Saturday, September 2, 2017

ශිව මහ දෙවියන්

ශිව/ ඊශ්වර මහ දෙවියන් දේව මණ්ඩලයේ ඉතා වැදගත් තැනක් උසුලන දෙවි කෙනෙකි.

ලංකාවේ ඉමහත් ගෞරවයට ලක් වන කතරගම, ගණ සහ අයියනායක බණ්ඩාර යන දෙවිවරුන්ගේ පියාය.
පෙර ආත්ම භවයේ ඍෂිවරයෙක් නිසා මහානුභාවසම්පන්නය.

ඇතැමෙක්  අද මහා රාවණා මහරජතුමා ගැන කතා කරයි, නමුත් මහා රාවණා මහ රජතුමා භක්තිවන්ත වූයේ ශිව දෙවියන්ට බව නොදනී.

ඉරිදා දිනට මූලිකව අධිපති වන මෙම දෙවියන් සූර්යයාටද අධිපති වෙයි. සූර්ය නමස්කාරය කරන අය, ශිව දෙවියන් මුලින් සිහිපත් කර සූර්ය නමස්කාරය කිරීම මැනවි. එසේම රවි සහ රාහුගේ අපල වලටද ශිව දෙවියන්ගෙන් පිහිට ලැබෙයි.

ඔබද මනාව සීලය - ප්‍රතිපත්තිය රැකගෙන පින්කම් කරන්න. එම පින් දෙවිවරුන්ට අනුුමෝදන් කරන්න. ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය !

බුදු සරණයි !

077 2238041
irusewaya@gmail.com

Friday, September 1, 2017

තව හිතන්න..


 යම් අවස්ථාවල ජෞතිෂ්‍යයට අදාලව සේවා ලබාගැනීමේදි එය තවත් දුරටත් සිතා බලා ගත යුතුය. ජෞතිෂ්‍යයෙන් සියල්ල සාර්ථක වන්නෙ නැත. එය මග පෙන්වීමකි. කරන කටයුතු සාර්ථක වන්නෙ කැපවීමෙන් කලොත් පමණි.
● බොහෝ අවස්ථාවල කියන අනාවැකි, පලාපල යනාදිය සාර්ථක වන අතර එසේ නොවුනොත්, ඊට මූලිකව බලපාන්නෙ අදාල හැසිරීමයි. ධන යෝග තිබෙන අයට, විසේසයෙන් හදිසි ධනලාභ තිබෙන කෙනෙකුට වුවද මුදල් කළමනාකරණය ගැන අවබෝධයක් නැත්නම්, මුදල් ලැබීමෙන් ඵලක් නැත.

● බොහෝවිට දකින දෙයක් නම්, කොටසක් ජෞතිෂ්‍යය ප්‍රතික්ෂේප කරමින් බැණ වදිමින් සිටින අතර, තව කොටසක් සියල්ල ජෞතිෂ්‍යය මත සිතීමට පෙළඹී ඇත. අවශ්‍ය වන්නෙ මැද පිලිවෙතයි.
වසර 5000කට වඩා ඉපැරණි මෙම ශාස්ත්‍රයෙන් නිවරදිව ඵල ගැනීමට හුරුවිය යුතුය.

● යමෙකුට අපල තත්වයක් නිසා රෝගයක් ඇතිවිය හැකි බව ජෞතිර්වේදියෙකු පැවසුවොත්, කල යුත්තේ කම්පා වීම නොව, අදාල වෛද්‍ය පරීක්ෂණ කර එය ඉදිරියට සිදුවේ නම් එයින් පරිස්සම් වීමයි. මගහරවා ගැනීමට, සුව ඇති කරගැනීමට කටයුතු කිරීමයි. කායික රෝගයට වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර අනිවාර්ය වෙයි. එසේම ග්‍රහ දෝෂ තිබේ නම් එයටද පිලියම් කර ගැනීම මැනවි !
 මානසිකව කම්පාවීමෙන් ඵලක් නොවේ, එයින් වන්නෙ තව දුරටත් පිටුපසට යෑම පමණි.

තේරුම් ගෙන කටයුතු කරන්න !


Iru Sewaya

irusewaya@gmail.com

077 2238041

දහම රකින, යහපතට වැඩ සලසන උතුම් වූ විෂ්ණු දිව්‍ය රාජයා !

#Narayana #godvishnu #lordvishnu
#ඉරු #විෂ්ණුදෙවියන්

irusewaya@gmail.com.
077 22 38041

Tuesday, August 29, 2017

" සතියේ ලග්න පලාපලය "


-
(අගෝ 29 - ඔක් 03)

සඳු ග්‍රහයා, තුලා - වෘශ්චික - ධනු  යන රාශි වල මෙම සතිය තුළ ගෝචර වේ.

පොදු පලාපලයක් පමණි.

-

● මේෂ
    ඔන්න ඔබගේ මේ සතිය තුල බින්දුවටම වැටිලා තියෙන ආදායම් මාර්ග ඉහළ නංවා ගන්න පුළුවන් කාලයක්. ඒ විතරක් නෙවෙයි මෙතෙක් කල් නො ලැබී තිබුණු මුදලක් පවා ලැබෙන්නට පුළුවන් සතියක් තමයි මේ.
රැකියා කරන අයට නම් එතරම් සුබ සතියක් නෙවෙයි. ප්‍රධානීන්ගෙන් බැනුම් පවා අහන්නට වෙන්න  පුළුවන් කාලයක් ඒ නිසා මඳක් අවධානය යොමු කරන්න ඕන සතියක් තමයි මේ. රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අය නම් අය නම් ශුභ කාලයක් වෙන්න පුළුවන් .
ජීවිතයේ මවුපියන්ගෙන් අවවාද උපදෙස් ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. ඊට අමතරව දෙමව්පියන්ට ඇප උපකාර කිරීමට අවස්ථාව උදාවෙන්නට ඉඩ තියනව.

       -
● වෘෂභ
    මේ සතිය ඔබට සොර සතුරන්ගෙන් පරිස්සම් කරගන්න වෙනවා ඔබගේ මුදල් පසුම්බිය, නැත්නම්  මූල්‍ය ප්‍රශ්න රාශියකට ඔබට මුහුණ දෙන්න වෙන්න පුළුවන්, අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන .
රැකියා කරන්න අයට නම් බාධාවක් නොවී කරගෙන යන්න  පුලුවන්. නමුත් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඒ සඳහා ලැබෙන අවස්ථාව ප්‍රමාද වෙන්න පුළුවන් නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න .
ගෘහ ජීවිතය නම් දෙන්න දෙමාල්ලො අතර පොඩි පොඩි හා ආරවුල් ඇති වෙන්න පුළුවන් නමුත් අවබෝධයෙන් ඒ තුළින් වන ගැටලු  විසඳා ගන්න ඉඩකඩ ලැබීමට හැකි කාලයක් .
   
-

● මිථුන
     ඔබට නම්  මෙම සතිය තුළ  ඉඩකඩම් වල ප්‍රශ්ණ ගැටලු විසඳා ගන්න හැකියාව ලැබෙන්නට ඉඩ තියනව, ඔබට ලැබෙන ආදායමෙන් නිසි පල ලබාගැනීමට ලැබෙන කාලයක් තමයි මේ.
රැකියා ස්ථානයෙ තමන්ගේ අණසක  පැතිරවීමට අවස්ථාව උදා වෙන්න ඉඩ තියනව මේ සතියේ ඔබට. තමන්ට ලැබෙන රාජකාරි කටයුතු වෙනදාට වඩා ක්‍රියාශීලීව කිරීමට හැකියාව ලැබිමට ඉඩ තියනව.
දරු මුණුපුරන්ගේ ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට සිදු වන කාලයක් වන්නට ඉඩ තියනව. මංගල යෝග උදා වන කාලයන් වෙන්න පුලුවන්, ඔබත් අවිවාහකයෙක් නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

   -
● කටක
    මෙතෙක් කල් ඇතිව තිබූ මුදල් අවහිරතා තරමක් දුරට මග හැරෙන්න පුළුවන් සතියක් වෙනව මේ සතිය. ඔබගේ මුදල් අවහිරතා වලට ණය  එහෙම ඉල්ලලා තියෙනවා නම් ඒ සඳහා සහනදායි පිළිතුරක් ලැබෙන කාලයක් වේවි.
රැකියා කරන අයට ආයතන ප්‍රධානීන්ගෙන් පැසසුම්  ලැබෙන්න ඉඩ තියනව. රැකියා විරහිත තම තමන්ගේ බලාපොරොත්තු සඵල වෙනව, නව රැකියා ලැබෙනට ඉඩ තියනව.
තම නිවෙස තුළ මතභේදයට තුඩුදෙන කාරනා සිදු වෙන්න පුළුවන්, පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන. ඔබගේ අධ්‍යාපනයට මෙම සතිය තුළ තිබූ බාධා ඉවත් වෙන කාලයක් වෙනව.
 
    -

● සිංහ
   දුර දිග නොබලා ගත් තීරණ නිසා ඔබගේ ආදායම් මාර්ග හෝ ව්‍යාපාර වලට අවාසි සිදුවිමට ඉඩ තියෙනවා.  ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන .
රැකියා කරන අයට වෙනදාට වඩා උනන්දුවෙන් උද්යෝගයෙන් වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබෙන කාලයක් වෙනවා. නව රැකියාවලට යොමු වීමට උත්සාහ දරන අයගේ බලාපොරොත්තු සාර්ථක වෙන්නට හැකියාව ඇති කාලයක් වේවි.
ගෘහ  ජීවිතයේ දී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතුයි වෙනදාට වඩා ගැටලු ප්‍රශ්න ඇති විය හැකියි, ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
     -

● කන්‍යා
    නිවසක් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ පිළිබඳව අවස්ථාව  උදාවෙන කාලයක් වෙනව.  ඔබගේ ආදායම් මාර්ගවලට අවහිරතා පෙන්නුම් කරන කාලයක් විමට ඉඩ ඇත.
රැකියා ස්ථානය දුර බැහැර ගමන් බිමන් යෙදෙන්න පුලුවන්. නව රැකියා ඉල්ලුම් කර ඇති තරුන තරුණියන්ට රැකියා ලැබෙන කාලයක් වේ.
දුර බැහැර ගමන් බිමන් යෙදිමට ඉඩ තියෙනවා.  අසල්වැසියන් අතර හොඳ හිත වර්ධනය වෙනවා.
   
   -

● තුලා
   ඔයාලගේ ආදායම් මාර්ග සාර්ථක කරගන්න හිතවතුන්ගෙන්උදව් ලබා ගන්න සිද්ධ වෙන්නට ඉඩ තියනව.
ඔයාගේ රැකියා ස්ථානය මෙතෙක් කල් ගැටලු බාධක ඇති වුණා නම් ඒවා විසඳ ගන්න අවස්ථාවක් උදා වෙන්න පුළුවන්, ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න .
ඔයාගේ සහකාරිය පිළිබඳව  හිතන්න කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ දෙමාපියන්ගේ ආශිර්වාදයද හිමි වන යහපත් සහකාරියක් ලැබෙන්නට ඉඩ තිබෙනවා.

  -

● වෘශ්චික
   ඔයාගේ ආදායම් මාර්ගවල මාර්ග වල ආදායම් වැඩිකර ගන්න සුදුසු කාලය දැන් එළඹිලා තියෙන්නේ ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න.
ඔයාගේ රැකියාවේ රැකියාවේ යටත් පිරිසෙන් කලින් තිබුණු කැපිලි කෙටිලි නැති වන කාලයන් වේවි. නව රැකියාවලට යොමු වීමට උත්සාහ කරන අයගේ උත්සාහය සාර්ථක විමට ඉඩ තිබෙනවා.
ගෘහ ජීවිතයේ වෙනදාට වඩා ප්‍රීතියෙන්  කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා ප්‍රීති උත්සව ප්‍රිය සම්භාෂණ වලට සම්භාෂණවලට සහභාගි වීමට ඉඩ ඇති කාලයකි.

     -

● ධනු
  තම ආදායම් මාර්ගවලට හා ව්‍යාපාර ව්‍යාපාර වලට පිටස්තර පුද්ගලයන් එල්ල වන බාධා හේතුවෙන් ආදායම් මාර්ග අඩපණ වී යාමට ඉඩ ඇත.
නව රැකියා වලට ඉල්ලුම් කර ඇති තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රමාද විමට ඉඩ ඇත. එහෙත් රැකියා කරන අයගේ බාධාවන් අඩු වෙයි.
දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ ඇත. ඒ පිළිබඳව දෙමව්පියන් සැලකිලිමත්ව කටයුතු කළ යුතුය.
    -

● මකර
  මෙතෙක් කල් පැවති ආදායම් මාර්ග වල අවහිරතා ඉවත් වි යාමට හැකි සතියකි. ජනතාව සමග කරනු ලබන ගනුදෙනු වලදී සැලකිලිමත්ව කටයුතු කළ යුතුය, ගැටලු ඇතිවිය හැක.
ඔයාගේ රැකියාවක් කරන කොට අනිත් අයගෙන්  තිබෙන බාධාවන් ඉවත් වී යාමට ඉඩ තියෙනවා. රැකියා ඉල්ලුම් කර ඇති අයගේ රැකියා මෙම සතිය තුළ ලැබෙන්නට වැඩි ඉඩක් තිබෙනවා .
පවුලේ අය සහ අසල්වැසියන් සමග ඇති අමනාපකම් අතහැර සිටීමට ඉඩ ලැබෙන කාලයක් උදා වීමට ඉඩ තියෙනවා.
   
-

● කුම්භ
ඔබට සතුරු කරදර එල්ල විය හැකි බැවින් ඒ පිළිබඳව පිළිබඳව සැලකිලිමත් වන්න. නව ආදායම් මාර්ග වලට ඇති උනන්දුව වැඩිවන කාලයක් විය හැකිය.
නව රැකියා ලැබීමට ඇති ඉඩ තවදුරටත් ප්‍රමාද වෙන්න පුලුවන්, රැකියා කරන අයට නම් ඒ සඳහා දුර පළාත්වල සංචාරය කිරීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.
ප්‍රේම සම්බන්ධතා වල ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. අසල්වැසියන් සමග සමගියෙන් කටයුතු කිරීමට හැකි කාලයක් වේ.

-
  ● මීන

  ආදායම් මාර්ගවලට යෙදෙන ගැටලු ගැටලු නිරාකරණය කර ගැනීමට ඔබටම විසඳුම සොයා ගැනීමට සිදු වේවි. ණය ගනුදෙනු කිරීමේ දී සැලකිලිමත් විය යුතුය .
රැකියා කරන අයට තරග විභාග උසස් වීම් වලට යොමු වීමට අවස්ථා උදා වේවි. නව රැකියා ලැබීමට ඉඩ ඇති කාලයක් වේ.
දෙමාපියන් සමග මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කලයුතු කාලයක් වේ. හන්දි ආශ්‍රිත අසනීප ඇතිවිය හැකි බැවින් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න.
  -


Facebook ඉරු සේවය



077 2238041
irusewaya@gmail.com

Sunday, August 27, 2017

අඟහරු මාරුව -


ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ හෙවත් අඟහරු අගෝස්තු මස 27 වැනිදා කටක රාශියෙන් මිදී  සිංහ රාශි ගත වෙයි. අගෝ 27 සිට ඔක් 13 දක්වා කුජ සිංහ රාශියේ සිටි. ආණ්ඩු පක්ෂය සහ මහජනතාව අතර මත ගැටුම් ඇතිවීමට  හේතු කාරණා පවති. විප්ලවකාරි කුජගේ බලපෑමෙන් මෙවන් තත්වයක් ඇති විය හැකි වුවද, රාජ්‍ය කාරක රවිද බලවත්ව සිටිම තුල තත්වය බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් කළමකාරණය කරගැනිමේ හැකියාව රජයට ඇත.
-

● මේෂ ලග්නය

මේෂ ලග්නයේ කුජ 5 වැන්නට පැමිණේ.
පෙර ගැනීමට නොහැකි වී තිබූ තීරණ ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. සෘජු තීරණ ගැනීම තුළින්ද තරමක් අවාසි සහගත වීමට ඉඩ ඇත .
රැකියා වලට නම් තරමක් බාධා අඩු වෙන කාලයක්  තරඟ විභාග වලට උසස්වීම්වලට පෙර පැවැති බාධා තත්වයන් අඩු වන කාලයක් විමට ඉඩ ඇත. නව රැකියා වලට ඉල්ලුම් කරන අයට ඒ සඳහා අවස්ථාව ලැබිමට හැකි කාලයක් වේ.
ගෘහ ජීවිතයේ පෙර පැවති අලස ගති කම්මැලි ගති නැතිවි ඉතා උද්යෝගයෙන් යුතුව වැඩ කටයුතු කිරීමට ලැබිය හැකි කාලයක්වේ.

-

● වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයේ 4 වැන්නට කුජ නොහොත් අඟහරු පැමිණේ.
පෙර පැවති ආදායම් තත්වය තරමක් දුරට අඩු වීමට  ඇත. තමන් නොසිතූ වෙලාවන් වලදී මූල්‍ය  කරදර සිදුවීමට ඉඩ ඇත. කල්පනාකාරීව තම වැඩ කටයුතු කර ගත යුතුය.
රැකියා ස්ථානයේ සතුරු කරදර ඇති විමට ඉඩ ඇති කාලයක් වේ. තමන් කරන කියන කටයුතු වලින් කටයුතු වලින් තමන්ට අන් අයගේ පීඩා හෝ කරදර විඳීමට සිදුවේ.
 ගෘහ ජිවිතය තුල තමන් ගන්නා තීරණ හේතුවෙන් පසුතැවීමට සිදු වීය හැක.
_

● මිථුන ලග්නය
මිථුන ලග්නයේ කුජ 3 වැන්නට පැමිණේ.
එමනිසා තරමක්  ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට ඉඩ ඇත. තම ආදායම් මාර්ග වල ආදායම පිරවීමට හෝ අඩාල වීමට ඉඩ ඇත. මේ පිළිබඳව තරමක් සැලකිලිමත්ව කටයුතු කළ යුතුය.
 අනුන්ගෙ වැඩ රාජකාරි තමන්ට පැවරීම තුලින් රැකියා ස්ථානයේ වෙහෙසකාරී බව වැඩි වේ. නව රැකියා ඉල්ලුම් කර ඇති අයටම තමන්ට සුදුසු රැකියා තරමක් ප්‍රමාද වීමට ඉඩ ඇත.
දරුවන්ගේ අධ්‍යාපන තත්වය තරමක් පසුබැසීමට   ඉඩ ඇත. අහල පහල අය සමග තරමක්  අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳ  කල්පනාකාරීව කටයුතු කරන්න.
_

