ග්‍රහලොව සෙන්පතියා වන “ කුජ හෙවත් අගහරු “ ග්‍රහයා, ඔබ අසා ඇති පරිදිම කේන්දරයක කොතැන සිටියත් එතනට යම් ප්‍රබල බලපෑමක් ඇති කරයි !
කුජ, රුධිර ධාතුවට මූලික වෙයි. තද රතු පැහැ වෙයි.
යුද්ධයට අධිපති වන අතර, කතරගම දෙවියන්ගේ බලය කුජ ඍජුවම බලපායි.
✄ පොදුවේ,
කුජ 07 වැන්නේ සිටියොත්, විවාහයට ප්‍රබල බාධා ඇති කරයි, ඉක්මණ් විවාහ සිදු වෙයි.
ක්ෂණික තීරණ නිසා විවාහ දෙදරා යාම, සබදතා වලින් දුරස් වීමද සිදුවිය හැක.
කුජ දෝෂය / භෞම දෝෂයට ලක්වන ප්‍රබලම ස්ථානයකි 07.
✄ කුජ, 01, 02, 04, 07, 08, 12 සිටියොත් කුජ දෝෂය ඇතිවෙයි !
✄ කේන්දරයේ කොටු 12කි, එයින් 06 ක සිටියොත් කුජ දෝෂය ඇතිවෙයි.
එනිසා එය මහා පරිමාණ බියවීමට හේතුවක් නොවෙයි. මන්ද 50%කට පමණ කුජ දෝෂය තිබෙයි.
එසේම කුජ දෝෂය භංග වන පිහිටිම්ද කේන්දර වල තිබෙයි.
✄ කුජ 08 සිටිම වෛධව්‍ය හෙවත් විවාහ කාරකරයා මරණයට පවා පත්විය හැකි දෝෂ තත්වයක් ලෙස “ පොදුවේ “ කියැවේ.
- එයට නිසි ගැලපීම සහිතව විවාහ වීම සිදුකර ගත යුතුය.
- එයද කේන්දරය අනුව වෙනස් වන අවස්ථා මෙන්ම, නිසි ශාන්ති කර්ම වලින් වෙනස් කරගත හැක.
✄ පොදුවේ, කුජ + සිකුරු සමග සිටිමද විවාහය ඉක්මණ් කරන පිහිටිමක් ලෙස සැලකිය හැක.
✄ කුජ, සිකුරු සමග සිටිමෙන් විවාහකාරකයා කඩවසම් - ප්‍රියමනාප - මනා පෞරුෂවත් කෙනෙක් බව පුරාණ පොත්වල කියැවේ.
✄ පොදුවේ, කුජ + රාහු යෝගය තුල, නිසි ගැලපීමකින් තොරව විවාහ වුවොත්, විවාහය හදිසියේ දෙදරා යාම, ලෙඩ රෝග, මරණය පවා සිදුවිය හැක.මෙය අතිධාවනකාරි කාම යෝගයකි.
( මෙහිදි කුජ සහ රාහු එකට සිටිම, සප්තම දෘෂ්ටිය, දෘෂ්ටි යනාදි සියල්ල බැලිය යුතුය)
✄ පොදුවේ, කුජ + ශනි යෝගය, “ශනි මංගල යෝගය” ලෙස හැදින්වේ.
මෙයද විවාහයට ප්‍රබලව බලපෑම් සිදු කරන යෝගයකි. විශේෂයෙන් විවාහයන් ප්‍රමාද කරන යෝගයක් ලෙස සදහන් කල හැක.
✄ තවද පොදුවේ, “ කුජ + කේතු “ සමග සම්බන්ධ වීම තුල, විවාහයේ තනිවීම, විවාහ කාරකයාට ප්‍රබල අනතුරු ඇතිවීමටත් හේතුවිය හැකි පිහිටිමකි.
( මෙය අප සෑහෙන වතාවක් අත්දැකීමෙන් පසක් කරගත් පිහිටිමකි)
* අයහපත් යෝග තිබුනද, ඒවා විවාහයෙදි නිසි ගැලපීම තුලින් සමනය කරගත හැක.
එසේත් නැතහොත් නිසි ශාන්ති කර්ම කර, අවබෝධයෙන් ජිවත් වීම තුලින් ඒවා පිටුදකිමින් හොදින් ජිවිතය ගතකල හැක.
ජෝතිෂ්‍යය ඇත්තේ ලෞකික ජිවිතය සැපවත් කරන්නටය.
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
No comments:
Post a Comment