Monday, August 13, 2018

රවි මාරුව ඔබට කොහොමද ?



ග්‍රහ ලොව නායකයා වන රවි හෙවත් ඉරු ග්‍රහයා අගෝස්තු 17 වනදා තමනගේ නිවහනට එනම් ස්වක්ෂෙත්‍ර ස්ථානය වන සිංහ රාශියට පැමිණෙයි.
* රවි බලවත් වන ස්ථානයක් බැවින්ද රවිගෙන් පවතින ආණ්ඩුව ගැන කියවෙන බැවින්ද ආණ්ඩුවට විවිධාකාර තීන්දු තීරණ ගැනීමටත්, මෙතෙක් රජයේ තිබුනු දුර්වලතා මග හැරෙන තත්වයක්ද අනිකුත් ගෝචරය අනුව සලකා බලන කල රජය බලවත් වන බවද කිව හැක.

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.


-
● මේෂ
5 වැන්නට රවි පැමිණේ.
වෙනදාට වඩා බුද්ධියෙන් සහ කැපවීමෙන් යුතුව කටයුතු කරන කාලයකි. අන් අය අතර කැපී පෙනෙයි. දියුණුව ලැබෙයි.
සෞඛ්‍ය සම්පන්න වන කාලයකි.

-
● වෘෂභ
4 වැන්නට රවි පැමිණේ.
රැකියා කටයුතු වල සහ දේපල යනාදියේ වෙලදාම් වලින්ද දියුණුවට හේතු ඇති වේ. සුබ තත්වයන් සමග බුද්ධිමත් විය යුතුය. ධනවත් වීමට හේතු කාරකයි.

-
● මිථුන
3 වැන්නට රවි පැමිණේ.
ලාභ සහ වාසනාව තිබෙන කාලයකි. අන් අයගේ ගරුත්වයට පාත්‍ර වන සහ කම්මැලිකම් දුරලන කාලයකි. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කර ජය ලැබිය හැකි කාලයකි.

-
● කටක
2 වැන්නට රවි පැමිණේ.
ඔබ ඇසුරු කරන අයගෙන් සැලකිල්ල ලැබේ. විශේෂයෙන් ඉහල අයගෙන් සැලකුම් ලැබෙන්නට හැකි කාලයකි. 2 වැන්න වචනය ගැන කියවෙන තැන බැවින් වචනය වෙනදාට වඩා තියුණු වීම අනවශ්‍ය බාධක ඇති කරන්නට ඉඩ ඇති බව සිහියේ තබාගන්න.

-
● සිංහ
1 වැන්නට රවි පැමිණේ.
මෙතෙක් පැවති දුර්වලතා සහ පාඩු යනාදිය අඩු වන කාලයකි. රැකියාවේ උසස් වීම් යනාදිය අපේක්ෂා කල හැක. හදිසි ධන ලාභද ලැබෙන්නට ඉඩ ඇත. කෙසේ වුවද නම්‍යශීලිව කටයුතු කල යුතුය.

-
● කන්‍යා
12 වැන්නට රවි පැමිණේ.
රවි 12ට පැමිණීම තරමක් අයහපත් වුවද රවි බලවත් වීම තුල, බුද්ධියෙන් සහ උපායශීලිව කටයුතු සිදු කරන්නේ නම් මේ කාලය යහපත් කරගැනීමට හැකියාව ඇත. ආයෝජන වලදි තරමක් සැලකිලිමත් වන්න.

-
● තුලා
11 වැන්නට රවි පැමිණේ.
කරන කියන කටයුතු සාර්ථක වන කාලයකි. වෙනදාට වඩා කැපවීම තුලින් කුමන අන්දමේ අභියෝගයක් වුවද ජයගත හැකි කාලයකි. වෙනත් අය සමග කරන කටයුතු වලදී ඉවසිලිවන්ත වීම යහපත්ය.

-
● වෘශ්චික
10 වැන්නට රවි පැමිණේ.
රැකියා ස්ථානයට රවි පැමිණීම සමග රැකියාවේ දියුණුව සහ උසස් වීම් අපේක්ෂා කල හැක. කෙසේ වුවද වෙනදාට වඩා වගකීම් කටයුතු ලැබෙන බැවින් ඔබට යහපත පිණිස මේවා හේතු විය හැක.

-
● ධනු
9 වැන්නට රවි පැමිණේ.
පින ගැන කියවෙන 9ට රවි පැමිණීම පොදුවේ සුභයි. අනිකුත් ගෝචරය සමග තරමක බාධා තිබුනද බුද්ධිමත්ව කටයුතු කිරීම තුලින් දියුණුව අපේක්ෂා කල හැක. ආයෝජන අවස්ථා වලට සුබ කාලයකි.

-
● මකර
8 වැන්නට රවි පැමිණේ.
ආයුෂ ගැන කියවෙන 8 වැන්නට පැමිණීම තුලින් ඔබගේ කලබලකාරි ගති ඉස්මතු වීමට තරමක ඉඩක් ඇත. කෙසේ වුවද කලබලකාරි නොවි කටයුතු කලොත් යහපත් කාලයක් අපේක්ෂා කරන්නට හැකියාව ඇත. හදිසි ධන ලාභ ලැබෙන්නටද ඉඩක් පවති.

-
● කුම්භ
7 වැන්නට රවි පැමිණේ.
හදිසි ලාභ, දේපල ලාභ යනාදියට තරමක හේතු කාරණා පවති. අන්පේක්ෂිත සිද්ධි වලටද ඉඩක් පවති. පවුල් ජිවිතය ඉවසීමෙන් ගත කල යුතුය, ඒ තුලද විශේෂ වාසනාවන් උදා වනු ඇත.

-
● මීන
6 වැන්නට රවි පැමිණේ.
ඔබ කරන කටයුතු වලට අන් අයගේ සහයෝගය මැනවින් ලැබෙන කාලයකි. මංගල යෝග තිබෙන නිසා යහපත් වුවද බුද්ධියෙන් යුතුව කටයුතු කිරිම හොදයි. හවුල් ව්‍යාපාර යනාදි කටයුතු වලටද යහපත්ය.

-
මේවා පොදු පලාපල පමණි !

#ඉරු

irusewaya@gmail.com


No comments:

Post a Comment