Wednesday, June 17, 2015

ග්‍රහලොව සෙන්පති කුජ හෙවත් අඟහරු, ඊයේ(16) වෘෂභ රාශියේ සිට මිථුන රාශියට සංක්‍රමණය විය.

මිථුන රාශියේ ඊයේ සිට ග්‍රහලොව පියාවන රවි ග්‍රහයාද සිටියි. ඒ අනුව රවි - කුජ යෝගය ඇතිවේ.

මෙම මාරුව පොදුවේ සුභ පල ලෙස අපේක්ෂිත වන්නේ,  3වැන්නට කුජ පැමිණෙන මේෂ ලග්නයට, 6 වැන්නට පැමිණෙන මකර ලග්නයට, 10 වැන්නට පැමිණෙන කන්‍යා ලග්නයට සහ 11 වැන්නට පැමිණෙන සිංහ ලග්න හිමියන්ටයි.

* මේ කාලයේ ඇස් රෝග සහ උණ රෝග ආදිය පැතිර යාමේ අවදානමක් පවති. එනිසා සැමදෙනා විසින් සිය සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වීම මැනවි.
* හදිසි අනතුරු, රිය අනතුරු ආදියද වීමේ අවදානමක් පවති.

* මැතිවරණ උණුසුම දැඩි වන මේ කාලයේ අලුත් දේශපාලන පක්ෂ ඇතිවන්නටද හැකියාව පවති.
වෙනදාට වඩා සන්නිවේදන කටයුතු වැඩිවනු ඇත.
*දේශපාලනේ ගැටළු, වියවුල් ආදිය ඇතිවිමට හේතුයි.

* පවතින රජයේ ඇතැම් කටයුතු යහපත් සිතින් කලත් විවේචනයට ලක්වීමට ඉඩ ඇත. එසේ වුවද කුජ මාරුව පවතින රජයට වාසිදායක බව කල්පනා කිරීමේදි අපට සිතේ.
* රජය විසුරුවන තෙක් පාර්ලිමේන්තුවේ දැන් පරිදිම උණුසුම් තත්ව ඇතිවනු ඇත. විපක්ෂයේ බලය යම්තාක් දුරකට ගිලිහෙන්නට ඉඩ වැඩිය.

*සිදුවුනු රවි මාරුව සහ ඉදිරියේදි සිදුවන ගුරු මාරුව සමග සංසන්දනාත්මකව විශ්ලේෂණය කිරිමේදි ක්‍රමිකව රටට වෙනදාට වඩා යහපත් කාලයක් උදාවනු ඇති බව අපගේ හැඟීමයි.

ඒනිසා යහපත්ව තම කටයුතු කිරීම මැනවි !










Tuesday, June 16, 2015

රවි මාරුව - ජුනි 15 සිට

සෞරග්‍රහ මණ්ඩලයේ පියා හෙවත් රවි ග්‍රහයා ජුනි 15 වන දින වෘෂභ රාශියෙන් ඉවත්ව මිථුන රාශිගත වෙයි.  ඒ සම්බන්ධව ලග්න වලට බලපාන ආකාරය ගැන විස්තරයක් මෙසේය.


● මේෂ
3 වැන්නට රවි පැමිණීම සියලුම මේෂ ලග්න අයට හොදයි.
ඉගෙනීමේ කටයුතු වර්ධනය වීමටත්, අලුත් දේවල් සම්බන්ධව ඉගෙන ගැනීමටත් සිත පහල වෙයි. රසායන විද්‍යාව ගැන කටයුතු කරන අයට හොදයි. වරදක් නැහැ.

● වෘෂභ
2 වැන්නට රවි පැමිණීම ඉතාම හොද ග්‍රහමාරුවකි.
තමාගේ එදිනෙදා කටයුතු දියුණු තියුණු වෙයි. පිටරටක මුදල් ආයෝජනය කිරිමට පුලුවන්. එසේම කේන්ති යෑම පාලනය කරගත යුතුයි. භූමි ලාභ සම්බන්ධව ශුභදායක තත්වයක් ඇති කරනු ලබයි.

● මිථුන
1 වැන්නට/ ලග්නයට පැමිණීම යහපත්ය.
ලග්නයට පැමිණෙන රවි ඔබගේ ආර්ථිකය කෙසේ වෙතත් අධ්‍යාපනික කටයුතු හොඳ මාවතකට ගනියි. එසේම වාසනාව දියුණුව ඇතිවෙයි. ඇස් රෝග වලින් පරිස්සම් වන්න.

● කටක
12 වැන්නට රවි පැමීණිම එතරම් යහපත් නැත.
විය පැහැදම් අධික වනු ඇත. නිස්කාරණ ගමන් බිමන් වලින් ආර්ථික කටයුතු අඩාල වීමට ඉඩ ඇත. එසේම ඔබගේ දියුණුව සම්බන්ධයෙන් කැපවී වැඩ කරන්න. නීතිමය ගැටළු මතුවීමේ අවධානමක්ද ඇත.

● සිංහ
රවි 11ට පැමිණීම ඉතා හොදයි.
කෝටියක් දෝෂ භංග වෙයි. ආදායම් තත්ව වල දියුණුව ඇතිවේ. විශේෂයෙන්ම ඔබගේ උසස් පෙලේ මිත්‍රයන් නිසා ඔබගේ දියුණුවට යම් උදව් උපකාර ලැබෙයි. වාසනාවන්ත සතියකි. ග්‍රහමය පැත්තෙන් හොද රැකවරණයක් ලැබෙයි.

● කන්‍යා
10 වැන්නට රවි පැමිණීම සුභයි.
රැකියාව දියුණු වෙයි. ඔබට උසස් වීම් ලැබේ. වෙලද ව්‍යාපාරික කටයුතු වලදි බුද්ධියෙන් කටයුතු කලහොත් යහපත් ලෙස තවත් දියුණු වීමට පුලුවන්. විදේශ ගතවීමේ හැකියාවක්ද පවති.

● තුලා
9 වැන්නට රවි පැමිණීම සුබයි.
ඔබට විදෙස් ගමන් ඇතිවෙයි. පිටපලාත් වල කරන ගනුදෙනු හේතුවෙන් දියුණුව ඇතිවෙයි. ඔබගේ යහළු මිත්‍රයන් නිසා ඔබට වාසනාවන්ත කාලයක් ඇතිවෙයි. ඉගෙන ගන්නා දුවාදරුවන්ට බොහෝම හොදයි. ඔබට කෙසේ වෙතත් ජයග්‍රහණ හිමි වෙයි.

● වෘශ්චික
8 වැන්නට රවි පැමිණීම එතරම් යහපත් නැත.
රවිගේ මාරුව එතරම් හොද නැහැ. උෂ්ණාධික රෝගාබාධ වලට හේතුයි. සමහරවිට යම් යම් අනතුරු කරදර වලට මුහුණ පෑමට පුලුවන්. වෘශ්චික ලග්න කුඩා දරුවන් එවන් අනතුරු වලින් පරිස්සම් කරගැනීම හොදයි (ගින්නෙන්, විදුලියෙන්), උෂ්ණාධික රෝගාබාධ, බඩේ අමාරු, අක්ෂි රෝග ආදියෙන් පරිස්සම් වන්න.

● ධනු
7 වැන්නට රවි පැමිණීම සමඵලයි.
මෙම ග්‍රහ මාරුව සමග ඥාන ශක්තිය දියුණු වෙයි. නමුත් විවාහ ජිවිත ගත කරන අයට එය එතරම් හොද නැහැ. අඹුසැමියන් අතර යම් යම් මතභේදාත්මක දේවල් මතුවිමට පුලුවන්. එසේම හවුල්කාරයන් අතර යම් යම් ප්‍රශ්න ඇතිවීමට පුලුවන්. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

● මකර
6 වැන්නට රවි පැමිණීම සතුරන් පරාජය කරයි.
සතුරු කරදර රවි 6ට පැමිණිමෙන් ධූරිභූත වෙයි. එසේම බාධක කරදර අවම වෙයි. සතුරන් පරාජය වෙයි. ආර්ථික තත්වයේ මෙතෙක් තිබුනු බාධක වෙයි. ඔබට විරුද්ධව කටයුතු කල සියලුම දෙනාගේ උත්සහයන් ව්‍යර්ථ වෙයි.

●  කුම්භ
5 වැන්නට රවි පැමිණිම හොදයි.
රවි මාරුවෙන් ඥාන ශක්තිය දියුණු වෙයි. ඉගෙන ගන්නා දරුවන්ට හොදයි. ගරු සම්මාන ලැබෙයි. තරඟ විභාග ආදියෙන් ජය ලැබෙයි. බොහෝසෙයින්ම වාසනාවන්ත තත්ව ඇතිවෙයි. ගැටළු සහගත තත්වයන් එන්නේ නැහැ.

●  මීන
4 වැන්නට රවි පැමිණීම හොදයි.
හොදයි. ඥාන ශක්තිය දියුණු වෙයි. කරන කියන කටයුතු වලට අවහිරදා මතුවන්නේ නැහැ. ඉගෙන ගන්නා දරුවන්ට හොදයි. ඔවුන්ටද තරග විභාග ආදිය ජයග්‍රහණයට මෙන්ම අලුත් දේවල් ඉගෙන ගැනීමටද මෙමගින් හැකිවෙයි. එසේම විදේශ ශිෂ්‍යත්ව පවා ලැබිමට හැකියාව වැඩියි. හොද කාලයකි.

Sunday, June 14, 2015

සතියේ ලග්න පලාපලය - ජුනි 15 සිට

● මේෂ
සුබ සතියකි.
ඔබට මේ සතියෙදි ආර්ථික තත්වය දියුණු කරගැනීමට මාහැගි වාසනාව උදාවෙයි. ඒ ආකාරයට බලන කල, ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නියුතු, විදෙස් රැකියා වල නියුතු අයට එසේම උසස් රැකියා කරන අයට බෙහෙවින් ශුභයි. එසේම භූමිය සම්බන්ධව තිබු ආරවුලක් විසදා ගැනීමටත් පුලුවන්.
ගෘහ ජිවිතය බොහෝ සතුටින් ගත කරන සතියකි. දුවාදරුවන් සහ පවුලේ සියලුම ඥාතින් සමග සතුටින් සිටිමට පුලුවන්. එසේම නිවසට නෑදෑ හිතමිතුරන් පැමිණෙන කාලයක්. දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ වැඩ වලට කැපවීමට සිත් පහල වෙයි.
රෝගාබාධ ලෙස, සෙම් අමාරු සහ සෙම් ගෙඩි වැඩි අසනීප දක්නට ලැබේ.

● වෘෂභ
ඉතාමත්ම සුභ සතියක්.
ලග්නයේ සදු උච්ච වන මේ සතියෙදි ඔබ නිරන්තරයෙන්ම ජනප්‍රිය වීමට ඉඩකඩ වැඩියි. එසේම වාසනාවන්ත ආකාරයට ව්‍යාපාරික කටයුතු කෙරෙනවා. නව ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරිමට මේ සතියෙදි පුලුවන්. උදව් උපකාරද ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රියමනාපයි. අවිවාහක අයට මංගල යෝග උදාවෙන අතර, විවාහක අයගේ අඹුසැමි ප්‍රේමය ශක්තිමත් වන අතර, සහකාර බන්ධනයද ඉතාම දැඩිව අවශ්‍ය වන බව කිව යුතුය.
සෙම් අමාරුව ආදි අසනීප ඇතිවෙයි.

● මිථුන
මිශ්‍රඵල සතියකි.
සතියේ මුල් දවස් 2-3 තුල තරමක අවිවේකි භාවය ආර්ථික තත්වයට හානිවෙයි. සමහරවිට බලාපොරොත්තු නොවු මුදලක් ඔබ අතින් නිස්කාරණේ වැයවීමට පුලුවන්. ණයට ගැනීම හෝ ණය දීම සතියේ මුල් දින කීපයෙදි නොකරන්න. ඒ ගැන කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය තරමක් අවිවේකී භාවය නිසා යම් යම් ගැටළු මතුවිමට හේතුයි. නමුත් ඒවා දුරදිග යන ප්‍රශ්න නොවේ. වරදක් නැහැ.
සෞඛ්‍ය තත්වයේ නම් පාද වල ආබාධ වේදනා සදහන් කල හැක.

● කටක
හොද සතියක්.
විශේෂයෙන්ම ලග්නාධිපති උච්ච වෙන මෙම කාලයෙදි ධන සම්පත් ඉබේ මෙන් පහල වෙයි. කරන කියන වැඩ කටයුතු සාර්ථක වන අතර, හවුල් ව්‍යාපාරද සාර්ථක වෙයි. ඔබට ජයග්‍රාහී මානසිකත්වයක් සමග පෙරට යෑමේ හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තරමක කේන්ති යෑමට පුලුවන්. ඔබට අරියාදු කල අයට, කිසි සමාවක් නොදෙන තත්වයක් පෙන්වයි. ඔබගේ දියුණුවට යම් යම් වාසනාවන්ත දෑ සිද්ධ වෙයි.
සෞඛ්‍ය තත්වය, සතිය අගදී පාද වල ආබාධ සහ නිදන්ගත රෝග ඇති අය එ ගැන කල්පනාකාරි විම මැනවි.

● සිංහ
ඔබට මේ සතිය ඉතාම ශුභ සතියකි.
විදේශ රැකියා වල නියුතු අයට, ආහාරපාන අලෙවිය සම්බන්ධව කටයුතු කරන අයට සහ සියලුම ව්‍යාපාරික භවතුන්ට ඉතාම සුභ සතියකි. ණය තුරුස් අය වන අතර තමාගේ කටයුතු දියුණු කරගැනීමට බාහිරින් උදව් උපකාර ලැබෙනවා ඇත. හොදයි.
ගෙදර දොර ජිවිතය ඉතාම ප්‍රීතිමත් වන අතර, අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. එසේම සතිය මැදදී යාළු මිත්‍රයන් ආශ්‍රය වැඩිවෙයි. සතිය අගදී දුර බැහැර ගමනක් බිමනක් යෑමට හේතු වෙයි.
සෞඛ්‍ය ගැටළු බෙහෙවින් බල නොපායි. පාද වල වේදනාව හෝ සෙම් අමාරු ගැන කල්පනාකාරි වන්න.

● කන්‍යා
හොඳ සතියක්.
විශේෂයෙන්ම ආදායම් මාර්ග වලට හොදයි. කලබලනොවි ඉවසා සිටියොත් එයින් දියුණු වීමට පුලුවන්. සතිය මැදදී යම් යම් ව්‍යාපාරික කටයුතු නිසා ලාභ ලබාගැනීමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගතවෙන අතර ආගමික භක්තිය වැඩිවෙයි. එසේම සතිය මැදදී දුර බැහැර ප්‍රදේශ වලට යෑමට සිදුවෙයි. මේ සතියේ ඔබට යම්කිසි දෙයක් කරගැනීමට හැකියි.
ලග්නයේ රාහු තැන්පත් වීමත්, සෙනසුරු 3 වැන්නේ සිටිමත් නිසා විටින් විට යම් රෝගාබාධ වලට ගොදුරු විය හැකි අතර එහෙයින් යම් ගැටළුවක් මතුවෙයි.

