Sunday, July 15, 2018

දිව්‍ය - බ්‍රහ්ම ලෝක 2ටම ප්‍රධාන වන “ සක් දෙව් රජ “

ශක්‍ර දිව්‍ය රාජයා දිව්‍ය - බ්‍රහ්ම ලෝක 2ටම ප්‍රධාන වන්නේය. පසුගිය දිනක අප මෙය යෙදූ විට පොතපත කියවූ අය විසින් සක් දෙව් රජ චතුර් මහාරාජිකයටත්, තව්තිසාවටත් පමණක් ප්‍රධාන බව කියන ලදි. එය පොතේ දැනුමින් උගතුන් වෙන අයගේ දැනුමින් කියන ලද්දකි. වසර දහස් ගණනකට පෙර තත්වය එයයි.
නමුත් අද කුසල තත්වය අනුව ශක්‍ර දිව්‍ය රාජයා දිව්‍ය ලෝක වලට පමණක් නොව බ්‍රහ්ම ලෝක වලටද ප්‍රධාන වෙයි. බ්‍රහ්ම ලෝක වල මහා බ්‍රහ්ම රාජයාණන්වහන්සේද වැඩි සිටි.

බුදුන්වහන්සේද දේශනා කර ඇති පරිදි, යමක් නිවරදිව දැන ගැනීමට අවශ්‍ය නම් තමන් විසින්ම එය සොයාගත යුතුය. දැනුම වැදගත් බව සැබෑය. නමුත් දැනුමද අවසානයේ අතහැරිය යුතු බව විදර්ශනාවෙන් සිතන පතන අය නම් දන්නවා විය යුතුය. සැබෑවටම උගත්කම යහපත් වුවද, උගත් බවද මාර විලාශයක් වන බව විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්නේ නම් දන්නා කාරණාවකි.
තවද සමහර අයට ඇති ගැටළුවක් නම් ශක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනය ගැනයි. එය බුදුන්වහන්සේට පූජා කරන ලදි. එනිසා දැන් එය රත් වන්නේ නැත.

ශක්‍ර දිව්‍ය රාජයා අද සිටින තත්වය  “ විශේෂ චිත්ත සමාධියක්“ ඇති මහතෙකු විසින් භාවනාවෙන් දැනගන්නා ලද කාරණාවකි. නාථ දෙවියන් සහ මෛත්‍රි බෝධිසත්වයන් යනු දෙවිවරු 2ක් බව අප කීවේද එසේය.
පොතේ ඇත්තේ, සුමනසමන් දෙවියන් සෝවාන් බවය. ඔබ සුමනසමන් දෙවියන්ට අදාල දේවාල සෑම එකකටම ගියද, ශ්‍රීපාදයේ පවතින එම දෙවියන්ට කැපවූ දේවාල වලද කපු මහතුන් කියන්නේ සුමනසමන් දෙවියන් සෝවාන් බවය. එය ඔවුන් පෙර දැනුමින් ලබාගත් දෙයකි. නමුත් ඔවුන් අද තත්වය සොයා බලා නැත. සුමනසමන් දෙවියන් දැන් සකෘදාගාමි තත්වයට පැමිණ ඇති සුපින්වත් දෙවි කෙනෙකි.

ඔබට යහපත්ව ජිවිතය ගත කිරිමට අවශ්‍ය නම් කල යුත්තේ, යහපත්ව - ප්‍රතිපත්තියෙන් - සීලයෙන් යුතුව ජිවිතය ගත කිරීමය. කරන පින් කටයුතු වල පින් සියලු දෙවිවරුන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ටම අනුමෝදන් කිරීමය.  පූජා වට්ටි හෝ වැඩියෙන් මුදල් දුන්නා කියා දෙවිවරු ඔබට ආශිර්වාද කරන්නේ නැත. දේවාල වැනි දේ පවත්වාගෙන යාමට මුදල් ලබාදීම වරදක් නොවේය. නමුත් එයින් සියල්ල හරි නොයන බව තේරුම් ගන්නට ඔබට හැකි විය යුතුය. පන්සලට දෙන දානයත්, අසරණයෙක්ට දෙන දානයත්, තිරිසන් සතෙකුට දෙන දානයත් යන සියලු දාන, වටිනා බව තේරුම් ගන්නට හැකි විය යුතුය.
නිවරදිවම දන් දිය යුත්තේ අත්හරින්නටය, එනම් තමන්ට අවශ්‍ය වුවද තවත් කෙනෙකුට ලබාදීම තුල එම අත්හැරීම තේරුම් ගත යුතුය. එයින් ඔබට දිව්‍ය - බ්‍රහ්ම - මනුෂ්‍ය සම්පත් ලැබෙන්නට හේතු වන්නේය. යම් කාලයදී එම දානයද අනිත්‍ය බව තේරුම් ගන්නට හැකියාව ලැබෙන තැන ඔබට නිවන් දොරටුව දුර නොවන්නේය.

දානය ගැන කියන ලද්දේ සක් දෙව් රජ මූලිකව කරන ලද පින්කම් වලදී දාන පින්කම ඇති නිසාය. එසේම පොදු ජනතාව වෙනුවෙන් පාරවල් සැකසීම, උද්‍යාන සැකසීම වැනි දේ සක් දෙව් රජ විමට මූලිකව උදව් වූ පින්කම්ය.

සියලු දේ යහපත්ව කර සුගතිගාමි වන්න හැකි වේවා !

බුදු සරණයි !

( ජ්‍යොතිෂ්‍යය ලෞකික දියුණුවට කරන කටයුත්තකි. බුදු දහම ලෝකෝත්තර දියුණුව මූලික අරමුණු කරගෙන ඇත්තකි. දහමට ‍ලගින්වත් තබන්නට ජ්‍යොතිෂ්‍යයට නොහැක. නමුත් ලෞකික ජිවිතයේ ගැටළු වලින් යම් සහනයක් හෝ ලබාදීම තුලින් ඔබට ජිවිතය යහපත් කරගන්නට මෙන්ම ලෝකෝත්තර ගමනටද සිත සකසා ගන්නට හැකියාවක් ජ්‍යොතිෂ්‍යය තුලින් ලැබීමට හැකියාව ඇත.)

No comments:

Post a Comment