Saturday, November 20, 2021

ගුරු මාරුව 2021 - Guru Maruwa

 පසුගිය කාලයේ නීචව සිටි ගුරු ග්‍රහයා, නීචව සිටි මකර රාශියෙන් මිදී, සම රාශියක් වන කුම්භ රාශියට පැමිණීම සිදුවේ.
කාලයක් පුරා පැවති කරදර බාධක තත්වයන් වල යම් සමනය වීමක් සමග සමස්ත ජනතාවට තරමක සහනයක් අපේක්ෂා කල හැකි කාලයකි. විශේෂයෙන් පෙර පැවති ත්‍රාඩයන්ට, මැරයන්ට ඉහල වැජඹීමක්, බුද්ධිමත් - ගුණවත් අය පහත් විමක් පසුගිය කාලය පුරා පැවති අතර එම තත්වය වෙනස් වන බව මූලිකව කිව හැක. එසේම මහා පරිමාණයෙන් යහපතක් නොවූවද, පෙර පැවති තත්වයට වඩා යහපත් බව කිව යුතුය.



ලග්න 12ට බලපෑම සැකෙවින් බලමු.

-
● මේෂ
11 වැන්නට ගුරු පැමිණීම.
ආදායම් තත්වයන් වල යම් සුබවාදී බවක් අපේක්ෂිතය. එසේම අධ්‍යාපන කටයුතු වලට තරමක් හොදයි. අලුත් කටයුතු අරඹන්නට යහපත්ය.

-
● වෘෂභ
10 වැන්නට ගුරු පැමිණීම.
රැකියාවේ කටයුතු වලට තරමක සහනදායි තත්වයක් උදාවනු ඇත. රැකියාවක්, රැකියාවේ උසස්වීමකට යහපත්ය.
කටයුතු වලට පැවති බාධා ක්‍රමිකව අඩු වෙයි.

-
● මිථුන
9 වැන්නට ගුරු පැමිණීම.
සිතට සැනසීමක් දැනීම සමග වෙනදාට වඩා ආගමට දහමට නැඹුරු වන කාලයකි. අධ්‍යාපන කටයුතු වලට හොදයි, විදේශ ගතව එම කටයුතු කරන්නට සිතා සිටියා නම් යහපත් ඵල තිබේ.

-
● කටක
8 වැන්නට ගුරු පැමිණීම.
තරමකට ලාභ ලැබෙන කාලයකි. මධ්‍යස්ථ ඵල සහිතයි. නිවසේ අයගේ සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න.

-
● සිංහ
7 වැන්නට ගුරු පැමිණීම.
විවාහ කටයුතු වලට සුභ කාලයකි. ප්‍රේම සබදතා ස්ථිර වෙයි. හදිසි ධනලාභ වලට තරමක වාසනාවක් තිබේ. නිරෝගී බව ලැබේ.

-
● කන්‍යා
6 වැන්නට ගුරු පැමිණීම.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් විය යුතුය. හදිසි ගමන් බිමන් වලින් පරිස්සම් වන්න. ඉවසිලිවන්ත වන්න. සීලය - ප්‍රතිපත්තිය රකින්න. සතුරු බලවේග ඇතිවීමට යම් ඉඩක් තිබේ.

-
● තුලා
5 වැන්නට ගුරු පැමිණීම.
අධ්‍යාපන - උසස් අධ්‍යාපන කටයුතු වලට බොහෝ හොදයි. එසේම ඒවායෙ ජයග්‍රහණ ලැබේ. ආදායම් මාර්ග වල දියුණුවක්ද අපේක්ෂිතය.

-
● වෘශ්චික
4 වැන්නට ගුරු පැමිණීම.
වාසනාව පෑදෙන්නට ඉඩ ඇති කාලයකි. වෙනදාට වඩා දියුණු සිතිවිලි ඇති වේ. කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙන කාලයකි.

-
● ධනු
3 වැන්නට ගුරු පැමිණීම.
ඉගෙනීම් කටයුතු වලට හොදයි. ස්නායු සම්බන්ධ රෝග තත්වයන් ගැන අවදානමත් විය යුතුය. පෙර පැවති තත්වයන් වලට වඩා තරමක බාධා තිබිය හැක ( කේන්ද්‍රය අනුව වෙනස් වේ).

-
● මකර
2 වැන්නට ගුරු පැමිණීම.
අතමිට සරු වන කාලයකි. ආදායම් මාර්ග කීපයක් සාදා ගැනීමේ හැකියාව තිබේ. පවුලේ අය - හිතවතුන් සමග වෙනදාට වඩා සතුටින් කටයුතු කරන කාලයකි.

-
● කුම්භ
1 වැන්නට ගුරු පැමිණීම.
දෝෂ අඩු වන කාලයකි. කැපවීමෙන් යුතුව බොහෝ සැලසුම් ජිවිතය වෙනුවෙන් කරන කාලයකි. ආගම දහමටත් තරමකට නැඹුරු වන සැනසීම ලැබෙන කාලයකි.

-
● මීන
12 වැන්නට ගුරු පැමිණීම.
වියදම තරමකට වැඩි වන කාලයකි. ආගම දහමට නැඹුරු වන කාලයකි. පෙර හොදින් ගත කලා නම්, එයද, නරකින් ගත කලා නම් නරකද ලැබෙන කාලයකි.


*** මේ සියලු කරුණු පොදු කරුණුය !

#ඉරු #ගුරු #කේන්දර #guru #iru #kendara


No comments:

Post a Comment