Tuesday, October 9, 2018

හැමෝම බලා ඉන්න “ ගුරු මාරුව “

ග්‍රහ ලොව සුරගුරු එනම් ගුරුවරයා වන ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහයා සෞභාග්‍යයට අධිපති වෙනවා.  මිනිසුන්ගේ පැවැත්මටද යහපත් තත්වයන් සහ ආර්ථික සමාජීය කරුණු වලට ගුරු ග්‍රහයාගේ බලපෑමක් තිබේ.
ගුරු මාරුව සිදුවන්නේ වසරකට වරකි. තමන්ගේ සතුරු රාශියක් වූ තුලාවෙන් මිදී වෘශ්චිකයට පැමිණීම මෙහිදී සිදු වෙයි.  ඔක්තෝබර් 12 වනදා සිට පුරා වසරක කාලයක් මෙය බල පවත්වයි.
-

( මේ සියලු කරුණු පොදු කරුණු බව සලකන්න - කේන්දරය අනුව මේ තත්වයන් වෙනස් විය හැක)

-
ඒ අනුව ලග්න 12ට පොදුවේ මෙසේය.
-
● මේෂ
ගුරු පැමිණෙන්නේ 8 වැන්නටය.
ආයුෂ ගැන කියවෙන 8 වැන්නට රාහු පැමිණීම තරමක් අසුබය. විශේෂයෙන් ඔබ ඔබගේ සෞඛ්‍ය තත්වය( අස්ථි සහ යටි බඩ ආශ්‍රිත), හදිසි බාධක, හදිසි අනතුරු යනාදිය ගැන අවදානමත් විය යුතුය. වියදම වැඩි වන කාලයකි. යම් ගැටළු වලට සුබදායි ප්‍රතිපල අත්පත් කරගැනීමට ඔබ වෙහෙසෙන කාලයකි. විටෙක කාලය විවේකීව ගත කිරීමටද හැකියාව ඇත. කටයුතු වලදී ඉවසීමෙන් සිතා බලා කටයුතු කල යුතුය.


-
● වෘෂභ
ගුරු පැමිණෙන්නේ 7 වැන්නටය.
විවාහය - හවුල් ව්‍යාපාර ගැන කියවෙන 7 වැන්නට ගුරුගේ පැමිණීම සුබදායක වෙයි. ඒරාෂ්ටකය පැවතියද මෙම මාරුව ඔබට යහපත්ය. මංගල යෝග උදාවන කාලයකි. රැකියා කටයුතු වලටද යහපත්ය. ඉගෙනීමේ කටයුතුද සාර්ථකව කරගන්නට හැකි වන්නේ දැඩි කැපවීමෙන් කටයුතු කිරීමෙනි. ව්‍යාපාර යනාදියටද යහපත් කාලයකි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග යනාදියෙන් පරිස්සම් වන්න.


-
● මිථුන
ගුරු පැමිණෙන්නේ 6 වැන්නටය.
සතුරු ස්ථානය වන 6 වැන්නට ගුරු පැමිණිම සමඵලය. සතුරු බාධක ගැන අවදානමත් විය යුතුය. නෑදෑයන්ගෙන් උපකාර හිමි කරගත හැකි වන්නේ බුද්ධිමත්ව ඒ තත්වය ගැන කටයුතු කලොත්ය. තරමක කම්මැලිකම් ඇතිවන කාලයක් වන අතර, උවමනාවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම තුලින් තමන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන යා හැක. දහමට අනුව කටයුතු කල යුතු කාලයකි.

-
● කටක
ගුරු පැමිණෙන්නේ 5 වැන්නටය.
අධ්‍යාපනය සහ පුත්‍රස්ථානය වන 5 වැන්නට පැමිණීම බොහෝ සුබයි. තරමක කලබල වීම්, ආවේගශීලි ගති තිබුනේ නම් දැන් ඒ තත්වයන් පහව යනු ඇත. ගන්නා තීරණ අනුව ජයග්‍රහණ ලබාගැනීමටත්, වාසනාව ඇති කරගැනීමටත් හැකියාව ලැබෙන කාලයකි. වාසනාවන්ත දරු ඵල ලැබෙන්නට හැකියාව පවති. මංගල යෝගද බහුල නිසා යහපත් තත්වයක් ඇති වෙයි. දියුණුව ඕනෑම අංශයකින් අත් කරගැනීමටත් වාසනාව තිබේ.

-
● සිංහ
ගුරු පැමිණෙන්නේ 4 වැන්නටය.
මෙතෙක් කලක් 3 වැන්නේ සිටි කාලයේ ලෙඩක් නොතිබුනත්, ලෙඩක් තිබුනා හා සමාන තත්වයන් තිබුනු කාලයක් ගෙවා අවසන්ය. දේපල ලාභ ලැබෙන කාලයකි. යාන වාහන වාසනාවද පවති. කෙසේ වුවද බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුමය. පෙර කුසලය ඉස්මතු වීමට ඉඩ පෑදෙන කාලයකි. මංගල යෝගද උදා වන නිසා ඒ ගැනද තරමක් බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න. ව්‍යාපාර කටයුතු වලට යහපත්ය.

-
● කන්‍යා
ගුරු පැමිණෙන්නේ 3 වැන්නටය.
මෙය සාපේක්ෂව සිතු කල තරමක් අයහපත්ය. වෙනදාට වඩා සනීපාරක්සාව ගැන අවදානයෙන් සිටිය යුතු කාලයකි. කරන කටයුතු මනාව සිතා බලා කල යුතු කාලයකි. වෙනදාට වඩා තම පවුල ගැන සැලකිලිමත් විය යුතුමය. ඒ අයට අවශ්‍ය කරන උදව් කල යුතුය. විවාහ කටයුතු වලට යහපත් නිසා ඒ ගැනද සැලකිලිමත්ව කටයුතු කරන්න. පෙර පින මතු කරගැනීමට අවශ්‍ය කටයුතු මේ කාලයේ සිද්ධ කරගැනීම වඩා හොදයි.


-
● තුලා
ගුරු පැමිණෙන්නේ 2 වැන්නටය.
ගුරුගේ සුභ ඵල ලැබෙන්නටත් බුද්ධියෙන් යුතුව කටයුතු කරන්නටත් වාසනාවන්ත කාලයකි. විශේෂයෙන් රැකියා ව්‍යාපාර යනාදිය දියුණු කරගන්නට වඩාත් හොද කාලයකි. වෙනදාට වඩා අන් අයගේ උදව් ලැබෙන මෙන්ම මංගල යෝගද උදා වන කාලයකි. එසේම හදිසි ධනලාභද ලැබෙන යහපත් කාලයකි. බුද්ධියෙන් යුතුව මේ තත්වයන් වඩා යහපත් කරගන්නට කටයුතු කරන්න.

-
● වෘශ්චික
ගුරු පැමිණෙන්නේ 1 වැන්නටය.
ගුරුගේ පැමිණීම තරමක් යහපත් බව කිව හැක. සෙනසුරු ඒරාෂ්ටකයේ අවසාන කාලය ගත කරන ඔබට මේ කාලයේ ඉවසිලිවන්තව කටයුතු කිරීම තුල දියුණුව ලබාගැනීමට හැකියාව ඇත. රැකියා - ව්‍යාපාර යනාදිය සාමකාමිව කරන්නට උත්සහ දැරීම තුලින් ජයක් උදා කරගන්නට හැකියාව ඇත. අන් අය සමග කරන කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න. දෝෂ භංග වන කාලයක් නිසා තම දියුණුවට අදාල කටයුතු කරන්නට මෙන්ම සැලසුම් කරන්නටද සුභ කාලයකි.

-
● ධනු
ගුරු පැමිණෙන්නේ 12 වැන්නටය.
ගුරුගේ පැමිණීම 12 වැන්නට තරමක් බාධා තිබෙන කාලයකි. ඒරාෂ්ටකය සහිතව ගත කරන කාලයක් නිසා ගුරුගේ 12 වැන්නට පැමිණීම වියදම් අධික වීමට ඉඩක් ඇත. විශේෂයෙන් ඉදිරිය ගැන සිතා බලා තීරණ ගත යුතු කාලයකි. විශේෂයෙන් කිව යුත්තේ කරන කටයුතු ගැන අවදානමත් වන ලෙසයි. ඉවසීමද වැදගත් වනු ඇත. ආගම දහමට වැඩිය නැඹුරු වන කාලයකි. එනිසාම සැනසීමද ඇතිවන කාලයකි.
-

● මකර
ගුරු පැමිණෙන්නේ 11 වැන්නටය.
තරමක් යහපත් කාලයක් ලෙස ගුරුගේ ගෝචරය සැලකිය හැකිය.
වෙනදාට වඩා අන් අය සමග සුහදශීලිව දියුණුව වෙනුවෙන්ද කටයුතු කරන්නට හැකියාව ලැබෙන කාලයකි. ආර්ථික දියුණුවද අත්පත් කරගන්නට වාසනාව ලැබෙන්නට වැඩි ඉඩක් පවති. කලින්ට වඩා බුද්ධිමත් තීරණ ගන්නට හැකියාව ඇති නිසා ඒ කටයුතු සම්බන්ධ ඒවායෙන්ද දියුණුව ලැබෙන්නට හැකියාව ඇත.
සෞඛ්‍ය තත්වයද යහපත් වෙයි.

-
● කුම්භ
ගුරු පැමිණෙන්නේ 10 වැන්නටය.
තරමක් සුභ ඵල ලැබෙන පිහිටිමකි. තමන් කරන කටයුතු ගැන අවබෝධයකින් සහ ඉවසීම සහිතව කටයුතු කල යුතුය. විශේෂයෙන් වේගවත්ව කටයුතු කරන්නට නොයා සන්සුන්ව කටයුතු කිරීම වඩා හොදයි. අධ්‍යාපන කටයුතු වල දියුණුව ලැබෙන කාලයකි. ආගම දහමට අනුව කටයුතුද කරන කාලයකි.
සෞඛ්‍ය ගැටළු විසදෙන කාලයකි - ඒ වෙනුවෙන් කැපවිය යුතුය.

-
● මීන
ගුරු පැමිණෙන්නේ 09 වැන්නටය.
මෙය බොහෝ සුභ ඵල ලැබෙන කාලයකි. වෙනදාට වඩා සංචාරයටත් ඒ කටයුතු වලට ආර්ථික ශක්තියද සැලසෙන්නට වාසනාව තිබෙන කාලයකි. ඔබගේ නම රට - ලෝකය පුරා ප්‍රචලිත වන්නට වාසනාව තිබෙන කාලයකි. වාසනාවන්තව කටයුතු කිරීමට හැකියාව ඇති අතර ඒ වාසනාව තේරුම් ගෙන ධාර්මිකව කටයුතු කල යුතුය. දහමට අනුව කරන කටයුතු වලින්ද සැනසීම ඇතිවන කාලයකි. ඉගෙනීම් වල යෙදෙන අයටද බොහෝ යහපත්ය.
සෞඛ්‍ය තත්වයටද යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

-

#ඉරු
irusewaya@gmail.com


-

Sunday, August 26, 2018

නැකැත් 27ට අයත් ගැහැණු ළමුන්ගේ ලක්ෂණ

( මුල් නැකැත් 9 - අස්විද සිට අස්ලිස දක්වා )

මෙලොවට බිහිවන කුඩා දැරිවියක්, තරුණියක්, මවක්, සහෝදරියක් ආදි නොයෙක් පදවි ලබමින් ජිවිතයේ ගමන් කරයි. 
විශේෂයෙන් මෙය පිරිමි පාර්ශවයට ඉතාම වැදගත් ලිපියකි. 

විශේෂ වශයෙන්ම එම ලග්න වලට අදාල චරිත ලක්ෂණ විශේෂතා .

Sunday, August 19, 2018

“ බුධ වක්‍රයෙන් මිදීම “



2018 අගෝස්තු 19 වනදා තම වක්‍ර ගමනින් මිදෙමින්, බුධ හෙවත් ග්‍රහ ලොව සුරතලා නිවෘත වෙයි.. බුද්ධිය ගැන කියවෙන බුධ ග්‍රහයාගේ වක්‍ර භාවයෙන් මිදීම පොදුවේ රටටම සුබයි.

-
ලග්න 12ට කොහොමද පොදුවේ මෙහෙමයි.

-
● මේෂ
දියුණුව ලැබෙන කාලයකි. රැකියාවේ දියුණුවද අපේක්ෂිතය. රැකියා ස්ථානයේ කැපී පෙනෙන, ප්‍රසිද්ධිය ඇති වෙන කාරණා ඇතිවේ. කෙසේ වුවද බුද්ධිමත් වීම යහපත්ය.
-

● වෘෂභ
දේපල ලාභ ලැබීමටත් තරමක හේතුකාරකයි. වෙනදාට වඩා තරමක් සැගවී සිටින ලක්ෂණද ඇති විය හැක. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලට සුබයි. මංගල යෝග ඇති වන කාලයකි.

-
● මිථුන
ජනප්‍රිය වන කාලයකි. වෙනදාට වඩා දහමට අදාලව කටයුතු කරන කාලයකි. කැපවීමෙන් මහන්සියෙන් කටයුතු කරන කාලයකි. මංගල යෝග ඇති වේ. පවුලේ සමගිය ඇති වේ.
-

● කටක
තරමක් බාධා තිබුනද ඒවා තම බුද්ධිය මත ජය ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. වෙනදාට වඩා ඉවසීමකින් යුතුව කටයුතු කල යුතු කාලයකි.

-
● සිංහ
විශේෂ බාධා නොතිබුනද බුද්ධියට අනුවම කටයුතු කල යුතු කාලයකි. අධ්‍යාපන කටයුතු වලට බාධා තිබුනද කරගෙන යා හැක. දේපල - වාසනා ලැබීමටත් වාසනාව තිබේ.

-
● කන්‍යා
තරමක බාධා ඇති වන කාලයකි. ආගමට දහමට අනුව කටයුතු කරන ඒවාට බොහෝ කැපවෙන ඒ ගැන සිත යොමුවන කාලයකි. වෙනදාට වඩා ඉවසිලිවන්ත වීම තුලින් ජයග්‍රහණයන් ලබාගත හැක.

-
● තුලා
වෙනදාට වඩා අන් අය අතර කැපී පෙනෙන කාලයකි. අන් අයගේ උදව් ලැබේ. ඉගෙනීමට යහපත්ය. බුද්ධිමත් වීම තුල වාසි ලැබෙන කාලයකි.

-
● වෘශ්චික
රැකියාවේ දියුණුවක් අපේක්ෂා කල හැක. වචනය සහ කටයුතු වලදි අන් අය සමග නම්‍යශීලිව කටයුතු කරන්න. විදේශ ගත වීමටත් මේ කාලයේ හැකියාව ඇත. කටයුතු යහපත් නිසා බුද්ධිමත්ව කටයුතු කල යුතුමය.

-
● ධනු
වෙනදාට වඩා ඥානාන්විතව කටයුතු කරන කාලයකි. රැකියාවේ කටයුතු වලට යහපත්ය. බුද්ධිමත් වීම තුල දියුණුව අපේක්ෂා කල හැක.

-
● මකර
බුද්ධියෙන් යුතුව මෙන්ම අරපිරිමැස්මෙන් කටයුතු කල යුතු කාලයකි. ආර්ථිකය දියුණු වන්නට ඉඩ වැඩි කාලයකි. කරදර විදගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙන කාලයකි.
-

● කුම්භ
අන් අයගේ සහයෝගය ලැබෙන ඒවා තුලින් වාසිද ඇති වන කාලයකි. වචනයෙදි බුද්ධිමත් වන්න. කැපී පෙනෙන යහපත් කාලයක් මෙන්ම ඒවා නිවරදිව භාවිත කිරීමටත් බුද්ධිමත් විය යුතුය.

-
● මීන
සමාජයේ කැපී පෙනෙන කාලයකි. සමාජ සේවා කටයුතු වලට වඩා හොද කාලයකි. විදේශ ගත වීම් වලටත්, මුදල් - දේපල ලාභ වලටත් වාසනාව ඇති වන කාලයකි.

-

#ඉරු
irusewaya@gmail.com

යුටියුබ්
https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

" මණි අක්ඛිත දෙව් රජ "

කැළණි රජ මහා විහාරයද, එගොඩ කැළණිය වන කිත්සිරි මෙවන් රජමහ විහාරයටද ආරම්භයේ වටිනාම දායකත්වය ලබාදුන් නාග රජතුමාය...
දෙව් ලොව දෙවියෙක්ව නිවනට අවශ්‍ය කටයුතු සකසා ගනිමින් සිටී..
නිසි පින්කම් කර අනුමෝදන් කරන්න ...
ආශිර්වාද ලැබෙනවා නියතය...

-
#ඉරැ
irusewaya@gmail.com

Saturday, August 18, 2018

කරණීයමෙත්ත සූත්‍රය සමග මෛත්‍රිය වඩමු !

( විවේකීව නිදහසේ අහන්න - අරුත වටහා ගන්න - මේ අයුරින් මෛත්‍රිය වඩන්න )

බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ සියලු සත්වයන්ට මෛත්‍රී වැඩීමේ වටිනාකම පහදා දීමටයි. මෙම සූත්‍රය ආරක්‌ෂාවට කියන පිරිතක්‌ මෙන්ම භාවනා කර්මස්‌ථානයක්‌ වශයෙනුත් හැඳින්විය හැකියි.
සියලු කල්හි ආරක්ෂාව සැලසෙන බැවින් බෞද්ධ-අබෞද්ධ සියලුදෙනාට භාවිත කල හැකි පිරිත් රත්නයකි.

1) කරණීය මෙත්ත කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි
(ශාන්ත තත්වයට පැමිණීමට කැමති කෙනා කල යුත්තේ කුමක්ද ?
දක්ෂයා එය කටයුතු කල යුතුය. සමර්ථ විය යුතු අතර, අවංක, කීකරු, මුදු, නිහතමානි ගතිගුණ වලින් යුක්ත විය යුතුය.)

