Saturday, October 14, 2017
“ බුධ මාරුව “
-
ග්‍රහ ලොව සුරතල් කුමාරයා වන බුධ ග්‍රහයා තම සහෝදරියගේ නිවස වන තුලා රාශියට 2017/10/13 වැනිදා පැමිණේ. එහි 2017/11/02 දක්වා කාලය ගත කිරීමට සිදුවේ.
ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 9 වැන්නට බුධ පැමිණේ. තරමක් වැහිබර කාලගුණයක් තවදුරටත් ඇති වීමට ඉඩ ඇත.
රට වෙනුවෙන් වැදගත් තීරණ රාශියක් ගැනීමට හැකි කාලයකි.
-
ලග්න 12ට පොදුවේ මෙහෙමයි (කේන්දරය අනුව වෙනස් විය හැක).
-
● මේෂ
මේෂ ලග්නයේ බුධ 7වැන්නට පැමිණේ.
පැවති ගැටළු ගැටලුකාරී තත්වයන් පහවී තරමක් සුබ පල ගෙන දෙන කාලයක් වේ.
රැකියා නොමැති අයට රැකියා ලැබීමටද ඇති අයගේ ගැටලු තත්වයන් වලින් මිදිමටද අවස්ථා උදාවිමට ඉඩ ඇත.
ඉඩකඩම් මිලදී ගැනීමට නිවාස අලුත්වැඩියා කිරීමට වැඩි වශයෙන් උනන්දුවක් දක්වන කාලයක් වීමට ඉඩ ඇත .
-
● වෘෂභ
වෘෂභ ලග්නයේ 6 වැන්නට බුධ පැමිනේ.
හවුල් ව්‍යාපාර කටයුතු වලින් තරමක් දුරට පාඩු සිදුවීමට ඉඩ ඇත. කල්පනාකාරීව සහ මනා බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුය.
තම රැකියා කටයුතුවල පෙර තිබූ නිදහස අඩු වේ. රැකියා සොයන අයට රැකියා තරමක් ප්‍රමාද වීමට ඉඩ ඇත.
ජිවිතයේ සමගියට බාධා පැමිණේ ඉවසීමෙන් සහ බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතුය.
-
● මිථුන
මිථුන ලග්නයේ බුධ 5 වැන්නට පැමිණේ.
අලුත් අදායම් මාර්ග වලට යොමු වීමට අවස්ථාව උදා වෙයි. ඔබගේ ආදායම් මාර්ග වල දියුණුව උදෙසා කටයුතු කිරීමට හැකි කාලයක් විය හැක.
තමන් සමග රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
පවුලේ සමගිය වර්ධනය වේ. තරුණ අයට යහපත් විවාහ අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. නිෂ්ඵල ගමන් බිමන් වලට අවස්ථා උදාවෙයි.
-
● කටක
කටක ලග්නයේ 4 වැන්නට බුධ පැමිණේ.
ආදායම් මාර්ග වල ඉදිරි දියුණුව උදෙසා නව පියවර රැසක් ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
රැකියාවේ පෙර පැවති බාධාකාරී තත්ත්වයන් ඉවත් වේ. උසස්වීම් තරඟ විභාග වලට යොමු වීමට අවස්ථා උදා වේ.
ගෘහ ජීවිතයේ තමන්ට පවතින ගැටලු විසඳා ගැනීමට කාලය වැය කිරීමට සිදුවිය හැක .
-
● සිංහ
සිංහ ලග්නයේ බුධ පැමිණෙන්නේ 3 වැන්නටය.
කලක් තිස්සේ තිබූ බලාපොරොත්තු සඵල කර ගැනීමට වැඩි ඉඩ කඩක් ලැබෙන කාලයකි.
නව රැකියා උදා වේ. තම රැකියාවට තිබු කරදර බාධා ඉවත් විය හැකි කාලයකි.
තමන්ගේ දරුවන් ගේ අධ්‍යාපනය වර්ධනය කර ගැනීමට උපකාර කිරීමට ඉඩ ලැබිය හැකි කාලයකි.
-
● කන්‍යා
කන්‍යා ලග්නයේ බුධ 2 වැන්නට පැමිණෙයි.
ආදායම් මාර්ග වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. නිවාස දේපල මිලදී ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.
රැකියා ස්ථානයේ තරග විභාග උසස් වීම් වලට සහභාගි වීමට සහ පියවර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වේ.
ගෘහ ජීවිතයේ වෙනදාට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක.
-
● තුලා
බුධ තුලා ලග්නයේ පැමිණෙන්නේ ලග්න භාවයට හෙවත් 1 වැන්නටය.
පෙරට වඩා ඉතිරි කිරීමට උනන්දුවක් දක්වන කාලයක් විය හැක. නව ආදායම් මාර්ග ආරම්භ කිරීමට සුදුසු කාලයක් වෙයි.
අලෙවිකරණය ආශ්‍රිත රැකියා කරන අයට සුබ පල ගෙන දෙන කාලයක් වේ.
කවුද සමගියට තරමක් බාධා පැමිණේ. දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා කටයුතු කිරීමට සිදු වේ.
-
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ බුධ 12 වැන්නේ ගෝචර වේ.
මූල්‍ය ආයතන වලින් ණය ලබාගැනීමට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මුදල් කළමනාකරණයේදී ප්‍රවෙශම් විය යුතුය.
රැකියා කර්මාන්ත වල සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
අසල්වාසීන් සමඟ පොදු සමාජ කටයුතු වලට යොමු වීමට ඉඩ කඩ ඇති කාලයක් වේ.
-
● ධනු
ධනු ලග්නයේ බුධ 11 වැන්නට පැමිණේ.
වෙනදාට වඩා ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. ව්‍යාපාර කටයුතු කිරීමට වෙනදාට වඩා බුද්ධිය මෙහෙය වීමට සිදුවේ.
රැකියා ස්ථානයේ අනික් අය සමග සමගියෙන් කටයුතු කිරීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. නව රැකියා උදා වේ.
මව් පියන්ට ඇප උපස්ථාන කිරිමට ඉඩ ලැබේ. වැදගත් තීරණ රැසක් ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
-
● මකර
මකර ලග්නයේ බුධ 10වැන්න ට පැමිණේ.
ආදායම් මාර්ග සහ තම ව්‍යාපාර කටයුතු වල මුල්‍යමය ගැටලු විසදා ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
මෙතෙක් ස්ථිර නොවු රැකියා ස්ථිර විමට ඉඩ ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබිමට හැකි කාලයකි.
නිවස වැඩ කටයුතු වලදී මෙතෙක් තිබුනු බාධා ඉවත්වි එම වැඩ නිම කරගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
-
● කුම්භ
කුම්භ ලග්නයේ 9 වැන්නට බුධ පැමිණේ.
තමන්ගේ ආදායම් මට්ටම පෙරට වඩා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙයි. තම සේවකයන්ගේද සහය ලැබීමට ඉඩ ඇත.
නව රැකියා සොයන අයට සුදුසුකම් වලට සරිලන රැකියා ලැබිමට ඉඩ ඇත. රැකියා කරන අයට තරමක් කරදරකාරී කාලයක් වේ.
පවුලේ සමගිය වෙනදාට වඩා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විමට ඉඩ ඇත.
-
● මින
මීන ලග්නයේ බුධ 8 වැන්නට පැමිණේ.
තම ව්‍යාපාරික ස්ථානයේ හෝ ආදායම් මාර්ග වල නීතිමය ගැටලු ඇතිවිමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කළ යුතු ය
රැකියා ස්ථානයේ කලබලකාරී ගති වැඩිවිම නිසා මෙතෙක් පැවති නිදහස අඩුවේ. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
පවුලේ සමගියට තරමක් බාධා මතුවිමට ඉඩ ඇත. ප්‍රේම සබදතා වල ගැටලු ඇතිවිමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කල යුතු වේ.
-
@Iru Sewaya
077 2238041
irusewaya@gmail.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment