ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ ග්‍රහයා රවි හිමි සිංහ රාශියෙන් මිදී බුධ ගේ නිවස වන කන්‍යා රාශියට පැමිණෙයි. පැමිණ එම රාශියේ සිටින රවි, සිකුරු සමග සංයෝග වේ. ඒ අනුව රවි - සිකුරු - කුජ සංයෝගයක් ඇති වේ.
කුජ ග්‍රහයා 2017/10/13 සිට 2017/11/30 දක්වා කන්‍යා රාශියේ ගෝචර වේ.
ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 8 වැන්නට කුජ පැමිණීම තුල, කාලගුණය සමතුලිත නොවීමට ඉඩ ඇත. පෙර පැවති බාධාකාරී තත්ත්වයන් තවදුරටත් ඇති වීමට ඉඩ ඇත.
-
ලග්න 12ට පොදුවේ මෙහෙමයි. කේන්දරය අනුව වෙනස් විය හැක.
-
● මේෂ
මේෂ ලග්නයේ 6 වැන්නට කුජ ග්‍රහයා පැමිණියේය.
ආර්ථික අපහසුතා පැන නැගීමට ඉඩ ඇති කාලයකි. ව්‍යාපාරවල මූල්‍යමය ගැටලු ඇතිවීමට ඉඩ ඇත.
රැකියා කරන අයගේ රැකියා කාර්ය බහුල වීමටද, රැකියා වල තරමක් කරදර ඇතිවීමටද ඉඩ ඇත.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා දෙමාපියන්ට විවේකය අඩු වන කාලයක් වීමට ඉඩ ඇත.
-
● වෘෂභ
වෘෂභ ලග්නයේ 5 වැන්නට කුජ ග්‍රහයා පැමිණියේය.
තම ආදායමට වඩා වියදම් වැඩි වීමට ඉඩ ඇත. ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට පියවර ගැනීම ද සිදු විය හැක.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා කාර්ය බහුලව වැඩ කටයුතු කිරීම තුළින් වැඩපල අතපසු වීමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තරමක් පහල බැසීමට ඉඩ ඇත.
-
● මිථුන
කුජ ග්‍රහයා පැමිණියේ මිථුන ලග්නය 4 වැන්නට ය.
තම දේපළ පිළිබඳ ගැටළු ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරී විය යුතු ය. ආදායම් තත්ත්වය පහළ බැසීම ද කරුණු යෙදෙයි.
රැකියා කරන අයගේ රැකියා වෙනස් වීමක් මාරු වීමක් පෙන්නුම් කරන කාලයක් වේ. නව රැකියා ප්‍රමාද කරයි.
දෙමාපියන් තම දරුවන් අතර මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇත. පවුලේ සමගිය පවත්වා ගැනීමට පියවරක් ගැනීමට සිදු විය හැක.
-
● කටක
කටක ලග්නයේ 3 වැන්නට කුජ ග්‍රහයා පැමිණ තිබේ.
වෙනදාට වඩා උද්යෝගයෙන් තමා ආදායම් මාර්ග වර්ධනය කර ගැනීමටත් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන් සමඟ ගැවසීමටද ආයතන ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබීමට ද ඉඩ ඇත.
සහෝදර සහෝදරියන් සමඟ සිංහල වැඩ කටයුතු සාර්ථකව නිම කර ගැනීමට හැකි වීමට ඉඩ ඇත.
-
● සිංහ
සිංහ ලග්නයේ 2 වැන්නට කුජ ග්‍රහයා පැමිණ තිබේ.
තම ආදායම් මාර්ග වල ආදායමට වඩා වියදම් වැඩි වීමට ද ඉඩ ඇත. නව ආදායම් මාර්ග වලට මාර්ග වලට යොමු වීම ගැන දෙවරක් සිතා බැලීම වඩා යහපත්ය.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන් සමඟ මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත. වචනය පාලනය කර ගත යුතුය.
සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත. දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් අවවාද ලබා ගැනීමට සිදු විය හැක.
-
● කන්‍යා
කන්‍යා ලග්නයේ කුජ ග්‍රහයා ලග්න ගත වි තිබේ.
තම නිවාස දේපල ආශ්රිත ගැටලු නිරාකරණය කර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා කැපී පෙනෙන ලෙස වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
අසල්වාසීන් සමග වැඩ කටයුතු කිරීමට ද, විනෝද ගමන් ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට ඉඩ ලැබේ.
