Monday, July 26, 2021

“ වෘෂභ “

 


ඔය වෘෂභ ලග්න අය ඉන්නව නේද, එයාල හරි කැමතියි ලස්සනට, අඳින්න පලදින්න. ලස්සනට ඉන්න ඒ වෙනුවෙන් වියදම් කරන්න එයාල ලෝබ වෙන්නෙ නෑ.
ඒකට හේතුවක් තමයි, වෘෂභ ලග්නයේ ලග්නාධිපති තමයි “ සිකුරු “ .
සිකුරු, වෘෂභ රාශියෙදි ස්වක්ෂෙත්‍ර කියන බලවත් භාවයට එනව.

● වෘෂභ ලග්න අය තමන් ගැන හරි ආත්මාභිමානයකින් ජිවත් වෙන අය. ඒවගේම තමන්ගේ තීරණය - මතය ගැන ගොඩක් විශ්වාසය තියාගෙන වැඩ කරන අය. ආඩම්බරයි කිව්වත් හරි. වෘෂභ ලග්න ගෑණු ළමයි විශේෂයෙන් ආඩම්බර ගත තියෙන අය. අනුන්ගේ දේට වඩා තමන්ගේ දේ ගැන විශ්වාසයෙන් වැඩ කරන අය තමයි වෘෂභ ලග්නෙන් උපදින්නෙ.

● හිතේ ලොකු අධිෂ්ඨානයක් තියෙනව. එනිසා මොන කරදර ආවත්, ඒක අකාමකා කොහොම හරි තමන්ගෙ ඉලක්කයට යන්න දක්ෂයි. ඒවගේම කාත් එක්ක හරි කතා කරනව නම් බොහොම උනන්දුවෙන් අනිත් කෙනාගෙ හිතට තමන්ගෙ අදහස තේරුම් කරන්නත් දක්ෂයි.
වෘෂභ ලග්න අයට බොහෝම ගැලපෙන්නේ ව්‍යාපාර ක්ෂෙත්‍ර තමයි. රැකියා ක්ෂෙත්‍ර වල උනත් ඉහලටම ගිය වෘෂභ ලග්න අය අපි දන්නවා.

● ආදර - ප්‍රේම කතා වලදී සැලකිය යුතු තරම් ආත්මාර්ථකාමිව සහ බැදීමෙන් යුතුව වැඩ කරන වෘෂභ ලග්න අය, තමන්ගේ සැප පහසුවට අවශ්‍ය දේ කරගෙන ජිවිතය ඉදිරියට ගෙනියන්න කැපවෙලා වැඩ කරන අයයි.
නිතරම කේන්ති ආවෙ නැතත්, කේන්තිය ආවොත් තරමක් සැරපරුෂ ලක්ෂණ තියෙනව. වෙලාවකට කා එක්කවත් කතාවක් නැතිව නිහඬව ඉන්නත් දක්ෂයි.
කොහොම උනත්, වෘෂභ ලග්නයේ කෙනෙක්ව යටත් කරගන්න නම් ලේසි නෑ.

● සමාජ සේවා වලට කැමතියි. ඒවගේම සමාජයේ, අන් අය අතර කැපී පේන්න කැමතියි. මහන්සි වෙලා කටයුතු කරන්නත් දක්ෂයි. මොන දේ කරත් ඒ ගැන යම් සැලැස්මක් හිතේ තියාගෙනයි දේවල් කරන්නෙ.
ඉදහිට හෝ වෙන අයව විශ්වාස කරලා කරදර - පාඩු කරගන්න අවස්ථාත් තියෙනව.

“ දුර්වලතා “

- තමන්ගේ අදහසේම එල්ලිලා ඉන්න නිසා, තව හොද අදහස් ගැන දැනගන්න අවස්ථා නැති වෙන්න පුලුවනි. ඒවගේම ඒ මතය ගැන දැඩි විශ්වාසයකින් ඉදල වැරදුනොත් ලොකු මානසික පීඩා වලට පවා ලක් වෙන්න පුලුවන්.
- රැවටීම් වලටත් ලක් වෙන්න ඉඩක් තියෙනව.
- වියදම අධික නිසා, නිශ්ඵල දේට වියදම වැඩියෙන් කරන්නත් ඉඩ තියෙනව.

● සතියකට වතාවක්වත්, බෝධි පූජාවක් කරන්න. පන්සලකට ගිහින් පොලව අමදින්න. ඒ භූමිය පිරිසිදු කරන්න. කලබලයකින් තොරව. එහෙම කරල බලන්න මනසට ලොකු නිදහසක් දැනේවි - භාවනාව කියන්නෙ හරි සිහියෙන් වැඩ කරන එකයි.
●  තමන්ගේ වියදම් කළමනාකරණය කරගන්න. වියදම් පොතක ලියන්න - ආදායම - ලැබීම වගේම. මාසයේ අන්තිමට ඒව බලන්න.
●  හවුලේ කරන දේවල් වලදි ගොඩක් හිතල බලල තීරණ ගන්න.

* වෘෂභ ලග්න ඔබට සතියේ හොද දවස් , බදාදා සහ සිකුරාදා
  * බ්‍රහස්පතින්දා දවස ඒ තරම හොද නැහැ.

- වෘෂභ ලග්නයේ ලග්නාධිපති “ සිකුරු“.
සිකුරු කේන්දරයේ දුර්වල නම්, දෘෂ්ටි වශයෙන් පීඩාකාරි නම් හෝ 22 දෙර්කාණාධිපති වගේ ගැටළුවක් නම් නිසි පින්කම් - පිලිවෙත් හරියටම කරල ඒ තත්වයන්ගෙන් මිදෙන්න කටයුතු කරන්න.

- අපි මිථුන ලග්නය ඊළගට බලමු.

#Wushaba #lka #srilanka

No comments:

Post a Comment