Sunday, August 19, 2018

“ බුධ වක්‍රයෙන් මිදීම “



2018 අගෝස්තු 19 වනදා තම වක්‍ර ගමනින් මිදෙමින්, බුධ හෙවත් ග්‍රහ ලොව සුරතලා නිවෘත වෙයි.. බුද්ධිය ගැන කියවෙන බුධ ග්‍රහයාගේ වක්‍ර භාවයෙන් මිදීම පොදුවේ රටටම සුබයි.

-
ලග්න 12ට කොහොමද පොදුවේ මෙහෙමයි.

-
● මේෂ
දියුණුව ලැබෙන කාලයකි. රැකියාවේ දියුණුවද අපේක්ෂිතය. රැකියා ස්ථානයේ කැපී පෙනෙන, ප්‍රසිද්ධිය ඇති වෙන කාරණා ඇතිවේ. කෙසේ වුවද බුද්ධිමත් වීම යහපත්ය.
-

● වෘෂභ
දේපල ලාභ ලැබීමටත් තරමක හේතුකාරකයි. වෙනදාට වඩා තරමක් සැගවී සිටින ලක්ෂණද ඇති විය හැක. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලට සුබයි. මංගල යෝග ඇති වන කාලයකි.

-
● මිථුන
ජනප්‍රිය වන කාලයකි. වෙනදාට වඩා දහමට අදාලව කටයුතු කරන කාලයකි. කැපවීමෙන් මහන්සියෙන් කටයුතු කරන කාලයකි. මංගල යෝග ඇති වේ. පවුලේ සමගිය ඇති වේ.
-

● කටක
තරමක් බාධා තිබුනද ඒවා තම බුද්ධිය මත ජය ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. වෙනදාට වඩා ඉවසීමකින් යුතුව කටයුතු කල යුතු කාලයකි.

-
● සිංහ
විශේෂ බාධා නොතිබුනද බුද්ධියට අනුවම කටයුතු කල යුතු කාලයකි. අධ්‍යාපන කටයුතු වලට බාධා තිබුනද කරගෙන යා හැක. දේපල - වාසනා ලැබීමටත් වාසනාව තිබේ.

-
● කන්‍යා
තරමක බාධා ඇති වන කාලයකි. ආගමට දහමට අනුව කටයුතු කරන ඒවාට බොහෝ කැපවෙන ඒ ගැන සිත යොමුවන කාලයකි. වෙනදාට වඩා ඉවසිලිවන්ත වීම තුලින් ජයග්‍රහණයන් ලබාගත හැක.

-
● තුලා
වෙනදාට වඩා අන් අය අතර කැපී පෙනෙන කාලයකි. අන් අයගේ උදව් ලැබේ. ඉගෙනීමට යහපත්ය. බුද්ධිමත් වීම තුල වාසි ලැබෙන කාලයකි.

-
● වෘශ්චික
රැකියාවේ දියුණුවක් අපේක්ෂා කල හැක. වචනය සහ කටයුතු වලදි අන් අය සමග නම්‍යශීලිව කටයුතු කරන්න. විදේශ ගත වීමටත් මේ කාලයේ හැකියාව ඇත. කටයුතු යහපත් නිසා බුද්ධිමත්ව කටයුතු කල යුතුමය.

-
● ධනු
වෙනදාට වඩා ඥානාන්විතව කටයුතු කරන කාලයකි. රැකියාවේ කටයුතු වලට යහපත්ය. බුද්ධිමත් වීම තුල දියුණුව අපේක්ෂා කල හැක.

-
● මකර
බුද්ධියෙන් යුතුව මෙන්ම අරපිරිමැස්මෙන් කටයුතු කල යුතු කාලයකි. ආර්ථිකය දියුණු වන්නට ඉඩ වැඩි කාලයකි. කරදර විදගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙන කාලයකි.
-

● කුම්භ
අන් අයගේ සහයෝගය ලැබෙන ඒවා තුලින් වාසිද ඇති වන කාලයකි. වචනයෙදි බුද්ධිමත් වන්න. කැපී පෙනෙන යහපත් කාලයක් මෙන්ම ඒවා නිවරදිව භාවිත කිරීමටත් බුද්ධිමත් විය යුතුය.

-
● මීන
සමාජයේ කැපී පෙනෙන කාලයකි. සමාජ සේවා කටයුතු වලට වඩා හොද කාලයකි. විදේශ ගත වීම් වලටත්, මුදල් - දේපල ලාභ වලටත් වාසනාව ඇති වන කාලයකි.

-

#ඉරු
irusewaya@gmail.com

යුටියුබ්
https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

No comments:

Post a Comment