Thursday, May 14, 2026

රවි මාරුව



ග්‍රහලොව නායකයා වන රවි ග්‍රහයා, තම උච්ච රාශිය වන මේෂයෙන් මිදී, සතුරු රාශියක් වන වෘෂභ රාශියට මැයි 15 වෙනිදා පැමිණෙන අතර, ජුනි 15 වනතුරු එහි රැදී සිටි.
උෂ්ණාධික ස්වභාවය අඩු වී සීතල කාලගුණික තත්වයකට දේශගුණය වෙනස් වෙයි.
නායයාම්, ගංවතුර, ගිලාබැසීම් වැනි අනතුරු තත්වයන් ගැන අවදානමත් විය යුතුය.
ආණ්ඩුවට ජනතාව ගැන නොසිතා තීන්දු තීරණ ගැනිමට සිදුවිය හැක.
ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය අඩුවන්නට ඉඩ ඇති කාලයකි.

-
(පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක)
-

● මේෂ
01 වැන්නේ සිට 02 වැන්නට රවි පැමිණේ
02 වැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
වියදම වැඩිවන්නට ඉඩ ඇති කාලයකි.
ආදායම් මාර්ග වලින් ලැබෙන ලාභ තත්වයන් අඩුවිය හැක.
ආදායම් මාර්ග හිරවීමට, ඇහිරී යාමට ඉඩ තිබේ.
අධ්‍යාපන ලබන දරුවන්ට යහපත්ය, කථික - ගායන තරග ආදියෙන් ජය ලැබෙන්නට හැකියාව තිබේ.

-
● වෘෂභ
12 වැන්නේ සිට 01 වැන්නට රවි පැමිණේ
ලග්නයේ රවි බුධ යෝගය ඇති වෙයි.
පෙර තිබුනු පීඩන තත්වයන් අඩුවී යාමට ඉඩ තිබේ.
තවදුරටත් වියදම් පෙර තරමට නොවුනද, වියදම වැඩිවන කාලයකි.
පවුල තුල, තමන්ගේ බලය පතුරවන කාලයකි. ඒනිසා සිත් අමනාපකම් ඇතිවන්නට ඉඩ ඇති කාලයකි.
මතගැටුම් ඇතිවිමටත් ඉඩක් ඇත.


-
● මිථුන
11 වැන්නේ සිට 12 වැන්නට රවි පැමිණේ
12 වැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
වියදම වැඩිවන කාලයකි.
අන් අය උදෙසා නිසා තමන්ගේ කාලය වැය කරන්නට ඉඩ ඇති කාලයකි.
නීතිමය ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
ආර්ථිකය පිරිහෙන්නට ඉඩ ඇති කාලයකි.

-
● කටක
10 වැන්නේ සිට 11 වැන්නට රවි පැමිණේ
11 වැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
මෙය යහපත් තත්වයකි.
ආර්ථික තත්වය තවදුරටත් වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
වෙනත් ආදායම් මාර්ග වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි, වෙනත් ආදායම් මාර්ගද විවර වන කාලයකි.
රැකියා කටයුතු වලට තිබුනු බාධා අඩුවන කාලයකි.


-
● සිංහ
09 වැන්නේ සිට 10 වැන්නට රවි පැමිණේ.
10 වැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
ආර්ථිකය ස්ථාවර කරගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
කරන කියන කටයුතු වල දියුණුවක් අපේක්ෂා කල හැකි කාලයකි.
නව රැකියා හෝ නව ව්‍යාපාර ඇරඹීමට අපේක්ෂා කලේ නම් ඒවාට යහපත් කාලයකි.
නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩියෙන් වෙහෙස වන කාලයකි.

-
● කන්‍යා
08 වැන්නේ සිට 09 වැන්නට රවි පැමිණේ.
09 වැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
උසස් අධ්‍යාපන කටයුතු වලට තිබුනු බාධා ඉවත් වෙයි.
දුරබැහැර ගමන් යෙදේ.
විදේශ ගමන් වල යෙදිමට සිටි අයට ඒවාට තිබුනු බාධා නිරාකරණයට කරුණු යෙදෙන කාලයකි.

-
● තුලා
07 වැන්නේ සිට 08 වැන්නට රවි පැමිණේ.
08 ඉවැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
ආර්ථිකයට පීඩා ඇතිවෙයි.
රැකියා ස්ථානයේ පීඩා හෝ සතුරු පීඩා ඇතිවිමට ඉඩ ඇත.
ආයතන ප්‍රධානින්ගෙන් දෝෂරෝපණ එල්ල වීමට ඉඩ ඇත.
වියදම් තත්වය වැඩිවන්නට ඉඩ ඇත.
පවුල තුල අසමගිකම් ඇතිවන්නට පුලුවන.

-
● වෘශ්චික
06 වැන්නේ සිට 07 වැන්නට රවි පැමිණේ
07 වැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
පවුල තුල මත ගැටුම් නිර්මාණය විය හැක.
විවාහය සම්බන්ධ ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ප්‍රේම සබදතා ඇති අයට ගැටළු නිර්මාණය වන කාලයකි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට පියවර ගැනිමට සිදුවන කාලයකි.
උෂ්ණාධික රෝග - ස්නායු ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.



-
● ධනු
05 වැන්නේ සිට 06 වැන්නට රවි පැමිණේ
06 වැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
ආර්ථික තත්වය තරමකට පීඩාවට පත්වීමට ඉඩ ඇත.
යටිබඩ ආශ්‍රිත රෝග පීඩා වලින්ද පීඩාවට පත්විමට ඉඩ තිබේ, ඒ සම්බන්ධ ගැටළු උග්‍රවන කාලයකි මෙය.
ඒ සම්බන්ධව වෛද්‍ය ප්‍රතිකාර යුහුසුළුව ලබාගන්න.
අම්ල පිත්ත / ගැස්ට්‍රයිටිස් වැනි රෝග වලින්ද පීඩා විදියට ඉඩ වැඩියෙන් ඇති කාලයකි.
මනසට තරමක් දුරට පීඩාවට පත්වන කාලයකි.

-
● මකර
04 වැන්නේ සිට 05 වැන්නට රවි පැමිණේ.
05 වැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
ගබ්සාවීම්, දරුඵල ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇති කාලයක් නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.
අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙන, ඒ සම්බන්ධව පැසසුම් ලැබෙන කාලයකි.
ආර්ථිකය වර්ධනය කරගන්නට හැකියාව ලැබෙනා කාලයකි.


-
● කුම්භ
03 වැන්නේ සිට 04 වැන්නට රවි පැමිණේ.
04 වැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
ගේදොර ඉඩකඩම් ප්‍රශ්න ගැටළු නිර්මාණය විමට ඉඩ ඇත.
නිවාස නවීකරණය වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
ආර්ථික තත්වය තරමක් වර්ධනය අඩාල වන කාලයකි.
ණය ලබාගැනිම සිදුවිමට ඉඩ ඇති කාලයකි.

-
● මීන
02 වැන්නේ සිට 03  වැන්නට රවි පැමිණේ.
03 වැන්නේ රවි බුධ යෝගය ඇති වෙයි.
වෙනදාට වඩා උනන්දුවෙන් මහන්සියෙන් කැපන නිසා මුදල් සම්බන්ධව යහපත් ප්‍රතිඵල ලැබේ.
තිබෙන ප්‍රශ්න වලට බුද්ධිමත්ව කටයුතු කිරිම නිසා හොද ප්‍රතිඵල ලබාගැනිමට හැකියාව ලැබෙනු ඇත.
වෙනාදට වඩා ක්‍රියාශීලව කටයුතු නිම කිරිමට හැකියාව ලැබෙනු ඇත.
නව රැකියා බලාපොරොත්තු වන අයගේ සිහින සඵල වන කාලයකි..

-

071 383 5369
(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..



No comments:

Post a Comment