● කටක ලග්නය

කටක ලග්නය කුජ 2වැන්නට පැමිණේ.
තමන් මෙතෙක් ඉතිරි කර තිබූ ධනය වියදම් වී යෑමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග වලට සහ තිබූ ආදායම් මාර්ග වලින් ලැබෙන මුදල් අඩු වී යාමට  ඉඩ ඇත.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ දෝෂ දර්ශනයට ලක් වීමට ඉඩ ඇත. නව රැකියා සොයා ගැනීමට තිබු  බාධා ඉවත් වේ. නව රැකියා ලැබේ.
තම ගෘහ ජීවියේ මෙතෙක් තිබූ සමගියට බාධා පැමිණේ. දරුවන් නිසා ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුවන කාලයක් විය හැක.

-

● සිංහ ලග්නය

සිංහ ලග්නයේ කුජ ලග්න ගත වේ.
මෙතෙක් පැවති පැවති බාධක ඉවත් වී යාමට ඉඩ ඇත. තම ආදායම් තත්ත්වය  සරු කර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විමට ඉඩ කඩ ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
නව රැකියා ලැබීමෙන් හා කරන රැකියාවද ස්ථාවර බව ඇති කිරීමෙන් ජිවිතේ දියුණුව කරා යාමට හැකියාව ලැබීමට ඉඩ ඇත. උසස්වීම් තරඟ  විභාග ආදියට යොමු වීමට තිබූ බාධා ඉවත්වි යාමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය වේ. මෙතෙක් විසඳා ගැනීමට නොහැකිව තිබූ ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විමට ඉඩ ඇත.

-

● කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයේ කුජ හෙවත් අඟහරු12 වැන්නට පැමිණේ.
තමන්ගේ ආදායම් මාර්ග වල ආදායම් තත්වය තත්වය පහල බැසීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ තම යටත් සේවකයන් සමඟ ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති කාලයකි.  ඔබගේ රැකියා ස්ථානයේ මාරු වීමක් හෝ රැකියා වෙනස් වීමක් පෙන්නුම් කරයි. හදිසි තීරණ වලට නොගොස් වැඩ කටයුතු කිරීමට මතක තබා ගතයුතු කාලයකි.
අවිශ්වාස කිරීම තුලින් අඹු සැමියන් අතර ගැටලු ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. තව ද ඔබගේ කායික සෞඛ්‍ය පිලිබද සැලකිලිමත්ව වැඩ කටයුතු කලයුතු කාලයකි.
-

● තුලා ලග්නය
තුලා ලග්නය ලග්නයේ කුජ 11 වැන්නේ.
 මේ පැමිණීම තුළින් පෙර පැවැති ආර්ථික අපහසුතා සහ ආදායම් මාර්ග වල බිඳ වැටිම් පහ වි ගොස් යහපත් කාලයක් උදා වීමට ඉඩ ඇති කාලයක් වෙයි.
නැතිවූ රැකියාවන් නැවත ලබා ගැනීමට ඉල්ලුම් කිරීමටද, නව රැකියාවක්  ලබා ගැනීමටද යහපත්ය. රැකියා ස්ථානයේ මිතුරු මිතුරියන්ගෙන් ඇප  උපකාර ලැබේ.
ගෘහ ජිවිතයේ සමගිය වර්ධනය වේ. ජීවිතයේ වැදගත් තීරණ රැසක් ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
-
● වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයේ තම ලග්නාධිපති ග්‍රහයා 10 වැන්නට.
මේ පැමිණීම තුළින් නව ආදායම් මාර්ග වලට අත ගැසීමට ගෙවල් දොරවල් ඉඩකඩම් මිලදී ගැනීමට, නව ව්‍යාපාර සැලසුම් කිරීමට ඉඩකඩ ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා කරන අයගේ රැකියා ස්ථාවර  බවට පැමිණිමට ඉඩ ඇත.   රැකියා නොමැති තරුණ තරුණියන්ට නව රැකියා ලැබිමට ඉඩ ඇති කාලයක් වේ.
තනි තීරණ  ගැනීම තුළින් ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන්නට ඉඩ ඇති කාලයකි. දරුවන්ට වෙනදාට වඩා ක්‍රීඩා කටයුතු වලින්  ඉදිරියට  යාමට හැකියාව ලැබීමට ඉඩ ඇත.

-

● ධනු ලග්නය

ධනු ලග්නයේ කුජ 9 වැන්නට පැමිණේ.
 පෙර පැවති වියදම් තත්ත්වය අඩු වී යාමට කරුණු යෙදෙනු ඇත. එහෙත් තමන් ස්වාධීනව තීරණ ගැනීම තුළින් යටත් පිරිසෙන් තරමක් ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
රැකියාවෙන් පෙර පැවති වෙහෙසකාරී තත්වය තරමක් දුරට  අඩු වී යා හැකි විමට ඉඩ ඇත. රැකියා වලට ඉල්ලුම් කර ඇති තරුණ තරුණියන්ට සහනදායි පිළිතුරක්  මෙම කාලය තුළ ලැබිමට ඉඩ කඩ ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත  කිරීමට හැකියාව ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵල වේ.

-

● මකර ලග්නය
මකර ලග්නයේ කුජ 8 වැන්නට පැමිණේ.
තම ආදායම් මාර්ග වලට සහ ව්‍යාපාර වලට සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න, නැතහොත් මූල්‍ය ප්‍රශ්න විසඳා ගැනීමට ඇප උපකාර ගැනීමට සිදුවිය හැක.
රැකියා ස්ථානයේ ගනු ලබන තීරණ වලින් තමන්ට අවාසි සහගත විය හැක. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. නව රැකියා ප්‍රමාද කරයි .
පවුලේ සමඟියට බාධා පැමිණේ. අඹු සැමියන් අතර වචන හුවමාරු වීම් සිදු විය හැකිය.

-

● කුම්භ ලග්නය

කුම්භ ලග්නයේ කුජ 7 වැන්නට පැමිණේ.
 හවුල් ව්‍යාපාර වලින්, කොටස් වෙළඳපළ සම්බන්ධ  ව්‍යාපාර වලින් තරමක් බාධා පැමිණීමට ඉඩ ඇත. මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් දුරට අඩුවී යන තත්ත්වයක් නිර්මාණය විමට හැකියාවක් පවති.
 රැකියා ස්ථානයේ තමන්ගේ තීරණ වලට වැඩ කිරීමට යාමෙන් ප්‍රධානියාගෙන් දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත.
 අඹු සැමියන් අතර සමගිය වර්ධනය වේ. ගෘහ ජීවිතයෙදි ගැටලුවකට  විසඳුම් සොයා ගැනීමට හැකිවේ.

-

● මීන ලග්නය

මීන ලග්නයේ කුජ 6 වැන්නට පැමිණේ.
  තම ආදායම් තත්ත්වය ආදායමට වඩා වියදම වැඩි වීමට ඉඩ ඇත.  ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් නියුතු අයගේ ව්‍යාපාරයක අවශ්‍යතා ඉටු කර ගැනීමට හිතමිත්‍රාදීන්ගේ උපකාර ලබා ගැනීමට සිදු වේ.
 නව රැකියා ප්‍රමාද වේ.  රැකියාවෙහි  කාර්යබහුලත්වය වැඩි වේ.  දුර පළාත්වල සේවය කිරීමට යාමට සිදුවිය හැක.
ගෘහ ජීවිතයේ  දරුවන්ගේ ප්‍රශ්න විසදා ගැනිම උදෙසා කාලය ගත කිරීමට සිදු වෙයි. දරුවන්ටත් දෙමාපියන්ගේ අවවාද උපදෙස් ලබා ගැනීමට සිදුවෙයි.

-

#ඉරු

irusewaya@gmail.com
077 2238041

Friday, August 25, 2017

කේන්දරයක 8 වැන්න


දුෂ්ට ස්ථානයක් වන 8 වැන්නෙන් බොහෝ දේ කියවේ.

● ආයුෂ
● සිතේ ස්වභාවය
● විවාහයෙන් දායාද සහ විවාහයෙන් පසු ජිවිතය.
● බිලිදාගේ තත්වය
● ව්‍යාපාර වලින් ලාභ පාඩු

8 වැන්නට කිසිම ග්‍රහයෙකු සුබ නැති බව කියූවද, සිකුරු ග්‍රහයා සුබ ග්‍රහයෙකු ලෙස සැලකේ. එයට හේතුව වේදනා රහිත ශාන්ත මරණයක් ලැබෙන බව කියන නිසාය. ඊට අමතරව ගුරු ග්‍රහයාද 8 වැන්නට අයහපත් නැත. ● චන්ද්‍රයා/සඳු 8 වැන්නේ පිහිටිම අසුභය.

_ ලග්නය අනුව 8 වැන්නාධිපතියා මෙසේය _

* මේෂ ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ කුජ ග්‍රහයාය

* වෘෂභ ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ ගුරු ග්‍රහයාය

* මිථුන ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ සෙනසුරු ග්‍රහයාය

* කටක ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ ශනි ග්‍රහයාය

* සිංහ ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ ගුරු ග්‍රහයාය

* කන්‍යා ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ කුජ ග්‍රහයාය

* තුලා ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ සිකුරු ග්‍රහයාය

* වෘශ්චික ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ බුධ ග්‍රහයාය

* ධනු ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ සඳු ග්‍රහයාය

* මකර ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ රවි ග්‍රහයාය

* කුම්භ ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ බුද ග්‍රහයාය

* මීන ලග්න හිමියන්ගේ 8 වැන්න අධිපති වන්නේ සිකුරු ග්‍රහයාය

8 වැන්න අධිපති ග්‍රහයා, 8 වැන්න අධිපතිගේ තත්වය, 8 වැන්නේ සිටින ග්‍රහයන්, ග්‍රහ සංයෝග, දෘෂ්ටි සහ තවත් කරුණු මත විවිධාකාර වෙනස්වීම් ඇතිවේ.

8 වැන්නාධිපති හා අදාල ග්‍රහයන් අනුව සැකසුනු විස්තරයක් පසුවට..

-

irusewaya@gmail.com
077 2238041

Wednesday, August 23, 2017

" පත්තිනි දේව මෑණියන් "

පත්තිනි දේව මෑණියන් ලංකාවේ අපිට ඉතා බලපාන දේව මාතාවකි.
විශේෂයෙන් ගැහැණු දරුවන්ට රැකවරණය සලසන්නට මූලික වන්නී එතුමියයි.

- තවද විශේෂයෙන් කිව යුත්තේ ලොව එක් ප්‍රසිද්ධම ආගමක මූලිකව වන්දනාමාන කරනු ලබන්නේ පත්තිනි මෑණියන්ට බවයි.
(ලංකාවේද එම ආගමේ ඇති සිද්ධස්ථාන අතීතයේ වන්දනාමාන කර ඇත්තේ පත්තිනි මෑණියන්ට වන අතර, වර්තමානය වන විට ආගමික දෘෂ්ටි මත වෙනස් නමක් පමණක් භාවිත වේ)

- පත්තිනි මෑණියන් බුදු වන්නට පෙරුම් පුරන පින්වත් සම්‍යක් දෘෂ්ටික දේව මෑණියන් කෙනෙකි.

- නිවරදි පින්කම් කර පත්තිනි මෑණියන්ටද පින් අනුමෝදන් කරන්න..
ආශිර්වාද ලැබෙනවා නොඅනුමානයි !

#iru

077 2238041
irusewaya@gmail.com

Monday, August 21, 2017

සිකුරු මාරුව - අගෝ 21 - සැප් 15 (2017)

ග්‍රහ ලොව හැඩකාර තරුණිය වන සිකුරු/ ශුක්‍ර ග්‍රහයා අගෝ 21, සඳුගේ රාශියක් වන කටක රාශියට පැමිණේ. මෙතෙක් පැවති  වැසි සහිත කාලගුණය මදකට පහව යයි.

අගෝස්තු 21 සිට සැප්තැම්බර් 15 දක්වා සිකුරු කටක ලග්නයේ ගෝචර වේ .

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.
-

● මේෂ
     මේෂ ලග්නය සිකුරු 4 වැන්නට පැමිණේ.
 එම නිසා තම ව්‍යාපාරවල ආදායම් තත්වය තරමක් පහල යාමට ඉඩ ඇති කාලයක් වේ. වැය  පස ඉහළ යයි.
 රැකියාවේ බාධා ඇති විය හැක. රැකියා කරන අයට සතුරු කරදර එල්ල වීම වීමේ අවදානමක් ඇත.
  පවුලේ සමගිය වර්ධනය වේ. දෙමාපියන්ගේ අවවාද ලැබේ.
 
       -
● වෘෂභ
     වෘෂභ ලග්නයේ සිකුරු 3 වැන්නට පැමිණේ.
 මෙතෙක් තිබූ බාධා ඉවත් වේ. කරන කටයුතු සාර්ථක වේ.
 රැකියාවේ තිබූ කරදර බාධක ඉවත් විය හැක.
තම මිතුරන් අතර ප්‍රසිද්ධිය වැඩිවෙයි. මංගල යෝග උදා වේ. පෙම් සබඳතාව වර්ධනය වේ.
    -

● මිථුන
     මිථුන ලග්නයේ සිකුරු    2 වැන්නට පැමිණෙයි.
 මෙතෙක් හෙළි කර තිබු ධනය වැය වීමට කරුණු යෙදේ. තම ව්‍යාපාර වල මූල්‍ය ගැටලු ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
 රැකියාවේ දුර බැහැර ගමන් බිමන් යෙදේ. රැකියාවේ මෙතෙක් තිබූ බාධා ඉවත් වේ.
 ගෘහ  ජීවිතයේ සමගිය වර්ධනය වේ.

   -
● කටක
    කටක ලග්නයේ සිකුරු ලග්න ගත වේ (01).
 මෙතෙක් තිබූ මූල්‍ය ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. ණය ලැබිමට ඉඩ ඇත.
 නව රැකියා උදා වේ. රැකියාවේ වෙනසක් හෝ උසස් වීමක් පෙන්නුම් කරන කාලයකි.
 ගෘහ ජීවිතයේ සමගිය සතුට වර්ධනය වේ. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට ඉඩ ලැබෙන කාලයකි.

