Sunday, October 8, 2017

සතියේ ලග්න පලාපලය - ඔක් 9 සිට

චන්ද්‍රයා මෙම සතිය තුල  මේෂ - වෘෂභ - මිථුන යන රාශි වල ගෝචර වේ.

පොදු කරුණු පමණි.  කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
     ආර්ථික වශයෙන් සුබ පල ගෙන දෙන සතියක් වීමට ඉඩ ඇත. හදිසි ධන ලාභ  ලැබිමට ඉඩ ඇත. යාන වාහන මිලදී ගැනීම් වලට සුබ සතියකි.
රැකියා ස්ථානයේ තමාට පැවරෙන වැඩකටයුතු නිසි වෙලාවට කිරීමට ඉඩ ප්‍රස්ථාව උදා  විය හැකි කාලයක් වෙයි.
පවුලේ අය සමග සමගියෙන් වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ. සිතට සහනයක් උදා වේ. වෙනදාට වඩා පවුලේ අයගෙන් උපකාර ලැබේ.
   
       -
● වෘෂභ
     ආදායම් මාර්ග වලට වෙනදාට වඩා සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත. ප්‍රවෙශම් විය යුතුය. නව ආදායම් මාර්ග මාර්ග වලට යොමු වීම නොකළ යුතුය.
රැකියා  ස්ථානයේ බාධාකාරී සිදුවීම් සිදුවිම තුලින් තම වැඩ කටයුතු එපා විමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය වේ. වෙනදා තිබූ කලබලකාරී ස්වභාවයක් අඩු වීමට ඉඩ ඇත.

    -

● මිථුන
    තම බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවන කාලයකි. තම ආදායම් මාර්ගවලින් වෙනදාට වඩා සාර්ථක ප්‍රතිඵල ලගා කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා වේ. රැකියා කරන අයට තිබු බාධා අඩුවේ.
මංගල යෝග ක්‍රියාත්මක වීමට ඉඩ ඇති සතියකි. ප්‍රමාද වී තිබූ මංගල යෝජනා ස්ථිර වෙයි. හිතට සහනයක් ගෙන දෙයි.

   -
● කටක
    තම ව්‍යාපාර ආදායම් මාර්ග වල මූල්‍යමය කටයුතු පාලනයේදී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතුය. ගැටලු ඇතිවිමට ඉඩ ඇත.
රැකියාවේ දුර බැහැර ගමන් බිමන් යෙදිමට ඉඩ ඇත. එමනිසා වෙනදාට වඩා තරමක් පිඩාකාරි විය හැක.
තම සහෝදරියන් සමඟ තරමක් ආරවුල් පෙන්නුම් කරන සතියකි. වැඩ කටයුතු කිරිමෙදි  ප්‍රවෙශම් විය යුතුය.

 
    -
● සිංහ
   වෙනදාට වඩා තම වැඩකටයුතු වැඩ කටයුතු ඉක්මන් කිරීමට යාම තුළින් තරමක් ගැටලූ නිර්මාණය වීමට ඉඩ ඇත.
රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට නව රැකියා ප්‍රමාද කිරීමට ඉඩ ඇත. රැකියා කරන අයට තරමක් සුබ සතියකි.
තම පවුල වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි. අසල්වැසියන් සමග වෙනදාට වඩා සමීපව කටයුතු  කිරීමට ඉඩ ලැබිමට හැකිය.

     -

● කන්‍යා
   මූල්‍යමය ව්‍යාපාර වල යෙදී සිටින අයට වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල උදාවිමට ඉඩ ඇති සතියකි. ආදායම් මාර්ගද වෙනදාට වඩා යහපත් විය හැක.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගෙන් වෙනදාට වඩා පැසසුම් ලැබීමට ඉඩ ඇත. රැකියා සොයන අයට  නව රැකියා උදා වේ.
දෙමාපියන්  සමග වෙනදාට වඩා ගැවසිමට ඉඩ ලැබිය හැක. පවුලේ සමගිය වර්ධනය වේ.
   
   -

● තුලා
   තම ආදායම් මාර්ග දියුණු කිරීම උදෙසා නව පියවරක් ගැනීමට සුදුසු කාලයකි. ඉදිරිය ගැන සිතා වැඩ කටයුතු කිරීමට ඉඩ ඇති කාලයකි.
රැකියාවේ උසස් වීම්, තරග විභාග ආදියට මුහුණ දීමට ඉඩ ප්‍රස්තාව ලැබේ. රැකියා සොයන අයට නව රැකියා උදා වේ.
තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස වීමට සිදුවිය හැක. ආදර සම්බන්ධතා වල තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබේ

   
  -

● වෘශ්චික
   මුදල් පරිහරණයේදී ප්‍රවේශම් විය යුතුය නැත හොත් ගැටළු ඇතිවිමට ඉඩ ඇත. තම ඉදිරි දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට සිදු වන සතියකි.
තම වැඩකටයුතු වලට ඇති සැලකිලිමත් භාවය අඩුවි යාම නිසා රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගෙන් දෝෂාරෝපණ එල්ල වේ.
තම අනාගත දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. මාපියන්ගේ ආශිර්වාදය හිමි වේ. පෙම් සබදතා වලට ගැටලු ප්‍රශ්න ඇති වේ.

     -
● ධනු
    නව ආදායම් මාර්ගයක් හෝ ව්‍යාපාර ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ කාලයක් වෙයි. වෙනදාට වඩා කැපවීමෙන් වැඩ කිරීම ට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ වෙහෙසකාරී බව වැඩි වේ. දුර බැහැර ගමන් බිමන් යෙදිමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට රැකියා තරමක් ප්‍රමාද වේ.
තම අසල්වාසීන් සමඟ සමග වෙනදාට වඩා සුහදව වැඩ කිරීමට ඉඩකඩ ලැබිය හැකි කාලයකි. පවුලේ සමගියට තිබූ බාධා ඉවත් වේ.

    -
● මකර
   තම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීමට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ. තම ආදායම් මාර්ග වලට සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත.
තම රැකියා ස්ථානයේ  වෙනදාට වඩා බුද්ධියෙන් වැඩ කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබේ. නව රැකියා ප්‍රමාද වේ.
දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදු වේ. ඉගෙනීම් කටයුතු වලට බාධා එල්ල විය හැකි සතියකි.
    -

● කුම්භ
   තමන් ගනු ලබන තීරණ තමන්ට අවාසි සහගත වීමට ඉඩ ඇත. එමනිසා තරමක් කල්පනාකාරීව වැඩ කටයුතු කර ගතයුතු කාලයකි.
රැකියා ස්ථානයේ සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත. ස්ථාන මාරු පෙන්නුම් කරන කාලයකි. රැකියා සොයන අයට නව රැකියා උදා වේ.
තම දරුවන්ගේ කටයුතු නිසා සිත් තැවුල් මානසික පීඩා බහුල කාලයක් වීමට ඉඩ ඇත. ප්‍රේම සම්බන්ධතා සම්බන්ධතා වර්ධනය වේ.

   -
● මින
  නිවාස ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමට සුබ කාලයකි. ඉදිරි දියුණුව උදෙසා වැඩ  කටයුතු කිරීමට ඉඩ ලැබෙන කාලයකි.
තම රැකියාවේ ස්ථානය කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක. නව රැකියා ලැබේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින් සහ තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබීමට ඉඩ ඇති සතියකි. ප්‍රේම සබදතා  වල ගැටළු ඇතිවිමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කලයුතුය.
  -


iru sewaya #lka #srilanka

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment