Sunday, August 1, 2021

“ කටක “

 


කටක අය සාමාන්‍ය විදියට දාර්ශනිකව හිතන්න කැමති, බොහෝ වෙලාවට ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්ත ගැනත් හිතන ලක්ෂණ තියෙන අය වගේම, ව්‍යාපාර පැත්තට වැඩියෙන් කැමති සහ දක්ෂ අය වෙනව.

ලග්නාධිපති වෙන්නෙ සිතුවිලි වලට අධිපති “ චන්ද්‍රයා/ සඳු“ .

එනිසාම ගොඩක් වෙලාවට එක හිතක නැති වෙන ලක්ෂණ තියෙනව. එහෙම නැත්නම් ක්ෂණිකව වෙනස් වෙන ලක්ෂණ විශේෂයෙන් තියෙනව.
ජල රාශියක් වෙන සදු නිසා දියර සම්බන්ධ ව්‍යාපාර කරලත් දියුණු වෙන්න පුලුවනි ( කේන්දරයේ තත්වය අනුව වෙනස් වෙන්න පුලුවන්)

 හැබැයි, කටක රාශියට උච්ච වෙන, ගුරුගේ බලපෑම මත මේ තත්වය වෙනස් වෙන්න පුලුවන්.
ගුරු නීචව නම් ඉන්නෙ, ඔන්න එයා ලෞකික පැත්තට ගොඩක් බර කෙනෙක්.

● අනිත් අයට උපදෙස් දෙන්න පුදුම දක්ෂකමක් කටක ලග්න අයට තියෙනව. ඒත් තමන්ට ප්‍රශ්නයක් ආවම, ඒකට හරියටම මූණ දෙන්නෙ කොහොමද කියල බොහෝම හිතල, සමහරවිට මානසික පීඩන පවා ඇති කරගන්නව.
දෙයක් හංගගෙන ඉන්නත් අමාරුයි මේ අයට. හිතට එන දේ වැඩිය හිතන්නේ නැතිව කෙලින්ම කියන්නත් දක්ෂ නිසා නැති අවුල් ඇති කරගන්නත් පුලුවනි, හදිසි තරහ එහෙමත් තරමක් තියෙනව.
අනිත් අයට ගොඩක් අනුකම්පා කරනව. අසරණ වෙන අයට උදව් කරන්නත් කටක ලග්න අය හරි දක්ෂයි.
● කටක අයට, විශේෂයෙන්ම හොදයි ව්‍යාපාර ක්ෂෙත්‍ර.
රැකියා උනත් නරක නෑ. උපදේශන - ගුරු වෘත්තිය වගේ ඒවත්, ආහාර - දියර සම්බන්ධ ව්‍යාපාරත් හොදින් ගැලපෙනව.
● සමාජ සේවයට කොහොමත් ප්‍රියයි. ඒව නිසා පාඩුත් කරගන්නව වෙන්න පුලුවන්. නිතර සිතුවිලි වෙනස් කරලා හිත් අමාරුකම් හදාගන්න හරි දක්ෂයි.
● ආදර ප්‍රේමයෙදි ප්‍රතිපත්තිගරුකව ඉන්න කැමති මේ අය, එක එක වෙලාවට අවුල් දාගන්නත් දක්ෂයි. ඒවගේම ප්‍රේමයෙදි හරිම සංවේදි චරිත. 7 වැන්නාධිපති වෙන්නෙ සෙනසුරු නිසා, සාමාන්‍ය විදියට කටක ගෑණු ළමයෙක්ට නම් වඩාත් හොද වෙන්නෙ තමන්ට වඩා වයසින් දැනෙන තරමක් වැඩි, තමන්ම තේරුම් අරගෙන ආදරයෙන් බලාගන්න පුලුවන් කෙනෙක්. සෙනසුරුගේ බලපෑම නිසා විවාහයෙදි සැලකිලිමත් වෙන්න ඕන.

“ දුර්වලතා “
- ඕනවට වඩා වෙන අය ගැන හිතන්න ගිහින්, අනුකම්පා කරන්න ගිහින් නැති ප්‍රශ්න වගේම පාඩුත් සමහර වෙලාවට හිත් රිදවීම් නිසා මානසික පීඩනයත් ඇති කරගන්න පුලුවන්.
- අනිත් අයට උපදෙස් දුන්නට ඒව තමන්ගේ ජිවිතයෙදි වෙනස් කරගෙන අවුල් ඇති කරගන්න පුලුවන්.
- ඉක්මණ් කෝපය නිසාත් පාඩු කරගන්නවා, ඉක්මණ් කෝපය ගොඩක් වෙලාව නොගත්තට තරමක් වෙලා කෝපය නිසා හටගත්ත ආවේගශීලිත්වය වගේ දේවල් පාලනය කරගන්න අමාරුයි.

● කෙනෙක්ට උදව් කරද්දි, ඒක හොද හිතින් කරන්න, ඒත් රැවටෙන්න එපා. වශ්‍ය කෙනාට උදව් කරන්න. තමන් මොලයෙන් කල්පනා කරන දේ ක්‍රියාවට නංවන්න.
● තමන්ගෙ ජිවිතය සම්බන්ධ දේවල් වෙන අය එක්ක කියද්දි පරිස්සමට, ඒ අය ඒවා පස්සෙ කාලෙක තමන්ට විරුද්ධව පාවිච්චි කරන්න පුලුවන්.
● සිතිවිලි වේගයෙන් වෙනස් වන නිසා සහ එනිසාම ඇතිවන මානසික පීඩන තත්වයන් වලට, මෛත්‍රී භාවනාව හෝ බුද්ධානුස්සති භාවනාව වැනි භාවනාවක් ප්‍රගුණ කිරීම මැනවි.

* කටක ඔබට, සඳුදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින යහපත්ය.
* ඔබට සෙනසුරාදා ශුභ කටයුතු වලට එතරම් යහපත් නැත.

- ලග්නාධිපතියා වන චන්ද්‍රයා, 22 දෙර්කාණාධිපතියා වැනි තත්වයක් වේ නම් ගැටළු ඇති වීමට බොහෝ ඉඩ ඇති නිසා, එම තත්වයන් ගැන සැලකිලිමත් විය යුතුය.

- අපි සිංහ ලග්නය ඊලගට බලමු.
#sinha #lka #srilanka

No comments:

Post a Comment