Thursday, May 8, 2014

_ නිවසේ අඹුසැමියන් දෙදෙනාගේ ප්‍රීතිය ප්‍රමෝදය වැඩිකරගැනීමට ඉතාම බලවත් රහසක් හා තවත් කරුණු _

නිදන කාමරයේ සැලැස්ම,

● අඹුසැමි ප්‍රීතිය නිතැතින්ම ඇතිවන්නේ නිදන කාමරයේ බව නොරහසකි.
මෙම කාමරයේ ඇති විචිත්‍ර බව, අලංකාරය සහ පිරිසිදු බව වාතාශ්‍රය ඇතුළු වීම සහ පිටවීම ඉතාමත් වැදගත් කාරණා අතර ප්‍රධාන වේ.

එම නිසා මේ ආකාරයට තිබිය යුතුය.

* නිවසක නිරිත දිශාවට වන්න, ප්‍රධාන නිදන කාමරය ස්ථානගත කල හැකි නම් යහපති.
* සයනයේ හිස දමන දිශාව, නැගෙනහිර හෝ උතුර නම් හුඟාක් හොඳයි.
* නිදන කාමරයේ බොහෝ අය කණ්ණාඩියක් තබනවා එය සුදුසු නෑ.
* සජීවි මල් පැලයක් කුඩා පෝච්චියක තබා නිදන කාමරයේ තැබීම යහපත් වේ.
* කුඩා දරුවන්ගේ ඡායාරූප හෝ පින්තුර එල්ලා තැබීම ඉතාම හොඳයි.
* එසේම ගැබිණි මාතාවන්ට, උදව් උපකාර කිරිම, සංග්‍රහ කිරිම, කිරිදෙන මව්වරුන්ට සංග්‍රහ කිරිම, කුඩා දරුවන්ට තෑගිබෝග දී සතුටු කිරිම දරුඵල කඩිනම් කිරිමට හේතු කරගත හැක.

මේ ලිපි හා බැඳේ,

https://www.facebook.com/photo.php?fbid=224073227787689&set

https://www.facebook.com/photo.php?fbid=225264491001896&set

https://www.facebook.com/photo.php?fbid=230781013783577&set

Iru Astrology

Iru Sewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා වෙනුවෙන් පලදින “ පුෂ්පරාග මැණික “


පුෂ්පරාග මැණිකෙන් ධනවත් වීම සහ සෞභාග්‍යමත් වීම අදහස් කෙරේ.

දෛව අංකය අනුව අංක 3 අයත් වන්නේ ගුරුටය. ඒ අනුව දෛව අංකයට අනුව වාසනාව ලබාගැනීම සඳහා පැළදිය යුතු වන්නේද පුෂ්පරාගයයි.

ඔබගේ දෛව අංකය සොයාගන්නෙ කෙසේද ?
https://www.facebook.com/photo.php?fbid=215172638677748&set

දෛව අංකය අනුව වාසනාව ගෙන ඒම පිණිස පැලදිය යුතු වන මැණික කුමක්ද ?
https://www.facebook.com/photo.php?fbid=216038605257818&set

මැණික් 9ම සහිතව අති විශේෂ ආකාරයකට නිම කරන අපගේ සේවයේ “ නවරත්න මුදුව “
https://www.facebook.com/photo.php?fbid=222684414593237&set

Iru Astrology
#Irusewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Tuesday, May 6, 2014

සතියේ ලග්න පලාපලය - (මැයි 5 සිට ඉදිරියට)

මේෂ
ශුභාශුභ පල අපේක්ෂිතය.
ආදායම් ලැබුනද වියදම ඊට වැඩිවිය හැකි කාලයකි. පවුලේ කටයුතු වෙනුවෙන් මුදල් වැයවනු ඇත. කෘෂිකාර්මික කටයුතු කරන්නේ නම් සුබයි. ආදායම් මාර්ග කීපයක් ඇති කරගන්නා කාලයකි. ව්‍යාපාර කරන අයටද සුබයි.
නව රැකියා අවස්ථා උදාවේ. රැකියාවේ කටයුතු වලදි සිතා බලා බුද්ධියෙන් කටයුතු කරන්න. කාර්යබහුල වේ.
පවුලේ සමගිය රැකේ. මංගල යෝග ඇතිවේ.