-
● තුලා
තුලා ලග්නයේ 12 වැන්නට කුජ ග්‍රහයා පැමිණ තිබේ.
තම ආදායම් මාර්ග වල වෙනදාට වඩා වියදම් වැඩිවීම තුළින් මූල්‍ය ගැටලු නිර්මාණය විය හැක.
රැකියා ස්ථානයේ දුර බැහැර ගමන් බිමන් යෙදීම තුලින් නව සබඳතා ගොඩනගා ගැනීමට හැකි වීමට ඉඩ ඇත.
වෙනදාට වඩා තම පවුල් පසුබිම තුළ ගැටලු නිර්මාණය වීමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කල යුතු ය.
-
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ ලග්නාධිපති වන කුජ ග්‍රහයා 11 පැමිණියේය.
වෙනදාට වඩා ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට හැකි කාලයක් විමට ඉඩ ඇත. නව ව්‍යාපාර ආරම්භ කල හැකි කාලයකි.
රැකියා සොයන අයට තමන්ගේ සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා වෙයි. රැකියා කරන්න අයට උසස් වීම් වලට සුදුසු අවස්ථා උදා වනු ඇත.
ගෘහ ජිවිතයේ කැපී පෙනෙන ලෙස වැඩ කටයුතු සිදු කිරීමට අවස්ථා උදාවේ. මංගල යෝග උදාවේ.
-
● ධනු
කුජ ග්‍රහයා ධනු ලග්නයේ පැමිණියේ 10 වැන්න වන කර්මස්ථානයටය.
වෙනදාට වඩා නොසන්සුන් ගති වැඩි වීම තුලින් ආදායම් තත්වය පහල බැසීමටත් බාධා ඇතිවිමටත් ඉඩ ඇත.
රැකියා ස්ථානයේ ගනු ලබන සෘජු තීරණ හේතුවෙන් ගැටුම් ඇතිවිමට ඉඩ ඇත. රැකියා සොයන අයට නව රැකියා ප්‍රමාද කරයි.
පවුලේ සමගියට බාධා පැමිණේ. දරුවන්ගේ ගැටලු විසදා ගැනීමට කාලය වැය කිරීමට සිදුවේ.
-
● මකර
මකර ලග්නයේ 9 වැන්නට කුජ ග්‍රහයා පැමිණියේ ය.
වෙනදාට වඩා තම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
තම රැකියා ස්ථානයේ තම වැඩකටයුතු කර ගැනීමට අන් අයගේ සහය ලබා ගැනීමට සිදු විය හැකි කාලයකි.
ගෘහ ජීවිතයේ තම දෙමාපියන් දරුවන් අතර සමගිය වර්ධනය වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා පැමිණේ.
-
● කුම්භ
කුම්භ ලග්නයේ කුජ ග්‍රහයා 8 වැන්නට පැමිණියේය.
තම ආදායම් මාර්ග වල පවතින දුර්වලතා හේතුවෙන් මූල්‍ය කළමනාකරණයේ පාඩු සිදුවිය හැක. කල්පනාකාරීව කටයුතු කල යුතුය.
රැකියා කර්මාන්ත වල පෙර පැවති බාධා තත්වයන් දුරු වී යෑමට ඉඩ ඇත. නව රැකියා ලැබීමට ඉඩ ඇත.
තම පවුලේ දියුණුව උදෙසා වැඩ කටයුතු කිරිමට හැකි කාලයකි. පාසල් බාහිර ක්‍රියාකාරකම් වලින් ජය ලැබිමට හැකි කාලයක් විය හැක.
-
● මින
මීන ලග්නයේ 7 වැන්නට කුජ ග්‍රහයා පැමිණියේය.
ව්‍යාපාරික ස්ථාන වල හෝ තම ආදායම් මාර්ග වල පවතින බාධා දුරු කර ගැනීමට යාමෙන් මුදල් සම්බන්ධ ගැටලු ඇතිවීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ තනතුරු වෙනස් වීමක් පෙන්නුම් කරයි.නව රැකියා සොයන අයට රැකියා ලැබීමට ඉඩ ඇත.
පවුලේ සමගියට බාධා ඇති වේ. ගනු ලබන තීරණ වලදී නම්‍යශීලී විය යුතුය. ප්‍රේම සබඳතා වලට දෙමව්පියන් ගෙන් බාධා ඇතිවිමට ඉඩ ඇත.
-
Iru Sewaya
077 2238041
irusewaya@gmail.com
No comments:
Post a Comment