Wednesday, July 28, 2021

“ මිථුන “

 


මිථුන අය ටිකක් විතර දඟකාර, කටකාර වගේම සෙල්ලක්කාර ගති වැඩියෙන් තියෙන අය. එක වැඩකට නෙමෙයි වැඩ ගණනාවකට දක්ෂ අය මිථුන ලග්නයෙන් උපදිනවා.

ලග්නාධිපති වෙන්නෙ “ බුධ“ ග්‍රහයා. බුධ හරියට පොඩි ළමයෙක් වගේනේ.
එනිසා මිථුන ලග්න අයත් වෙලාවකට පොඩි ළමය වගේ හැසිරෙනව.
බුධ ග්‍රහයා, මිථුන රාශියෙදි ස්වක්ෂෙත්‍ර කියන බලවත් භාවයට පත් වෙනව. ඉතින් ලග්නාධිපතියා වෙන බුධ, මිථුන කෙනෙක්ගෙ බලවත් නම් එයා අධ්‍යාපනයෙන් ඉහලට යනව.

● මිථුන ලග්න අය ගොඩක් මනුස්සකම් වලින් පිරුණු අය. ජිවිතය ගැන ගැඹුරින් හිතනව. ඒවගේම අනුකම්පාව තියෙනව. බුධ බලවත් නම් අධ්‍යාපනයෙ ඉහලට යන්න පුලුවන් වගේම, උගත් - බුද්ධිමත් වෙන්න වැඩි ඉඩක් තියෙනව.
රවි - බුධ කියන භාග්‍ය යෝගය මිථුන අයට තියෙනව නම් ගොඩක් දුරට අධ්‍යාපනය පැත්තෙන් ඉහලට ගිහිල්ලා ප්‍රමාණික විද්තවෙක් වගේ වෙන්න පුලුවන්. ඒවගේම ව්‍යාපාර උනත් කරන්න පුලුවන්. කට නිසා ජයග්‍රහණ ලබන්න හැකියාවත් තියෙනව.

● ආර්ථික කළමනාකරණය වගේ දේවල් ගැන ඒ තරම්ම උනන්දුවක් නැතත්, ඒ ගැන හිතනව. අරපරිස්සම් වෙන්න බලනව.

● ආදරේ ලබන්න වගේම ආදරේ කරන්න හරිම කැමති ඒකට ආසා කරන අය තමයි මිථුන ලග්න අය. ලිංගික කටයුතු ගත්තත්, අනිත් ලග්න වලට සාපේක්ෂව වැඩියෙන් ඒ අංශ වලට බරයි. නිතරම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය දිනාගන්න එයාල දක්ෂයි. ගෑණු ළමයෙක් නම් විශේෂයෙන්ම ඔව්.

● යන එන තැන ප්‍රසිද්ධියට මෙයාල කැමතියි. අන් අය වෙනුවෙන් වැඩ කරන්නත් කැමතියි. ඒ තුලින් තමන්ට ප්‍රශංසා ලබන්නත් යටි හිතේ කැමැත්තක් තියෙනව. ඒව වැඩියෙන් කරන්න ගිහින් පාඩු - කරදර ඇති කරගන්නත් මිථුන ලග්න අය දක්ෂයි.

“ දුර්වලතා “

- මිථුන අය තමන්ගේ මතයේම එල්ලිලා ඉන්න අය නෙමෙයි. ඒත් එක ප්‍රතිපත්තියක - එක වැඩක එක දිගටම නොසැලී ඉන්න එයාලට අමාරුයි.
එහෙම ඉන්න උත්සාහ කරල ඒව වැරදුනොත් එයාල ගොඩක් මානසිකව වැටෙනව. සාංකාව වගේ තත්වයන් වලට පවා ගොදුරු වෙන්න වැඩ ඉඩක් තියෙනව.
- ආර්ථික කළමනාකරණය ගැන වැඩි උනන්දුවක් නැති නිසා වියදම් වැඩි වෙලා ඒවයෙන් ආයෙත් හිත් පීඩා එන්න ඉඩ තියෙනව.
- අනික මිනිස්සු විශ්වාස කරද්දි කීපවතාවක් හිතල ඒ තීරණ ගන්න.

● මූලිකව මානසික ඒකාග්‍රතාවය හදාගන්න වැඩ කරන්න ඕන. ඒකට සිහියෙන් ඉන්න එක වැදගත්. නැත්නම් එක වැඩක්වත් හරියට කරන්නෙ නැතිව ජිවිතයේ පස්සේ කාලෙක පසුතැවෙන්නත් ඉඩ තියෙනව.
එනිසා, හිත නිදහස් වෙන තැනකට සතියකට 2කට වතාවක්වත් ගිහින් ( මුහුදු වෙරළ, ආරණ්‍ය සේනාසන, පන්සල, පල්ලිය, කෝවිල, කඳු මුදුන් වගේ), නිදහසේ ඉන්න. එතන පරිසරය විඳින්න.
● භාවනාවක් කරන්න පුලුවන් නම් ආනාපානසති වගේ ගොඩක් හොදයි.
( මේෂ - වෘෂභ ලග්න එක්ක බැලුවාම ඒ තරම කෝපය, සැරපරුෂ නොවුනත් ( ග්‍රහ බලය අනුව වෙනස්), මෛත්‍රී භාවනාවත් හොදයි)
● වියදම් - ආදායම් ගැන වෙනම ලියල ඒව මාසයේ අන්තිමට පරික්ෂා කරන්න. ඒ කරල ආර්ථිකය කළමනාකරණය කරගන්න.

* මිථුන ලග්නයේ ඔබට බදාදා - සිකුරාදා දින සුභ කටයුතු වලට හොදයි.
* සෙනසුරාදා, අගහරුවාදා දින සුභ කටයුතු වලට එතරම් හොද නැහැ.

- මිථුන ලග්නයේ ලග්නාධිපති වන බුධ,  කේන්දරයේ දුර්වල නම්, දෘෂ්ටි වශයෙන් පීඩාකාරි නම් හෝ 22 දෙර්කාණාධිපති වගේ ගැටළුවක් නම් නිසි පින්කම් - පිලිවෙත් හරියටම කරල ඒ තත්වයන්ගෙන් මිදෙන්න කටයුතු කරන්න.

- අපි කටක ලග්නය ඊළගට බලමු.

#mithuna #lka #srilankan

No comments:

Post a Comment