Wednesday, October 12, 2016

Memories of past may be painful...,
Even though don't forget the past...

Think them as Experiences ...
Make your life a better one >>>


#Iru Iru Sewaya

irusewaya@gmail.com
077 22 38041

Monday, October 10, 2016

සතියේ ලග්න පලාපලය - ඔක් 11 සිට

- පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

● මේෂ
නව ව්‍යාපාර ආරම්භ කිරීමටත්, තිබෙන ව්‍යාපාර නවීකරණය කරමින් නව්‍යතාවයකින් පටන් ගැනීමටත් සුබ කාලයකි. ව්‍යාපාර ණය ඉල්ලුම් කිරීමට, ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමට සුභ කාලයකි.
රැකියා විරහිත අයට තාවකාලික රැකියා ලැබේ. අලෙවිකරණය කටයුතු කරන අයට සුබයි. රැකියා වල නියුතු අයට උසස් වීම් වලට ඉල්ලුම් කිරීමට සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. සාර්ථක විනෝද ගමන්, වන්දනා ගමන් යෙදෙයි. අඹුසැමියන් අතර සමගිය වර්ධනය වෙයි.

-

● වෘෂභ
නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ කාලයකි. එහෙත් වැය පස ඉහල යා හැක. කල්පනාකාරීව, මුදල් කළමනාකරණය කිරීම තුලින් එය මඟහරවා ගැනීමෙන් සුභ අතට පත්කර ගත හැක(මූල්‍ය කළමනාකරණයේ අඩු පාඩු ඇතිවිය හැක).
රජයේ රැකියා වල නියුතු අයට සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත. අනිකුත් රැකියා වල නියුතු අයටද සාමාන්‍ය සතියකි. සිත් තැවුල් - සිත් රිදවීම් විය හැකි නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල අසල්වැසියන් සමග සබදතා වර්ධනය වේ. අසල්වැසියන්ගෙන් ලාභ - උපකාර හිමි වෙයි. අසල් වැසියන් අතර සබදතාවය වර්ධනය වෙයි. ගේ දොර අලංකාරව පවත්වාගෙන යාමට කටයුතු කරන සතියකි.  පෙම් සබදතා වලට සුබයි.

-

● මිථුන
මූල්‍යමය ණය ලැබෙනු ඇත. ව්‍යාපාර දියුණුවට ගත් පියවරක් සාර්ථක වෙයි. අතපසු වී තිබූ කටයුත්තක් කර ගැනීමට හැකි වෙයි, එමගින් සැනසිල්ලක් උදාවෙයි. වියදම් අධික විය හැක.
රැකියා ප්‍රමාද අයට යහපත් රැකියා ලැබෙයි. රැකියා කටයුතු වල නියුතු අයට සුළු සුළු බාධා සිදුවිය හැක. විදෙස්ගත රැකියා වල නියුතු අයටද සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල පෙම්වතුන් අතර සැකසංකා මතුවිය හැක. පවුල් ජිවිතය තුල සුළු සුළු මත ගැටුම් නිසා පවුල් ජිවිතය මතභේදකාරි තත්වයක් උද්ගත විය හැක. සහෝදර - සහෝදරියන් අතර සුළු හිත් අමනාපකම් ඇතිවිය හැකි නිසා ප්‍රවේසමින් කටයුතු කරන්න.

-

● කටක
ව්‍යාපාරික සබදතා පුළුල් කර ගැනීමට අවස්ථා ලැබේ. ධන තත්වය ස්ථාවර කර ගැනීමට හැකි වෙයි. වියදම් අඩු වනු ඇත. ව්‍යාපාර කළමනාකරණයෙදි සුළු සුළු බාධා ඇතිවිය හැක.
රැකියා විරහිත අයට රැකියා වලට ඉල්ලුම් කිරීමට සුභ කාලයකි. නව රැකියා වලටද සුභ ඵල උදාකරන කාලයක් වේ. මැණික් ආශ්‍රිත අලෙවිකරණ රැකියා කරන අයට විශේෂයෙන් සුබයි.
ගෘහ ජිවිතය තුල මිතුරු ඇසුර වැඩි වීම නිසා සුළු සුළු අතපසු විම් නිර්මාණය විය හැකි සතියකි. මව් පාර්ශවයෙන් ලාභ ලැබෙන සතියක් වේ.

-

● සිංහ
ව්‍යාපාර ආරම්භ කිරීමට, නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ සතියකි. මිත්‍ර සබදතා නිසා තම ව්‍යාපාරයේ ප්‍රගතිය පෙන්නුම් කරන සතියකි.
රැකියා අපේක්ෂිත අයට නව රැකියා උදා වෙයි. විදෙස් ගමන් සාර්ථක වෙයි. ස්වයං රැකියා වල නියුතු අයට සුභ ඵල ගෙන දෙන සතියකි.
ගෘහ ජිවිතය තුල විවාහ අපේක්ෂා කරන අයට සුබ සතියකි. මංගල යෝජනා ස්ථිර වෙයි. විවාහය ප්‍රමාද වූවන්ට මංගල යෝග උදා වෙයි.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන් අධ්‍යාපනය සාර්ථක වෙයි.

-

● කන්‍යා
ව්‍යාපාර ණය ඉල්ලුම් කිරීමට සුබ සතියකි. කළමනාකරණයේ අඩුපාඩු පෙන්වන සතියකි. බලාපොරොත්තු නොවු අයුරින් වියදම් ඉහල යා හැක. නිශ්ඵල ගමන් බිමන් යෙදිය හැක.
රජයේ රැකියා වල යෙදෙන අයට සුබ පල ගෙන දෙන කාලයකි. නව රැකියා අවස්ථා උදා වෙයි. විධායක තනතුරු අපේක්ෂාවෙන් සිටින අයගේ, අපේක්ෂාවන් මල් ඵල ගැන්වෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කල හැක. අසල්වාසින්ගේ උදව් උපකාර ලැබේ. මංගල යෝග උදා වේ. අතපසුව තිබුනු කටයුත්තක් කර ගැනීමට ඉඩ සැලසේ.

-

● තුලා
ව්‍යාපාර ගනුදෙනු වලදි වෙනදාට වඩා ප්‍රවේසම් විය යුතු සතියකි. ඉඩම් මිලදි ගැනීම් වලට, ගේ දොර අලෙවිකරණ කටයුතු සම්බන්ධ ඒවාට සුබ සතියකි. නව ආදායම් මාර්ග උදා වන සතියකි. ප්‍රභූන්ගෙන් මූල්‍ය උපකාර ලැබෙනු ඇත.
 නව රැකියා උදා වේ. රැකියා අපේක්ෂිත අයට සුබ සතියකි. රාජ්‍ය අංශයේ රැකියා වල නියුතු අයට තරමක් අසහනකාරි තත්වයන් පෙන්නුම් කරන සතියකි.
ගෘහ ජිවිතය තුල ආදර සබදතා වැඩි දියුණු කරගත හැක. අඹුසැමියන් අතර සුහදතාවය වර්ධනය වේ. වාසනාවන්ත දරු සම්පත් ලැබීමේ භාග්‍යය හිමි වේ. ආගමික කටයුතු වලට සම්බන්ධ වීමෙන් ප්‍රසිද්ධියක් ලැබෙනු ඇත.

-

● වෘශ්චික
නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ සතියක් වේ. තම ව්‍යාපාරයේ නීතිමය ගැටළුවක් හෝ ඒ ආශ්‍රිත කටයුත්තකට මුහුණ පෑමට ඉඩ ඇත. ණය ගනුදෙනු වලදී ඉතා කල්පනාකාරි විය යුතුය.
රැකියාවේ ප්‍රධානීන් සමග මත ගැටුම් නිර්මාණය වෙයි. නව රැකියා උදා වෙයි. විදෙස් රැකියා වලට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු හදිසි අනතුරු - රෝග පීඩා ආදිය නිසා අතරමග නතර විය හැක. අසල්වැසියන් සමග හිත් අමනාපකම් සිදුවීමට ඉඩ ඇත. වචන ප්‍රකාශ කිරිමේදි කල්පනාකාරිව කටයුතු කරන්න.

-

● ධනු
මූල්‍යමය ණය ලැබෙනු ඇත. නව ව්‍යාපාර සැලසුම් කිරීමට සුබ සතියකි. ඒ සදහා මුදල් හා කාලය වැය කිරීමට සිදුවෙයි.  මනාව සැලසුම් කර කරන කටයුතු වලින් ජය ලැබේ.
නව රැකියා අවස්ථා උදා වෙයි. පෞද්ගලික අංශයේ රැකියා වල නියුතු අයට සුබ සතියකි. උසස් වීම් ලැබෙන්නට හැකියාව ඇත. උසස් වීම් වලට ඉල්ලුම් කිරීමට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. දරුවන් පිලිබද සුබ ආරංචියක් අසන්නට ලැබෙනු ඇත. වැඩිහිටියන්ගේ ඇප - උපකාර හිමි වේ. වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමට අඩිතාලම දැමීමට සුබ කාලයකි.

-


● මකර
ව්‍යාපාර කළමනාකරණයේ ගැටළු නිර්මාණය විය හැක. බලාපොරොත්තු නොවූ මුදල් වැයවීම්, සිත් තැවුල් ආදියට මුහුණ පෑමට සිදු වෙන්නට ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න. නව ව්‍යාපාර ආරම්භ කිරීම ප්‍රමාද වෙයි, ප්‍රමාද කරන්නේ නම් වඩා හොදයි.
රැකියා වල උසස් වීම් බලාපොරොත්තු වූ අයට සුබ සතියකි. නව රැකියා උදා වේ. රැකියා වල නියුතු අයට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර සමගිය වර්ධනය වෙයි. පවුලේ වගකීම් වැඩි වෙයි. ගේ දොර අලංකාර කිරීමට සුබ සතියකි. දරුවන් තරඟ විභාග ආදියෙන් ජය ලැබීම් නිසා සිතට සතුට ලැබෙන සතියකි.

-

● කුම්භ
ගෙවල් දොරවල්, ඉඩකඩම් මිලදී ගැනීම් වලට සුබ සතියකි. ව්‍යාපාර කළමනාකරණයේ දුර්වලතා පෙන්නුම් කරන සතියකි.
නව රැකියා ප්‍රමාද විය හැක. රැකියා වල නියුතු අයට සුළු සුළු ගැටළු මතුවිය හැකි සතියකි. ශාස්ත්‍රීය කටයුතු වලට අදාල වෘත්තීන් වල නියුතු අයට විශේෂ ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි.  විදෙස් රැකියා කටයුතු සාර්ථක වෙයි.
ගෘහ ජිවිතය තුල සහෝදර සහෝදරියන්ගේ ඇප උපකාර හිමි වෙයි. ගේ දොර දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවේ.

-

● මීන
නව ආදායම් මාර්ග උදා වෙයි. නව ආදායම් මාර්ග වලට අඩිතාලම් දැමීමට සුබ සතියකි. හවුල් ව්‍යාපාර ඇරඹීමට සුබ සතියකි. හවුල් ව්‍යාපාර වලින් වැඩි වාසි ලබාගත හැකි සතියකි. ඉඩම් මිලදී ගැනීම් වලට සුබ සතියකි.
උසස් රැකියා බලාපොරොත්තු වන අයට අපේක්ෂා ඉටු වේ. ස්වයං රැකියා වලට සුබ සතියකි. රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියට මුහුණ දීමට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල පදිංචි ස්ථාන මාරු වීමක් හෝ වෙනත් නිවසක පදිංචියට යෑමට කටයුතු සැලසෙන්නට ඉඩ ඇති සතියකි. උපන් ප්‍රදේශයෙන් පිට යෑමට සිදු වේ. සහෝදර සහෝදරියන් අතර, අමනාපකම් ඇති විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය. ගේ දොර වැඩ කටයුතු සදහා වෙහෙසීමට සිදුවේ.




-
irusewaya@gmail.com
077 22 38041

Sunday, October 9, 2016

සෝමාවතී චෛත්‍යරාජයාණන්වහන්සේ

බුදුන්වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතිය චෛත්‍යයද බෞද්ධයන්ට ඉතා වැදගත් පුණ්‍ය භූමියකි.

● චෛත්‍යරාජයාණන්වහන්සේ සෑදීමේ ගරුත්වය ලැබෙන්නේ කාවන්තිස්ස රජු දවස, ගිරිනුවර අභය නම් වූ පාලකයාටය. කාවන්තිස්ස රජුගේ සොයුරිය වූ සෝමාවතී කුමරිය, අභය කුමරාගේ බිරිඳ විය. එනිසා එතුමියගේ නමින් චෛත්‍ය නම් කෙරින.

● අද චෛත්‍යරාජයාණන්වහන්සේ රකිනු ලබන්නේ තාරා දේව මෑණියන් විසිනි.
තාරා දේව මෑණියන් යනු, වලගම්බා රජු දවස රට වෙනුවෙන් සොලීන්ට බිලිවී රජු බේරාගත් වීර “සෝමා දේවිය“යි.

( චෛත්‍ය කරවූ සෝමාවතී දේවිය සහ වලගම්බා රජු දවස සෝමා දේවිය යනු 2කි).

● බුදු රැස් ලෙස සැමදෙනා විශ්වාස කරන රැස් මාලා විහිදවමින් ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්නට කටයුතු කරන්නේ තාරා දේව මෑණියන් විසින් වන අතර, ඒවා බුදු රැස් නොව දේව රශ්මි මාලා බව දත යුතුය.

● ඔබද නිවසේ සිට වන්දනාමාන කලද, සෝමාවතී චෛත්‍ය රාජයාණන්වහන්සේට වන්දනා කරන්න.
දිශාව ඊසාන දිශාවයි. පොදුවේ සුදු - කහ මල් වර්ග 2 පූජාවට සුදුසුය.

- සෝමාවතී චෛත්‍යයට වඳින ගාථාව -

“ සම්බුද්ධ රාජ මුඛපංකජධම්මරේණු
ඵස්සං මනුඤ්ඤසිතරංසි විරෝචමානං
බ්‍රහ්මාමරාසුරනිරේහි සුපූජිතං තං
වන්දාමහං සුගත දක්ඛිණ දන්තධාතුං “

( සම්බුදු රජාණන්වහන්සේගේ මුව පියුමේ ධර්මය නැමති රේණුවෙන් ස්පර්ශය ලත්, මනෝඥ වූ, සුදු පැහැ රශ්මියෙන් බබලන්නාවූ, බ්‍රහ්ම, දිව්‍ය, අසුර, මනුෂ්‍යයන් විසින් මනාව පුදන ලද, ඒ සුගතයන්වහන්සේගේ දකුණු දළදා වහන්සේ මම නමදිමි )

- ඔබ සැමට තෙරුවන් සරණයි -

#ඉරු

irusewaya@gmail.com
+94 77 2238041

Saturday, October 8, 2016

ආදරණීය ගණ දෙවියන්

ලෝක පාලක ඊශ්වර දෙවියන්ගේ පුත්‍රයෙකු වන ගණ/ගනේශ්වර/පුල්ලෙයාර් දෙවියන් මහත් ආනුභාවසම්පන්න දෙවි කෙනෙකි.
සැමදෙනාගේම ආදර බහුමානයට පාත්‍රව සිටින නිසා මෘදු ගති ඇති බව සත්‍යයකි, නමුත් අයුක්තියට - අසාධාරණයටද විරුද්ධව කටයුතු කරන ඍජු ගති ඇති දෙවි කෙනෙකි.

- ගණ දෙවියන් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්දැයි ඕනම කෙනෙකුට ප්‍රශ්න ඇත. සමහර අයට අවශ්‍ය වන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ව විතරක් ප්‍රසිද්ධ කරන්න කියාය, එසේ කියන අතිබහුතරය බුදු දහමේ නාමයෙන් බුදු දහම වනසන්නට කටයුතු කරන විවිධාකාර අයගේ අතකොළුය.

 ● දේවත්වයට පත්වන්නේ කුසල ශක්තිය මතය. එසේම දෙවිවරුන්ගේ අවබෝධ ශක්තිය දියුණුය. එනිසා දෙවිවරු සියලුම දෙනා දහමට ගරු කරති, දහමට අනුකූලව කටයුතු කරති.

- තව තැනක දෙවියන්ගේ ප්‍රධානියා ගණ දෙවියන් ලෙස දක්වා තිබුනි. ඉහල, පහල, මධ්‍ය යන විශ්වයන් 3 කිසිදු තැනක ප්‍රධාන දෙවියන් ගණ දෙවියන් නොවේය. නමුත් ගණ දෙවියන් ඉතා වැදගත් දෙවි කෙනෙකි. එසේම ගණ දෙවියන් නාමයෙන් කරනවා කියන මහා පරිමාණ බිස්නස් වලට ගණ දෙවියන්ගේ සම්බන්ධයක් නැත. එවන් ව්‍යාජ මවාපෑම් වලට කැමති වන්නේද, එවන් අයගේ ලාභ සත්කාර, වන්දනාමාන යනාදියට කැමති වන්නේද ප්‍රේත-භූත වැනි පහත් අමනුෂ්‍යය කොටස්ය.
දෙවිවරු පූජා වට්ටියෙන්, විවිධාකාර පුද පඬුරු වලින් රැවටිය නොහැක. එවන් ඒවාට දෙවිවරු ආශිර්වාද කරන්නේද නැත.

● ගණ දෙවියන්ගේ විශේෂත්වය නම්, වන්දනාමාන කිරීමට නියමිත දිශාවක් හෝ වෙලාවක් නොමැති වීමය.
එනම් දිනයේ ඕනෑම වෙලාවක ඕනෑම දිශාවකට වන්දනාමාන කිරීමෙන් ආශිර්වාද ලබාගත හැක.

● ඔබත් සිල්වත් වන්න. ප්‍රතිපත්තිය රකින්න. කුසල්දම් වල නිරත වන්න. ඒ පින් කුසල් ගණ දෙවියන් ඇතුළු සියලු දේව මණ්ඩලයටම අනුමෝදන් කරන්න. ඔබගේ කුසලය වැඩි වේවි ! දෙවියන්ගේ ආශිර්වාදයද ලැබේවි !

-
#ඉරු

irusewaya@gmail.com
+94 77 2238041

Friday, October 7, 2016

Thursday, October 6, 2016

පොරොන්දම් බලන්නම ඕනද ?

ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාගේ, I don't know why ගීතයේ මෙසේ ඇත.

“ හිතුමතේ බැඳපු එවුන් සොමියේ ඉන්නේ ඇයි ?
නැකැත් බලල කරපු මඟුල් කැඩිල යන්නේ ඇයි ?
ග්‍රහයෝ නීච වෙලාවත්ද එහෙම වෙන්නෙ ඇයි ?
ග්‍රහයො තමයි ඕව දන්නෙ අයි ඩෝන්ට් නෝ වයි .. ?

● විවාහයකදී පොරොන්දම් පරික්ෂාව ඉතා ඈත අතීතයේ සිට පැවත එන සාම්ප්‍රදායික වැදගත් කටයුත්තකි.

පොරොන්දම් පරික්ෂාව විවාහය ගැන ඉතා වැදගත් පලාපලයක් ලබාදෙයි.
මෙහිදී කිව යුත්තේ පොරොන්දම් පරික්ෂාව මෙන්ම සූක්ෂමව දෙදෙනාගේ කේන්දර සටහන් පරික්ෂාවද විවාහයකදී කල යුතු බවයි.
එයට හේතුව වන්නේ පොරොන්දම් පරික්ෂාවෙන් විවාහයට ගැලපෙන බව කියූවද, විවාහයට සුදුසු කාලය, දෙදෙනාගේ කේන්දර සටහන් ගැලපේද යනාදි කාරණා බැලිය යුතු බැවිනි.
එනිසා කිරීම ඉතා වැදගත් කාරණාවකි.

● අද කාලයේ බොහෝ අය විවාහ - පොරොන්දම් ගැලපීමේදි ජ්‍යොතිර්වේදින් අවම වශයෙන් 5ක්වත් ලගට ගොස් ඒ සියල්ලම සලකා බලා තීරණ ගැනීම සිදු වෙයි.
ලංකාවෙ ජ්‍යොතිෂ්‍යයට ඇති සැබෑ තත්වය පෙන්නුම් වන එක් සාධකයකි 10ක්ගෙන් පමණ අසා විවාහයට තීරණ ගැනීම.

* මෙහිදී කල යුතු දෙය නම් තමන්ට විශ්වාස, නිවරදිව ජ්‍යොතිෂ්‍යය දන්නා 01 අයෙකුට කියා බැලීම පමණි !

- අපගේ අත්දැකීම අනුව, මෙම පොරොන්දම් ගැලපීම නිසා විවාහ වනවාට වඩා නොවන ප්‍රමාණය වැඩි වී ඇත. තවද වසර බොහෝ ගණනක ප්‍රේම සබඳතා බිඳ වැටෙන්නට හේතු සාධක වී සමහර දරුවන් ජිවිත කාලය පුරාම තනිව සිටින්නටද හේතු වී ඇත.
මෙය රටේ තරමක හෝ බරපතල ප්‍රශ්නයක් බව අපගේ අත්දැකීම අනුව අපි දනිමු.

● ජ්‍යොතිෂ්‍යය විද්‍යානුකූලව ඇරුණු විට දහමට අනුව විවාහ වෙන දෙදෙනාම, “ සම ශ්‍රද්ධා, සම ප්‍රඥා, සම ත්‍යාග “ සහිතව සිටින්නේ නම් යහපත් විවාහ ජීවිතය ගත කල හැකි බව කියවෙයි.

 මේ ගැන අප නිවරදි අදහසක් ලබාගත්තේ, Dinush Witharama මහතාගෙනි.

“ කේන්දර වලින් අන්තිමට කොහොම වුනත් කියවෙනෙ අනාවැකියක් නේ. එතකොට ඒක නියතයක් නෙවෙයි. කුසලය හැම විටම අකුසලයට වඩා බලවත්. ඒ නිස‍ා කුසල මූලික ප්‍රතිපදාවෙන් ජීවිතය පවත්වාගෙන යන්න කියන්න.
ශ්‍රද්ධාව, ශීලය, දානය, ප්‍රඥාව වර්ධවය කරන ප්‍රතිපදාවක හික්මෙන එක වැදගත්.
එතකොට සම ශ්‍රද්ධා, සම ප්‍රඥා, සම ත්‍යාග කියන එකේ තේරුම දෙදෙනාගේ අදහස් ගැලපීමයි. ඒ අනුව මනාව ජිවිතය ගෙන යෑමට එය හේතු වෙයි. “

● වසර 50-60කට අධික අත්දැකීම ඇති ප්‍රවීණ ජ්‍යොතිර්වේදින්, භාවනානුයෝගී මහතුන් සිටින අපගේ අදහස නම්, විවාහයට සුදුසුද නැද්ද නිවරදිව ශාස්ත්‍රය දන්නා එක ජ්‍යොතිර්වේදියෙකුගෙන් දැනගත්තාම ප්‍රමාණවත් බවයි..
- නමුත් එසේ විශ්වාස නැත්නම්, දහමට අනුකූලව, අවදානම ගෙන ජිවිතය ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීම වැදගත්ය.  වසර ගණනාවක ප්‍රේම සබදතා බිඳ වැටී තනිකඩව සිටිනවාට වඩා එය වටින බව අපගේ හැඟීමයි...


** බුද්ධිමත්ව තීරණ ගෙන ජිවිතය දියුණුවට කටයුතු කරන්න !


#සත්හටසෙත්පතනඉරු #විවාහය #ලංකාව #ජිවිතය #පවුල #ආදරය


irusewaya@gmail.com
077 22 38041

Wednesday, October 5, 2016

සතියේ ලග්න පලාපලය - ඔක්. 05 සිට

* පොදු පලාපලයක් පමණි.
(එකම සතියක බුධ මාරුව මෙන්ම සතියේ ලග්න පලාපලයද පල කරන්නේ පාඨකයන්ගේ ඉල්ලීමටය)

-

.● මේෂ
දියුණුවට ගන්නා ක්‍රියා මාර්ග වලින් සාර්ථක ප්‍රතිඵල නොලැබී යාමට හෝ බාධා මතු වීමට ඉඩ ඇත. මුදල් නිකරුණේ වැය වීමට ඉඩ ඇත. දුර දිග නොසිතා කරන කටයුතු වලින් ගැටළු ඇතිවිය හැක. මනා කළමනාකාරිත්වයකින් කටයුතු කර මේවා සමනය කරගන්න.
රැකි රක්ෂා කටයුතු වල විශේෂයෙන් සුභ ඵල ලැබීම අඩු විය හැක. ඉවසීමෙන් කටයුතු කිරීම මේ සතියට සුභදායක විය හැක. ප්‍රධානීන් සමග ගැටළු ඇති වීමටද ඉඩ ඇත. රැකියා විරහිත අයට නව රැකියා ලැබීම ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල තමන්ට ලැබෙන සහනය අඩු වී යා හැක. තම දරුවන්, ඥාතින් නිසා ගැටළුකාරි තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක. පෙම් සබදතා ආදියෙදි දෙදෙනා තුල ඇති විශ්වාසය අඩු විය හැක.
-

● වෘෂභ
මෙතෙක් තිබුනු බාධාකාරි තත්වයක් අඩු වී සහනදායි කාලයක් ඉදිරියට නිර්මාණය වෙයි. එහෙත් ණය ගනුදෙනු ආදියෙන් පාඩු සිදුවිය හැක බැවින් කල්පනාවෙන් කටයුතු කල යුතුය. ව්‍යාපාර දියුණුවට ගන්නා ක්‍රියාමාර්ගයක් සාර්ථක වනු ඇත.
රැකියාවේ දියුණුව උදෙසා අවශ්‍ය පුහුණුවීම්, තරඟ විභාග ආදිය ඉල්ලුම් කිරීමට සුභ කාලයකි. අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රැකියා කරන අයට සතිය ආරම්භයේ යහපත් ප්‍රතිඵල පෙන්නුම් කරයි. රැකියා විරහිත අයට සුදුසු රැකියා ලැබෙයි.
ගෘහ ජිවිතය තුල සහෝදර සහෝදරයින් අතර ගැටළු - ප්‍රශ්න ඇති වන සතියකි. පවුල් ජිවිතය තුල හිතුවක්කාර ගති ඉස්මතු වන්නට ඉඩ ඇති සතියකි.

-


● මිථුන
ආර්ථික වශයෙන් තරමක් දුරට සුභ සතියකි. සතිය ආරම්භයේදි ගනු ලබන ක්‍රියා මාර්ගයක් සාර්ථක වෙයි. ආදායම් තත්වය යහපත් වෙයි.
රැකියා වලින් මධ්‍යස්ථ ප්‍රතිඵල බුක්ති විඳීමට ඉඩ ලැබේ. උසස් වීම්, තරඟ විභාග ආදියට මුහුණ දීමට මේ සතිය තුල සුභ සතියකි. පුවත්පත් කලාව, ලේඛන වෘත්තීන් වල යෙදෙන අයට යහපත් සතියක් වනු ඇත.
ගෘහ ජිවිතය තුල ගේ දොර වැඩ කටයුතු පිලිබදව උනන්දුවෙන් එ් වෙනුවෙන් කටයුතු කරන සතියකි. සතිය ආරම්භයේදී සතුටුදායක දේ පිලිබදව අසන්නට ලැබෙන සතියකි. සතිය මැද වන විට සිතට තරමක් අසහනකාරි තත්වයන් ඇතිවීමට ඉඩ ඇති නිසා ප්‍රවේසමෙන් කටයුතු කරන්න. අඹුසැමියන් අතර සුහදතාවය වර්ධන වේ.

-
● කටක
ආදායම් මාර්ග වලින් තමන්ට යහපත් ප්‍රතිඵල බුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇත. ඉතිරි කර ගැනීම පිලිබදව වෙනදාට වඩා උනන්දුවක් දක්වන කාලයකි. ඛනිජ ද්‍රව්‍ය ආශ්‍රිත වෙනත් ව්‍යාපාර වල යෙදෙන අයට සුභ පල ගෙනෙන සතියකි. ආර්ථික අපහසුතා මඟහැර ගත හැක.
රැකියා කටයුතු සාමාන්‍ය ලෙස සිදු කරගෙන යා හැක. සුළු අඩුපාඩු සකසා ගැනීමෙන් අන් අයගේ සහ ප්‍රධානීන්ගේ පැසසුම් සහිතව සතුටින් සතිය ගත කල හැකි වනු ඇත. උසස් වීම්, තරඟ විභාග ආදියට මුහුණ දීමට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල කටයුතු සාමාන්‍ය අයුරින් කරගෙන යනු ඇත. පවුල තුල ප්‍රධානත්වය ගෙන වැඩ කටයුතු කිරීමට සිදුවන සතියකි. සිතට සතුටුදායක වාතාවරණයක් උදා කරගත හැකි වේ. දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් යෙදවෙනු ඇත.

-

● සිංහ
ආදායම් මාර්ග වලින් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබීමට හැකි වේ. නව ආදායම් මාර්ග වලට එළඹීමටද ඉඩ සැලසෙනු ඇත. තම වැඩ කටයුතු වලට මුදල්, කාලය යෙදවීමට සිදුවනු ඇත. ගෙවල් දොරවල් මිලදී ගැනීමට සුභ කාලයකි.
රැකියා දියුණුවට අවස්ථා උදා කර ගැනීමට හැකියාව ලැබේ. රැකියා අපේක්ෂිත අයට යහපත් රැකියා ලැබෙනු ඇත. රැකියා වලට තිබුනු බාධා අවම වනු ඇත. කාර්මික ක්ෂෙත්‍රය ආශ්‍රිත රැකියා වලට වඩා සුබයි.
ගෘහ ජිවිතය තුල ගැටළු වලදී අවස්ථානුකූලව මනාව සිතා බලා විසඳුම් සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. දරුවන්ගේ දියුණුව දැකීමට හැකියාව ලැබෙන සතියකි. විනෝද වීමටත්, හිත මිතුරන්ගේ උපකාර ලැබීමටත් හැකි වන සතියකි.

-

● කන්‍යා
දියුණුව උදා කර ගැනීමට ගන්නා පියවර වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා සුභ සතියකි. සති අන්තයේ යම් තරමක් මුදල් අවහිරතා පෙන්නුම් කරන බැවින් කල්පනාකාරීව, කළමනාකරණය කරගත යුතුය.
රැකියා කටයුතු වල යෙදෙන අයට ඒවායෙදී ඉක්මණ් තීරණ වලට යාමෙන් ගැටළු නිර්මාණය විය හැකි නිසා, සැලකිලිමත් වන්න. රැකියා සොයන අයට සාමාන්‍ය මට්ටමේ රැකියා ලැබෙනු ඇත. දේශපාලන ක්සෙත්‍ර වල යෙදී සිටින අයටද යහපත් ප්‍රතිඵල අපේක්ෂිතය.
අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල කාර්යබහුල වනු ඇත. හිතේ ශක්තිය තරමක් දුර්වල වී කලබල ගති වැඩි වීමටද ඉඩ ඇත. ගැටළු නිර්මාණය වීමටද ඉඩ ඇත.

-

● තුලා
සතිය ආරම්භ වන විට මුදල් අවහිරතා පෙන්නුම් කරන සතියකි. ව්‍යාපාර කළමනාකරණයේ සුළු සුළු අඩුපාඩු නිසා මූල්‍යමය ගැටළු නිර්මාණය විය හැක. නව ව්‍යාපාර වලට තරමක් සුබයි. දියුණුව උදෙසා පියවරක් ගැනීමට හැකි සතියකි.
රැකියා කටයුතු වලදී යහපත් ප්‍රතිඵල ලැබීමට ඉඩ සැලසේ. විදෙස්ගත රැකියා වලට යොමු වීමට උත්සාහ ගන්නා අයට ඒ සදහා අවස්ථා යෙදේ. ස්වයං රැකියා වලට සුබයි. රැකියාවේ ගැටළු විසදේ, ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ.
ගෘහ ජිවිතය තුල වැඩිහිටියන්ගේ දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇති සතියකි. මංගල යෝග උදා වෙයි. අඹුසැමියන් අතර තරමක් ගැටළු ප්‍රශ්න ඇති විය හැක, ඒවා විසඳා ගැනීමට බුද්ධියෙන් කටයුතු කරන්න.
අධ්‍යාපන කටයුතු වලින් මධ්‍යම ඵල ලැබෙනු ඇත. උසස් අය ඇසුරට ලැබේ.

-

● වෘශ්චික
ආදායම් මාර්ග වලට බාධා මතු වේ. ව්‍යාපාර කළමනාකරණයේ ගැටළු මතුවිය හැකි කාලයකි. මූල්‍යමය අතින් යහළු යෙහෙලියන්ගේ සහයෝගය ලබා ගැනීමට හැකි වන සතියකි. ආහාර සම්බන්ධ ව්‍යාපාර වල යෙදෙන අයට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. කෙසේ හෝ මුදල් වැයවීම වැඩි බැවින් කල්පනාකාරිව තමන්ගේ කටයුතු කරගන්න.
රැකියා වල සුභ ඵල ලැබෙනු ඇත. තමන්ගේ වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට ඒ වෙනුවෙන් කැපවීමට උනන්දුව වැඩි වන සතියකි. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ. පරිපාලන ක්ෂෙත්‍ර වල රැකියා වල රාජකාරිය සම්බන්ධව පැවති ගැටළු වලට විසදුම් ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල තනි තීරණ වලට වැඩ කිරීමෙන් ගැටළු ඇති විය හැක. පවුලේ සමගිය පිලිබදව අවධානය අඩු වේ. පවුල් ජිවිතය තුල මත ගැටුම් නිර්මාණය වීමත්, අවුල් ඇති වීමටත් ඉඩ ලැබේ. පොදු වැඩ ආදියට සහභාගි වීමට ඉඩ ලැබේ.

-

● ධනු
ආදායම් මාර්ග වලට තරමක බාධා මතු වෙයි. ඒ සදහා පියවරක් ගැනීමට සුදුසු කාලය වෙයි. යම් පියවරක් ගැනීම තුලින් මූල්‍යමය ගැටළු නිර්මාණය වීම මඟහරවා ගත හැකි වනු ඇත. ඉක්මණ් තීරණ ගැනීම තුලින් පාඩු විය හැකි නිසා කල්පනාකාරිව වැඩ කටයුතු කරන්න.
රැකියා කටයුතු වලදී තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමට හැක. රියදුරු රැකියාවේ යෙදෙන අයට නීතීමය ගැටළු නිර්මාණය වීමට ඉඩ ඇත. යහපත් රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල කටයුතු කිරීමේදී ඉවසීමෙන් කටයුතු කරන්න. පවුලේ අය අතර සමගිය වර්ධනය වේ. බාහිර ගැටළු ඉස්මතු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරිව කටයුතු කල යුතුය.

-
● මකර
ආර්ථික වශයෙන් තමන්ට යහපත් ප්‍රතිඵල බුක්ති විඳීමට අවස්ථාව උදා වේ. තමන්ගේ වැඩ වලින් සාර්ථක බව ලැබීමට හැකියාව ලැබේ. නව ව්‍යාපාර ආරම්භයට සුභ සතියකි. භූමි සම්පත් වලට වාසනාව පවති. රහසිගත ආදායම් මාර්ග වලට යොමු වීමට අවස්ථාව උදා වේ.
රැකියා කටයුතු වලදි තමන්ට මධ්‍යම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි සතියකි. රාජකාරි කටයුතු වල සාර්ථක බව වැඩි කර ගැනීමට පියවරක් ගැනීමට හැකි සතියකි.
අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රැකියා වල යෙදෙන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් යුතුව තම වැඩ කටයුතු කරන්න. අවිවාහක අයට සතිය ආරම්භයේදී යහපත් මංගල යෝජනා ඉදිරිපත් වේ. එසේ වුවද මංගල කරුණු වලට එතරම් සුභ සතියක් නොවන බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
-
● කුම්භ
ආදායම් මට්ටම ඉහල නංවා ගැනීමට ගන්නා පියවර සාර්ථක වේ. ගේ දොර වෙනුවෙන් මුදල් යෙදවීමට සිදු වේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ සතියකි. මූල්‍යමය ආයතන වලින් සහය ලැබේ.
රැකියාවේ රාජකාරි කටයුතු පිලිබදව වැඩි සැලකිල්ලක් යොමු කරන සතියකි. පුහුණු වීම්, තරඟ විභාග ආදියට සහභාගි වීමට ඉඩ ලැබේ. ප්‍රධානින්ගේ පැසසුම් ලැබේ. උසස් වීම්, දියුණුවට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල ලැබීමට හැකියාව ඇති සතියකි. ගැටළු ඉවසිලිවන්තව නිරාකරණය කර ගැනීම තුලින් පවුලේ සමගිය සාමදානය වර්ධනය වනු ඇත. මංගල යෝග උදා වේ. මංගල යෝජනා ඉදිරිපත් කිරිමට සුබ සතියකි.

-

● මීන
ආර්ථික වශයෙන් තමන්ට සාර්ථක බවක් ලැබීමට ඉඩ සැලසෙන සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරීම තරමක් ප්‍රමාද වනු ඇත. මූල්‍යම කළමනාකරණයේදී ගැටළු මතුවිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. යාන - වාහන මිලදී ගැනීමට සුබ සතියකි.
රැකියා කටයුතු වල නිරත අයට ප්‍රබල ගැටළුකාරි තත්වයන් උදා විය හැකි බැවින් කල්පනාකාරිව වැඩ කටයුතු කල යුතුය. සතුරු කරදර නිර්මාණය විය හැක.  සති මැද වන විට රාජකාරිය නිසි අයුරින් කරගෙන යාමට හැකි වනු ඇත. රැකියාව මාරු වීමක් හෝ උසස් වීමක් පෙන්නුම් කරන සතියකි.
පවුල් ජිවිතය තුල ඉක්මන් තීරණ නොගත යුතුය. මංගල යෝග උදා වෙයි. පෙම් සබදතා වලට සුබයි. දරුවන්ගේ අධ්‍යාපන තත්වය වර්ධනය වෙයි.
පුණ්‍යමය කටයුතු වලට දායක වීමට අවස්ථාව උදා වේ.

Monday, October 3, 2016

බුධ මාරුව - 2016 ඔක්තෝබර්

ග්‍රහ ලොව බුද්ධිමතා වන බුධ ග්‍රහයා ඔක්.3 වනදා තම උච්ච රාශිය වන කන්‍යා රාශියට පැමිණ බලවත් වීම යහපත්ය. මේ නිසා ලග්න කීපයකට “භද්‍රා යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගය උදා වෙයි.
බුධ ග්‍රහයා සති 3කට ආසන්න කාලයක් කන්‍යා රාශියේ රැඳී සිටිනු ඇත.

ලග්න 12ට පොදුවේ ග්‍රහ මාරුව මෙසේය.

-

● මේෂ
6 වැන්නට බුධ පැමිණියේය.
වෙනදාට වඩා විමසිලිමත්ව කටයුතු කල යුතු කාලයකි. මෙතෙක් පැවති යම් බාධා, කරදර තරමක් ඇති වීමටත්, සෞඛ්‍ය තත්වය තරමක් අයහපත් වීමටත් හේතු ඇති විය හැක.
මේ කාලයේ බුද්ධිමත් තීරණ සහ වෙනදාට වඩා ආගම දහමට යොමු වීම තුල සහනය ඇති වනු ඇත.

-

● වෘෂභ
5 වැන්නට බුධ පැමිණියේය.
කටයුතු වලින් ජයග්‍රහණය ලැබෙන, කීර්තිය ලැබෙන කාලයකි. අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.
නව රැකියා ලැබෙයි. තිබෙන රැකියාව දියුණු වෙයි. ව්‍යාපාර ආදියටද යහපත්ය.
සියලු යහපත සමග බුද්ධියෙන් තොරව කටයුතු කලොත් බාධා ඇතිවිය හැකි නිසා බුද්ධියද වැදගත් බව සිතේ තබාගන්න.

-

● මිථුන
4 වැන්නට බුධ පැමිණියේය.
දේපල ගැන කියවෙන 4 වැන්නට පැමිණීමත් සමග “භද්‍රා යෝගය“ යෙදෙයි. රැකියාවට, ව්‍යාපාරයට සුබයි.
පැතුම් ඉටු වේ. සිතට සතුට ලැබේ. ජයග්‍රහණ අපේක්ෂා කල හැක.
අන් අයගේ උදව් උපකාර ලැබෙනු ඇත.
පවුල් ජිවිතය තුල සමගිය, දියුණුව ඇතිවේ. අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.

-

● කටක
3 වැන්නට බුධ පැමිණියේය.
සහෝදරකාරකාදීන්ට සුබයි. ඉක්මණ් තීරණ ගැනීමෙන් වලකින්න. සතුට පිණිස කරන කටයුතු ගැන වෙනදාට වඩා අවදානමත්ව කරන්න. මනා සැලසුමකින් කටයුතු කරන්න.
සතුරු පාර්ශව වලින් බාධා ඇතිවිය හැක. හදිසි අනතුරු වලින් සහ බෝ වන ලෙඩ රෝග ආදියෙන් පරිස්සම් වන්න. දහමට නැඹුරුව කටයුතු කිරීම තුල සැනසීමක් ඇතිවනු ඇත.

-

● සිංහ
2 වැන්නට බුධ පැමිණියේය.
ධනස්ථානාධිපති බුධ 2 වැන්නට පැමිණීම තුල ධනය වර්ධනය වේ. ඉතිරි කිරීමට හැකියාව ලැබෙන කාලයකි. කටයුතු සාර්ථක වන කාලයකි. ක්‍රියාශීලිව කටයුතු කරන කාලයකි. නව ආදායම් මාර්ග ලැබෙන කාලයකි.
සිතට බලපෑ පීඩා තත්වයන් සමනය වන කාලයකි. මිතුරන්ගේ, හිතවතුන්ගේ සහය ලැබේ.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න.

-

● කන්‍යා
1 වැන්නට බුධ පැමිණියේය.
කන්‍යාවේ ලග්නාධිපති වන බුධ ග්‍රහයාගේ පැමිණීම තුල, “භද්‍රා පංච මහා පුරුෂ යෝගය“ යෙදෙයි. වෙනදාට වඩා ජයග්‍රහණ ලැබේ. යන යන තැන පිලිගැනීම ලැබෙයි. අන් අයගේ සහය ලැබෙයි. නව කටයුතු ඇරඹීමට ඒවා දියුණු කර ගැනීමට වාසනාව ලැබේ.
පවුල් ජිවිතයට සමගිය - සාමදානය ලැබේ.
අධ්‍යාපනය, තරඟ විභාග  - සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙයි.

-

● තුලා
12 වැන්නට බුධ පැමිණියේය.
අන් අයගෙ ප්‍රසාදයට ලක් වන කාලයකි. ආදායම් මාර්ග වර්ධනය වුවද වියදම්ද අධික විය හැක.
අන් අයගේ උපකාර ලැබෙන කාලයකි. දහමට නැඹුරු වන කාලයකි. කරන කටයුතු වලදි මනා ඉවසීමකින් සහ බුද්ධියකින් කිරීමද වැදගත්ය.
හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් වන්න.

-

● වෘශ්චික
11 වැන්නට බුධ පැමිණියේය.
ආදායම් දියුණු වේ. නව ආදායම් මාර්ග ලැබේ. දේපල ඉඩකඩම් ලාභ පවතී. යාන-වාහන වාසනාව පවති. මිතුරන් වැඩි වේ. පැරණි මිතුරන් නැවත මුණ ගැසේ. ව්‍යාපාර කටයුතු වලදි මනා බුද්ධියකින් යුතුව කිරීම වඩා වාසනාව ගෙනෙනු ඇත.
හදිසි අනතුරු සහ රෝගාබාධ ගැනද අවදානමත්ව සිටින්න.

-

● ධනු
10 වැන්නට බුධ පැමිණියේය.
මේ තුල “භද්‍රා පංච මහා පුරුෂ යෝගය“ යෙදෙයි. ආර්ථිකය දියුණු වන කාලයකි. රැකියාවේ දියුණුව මෙන්ම උසස් වීම් පවා අපේක්ෂිතය. ආදායම් වියදම් මනාව කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
විදේශ ගමන්, විදේශ සංචාර යෙදෙන කාලයකි, ඒවාට සුභ කාලයකි.
ධනු ලග්න දේශපාලකයන්ට ඉතා යහපත්ය.

-

● මකර
9 වැන්නට බුධ පැමිණියේය.
කටයුතු සාර්ථක වන කාලයකි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. නව ආදායම් මාර්ග ඇති කරගත හැක. වෙනදාට වඩා සතුටින් කාලය ගත කල හැක.
විදේශ ගතවීමට සිතා සිටියේ නම් ඒ කටයුතු වලට සුභ කාලයකි.
ගෘහ ජිවිතය සාර්ථක වෙයි. අධ්‍යාපන කටයුතු වලට සුබයි.
හදිසි අනතුරු, ලෙඩ රෝගාබාධ ගැනද අවදානමත් වන්න.

-

● කුම්භ
8 වැන්නට බුධ පැමිණියේය.
නව අාදායම් ඇති කරගැනීමටත් යහපත්ය. විවාහයෙන් දේපල යනාදිය ලැබෙන්නටත් හේතු පවති.
විදේශ ගතවීම් වලටද සුබයි. ඇසුරු කරන්නන් සමග කරන කටයුතු වලදි මනා බුද්ධියකින් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සතුටින් ගත වනු ඇත.
මෙතෙක් පැවති ආබාධ තත්වයන් දුරු වී නිරෝගී බව ඇති වන සතියකි.

-

● මීන
7 වැන්නට බුධ පැමිණියේය.
මේ පැමිණීම තුල “භද්‍රා පංච මහා පුරුෂ යෝගය“ යෙදෙයි. කටයුතු සාර්ථක වෙයි. මෙතෙක් පැවති බාධා තත්වයන් දුරු වෙනු ඇත. සමාජයේ පිලිගැනීමට මෙන්ම සහයෝගය ලැබෙනු ඇත. ඔබ ජනප්‍රිය වීම තුල කටයුතු වලට වඩා පහසුවක් වනු ඇත. නව ව්‍යාපාර යනාදියට, නව රැකියා වලටත් සුබයි.
ගෘහ ජිවිතය යහපත්ව ගත වනු ඇත.

-

** වඩාත් යහපත පිණිස බදාදා දින වල  රතු - කහ මල් වට්ටි 2ක්, පහන් 01ක්(දැල්ල දකුණු දිශාවට), පැන් වීදුරුවක්, හඳුන්කූරු 02ක් සහිතව පූජාවක් පවත්වා ගනේශ්වර දෙවියන්වහන්සේගේ නාමයෙන් සියලු බුදුවරයන්ට පූජා කරන්න. සියලු දෝෂ දුරු වී යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරන්න.
එම සියලු පින් ලෝකයත්, ශාසනයත් රකින මෛත්‍රි බෝධිසත්වයන්, ශක්‍ර දේවෙන්ද්‍රයා, සතර බ්‍රහ්ම රාජයන්, ශ්‍රී නාථ දෙවිඳුන් ඇතුළු සියලුම දෙවිවරුන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි සිතින් පතන්න..


#ඉරු

irusewaya@gmail.com.
077 22 38041

Saturday, October 1, 2016

 “ මතු බුදු වන පත්තිනි මෑණියන් “

පත්තිනි මෑණියන් මතු බුදු බව පතන උතුම් වූ දේව මෑණියන් කෙනෙකි. පතිවෘතතා බෙලෙන් හාස්කම් පෑ යහපත් ගුණවත් කෙනෙකි.

නාග පත්තිනි, මල් පත්තිනි, ජල පත්තිනි යනාදි වශයෙන් පත්තිනි මණ්ඩලය සත් පත්තිනි මෑණිවරුන්ගෙන් සමන්විතය.

පත්තිනි දේව මෑණියන් වැඩි උසක් නැති පිරිපුන් දේවතාවියකි.
( එය එසේ වුවද දෙවිවරු දැක ගැනීමේ උවමනාවෙන් භාවනා කරන අයට දර්ශනය වීමේදී විශාලව පෙනීම සාමාන්‍ය ලෙස සිදුවේ)

මෙතුමියගේ බුදු වන ආත්ම භවයෙදි, එනම් ඒ ශාසනයෙදි විශේෂ වශයෙන් ලොව ප්‍රසිද්ධ එක් ආගමක බොහෝමයක් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා ඇති කරගනී.
ලංකාවේද වෙනත් නම් වලින් ඇති දේවස්ථාන වලද සැබෑවට වන්දනාව කරන්නේ මෙම දේව මෑණියන්ටය.
( එම දේවස්ථාන වල ඉතිහාසය සෙවූ විට ඒවා පත්තිනි මෑණියන්ට වන්දනාමාන කල තැන් බව සොයාගත හැක. දෙවියන් වෙනස් වී නැත. විශ්වාසයන් පමණක් වෙනස් වී ඇත)

බොහෝදෙනෙක්ගේ ප්‍රශ්නයක් වන්නේ, අර දෙවියන් බුද්ධාගමේද ? හින්දු ආගමේද ? ඒනිසා වැන්දාට කමක් නැද්ද යනාදි වශයෙනි..

ඔබ දැනගත යුත්තේ සියලු දෙවිවරු දහමට අනුව සිටින බවය. දෙවිවරුන්ගේ අවබෝධ ශක්තිය ඉහලය. වැටහෙන නුවණ වැඩිය. එනිසා කුමන දෘෂ්ටියක සිටියද අයහපතට දෙවිවරු ආශිර්වාද කරන්නේ නැත.
තම තමන් විසින් කුමන ආගමේ සිටියද නිවරදිව ජිවිතය ගත කල යුත්තේ එබැවිනි.

නිවරදි ශ්‍රද්ධාවෙන් පින්කම් කරන්න. කරන පින්කම් පත්තිනි මෑණියන් ඇතුළු සියලු පත්තිනි මණ්ඩලයට, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට ලැබේවායි ! පතන්න..

ඔබටද ආශිර්වාද ලැබෙනු ඇත !

#සත්හටසෙත්පතනඉරු


irusewaya@gmail.com.
077 22 38041