Sunday, April 30, 2017

සතියේ ලග්න පලාපලය - මැයි 01-06


-

පොදු කරුණු පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.
-
● මේෂ ලග්නය

තම ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කිරිමට ඉඩ ඇති සතියකි. ආදායමට වඩා වියදම වැඩි වන කාලයක් වේ. විදෙස් ගතවිමට උත්සාහ දරන අයට එවායින් සුබ පල ගෙන දෙන කාලයක් විමට ඉඩ ඇත.
රැකියාවේ තරමක් බාධා මතුවේ. ආයතන ප්‍රධානින්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැක.
 ගේ දොර සමගියට බාධාද මතුවිමට හැකි කාලයකි. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-
● වෘෂභ ලග්නය

මුදල් ඉපැයීමේදී තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබී යාමට ඉඩ ඇත. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ.
 යහපත් රැකියා වලට අවස්ථා උදාවේ. රැකියාවේ බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ලැබිය හැකි කාලයක් විමට හැක.‍
ගෘහ ජීවිතය යහපත් සතියකි .මංගල යෝග උදාවේ.
 -


● මිථුන ලග්නය

ආදායම් මර්ගවලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා තිබු බාධාවන් අඩු වී යා  හැකි සතියකි.
නිදහස අඩුවී යන තත්ත්ව රැකියාවේදී මතු වේ. එහෙත්  රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන්ගෙන් යම් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ සලසා ගැනිමට වැඩි ඉඩක් පවති.
 මිතුරු සබදතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. ගෘහ ජිවිතය තුල සමගියට තරමක් බාධා මතුවන සතියක් වනු ඇත.

-

● කටක ලග්නය

අාදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් මතු විය හැකි  වේ. එසේම ගනුදෙනු වල දී ප්‍වේසමෙන් කටයුතු කල යුතුය.
රැකියාවෙන් තමනට යහපත් ප්‍රතිඵල ලැබීම අඩු කාලයක් විය හැක. එසේම තමන් කැප වී සේවය කිරීමට දරන උත්සහයන්ටද බාහිර ගැටළු ඇති විමට ඉඩ ඇතත
 පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● සිංහ ලග්නය

කල්පනාකාරි විය යුතුය.  මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි. ආදායම් මාර්ග වලට යොමු වීමට අවශ්‍ය සහයෝගය ලැබිය යුතු අයගෙන් ලබා ගැනීම් ආදියට හැකියාව ගෙන දේ.
 රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියාවල නියුතු අයට තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදිමට ඉඩ ඇත.
  ගෙදර පරිසරය අලංකාර ලෙස මෙන්ම ක්‍රමවත්ව තබා ගැනීමට උන්නදු වේ.

-
● කන්‍යා ලග්නය

අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. තම එදිනෙදා කටයුතු වල යෙදීමේදී බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා මුදල් වැය විය හැක.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවිය හැකි කාලයකි. .


-
● තුලා ලග්නය.

නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට හැකිවේ. අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා ගෙන දේ.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු වේ.
පවුලේ අනෙක් අය වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ.

 -

● වෘශ්චික ලග්නය

 ආර්ථික ගැටලු විසදා ගැනිමට හැකිවේ. තමන් තුල තිබු ගැටළු - ප්‍රශ්න විසදා ගැනිමට ඉඩ කඩ ලැබෙන සතියක් වේ. නව උත්පාදන ආදායම් මාර්ග වලින් වෙනදාට වඩා පල ලබාගත හැකි සතියත් වේ.
රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ.

-

● ධනු ලග්නය

ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකි විමේ වැඩි ඉඩක් පවති. උත්සාහයෙන් ආර්ථික වශයෙන් ගොඩ නගා ගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වේ. විවාහය පිළිබද තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ .

-

● මකර ලග්නය.

තරමක් බාධා මතු වීම් ගෙන දේ. අාදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය වේ. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවේ.
රැකි රක්ෂා පිළිබද උනන්දුව අඩු වීම, රාජකාරි අතපසු වීම් වැනි තත්ව උදාවිමට ඉඩ ඇත.
 ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු වේ.
උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදා විය හැකි සතියකි.

-

● කුම්භ ලග්නය

ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙනදෙන කාලයක් විය හැක. නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රරයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යයි.
 රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වියහැකි කාලයකි.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. මිතුරු ඇසුර වර්ධනය වේ. පැවති ගැටළු විසදා ගැනීමට හැකියා ලැබිමට ඉඩ ඇති සතියකි.

-

●මීන ලග්නය
.
ආර්ථික ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. අාදායම් තත්ව යහපත් වේ, රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් අනුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැටළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇති කාලයකි.        

-


Friday, April 28, 2017

දුකට සැපට දෙකටම ග්‍රහයෝ


පෙර ආත්ම භව වල කරන ලද කුසල් කර්මද මෙම ජිවිතයේ කරන කුසල කර්මද, තමන්ගේ ධෛර්යය යනාදිය  මතද ජවිතය හැඩ ගැසේ.  කෙනෙකු ජිවිතයේ ඉහලම තත්වයට ජිවත් වන අතර, තවත් කෙනෙක් ජිවිතයේ කරදර දුක් ගැහැට මැද ජිවත් වේ. මිනිසෙකුගේ විවාහ ජිවිතයටද පෙර කි පරිදිම කුසල - අකුසල කර්ම සෑහෙන්නට බලපායි.

( මේ සියලු කරුණු පාඨකයාගේ වටහා ගැනීමේ පහසුව පිණිස දළ වශයෙන් යොදා ඇත. මේ කරුණු නිශ්චිතව කීමට සූක්ෂමව පරික්ෂා කිරීම අනිවාර්ය වෙයි)

 උපත ලබන කාලයෙදී විවාහ වන කාලය නිශ්චිතවම මෙය යැයි තීරණය කල නොහැක.
● යම් අවස්ථා වල දශාව සහ ග්‍රහ ගෝචරය අනුව එය වෙනස් වීමට ඉඩ ඇත.
● දැරියකගේ මල්වර පල අනුවත් එය වෙනස් විමට ඉඩ ඇත.
 
● පොදුවේ කෙනෙක් උපත ලබන අවස්ථාවෙදි කුජ/අඟහරු ග්‍රහයා 1, 2, 7, 8 යන ස්ථාන වල සිටියෙ නම් ඔහු හෝ  ඇයට ආදරය - ප්‍රේමය සම්බන්ධ හැඟීම් දැනීම් තරුණ  වයසට පෙර සිට ඇති වන්නට ඉඩ වැඩිය.

● කුජ ග්‍රහයා  කේන්ද්‍රයේ 4, 10, 12 යන ස්ථාන වල  සිටින්නේ නම් තරුණ වයස ආරම්භයෙදි  විවාහය ගැන උනන්දු උවත් සමහරවිට විවාහය පේනතෙක් මානයේවත් නැත. කුජ ග්‍රහයා මංගල කටයුතු වලට මූලික ග්‍රහයෙකි. නමුත් කුජ ග්‍රහයා විවාහයට තදබල ලෙස බාධා ඇති කරන දශාවන්නේ වන රාහු- කේතු- රවි-ශනිය. මේ ග්‍රහයන්ගේ මහ දසා මෙන්ම අතුරු දසාද බලපායි.

● කුජ ග්‍රහයා 1, 2, 7, 8 යන ස්ථාන වල සිටිමෙන් බොහෝ දෙනෙක්ගේ විවාහය සිදුවන්නේ අවු. 30 පසුව වීමට ඉඩ ඇත. තවත් සමහරෙක් විවාහ නොවි සිටිමටද ඉඩ ඇත.

●● මෙවැනි දෝෂ තිබියදීද ඉක්මන් විවාහ සිදුවන අවස්ථාද ඇත. බොහෝවිට පෙර කී දශාවන් සහ ගෝචර ග්‍රහ ගමනේදි වෙනස්වීම මත සිදුවේ. එවන් අවස්ථා වල පෙර පින් - පව් මත විවාහය සිදු වේ.

* දෙමාපියන්ගේ ග්‍රහචාරයද සුබ විම මෙයට බෙහෙවින් බලපායි.

● යම් අයෙකුගේ කේන්ද්‍ර සටහනට අනුව කුජ ග්‍රහයා 2 වැන්නේ සිට 8 වැන්නේ සිටින සඳු දකියිද ශනි මහ දසාව පවතින කාලයේ එම කේන්ද්‍ර හිමියාගේ සහකරුට/සහකාරිය දරුණු විපත් සිදු විමට ඉඩ ඇත.
- එවැනි අය මනා කේන්ද්‍ර පරික්ෂාවකින් පසුව විවාහය කරගත යුතුමය.
- එවැන් අය කේන්ද්‍ර 2 කේ ග්‍රහ ගැලපීම් වලට අමතරව දශා ගලපා ගැනිම අනිවාර්යෙන් කල යුතුය.
එවන් අයට පොදුවේ සදු, රාහු යන දශා ගත කරන අවස්ථා වල දෙදෙනාම වරදට පෙලඹීමටද ඉඩ ඇති  නිසා තමන්ටද කැලලක්ද ඇතිවීමට සිදුවිය හැක.
*  කේන්ද්‍ර පරික්ෂා වලදි ග්‍රහ දෘෂ්ටි ගැනද තවදුරටත් සැලකිලිමත් විය යුතුය.

● කුජ, සිකුරු ග්‍රහයින් 2,8 යන ස්ථාන වල සිටියදි විවාහය ටික කලකින් එපාවිමේ අවදානමක් අැත. සමහර අවස්ථා වල නොගැලපෙන විවාහද කර ගනි. එනිසාම ටික කලකින් විවාහය එපා විමට පුලුවන ශනි මහ දසාවන් ගත කරන අයට නීතිමය ප්‍රශ්න වලට මුහුණ දිමටද සිදුවනු ඇත.

● එමනිසා විවාහ වන තරුණ තරුණියන්ගේ කේන්ද්‍ර වල කුජ, රවි, සිකුරු සමග සංයෝගව ලග්න ගතව සිටිදැයි පරික්ෂා කර බැලිය යුතුය. එවැනි අය අතර නිතර අඩ දබර ඇති වීමට සිදුවිය හැක. නිතර තමන්ට විරුද්ධ පාර්ශවය යටත් කරගැනිමට යාමේදි නිතර ගැටළු ප්‍රශ්න ඇති වේ. එවන් අයට ඉවසීමෙන් සහ බුද්ධියෙන් කටයුතු කල යුතුමය.

-


 #ඉරු

077 2238041
irusewaya@gmail.com

Thursday, April 27, 2017

පසුගිය දිනක අප විසින් දුටු දසුනක්...


රෙදි උවමනා කෙනෙක්ට ලබාදුන්නේ නම් හෝ ආගමික ස්ථානයකට පූජා කලේ නම් මීට වඩා වටිනවා මෙන්ම අපලය - අකුසලය ගෙවෙන්නට පිනක්ද ලැබෙන්නේමය...
සිතා බලන්න....


#ඉරැ
077 2238041

Sunday, April 23, 2017

සතියේ ලග්න පලාපලය - අප්‍රේ.24-30


පොදු පලාපලයකි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ ලග්නය
 ව්‍යාපාර පසුබෑමකට ලක්වන සතියක් විය හැකි වේ. කල්පනාකාරිව කටයුතු කල යුතුය. කරන කටයුතු වෙනස් කිරිමෙන් සුබ එල ලබාගත හැකි විමට  ඉඩ ඇත. මෙතෙක් තිබු ගැටළු නිරාකරණය විමට ඉඩ ඇත.
රැකියා වෙනස් වීමක් පෙන්නුම් කරන කාලයක් විය හැකිය. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විමට හැකියාව ඇත.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. පවුල වෙනුවෙන් කැපවීමට සිදුවේ.

-

● වෘෂභ ලග්නය
ආර්ථික ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආර්ථික මට්ටම යහපත්ව  පවත්වාගෙන යාමට හැකිවිමට ඉඩ ඇත.
රැකියා අවස්ථා උදාකර ගැනීමට අවස්ථාවන් උදාවිය හැක. රැකියාවේ යම් කිසි දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක විමට ඉඩ ඇත. විදෙස් ගත විම් වලටද යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවන කාලයක් විය හැකිය .

-

● මිථුන ලග්නය.
ණය ලැබෙයි. නව ආදායම් මාර්ග උදා වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට හැකිවිමට ඉඩ ඇත. බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩාමුදල් වැයවීමට කරුනු යෙදිමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා කරදර බාධක පැමිණිය හැකි බැවින් කල්පතාකාරි විය යුතුය.
මංගල යෝග උදාවේ.  ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. එහෙත් පවුලේ සමගියට බාධා පැමිණේ. මිතුරු ඇසුර නිසා ප්‍රශ්න ඇතිවිය හැක.

-

● කටක ලග්නය
ආර්ථික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට හැකිවිමට ඉඩ ඇත. උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කල යුතුවේ. තමන් ගන්නා තීරණ වලින් එතරම් ශුභ ප්‍රතිඵල නොලැබීම විය හැකිය. කල්පනාකාරි විය යුතුය. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ.
රැකියාවේ උසස් වීම්  ලැබිමට වැඩි ඉඩක් ඇත.  නව රැකියා ලැබේ.
දෙමාපියන්ගෙ අවවාද ලැබේ. සමගිය වර්ධනය විය හැක.  මංගල යෝග උදාවේ.

-
● සිංහ ලග්නය
ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත් ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇති වුවද  හවුල් ව්‍යාපාර වලදී තරමක කරදර ගෙන දීමට ඉඩ ඇති සතියකි.
රැකියාවෙන් යහපත් ප්‍රතිඵල ලැබීම තරමක් අඩුවිය හැක.
 ගේ දොර සමගියට බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ. පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇත.

-

● කන්‍යා ලග්නය
නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටලු මග ඇරි යා හැකිය.
  රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක විමට හැක.  නව රැකියා උදාවේ.  නිදහස අඩුවී යන තත්ත්වයන්  උදාවිමට ඉඩ ඇත.
 හිතමිත්‍රාදීන් නිසා තරමක කරදර කාලයක් උදාවිය හැකි කාලයකි.

-

● තුලා ලග්නය
ආදායම් තත්වය පහල බැසිමට කරුනු යෙදිමට ඉඩ ඇත. කල්පනා කාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගතයුතු වේ.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත. ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ.
දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු මතුවේ.

-

● වෘශ්චික ලග්නය
ඉඩම් - ගෙවල් දොරවල් මිලදි ගැනිමට හැකියාව ලැබෙන ඒ ආශ්‍රිත කටයුතු කිරිමට ඉඩ කඩ ලැබෙන  සුබ සතියත් වුවද,   මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යයි.
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ. මංගල යෝග උදා විය හැක. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. පවුල් ජිවිතයේ බුද්ධියෙන් කටයුතු කල යුතුය, නැතහොත් ගැටලු ඇතිවිය හැකිය.

-

● ධනු ලග්නය
ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් විමට ඉඩ ඇත.  සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවිමේ වැඩි ඉඩක් ඇත. රැකියාවෙන්  යහපත් ප්‍රතිඵල ලැබීම තරමක් අඩුවි යා හැක.
ගේ දොර සමගියට බාධා මතුවේ. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● මකර ලග්නය
ඉදිරි සතිය තුල තම ආදායම් තත්වය යහපත්ව පවත්වාගෙන යා හැකිවනු ඇත. එහෙත් වියදම තරමක් වැඩිවිමට කරුනු යෙදෙන සතියක් වේ.
‍රැකියා කර්මාන්ත වල තරමක දියුනුවක් බලාසොරොත්තු විය හැකි සතියක් වෙයි. නව රැකියා ලැබේ.
 දෙමාපියන්ගෙන් ආධාර උපකාර ලැබිය හැකි සතියක් වේ.
මංගල යෝග උදාවේ.

