Monday, October 16, 2017
සතියේ ලග්න පලාපලය (ඔක් 17 සිට)
-
සදු මෙම සතිය තුල කටක - සිංහ - කන්‍යා යන රාශි වල ගෝචර වේ.
පොදු පලාපලයක් පමණි.
-
● මේෂ
තම ආදායම් මාර්ග වලට සතුරු කරදර එල්ල වීම නිසා තරමක් අඩපණ වීමට ඉඩ ඇත. ඉඩකඩම් ගෙවල් මිලදී ගැනීමට සිතා සිටි අයට ඒ සඳහා හොඳ සතියකි.
තම රැකියා ස්ථානයේ ගනු ලබන සෘජු තීරණ නිසා තරමක් අවාසි සහගත වීමට ඉඩ ඇත. නව රැකියා ලැබිමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය වේ. මෙතෙක් පැවති ගැටලුකාරී තත්වයන් අඩු වීමට ඉඩ ඇති කාලයේදී, දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය වර්ධනය කර ගැනීමට පියවර ගත යුතු වේ.
-
● වෘෂභ
වෙනදාට වඩා තමා ආදායම් මාර්ග පුළුල් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව උදා විය හැක. නව ව්‍යාපාර ආරම්භ කිරීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
රැකියා ස්ථානයෙ මිතුරන්ගේ උපකාර ලැබීමට ඉඩ ඇත. එම නිසා තම කාර්යයන් පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවේ.
නෑදෑ හිතමිත්‍රාදීන් සමග වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබිය හැකි කාලයකි. මංගල යෝග උදා වේ .
-
● මිථුන
කලක් තිස්සේ පැවති බලාපොරොත්තුවක් ඉටු වීම තුළින් සිතට යම් සහනයක් ලැබීමට ඉඩ ඇත. පෙර පැවති කරදරකාරී තත්වයන් අඩු විය හැක.
නව රැකියා අවස්ථාවන් බලාපොරොත්තුවෙන් සිටි අයට සුදුසුකම් වලට සරිලන රැකියා ලැබේ. බාහිර පුද්ගලයන්ගේ කරදර නිසා තම වැඩ අතපසු වීමට ඉඩ ඇත.
අසල්වාසීන් සමඟ තරමක් ගැටළු ඇති වීමට ඉඩ ඇත. මෙම සතිය තුළ පෙරට වඩා පිනට දහමට නැඹුරු වීමට ඉඩ ඇත.
-
● කටක
තම ආදායම් මාර්ග වල මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් තරමක් සිත් තැවුල් ඇති වීමට ඉඩ ඇත. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.
නව රැකියා අවස්ථා උදා වීම ප්‍රමාද වීමට ඉඩ ඇත. තම රැකියාව වෙනුවෙන් ගනු ලබන තීරණ දෙවරක් සිතා බැලිය යුතු ය.
තම දේපළ වෙනුවෙන් ඇති ව තිබූ ගැටලු නිරාකරණය කරගැනීමට කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් කිරීමට ඉඩ ඇත.
-
● සිංහ
තමන්ගේ ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කිරීමට යම් පියවරක් ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක. නව ආදායම් මාර්ග උදා වෙයි.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වීමට ඉඩ ඇත. නව රැකියා බලාපොරොත්තු බලාපොරොත්තුවෙන් සිටින අයට කැඳවීම් ලිපි ලැබීමට ඉඩ ඇත.
සහෝදරයින් සමඟ කලක් පැවති අමනාපකම් දුරු කර ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක. මංගල යෝග උදා වේ.
-
● කන්‍යා
ආදායමට වඩා වියදම වැඩි වීමට ඉඩ ඇත. ආදායම් මාර්ග වල නීතිමය ගැටලු ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
නව රැකියා සොයන අයට රැකියා ලැබේ. රැකියා කරන අයගේ ඒ ස්ථාන මාරු වීමක් හෝ වෙනස් වීමක් සිදුවිය හැකි කාලයකි.
ගේ දොර සමගිය වර්ධනය වේ. යහපත් මංගල යෝජනා ඉදිරිපත් වීමට ඉඩ ඇත.
-
● තුලා
මූල්‍ය කලමනාකරණයේ පැවති දුර්වලතා මග හරවා ගැනීමට හැකියාව ලැබෙන සතියක් කිරීමට ඉඩ ඇත. නව ව්‍යාපාරයක් හෝ ආදායම් මාර්ගයක් ආරම්භ කිරීමට හැකියාව ලැබෙන කාලයකි.
නව රැකියා ලැබේ. කැමති දුර්වලතා මඟ හරවා ගැනීමට යම් පියවරක් ගැනීමට සුදුසු සතියකි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. මංගල යෝග උදා වේ.
-
● වෘශ්චික
ආදායම් මාර්ග හෝ තම ව්‍යාපාර කටයුතු කර ගෙන යාමේදී බාහිර පාර්ශවයන්ගෙන් උදව් උපකාර ලැබිමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ ගනු ලබන පියවර සාර්ථක වේ, එමනිසා කැපී පෙනෙන ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කිරීමට ඉඩ ඇත.
දෙමව්පියන්ගේ සතුට - සැනසීම වෙනුවෙන් දරුවන්ට කාලය වැය කිරීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත.
-
● ධනු
මුදල් සමඟ ගනුදෙනු කිරීමේ දී පාඩු සිදුවිය හැකි බැවින් තරමක් ප්‍රවේසම් විය යුතුය. ආර්ථිකයේ ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ ඇති වන ගැටළු හේතුවෙන් මානසික පීඩා ඇති වීමට ඉඩ ඇත. නව රැකියා ප්‍රමාද විය හැක.
අසල්වාසීන් සමඟ අඩදබර ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරීව ඇසුරු කිරීම කළ යුතුය. ප්‍රේම සබඳතා වල ගැටළු ඇති විය හැක.
-
● මකර
තම ආදායම් මාර්ග අවහිරකම් පෙන්නුම් කිරීමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග වලටද දුෂ්කරතා ඇති විය හැක.
රැකියා ස්ථානයේ ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීමට යහළුවන්ගෙන් උපකාර ලබාගැනීමට සිදුවේ. නව රැකියා ලැබිමට ඉඩ ඇත.
ඇතිවන ගැටලු විසඳා ගැනීමට දෙමව්පියන්ගේ උදව් උපකාර ලබාගැනීමට සිදු වන කාලයක් විය හැක.
-
● කුම්භ
ආදායම් මාර්ග වල මුදල් සම්බන්ධ බාධා මෙන්ම ගැටලු ඇතිවීමට ඉඩ ඇත. නව ව්‍යාපාර ආශ්රිත කටයුතු කිරීමට ඉඩ ලැබිමට ඉඩ ඇත.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත. තමන් ගනු ලබන තීරණය වලින් තරමක් බාධා ඇති වීමට ඉඩ ඇක.
අසල්වාසීන් සමග වැඩ කටයුතු කිරීමටද, විනෝද ගමන් ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමටද ඉඩ ලැබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පෙරට වඩා පහසුවෙන් කරගෙන යාමට ඉඩ ලැබිය හැකි සතියකි .
-
● මින
නව ආයෝජන අවස්ථා සඳහා යොමු වීමට බලාපොරොත්තු වු අයගේ බලාපොරොත්තු සඵල විය හැකි සතියකි.
රැකියා ස්ථානයේ පෙර පැවති කරදරකාරි කාලය අඩුවේ. ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි කාලයකි. නව රැකියා ලැබෙන කාලයක් විය හැක.
පවුලේ සමගිය උදෙසා කටයුතු කිරීමට ඉඩ ලැබෙන කාලයකි. නිවස ආශ්රිත කටයුතු කර ගෙන යාමට ඉඩ ලැබිය හැක.
-
Facebook ඉරුසේවය
077 2238041
irusewaya@gmail.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment