Sunday, August 29, 2021

ගණ දෙවිඳුන්

 


ඉන්දියාවේ ගොඩක් අය වඳින පුදන නිසා වගේ කාරණා නිසා ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ගණ දෙවියන් කියන්නෙ හින්දු දෙවි කෙනෙක් කියල.
ඇත්තටම ගණ දෙවියන් කුඩා කල ඉදල හැදෙන්නෙ ලංකාවේ. එනිසා අයිති ඉන්දියාවෙ වගේ හිතුනත් ඇත්තටම අයිති ලංකාවට..
ඒවගේම මහානුභාවසම්පන්න සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්.. දේවත්වයට පත් උනාට පස්සෙ ඔය ආගමික දෘෂ්ටිවාද වල කිසිම දෙවි කෙනෙක් ඉන්නෙ නෑ. තවත් දියුණු වෙන්න කටයුතු කරන එක තමයි කරන්නෙ.

- ගණ දෙවියො ගත්තාම කුඩා දරුවෙක්ට උනත් පිහිට වෙන තරම් මෘදු ගති තියෙන දෙවි කෙනෙක්. ඒවගේම අයුක්තියට එරෙහිව වැඩ කරන ඍජු දෙවි කෙනෙක් !
මෘදු වගේම ඍජු කියන ගති 2ම තියෙන දෙවි කෙනෙක්..
- විශේෂම දේ තමයි ගණ දෙවියන්ට වඳින්න කියල වෙනම වෙලාවක් හෝ දිශාවක් - කාලයක් නෑ. කොයි වෙලේ වැන්දත්, උදව් ඉල්ලුවත් උදව් කරන හිත හොඳ කෙනෙක්..
- දැන් අහන්න එපා ලංකාව කොරෝනාවෙන් බේරගන්න - ලෝකෙ බේරගන්න බැරිද කියල..?
කර්ම ශක්තිය - පාලකයන්ගේ අධාර්මිකකම සහ ජනතාව ඇතුළු සියලුදෙනාගේ අතපසුවීම් - නොසැලකිලිමත් දේ වලට දෙවිවරු අදාල නෑ.

ඉතින් හරියට පින්කම් කරන්න. ගණ දෙවියන්ටත් අනුමෝදන් කරන්න. පොඩි දරුවන්ට පුලුවන් වෙලාවට රසවත් දෙයක් දීලා ගණ දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ගණ දෙවියෝ ඒවට හරි කැමතියි !

#ගණදෙවියන් #ගණපති #lordGana #Ganapathi #Gana #Ganadeviyan

No comments:

Post a Comment