Thursday, May 21, 2026

කතා කරන්න බය “ 08 වැන්න “

 




✣ 08 වැන්න වන ආයුෂ ස්ථානය ගැන කතා කිරීමේදි බොහෝ අය බිය වෙති.
එය තරමක් අපහසුතාවයට පත්වන තත්වයන් දැක තිබේ. සමහර ජෝතිර්වේදින් පවා 08 වැන්න ගැන කියන්නට මැලිවෙති.

✣ මක්නිසාදයත් මූලිකව 08 වැන්නෙන් මරණයේ ස්වභාවය ගැන කියවෙන බැවිනි.

i)  08 වැන්නෙන් මූලිකව “ මරණයේ ස්වභාවය “
ii) විවාහයෙන් පසු ජිවිතය ( විවාහයෙන් වන ලැබීම)
iii) 07 වැන්නෙන් 02 වැන්න නිසා විවාහ කාරකයාගේ ධන සම්පත්. 

iv) හදිසි ධනලාභ ගැන

පොදුවේ කියවෙයි.


✣ 08 වැන්නාධිපතියා 08 සිටි නම් එය දීර්ඝායුෂ ලැබෙන පිහිටිමකි. එනම් මාරාන්ති අනතුරු, මැරෙන්න ගිය අවස්ථා වලින් බේරෙන්නට වැලකෙන්නට වාසනාව තිබේ. විශේෂයෙන් පොදු වශයෙන් සෙනසුරු 08 නම් ලෙඩදුක් පීඩා යනාදිය තිබුනත් ආයුෂය රැකෙන්නට අවස්ථා එනම් දීර්ඝායුෂ ලැබෙන අවස්ථා තිබේ.


✣ 08 වැන්නට යහපත් ග්‍රහයෙකු සිටින්නේ නම්, එහි ඇති වටිනාකම වන්නේ
“ ශාන්ත මරණයක් එනම් සුවදායක මරණයක් සිදුවිමට ඉඩ ඇති වීමයි.

✣ 08 වැන්නට පොදුවේ “ සිකුරු, ගුරු “ අයහපතක් නැත. නමුත් මහා පරිමාණ ගුණයක්ද නැත.
✣ 08 වැන්නට අයහපත්ම ග්‍රහයා වන්නේ, සදු/ චන්ද්‍රයාය. සදු 08 වැන්නේ මරණයට පත්වෙයි.
08 සදු සිටින අය පොදුවේ ජලයෙන්, දියර ආශ්‍රිත සෑමදෙයින්ම පරිස්සම් විය යුතුය.

✣ 07 වැන්නට 08 වැන්න වන්නේ 02 වැන්නය. ඒ අනුව 02 වැන්නේ ග්‍රහයන්, එනම් ග්‍රහ දෘස්ටි යනාදි සියල්ලද බලපායි.

✣ මරණය ගැන පැවසීමෙදී 08 වැන්නට පමණක් නොව 06 වැන්න සහ 02 වැන්නද ගැඹුරින් පරික්ෂා කල යුතුය.

- මේ සියල්ල පොදු කරුණුය -
( කේන්දරය අනුව වෙනස් විය හැක)

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..


No comments:

Post a Comment