    -

● සිංහ
   සිංහ ලග්නයේ සිකුරු 12 වැන්නට පැමිණේ.
 මූල්‍ය ගැටලු ගැටළු ඇතිවිමට ඉඩ ඇත,  ඒවා විසදගන්න පියවරක් ගත යුතුය.
රැකියාවේදී ආයතන ප්‍රධානීන්ගේ දෝෂාරෝපණය එල්ල වීමට ඉඩ ඇත.
 තම මිතුරන් නිසා කරදර විඳීමට සිදු වන කාලයකි. ගෘහ ජීවිතයේ පැවති සමගිය අඩපණ වන කාලයක් විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කල යුතු වේ

.     -
● කන්‍යා
    කන්‍යා ලග්නයේ සිකුරු 11 වැන්නට පැමිණේ.
 තම ව්‍යාපාර වල මෙතෙක් තිබූ ගැටලු හෝ ගැටලුවක් නිරාකරණය කරගැනීමට කර ගැනීමට හැකියාව  ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ කාලයක් වේ.
 රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලැබේ. රැකියාවේ නව ප්‍රවණතාවක් පෙන්නුම් කරන කාලයකි. ගෘහ ජීවිතයේ තම අභිමතය පරිදි වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබෙන කාලයකි. මංගල යෝග ස්ථිර වීමට ඉඩ ඇති කාලයකි.
   
   -
● තුලා
 
තුලා  ලග්නයේ සිකුරු 10 වැන්නට පැමිණේ.
 මෙතෙක් තම ව්‍යාපාරවල  තිබූ ගැටලු  විසඳාගැනීමට හැකියාව ලැබෙන කාලයක් වෙයි. රැකියා විරහිත තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සපලවේ සපල වේ නව රැකියා ලැබේ .ගෘහ ජීවිතයේ සමගිය වර්ධනය වේ මෙතෙක් විසඳා ගැනීමට නොහැකිව තිබූ ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි .
 
  -
● වෘශ්චික
    වෘශ්චික ලග්නයේ සිකුරු 9 වැන්නට පැමිණේ.
 තමන්ට තිබූ කරදර බාධක ඉවත් වෙයි. ව්‍යාපාරවල දියුණුව ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
රැකියාවේ දියුණුව ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.  නව රැකියා ලැබේ.
 ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත  කිරීමට හැකියාව ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵල වේ.

     -

● ධනු
    ධනු ලග්නය සිකුරු 8 වැන්නට පැමිණේ.
 තම ව්‍යාපාර වලට බාධා පැමිණීමට ඉඩ ඇති නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය.   මූල්‍ය ගැටලු  ඇතිවීමට
ඉඩ ඇත.  ණය ලබා ගැනීමට සිදු වේ.
 ගෘහ ජීවිතය සමග සමගිය නැති වීමට ඉඩ ඇත සැලකිලිමත් විය යුතුය. ප්‍රේම සම්බන්ධතා වල ගැටළු ඇතිවිමට ඉඩ ඇත.

    -
● මකර
   මකර ලග්නයේ සිකුරු 7 වැන්නට පැමිණේ.
 හවුල් ව්‍යාපාර සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ගැටළු ඇතිවිමට ඉඩ ඇත,  එනිසා කල්පනාවෙන් වැඩ වැඩ කටයුතු කළ යුතුය.
රැකියාවේ වෙහෙසකාරී බව වැඩිවේ.
ගෘහ ජීවිතේ සමගිය වර්ධනය වේ. තම අනාගතය උදෙසා වැඩ කටයුතු කළ යුතු කාලයකි.

    -
● කුම්භ

   කුම්භ ලග්නයට සිකුරු 6 වැන්නට පැමිණේ.
 තමන් ගනු ලබන තීරණ ගැටලු සහගත විය හැක. ඒ ගැන සැලකිලිමත් විය යුතුය. තම ව්‍යාපාර වලට සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත.
රැකියාවේ  ගැටලු ඇති වීමට ඉඩ ඇත. නව රැකියා ප්‍රමාද වේ.
කෙල්ලන්ගෙන් දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත. මෙතෙක් ගනු ලබන තීරණ වලට බාධා එල්ල  වීමට ඉඩ ඇත.

   -

● මින

  මීන ලග්නයේ සිකුරු 5 වැන්නට පැමිණේ.
 ව්‍යාපාර වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට ඉඩ ඇත. මෙතෙක් තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.  නව රැකියා ලැබේ. රැකියා කරන අයගේ ගැටලු නිරාකරණය වෙයි.  දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ .
 
-

irusewaya


irusewaya@gmail.com
077 2238041