ග්‍රහලොව ගුරුතුමා වන සුරගුරු හෙවත් බ්‍රහස්පතී/ගුරු තම සතුරු රාශියක් වූ මිථුන රාශියෙන් මිදී, උච්ච රාශිය වන කටක රාශියට පැමිණෙන්නේ ජුනි 02 වෙනිදාය. 2026 ඔක් 31 දක්වා ගුරු කටක රාශියේ රැදී සිටි.
❁ වියදම වැඩිවන කාලයකි ජනතාවට. වියදම කළමනාකරණය කරගත යුතුය.
❁ සතුරු කරදර අඩුවෙන කාලයකි - සතුරන් මිතුරන් කරගත හැකි කාලයකි.
❁ වෙනදාට වඩා හොද කාලයක් රටටම උදා වෙයි.
❁ බුද්ධිය වැඩිවන, සිතා බලා තීරණ ගන්නා කාලයකි.
-
● මේෂ
ගුරු 03 වැන්නේ සිට 04 වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
නීතිමය ගැටළු තිබුනේ නම් ඒවා විසදාගැනිමට මග පෑදෙයි.
12 වැන්නාධිපතියා 04 සිටිම තුල, නිවසෙන් බැහැර කටයුතු කිරිමට සිදුවෙයි. උපන් ගමෙන් පිටවී කටයුතු කරන්නට සිදු වෙයි.
ආදායම් මාර්ග අඩාල වීමටත්, වියදම වැඩිවිමටත් ඉඩ ඇත.
ගෘහ ජිවිතය යහපතින් ගත වේ. වෙනදාට වඩා තත්වය යහපත් වෙයි.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වෙයි.
-
● වෘෂභ
ගුරු 02 වැන්නේ සිට 03 වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
සහෝදර සහෝදරියන් අතර මතභේද ඇතිවිමට ඉඩ තිබේ.
ගුරු උච්ච වීමෙන් නිසි ඵල නොලැබේ. හදිසි තීරණ වලින් පාඩු සිදුවිමට ඉඩ ඇත.
තමන්ට සේම ආර්ථිකයටද අඩපණ විමක් සිදුවිමට ඉඩ ඇත.
නව ව්‍යාපාර ඇරඹීමට සිටිනවා නම් තරමක් ප්‍රමාද කිරිම යහපත්ය.
ගෘහ ජිවිතයෙදි වෙනදාට වඩා ගැටළුකාරි තත්වයන් ඇතිවිමට ඉඩ ඇත.
-
● මිථුන
ගුරු 01 වැන්නේ සිට 02 වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
ආර්ථිකය වර්ධනය කරගැනිමට හැකියාව ලැබේ.
වාහන - නිවාස මිලදී ගැනීම් සම්බන්ධව සිතනවා නම් ඒවාට අවස්ථාවන් උදා වෙයි.
වෙනදාට වඩා සමගිය ඇතිවන කාලයකි පවුල සහ හිතවතුන් සමග.
සෞඛ්‍ය තත්වය අයහපත් නැත.
ආදර ප්‍රේමය සම්බන්ධව තිබුනු ගැටළු විසදාගැනිමට හැකිවනු ඇත.
-
● කටක
ගුරු 12 වැන්නේ සිට 01/ ලග්නයට වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
පෙර තිබුනු ප්‍රශ්න විසදෙන කාලයකි.
ආර්ථික තත්වය වර්ධනය වෙයි.
කරන කියන රැකියා කටයුතු වල දියුණුවක් අපේක්ෂා කල හැක.
ගෘහ ජිවිතය සාමකාමිව ගතකිරිමට හැකියාව ලැබෙනු ඇත, වෙනදාට වඩා සෙනෙහවන්තව සිටිමට හැකියාව ලැබේ.
-
● සිංහ
ගුරු 11 වැන්නේ සිට 12 වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
වියදම වැඩිවන කාලයකි.
නිවසෙන් බැහැරව කටයුතු කිරීමට, විදේශගත වීමට හෝ දුරබැහැර ගමන් යෑමට අවස්ථාව උදාවන කාලයකි.
නීති ගැටළු වලින් ජය ලබාගැනීමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තරමක් පීඩාකාරි විමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ ඇස් පෙනීම සම්බන්ධව ගැටළු තිබුනු අයට, ඒවාට පිලියම් ලැබෙන කාලයකි.
-
● කන්‍යා
ගුරු 10 වැන්නේ සිට 11 වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
ආර්ථිකය වර්ධනය කරගත හැකිවනු ඇත.
වෙනදාට වඩා කාර්යක්ෂමව කටයුතු කරන කාලයකි.
ආදායම් මාර්ග වල තිබුනු ගැටළු විසදාගන්නා කාලයකි.
රැකියා කර්මාන්ත දියුණු කරගැනීමට වෙනදාට වඩා හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය වෙනදාට වඩා සාමකාමිව ගත කිරිමට හැකියාව ලැබෙන කාලයකි.
-
● තුලා
ගුරු 09 වැන්නේ සිට 10 වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
ගෘහ ජිවිතය යහපත්ව වෙනදාට වඩා හොදින් ගත වෙයි.
නිවාස ගේදොර වැඩ කටයුතු වලදි ප්‍රමුඛස්ථානය ලැබ කටයුතු කරයි.
ආර්ථිකය වර්ධනයට හැකියාව ලැබේ.
රැකියා කටයුතු වල වෙනදාට වඩා ප්‍රගතියක් තිබේ.
සෞඛ්‍ය තත්වය අවුලක් නැත.
-
● වෘශ්චික
ගුරු 08 වැන්නේ සිට 09 වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
උසස් අධ්‍යාපන කටයුතු වලට යහපත් කාලයකි, ශිෂ්‍යත්ව ආදිය ලැබෙන්නට වාසනාව පවති.
විදේශගත පදිංචියට, විදේශගත වීමට බලාපොරොත්තුව සිටි අයට ඒ සම්බන්ධව කටයුතු කරගන්නට පුලුවන් යහපත් කාලයකි.
යහපත් කාලයකි ගෘහ ජිවිතයට.
දරුවන්ගේ කටයුතු වලට ප්‍රමුඛස්ථානය ලබාදෙන අතර, දරුවන් නිසා පැසසුම් ලැබෙන කාලයකි.
සෞඛ්‍ය තත්වය යහපත් වෙයි.
-
● ධනු
ගුරු 07 වැන්නේ සිට 08 වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
ගෘහ ජිවිතය තුල වෙනදා තිබුනු සමගිසම්පන්න බව නැතිවී යා හැක, මතගැටුම් - මතභේද ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
ආර්ථික තත්වය වර්ධනයට පියවර ගැනිමට සිදුවනු ඇත.
වියදම වැඩිවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ඇස් රෝග ඇතිවිමට ඉඩ ඇත.
යටිබඩ ආශ්‍රිත රෝග තත්වයන් ගැන අවදානමත් විය යුතුය.
-
● මකර
ගුරු 06 වැන්නේ 07 සිට වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
හවුල් ව්‍යාපාර කරනවා නම් ඒ පිලිබදව බැදිම් ශක්තිමත් වන කාලයකි.
අතපසු වූ මංගල කාරණා වලට යහපත්ය, විවාහ ස්ථිර කරගැනිමට යහපත් කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැත.
ගෘහ ජිවිතය තුල පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් සමනය වෙයි.
-
● කුම්භ
ගුරු 05 වැන්නේ 06 සිට වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
ආර්ථික තත්වයේ තරමක වියදම අධික වන කාලයකි.
ආර්ථිකය වර්ධනයට පියවර ගැනිමට සිදු වෙයි.
සතුරු කරදර වලින් නිදහස් වෙන්නට පුලුවන් වන කාලයකි.
ගෘහ ජිවිතය තුල වෙනදා තිබුනු සමගියට බාධා, මතභේද, මත ගැටුම් ඇතිවිමට ඉඩ ඇත.
බාහිර පාර්ශවයන්ගේ විවේචනයට ලක්විමට ඉඩ ඇත.
අක්මාව ආශ්‍රිත රෝග පීඩා, කොලෙස්ටෙරෝල් වැනි රෝග පීඩා උත්සන්න විය හැක.
-
● මීන
ගුරු 04 වැන්නේ සිට 05 වැන්නට පැමිණේ.
ගුරු + කේතු යෝගය ඇති වෙයි.
දරුඵල පිලිබදව තිබුනු, ප්‍රශ්න ගැටළු විසදෙයි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් පෙන්නුම් කරන කාලයකි.
කඩා වැටි තිබුනු ආර්ථිකය තරමක් යථා තත්වයට පත් කරගැනිමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා යහපත් ගතවනු ඇත. වෙනදාට වඩා පවුල වෙනුවෙන් කැපවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ උදරය ගර්භාෂය ආශ්‍රිත රෝග පීඩා තිබේ නම් ඒ ගැන නිසි ප්‍රතිකාර ලැබෙන කාලයකි.
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
No comments:
Post a Comment