වෘෂභ
ශුභාශුභ පල අපේක්ෂිතය.
වියදමට සරිලන ලෙස මුදල් ලැබේ. අවශ්‍ය වූ විට ධනය ලැබේ. ගෙදර කටයුතු වෙනුවෙන් මුදල් වැය වේ. ව්‍යාපාර කරන අයට සුබයි.
රැකියාවේ වෙනස්විම් ඇතැම්විට ලැබිය හැක. රැකියාවේදි බාධා ඇතිවිමට ඉඩ ඇත. බාධා නිසාම කරන කටයුතු සපල කරගන්නා කාලයකි.
විදෙස්ගත විය හැකි කාලයකි.
දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් කැපවිය යුතු කාලයකි. බාධා ඇතිවේ. පෙම් සබදතා වලට නව අවස්ථා උදාවේ. මංගල යෝග යෙදේ. පවුල් ජිවිතයේ කටයුතු වලදි බුද්ධියෙන් කටයුතු කල යුතුමය.
උෂ්ණාධික රෝග, උදරාබාධ ගැන සැලකිලිමත් වන්න.

මිථුන
ශුභාශුභ පල අපේක්ෂිතය.
මුදල් සම්බන්ධ අපහසුකම් ඇතිවේ. ණය වීම ආදියට පවා ඉඩ ඇත. බුද්ධිමත් වන්න. ණය වී ඇත්නම් ගැටළු ඇතිවිය හැක. ව්‍යාපාර වලටද යම් බාධා තත්වයන් ඇතිවේ.
රැකියාවටද බාධා ඇතිවන කාලයකි. තමාගේ යුතුකම් වගකිම් නිසිව කිරිමට කටයුතු කරන්න. පවුලේ අය වෙනුවෙන් කැපවන කාලයකි.
අන් අය ඕනවට වඩා විශ්වාස නොකරන්න.
පෙම් සබදතා වලටද විවිධ බාධා ඇතිවේ. සතුට ලබාගැනිමට ඉවසන්න. මංගල යෝග ඇතිවන කාලයකි.
සෙම් රෝග, උදරය ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

කටක
විවිධ බාධා ඇතිවන සතියකි.
ආදායම් ලැබුනද සිතට සතුට අඩුවිය හැක. අලංකරණ කටයුතු වල නිරත අයට වාසිදායක කාලයකි. ව්‍යාපාර කරන අය ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කල යුතු කාලයකි.
රැකියාවේ බාධා ඇතිවිම ගතවන මහ දසා අනුව වෙනස්විය හැක.
ආවේගශීලි නොවි කටයුතු කල යුතු සතියකි. කලබලයට තීරණ නොගන්න. මංගල යෝග ඇතිවන කාලයකි.
ආගම දහමට සිත බරවන කාලයකි. දුර ගමන් යෙදේ.
රෝග තත්වයන් ගැන අවදානමත් වන්න.

සිංහ
මිශ්‍රපල අපේක්ෂිත සතියකි.
වෙනදාට වඩා වෙහෙසීමෙන් ආර්ථිකය සාර්ථක කරගත හැකිවනු ඇත. සිතා සිටි ආර්ථික වාසි ලැබේ. වියදම්ද අධික විය හැක.
රැකියා අවස්ථා උදාවන කාලයකි. රැකියාවේ කරදර බාධක දුරුවනු ඇත. කලා කටයුතු වල නිරත අයට සුබයි.
දුර ගමන් යෙදෙන කාලයකි. වචන භාවිතයෙදි හිතවත් අය අමනාප නොකරගැනිමට කටයුතු කරන්න. විනෝද අවස්ථා මෙන්ම, වන්දනා අවස්ථාද යෙදේ
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

කන්‍යා
බාධා, දුෂ්කරතා ඇතිවිමට ඉඩ ඇත.
වියදම් අධික වන කාලයකි. ආදායම් මාර්ග දුර්වල විය හැක. නව ව්‍යාපාර වලට යොමුවිමෙදි සැලකිලිමත් වන්න. අනවශ්‍ය දේට වියදම් නොකරන්න. බුද්ධියෙන් කටයුතු කිරිම අනිවාර්ය වේ.
රැකියාවටද විවිධ බාධා යෙදෙනු ඇත. රැකියාවේ දියුණුව පිණිස දැඩි කැපවීමක් අත්‍යාවශ්‍ය කාලයකි.
සිතේ කලකිරිම ඇතිවන කාලයකි. කරන කටයුතු වල දුර්වලතා ඇතිවේ. හිතවතුන් දුරස් විය හැක. පවුලේ සමගිය වෙනුවෙන් වෙනදාට වඩා කැපවිමට සිදුවනු ඇත. සිතා බලා කටයුතු කරන්න. සතුරු බාධා ඇතිවිය හැක.

තුලා
විවිධ බාධා යෙදෙන සතියකි.
මුදල් යෙදවීම් ආදිය කිරිමෙදි සැලකිලිමත් විය යුතු සතියකි. වියදම් නිෂ්ඵල ලෙස වන බවක් පෙනෙන නිසා බුද්ධියෙන් කටයුතු කරන්න. ආර්ථිකයට බාධා ඇතිවේ. දේපල ආදියද පරිස්සම් කරගැනිමට කටයුතු කරන්න.
රැකියාවට බාධා පෙන්වයි. ඉවසිමෙන් කටයුතු කරන්න. තම වගකීම නිසිලෙස ඉටු කරන්න. නව රැකියා අවස්ථා උදා නොවන බවක් පෙනේ.
කලබලයට ගන්නා තීරණ වලින් ගැටළු මතුවිය හැක.
හිතවතුන් නෑයන් සමග කටයුතු වලින් ගැටළු ඇතිවිමට ඉඩ ඇත. පවුලේ සමගිය වෙනුවෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.

වෘශ්චික
ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික මාර්ගයන්ට එතරම් සුබ නැත. මුදල් ගනුදෙනු වලදි ඉතා පරිස්සම් වන්න. අනවශ්‍ය ගමන් යෙදිමට ඉඩ ඇත, එසේම ඒ කාලයේදි අනවශ්‍ය වියදම් ඇතිවිය හැක. හිතවත් අය වෙනුවෙන් වියදම් ඇතිවිය හැක. ආගමික කටයුතු වලට පවා වියදම් යෙදේ.
රැකියාවේ දියුණුව යම් තරමක් අපේක්ෂිතය. නව රැකියා ලැබේ. අධ්‍යාපන කටයුතු වලට සුබයි.
සිතේ ගැටළු, කලකිරිම් ඇතිවන කාලයකි. බාහිර අයගේ කටයුතු නිසා තම ජිවිතය ගැන අනවශ්‍ය තීරණ නොගන්න. බුද්මිත් වන්න. ආගම දහමට සිත නැඹුරු වේ. අලංකරණ කටයුතු වලටද කාලය ඇතිවේ.
දෙඅත්, දෙපා පරිස්සම් කරගන්න.

ධනු
මිශ්‍රපල අපේක්ෂිත සතියකි.
ආර්ථිකය සරු වන සතියකි. නව ආදායම් උදාවන සතියකි. ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වලට සුබ කාලයකි. ලාභ ඇතිවිය හැක. වියදම් ආදියද අධික වන නිසා සිතා බලා කටයුතු කරන්න.
රැකියාවේ බාධා ඇතිවිය හැක. ස්ථාන මාරු ඇතිවිමට ඉඩ ඇත. විදෙස්ගතවිම් අපේක්ෂිතය. නව රැකියා ලැබිය හැක.
මංගල යෝග යෙදේ. හොද මිතුරන් ලැබේ. ඉවසීමද ප්‍රගුණ කරන්න. ආහාර නිසි වේලාවට ගන්න. සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න.

මකර
මිශ්‍රපල අපේක්ෂිත සතියකි.
ආර්ථිකයට යම් බාධා ඇතිවේ. එසේ වුවද කැපවීමෙන් කරන කටයුතු වලින් සුබ පල ලැබේ. බොහෝ වෙහෙසවීමට සිදුවනු ඇත. වියදම් ඇතිවන සතියකි.
තමාගේම රැකියා ව්‍යාපාර ආදියට යහපත් කාලයකි. නව රැකියා අවස්ථා බාධා සහිතව වුවත් ඇතිවිමට ඉඩ ඇත.
කලකිරිම්, කණගාටුවිම් ඇතිවිමට ඉඩ ඇත. ආගම දහමට සිත නැඹුරු වේ. මංගල යෝග යෙදේ. පෙම් සබදතා වලට යම් බාධා පෙන්වයි.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

කුම්භ
ශුභාශුභ අපේක්ෂිත සතියකි.
ආර්ථිකය යහපත් වුවද වියදම් අධික වේ. සතුරු බාධක ඇතිවිමට ඉඩ ඇත. සොරුන්ගෙන් පවා බාධක ඇතිවිමට ඉඩ ඇත. නිවසේ කටයුතු වලට වියදම් යෙදෙනු ඇත.
රැකියාවට බාධා ඇතිවේ. ඉවසීමෙන් කටයුතු කරන්න. රැකියා වලදි බොහෝ පරිස්සම් වන්න. අනතුරු ආදියෙන් පරිස්සම් වන්න.
පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙස වේ. වියදම් ඒ වෙනුවෙන් බොහෝවිය හැක. යුග දිවියේ සතුටට බාධා ඇතිවිය හැක. ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කල යුතු සතියකි.

මීන
බාධාකාරි සතියකි.
වියදම් අධික වන, ආදායම් දුර්වල වන සතියකි. ව්‍යාපාර ආදියෙදි බොහෝ පරිස්සම් වන්න. ලාබ ලැබිම අපහසු විය හැක.
රැකියාවේ කටයුතු වලටද බොහෝ බාධා ඇතිවනු ඇත. ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න. නව රැකියා වලට පවා බාධා ඇතිවේ.
සිතට දුක ඇතිවනු ඇත. කටයුතු වෙනදාට වඩා ප්‍රමාද විය හැක. කරන කටයුතු අතරමැද නතර නොකරන්න.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

Iru Astrology #Irusewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Monday, May 5, 2014

“ කාල සර්පය “ - ගැන තව අදහසක්

* කාල යනු රාහුට කියන නමකි. සර්ප යනු කේතුට නමකි.
කාල සර්පය යනු රාහු-කේතුට මැදිව යන අරුතක් දෙන්නකි.
රාහු කේතු ඡායා ග්‍රහයෙකි. මේ දෙදෙනාට මැදිවීම නිසා අනිකුත් ග්‍රහයන්ගේ බලය අඩුවන බවද ප්‍රධානත්වයක් නොලැබෙන බවද කියවි තිබුනද සෑම විටම එසේ නොවේ.

* මුලින්ම කල යුත්තේ සියලුම ග්‍රහයන් රාහු-කේතුට මැදිව සිටින්නේදැයි පරික්ෂා කිරීමය.
මෙහිදී භාව කේන්දරමය පරික්ෂාවක් දළ වශයෙන් හෝ කිරීම වැදගත් වේ. අංශක අනුව එය මැනවින් බලාගත හැක.

● කාල සර්පය ජිවිතයේ බොහෝ කටයුතු වලට විවිධාකාරයෙන් බලපානු ලබයි. ඉතා උසස් හෝ ඉතා පහත් විම සිදුවිය හැක. පොදුවේ යුග දිවියට, අධ්‍යාපනයට, රැකියාවට බාධා වීම සිදුවිය හැක. ඒ අතර මාරක යෝග ලෙස වන කාලසර්පයන්ද පවති.

● කෙසේ වුවද 1, 4, 7, 10 යන තැනක ප්‍රබල ග්‍රහ බලයක් පවති නම් කාල සර්පයේ අශුභ පල අඩු වෙයි. රාහු කේතු අනුව ඒ දෙදෙනාගේ බලය අනුව තීරණය වන මෙම තත්වයන් වලදී ඉහලම සිටියත් පහලටම වැටීම හෝ රහසිගතව සැඟ ව සිටීමට පවා සිදුවිය හැක.
කාල සර්පය නිසාම ඉතා බලවත් වූ අයද සිටින අතර ඒ හා වේගයෙන් ඒවා නැතිවූ අයුරුද අප අත්දැක ඇත.

● කාල සර්ප යෝගය තිබුනු ප්‍රසිද්ධ පුද්ගලයන් අතර, හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා, විජය කුමාරතුංගයන්, ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා දැක්විය හැක. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේද මාධ්‍යයට ලබාදුන් කේන්දරයේ කාල සර්ප යෝගයක් දක්නට ඇත.
ඉක්මණින් ඉහලටම ඒම ගැන සිතන විට විජය කුමාරතුංගයන්ගේ කේන්දරය අනුව කාල සර්පය ඉවහල් වූ බව සිතේ. එසේ වුවද අකල් මරණයට හේතුව කාල සර්ප යෝගය නොවේ.

▅ මෙහි දැක්වෙන කේන්දර සටහනේ පරිදි රට දැයම ආදරය කල රණවිරුවෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ කේන්දර සටහනේද කාල සර්ප යෝගයක් පවති.
එතුමාගේ කේන්දර සටහන ශූල යෝගය වැනි යුද්ධයට හපන් යෝගයක්ද, 7 අධිපති කුජ ග්‍රහයා 10 වැන්නේ සිටීමෙන් සහ 10 අධිපති චන්ද්‍රයා 7 වැන්නේ සිටීමෙන් ඇතිවන මහා පරිවර්ථන යෝගයක්ද, ශනි 7 දිග්බල වීම හා 10 වැන්නේ කුජ දිග්බල වීමද සහිත ප්‍රබල කේන්දර සටහනකි.

Iru Astrology ~ Iru Sewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

සූක්ෂම කේන්දර සටහන් සෑදිමේ අවස්ථාවන් -1

1

                                                                           
                                                                                    2
                                                               

                                           
                                                                           3


Thursday, May 1, 2014

අමතක නොකල යුතු “ කේතු “

_ පාපියෙකු ලෙස සලකන “කේතු“ ද විශේෂ ග්‍රහයෙකි. ඡායා ග්‍රහයන් වන රාහු සහ කේතු කේන්දර වල විශේෂ තැනක් ගනී. රාහු කරන දෙයට ප්‍රතිවිරුද්ධ දෙය කිරීමට කේතු සමත්ය. විශේෂයෙන් කටයුතු හකුලුවා තබන ගතියක් කේතුගේ ඇත.

● කේතු පාප ග්‍රහයෙක් උනත්, අධ්‍යාපනයට විශේෂ වැදගත්කමක් කේතුගෙන් ලැබෙනව. එනම් කේතුගේ බලය ලැබෙනවා නම් පොත් කියවීම ආදි අධ්‍යයන කටයුතු වලට බර පුද්ගලයෙක් කේතු නිසා ඇතිවේ.
කේතුගේ ශරීරයත් මිනිස් හිසක් සහ සර්ප වලිගයක් සහිතව විග්‍රහ කර ඇත්තේද එක් තැනක සිටින වැඩියෙන් ක්‍රියාකාරි නොවන බව කීමටය.

