Sunday, June 28, 2026

සතියේ ලග්න පලාපලය



( ජුනි 29 - ජුලි 03)

* පොදු පලාපලයකි - කේන්දරය අනුව වෙනස් විය හැක *
-

● මේෂ
සදු සිටින්නේ 09ය.
ආදායමට වඩා වියදම වැඩිවිය හැකි කාලයකි.
වියදම කළමනාකරණය කරගත්තේ නැතිනම් ණය ගැනීමට යනාදියට යොමුවිමට සිදුවෙයි.
උසස් අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.
නිවසින් බැහැරව කටයුතු කිරිමට ඉඩ ලැබේ.

-
● වෘෂභ
සදු සිටින්නේ 08 ය.
දුරදිග නොසිතා වැඩ කටයුතු කරන්නට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන ඉතාම කල්පනාකාරි විය යුතුය.
ක්ෂණික තීරණ ගැනීමෙන් වැලකිය යුතුය.
අන් අයගේ උදව් උපකාර ඉල්ලාගෙන ගොස් ලබාගන්නට සිදුවන කාලයකි.
ආදායම් තත්වය තරමක් පහල වැටීමට ඉඩ ඇත.
සොරසතුරු කරදර ඇතිවිමටත් ඉඩක් ඇත.

-
● මිථුන
සදු සිටින්නේ 07 ය.
නීති ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත.
වියදම කළමනාකරණය කරගත යුතුය.
ආදායම් තත්වය වර්ධනය විය හැකි කාලයකි.
මංගල යෝග උදාවන කාලයකි. ඒ සම්බන්ධ කටයුතු වලට යහපත්ය.


-
● කටක
සදු සිටින්නේ 06 ය.
අන් අයගේ ප්‍රශ්න නිසා තම රාජකාරි, කටයුතු අතපසුවන කාලයකි.
අන් අය නිසා ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
සතුරු උවදුරු වලට මුහුණ පෑමට සිදුවන කාලයකි.
ආදායම වර්ධනය වන අතර, නව ආදායම් මාර්ග ගැන සිතන කාලයකි.

-
● සිංහ
සදු 05 සිටින්නේය.
අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
පෙරට වඩා මහන්සි විය යුතු කාලයකි.
මංගල යෝජනා, ප්‍රේම සබදතා වලට තරමක් බාධා ඇතිවන කාලයකි.
වෙනදාට වඩා කල්පනාකාරි විය යුතු වෙයි.
සතුරු කරදර ඇතිවිමටත් යම් ඉඩක් ඇත.

-
● කන්‍යා
සදු සිටින්නේ 04 ය.
නිවාස සම්බන්ධ ගැටළු නිරාකරණය කරගත හැකි කාලයකි.
ආදායම් තත්වය වර්ධනය කරගත හැකිවනු ඇත.
දෙමාපියන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
ආදරය - විවාහය සම්බන්ධ කටයුතු වලදි ඉතා කල්පනාකාරි විය යුතුය.

-
● තුලා
සදු 03 සිටින්නේ ය.
වෙනදාට වඩා කල්පනාකාරි කටයුතු කල යුතුය.
අන් අයගෙ ප්‍රශ්න වලට තමන්ට මැදිහත් වීමට සිදුවන කාලයකි.
මුදල් අතින්ද වියදම වැඩිවන කාලයකි.
උපක්‍රමශීලි නොවුනොත් නැත්නම් මුදල් සම්බන්ධ ගැටළු ඇතිවිමට ඉඩ ඇත.

-
● වෘශ්චික
සදු සිටින්නේ 02 ය.
අන් අය සමග කටයුතු කිරිමේදි ගැටුම් ඇතිවිය හැක.
මුදල් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරිව කටයුතු කල යුතු වෙයි, වියදම අධික වෙයි.
රැකියාව සම්බන්ධ ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
කල්පනාකාරිව කටයුතු කල යුතුය.
නිවසින් පිටව වැඩිපුර කාලය ගත කරන්නට සිදුවනු ඇත.



-
● ධනු
සදු 01 සිටින්නේ ය.
වියදම් තත්වය වැඩිවන කාලයකි.
වෙනදාට වඩා ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇති කාලයකි. කල්පනාකාරි වන්න.
අන් අය සමග කටයුතු කිරිමෙදි කල්පනාකාරි විය යුත්තේ ගැටළු නිර්මාණය විය හැකි බැවිනි.
නිවාස ගේ දොර වැඩ කටයුතු තරමක් ප්‍රමාද විමට ඉඩ ඇත.

-
● මකර
සදු සිටින්නේ 12 ය.
ආදායමට වඩා වියදම වැඩිවනු ඇත.
විවාහය සම්බන්ධ ප්‍රශ්න ගැටළු විසදා ගැනිමට හැකියාව ලැබේ, මංගල යෝග උදා වෙයි.
ණය ගනුදෙනු වලදි කල්පනාකාරි විය යුතුය.
හවුල් ව්‍යාපාර, කණ්ඩායම් ක්‍රියාකාරකම් වලදි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරිමට හැකියාව ලැබේ.

-
● කුම්භ
සදු සිටින්නේ 11 ය.
වියදම් තත්වය පාලනය කරගත යුතුය. වෙනදාට වඩා ගැටළු ප්‍රශ්න නිරාකරණය කරගැනිමට හැකියාව ලැබේ.
දෙමාපියන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවෙයි. ඔවුන්ගේ කටයුතු වලට උදව් උපකාර දීමට සිදුවන කාලයකි.
නව රැකියා ලබාගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
-

● මීන
සදු සිටින්නේ 10ය.
රැකියා කටයුතු වල තිබුනු ප්‍රශ්නය ගැටළු වලට විසදුම් ලැබේ.
ආදායම වර්ධනයට හැකියාව ලැ​බේ.
නව රැකියා ලැබෙනු ඇත.
විදේශ රැකියා, විදේශගත වීම් වලට සුභ පණිවිඩ ලැබෙන කාලයකි.
වෙනදාට වඩා දෙමාපිය කටයුතු වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.
-

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..



 

No comments:

Post a Comment