● තුලා
ඔබට මිශ්‍රපල සතියකි.
අප එසේ කියන්නේ සතිය ආරම්භයෙදි සඳු ග්‍රහයා 8 වැන්නේ තැන්පත් වීම නිසා යම් යම් මානසික චිත්ත පීඩන ඇතිවෙයි. ආර්ථිකයට එය යම් බලපෑමක් ඇති කරයි. නමුත් සතිය මැද වන විට මේ දෝෂ තත්වයන් පහවී ඔබට සෙත ශාන්තිය සතුට සලසයි. එයින් ගැටළුවක් නොමැත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. ඔබටද ආගමික අංශයේ වැඩ කටයුතු වලින් සිතට ප්‍රීතිය ගෙනදෙයි. නැතිබැරි දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කිරිමට හැකිවේ. ගමන් බිමන් අධික ස්වභාවයක් පෙන්වයි.
සෞඛ්‍ය පැත්තෙන් සතියේ මුල් කොටසෙදි යම් යම් ගැටළුකාරි තත්ව මතු වුවත් ඒවා එතරම් බල නොපායි.

● වෘශ්චික
සුභදායක සතියකි.
විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කරන අයට බොහෝම සුබයි. සතිය මැදදී යම් යම් පාඩු සිද්ධ විමට පුලුවන්. සතියේ මැද දවස් 2දි ණය ගැනීම හොද නැහැ. ගුප්ත අමනුෂ්‍ය කරදර වලින් ඔබගේ ව්‍යාපාරික තත්වයත්, ඔබගේ පෞරුෂයත් ආරක්ෂා කරගත යුතුයි. විශේෂ ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය වාසනාවන්තයි. ඉතාම හොදයි. ඔබ හිතන පතන සියලුම දේ ලබනවා. අවිවාහක අයගේ ප්‍රේම සබදතා ස්ථිර වෙනවා, වඩා වර්ධනය වෙනවා. මංගල යෝග යෙදේ.
සෞඛ්‍ය තත්වය නම් සතිය මැදදී සෙම් රෝග ජලය නිසා ඇති කරන රෝග ඇතිවෙනවා. පරිස්සම් වන්න.

● ධනු
සමඵල සතියකි.
සතිය මුල් කොටසෙදි ආර්ථික තත්වය දුර්වල වෙයි. ඔබ එක එක ණය තුරුස් සහ උපාය මාර්ගික උගුල් වලට හසුවිමේ ඉඩක් පවති - ඒවායින් ආරක්ෂා විය යුතුයි. ඔබගේ දියුණුව සැලසෙන්නේ ඒ ආකාරයට කටයුතු කිරිමෙන්.
ගෘහ ජිවිතය වාසනාවන්තව ගත කරන්නට පුලුවන්. ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා කරගත යුතුයි නැත්නම් ගෘහ ජිවිතයේ ගැටළු ඇතිවිය හැකියි. නැන්දලාගේ, මාමලාගේ හෝ නෑදැයන්ගේ කරදර වලට ඔබට මුහුණ දීමට හේතු විය හැකියි. සතිය මැදදි මංගල යෝග ඇතිවෙනවා. ස්ත්‍රි - පුරුෂ දෙපාර්ශවයටම කම්සැප විදිමේ මහගු යෝගයක් මේ කාලයෙදි ඇතිවෙනවා.
සෞඛ්‍ය තත්වයේ, යටි බඩ ආශ්‍රිත උදරාබාධ සෙම් රෝග, කකුල් කොන්දේ කැක්කුම් ඇතිවිමට හේතුයි.

● මකර
ඉතාම හොදයි.
හදිසි ධනලාභ, ස්විප් ආදියේ වාසනාවන්ත දිනුම් ලබාගැනිමට පුලුවන්. එසේම කරන කියන කටයුතු වල දියුණුව ඇතිවෙයි. හවුල්කාර ව්‍යාපාර කටයුතු ඉතා දියුණුවට පත්වන අතර, ස්වාමියා බිරිද හේතු කරගෙන මුදල් ඇතිවෙයි. විශ්වාසයෙන් කටයුතු කරන්න. හොද සතියක්.
ගෘහ ජිවිතය ඉතාම ශුභයි. දරුවන්ට ජයග්‍රහණ හිමිවන අතර, නිවස පුරාම ප්‍රීතිනාදය ඇතිවෙයි. නෑදෑයන් පැමිණෙයි. හොද සතියක්.
සෞඛ්‍ය තත්වය මධ්‍යස්ථයි. සතිය මැදදී ඔබට යම්කිසි සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් පිරිහිමක් දක්නට ලැබේ. පරිස්සම් වන්න.

● කුම්භ
ඉතාම හොද සතියක්.
ඉන්න හිටින තැන් දියුණු වෙනවා. ඔබ ඉතාම උනන්දුවෙන් උත්සහයෙන් වැඩ කලොත් මේ සතියේ බරපතල දැවැන්ත ආර්ථික දියුණුවක් හිමිකරගැනීමට පුලුවන්. භූමි ලාභ දේපල ලැබෙන සතියක්.
ගෘහ ජිවිතය හොදයි. ගෙදර පුරාම සතුට සමාදානය පැතිරෙනවා. ඔබගේ ආර්ථික තත්වය හොද නිසා දුර බැහැර ගමන් යාමට පුුලුවන්. දුවාදරුවන්ටද හොදයි. ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවෙන අතර, සතිය අගදි උදරාබාධයක් ගැන පරිස්සම් වන්න.

● මීන
ඉතාම ශුභ සතියක්.
තමාගේ වැඩ කටයුතු දියුණු වෙනවා. එසේම විදේශ රැකියා වල නියුතු අයටත්, සියලුම ව්‍යාපාරික කටයුතු කරන අයටත් එම කටයුතු සිදුවෙනවා, පිට පලාත් වල සංචාරය ඇතිවෙනවා. එයින් ලාභ ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. ඥාතින් නිවසට පැමිණෙනවා. එසේම අවිවාහක අයට මංගල යෝග උදාවෙනවා. ඉතාමත්ම සුපිරි වාසනාවන්ත සතියක්.
සෞඛ්‍ය තත්වය බොහොම හොදයි. තමන්ගේ තිබූ ආබාධ වැලකෙයි. නාසය සම්බන්ධ දේවල් වලදී ප්‍රවේසම් වන්න.

“ විස්කම් දෙව් පුත් “

විශ්වකර්ම දිව්‍ය රාජයා
( උපකල්පිත පින්තුරයකි)

Friday, June 12, 2015

ඉරු සේවය Face book Fan Page - 26 000 +

Iru Astrology/ඉරු සේවයට 26,000ක පාඨක පිරිසක් !

ස්තූතියි ඔබ සැමට !

‪#‎ඉරුසේවය‬


_________________

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

Tuesday, June 9, 2015

“ ගණ දෙවියන් “

ගනේශ්වර, ගණ දෙවියන්, ගණපති යනාදි බොහෝ නම් වලින් හඳුන්වන ගණ දෙවියන් ලෝක පාලක ඊශ්වර/ශිව හෙවත් මෙහෙසුරාණන්ගේ පුත්‍රයෙකි.

සියුම් බුද්ධියට අධිපතිකම කරන මෙම දෙවිදුන් අයුක්තියට අසාධාරණයට විරුද්ධව උදව් කරන දෙවි කෙනෙකි.

* මෙම දෙවිඳුන්ගේ ඇති විශේෂත්වයක් නම් මෙම දෙවියන්ගෙන් ආශිර්වාද ගැනීමට පහනක් හෝ සිතිවිල්ලකින් හෝ වන්දනාමාන කිරීමට නිසි වේලාවක් නොමැති වීමයි - එනම් ඕනෑම මොහොතක පිහිට ඉල්ලා සිටිය හැක. බොහෝ අවස්ථාවල දිශාවක්ද නැත.

* ඊශ්වර දෙවියන් විසින් ලංකාව 3ට බෙදා පුතුන් 3නාට භාරදී ඇති බව දේව පුරාණයේ සඳහන් වන අතර ගණ දෙවියන්ට උතුරු ප්‍රදේශය භාර වී ඇත.

*** යම් යම් පිරිස් ගණ දෙවියන්ගේ නිර්මිත රූප, පිළිම යනාදිය භාවිත කරමින් වෙනම ව්‍යාපාර වල නිරත වී සිටින අතර, ඒවා හුදෙක් මඩි තර කරගන්නා ව්‍යාපාර බව අවධාරණය කරමු.
ඒවායින් ලැබෙන පිහිටක්ද නැත.
ගණ දෙවිඳුන්ට අවශ්‍ය වන්නේ කරන පින්කම් අනුමෝදන් කිරීමය.
(මෙහිදි දෙවියන් අප පින් දෙන තුරු බලාගෙන සිටිනවා කියා වැරදි අවබෝධ ඇතිකර නොගන්න. දේවත්වයට පත්වන්නේ අදාල කර්ම ශක්තිය නිසාය, අප ලබාදෙන පින් නිසා එම තත්වය තවත් දියුණු වන්නට පුලුවන)

ගණ දෙවියන් මාකටින් කරන අය ගැන අපෙන් අසන බොහෝදෙනෙක්ගේ ගැටළුව වන්නේ එවන් වංචාකාරයින්ට දෙවියන් දඬුවම් නොකරන්නේ ඇයි කියලාය..
දෙවියන් කිසිවෙකුගේ කර්ම ශක්තිය වෙනස් කරන්නට උත්සහ ගන්නේ නැත.

වංචා සහගතව එම ක්‍රියාව කරන අය අද මහ ධනවතුන් වී සිටියද යම් කාලයකදී පෙර කල පින් අවසන් වූ විට විපාක විඳිනු ඇත.

හරි කාලයෙදි හොඳින් සිටිමෙන් නරක කාල වලදි ඇතින කරදර වලදි දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙන බව ඔබ අසා ඇතිවාට සැක නැත.
පව් කල අයට දෙවියන්ගේ ආශිර්වාදය නොලැබේ.

* දෙවිවරුන් පූජා වට්ටියෙන්, පඬුරු වලින් මහා පරිමාණ මුදල් වියදම් කිරීමෙන් රැවටීමට නොහැක. දෙවිවරුන්ගේ අධ්‍යාත්මික ගුණය ඉහලය.

එනිසා දහමට අනුව නිසිලෙස කටයුතු කරමින් ජිවිතය සතුටින් සංතෘප්තියෙන් විඳිමින් යහපත්ව සිටීම මැනවි !

තෙරුවන් සරණයි !

Saturday, June 6, 2015

පසුගිය සතිය පුරා සූක්ෂමව පරික්ෂා කල සියලුම පෙරොන්දම් ගැලපීම් සාර්ථකයි

අපගේ පොරොන්දම් බැලීම, 20 පොරොන්දමට සීමා නොවී විවාහයට අදාලව තවත් බොහෝ කරුණු වලට අදාලව එනම් කේන්දර ගැලපීම, දෙදෙනාගේ දැන් ගත වන ග්‍රහ දසා, ගෝචරයන්, ඉදිරියේදි ඇතිවන තත්වයන් යනාදිය මෙන්ම, දෙදෙනාගේ සබදතාවය ගැන මානුෂීය කරුණුද සහිතව කරන්නකි.

එමනිසා කේන්දර පරික්ෂා වලටත් වඩා අපට ලැබී ඇත්තේ පොරොන්දම් සහ විවාහයට අදාලව පරික්ෂාය.
අපට ලැබෙන සෑම පොරොන්දමක්ම සියල්ල ගැලපෙන්නේ නම් එය ඉතා වටිනා බව සිතමින් අප කටයුතු කරමු.
වෙනත් තැන් 10කට පමණ ගොස් එම සෑම තැනින්ම නොගැලපෙන බවද, මේ තරම් අපල තිබෙන අතර ඒවාට ශාන්ති කර්ම කල යුතු බවද නිර්දේශ කර තිබූ පොරොන්දම් විශාල සංඛ්‍යාවක් නිසි ලෙස කේන්දර සටහන් සාදා සූක්ෂමව පරික්ෂා කල කල සුළු දෝෂ මිස වෙනත් දෝෂ නැති බව අපට තහවුරු විය.

එසේම විවාහයකදී අප විශ්වාස කරන අන්දමට, පොරොන්දම් ගැලපීමට වඩා අත්‍යාවශ්‍ය වන්නේ දෙදෙනාගේ බැඳීමයි. එය සාර්ථකව සූක්ෂම පරික්ෂාවකින් විවාහයට සුදුසුදැයි නිවරදිවම කිව හැක.
සැබෑවට සතුට ලැබෙන්නෙ නිසි ලෙස කේන්දර සටහන් පරික්ෂා කර ඉන්පසු විවාහයට සුදුසු බව කියන්නට ලැබුනොත් පමණකි.....

‪#‎ඉරුසේවය‬

Tuesday, June 2, 2015

සතියේ ලග්න පලාපලය - ජුනි 2 සිට

●  මේෂ
සමඵලයි.
සතිය ආරම්භයෙදි ආර්ථික පැත්ත ගොඩක් වැටෙනවා. කරන කියන කටයුතු වලට බාධාව සහ ගැටළුව උපරිම ආකාරයට එනවා. ඒවගේම තමයි විශේෂයෙන්ම ඔයාගේ හවුල් ව්‍යාපාර වලට ප්‍රබල බාධක එනවා. මේ තත්වය හරියන්නේ සතිය මැදදී තමයි. සතිය අගදී ඉතාම හොද තත්වයකට පත් කරගන්න පුලුවනි මේ තත්වය. ප්‍රවේසමින් වැඩ කරන්න ඕන.
ගෘහ ජිවිතය හොදින් ගත කරන්න පුලුවන් වෙන්නෙ සතිය මැදින් පසුවයි. සතිය මුලදී දෙදෙනා අතර ආරවුල් ඇතිවෙන්න පුලුවන්. කල්පනාකාරිව කටයුතු කරන්න. සතිය අගදී පිටපලාතක සංචාරයක් තියෙනවා.
සෞඛ්‍ය තත්වය සතිය මුලදි පිරිහෙන්න පුලුවන්. සෙම් රෝග, ජලාශ්‍රිත රෝග ඒවගේම නිදන්ගත රෝග ඇති අයට ඒ සංකූලතා වැඩිවෙන්න පුලුවනි.

●  වෘෂභ
එතරම් සුබ නැහැ.
සතිය මුල පටන් ගන්නේ කරදර රාශියක් එක්කයි. එනිසා ප්‍රවේසම් වෙන්න ඕන. ඒවගේම තමයි හවුල් ව්‍යාපාර කරන අය ගොඩාක් කරදර වලට මුහුණ පාන්න පුලුවන්. ඒවගේම කරන කියන කටයුතු ආරවුල් ඇතිවෙන්න පුලුවන්.
ගෘහ ජිවිතයෙදි පරිස්සම් වෙන්න ඕනෙ. අඹුසැමි ගැටුම් ඇතිවෙන්න පුලුවන්. සතිය අගදී මේ තත්ව නැති වී යනවා.
සෞඛ්‍ය තත්වය, මානසික කායික සෞඛ්‍ය පිරිහෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන බලාගන්න.

●  මිථුන
සමඵලයි.
සතිය පටන් ගන්නේ සතුරු කරදර රාශියක් එක්කයි. විශේෂයෙන්ම සතුරු කරදර තියෙන අය ප්‍රවේසම් වෙන්න ඕනෙ. නැත්නම් තමන් නැති කරදර වලට මුහුණ පාන්ට පුුලුවන්. ඒවගේම විශේෂිත වශයෙන් ප්‍රශ්න ඇතිවෙන්නත් පුලුවන්. ඒ ගැන කල්පනා කරන්ට.
ගෘහ ජිවිතය ශුභාශුභ මධ්‍ය තත්වයේ යන්නෙ, සතිය මුල අග නරක නිසා අඹුසැමියන් අතර, දුවාදරුවන් අතරත් ගැටුම් ඇතිවෙන්ට පුලුවන්. ඒ ගැන විශේෂ අවධානයෙන් සිටින්න.
සෞඛ්‍ය ගැටළු බඩේ අමාරු ඇතිවෙන්න පුලුවන්.

●  කටක
සමඵලයි.
ලග්නාධිපති නීචව පටන් ගන්න මේ සතිය තුල ආර්ථික දියුණු කරගන්න එක හරි අමාරුයි. ඒකත් එක්කම නැති සතුරු කරදරයක් මතු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම වෙලහෙලදාමේ නියුතු අයටත්, විදෙස් රැකියා වල නියුතු අයටත් ප්‍රශ්න උපද්‍රව මතුවෙන්ට පුලුවන්. ඒ ගැන කල්පනා කරන්න.
ගෘහ ජිවිතය ටිකක් අවුල් වියවුල් ඇතිවෙන්න පුලුවන්. කරදර බාධක මැදින් තමයි යන්නෙ. දරුවන්ට පවුලේ අයට ලෙඩ රෝග ඇතිවෙන්න පුලුවන්. තමන්ටත් එහෙමයි. ඒ ගැන කල්පනා කල යුතුයි.
සෞඛ්‍ය තත්වය, බඩේ අමාරු සහ සෙම් කෝප වීම නිසා හටගන්නා රෝග තත්වත්, උණත් ප්‍රශ්න විය හැකියි.

●  සිංහ
සමඵලයි.
සතිය පටන් ගන්නේ ඒරාෂ්ඨක අපලයක් සිව් වැන්නෙ යෙදීමෙනි. එනිසා ආදායම් තත්ව වලට ගෙදරින්ම පොලු වැටෙනවා. ඒවගේම පවුලේ සාමාජිකයන් අතර රණ්ඩු දබර ඇතිවෙන්න පුලුවන්. සතියේ මුල් දවස් 2-3 තුල මේ තත්වය බලපානවා. ඉන්පසු මේවා නැති වෙනව.
ගෘහ ජිවිතය සාමාන්‍යයෙන් ගැටළුකාරියි. ප්‍රවේසම් වන්න. හැම කරදරයකින්ම පරිස්සම් වෙන්න ඕන.
සෞඛ්‍ය තත්වය සතිය අගදී උදරාබාධායක්, ස්නායු රෝග, හන්දිපත් කැක්කුම් ඇතිවෙන්න පුලුවන්.

●  කන්‍යා
සුභයි.
තමාගේ අප්‍රතිහත කැපවීම සහ උත්සහය නිසා මෙම සතිය තමාගේ වැඩ කටයුතු වලට හොදයි. ඒවගේම සතිය මැද සහ අග වෙනකොට ගොඩක් තමන්ගේ උත්සහයට ප්‍රතිඵල ලැබෙනවා. මුදල් ලැබෙනවා. අලුත් හවුල්කාරයෝ එනවා. කරන කියන කටයුතු දියුණු වෙනවා.
ගෙදර දොරේ ජිවිතය සතියේ මුල් දවස් 2 ප්‍රශ්න තිබුනත් ඒවා සතිය මැදදී පහවෙලා යනවා. ඒවගේම තමන්ට ප්‍රීතිය ගෙන දෙන දරුවන්ගෙ ජයග්‍රහණ සහ ගෙදර දොරේ යම්කිසි සිද්ධි නිසා ප්‍රමෝදයට පත් වෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, පපුවේ සෙම ඇති අය පරිස්සම් වන්න.

●   තුලා
ශුභයි.
දැඩි කැපවීමෙන් මහන්සියෙන් කටයුතු කලොත්, මෙම සතිය වාසනාවන්ත වේවි. පිටපලාත් වල රැකියා කරන අයට, විදෙස් රැකියා කරන අයට ඉතාම හොදයි.
ගෙදර දොරේ ජිවිතය ඉතාම යහපත්ව ගත වෙනවා. තමන් ගැන සමාජයේ හොද කතා වෙනවා. සතියේ අගදී ඥාති හිතවතෙකු නිවසට පැමිණීමක් හෝ ඔබ එහි යාමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය නරක නැහැ. උගුරේ සෙම ආදියෙන් පරිස්සම් වන්න.

●  වෘශ්චික
සමඵලයි.
ලග්න ඒරාෂ්ඨකයක් සමග ඇරඹුනත්, තමාගේ උත්සහයෙන් මේ හැමදේම වලක්වන්න පුලුවන්. කරදර බාධක දුරු වෙනවා. ඒවගේම ආරක්ෂාව සෙත සැලසෙනවා. කරදරයක් නැහැ.
ගෘහ ජිවිතය බොහොමත් ප්‍රීතියෙන් යුක්තව ගත වෙනවා. තමාගේ කටයුතු වලට නෑදෑයන්ගෙන් අතහිත ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය, නරක නැහැ. හිසේ කැක්කුම සහ මානසික ආතතියෙන් පරිස්සම් වන්න.

●   ධනු
සමඵලයි.
සතිය මුලදී ධන හානි, ණය තුරුස් වීම් ඒවා වලට පැටලී කරදරයේ වැටීම් ආදිය සිද්ධ වෙන්න පුලුවන්. සතිය මැදදී මෙම තත්වය පහ වෙනවා. කරන කියන කටයුතු වලට බාධක නැහැ. මුදල් ලාභ ඇතිවෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරන්න පුලුවන් වෙන්නෙ, සතිය මැදදී. පිට පලාත් වලට යෑම, දුවාදරුවන් සමග සතුටින් සිටිමට අවස්ථාව ලැබෙනවා.
සෞඛ්‍ය තත්වයේ සෙම් කෝප වීම සහ ඇඟපත අමාරු මේ අතර ප්‍රධානයි.

●   මකර
සමඵල සතියකි.
මේ සතියේදි දැවැන්ත ආකාරයෙන් ආර්ථික පාඩු වීමට පුලුවන්. තමන් ඇසුරු කරන අය නිසා තමන්ට පාඩු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඥාතින්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ඔවුන් ගෙදරට ආවොත් ආර්ථික හානියක් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. වෙළද ව්‍යාපාර පාඩු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ගෘහ ජිවිතය ස්වාමි භාර්යා අතර ගැටළුකාරි තත්ව මතු වෙන්න පුලුවන්. අඹුසැමි සමගියට බාධක ඇතිවෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය අයහපත් විය හැකියි. විශේෂයෙන්ම රෝග පීඩා ඇති අය ප්‍රවේසම් විය යුතුයි. නිදන්ගත රෝග ඇති අයත් එහෙමයි.

●   කුම්භ
මේ සතිය හොදයි.
ඔබට විශේෂයෙන්ම සතියේ මුල් දවස් 2-3 පාඩු සිද්ධ වෙන්න පුලුවනි. සමහරවිට උපතේදි සෙනසුරු බලවත් නම් මහා පරිමාණයෙන් ලාභ ප්‍රයෝජනත් ලැබෙන්න ඉඩ තියෙනවා. එසේම සතිය මැදදී හිතවතෙක්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. කෙසේ වෙතත් භාග්‍යවන්තව සිටිමට වාසනාව ලැබෙනවා. ගෙදරට අමුත්තෙක් එන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ලොකු ගැටළුවක් නැහැ. හන්දිපත් වේදනාව ගැන කල්පනාකාරි වන්න.

●  මීන
සමඵලයි.
සතිය මුල යම් බාධක තිබුනත් සතිය මැදදී යහපත් දේ බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඔබට රැකියාව වෙනුවෙන් කැපවීම් කරන්ට වෙනවා. පිට පලාත් වල යෑමට ඉඩ තියෙනවා. විදෙස් රැකියා කරන අයට හොදයි. පඩි වැඩිවීම් බලාපොරොත්තු විය හැකිය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. ලොකු වරදකුත් නැහැ. නරකකුත් නැහැ. සතිය අගදී සංචාරයක් යන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ, ප්‍රබල ගැටළු නැහැ. සෙම් අමාරු සහ මානසික පීඩාවන් පාලනය කරගන්න.












Monday, June 1, 2015

මතු බුදු බව පතන ‪‎සුමනසමන්‬ දෙව් මහ රජ !

විවිධාකාර ජනප්‍රවාද කතා මෙම දෙවියන් ගැනද ලියැවී ඇත.
සිල්වතු ගුණවත් යහපත් අයට උදව් කරන සුපින්වත් දෙවි කෙනෙකි.

‪#‎ඉරුසේවය‬