Tuesday, July 27, 2021

“ මතු බුදු වන ශ්‍රී විෂ්ණු දෙවියන් “


 විෂ්ණු දෙවියෝ කොයි කාලෙත් හරිම වැදගත් දෙවි කෙනෙක් අපිට. බුදුන්වහන්සේ සම්බුදු සසුන රකින්න කියල, ශක්‍ර දෙවියන්ට කිව්වාම, සසුන රකින්න කියල ශක්‍ර දෙවියෝ පවරපු, “ උපුල්වන් දෙවියන්“ කියන්නේ විෂ්ණු දෙවියන්ටයි.

මේ කාලයේ තවත් වැදගත්. ඒ මොකද දන්නවද?

- මේ කාලයේ ලෝකයටම බලපාන පීඩාකාරි සෙනසුරු පීඩනයක් තියෙනව.
එතකොට, සෙනසුරු ග්‍රහ මණ්ඩලයට අධිපති වෙන්නේ විෂ්ණු දෙවියන් ( සෙනසුරුට විතරක් නෙමෙයි මුළු ග්‍රහ මණ්ඩලයටම අධිපති විෂ්ණු දෙවියන්).

මේ තියෙන දැඩි පීඩාකාරි සෙනසුරු පීඩනය සැප්තැම්බර් ඉවර වෙනකම්ම තියෙනව. රටේ පාලකයෝ අතිශයින් අධාර්මික වගේම, අමනොඥ ගමනක යන නිසා ඒකෙ විපාක ජනතාවට ඉතාම තදින් බලපානව.

ඉතින්, මේකෙන් තරමක හරි සහනයක් ගන්න නම්, එතනදි අපිට උදව් කරන්න පුලුවන්, ආශිර්වාද කරන්න පුලුවන් දෙවියන් තමයි විෂ්ණු දෙවියො කියන්නෙ.

- මේ කියන්නේ විෂ්ණු දෙවියන්ට පුද පූජා තියන්න, සල්ලි පිං කැටේට දාන්න කියල නෙමෙයි. දේවාලෙක පැවැත්මට සල්ලි දෙන එක වරදක් නෙමෙයි. පුද පූජා තිබ්බත් ඒක වරදක් නෙමෙයි. පූජා තියෙනව නම් ඒකෙන් තේරෙන්නෙ ඒ දෙවියන්ගෙ ලැබීම. ඒව සංසාරේ කරපු පිනට ලැබෙන දේවල්.
දෙවිවරු, විශේෂයෙන් බුදු බව පතන විෂ්ණු වගේ දෙවිවරු ඔය ලෞකික දේවල් වලට ආසාවෙන් ඉන්නෙ නෑ.
ඔබට සැබෑවට දෙවියන්ගේ ආශිර්වාද ලබන්න නම්, හිත පහදවාගෙන හොද දෙයක් කරන්න. කරල, හිතින් අධිෂ්ඨාන කරන්න, මේ කරන ලද පින්කම විෂ්ණු දෙවියන්ටද අනුමෝදන් වේවා කියල. එච්චරයි !

සම්බුදු සරණයි !

#Wishnu #deviyan #vishnu

No comments:

Post a Comment