Sunday, July 25, 2021

“ මේෂ “



● මේෂ ලග්නය කිව්වාම, ලග්නාධිපති වෙන්නෙ කුජ/ අගහරු ග්‍රහයා. කුජට රතු ග්‍රහයා කියලත් කියනව. යුද්ධයට කැමතියි හරියට. කුජ, මේෂ රාශියට ස්වක්ෂෙත්‍රයි. ඒ කියන්නේ මේෂ රාශියෙදි කුජ හොදට බලවත්.
රවි ග්‍රහයා උච්ච වෙන්නෙත් මේෂ රාශියෙදි.

● අපි අත්දැකීමෙන් දන්න විදියට, මේෂ ලග්න අය ඉවසිලිවන්තකමෙන් අඩුයි. කේන්දරයේ ග්‍රහ බලය අනුව ඒක තරමක් වෙනස් උනත්, නිතර තරහ එන, ක්ෂණික කෝපය නිතරම තියෙන අය තමයි මේෂ ලග්නයේ තියෙන්නෙ.
හිත හොඳයි, මිනිසුන්ට උදව් කරනව. ඒ වෙනුවෙන් මහන්සි වෙනව. හැබැයි තරහ එනව. ඒවගේම ටිකක් විතර ආත්මාර්ථකාමියි. ආඩම්බර ගතිත් තියෙනව.

● මේෂ ලග්න අය ඉදිරියට යන්න, දියුණු වෙන්න හරි කැමතියි. එනිසා හරිම අධිෂ්ඨානශීලිව ඒ වෙනුවෙන් කැප වෙනව. අපි දැකල තියෙන මේෂ ලග්න ගොඩක් අය, තමන් මොන ක්ෂෙත්‍රයක හිටියත් ඒකෙ දියුණුවකට ආපු අය.
● මේෂ අයගෙ තව විශේෂ ලක්ෂණයක් තමයි, තමන්ගේ මතයේම ඉන්න පුදුම තරම් උත්සාහ ගන්න එක. ලේසියට වෙනත් මතයකට කැමති වෙන්නෙ නෑ.

● මේෂ අය සමාජශීලියි. එනිසා අන් අය එක්ක ඉක්මනට මිතුරු වෙනව. ක්‍රීඩාවට දක්ෂයි. ගමන් බිමන් - සංචාර වගේ ඒවටත් දක්ෂතා තියෙනව.
● නිතර අභිමානයෙන් ජිවත් වෙන්න හිතන මේෂ ලග්න හිමියන් තමන්ගේ කැපවීම  තුලින්ම දියුණුව අත්කර ගන්නටයි මූලිකව කැමති. එහෙම නැතිව වෙන මාර්ග වලින් හෝ අන් අයව කපලා දාලා දියුණු වෙන්න එයාලට  උවමනාවක් නෑ.

“ දුර්වලතා “

- තම මතයේම ඉන්න නිසා, අන් අයගේ හොඳ අදහසක් උනත් අහගන්න දැනගන්න ඉඩ අඩු වෙන්න පුලුවනි.
- ක්ෂණික කෝපය නිසා හිත් නොහොදකම් ඇති වෙන්න පුලුවන්. ඒ තත්වයන් ගැන අවදානමත් වෙන්න.
- අධික තරඟකාරීත්වයක් සිතේ තිබෙන නිසා එයින් මානසික පීඩනය ඇති වෙන්න පුලුවන්.
- පරාජයකදී, පසුබෑමකදී බොහෝම දුක් වෙනවා.

● නිතරම ඉවසිලිවන්ත වෙන්න හිතන්න ඕන. බුද්ධිමත් වෙන්න හිතන්න.
පුලුවන් නම් දවසට විනාඩි 5 - 10ක් ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් කරන්න.
● ඔයා සමාජශීලි නිසා, අනිත් අයට උදව් කරන දේවල් වලට යන්න පුලුවන් වෙලාවට. එතකොටත් ඔය කලබල ගති නැති වෙනව.

* තමන්ගෙ සුභ කටයුත්තකට වඩාම හොඳ දවස  “ අඟහරුවාදා“
* ඒවගේම සුභ දේකට එතරම් හොඳ නැති දවස “ සෙනසුරාදා “

- මේෂ ලග්නෙට අධිපති වෙන්නෙ කුජ ග්‍රහයා. කේන්දරයේ කුජ දුර්වල නම්, එහෙම නැත්නම් 22 දෙර්කාණාධිපතියා වගේ අසුභ ඵල දෙන කෙනෙක් වෙලා නම්..., ඒ ගැන සැලකිලිමත් වෙලා නිසි පින්කම්, වත් පිලිවෙත් කරන්න ඕන !

අපි වෘෂභ ලග්නය ගැන ඊලග දවසක බලමු !

#mesha #lagna #lk


No comments:

Post a Comment