-
● කුම්භ ලග්නය
මුල්‍ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.  නව ව්‍යාපාර ආරම්භ කිරිම නොකල යුතුය. මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. ව්‍යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. ණය ලැබේ.
 නව රැකියා ප්‍රමාද කරයි. කරන රැකියාව බාධා මැද කරගෙන යාමට ඉඩ ලැබීමේ වැඩි ඉඩක් ඇත.
මංගල යෝග උදාවේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකිවේ.

-
● මින ලග්නය
ව්‍යාපාර වලට තරමක කරදර ගෙන දෙන කාලයක් විය හැකිය . ආදායම් මට්ටම එතරම් යහපත්ව පවත්වා ගෙන යාමට අපහසු තත්ව නිර්මාණය විය හැකිය. නිෂ්ඵල දේට තම කාලය හා මුදල් යෙදවීමට සිදුවන තත්වයක් නිර්මාණය විමට ඉඩ ඇත.
යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දිමේ අවස්ථාන් නිර්මානය විය හැක.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

“ කතරගම දෙවියන් “

ලෝක පාලක ශිව දෙවියන්ගේ පුත්‍රයෙකු වන මෙම දෙවියන් ගැන ලංකාවෙ ජනතාව අතර දැඩි විශ්වාසයක් පවති.
විශේෂයෙන් ලංකාවට ගොඩබට අවස්ථාවේ උදව් ඉල්ලූ විට දෙමළ මිනිසුන් උදව් නොකල අතර, සිංහල මිනිසුන් උදව් කල නිසා සැමදා කතරගම දේවාලයේ කපු මහතා ධූරය සිංහල අයෙකුට පමණක් ලබාදෙන බව කියවේ.

කෙසේ වුවද කතරගම දේවාලයේ නඩත්තුව පිණිස මුදල් ලබාදීමත්, පුද පූජා වට්ටි යනාදිය ගෙන යෑමත් වරදක් නැත. ඒ ස්ථාන සහ ඒ ස්ථාන බලා කියාගන්නා අය යැපිය යුතු බැවිනි. නමුත් ඒවා කලා කියා දෙවියන්ගේ ආශිර්වාද අනිවාර්ය ලැබෙන බවට වැරදි මත වල නොසිටින්න.

දෙවිවරු ආශිර්වාද කරන්නේද, ප්‍රසන්න වන්නේද, සීලය - ප්‍රතිපත්තිය සහ කුසලය ඇති අයට මිස මිල මුදලින් බලවත් අයට නොවෙයි.

ඔබට නිසි ලෙස පින්කම් කර මෙම දෙවියන් ඇතුළු සියලු දේව මණ්ඩලයට අනුමෝදන් කරන්න !

බුදු සරණයි !

#ඉරු
Iru Astrology

irusewaya@gmail.com.
077 22 38041

Wednesday, April 19, 2017

ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාවේ සැඟවුනු රහස් _ 2


1 කොටස
(https://www.facebook.com/photo.php?fbid=240855049442840&set)

කාන්තා හා පුරුෂ දෙපාර්ශවය ගත්කල මෙලොව උපදින සියලුම කාන්තාවන් හෝ උත්තම කාන්ත දේහ ලක්ෂණ හෝ උත්තම පුරුෂ දේහ ලක්ෂණ නොපිහිටයි. ‍මෙයින් පිරිමි පක්ෂයේ සියලුම දෙනා උනන්දු වන්නේ රුව නැණ ගුණ පිරි යුවතියක් විවාහ කරගැනිමය. මේ අතරින් උතුම් දේහ ලක්ෂණ පිරි ස්ත්‍රියක් විවාහ කරගන්නා පුරුෂයා සැබවින්ම වාසනාවන්තය. මා මෙහිදි සදහන් කරන්නේ රූපශ්‍රීය තිබුනාට පමනක් නොව දේහ ලක්ෂණ වලින්ද යුවතිය පරිපූර්ණ විය යුතු බව සදහන් කිරීමටය.

මෙම ශුභාශුභ පිහිටන්නේ කර්මානුරූපව බව අප දනිමු. පුරාණයේ දෙවිවරුන් හා සමාන ඍෂිවරුන්ගේ මතය අනුව මෙවන් උතුම් කාන්තා රත්න රජවරුන් විවාහ කරගෙන ඇත. අප බලමු ඒ කාන්තා ලක්ෂණ කවරේද කියා.

_ උතුම් වූ ස්ත්‍රී ශුභ ලකුණු _

● ස්ත්‍රියකගේ නාභිය ගැඹුරට පිහිටා දකුණට කැරකීම සැප සම්පත් ලබන ලක්ෂණයකි. මහත් උදරය පුතුන් වදන්නියකි. උදරය මත සිනිදු රේඛා පිහිටා තිබිම සහ රැළි 3ක් තිබිම ඉතාම ශුභය- මෙවන් ස්ත්‍රිය කල්‍යාණියකි.

● සිරස උස්වීම කේශ පන්තිය පංච කල්‍යාණයේ සදහන් ලෙස කිතුල් මල් රෑනක් මෙන් පිහිටිම ශුභයි.

● යෝනියේ නළල උසින් පිහිටා තිබීම ශුභ ලකුණකි. මාංශ සහිතව සිනිදු රෝම බොහෝ වේද එම රෝම දකුණු පසට කැරකී සිටීම ඉතාම ශුභයි.

● ස්ත්‍රියකගේ පපුව රෝම වලින් තොරවීම ඇතුලට නෙරා නොගොස් තිබීම ස්වකීය ස්වාමියාට සැප සම්පත් ලබාදෙන්නියකි. පපුව සමමිතිකව පිහිටා තිබිම මහත් සුභය.

● පියයුරු ඝනවී වටවී පෘෂ්ඨිමත්ව 2 එක සමානව පිහිටා තිබිම උතුම්ය. දකුණු පියවුර උස් නම් පුත්‍ර ලාභි වෙයි.

● තනපුඩු යුවල දැකුම්කළු වේද කාලවර්ණව වටවී තිබේද උතුම්ය. තවද කිහිලි 2 සියුම් රෝම වලින් පිහිටා සිටීමද උස් වී සිනිදු මාංශ සහිත නම් උතුම්ය.

● ස්ත්‍රියකගේ අල්ල මැදින් උස්වී රතු තලය නම් සිදුරු නැත්නම් උතුම්ය.
පිට අල්ලේ රෝම නැතිව නහර නොපෙනේ නම් ඉතා උතුම්ය.

● ස්ත්‍රියකගේ යටි තොල රතුවට සමමිතික රේඛාවෙන් පිහිටා සිටිම රාජ බිසවක් සමානය. උඩු තොලේ නහර රහිතව පිහිටා සිටිම ඇය භව බෝග ලබන ඇත්තියක් වේ.

● ස්ත්‍රියකගේ දත් එළකිරි සමානව හැඩව දත් 32 පිහිටා තිබිම ඉතාම ශුභ වේ.
ස්ත්‍රියකගේ දිව රතු පැහැ වී මෘදුවිම ඇයට ඉතා මිහිරි ආහාර පාන ලැබෙන පිහිටීමකි.

● එළකිරි සමාන සුදු ඇස්ද විශාල සිනිදු කළු ඇසි පිහාටුද ශුභ වේ.
එල්ලෙන කන් 2 වටවී නම් යුග දිවි සැපත සුභයි.

● ස්ත්‍රියකගේ බෙල්ල මාංශ වලින් වටවී සිනිදුව පිහිටා තිබීම උතුම් දේහ ලක්ෂයකි.

) අතීත රජවරුන් විවාහ කරගෙන ඇත්තේ මෙසේ දේහ ලක්ෂණ බලා උතුම් කාන්තාවන්ය. එම රජවරු විඳි සැප සම්පත් ගැන සිතා බැලූවිට අපිට ඒ තරම සිතාගත හැක. ඔබගේ පෙම්වතියට හෝ බිරිඳට මෙවන් දේහ ලක්ෂණ ඇත්දැයි බලන්න.
Iru සේවයේ පර්යේෂණ අංශයේ වැඩක්...

Iru sewaya


077 2238041
irusewaya@gmail.com

Tuesday, April 18, 2017

උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලංකාවටම ලැබේවා  !ර්‍

සියලුම බුදුවරයන්වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ, වන උතුම් වූ අපේ රටට තුනුරුවන්ගේ අනන්ත ගුණ බෙලෙන් දේවාශිර්වාදයෙන් සියලු යහපත ඉටු වේවා !

ඔබද පන්සිල් පිළිපැද මනාව ජිවිතය ගත කරන්න..

තෙරුවන් සරණයි !

#ඉරු

Monday, April 17, 2017

- සතියේ ලග්න පලාපලය - අප්‍රේල් 18-24 (2017)


-
- පොදු පලාපලයක් පමණි.  කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ ලග්නය
ආදායම් මාර්ග වල ආදායම වැඩිවි ආර්ථික වාසි උදාවිය හැකි කාලයක් විය හැකිය.
 රැකියාවේ බාධාකාරි තත්වයන් මග හැරි යා හැක. නව රැකියා උදාවේ. තරඟ විභාග ආදියට සහභාගි විමට  ඉඩ කඩ ලැබිය හැකි වනු ඇත.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු  වෙනදාට වඩා වර්ධනයක් පෙන්නුම් කරයි.
පවුලේ සමගිය වර්ධනය වේ.

-

● වෘෂභ ලග්නය
ආර්ථික තත්වය ඉහල නැංවිමට අවස්ථානුකුලව පියවර ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත, නැතහොත් මුල්‍ය ගැටළු ඇතිවිය හැකිය.
 නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය  හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුව ඇත. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතුවිය හැක.
  පවුලේ සමගිය වර්ධනය වනු ඇත.

-

● මිථුන ලග්නය
තම ආර්ථික තත්වය  වර්ධනය වෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්  පෙන්නුම් කරයි. යාන වාහන සම්බන්ධ  ගැටළු නිරාකරණය කරගත හැක.
විශේෂයෙන් රැකියාවේදී  ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙනු ඇත. නව රැකියා උදාවේ. රැකියාවේ නව ක්‍රියාමාර්ග ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දුව වැඩිවිමට කරුණු යෙදිමට ඉඩ ඇත.

-

● කටක ලග්නය
මෙතෙක් පැවති ආදායම් මට්ටම තරමක් පහල යාමේ හැකියාවක් පවති. එහෙත් ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුණු යෙදෙනු ඇත.
රැකියාවට තරමක් බාධා මතුවේ, කල්පනාකාරි විය යුතුය.
ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය.
ආදර සබදතා වලටද බාධා මතු විය හැක.

-

● සිංහ ලග්නය
ආර්ථික තත්වය  වර්ධනය කිරීමට හැකියාව ලැබෙන කාලයක් වනු ඇත.  මෙතෙක් පැවති ගැටලුකාරි තත්වයන් නිරාකරණය කර ගැනිමට හැකි කාලයක් වනු ඇත.
රැකියාවේ බාධා ඉවත් විමට කරුණු යෙදෙන කාලයකි.  සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවෙයි.
මිතුරු ඇසුර වර්ධනය කරගත හැක.

-

● කන්‍යා ලග්නය
තමන්ගේ ඉඩම් ගෙවල් දොරවල් මිලදි ගැනිමට හැකියාව ලැබෙන ඒ ආශ්‍රිත කටයුතු කිරිමට ඉඩ කඩ ලැබෙන  සුබ සතියක් වේ.  එහෙත් මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් පහල යයි.
දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසෙනු  ඇත.
මංගල යෝග උදාවේ. ප්‍රේම සබදතා වලට ඉඩ සැලසේ. පවුල් ජිවිතය බුද්ධියෙන් කටයුතු කල යුතුය, නැතහොත් ගැටලු ඇති විය හැක.

 -

● තුලා ලග්නය
ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙතෙක් තිබු  ගැටළු බොහොමයකට විසදුම් සොයා ගැනීමට ඉඩ සැලසෙන සතියකි. ආදායම් තත්ව යහපත් වේ.
 රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
 ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා උදාවේ. සමගිය වර්ධනය වේ.

-


● වෘශ්චික ලග්නය
 මෙතෙක් කල් පැවති ආදායම් තත්වය පහල බැසීමට කරුනු යෙදීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි විය යුතුය. තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසදුම් සොයා ගත යුතු වේ.
 යහපත් රැකියා වලට අවස්ථා යෙදේ. රැකියා බාධාවන් අඩු වී යාමෙන් සිතට සහනදායි බවක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදාවේ. දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු මතු විමට ඉඩ ඇති සතියක් වනු ඇත.

-

● ධනු ලග්නය
වෙනදාට වඩා තම ව්‍යපාර ආදායම් මාරගවල ප්‍රගතියක් පෙන්නුම්
කරන සතියකි. ව්‍යාපාර ක්ෂෙත්‍රෙය් නව පියවරක් ගැනිමට හැකියාව  ලැබෙන කාලයකි.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු විය හැක.
පවුලේ සමගිය වර්ධනය විමට ඉඩ ඇති සතියක් වේ.

-

● මකර ලග්නය
මෙතෙක් පැවති ආදායම් මාර්ග වල, ආදායම් තත්වය ඉහල යා හැකිය. නව ව්‍යපාර ආරම්භ කිරිමට හැකියාව ලැබිමට ඉඩ ඇති සතියක් වේ. තිබු බාධාවන් ඉවත් වේ.
 රැකියාවේ කරදර අඩුවෙයි. නව රැකියා උදා විය හැකි සතියක් වේ.  තම රැකියාවේ ප්‍රවණතාවයක්  පෙන්නුම් කල හැකි වේ.
ගෘහ ජිවිතයේ තරමක ගැටලු තත්වයන් උදාවිය හැකි සතියක් විය හැකි බැවින්  කල්පනාකාරිව කටයුතු කල යුතුය.

-

● කුම්භ ලග්නය
ව්‍යාපාර පසුබෑමකට ලක්වන සතියක් විය හැකිය.  කල්පනාකාරිව කටයුතු කල යුතුය. කරන කටයුතු වෙනස්
කිරිමෙන් සුබ එල ලබා ගත හැකිවනු ඇත. මෙතෙක් තිබු ගැටලු නිරාකරණය වේ.
 රැකියාව වෙනස් විමක් පෙන්නුම් කරන කාලයක් වෙයි. රැකියාවේ දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
 පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. පවුල වෙනුවෙන් කැපවිමට සිදුවේ.

-

● මීන ලග්නය
ආදායම් තත්වය තරමක් පහල බැසිය හැකි වුවද උපායශිලි ක්‍රම මගින් එය මග හරවා ගත හැකිවනු ඇත.  තමන් ගනු ලබන තීරණ තමාගේ වාසිය උදෙසා ගත හැකිවේ. නව ආදායම් මාර්ග උදාවිය හැක.
 රැකියාවේ සිදුවන සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් පෙර තිබු කරදරකාරි තත්වයන් පහව යයි. නව රැකියා උදාවේ.
 ගෘහ ජිවිතයේ පෙර තිබු නිදහසට බාධා ගෙනදෙන සිදුවීම් නිර්මාණය විය හැක. මංගල යෝග උදාවේ.

-


#Iru

077 2238041
irusewaya@gmail.com