2)
සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

(සිතේ සතුට ඇත්තෙක් වන්නෙය. පහසුවෙන් පෝෂණය කල හැකි කෙනෙක් වේ. කටයුතු ස්වල්පයක් ඇති අයෙක් වේ. සැහැල්ලු ගති ඇති, සන්සුන් ඉඳුරන් ඇත්තෙක් වේ. ප්‍රඥාවන්ත වේ. හැඩි දැඩි නොවේ, කුලයන්හි නොඇලේ)

3)
නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

(නුවණ ඇති අය විසින් නින්දා කරන කුඩා වරදක් පවා නොකරන්නෙය. සියලු සත්වයන් භය නැත්තෝ වේවා. සියලු සත්වයන් සුවයෙන් පිරුණු සිත් ඇති අය වේවා)

4)
යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා

(කෙලෙස් සහිත සත්වයෝද, කෙලෙස් රහිත සත්වයෝද යන සියලු ප්‍රාණ භූත සත්ව කෙනෙක් වෙ දික්වූ හෝ මහත්වු හෝ මධ්‍යම හෝ කුඩා සිරුරක් අත්තාවූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වූ සත්වයෝ වෙත්ද)

5)
දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

(ඇසට පේන්නාවු හෝ නොපෙන්නාවු සත්වයෝ වෙත්ද, සත්ව කෙනෙක් දුර හෝ ලග සිටිද, උපන්නාවු සත්ව කෙනෙක් වෙත්ද, ඉපදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත්ද)

6)
නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

(වෙන කෙනෙක් නොරවටන්නේය. කිසිතැනක අන්අයට අවමන් නොකරන්නේය. කය-වචනය 2න් කරන දෝෂාරෝපණ, සිතින් කරන ක්‍රෝධයෙන්ද ඇතිවන දුක් නොකැමති වන්නේය.)

7)
මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං

(මවක් තම පුතා රකින්නා සේ සියලු සතුන් කෙරේ මෛත්‍රි සිත වඩන්නේය.)

😎
මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං

( පමණ රහිත, පීඩා රහිත වෛර චේතනා රහිත වූ, සතුරන්ට රහිත වූ මෛත්‍රියද උඩ යට සරස යන සියලු ලෝකයෙහි වඩන්නේ්ය.)

9)
තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

(මෛත්‍රිය සිටගෙන සිටින විට, ගමන් යන විට, හිඳගෙන සිටින විට හෝ නිදමින් සිටින විට නොනිදා සිටිනතාක්කල් වඩන්නේය.)

10)
දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

( මිථ්‍යාදෘෂ්ටියට පත් නොවි, සේවාන් මාර්ග ඥාන දර්ශනයෙන් යුතුවී වස්තු වලට ගිජුබව/ක්ලේශකාමය, සකෘදාගාමි, අනාගාමි මාර්ග 2න් ප්‍රහීන කොට ඒකාන්තයෙන් මව්කුස පිලිසිද ගැනිමට නැවත නොපැමිනෙන්ය)

#ඉරු

irusewaya@gmail.com

Monday, August 13, 2018

රවි මාරුව ඔබට කොහොමද ?



ග්‍රහ ලොව නායකයා වන රවි හෙවත් ඉරු ග්‍රහයා අගෝස්තු 17 වනදා තමනගේ නිවහනට එනම් ස්වක්ෂෙත්‍ර ස්ථානය වන සිංහ රාශියට පැමිණෙයි.
* රවි බලවත් වන ස්ථානයක් බැවින්ද රවිගෙන් පවතින ආණ්ඩුව ගැන කියවෙන බැවින්ද ආණ්ඩුවට විවිධාකාර තීන්දු තීරණ ගැනීමටත්, මෙතෙක් රජයේ තිබුනු දුර්වලතා මග හැරෙන තත්වයක්ද අනිකුත් ගෝචරය අනුව සලකා බලන කල රජය බලවත් වන බවද කිව හැක.

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.


-
● මේෂ
5 වැන්නට රවි පැමිණේ.
වෙනදාට වඩා බුද්ධියෙන් සහ කැපවීමෙන් යුතුව කටයුතු කරන කාලයකි. අන් අය අතර කැපී පෙනෙයි. දියුණුව ලැබෙයි.
සෞඛ්‍ය සම්පන්න වන කාලයකි.

-
● වෘෂභ
4 වැන්නට රවි පැමිණේ.
රැකියා කටයුතු වල සහ දේපල යනාදියේ වෙලදාම් වලින්ද දියුණුවට හේතු ඇති වේ. සුබ තත්වයන් සමග බුද්ධිමත් විය යුතුය. ධනවත් වීමට හේතු කාරකයි.

-
● මිථුන
3 වැන්නට රවි පැමිණේ.
ලාභ සහ වාසනාව තිබෙන කාලයකි. අන් අයගේ ගරුත්වයට පාත්‍ර වන සහ කම්මැලිකම් දුරලන කාලයකි. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කර ජය ලැබිය හැකි කාලයකි.

-
● කටක
2 වැන්නට රවි පැමිණේ.
ඔබ ඇසුරු කරන අයගෙන් සැලකිල්ල ලැබේ. විශේෂයෙන් ඉහල අයගෙන් සැලකුම් ලැබෙන්නට හැකි කාලයකි. 2 වැන්න වචනය ගැන කියවෙන තැන බැවින් වචනය වෙනදාට වඩා තියුණු වීම අනවශ්‍ය බාධක ඇති කරන්නට ඉඩ ඇති බව සිහියේ තබාගන්න.

-
● සිංහ
1 වැන්නට රවි පැමිණේ.
මෙතෙක් පැවති දුර්වලතා සහ පාඩු යනාදිය අඩු වන කාලයකි. රැකියාවේ උසස් වීම් යනාදිය අපේක්ෂා කල හැක. හදිසි ධන ලාභද ලැබෙන්නට ඉඩ ඇත. කෙසේ වුවද නම්‍යශීලිව කටයුතු කල යුතුය.

-
● කන්‍යා
12 වැන්නට රවි පැමිණේ.
රවි 12ට පැමිණීම තරමක් අයහපත් වුවද රවි බලවත් වීම තුල, බුද්ධියෙන් සහ උපායශීලිව කටයුතු සිදු කරන්නේ නම් මේ කාලය යහපත් කරගැනීමට හැකියාව ඇත. ආයෝජන වලදි තරමක් සැලකිලිමත් වන්න.

-
● තුලා
11 වැන්නට රවි පැමිණේ.
කරන කියන කටයුතු සාර්ථක වන කාලයකි. වෙනදාට වඩා කැපවීම තුලින් කුමන අන්දමේ අභියෝගයක් වුවද ජයගත හැකි කාලයකි. වෙනත් අය සමග කරන කටයුතු වලදී ඉවසිලිවන්ත වීම යහපත්ය.

-
● වෘශ්චික
10 වැන්නට රවි පැමිණේ.
රැකියා ස්ථානයට රවි පැමිණීම සමග රැකියාවේ දියුණුව සහ උසස් වීම් අපේක්ෂා කල හැක. කෙසේ වුවද වෙනදාට වඩා වගකීම් කටයුතු ලැබෙන බැවින් ඔබට යහපත පිණිස මේවා හේතු විය හැක.

-
● ධනු
9 වැන්නට රවි පැමිණේ.
පින ගැන කියවෙන 9ට රවි පැමිණීම පොදුවේ සුභයි. අනිකුත් ගෝචරය සමග තරමක බාධා තිබුනද බුද්ධිමත්ව කටයුතු කිරීම තුලින් දියුණුව අපේක්ෂා කල හැක. ආයෝජන අවස්ථා වලට සුබ කාලයකි.

-
● මකර
8 වැන්නට රවි පැමිණේ.
ආයුෂ ගැන කියවෙන 8 වැන්නට පැමිණීම තුලින් ඔබගේ කලබලකාරි ගති ඉස්මතු වීමට තරමක ඉඩක් ඇත. කෙසේ වුවද කලබලකාරි නොවි කටයුතු කලොත් යහපත් කාලයක් අපේක්ෂා කරන්නට හැකියාව ඇත. හදිසි ධන ලාභ ලැබෙන්නටද ඉඩක් පවති.

-
● කුම්භ
7 වැන්නට රවි පැමිණේ.
හදිසි ලාභ, දේපල ලාභ යනාදියට තරමක හේතු කාරණා පවති. අන්පේක්ෂිත සිද්ධි වලටද ඉඩක් පවති. පවුල් ජිවිතය ඉවසීමෙන් ගත කල යුතුය, ඒ තුලද විශේෂ වාසනාවන් උදා වනු ඇත.

-
● මීන
6 වැන්නට රවි පැමිණේ.
ඔබ කරන කටයුතු වලට අන් අයගේ සහයෝගය මැනවින් ලැබෙන කාලයකි. මංගල යෝග තිබෙන නිසා යහපත් වුවද බුද්ධියෙන් යුතුව කටයුතු කිරිම හොදයි. හවුල් ව්‍යාපාර යනාදි කටයුතු වලටද යහපත්ය.

-
මේවා පොදු පලාපල පමණි !

#ඉරු

irusewaya@gmail.com


Sunday, August 5, 2018

" විහාර මහා දේවීන් වහන්සේ "

ලංකාවේ වීර කාන්තාවන් අතර 01 තැන ගන්නා විහාර මහා දේවිය දුටු ගැමුණු සහ සද්ධාතිස්ස යන රජව⁣රැන්ගේ මවය.

රටට - සම්බුද්ධ ශාසනයට මහගු සේවාවක් කල උත්තම කාන්තාවකි. ඇය නාග සම්භවයක් තිබුනු කෙනෙක් බව බොහෝදෙනා දන්නේ නැත.

පති භක්තියෙන් යුතුව, මව් ගුණයෙන් යුතුව සහ රට ජාතියට වැඩ කටයුතු මනාව කල නිසා, අද දිව්‍ය ලෝකයේ මහානුභාවසම්පන්න දේවතාවියක්ව වැඩ සිටී...

විශේෂයෙන් කිය යුත්තේ තමන් නූතන විහාර මහා දේවිට කියා ගන්නා බොහෝ චරිත වලට සැබෑවටම ඇති ගුණයක් - සීලයක් නැති බවය..
නූතන හෝ පැරණි කියා කිව්වද, නැවත මතු වන්නේ පරණ දේවල්මය. එය ⁣ලෝකයේ හැටිය. ගුණය - පින යනාදිය කාලය අනුව වෙනස් වන්නේ නැත.

#ඉරැ

irusewaya@gmail.com

Sunday, July 15, 2018

දිව්‍ය - බ්‍රහ්ම ලෝක 2ටම ප්‍රධාන වන “ සක් දෙව් රජ “

ශක්‍ර දිව්‍ය රාජයා දිව්‍ය - බ්‍රහ්ම ලෝක 2ටම ප්‍රධාන වන්නේය. පසුගිය දිනක අප මෙය යෙදූ විට පොතපත කියවූ අය විසින් සක් දෙව් රජ චතුර් මහාරාජිකයටත්, තව්තිසාවටත් පමණක් ප්‍රධාන බව කියන ලදි. එය පොතේ දැනුමින් උගතුන් වෙන අයගේ දැනුමින් කියන ලද්දකි. වසර දහස් ගණනකට පෙර තත්වය එයයි.
නමුත් අද කුසල තත්වය අනුව ශක්‍ර දිව්‍ය රාජයා දිව්‍ය ලෝක වලට පමණක් නොව බ්‍රහ්ම ලෝක වලටද ප්‍රධාන වෙයි. බ්‍රහ්ම ලෝක වල මහා බ්‍රහ්ම රාජයාණන්වහන්සේද වැඩි සිටි.

බුදුන්වහන්සේද දේශනා කර ඇති පරිදි, යමක් නිවරදිව දැන ගැනීමට අවශ්‍ය නම් තමන් විසින්ම එය සොයාගත යුතුය. දැනුම වැදගත් බව සැබෑය. නමුත් දැනුමද අවසානයේ අතහැරිය යුතු බව විදර්ශනාවෙන් සිතන පතන අය නම් දන්නවා විය යුතුය. සැබෑවටම උගත්කම යහපත් වුවද, උගත් බවද මාර විලාශයක් වන බව විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්නේ නම් දන්නා කාරණාවකි.
තවද සමහර අයට ඇති ගැටළුවක් නම් ශක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනය ගැනයි. එය බුදුන්වහන්සේට පූජා කරන ලදි. එනිසා දැන් එය රත් වන්නේ නැත.

ශක්‍ර දිව්‍ය රාජයා අද සිටින තත්වය  “ විශේෂ චිත්ත සමාධියක්“ ඇති මහතෙකු විසින් භාවනාවෙන් දැනගන්නා ලද කාරණාවකි. නාථ දෙවියන් සහ මෛත්‍රි බෝධිසත්වයන් යනු දෙවිවරු 2ක් බව අප කීවේද එසේය.
පොතේ ඇත්තේ, සුමනසමන් දෙවියන් සෝවාන් බවය. ඔබ සුමනසමන් දෙවියන්ට අදාල දේවාල සෑම එකකටම ගියද, ශ්‍රීපාදයේ පවතින එම දෙවියන්ට කැපවූ දේවාල වලද කපු මහතුන් කියන්නේ සුමනසමන් දෙවියන් සෝවාන් බවය. එය ඔවුන් පෙර දැනුමින් ලබාගත් දෙයකි. නමුත් ඔවුන් අද තත්වය සොයා බලා නැත. සුමනසමන් දෙවියන් දැන් සකෘදාගාමි තත්වයට පැමිණ ඇති සුපින්වත් දෙවි කෙනෙකි.

ඔබට යහපත්ව ජිවිතය ගත කිරිමට අවශ්‍ය නම් කල යුත්තේ, යහපත්ව - ප්‍රතිපත්තියෙන් - සීලයෙන් යුතුව ජිවිතය ගත කිරීමය. කරන පින් කටයුතු වල පින් සියලු දෙවිවරුන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ටම අනුමෝදන් කිරීමය.  පූජා වට්ටි හෝ වැඩියෙන් මුදල් දුන්නා කියා දෙවිවරු ඔබට ආශිර්වාද කරන්නේ නැත. දේවාල වැනි දේ පවත්වාගෙන යාමට මුදල් ලබාදීම වරදක් නොවේය. නමුත් එයින් සියල්ල හරි නොයන බව තේරුම් ගන්නට ඔබට හැකි විය යුතුය. පන්සලට දෙන දානයත්, අසරණයෙක්ට දෙන දානයත්, තිරිසන් සතෙකුට දෙන දානයත් යන සියලු දාන, වටිනා බව තේරුම් ගන්නට හැකි විය යුතුය.
නිවරදිවම දන් දිය යුත්තේ අත්හරින්නටය, එනම් තමන්ට අවශ්‍ය වුවද තවත් කෙනෙකුට ලබාදීම තුල එම අත්හැරීම තේරුම් ගත යුතුය. එයින් ඔබට දිව්‍ය - බ්‍රහ්ම - මනුෂ්‍ය සම්පත් ලැබෙන්නට හේතු වන්නේය. යම් කාලයදී එම දානයද අනිත්‍ය බව තේරුම් ගන්නට හැකියාව ලැබෙන තැන ඔබට නිවන් දොරටුව දුර නොවන්නේය.

දානය ගැන කියන ලද්දේ සක් දෙව් රජ මූලිකව කරන ලද පින්කම් වලදී දාන පින්කම ඇති නිසාය. එසේම පොදු ජනතාව වෙනුවෙන් පාරවල් සැකසීම, උද්‍යාන සැකසීම වැනි දේ සක් දෙව් රජ විමට මූලිකව උදව් වූ පින්කම්ය.

සියලු දේ යහපත්ව කර සුගතිගාමි වන්න හැකි වේවා !

බුදු සරණයි !

( ජ්‍යොතිෂ්‍යය ලෞකික දියුණුවට කරන කටයුත්තකි. බුදු දහම ලෝකෝත්තර දියුණුව මූලික අරමුණු කරගෙන ඇත්තකි. දහමට ‍ලගින්වත් තබන්නට ජ්‍යොතිෂ්‍යයට නොහැක. නමුත් ලෞකික ජිවිතයේ ගැටළු වලින් යම් සහනයක් හෝ ලබාදීම තුලින් ඔබට ජිවිතය යහපත් කරගන්නට මෙන්ම ලෝකෝත්තර ගමනටද සිත සකසා ගන්නට හැකියාවක් ජ්‍යොතිෂ්‍යය තුලින් ලැබීමට හැකියාව ඇත.)

Sunday, July 1, 2018

මහා භද්‍රකාලි දේව මෑණියන්


මහා භද්‍රකාලි දේව මෑණියන් මිනිසුන්ට වැඩියෙන්ම බලපාන මැද විශ්වය ලෙස හැදින්වෙන කොටසේ සිටින ප්‍රධාන දේවතාවියකි. කාලි මණ්ඩලයේම ප්‍රධානත්වය දරන අතර නපුරට මෙන්ම යහපතටද හේතු කාරණා බොහෝ සිද්ධ කරයි.
මේ පින්තූරයේ දැක්වෙන්නෙ ශිව දෙවියන්ගෙන් සියලු කටයුතු වලට ශක්තිය ලබා ගන්නා බවයි (වරදවා වටහා නොගන්න).
තවද දුර්ගා මෑණියන් සහ කාලි මෑණියන් යනු දෙවිවරු 2කි. දුර්ගා මෑණියන්ගේ වාහනය සිංහයා වන අතර කාලි මෑණියන්ගේ වාහනය කොටියා/ දිවියා වෙයි.

බොහෝමයක් හදි හූනියම්, පොල් ගැසීම් යනාදියට භද්‍රකාලි මෑණියන් ප්‍රමුඛ දේව මණ්ඩලයට සම්බන්ධතාවයක් තිබෙන අතර, එයට තමන්ගේ කර්ම ශක්තිය අදාල වන බවද අප දැනගත යුතු වේ. නපුරට දඩුවම් කිරීම දෙවිවරු පවරන්නෙ තමන්ගේ සේනා වල සිටින යක්ෂ අසුර ආදි අමනුෂ්‍ය ගණයාටය.
ඔබ මේ ජිවිතයේ යහපත්ව සිටියද, පෙර භවයක කල අකුසලයක් තිබුනොත්, ඔබට විරුද්ධව කරන හදි හූනියම්, ගුරුකම් ඔබට බලපෑමට ඉඩ ඇත.
එනිසා මේ ජිවිතය හැකි තරම් යහපත්ව සිල්වත්ව ගත කරන්න. පින්කම් කරන්න. ඒ පින්කම් වලදි භද්‍රකාලි මෑණියන් ඇතුළු කාලි දේව මෑණිවරුන්ට ඇතුළු සියලු පිරිසට, සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.

#Iru