමාන ජනාධිපතිවරයාගේ කුජ නීචයි. එතකෙට ඒකාධිපති වෙන්න තියෙන ඉඩ අඩුයි. හිටපු හමුදාපතිවරයෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ තුලා ලග්නයේ 4 වැන්නේ කුජ උච්චයි.

ඔය වගේ කාරණා බොහෝමයක් තියෙනවා. අපි ඉදිරි ලිපියකින් තව කතා කරමු !

irusewaya@gmail.com

#ඉරු #ඉරුසේවය

Saturday, October 5, 2019

“ නිදුකාණෙනි වඩිනු මැන “

දෙවියන් සහ බ්‍රහ්මයින් විසින්, අප මහා බෝසතාණන්ට බුදු වන්නට කල ආරාධනය පිළිබිඹු කෙරෙන පින්තූරයකි මෙය.

- ලෝකය මෙලෙස පවතින්නේද, පවත්වාගෙන යන්නේද දෙවිවරු විසිනි. කර්මය මූලිකව අදාලව මේ තත්වයන් අදටද සුරැකෙන්නෙ දෙවියන්ගේ ඇල්ම බැල්ම නිසාය.

- මේ ආකාරයටම තව කාලයකට පසුව, මෙත් මහ බෝසතාණන්ටද බුදු වන්නට ඇරයුම් කිරීම දෙව් බඹුන් විසින් සිදු කරනු ලබයි !

#ඉරු

Friday, October 4, 2019

“ දිව්‍ය සැප ලැබෙන මුතු කුඩ පූජාව “



මුතු කුඩයක් මිලදී ගෙන පූජා කරනවාට වඩා, තමන් විසින් සාමාන්‍ය කුඩයක් මිලදී ගෙන, හිත පහදවාගෙන, බුද්ධ - ධම්ම - සංඝ ත්‍රිවිධරත්නයට පූජා කිරීම පිණිස සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස, විශේෂයෙන් ධාතු කරඩුව වඩම්ම වීම පිණිස කැපවීමෙන් තමන් විසින්ම අලංකාරවත් කර සඟ සතුකොට පූජා කරන්නේ නම් මහත්ඵල මහානිසංස වෙයි.

- විශේෂයෙන් කිව යුත්තේ, පෙර ආත්ම භව වල කරන ලද අකුසල්, මේ ජිවිතයෙදි අපල දෝෂ ලෙස පැමිණි විට අපද යෝජනා කරන ශාන්ති කර්මයකි මුතු කුඩ පූජාව. අපට පෙර කරන ලද කර්මයන් වෙනස් කල නොහැක. කල යුතු සහ කල හැකි දෙය නම් බුද්ධිමත්ව පින් දහම් කිරීමය.

- එහිදී වඩාත් වැදගත් වන්නේ, සම්බුදු සසුන සහ බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහිලා මෙම පූජාව සිහි කිරීමය.
තමන්ම වැඩ දමා අලංකාරවත් කර පූජා කරන්නේ නම් ඉතාම අගනේය !!!

 ⭕ මුතු කුඩ පූජාවේ මූලික ආනිසංසය නම් දිව්‍ය සැප ලැබීමය !

තවද, පොතපතේ සදහන් පරිදි, මුතු කුඩ පූජාවෙන්,

1. ශීතලෙන් පීඩා නොලැබීම.
2. තම ශරීරයෙහි කුණු නොඇලීම.
3. උපද්‍රව අඩු වීම.
4. හැම කල්හි අන්‍යයන් විසින් ගරැ බුහුමන් ලැබීම.
5. සියුම් වූ සමක් ඇතිවීම.
6. සිත පිරිසිදු වීම.
7. ඌෂ්ණයෙන් පීඩා නොලැබීම.
8. බොහෝ විචිත්‍ර කුඩ ලැබීම.

 යනාදි ආනිසංස ලැබේ.

සිත පහදවාගෙන, නුවණින් සිතා නිවන පිණිස හේතු වාසනා වන්නට අධිෂ්ඨාන කර මෙවන් පින්කම් සිදු කරන්න.
එසේ සිදු කර එම සියලු පින්, සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි ! අනුමෝදන් කරන්න.

සම්මා සම්බුදු සරණයි !


#ඉරුසේවය