● කේතුට අයිති වන්නේ මීන රාශියයි. වෘශ්චික රාශියෙදි කේතු උච්ච වෙනව. වෘෂභයෙදි නීච වෙනව.
කන්‍යා සහ කුම්භ ලග්න වලට කේතු මූඨයි.

● කේතුට පළදින මැණික් වර්ගය වන්නේ වෛරෝඩියයි. වෛරෝඩි පැළදීමෙන් විශේෂයෙන් භූත අපල දුරු වෙන බව කියවෙනව.

● කේතුගේ මහ දසා සහ අතුරු දසා එතරම් සුබ බවක් කියන්න බෑ. කේතු කේන්දර සටහනේ යහපත් සහ යහපත් දෘෂ්ඨින් සමග නම් හොඳයි.
යම් යහපතකුත් ලබාදෙන බව කියනව.

● කේතු කේන්දර සටහනක පොදුවේ, 11 වැන්නට පමණක් සුභයි කියන්න පුලුවන්.
කේතු 5 නම් ඒක ඥානකාරයකි. අධ්‍යාපනයට සුබයි. කේතු 1 වැන්නෙ නම් ඒකත් ඥානය දෙන පිහිටීමකි.

● ග්‍රහයන් 9 දෙනා ගැනම විමසලායි කේතු සිටින තැන ගැන නිවරදි විග්‍රහයක් දිය යුත්තේ.
ඒවගේම කර්ම ශක්තිය ධෛර්ය, කැපවීම මගින් යම් තරමක් හෝ ජයගත හැකි බව මතක තියාගත යුතු වෙනව.

ජය !

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364


සිකුරු උච්ච වීම ලග්න වලට මෙහෙමයි

( මෙය පොදු පලාපලයකි - තම කේන්දර සටහන අනුව වෙනස් වේ)

මේෂ
සිකුරු 12 වැන්නේ උච්ච වීම මිශ්‍ර පල ගෙනදේ. කෙසේ වුවද එතරම් අයහපතක් නැත. විවාහයට සූදානමින් සිටිෙය් නම් මදක් කල්ගත වන කාලයකි.
විෙද්ස ගතවිමට සුබයි. ෙවනදාට වඩා සමාජයට හිතැති කටයුතු වලට යෙදෙන කාලයකි. මේ කාලයේ සහකරුට සහකාරිට මදක් අපල කාලයකි. පවුලේ දියුණුව ඇතිවේ.
පැතුම් ඉටු කරගත හැක. බාධා යෙදෙන නිසා ඒවා මැදින් කරගත හැක.

වෘෂභ
සිකුරු 11 වැන්නේ උච්ච වීම බොහෝ සුබයි. රැකියා ව්‍යාපාර කටයුතු වලින් සාර්ථක වන කාලයකි. ආදායම් මාර්ග වැඩිවේ. නව මිතුරන් අතැිවන කාලයකි. සහෝදරයන්ට සුබයි. රැකියාවේ දියුණුව ඇතිවන කාලයකි. මුදල් අතට ලැබේ.

මිථුන
10 වැන්නේ සිකුරු උච්ච වීම විශේෂ සුභ පල ගෙනදෙනු ඇත. රැකියාවේ දියුණුව මෙන්ම උසස්විම්ද අපේක්ෂිතය. දරුවන් දියුණු වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.
මංගල යෝග ඇතිවේ. විවාහ කටයුතු වලටස සුබ කාලයකි. පවතින ප්‍රේමය ස්ථිර වේ.
ආයෝජන වලට සුබ කාලයකි. විදෙස්ගත විය හැක. සතුටින් සිටිය හැක.

කටක
9 වැන්නේ සිකුරු උච්ච වීම ඉතා සුබයි. මෙතෙක් පැවති කරදර දුක් දුරු වේ. සෞඛ්‍ය තත්වය යහපත් වේ.
අධ්‍යාපන කටයුතු වලට සුබයි. දුර ගමන් යෙදේ. විනෝද අවස්ථා යෙදේ.
උසස් අය ඇසුරට ලැබේ. දරුවන්ට සුබයි. විවාහ අපේක්ෂක අයට පැතුම් සඵල වේ. සිතට සතුට සැනසීම ඇතිවන කාලයකි.

සිංහ
8 වැන්නේ සිකුරු උච්ච වීම නිසා බොහෝ සුබ පල අපේක්ෂිත නැත. කෙසේ වුවද අනුන්ගේ ධනය ලැබෙන කාලයකි. බලාපොරොත්තු නොවු ආකාරයට ධනය ලැබිය හැක. විවාහක නම් සහකරු සහකාරිය නිසා ධනවත් වේ. විවාහයේ ඇතැම් කටයුතු වලට බාධා ඇතිවිය හැක.
රැකියාවේදි වෙහෙස ඇතිවනු ඇත.
දහමට සිත නැඹුරු වන කාලයකි.

කන්‍යා
7 වැන්නේ සිකුරු උච්ච විම බොහෝ සුබයි. අවිවාහක අයට මංගල යෝග ඇතිවේ. ව්‍යාපාර වලින් හවුල් ව්‍යාපාර වලින් දියුණුව ඇතිවේ.
පෙම් සබදතා වලට තිබූ බාධා දුරුවේ. නව ආදායම් මාර්ග ලැබේ. සෞඛ්‍ය තත්වය යහපත් වේ. නව රැකියා ලැබේ. විනෝද අවස්ථා හිමිවේ. ධනය අතේ රැදේ. විදෙස් ගතවිමටද සුබයි.

තුලා
6 වැන්නේ සිකුරු උච්ච වීම ශුභාශුභ පල දෙයි.
තම ගමනට බාධා කරන අයගේ බාධා ඇතිවන කාලයකි. එවායින් සිතට කණගාටුව ඇති වුවද ඒවා ජය ගන්නා කාලයකි. සෞඛ්‍ය තත්වය යහපත් වේ.
මුදල් අතට ලැබේ. ව්‍යාපාර හවුල් ව්‍යාපාර රැකියා දියුණු වේ. යම් යම් අය හා තරහ ඇතිවන කාලයකි. කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න.

වෘශ්චික
5වැන්නේ සිකුරු උච්ච වීම සුබය. මංගල යෝග ඇතිවේ. ආයෝජන වලට සුබ කාලයකි. පෙම් සබදතා තහවුරු වේ. විවාහ අවස්ථා යෙදේ. දරුවන්ට සුබයි.
දරුවන් අපේක්ෂා කල අයට මේ කාලයේ දරුවන් ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතු වලට සුබයි. දරුවන්ගේ දියුණුව ඇතිවේ.
විදෙස් ගත විම් ඇතිවිය හැක.

ධනු
4 වැන්නේ සිකුරු උච්ච වීම ඉතා සුබයි. පවුල් ජිවිතය සාර්ථක වේ, සමගිය රැකේ. ගේ දොර අලුත් වැඩියාව, අලංකරණය කල හැකි කාලයකි. පොලව සම්බන්ධ කටයුතු වලින් ලාබ ලැබේ. වාහන සිහිනය සැබෑ කරගත හැක. විනෝද අවස්ථා යෙදේ. ආදායම් මාර්ග වැඩිවේ. ව්‍යාපාර වලටද සුබයි.

මකර
3 වැන්නේ සිකුරු උච්ච වීම ශුභාශුභ පල දෙයි. සහෝදරයන්ට යහපත්ය. මෙතෙක් අමනාපව සිටි අය හා යහපත් සබදතා ගොඩ නැගේ.
මංගල යෝග උදාවේ. කලා කටයුතු වලට සුබයි. සහකරුට, සහකාරියට සුබයි. රැකියාව, ව්‍යාපාර දියුණු වේ. යම් යම් බාධා ඇතිවුවද සමස්ථ ලෙස සුබයි.

කුම්භ
සිකුරු 2 වැන්නේ උච්ච වීම ඉතා සුබයි. පවුලේ සමගිය දියුණුව ඇතිවේ. මෙතෙක් ප්‍රමාද වූ කටයුතු අරඹන කාලයකි. ව්‍යාපාර වලට සුබයි. විදෙස්ගත වීමේ පැතුම් ඉටුවේ. මුදල් ලැබේ, ලැබෙන මුදල් අතේ රැදේ. අධ්‍යාපනයට සුබයි. මංගල යෝග ඇතිවේ. විනෝද අවස්ථා යෙදේ.
දහමට සිත නැඹුරු වේ.

මීන
සිකුරු 1 වැන්නේ උච්ච වීම ශුභාශුභ පල දෙයි. සහෝදරයන්ට සුබ කාලයකි. දරුවන් දියුණු වේ. අධායපනයට සුබයි. පෙම්වතුන්ගේ පෙම තහවුරු වේ. පවුල් ජිවිතයේ කටයුතු වලදි ඉවසීම අවශ්‍ය බව මතක තබාගන්න. මංගල යෝග යෙදුනද බාධාද ඇතිවිය හැක.
සිතට යම් යම් කරදර, හිස සම්බන්ධ ආබාධ ආදිය නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.

සිකුරු මාරුව - රටට

ග්‍රහලොව සුකුමාල තරුණිය සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහයා අප්‍රේල් 29 වනදා මීනයට පැමිණ  උච්ච විය. උච්ච බලය යනු ලැබිය හැකි ඉහලම බලයයි. සිකුරු උච්ච බලයෙන් මැයි 23 දක්වා සිටිනු ඇත.
වසරකදී මාසයකට ආසන්න කාලයකට පමණක් සිදුවන මෙම උච්චය රටට බොහෝ සුභදායකය.

කුම්භ ලග්න ලංකා කේන්දර සටහන අනුව ලංකා කේන්දරයේ  4වැන්න සහ 9 වැන්න අධිපති සිකුරු මෙසේ උච්ච වීම බොහෝ සුභපල දෙන තත්වයකි. නීච බුධ නීචයෙන් මිදීමද ලංකා කේන්දරයේ ලග්නාධිපති ශනි තවමත් උච්ච බලයෙන් සිටිම හා රවි උච්ච බලයෙන් සිටීමද විශේෂ සුභ පල ගෙනදෙනු ඇත.

සිකුරු උච්ච වන්නේ ලංකා කේන්දර සටහනේ 2 වැන්නේය. ඒ අනුව රටේ ආදායම ඉහල යයි. නව ආදායම් මාර්ග ඇතිවේ. බැංකු වල තැන්පතු ඉහල යන කාලයකි. අපනයන ව්‍යාපාරිකයන්ටද සුබයි. වාහන වල මිල ගණන් යම් තරමක් හෝ අඩුවන කාලයකි. ස්වර්ණාභරණ, විසිතුරු භාණ්ඩ ආදියේද අලෙවිය ඉහල යනු ඇත.
මාධ්‍ය ක්ෂෙත්‍රයට සුබයි. නාට්‍ය, කලා අංශ දියුණු වේ. අලංකරණ ක්ෂෙත්‍රයට අදාල සියලු දෙනාට සුබ කාලයකි. කලා ශිල්පීන්ට සුබයි.
පලතුරු අලෙවිය  ඉහල යයි. වෙනදාට වඩා ආහාර පලදාව ඉහල යනු ඇත.
අවිවාහක අයට මංගල යෝග යෙදේ. විවාහ වන අයටද සුබ කාලයකි. විවාහ උත්සව වැඩිවේ. රූපය ගැන සියලු දෙනා සැලකිලිමත් වන කාලයකි. දුරකථන ආදි සන්නිවේදන ක්ෂෙත්‍ර වලට සුබ කාලයකි. කාන්තාවන්ට සුබයි. මේ කාලයේ උපදින දරුවන්ටද සුබයි. ක්‍රීඩා කටයුතු දියුණු වේ.
කාන්තා දේශපාලකයන්ට සුභ කාලයකි.