Tuesday, October 17, 2017
“ රවි මාරුව “ (ඔක් - නොවැ)
ග්‍රහ ලොව රජු වන රවි ග්‍රහයා, බුධ හිමි කන්‍යා රාශියෙන් මිදී සිකුරුගේ රාශියක් වූද රවී නීච වන්නාවූද තුලා රාශිය වෙත පැමිණේ.
මෙහි දී රවි ග්‍රහයා, ගුරු සහ බුධ සමඟ සංයෝග වෙයි.
රවි මෙම රාශියේ 2017/10/17 සිට 2017/ 11/16 දක්වා ගෝචරය වේ.
-
ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 9 වැන්න වන තුලා රාශියට රවි ග්‍රහයා පැමිනීමත් සමග රටට සුබ පල ගෙන දෙන කාලයක් උදාවේ. විදෙස් සබදතා තර කරගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇති කාලයකි.
-
● මේෂ
මේෂ ලග්නයේ 7 වැන්නට රවි ග්‍රහයා පැමිණෙයි.
මෙතෙක් තිබූ බාධා ඉවත් වේ. නව ප්‍රවණතාවයකින් යුතුව කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාවේ මෙතෙක් තිබූ බලාපොරොත්තු රැසක් සඳහා පියවර ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයකි. නව රැකියා ඉල්ලුම් කර ඇති අයට යහපත් ප්‍රතිඵල ගෙන දෙන කාලයක් වීමට ඉඩ ඇත.
තම දෙමාපියන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. දරුවන්ගේ ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
-
● වෘෂභ
වෘෂභ ලග්නයේ 6 වැන්නට රවි ග්‍රහයා පැමිණෙයි.
තම ආදායම් මාර්ගවල වැය පස ඉහළ යාමට ඉඩ ඇත. ආදායමට වඩා වියදම වැඩි වීමට කරුනු යෙදේ.
නව රැකියා උදා වේ. උසස්විම් - තරග විභාග ආදියට යොමු වීමට ඉඩකඩ ලැබේ.
දෙමාපියන්ගේ දෝෂාරෝපණ එල්ල වේ. අසල්වැසියන් සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත.
-
● මිථුන
මිථුන ලග්නයේ 5 වැන්නට රවි ග්‍රහයා පැමිණෙයි.
තම ආදායම් මාර්ග වල හෝ ව්‍යාපාර වල ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
තම රැකියා කර්මාන්ත වල ඇති කරදර බාධක අඩු වීමට ඉඩ ඇත. නව රැකියා වලට ඉල්ලුම් කර ඇති අයට ඒ සම්බන්ධ සහනදායි පිළිතුරක් ලැබීමට ඉඩ ඇත.
මවුපියන්ගේ අවවාද ලැබේ. අසල්වැසියන්ගේ උපකාර ලැබීමටද ඉඩ ඇත. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට සුබ ඵල ගෙනදෙන කාලයකි.
-
● කටක
කටක ලග්නයේ 4 වැන්නට රවි ග්‍රහයා පැමිණෙයි.
ආදායම් මාර්ග වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් විමට ඉඩ ඇත. නිවාස ඉඩකඩම් මිල දී ගැනීමට අවස්ථා ලැබීමට ඉඩ ඇත.
තම රැකියාවේ ස්ථාවර බවක් ඇතිවීමට කරුනු යෙදේ . නව රැකියා උදා වේ.
නිවාස සම්බන්ධ ගැටලු නිරාකරනය කරගැනීමට හිතමිත්රාදීන්ගේ උදව් උපකාර ලැබීමට කරුනු යෙදේ. පවුලේ සමගිය වර්ධනය වේ.
-
● සිංහ
සිංහ ලග්නයේ ලග්නාධිපතියා වන රවි 3 වැන්නේ ගෝචරය වේ.
මෙතෙක් පැවති ආදායම් මාර්ග වල අවහිරතා මඟ හරවා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. තම ආදායම් මාර්ගවල ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
තම රැකියාව ස්ථිර කරගැනීමට කර ගැනීමට හැකියාව ලැබේ. නව රැකියා රැකියා ලැබේ. ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වේ.
පවුලේ සමගිය වර්ධනය වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය කර ගැනීමට හැකිවේ. මංගල යෝග උදා වේ.
-
● කන්‍යා
කන්‍යා ලග්නයේ හිරු නොහොත් රවී 2 වැන්නට පැමිණේ.
තිබූ ආදායම් මාර්ග වල ආදායම පහළ යාමට ඉඩ ඇත. ණය ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග හෝ ව්‍යාපාර සැලසුම් කිරීමට සුභ හැකි කාලයකි.
රැකියාවේ වෙහෙසකාරී බව වැඩි වේ. ස්ථානමාරු හෝ රැකියාවෙන් රැකියාවෙන් වෙනස් වීම පෙන්නුම් කරන කාලයකි.
සහෝදර සහෝදරියන් සම්බන්ධව කටයුතු කිරීමටත් අවස්ථාවන් උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.
-
● තුලා
තුලා ලග්නයේ හිරු නොහොත් රවී ලග්නගත/1 වැන්නට එයි.
ව්‍යාපාර ආදායම් මාර්ග වල ආදායම වැඩි කිරීම සඳහා ගත් පියවරක් සාර්ථක වීමට ඉඩ ඇත.
නව රැකියා කරන අයගේ රැකියා ස්ථාවර වේ. රැකියා ස්ථාන වල කැපී පෙනෙන ලෙස වැඩකටයුතු කිරීමට ඉඩකඩ ලැබේ.
පවුල තුල සමගිය වර්ධනය වේ. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
-
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ හිරු නොහොත් රවී 12 වැන්නට පැමිණේ.
තමන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට පියවරක් ගැනීමට සිදු වේ, නැතහොත් ප්‍රශ්න ගැටළු ඇති විය හැක.
රැකියාවේ තරඟ විභාග වලට සහභාගි වීමෙදි තරමක් ගැටළු ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති කාලයකි. නව රැකියා ප්‍රමාද විය හැක.
දෙමාපියන්ගේ අවවාද ලැබෙයි. තමන්ගේ ගැටළුව විසඳා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇති කාලයකි .
-
● ධනු
ධනු ලග්නයේ රවි 11 වැන්නේ ගෝචරය වේ.
තම ආදායම් මාර්ග වලට සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇති කාලයකි. තම ආදායම් මාර්ග වල ප්‍රශ්න ගැටලු නිර්මාණය විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය.
රැකියාවේ වෙහෙසකාරී බව වැඩි වේ. දුර බැහැර රාජකාරි සඳහා ගමන් බිමන් යෑමට සිදු වේ. නව රැකියා ඉල්ලුම් කිරීමට සුබ කාලයකි.
ගේ දොර උදෙසා තීරණ ගැනීමට සිදු වෙයි. දරුවන් පිළිබඳව අවධානය යොමු කළ යුතු කාලයකි.
-
● මකර
මකර ලග්නයේ 10 වැන්නට රවි ග්‍රහයා පැමිණෙයි.
ආදායම් මාර්ග හා ව්‍යාපාර දියුණු කර ගැනීමට පියවරක් ගැනීමට සිදු වෙයි. නැතහොත් ගැටලු ඇති වේ.
නව රැකියා උදා වේ. රැකියාවේ කාර්යබහුල බව සහ වෙහෙසකාරී බව වැඩිවිමට ඉඩ ඇත. නව රැකියා වලට බාධා ඇති වේ.
දෙමව්පියන්ගේ අවවාද ලබා ගැනීමට සිදුවේ, නැතහොත් ප්‍රශ්න ගැටලු ඇතිවිය හැක. දරුවන්ගේ අධ්‍යාපනයට පියවර ගැනීමට සිදුවේ.
-
● කුම්භ
ලග්නයේ රවි 09 වැන්නේ ගෝචරය වේ.
මූල්‍ය ප්‍රශ්න විසඳා ගැනීමට බැංකුවලින් හෝ තම මිතුරන් ණය ලබා ගැනීමට හැකියාව ලැබීමට කරුනු යෙදේ. ව්‍යාපාර සාර්ථක කර ගැනීමට පියවරක් ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
රැකියාවේ මෙතෙක් පැවැති ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගැනීමට කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. නව රැකියා ලැබීම ප්‍රමාද වෙයි.
තම සහෝදර සහෝදරියන් සමග ගැටළු ඇති විය හැකිය, කල්පනාකාරී විය යුතුය.
මුත්‍රාශය සම්බන්ධ රෝග පීඩා ඇති විය හැක.
-
● මින
ලග්නයේ රවි 08 වැන්නේ ගෝචරය වේ.
ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේදී වෙනදාට වඩා මුදල් වැය වීම වැඩි විය හැක.
රැකීරක්ෂා කටයුතුවල යෙදීමේදී තරමක් බාධා මතුවිය හැක. පෞද්ගලික වැඩකටයුතු වලට කාලය වැය කිරීමට සිදු වෙයි.
ගෘහ ජීවිතයේ සිතට සතුට අඩු වී යන කාලයකි. දෛනික වැඩකටයුතු අතපසු වී යන තත්වයක් නිර්මාණය වේ.
-
Iru Astrology
077 2238041
irusewaya@gmail.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment